යෙදුමෙන් කියවන්න

4. 4

4. 4.

4. 4.

යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි කථන‍්නුධීරා විතරන‍්ති ඔඝං ජාතිජරං සොකපරිද‍්දවඤ‍්ච තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො

(ආයුෂ්මත්, මෙත්තගූ මෙසේ කී යැ:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ. එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝක පරිදේවදුකත් කෙසේ ඉක්මවත් දැ? සර්‍වඥ මුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව, යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන් දන්නා ලද ද එහෙයිනි.

යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නොති: යං තං අපුච‍්ඡිම‍්හ ආයාචිම‍්හ අජ‍්ඣෙසිම‍්හ පසාදිම‍්හ. අකිත‍්තයීනො’ති කිත‍්තිතං ආචික‍්ඛිතං දෙසිතං පඤ‍්ඤපිතං පට‍්ඨපිතං විවරිතං විභත‍්තං උත‍්තානීකතං පකාසිතන‍්ති ‘යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො. ‘

යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො යනු: (ඇපි) යමක් විචාළමෝ ද අයැදියමෝ ද අධ්‍යෙෂණ කළමෝ ද පැහැද වූවමෝ ද - අකිත්තයි නො යනු: කිර්තනය කරන ලද යැ කියන ලද යැ දෙසන ලද යැ පනවන ලද යැ (ඥාන මුඛයෙහි) තබන ලද යැ විවරා කරන ලද යැ විවරණ කරන ලද යැ පහළ කරන ලද යැ ප්‍රකාශ කරන ලද නු’යි ‘යං තං අපුච්ඡිම්හ අකිත්ත යී නො’ යනු වේ.

අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහීති අඤ‍්ඤං තං පුච‍්ඡාම, අඤ‍්ඤං තං යාචාම, අඤ‍්ඤං තං අජ‍්ඣෙසාම, අඤ‍්ඤං තං පසාදෙම, උත‍්තරිං තං පුච‍්ඡාම. තදිඞ‍්ඝ බ්‍රූහීති තං ඉඞ‍්ඝ බ්‍රූහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති ‘අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි. ‘

අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි යනු: මුඹ වහන්සේ අනෙකක් විචාරම්හ, මුඹ වහන්සේ අනෙකක් අයදිම්හ, මුඹ වහන්සේ අනෙකක් අධ්‍යෙෂණ කරම්හ, මුඹ වහන්සේ අනෙකක් (කියන්නට) පහදවම්හ, මුඹ වහන්සේ මත්තෙහි විචාරම්හ- තදිඞ්ග බ්‍රෑහි යනු: එය දැන් වදාළ මැනව කියනු මැනැව දෙසනු මැනැව පනවනු මැනැව (ඥානමුඛයෙහි) තබනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව පාළ කරනු මැනැව ප්‍රකාශ කළ මැනැව නු’යි ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි’ යනු වේ.

කථන‍්නු ධීරා විතරන‍්ති ඔඝං ජාති ජරං සොකපරිද‍්දවං චා’ති: ‘කථන‍්නූ’ති සංසයපුච‍්ඡා විමතිපුච‍්ඡා ද‍්වෙළ‍්හපුච‍්ඡා අනෙකංසපුච‍්ඡා, එවන‍්නු ඛො න නුඛො කිං නුඛො කථන‍්නුඛොති. කථන‍්නු ධීරා ති ධීරා පණ‍්ඩිතා පඤ‍්ඤාවන‍්තො බුද‍්ධිමන‍්තො ඤාණිනො විභාවිනො මෙධාවිනො. ඔඝන‍්ති කාමොඝං භවොඝං දිට‍්ඨොඝං අවිජ‍්ජොඝං. ජාතීති යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාති ඔක‍්කන‍්ති අභිනිබ‍්බත‍්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. ජරාති යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො. සොකොති ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොග ව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨි ව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස සොකො සොචනා සොචිතත‍්තං අන‍්තො සොකො අන‍්තො පරිසොකො අන‍්තො දාහො අන‍්තො පරිදාහො චෙතසො පරිජ‍්ඣායනා දොමනස‍්සං සොකසල‍්ලං’

කථන්නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සෝක පරිද්දවං ච යනු: ‘කථන්නු’ යනු මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො’ යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා යි. ධීරා යනු: ධීරයෝ පණ්ඩිතයෝ පැනැතියෝ බුද්ධිමත්හු නැණැතියෝ විමර්ෂඥාන ඇත්තාහු (අනිත්‍යාදීන්) තුලිත ඥාන, ඇත්තාහු. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දෘෂ්ටි-ඕඝ යැ අවිද්‍යා ඕඝ යි. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් උපැත්මෙක් හට ගැන්මෙක් අවක්‍රාන්තියක් නිපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, හේ යැ. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්ත නඛාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි වැටුණු සම් ඇති බවෙක්, ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ පැසීමෙක් වේ ද එය යි. සොකො යනු: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, ශීල ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් අබ්භ්‍යන්තර දාහයෙක් අබ්භ්‍යන්තර පරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක්.

