3
3.
3.
විපිට්ඨිකත්වාන සුඛං දුඛං ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සං, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
කායිකසුවය ද දුක ද පිටු දැක පළමු මැ සොම්නස් දොම්නස් ද දුරු කොට චතුර්ත්ථධ්යාන උපෙක්ෂාවද (නීවරණයෙන්) විශුද්ධ වූ ශමථයද ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
විපිට්ඨිකත්වාන සුඛං දුඛං ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සන්ති: සො පච්චෙකසම්බුද්ධො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරතීති-‘විපිට්ඨිකත්වාන සුඛං දුඛං ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සං’.
විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සොමනස්සදොමනස්සං යනු: ඒ පසේබුදුහු කායික සුවය ද දුරු කිරීමෙන් කායික දුක ද දුරු කිරීමෙන් පළමු (ප්‍රථමධ්‍යාන උපචාරයෙහි) මැ සොම්නස් දොම්නසුන් දුරු කිරීමෙන් දුක් නො වූ සුව නො වූ උපේක්ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති සතර වැනි දැහැනට එළැඹ වෙසේ නුයි ‘විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සෝමනස්ස දොමනස්සයං”යනු වේ.
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධන්ති ‘උපෙක්ඛා’ති යා චතුත්ථජ්ඣානෙ උපෙක්ඛා උපෙක්ඛායනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමථො චිත්තපස්සද්ධතා මජ්ඣත්තතා චිත්තස්ස. සමථොති “යා චිත්තස්ස ඨිති සංඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි චතුත්ථජ්ඣානෙ උපෙක්ඛා ච සමථො ච සුද්ධා හොන්ති විසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා මුදුභූතා කම්මනියා ඨිතා ආනෙඤ්ජප්පත්තා. ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධන්ති: චතුත්ථජ්ඣානු පෙක්ඛං ච සමථං ච ලද්ධා ලභිත්වා වින්දිත්වා පටිලභිත්වාති ‘ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං - “උපෙක්ඛා”යනු: “චතුර්ත්ථ ධ්‍යානයෙහි යම් උපේක්ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධ්යුපෙක්ෂාවක් චිත්තයාගේ ශමථයෙක් චිත්තයාගේ නො තද බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය”යි. සමථො යනු: “චිත්තයාගේ යම් (අරමුණෙහි නිසල වැ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච විචිකිච්ඡා විසින්) චිත්තයාගේ නො පැතිරීමෙක් නො විසිරීමෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද එය” යි. චතුර්ත්ථධ්යානයෙහි උපේක්ෂාව ද ශමථය ද ශුද්ධ වූවාහු වෙති, විශුද්ධ වූවාහු හාත්පසින් පිරිසිදු වූවාහු කෙලෙස් රහිත වූවාහු පහ වූ උපක්ලේශ ඇත්තාහු මෘදු වූවාහු කර්මක්ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත්. ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං යනු: චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව ද ශමථය ද ලැබ ලබාගෙන විඳ ප්රතිලාභ කොට නුයි “ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො”යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“විපිට්ඨි කත්වාන සුඛං දුඛං ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සං, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.