4. 1
4. 1.
4. 1.
පුච්ඡාමි තං භගවා බ්‍රූහිමෙතං (ඉච‍්චායස‍්මා මෙත‍්තගූ) මඤ‍්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස‍්මිං අනෙකරූපා.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි මෙය වදාළ මැන, මුඹ වහන්සේ ඥාන-වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම්කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතන‍්ති: ‘පුච‍්ඡාමී’ති තිස‍්සො පුච‍්ඡා: අදිට්ඨජොතනා පුච‍්ඡා, දිට්ඨසංසන්දනා පුච‍්ඡා, විමතිච්ඡෙදනා පුච‍්ඡා.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං යනු: ‘පුච්ඡා’ යනු: පෘච්ඡා තුනෙකි: අදිට්ඨජොතනා පුච්ඡා යැ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ විමතිච්ඡෙදනා පුච්ඡා යි.
කතමා අදිට‍්ඨජොතනා පුච‍්ඡා: පකතියා ලක‍්ඛණං අඤ‍්ඤාතං හොති අදිට‍්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස‍්ස ඤාණාය දස‍්සනාය තුලනාය තීරණාය විභූතත්‍ථාය විභාවනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං අදිට‍්ඨජොතනා පුච‍්ඡා.
අදිට්ඨජොතනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථ ලක්‍ෂණය නොදන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූ සිතින් නො වඩන ලද වෙයි, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණ ඥානය පිණිස දර්‍ශනය පිණිස තුලනය පිණිස තීරණය පිණිස පාළ වීම පිණිස විභාවනය පිණිස ප්‍රශ්න විචාරයි. මේ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
කතමා දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා: පකතියා ලක‍්ඛණං ඤාතං හොති දිට‍්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං අඤ‍්ඤෙහි පණ‍්ඩිතෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා.
දිට්ඨසංසන්දනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථලක්ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට වූ විභාවන කරන ලද වෙයි. (ඒ ධර්‍මයන්ගේ ලක්‍ෂණය) අන්‍ය පණ්ඩිතයන් හා සමග සසඳනු සඳහා පැන පුළුවුසී. මේ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ.
කතමා විමතිච‍්ඡෙදනා පුච‍්ඡා: පකතියා සංසය පක‍්ඛන‍්තො හොති, විමති පක‍්ඛන‍්තො ද‍්වෙළ‍්හකජාතො එවං නු ඛො න නු ඛො කිං නු ඛො කථං නු ඛොති. සො විමතිච‍්ඡෙදනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං විමතිච‍්ඡෙදනා පුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.
විමතිච්ඡෙදනා පුච්ඡා කවරැ යත්: පියවින් සැකයට පැමිණියේ විමතියට පැමිණියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි දෙසිත් බවට පැමිණියේ වෙයි, හෙතෙම විමති සිඳුනා සඳහා පැන පුළුවුසී. මේ විමතිච්ඡෙදනා පුච්ඡා යැ. මේ තුන් පෘච්ඡා යි.
අපරාපි තිස‍්සො පුච‍්ඡා: මනුස‍්සපුච‍්ඡා. අමනුස‍්සපුච‍්ඡා, නිම‍්මිතපුච‍්ඡා.
අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යි.
කතමා මනුස‍්සපුච‍්ඡා: මනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, භික‍්ඛු පුච‍්ඡන‍්ති, භික‍්ඛුණියො පුච‍්ඡන‍්ති, උපාසකා පුච‍්ඡන‍්ති, උපාසිකායො පුච‍්ඡන‍්ති, රාජානො පුච‍්ඡන‍්ති, ඛත‍්තියා පුච‍්ඡන‍්ති, බ්‍රාහ‍්මණා පුච‍්ඡන‍්ති, වෙස‍්සා පුච‍්ඡන‍්ති, සුද‍්දා පුච‍්ඡන‍්ති, ගහට‍්ඨා පුච‍්ඡන‍්ති, පබ‍්බජිතා පුච‍්ඡන‍්ති. අයං මනුස‍්සපුච‍්ඡා.
මනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: මනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, භික්‍ෂූහු පුළුවුස්ති, භික්‍ෂුණීහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජදරුවෝ පුළුවුස්ති ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යැ.
කතමා අමනුස‍්සපුච‍්ඡා: අමනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති, නාගා පුච‍්ඡන‍්ති, සුපණ‍්ණා පුච‍්ඡන‍්ති, යක‍්ඛා පුච‍්ඡන‍්ති, අසුරා පුච‍්ඡන‍්ති, ගන්‍ධබ‍්බා පුච‍්ඡන‍්ති මහාරාජානො පුච‍්ඡන‍්ති, ඉන්‍දා පුච‍්ඡන‍්ති, බ්‍රහ‍්මානො පුච‍්ඡන‍්ති, දෙවා පුච‍්ඡන‍්ති, අයං අමනුස‍්සපුච‍්ඡා.
අමනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති. නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, වරම්රජදරුවෝ පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රාහ්මයෝ පුළුවුස්ති, දෙවියෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍ය පෘච්ඡා යැ.
කතමා නිම‍්මිත පුච‍්ඡා: යං භගවා රූපං අභිනිම‍්මිනාති මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං, සො නිම‍්මිතො බුද‍්ධං භගවන‍්තං උපසංකමිත්‍වා පඤ‍්හං පුච‍්ඡති, භගවා විස‍්සජ‍්ජෙති. අයං නිම‍්මිතපුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.
නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල වූ ඉඳුරන් ඇති යම් රුවක් මවත් ද ඒ මැවුණු බුහුදු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳත්. මේ නිර්මිත පෘච්ඡා යැ මේ තුන් පෘච්ඡා යි.
අපරාපි තිස‍්සො පුච‍්ඡා: අත‍්තත්‍ථපුච‍්ඡා, පරත්‍ථපුච‍්ඡා, උභයත්‍ථපුච‍්ඡා, අපරාපි තිස‍්සො පුච‍්ඡා: දිට‍්ඨධම‍්මිකත්‍ථපුච‍්ඡා, සම‍්පරායිකත්‍ථපුච‍්ඡා. පරමත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අනවජ‍්ජත්‍ථපුච‍්ඡා, නික‍්කිලෙසත්‍ථපුච‍්ඡා, වොදානත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අතීතා පුච‍්ඡා, අනාගතා පුච‍්ඡා, පච‍්චුප‍්පන‍්නා පුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අජ‍්ඣත‍්තපුච‍්ඡා, බහිද‍්ධාපුච‍්ඡා, අජ‍්ඣත‍්තබහිද‍්ධා පුච‍්ඡා, අපරාපි තිස‍්සො පුච‍්ඡා: කුසලපුච‍්ඡා, අකුසලපුච‍්ඡා, අබ්‍යාකතපුච‍්ඡා, අපරාපි තිස‍්සො පුච‍්ඡා: ඛන්‍ධ පුච‍්ඡා, ධාතුපුච‍්ඡා, ආයතනපුච‍්ඡා, අපරාපි තිස‍්සො පුච‍්ඡා: සතිපට‍්ඨානපුච‍්ඡා, සම‍්මප‍්පධානපුච‍්ඡා, ඉද‍්ධිපාදපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: ඉන්‍ද්‍රියපුච‍්ඡා, බලපුච‍්ඡා, බොජ‍්ඣඞ‍්ගපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: මග‍්ගපුච‍්ඡා, ඵලපුච‍්ඡා, නිබ‍්බානපුච‍්ඡා.
අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ථ පෘච්ඡා යැ උභයාර්ත්ථ පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: දෘෂ්ටධාර්මිකාර්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ථ පෘච්ඡා යැ පරමාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අනවද්‍යාර්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අතීත පෘච්ඡා යැ අනාගත පෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍ය පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: කුශල පෘච්ඡා යැ අකුශල පෘච්ඡා යැ අව්‍යාකෘත පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතුපෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක් ප්‍රධානපෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බොධ්‍යඞ්ගපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵල පෘච්ඡා යැ නිර්‍වාණ පෘච්ඡා යි.
පුච‍්ඡාමි තන‍්ති: පුච‍්ඡාමි තං, යාචාමි තං, අජ‍්ඣෙසාමි තං, පසාදෙමි තං, ‘කථයස‍්සු මෙ’ති ‘පුච්ඡාමි තං’.
පුච්ඡාමි තං: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අද්ධ්‍යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි ‘මට වදාළ මැනැවැ’යි ‘පුච්ඡාමි තං’ යනු වේ.
භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘පුච‍්ඡාමි තං භගවා’. බ්‍රූහි මෙතන‍්ති බ්‍රූහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති ‘පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං’. ඉච‍්චායස‍්මා මෙත‍්තගූති, - ’ඉච‍්චා’ති පදසන්‍ධි -පෙ- ඉච‍්චායස‍්මා මෙත‍්තගූ:
භගවා යනු: තෙල ගෞරවනාමයෙකි ... යම් භගවත් යන නමෙක් වී නම් තෙල අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘පුච්ඡාමි තං භගවා’ යනු වේ. බ්‍රෑහි මෙතං: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව’යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං’ යනු වේ. ඉච්චායස්මා මෙත්තගූ-යනු: ඉච්ච යනු පදසන්ධි යැ... ‘ඉච්චායස්මා මෙත්තගූ’ යනු වේ.
