4. 3
4. 3.
4. 3.
යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිපභවානුපස්සී.
අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසර දුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
යො වෙ අවිද්වා උපධිං කරොතීති: යො’ති යො යාදිසො යථා යුත්තො යථාවිහිතො යථාපකාරො යංඨානප්පත්තො යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා. අවිද්වාති අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤො. උපධිං කරොතීති තණ්හූපධිං කරොති. දිට්ඨූපධිං කරොති. කිලෙසූපධිං කරොති, කම්මූපධිං කරොති, දුච්චරිතූපධිං කරොති, ආහාරූපධිං කරොති, පටිඝූපධිං කරොති, චතස්සො උපාදින්නධාතුයො උපධිං කරොති, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධිං කරොති, ඡවිඤ්ඤාණකායං උපධිං කරොති, ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙතීති යෙ වෙ අවිද්වා උපධිං කරොති:
යො චෙ අවිද්වා උපධිං කරෝති - ‘යො’ යනු: යම් යම්බඳු වූ යමෙකින් යුක්ත වූ යම්සේ සිටි යම් ප්‍රකාර වූ යම් තනතුරකට පැමිණි යම් ධර්මයෙකින් සමන්වාගත වූ ක්ෂත්රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ යි. අවිද්වා යනු: අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ යි. උපධිං කරෝති - තෘෂ්ණා උපධිය කෙරෙයි, දෘෂ්ටි උපධිය කෙරෙයි, ක්ලේශෝපධිය කෙරෙයි, කර්මොපධිය කෙරෙයි, දුශ්චරිතොපධිය කෙරෙයි, ආහාරොපධිය කෙරෙයි, ප්රතිඝොපධිය කෙරෙයි, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ්-අධ්‍යාත්මායතන සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ් විඥානකාය උපධි කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවා නු’යි ‘යො චෙ අවිද්වා උපධිං කරෝති’ යනු වේ.
පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ති: පුනප්පුනං ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං එති සමුපෙති උපගච්ඡති ගණ්හාති පරාමසති අභිනිවිසති. මන්දොති මන්දො මොහො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤොති ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’
පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො - පුනපුනා ජාතිදුකට ජරාදුකට ව්යාධිදුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුකට එයි පැමිණෙයි එළැඹෙයි ගනියි පරාමර්ශනය කෙරෙයි පිවිසේ. මන්දො යනු: බාල වූයේ මුළා වූයේ අවිද්වත් වූයේ අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ නු’යි ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ යනු වේ.
තස්මා පජානං උපධිං න කයිරාති: ‘තස්මා’ති තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා එවං ආදීනවං සම්පස්සමානො උපධීසූති ‘තස්මා. පජානන්ති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, සබ්බෙ සංඛාරා අනිච්චාති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, ‘සබ්බෙ සංඛාරා දුක්ඛා’ති -පෙ- සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො. උපධිං න කයිරාති තණ්හූපධිං න කරෙය්ය, දිට්ඨූපධිං න කරෙය්ය, කිලෙසූපධිං න කරෙය්ය, කම්මූපධිං න කරෙය්ය, දුච්චරිතූපධිං න කරෙය්ය, ආහාරූපධිං න කරෙය්ය, පටිඝූපධිං න කරෙය්ය, චතස්සො උපාදින්නධාතුයො උපධිං න කරෙය්ය, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධිං න කරෙය්ය, ඡ විඤ්ඤාණකායං උපධිං න කරෙය්ය, න සංජනෙය්ය න නිබ්බත්තෙය්ය නාතිනිබ්බත්තෙය්යාති තස්මා පජානං උපධිං න කයිරා. ‘
තස්මා පජානං උපධිං න කයිරා - ‘තස්මා’ යනු: එ කරුණින් එ හෙයින් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙසේ උපධීන්හි ආදීනව දක්නේ නු’යි ‘තස්මා’ යනු වේ. පජානං යනු: දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ දුඃඛයහ’යි-හැම සංස්කාරයෝ අනාත්මහ’යි .. යම් කිසි සමුදය ධර්මයෙක් ඇද්ද, එ හැම නිරෝධය ස්වභාව කොට ඇතැ යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි. උපධිං න කයිරා යනු: තෘෂ්ණා (සංඛ්‍යාත) උපධි නො කරන්නේ යැ, දෘෂ්ට්යුපධි නො කරන්නේ යැ, ක්ලේශෝපධි නො කරන්නේ යැ, කර්මොපධි නො කරන්නේ යැ, දුශ්චරිතොපධි නො කරන්නේ යැ, ආහාරොපධි නො කරන්නේ යැ, ප්‍රතිඝොපධි නො කරන්නේ යැ, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, ෂඩ් විඥානකාය සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ, අතිශයින් නො නිපදවන්නේ යැ නු’යි ‘තස්මා පජානං උපධිං න කයිරා’ යනු වේ.
දුක්ඛස්සාති: ජාතිදුක්ඛස්ස ජරාදුක්ඛස්ස ව්යාධිදුක්ඛස්ස මරණදුක්ඛස්ස සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛස්ස. පභවානුපසසීති: දුක්ඛස්ස මූලානුපස්සී හෙතානුපස්සී නිදානානුපස්සී සම්භවානුපස්සී පභවානුපස්සී සමුට්ඨානානුපස්සී ආහාරානුපස්සී ආරම්මණානුපස්සී පච්චයානුපස්සී සමුදයානුපස්සී. ‘අනුපස්සනා’ වුච්චති පඤ්ඤා පඤ්ඤී පජානන -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉමාය අනුපස්සනාය පඤ්ඤාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො සො වුච්චති අනුපස්සීති “දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී.
දුක්ඛස්ස යනු: ජාති දුකට ජරා දුකට ව්‍යාධි දුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුකට යැ. පභවානුපස්සී යනු: දුඃඛයාගේ මූලය අනුව බලනුයේ හේතුව අනුව බලනුයේ නිදානය අනුව බලනුයේ සම්භවය අනුව බලනුයේ ප්රභවය අනුව බලනුයේ සමුත්ථානය අනුව බලනුයේ ආහාරය අනුව බලනුයේ ආලම්බනය අනුව බලනුයේ ප්‍රත්‍යය අනුව බලනුයේ සමුදය අනුව බලනුයේ යි. ‘අනුපස්සනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි - යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමොහ සංඛ්‍යාත ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. මේ අනුපස්සනා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූයේ අතිශයින් යුක්ත වූයේ එළැඹ සිටියේ අතිශයින් එළැඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ යි. හේ ‘අන්පස්සී’ යී කියනු ලැබේ නු’යි ‘දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ යනු වේ.
තෙනාහ භගවා.
එයින් වදාළහ බුදුහු:
“යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී”ති.
“යො චෙ අවිද්වා ... ජාතිප්පභවානුපස්සී” යනු.