පරිදෙවොති ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලාප‍්පිතත‍්තං.

පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හැඬු බවෙක් ගුණ කියා හැඬු බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් (සිස් බසෙක්) විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් පුනපුනා ලපනාකාරයෙක් පුනපුනා ලපිත බවෙක් වේද එය යි.

කථන‍්නු ධීරා විතරන‍්ති ඔඝං ජාතිජරං සොකපරිද‍්දවඤ‍්චාති ධීරා කථං ඔඝඤ‍්ච ජාතිඤ‍්ච ජරඤ‍්ච දුක‍්ඛඤ‍්ච සොකපරිදෙවඤ‍්ච තරන‍්ති උත‍්තරන‍්ති පතරන‍්ති සමතික‍්කමන‍්ති වීතිවත‍්තන‍්තීති ‘කථන‍්නු ධීරා විතරන‍්ති ඔඝං ජාතිජරං සොකපරිද‍්දවඤ‍්ච’

කථං නු ධීරා විතරන්තී ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච යනු: ධීරයෝ කිසෙයින් ඕඝයත් ජාතියත් ජරාවත් ශොකයත් පරිදෙවයත් (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙති, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙති, (හේතු සිඳිමින්) ප්‍රතරණය කෙරෙති, (සසර) ඉක්මවති, (ප්‍රතිසන්‍ධිය අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්ම සිටිත් නුයි ‘කථං නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච’ යනු වේ.

තං මෙ මුනී සාධු වියාකරොහීති ‘ත’න‍්ති යං පුච‍්ඡාමි, යං යාචාමි, යං අජ‍්ඣෙසාමි, යං පසාදෙමි. මුනීති මොනං වුච‍්චති ඤාණං ‘යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, භගවා තෙන ඤාණෙන සමන‍්නාගතො මුනි මොනප‍්පත‍්තො.

තං මෙ මුනි සාධු වියාකරොහි යනු: තං යනු: යමක්හු පුළුවුස්නෙම් ද, යමක්හු අයදනෙම් ද, යමක්හු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමක්හු පහදවම් ද, (ඔහු යැ) මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් .... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද, එයයි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් සමන්‍වාගත වූවාහු මුනි වූවාහු මුනිභාවයට පැමිණියහ.

තීණි මොනෙය්‍යානි: කායමොනෙය්‍යං, වචීමොනෙය්‍යං, මනොමොනෙය්‍යං, කතමං කායමොනෙය්‍යං: තිවිධානං කායදුච‍්චරිතානං පහානං කායමොනෙය්‍යං, තිවිධං කායසුචරිතං කායමොනෙය්‍යං, කායාරම‍්මණං ඤාණං කායමොනෙය්‍යං, කායපරිඤ‍්ඤා කායමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො කායමොනෙය්‍යං, කායෙ ඡන්‍දරාගප‍්පහානං කායමොනෙය්‍යං, කායසංඛාරනිරොධො චතුත්‍ථජ‍්ඣානසමාපත‍්ති කායමොනෙය්‍යං. ඉදං කායමොනෙය්‍යං.

මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යි. කායමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ, කය අරමුණු කොට පවත්නා ඥානය කායමෝනෙය්‍ය යැ කායපරිඥාව කාය මෝනෙය්‍ය යැ පරිඥාසහගත (අධ්‍යාත්ම කය සම්මර්‍ශනය කොට උපදවන ලද) මාර්‍ගය කායමෝනෙය්‍ය යැ කයෙහි ඡන්‍දරාග ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ කායසංඛාර (ආශ්වාස ප්‍රශ්වාස) නිරෝධ සංඛ්‍යාත චතුර්ථත්ධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ මේ ‘කායමෝනෙය්‍ය’ යි.

කතමං වචීමොනෙය්‍යං: චතුබ‍්බිධානං වචීදුච‍්චරිතානං පහානං වචීමොනෙය්‍යං, චතුබ‍්බිධං වචීසුචරිතං වචීමොනෙය්‍යං, වාචාරම‍්මණං ඤාණං වචීමොනෙය්‍යං, වාචාපරිඤ‍්ඤා වචීමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො වචීමොනෙය්‍යං, වාචාය ඡන්‍දරාගප‍්පහානං වචීමොනෙය්‍යං, වාචාසංඛාරනිරොධො දුතියජ‍්ඣානසමාපත‍්ති වචීමොනෙය්‍යං, පරිඤ‍්ඤා සහගතො මග‍්ගො වචීමොනෙය්‍යං, වාචාය ඡන්‍දරාගප‍්පහානං වචීමොනෙය්‍යං, වාචාසංඛාරනිරොධො තතියජ‍්ඣානසමාපත‍්ති වචීමොනෙය්‍යං. ඉදං වචීමොනෙය්‍යං.

