යෙදුමෙන් කියවන්න

4

4.

4.

ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියා අලීනචිත‍්තො අකුසීතවුත‍්ති, දළ‍්හනික‍්කමො ථාමබලූපපන‍්නො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

පරමාර්‍ත්‍ථ සංඛ්‍යාත නිවනට පැමිණීම පිණිස රුකුළුවැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.

ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියාති: ‘පරමත්‍ථං’ වුච‍්චන‍්ති අමතං නිබ‍්බානං: “යො සො සබ‍්බසංඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං: ‘පරමත්‍ථස‍්ස පත‍්තියා ලාභාය පටිලාභාය අධිගමාය ඵුසනාය සච‍්ඡිකිරියාය ආරද‍්ධවිරියො විහරති, අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං සම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසූති ‘ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියා’.

ආරද්ධවිරියෝ පරමත්‍ථපත්තියා - “පරමත්‍ථ”යි අමාමහ නිවන කියනු ලැබෙයි; යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් ක්ලෙශවිරාගයෙක් දුක්ඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. පරමාර්ථයාගේ ප්‍රාප්තිය පිණිස ලාභය පිණිස ප්‍රතිලාභය පිණිස අධිගමය පිණිස ස්පර්‍ශය පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස රුකුළුවැර ඇති වැ වාස කෙරෙයි, අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ට පැමිණීම පිණිස බල ඇතියේ දැඩිපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන් හි නො තැබූ ධූර ඇතියේ නුයි “ආරද්ධවිරියෝ පරමත්‍ථ පත්තියා”යනු වේ.

අලීනචිත‍්තො අකුසීතවුත‍්තීති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති, චිත‍්තං පග‍්ගණ‍්හාති, පදහති, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය -පෙ- අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය -පෙ- උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භීයොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහතීති එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීතවුත‍්ති. ‘අථවා කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු සරීරෙ උපසුස‍්සතු මංසලොහිතං. යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීතවුත‍්ති’

අලීනචිත්තො අකුසීතවුත්ති - ඒ පසේ බුදුහු නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවති. වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස . . . නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස . . . උපන් කුශලධර්‍මයන්ගේ ස්තිථිය පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවති වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ. නොහොත් “ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස්ලේ වියළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ උත්තමාර්‍ත්‍ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිල බවෙක් නො වන්නේ යයි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ.

1. නාසිස‍්සං න පිවිස‍්සාමි විහාරතො න නික‍්ඛමෙ, නපි පස‍්සං නිපාත්‍යෙයං තණ‍්හාසල‍්ලෙ අනූහතෙ”ති.

1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යෙමි. (ඇඳ පුටු ආදියෙහි) ඇළය නො තබමි.”

චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවම‍්පි අලීනචිත‍්තො අකුසීතවුත‍්ති’ න තාවාහං ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීතවුත‍්ති’ න තාවාහං ඉමම‍්හා ආසනා උට‍්ඨහිස‍්සාමි. යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීතවුත‍්ති’.

සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලින චිත්තෝ අකුසීත චුත්ති’යනු වේ. මාගේ සිත උපාදාන ග්‍රහණය නොකොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන තාක් මෙපලග නො බිඳිමි සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලීන චිත්තෝ අකුසීත වුත්ති’ යනු වේ.

න තාවාහං ඉමම‍්හා චඞ‍්කමා ඔරොහිස‍්සාමි-විහාරා නික‍්ඛමිස‍්සාමි-අඩ‍්ඪයොගා නික‍්ඛමිස‍්සාමි-පාසාදා නික‍්ඛමිස‍්සාමි-හම‍්මියා නික‍්ඛමිස‍්සාමි-ගුහාය නික‍්ඛමිස‍්සාමි-ලෙනා නික‍්ඛමිස‍්සාමි-කුටියා නික‍්ඛමිස‍්සාමි-කූටාගාරා නික‍්ඛමිස‍්සාමි-අට‍්ටා නික‍්ඛමිස‍්සාමි-මාලා නික‍්ඛමිස‍්සාමි-උද‍්දණ‍්ඩා නික‍්ඛමිස‍්සාමි-උපට‍්ඨානසාලාය නික‍්ඛමිස‍්සාමි-මණ‍්ඩපා නික‍්ඛමිස‍්සාමි-රුක‍්ඛමූලා නික‍්ඛමිස‍්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීතවුත‍්ති’.

“මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආශ්‍රවයන් කෙරෙන් නො මිදෙන තාක් මෙ ආසනයෙන් නො නැඟී සිටිමි-සක්මනින් නො බස්මි - ගුරුළුවක් ගෙයින් - ප්‍රාසාදයෙන් - හර්ම්‍යයෙන් - ගුහායෙන් - ලෙනින් - කිළියෙන් - කුළුගෙයින් - අටල්ලෙන් - වටගෙයින් - උද්දණ්ඩයෙන් උවැටැන්හලින් - මඩුයෙන් - රුක්මුලින් - නො නික්මෙමි” සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති”යනු වේ.

ඉමස‍්මිං යෙව පුබ‍්බණ‍්හසමයෙ අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි ඵස‍්සිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවම‍්පි ‘අලීනචිත‍්තො අකුසීත වුත‍්ති’. ඉමස‍්මිං යෙව මජ‍්ඣන‍්තිකසමයෙ -පෙ- සායණ‍්හසමයෙ පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං පුරිමයාමං මජ‍්ඣිමයාමං පච‍්ඡිමයාමං කාළෙ ජුණ‍්හෙ වස‍්සෙ හෙමන‍්තෙ ගිම‍්හෙ පුරිමෙ වයොඛන්‍ධෙ මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි ඵස‍්සිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමීති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවම‍්පි ‘අලීන චිත‍්තො අකුසීතවුත‍්ති’.

මෙදවස් පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීත චුත්ති” යනු වේ. “මෙ මැදි දහවල්හි මැ . . . පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසි කලැ - ගිම්කලැ - හිමත්කලැ - ප්‍රථම වයස්හි - මධ්‍යම වයස්හි - පශ්චිම වයස්හි අරීදහම් එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි. සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති’යනු වේ.

දළ‍්හනික‍්කමො ථාමබලුපපන‍්නොති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො දළ‍්හසමාදානො අහොසි අවට‍්ඨිතසමාදානො කුසලෙසු ධම‍්මෙසු කායසුචරිතෙ වචීසුචරිතෙ මනොසුචරිතෙ දානසංවිභාගෙ සීලසමාදානෙ උපොසථූපවාසෙ මත‍්තෙය්‍යතාය පෙත‍්තෙය්‍යතාය සාමඤ‍්ඤතාය බ්‍රහ‍්මඤ‍්ඤතාය කුලෙජෙට‍්ඨාපචායිතාය අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු අධිකුසලෙසු ධම‍්මෙසූ’ති දළ‍්හනික‍්කමො ථාමබලුපපන‍්නොති සො පච‍්චෙකසම‍්බුද‍්ධො ථාමෙන ච බලෙන ච විරියෙන ච පරක‍්කමෙන ච පඤ‍්ඤාය ච උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො ‘දළ‍්හනික‍්කමො ථාමබලුපපන‍්නො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’

දළ්හනික්කමො ථාමබලුප්පන්නො යනු: ඒ පසේබුදුහු කුශලධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍යසමාදාන ඇති වූහ, සනිටුහන් කළ සමාදාන ඇති වූහ. කායසුචරිතයෙහි වාක්සුචරිතයෙහි මනස්සුචරිතයෙහි දානසංවිභාගයෙහි සීලසමාදානයෙහි පෙහෙවස් විසීමෙහි මවුන් වැටුමෙහි පියන් වැටුමෙහි මහණුන් වැටුමෙහි (බාහිතපාපී) බ්‍රාහ්මණයන් වැටුමෙහි කුලදෙටුවන් පිදීමෙහි අන්‍යාතරන්‍යාතර අධිකුශල ධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍ය ඇති වූවාහු සනිටුහන් කළ සමාදාන ඇති වූවාහු නුයි ‘දළ්හානික්කමො’යනු වේ. ථාමබලුප්පන්නො යනු: ඒ පසේ බුදුහු ථාමයෙන් ද බලයෙන් ද වීර්‍ය්‍යයෙන් ද පරාක්‍රමයෙන් ද ප්‍රඥායෙන් ද යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු නු යි ‘දළ්හනික්කමො ථාමබලුප්පන්නො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො’.

එයින් වදාළහ. එ පසේ බුදුහු:

ආරද‍්ධවිරියො පරමත්‍ථපත‍්තියා අලීනචිත‍්තො අකුසීතවුත‍්ති, දළ‍්හනික‍්කමො ථාමබලුපපන‍්නො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“ආරද්ධවිරියො පරමත්‍ථපත්තියා - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.