4. 2
4. 2.
4. 2.
දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං, උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්රත්යක්ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසී ති: ‘දුක්ඛස්සා’ති: ජාතිදුක්ඛස්ස ජරාදුක්ඛස්ස ව්යාධිදුක්ඛස්ස මරණදුක්ඛස්ස සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛස්ස. පභවං අපුච්ඡසීති “දුක්ඛස්ස මූලං පුච්ඡසි, හෙතුං පුච්ඡසි, නිදානං පුච්ඡසි, සම්භවං පුච්ඡසි, පභවං පුච්ඡසි, සමුට්ඨානං පුච්ඡසි, ආහාරං පුච්ඡසි, ආරම්මණං පුච්ඡසි, පච්චයං පුච්ඡසි, සමුදයං පුච්ඡසි, යාචසි අජ්ඣෙසසි පසාදෙසී’ති ‘දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසී’.
දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි - ‘දුක්ඛස්ස’ යනු: ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, සෝක-පරිදේව (කායික) දුක්ඛ (මානසික) දෝමනස්ස උපායාස දුකට. පභවං අපුච්ඡසි- යනු: දුකට මූලය විචාරව, හේතුව විචාරව, නිදානය විචාරව, සම්භවය විචාරව, ප්රභවය විචාරව. සමුත්ථානය විචාරව, ආහාරය විචාරව, ආලම්බනය විචාරව, ප්‍රත්‍යය විචාරව, සමුදය විචාරව, යාච්ඤා කරව, අධ්‍යෙෂණ කරව, පහදවා නු’යි දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි’ යනු වේ.
මෙත්තගූති භගවාති: බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තගූති භගවා.’
මෙත්තගූ’ති භගවා යනු: බමුණහු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... යම් ‘භගවත්’ යන නමෙක් වී නම් තෙල අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් නු’යි ‘මෙත්තගූ’ති භගවා යනු වේ.
තං තෙ පවක්ඛාමි යථා පජානාති: ‘තං’ ති දුක්ඛස්ස මූලං පවක්ඛාමි, හෙතුං පවක්ඛාමි, නිදානං පවක්ඛාමි, සම්භවං පවක්ඛාමි, පභවං පවක්ඛාමි, සමුට්ඨානං පවක්ඛාමි, ආහාරං පවක්ඛාමි, ආරම්මණං පවක්ඛාමි, පච්චයං පවක්ඛාමි, සමුදයං පවක්ඛාමි, ආචික්ඛිස්සාමි දෙසිස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමීති. ‘තං තෙ පවක්ඛාමි’.
තං තෙ පවක්ඛාමි, යථා පජානං - ‘තං’ යනු: දුකට මූලය පවසමි, හේතුව පවසමි, නිදානය පවසමි. සම්භවය පවසමි, ප්රභවය පවසමි, සමුත්ථානය පවසමි, ආහාරය පවසමි, ආලම්බනය පවසමි, ප්‍රත්‍යය පවසමි, සමුදය පවසමි, කියමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නු’යි ‘තං තෙ පවක්ඛාමි’ යනු වේ.
යථා පජානන්ති: යථා පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො න ඉතිහීතිහං න ඉති කිරාය න පරම්පරාය න පිටකසම්පදානෙන න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානඛන්තියා සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛධම්මං තං කථයිස්සාමීති ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’.