වචීමොනෙය්‍ය කවරැ යත්: චතුර්විධ කායදුශ්චරිතයන් ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වචනය අරමුණු කොට පවත්නා ඥානය වචීමොනෙය්‍ය යැ, වාක්පරිඥාව වචීමොනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වචනයෙහි ඡන්‍දරාග ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාර (විතර්‍ක විචාර) නිරෝධ සංඛ්‍යාත ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ ‘වචීමොනෙය්‍ය’ යි.

කතමං මනොමොනෙය්‍යං: තිවිධානං මනොදුච‍්චරිතං පහානං මනොමොනෙය්‍යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්‍යං, චිත‍්තාරම‍්මණං ඤාණං මනොමොනෙය්‍යං, චිත‍්තපරිඤ‍්ඤා මනොමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො මනොමොනෙය්‍යං, චිත‍්තෙ ඡන්‍දරාගප‍්පහානං මනොමොනෙය්‍යං, චිත‍්තසඞ‍්ඛාරනිරොධො සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති මනොමොනෙය්‍යං. ඉදං මනොමොනෙය්‍යං.

මනෝමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන් ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධමනොසුචරිතය මනෝමෝනෙය්‍ය යැ චිත්තාලම්බනයෙහි ඥානය මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ පරිඥා සහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ සිතෙහි ඡන්‍දරාග ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ චිත්තසංස්කාර (සංඥා වේදනා) නිරෝධ සංඛ්‍යාත සංඥාවෙදයිතනිරොධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ ‘මනෝමෝනෙය්‍ය’ යි.

7 “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු සබ‍්බප‍්පහායිනං,

7 (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනෝ මුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින්) මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.

8 කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු නින‍්හාතපාපක”න‍්ති.

8 කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මෝනෙය්‍ය සම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ’යි කියත්.

ඉමෙහි තීහි මොනෙය්‍යෙහි ධම‍්මෙහි සමන‍්නාගතා. ඡ මුනිනො: අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච‍්චෙකමුනිනො මුනිමුනිනො.

මේ තුන් මෝනෙය්‍ය ධර්‍මයන් ගෙන් සමන්‍විත වූ මුනිහු සදෙනෙකි: අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැ යි.

කතමෙ අගාරමුනිනො: යෙ තෙ අගාරිකා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො යෙ තෙ පබ‍්බජිතා දිට‍්ඨපදා විඤ‍්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත‍්ත සෙඛා සෙඛමුනිනො. අරහන‍්තො අසෙඛමුනිනො. පච‍්චෙකබුද‍්ධා පච‍්චෙකමුනිනො. මුනිමුනිනො වුච‍්චන‍්ති තථාගතා අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා.

අගාරමුනිහු කවරහ යත්: දක්නා ලද නිවන් ඇති දන්නා ලද (ශික්‍ෂාත්‍රය) ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාර මුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනිහු යැ. සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේ බුදුවරයෝ පච්චෙකමුනිහු යැ. තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.

9 “න මොනෙන මුනි හොති මූළ‍්හරූපො අවිද‍්දසු යො ච තුලංව පග‍්ගය‍්හ වරමාදාය පණ‍්ඩිතො,

9 මූඪ ප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (නො බැණ සිටීම) හේතු කොට ගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීල සමාධ්‍යාදිය ගෙන -

10 පාපානි පරිවජ‍්ජෙති ස මුනී තෙන සො මුනි යො මුනාති උභොලොකෙ මුනි තෙන පවුච‍්චති.

10 අකුශල ධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදී උභයාර්ථයන් දැන ගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.

11 අසතං සතඤ‍්ච ඤත්‍වා ධම‍්මං අජ‍්ඣත‍්තං බහිද‍්ධා ච සබ‍්බලොකෙ දෙවමනුස‍්සෙහි පූජිතො යො සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී”ති.

11 යමෙක් කුශලාකුශල ප්‍රභේද වූ සදසත්ධර්මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ.

සාධු වියාකරොහීති තං සාධු ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති ‘තං මෙ මුනී සාධු වියාකරොහි’.

සාධු වියාකරොහි යනු: එය මොනොවට පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි. ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.

තථා හි තෙ විදිතො එස ධම‍්මොති: තථාහි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම‍්මොති ‘තථා හි තො විදිතො එස ධම‍්මො”

තථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද වඩන ලද ද එහෙයිනැයි, ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි, කථන‍්නු ධීරා විතරන‍්ති ඔඝං ජාතිජරං සොකපරිද‍්දවඤ‍්ච, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො”ති.

“යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.