4. 6
4. 6.
4. 6.
තං චාහං අභිනන්දාමි මහෙසි ධම්මමුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේගේ ඒ (ධර්මද්යොතක) වචනය ද රුස්මි. උත්තම වූ ඒ ධර්මය ද රුස්මි.
තං චාහං අභිනන්දාමීති: ‘ත’න්ති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං අභිනන්දාමීති නන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි යාචාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමීති ‘තඤ්චාහං අභිනන්දාමි’.
තඤ්වාහං අභිනන්දාමි යනු: තං’ යනු, මුඹ වහන්සේ ගේ කියමන වාක්‍යපථය දේශනය අනුශාසනය අනුශාසනිය. නන්දාමි යනු: සතුටු වෙමි, මුදිත වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, ඉවසමි, අයදිමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඉස්නෙමි, අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
මහෙසි ධම්මමුත්තමන්ති: ‘මහෙසී’ති මහෙසී භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහන්තං සමාධික්ඛන්ධං මහන්තං පඤ්ඤාක්ඛන්ධං-මහන්තං විමුත්තික්ඛන්ධං-මහන්තං විමුත්තිඤාණ දස්සනක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’
මහේසි ධම්මමුත්තමං යනු: බුදුහු මහර්ෂී යැ: මහත් වූ ශීලස්කන්ධය එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සමාධි ස්කන්ධය- මහත් වූ ප්‍රඥා ස්කන්ධය- මහත් වූ විමුක්තිස්කන්ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ,
මහතො තමොකායස්ස පදාලනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො විපල්ලාසස්ස පභෙදනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො තණ්හාසල්ලස්ස අබ්බූහනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො දිට්ඨිසඞ්ඝාටස්ස විනිවෙඨනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො මානධජස්ස පාතනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො අභිසංඛාරස්ස වූපසමං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො ඔඝස්ස නිත්ථරණං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො භාරස්ස නික්ඛෙපනං. එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො සංසාරවට්ටස්ස උච්ඡෙදං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො සන්තාපස්ස නිබ්බාපනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො පරිළාහස්ස පටිප්පස්සද්ධිං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො ධම්මධජස්ස උස්සාපනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහන්තෙ සතිපට්ඨානෙ මහන්තෙ සම්මප්පධානෙ මහන්තෙ ඉද්ධිපාදෙ-මහන්තානි ඉන්ද්රියානි මහන්තානි බලානි-මහන්තෙ බොජ්ඣඞ්ගෙ-මහන්තං අරියං අට්ඨඞ්ගිකං මග්ගං-මහන්තං පරමත්ථං අමතං නිබ්බානං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහෙසක්ඛෙහි වා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො කහං බුද්ධො කහං භගවා, කහං දෙවදෙවො, කහං නරාසභො’ති ‘මහෙසි’.
මහත් වූ තමස්කායයාගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වූ දෘෂ්ටිසංඞ්ඝාටය ලිහීම, මහත් වූ මානඩ්වජය ලිහලීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සතිපට්ඨානයන්- මහත් සම්‍යක් ප්‍රධානයන්- මහත් ඍද්ධිපාදයන්- මහත් ඉන්ද්රියයන්- මහත් බලයන්- මහත් බෝධ්‍යඞ්ගයන්- මහත් වූ ආර්ය්යඅෂ්ටාංගිකමාර්ගය- මහත් වූ පරමාර්‍ත්‍ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ. නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවිවූවෝ, කොහි යැ නර ශ්‍රෙෂ්ඨයෝ ය’යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි ‘මහේසි’ යනු වේ.
ධම්මමුත්තමන්ති ‘ධම්මමුත්තමං’ වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, උත්තමන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං ධම්මන්ති මහෙසි ධම්මමුත්තමං.
ධම්මමුත්තමං යනු: අමාමහනිවන ‘උතුම් දහමැ’යි කියනු ලැබෙයි: යමක් හැම සංස්කාරයන්ගේ සන්හිඳීම හැම උපධීන්ගේ හැරපීම තෘෂ්ණාක්ෂය විරාගය නිරෝධය නිවන වේ ද, එය යි. උත්තමං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්රමුඛ වූ උතුම් වූ ප්‍රවර වූ දහම නුයි ‘මහෙසිධම්මමුත්තමං’ යනු වේ.
යං විදිත්වා සතොචරන්ති: යං විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති-‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු වෙදනානුපස්සනා-චිත්තෙ චිත්තානුපස්සනා-ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති ‘සතො’. චරන්ති චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
යං විදිත්වා සතෝ චරං යනු විදිත (දන්නාලද) කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’යි-‘හැම ධර්මයෝ අනාත්මහ’යි... යම් කිසිවක් සමුදය ස්වභාවය ඇත් නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ, වේදනාවන්හි-චිත්තයෙහි-ධර්මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ... හෙතෙම ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබේ. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ රැකෙනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසටා විත්ථතාති ‘විසත්තිකා’. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා ලොකෙවෙතං විසත්තිකං සතො තරෙය්ය, උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං’.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... විඍත විස්තෘත නුයි විසත්තිකා යැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි ... ආයතනලෝකයෙහි යැ. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්ධලෝකයෙහි මැ වෙයි, ස්කන්ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ තරණය කරන්නේ යැ උත්තරණය කරන්නේ යැ ප්‍රතරණය කරන්නේ යැ මොනොවට ඉක්ම යන්නේ යැ ඉක්ම පවත්නේ යි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ ඒ බමුණු:
“තං චාහං අභිනන්දාමි මහෙසි ධම්මමුත්තමං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තික’න්ති.
“යඤ්චාහං අභිනන්දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.