යථා පජානං - ප්‍රතිවේධ කොට දතුයෙක් හාත්පසින් දතුයෙක් වෙසෙසින් දතුයෙක් මැනැවින් දතුයෙක් අවබෝධ කළ කෙනෙක් යම්සේ ද, තෙල මෙසේ වී ල’යි නො වැ තෙල මෙසේ ල’යි නො වැ පරම්පරා කථා වෙනුදු නො වැ පිටක සම්ප්රදාය හා සම වේ යයි නො වැ තර්ක හෙතුවෙනුදු නො වැ නයග්රහණයෙනුදු නො වැ (මේ සොඳුරු යැ යි) කරුණු සැලකීමෙනුදු නො වැ අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යයි නො වැ තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තමා විසින් ප්රත්යවේක්ෂා කළ ධර්මය තොපට කියනෙමී ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
උපධිනිදානා පභවන්ති දුක්ඛාති: ‘උපධී’ති දස උපධී: තණ්හූපධි දිට්ඨූපධි, කිලෙසූපධි, කම්මූපධි, දුච්චරිතූපධි, ආහාරූපධි, පටිඝූපධි, චතස්සො උපාදින්නධාතුයො උපධී, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධි, ඡවිඤ්ඤාණකායං උපධි, සබ්බම්පි දුක්ඛං දුක්ඛමනත්ථෙන උපධි, ඉමෙ වුච්චන්ති දස උපධි. දුක්ඛාති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං නෙරයිකං දුක්ඛං -පෙ- දිට්ඨි බ්යසනං දුක්ඛං. යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති, අත්ථඞ්ගමතො නිරොධො පඤ්ඤායති, කම්මනිස්සිතං විපාකං, විපාකනිස්සිතං කම්මං, නාමනිස්සිතං රූපං, රූපනිස්සිතං නාමං, ජාතියා අනුගතං, ජරාය අනුසටං බ්යාධිනා අභිභූතං, මරණෙන අබ්භාහතං, දුක්ඛෙ පතිට්ඨිතං, අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉමෙ වුච්චන්ති දුක්ඛා. ඉමෙ දුක්ඛා උපධිනිදානා, උපධිහෙතුකා, උපධිපච්චයා, උපධිකාරණා හොන්ති, පභවන්ති සම්භවන්ති ජායන්ති සඤ්ජායන්ති නිබ්බත්තන්ති පාතුභවන්තී’ති ‘උපධිනිදානා පභවන්ති’ දුක්ඛා.
උපධිනිදානා පභවන්ති දුක්ඛා - ‘උපධි’ යනු: දශ උපධීහු යැ: තෘෂ්ණා උපධි යැ දෘෂ්ටි උපධි යැ ක්ලේශෝපධි යැ කර්මොපධි යැ දුශ්චරිතොපධි යැ ආහාරොපධි යැ ප්‍රතිඝොපධි යැ (පෘථිව්‍යාදි) සතර උපාදින්න ධාතු සංඛ්‍යාත උපධි යැ ෂඩ් අධ්‍යාත්ම ආයතන සංඛ්‍යාත උපධි යැ ෂඩ්විඥානකාය සංඛ්‍යාත උපධි යැ සියලු ත්‍රෛභූමක දුඃඛය දුස්සහනාර්ථයෙන් උපධි නම් වෙයි. මොහු දශ උපධි යයි කියනු ලැබෙත්. දුක්ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ ... දෘෂ්ටි ව්‍යසනයෙන් වූ දුක යි. ස්කන්ධාදි යම් ධර්ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි, විපාකය තෙමේ කර්මය ඇසිරි කෙළේ යැ, කර්මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ; රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ; (හැම කර්මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඬනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ අත්‍රාණ යැ අලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි. මොහු දුඃඛයෝ යි කියනු ලැබෙත්. මේ දුඃඛයෝ උපධි නිදාන කොට ඇතියාහු, උපධි හේතු කොට ඇතියාහු, උපධි ප්‍රත්‍යය කොට ඇතියාහු, උපධි කාරණ කොට ඇත්තාහු වෙති පහළ වෙති, හටගනිති, උපදිති, මොනොවට උපදිති, නිපැදෙති පහළ වෙත් නු’යි ‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යනු වේ.
යෙ කෙචි ලොකස්මිං අනෙකරූපාති: ‘යෙ කෙචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යෙ කෙචී’ති. ලොකස්මින්ති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. අනෙකරූපාති: අනෙකවිධා නානප්පකාරා දුක්ඛා’ති ‘යෙ කෙචි ලොකස්මිං අනෙක රූපා’.
යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ‘ලෝකස්මිං’ යනු: අපාය ලෝකයෙහි, මනුෂ්‍යලොකයෙහි, ස්කන්ධලෝකයෙහි, ධාතුලොකයෙහි, ආයතනලෝකයෙහි යැ අනෙකරූපා යනු: අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා”ති.
“දුක්ඛස්ස වෙ මං -පෙ- ලෝකස්මිං අනෙකරූපා” යි.