යෙදුමෙන් කියවන්න

5

5.

5.

පටිසල‍්ලානං ඣානමරිඤ‍්චමානො ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරී, ආදීනවං සම‍්මසිතා භවෙසු එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො

කායවිවේකය ද ධ්‍යාන සංඛ්‍යාත චිත්තවිවේකය ද නො හරනුයේ නිරතුරු (විදර්ශනොපග වූ) පඤ්චස්කන්ධාදි ධර්‍මයන්හි අනුධම්මචාරී වූයේ භවත්‍රයෙහි ආදීනව දක්නේ කගවෙහෙණ හඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.

පටිසල‍්ලානං ඣානමරිඤ‍්චමානොති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො පටිසල‍්ලානාරාවො හොති පටිසල‍්ලානරතො අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තො අනිරාකතජ‍්ඣානො විපස‍්සනාය සමන‍්නාගතො බ්‍රූහෙතා සුඤ‍්ඤාගාරානං, ඣායී ඣානරතො එකත‍්තමනුයුත‍්තො සදත්‍ථගරුකොති ‘පටිසල‍්ලානං’. ඣානමරිඤ‍්චමානොති සො පච‍්චෙකසම‍්බුද‍්ධො ද‍්වීහි කාරණෙහි ඣානං න රිඤ‍්චති: අනුප‍්පන‍්නස‍්ස වා පඨමස‍්ස ඣානස‍්ස උප‍්පාදාය යුත‍්තො පයුත‍්තො ආයුත‍්තො සමායුත‍්තො, අනුප‍්පන‍්නස‍්ස වා දුතියස‍්ස ඣානස‍්ස-අනුප‍්පන‍්නස‍්ස වා තතියස‍්ස ඣානස‍්ස-චතුත්‍ථස‍්ස ඣානස‍්ස උප‍්පාදාය යුත‍්තො පයුත‍්තො ආයුත‍්තො සමායුත‍්තොති, එවම‍්පි ‘ඣානං න රිඤ‍්චති’. අථවා උප‍්පන‍්නං වා පඨමං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති, උප‍්පන‍්නං වා දුතියං ඣානං-උප‍්පන‍්නං වා තතියං ඣානං-උප‍්පන‍්නං වා චතුත්‍ථං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති, එවම‍්පි ඣානං න රිඤ‍්චතීති ‘පටිසල‍්ලානං ඣානමරිඤ‍්චමානො’.

පටිසල්ලානං ඣානමරිඤචමානො යනු: ඒ පසේබුදුහු කායවිවේකයෙහි ඇලුණාහු විවේකයෙහි සතුටු වූවාහු වෙති. අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණාහු බැහැර නො කළ ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් සමන්‍විත වූවාහු ශුන්‍යාගාරයෙහි කරන භාවනා වඩන්නාහු යැ, ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ඒකාග්‍රතායෙහි යෙදුණාහු ස්වාර්ථගරුක වූවාහු නුයි ‘පටිසල්ලානං’යනු වෙයි. ඣානමරිඤ්චමානො යනු: ඒ පසේ බුදුහු දෙකරුණෙකින් ධ්‍යානය නො හරිති; නූපන් ප්‍රථමධ්‍යානයාගේ හෝ ඉපදීම පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු, නූපන් ද්විතීයධ්‍යානයාගේ හෝ නූපන් තෘතීයධ්‍යානයාගේ හෝ - නූපන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හෝ උත්පාදය පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු නුයි මෙසේත් ධ්‍යානය නො හරිති. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති, උපන් ද්විතීයධ්‍යානය හෝ- උපන් තෘතීයධ්‍යානය හෝ - උපන් චතුර්‍ත්‍ථ ධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති. මෙසේත් ධ්‍යානය නො හරිත් නු යි. “පටිසල්ලානං ඣානමරිඤ්චමානො ”යනු වේ.

ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරීති: ධම‍්මා වුච‍්චන‍්ති චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා -පෙ- අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. කතමෙ අනුධම‍්මා: සම‍්මාපටිපදා අනුලොමපටිපදා අපච‍්චනීකපටිපදා අන්‍වත්‍ථපටිපදා ධම‍්මානුධම‍්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙ මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සතිසම‍්පජඤ‍්ඤා, ඉමෙ වුච‍්චන‍්ති අනුධම‍්මා. ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරීති: ධම‍්මෙසු නිච‍්චකාලං ධුවකාලං සත‍්තං සමිතං අබ‍්බොකිණ‍්ණං පොඞ‍්ඛානුපොඞ‍්ඛං උදකොමිකජාතං අවීචිසන‍්තතිසහිතං ඵස‍්සිතං පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං පුරිමයාමං මජ‍්ඣිමයාමං පච‍්ඡිමයාමං කාළෙ ජුණ‍්හෙ වස‍්සෙ හෙමන‍්තෙ ගිම‍්හෙ පුරිමෙ වයොඛන්‍ධෙ මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරී’.

ධම්මේසු නිච්චං අනුධම්මචාරි - “ධම්මා”යී සතර සතිපට්ඨානයෝ ... ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. අනුධර්මයෝ කවරහ: සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අර්ථානුගතප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව ශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව යන මොහු අනුධර්මයෝ යයි කියනු ලැබෙත්. ධම්මේසු නිච්චං අනුධම්මචාරී යනු: ධර්‍මයන්හි දවසක් පාසා අවිච්ජින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ රළ වැළක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ පැහැසි වැ පෙරබතැ පසුබතැ පෙරයමැ මැදියමැ, පසුයම, අවපසැ පුරපසළ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවීයෙහි හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය කෙරේ නුයි “ධම්මේසු නිච්චං අනුධම්මචාරී” යනු වේ.

ආදීනවං සම‍්මසිතා භවෙසූති-‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති ආදීනවං සම‍්මසිතා භවෙසු ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති ආදීනවං සම‍්මසිතා භවෙසූ’ති ‘ආදීනවං සම‍්මසිතා භවෙසු එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

ආදීනචං සම්මසිතා භවෙසු යනු: “සියලු සංස්කාරයෝ අනිත්‍යහ”යි භවයෙහි ආදීනව සලකනුයේ “සියලු සංස්කාරයෝ දුක්හ” යි . . . “සියලු දහම්හු අනාත්මහ”යි ...... ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ’යි භවයෙහි ආදීනව සලකනුයේ නුයි ‘ආදීනවං’ සම්මසිතා භවෙසු ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේ බුදුහු :

“පටිසල‍්ලානං ඣානමරිඤ‍්චමානො ධම‍්මෙසු නිච‍්චං අනුධම‍්මචාරී, ආදීනවං සම‍්මසිතා භවෙසු එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“පටිසල්ලානං ඣානමරිඤ්චමානො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.