යෙදුමෙන් කියවන්න

4. 5

4. 5.

4. 5.

කිත‍්තයිස‍්සාමි තෙ ධම‍්මං (මෙත‍්තගූති භගවා) දිට‍්ඨෙ ධම‍්මෙ අනිතීහං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං

(බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය), ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණධර්‍මය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද තොපට ප්‍රකාශ කරන්නෙමි.”

කිත‍්තයිස‍්සාමි තෙ ධම‍්මන‍්ති: ‘ධම‍්ම’න‍්ති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං, චත‍්තාරො සතිපට‍්ඨානෙ චත‍්තාරො සම‍්මප‍්පධානෙ චත‍්තාරො ඉද‍්ධිපාදෙ පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං කිත‍්තයිස‍්සාමි, ආචික‍්ඛිස‍්සාමි දෙසෙස‍්සාමි පඤ‍්ඤපෙස‍්සාමි පට‍්ඨපෙස‍්සාමි විවරිස‍්සාමි විභජිස‍්සාමි උත‍්තානීකරිස‍්සාමි පකාසෙස‍්සාමීති ‘කිත‍්තයිස‍්සාමි තෙ ධම‍්මං’ මෙත‍්තගූති භගවාති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති.

කිත්තයිස්සාමි තෙ ධම්මං යනු: ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ (අර්‍ත්‍ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ කේවල (සකල) පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය යැ. සතර සීවටන් යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යළි නිර්‍වාණය ද නිර්වාණගාමිනීප්‍රතිපදාව ද කීර්‍තනය කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි, දෙසන්නෙමි, පනවන්නෙමි, පිහිටුවන්නෙමි, විවෘත කරන්නෙමි, විභාග කරන්නෙමි, නො ගැඹුරු කරන්නෙමි, පවසන්නෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ ධම්මං’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු එ බමුණු නමින් අමතත්.

දිට‍්ඨෙ ධම‍්මෙ අනිතීහන‍්ති: ‘දිට‍්ඨෙ ධම‍්මෙ’ති දිට‍්ඨෙ ධම‍්මෙ ඤාතෙ ධම‍්මෙ තුලිතෙ ධම‍්මෙ තීරිතෙ ධම‍්මෙ විභූතෙ ධම‍්මෙ විභාවිතෙ ධම‍්මෙ, සබ‍්බෙ සංඛාරා අනිච‍්චාති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති දිට‍්ඨෙ ධම‍්මෙ ඤාතෙ ධම‍්මෙ තුලිතෙ ධම‍්මෙ තීරිතෙ ධම‍්මෙ විභූතෙ ධම‍්මෙ විභාවිතෙ ධම‍්මෙති එවම‍්පි ‘දිට‍්ඨෙ ධම‍්මෙ’. අථවා දුක‍්ඛෙ දිට‍්ඨෙ දුක‍්ඛං කිත‍්තයිස‍්සාමි, සමුදයෙ දිට‍්ඨෙ සමුදයං

දිට්ඨෙ ධම්මේ අනිතීහං යනු: ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නාලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි...යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරනලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි නුයි මෙසේ ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් දුක (ලක්‍ෂණ රස සහිත වැ) දක්නා ලද කල්හි දුක කියන්නෙමි.

කිත‍්තයිස‍්සාමි, නිරොධෙ දිට‍්ඨෙ නිරොධං කිත‍්තයිස‍්සාමි, මග‍්ගෙ දිට‍්ඨෙ මග‍්ගං කිත‍්තයිස‍්සාමී’ති එවම‍්පි ‘දිට‍්ඨෙ ධම‍්මෙ’. අථවා දිට‍්ඨෙ ධම‍්මෙ සන්‍දිට‍්ඨිකං අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති එවම‍්පි ‘දිට‍්ඨෙ ධම‍්මෙ’. අනිතීහන‍්ති න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම‍්පරාය න පිටකසම‍්පදාය න තක‍්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක‍්කෙන න දිට‍්ඨිනිජ‍්ඣානඛන‍්තියා සාමං සයං අභිඤ‍්ඤාය අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මං, තං කථයිස‍්සාමීති ‘දිට‍්ඨෙ ධම‍්මෙ අනිතීහං’.

සමුදය දක්නාලද කල්හි සමුදය කියන්නෙමි, මාර්‍ගය දක්නා ලද කල්හි මාර්‍ගය කියන්නෙමි, නිරෝධය දක්නා ලද කල්හි නිරෝධය කියන්නෙම්, නුයි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් මෙ අත්බැව්හි තමා විසින් දැක්ක යුතු යැ කල් නො යවා පල දෙන්නේ යැ ‘එව බලව’ යන විධියට නිසි යැ තමන් තමන් සිත්හි එළවීමට නිසි යැ නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනිතීහං යනු: ‘මෙසේ මෙසේ ලැ’යි නො වැ ‘මෙසේ වී ලැ’ යි නො වැ පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්පදායෙන් නො වැ තර්කහේතුවෙන් නො වැ න්‍යායහේතුවෙන් නො වැ (මේ මැනැ වැ යි) ආකාර සැලැකීමෙන් නො වැ අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නො වැ තුමූ මැ තමන්මැ තමන් විසින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍ම යැ, එය කියන්නෙම් නුයි ‘දිට්ඨෙ ධම්මේ අනිතීහං’ යනු වේ.

යං විදිත්‍වා සතො චරන‍්ති: යං විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති ‘සතො’. චරන‍්ති චරන‍්තො විහරන‍්තො ඉරීයන‍්තො වත‍්තෙන‍්තො පාලෙන‍්තො යපෙන‍්තො යාපෙන‍්තොති ‘යං විදිත්‍වා සතො චරං’.

යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි- ‘හැම දහම්හු අනිත්‍ය’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ......හේ ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ, පාලනය කරනුයේ යාපනය කරනුයේ යැපෙනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.

තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති: ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා, ’යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං’. විසත‍්තිකාති කෙනට‍්ඨෙන විසත‍්තිකා: විසතාති විසත‍්තිකා, විසාලාති විසත‍්තිකා, විසටාති විසත‍්තිකා විසමාති විසත‍්තිකා, විසක‍්කතීති විසත‍්තිකා, විසංහරතීති විසත‍්තිකා, විසංවාදිකාති විසත‍්තිකා, විසමූලාති විසත‍්තිකා, විසඵලාති විසත‍්තිකා, විසපරිභොගාති විසත‍්තිකා. විසාලා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ චීවරෙ පිණ‍්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ කාමධාතුයා, රූපධාතුයා, අරූපධාතුයා, කාමභවෙ රූපභවෙ අරූපභවෙ

තරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ..... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: විඍත වන හෙයින් විසත්තිකා යැ, විශාල වන හෙයින් විසත්තිකා යැ, විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛ විෂය එළවන හෙයින් හෝ විසත්තිකා යැ (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ විෂඵල හෙයින් විසත්තිකා යැ විෂපරිභොග හෙයින් විසත්තිකා යැ, යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ගිලානප්‍රත්‍යයෙහි, කාමධාතුයෙහි රූප ධාතුයෙහි, අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි

සඤ‍්ඤාභවෙ අසඤ‍්ඤාභවෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ, එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ‍්චවොකාරභවෙ, අතීතෙ අනාගතෙ පච‍්චුප‍්පන‍්නෙ, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු විසතා විත්‍ථාතාති ‘විසත‍්තිකා’. ලොකෙති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ලොකෙ වෙසා විසත‍්තිකා ලොකෙවෙතං විසත‍්තිකං සතො තරෙය්‍ය, උත‍්තරෙය්‍ය පතරෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍යාති ‘තරෙ ලොකෙ විසත‍්තිකං.

සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්‍ධ භවයෙහි චතුඃස්කන්ධ භවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්මයන්හි විඍත විස්තෘත නුයි ‘විසත්තිකා’ නමි. ලෝකෝ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි. ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇතියේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කරන්නේ යැ, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කරන්නේ යැ, (ප්‍රතිෂ්ඨාහෙතු සිඳිමින්) ප්‍රතරණය කරන්නේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කරන්නේ යැ, (ප්‍රතිසන්‍ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවන්නේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

කිත‍්තියිස‍්සාමි තෙ ධම‍්මං (මෙත‍්තගූති භගවා) දිට‍්ඨෙ ධම‍්මෙ අනිතීහං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තික’න‍්ති.

“කිත්තයිස්සාමි තෙ ධම්මං -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.