මඤ‍්ඤාමි තං වෙදගුං භාවිතත‍්තන‍්ති: ‘වෙදගූ’ති තං මඤ‍්ඤාමි ‘භාවිතත‍්තො’ති තං මඤ‍්ඤාමි, එවං පජානාමි, එවං ආජානාමි, එවං විජානාමි, එවං පටිවිජානාමි, එවං පටිවිජ‍්ඣාමි ‘වෙදගූ භාවිතත‍්තො’ති කථං භගවා වෙදගූ: වෙදො වුච‍්චති චතුසු මග‍්ගෙසු ඤාණං, පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං -පෙ- ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො වීමංසා විපස‍්සනා සම‍්මාදිට‍්ඨි, භගවා තෙහි වෙදෙහි ජාතිජරාමරණස‍්ස අන‍්තගතො
මඤ්ඤ මි තං වෙදගුං භාවිතත්තං: මුඹ වහන්සේ ‘වේදයාගේ අන්තයට පැමිණියාහ’යි හඟිමි, මුඹ වහන්සේ භාවිතාත්මහ’යි හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ ඒ ඒ කරුණු නිසා වෙසෙසින් දනිමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙමි. ‘වේදගූ භාවිතත්තො’යී කිසෙයින් බුදුහු වේදගූ වූහ යත්: ‘වෙද’ යී සතර මාර්‍ග ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වීමංසායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු ඒ ප්‍රඥාසඞ්ඛ්‍යාත වෙදයන්ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට ගියහ,
අන‍්තප‍්පත‍්තො කොටිගතො කොටිප‍්පත‍්තො පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො වොසානගතො වොසානප‍්පත‍්තො තාණගතො තාණප‍්පත‍්තො ලෙනගතො ලෙනප‍්පත‍්තො සරණගතො සරණප‍්පත‍්තො අභයගතො අභයප‍්පත‍්තො අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො අමතගතො අමතප‍්පත‍්තො නිබ‍්බානගතො නිබ‍්බානප‍්පත‍්තො. වෙදානං වා අන‍්තගතොති වෙදගූ, වෙදෙහි වා අන‍්තගතොති වෙදගූ, සත‍්තන‍්නං වා ධම‍්මානං විදිතත‍්තා වෙදගූ: සක‍්කායදිට‍්ඨි විදිතා හොති, විචිකිච‍්ඡා විදිතා හොති, සීලබ‍්බතපරාමාසො විදිතො හොති, රාගො-දොසො-මොහො-මානො විදිතො හොති, විදිතාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා:
අන්තයට පැමිණියහ, කෙළවරට ගියහ, කෙළවරට පැමිණියහ, පර්‍ය්‍යන්තයට ගියහ, පර්‍ය්‍යන්තයට පැමිණියහ. අවසානයට ගියහ, අවසානයට පැමිණියහ, ත්‍රාණයට ගියහ, ත්‍රාණයට පැමිණියහ, ලෙනයට ගියහ, ලෙනයට පැමිණියහ, සරණයට ගියහ, සරණයට පැමිණියහ, අභයට ගියහ, අභයට පැමිණියහ, අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ, අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ, නිවනට ගියහ, නිවනට පැමිණියහ, වේද (ඥාන)යන් ගේ අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ. වේදයන්ගෙන් අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ, සප්තධර්මයන් විදිත හෙයින් හෝ වේදගූ නම්හ; සත්කායදෘෂ්ටිය දන්නා ලද වෙයි. විචිකිත්සාව දන්නාලද වෙයි, ශීලව්‍රතපරාමර්‍ශය දන්නා ලද වෙයි. රාගය-ද්වේෂය-මෝහය-මානය දන්නාලද වෙයි, ඔබ විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ලාමක අකුශල ධර්‍මයෝ දන්නා ලද්දාහු වෙත්.
1. “වෙදානි විචෙය්‍ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිපත්‍ථි බ්‍රාහ‍්මණානං සබ‍්බ වෙදනාසු වීතරාගො සබ‍්බං වෙදමතිච‍්ච වෙදගූ සො”ති.
1. (බුදුහු ‘සභිය’යි අමතා මෙසේ වදාළහ) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් වේදගූ නම් වූහ.
එවං භගවා වෙදගූ.
මෙසෙයින් බුදුහු වේදගූ නම් වූහ.
කථං භගවා භාවිතත‍්තො: භගවා භාවිතකායො භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤො භාවිතසතිපට‍්ඨානො භාවිතසම‍්මප‍්පධානෙ භාවිතඉද‍්ධිපාදො භාවිතඉන්‍ද්‍රියො භාවිතබලො භාවිතබොජ‍්ඣඞ‍්ගො භාවිතමග‍්ගො පහීනකිලෙසො පටිවිද‍්ධාකුප‍්පො සච‍්ඡිකත නිරොධො, දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං, සමුදයො පහීනො, මග‍්ගො භාවිතො, නිරොධො සච‍්ඡිකතො, අභිඤ‍්ඤෙය්‍යං, අභිඤ‍්ඤාතං, පරිඤ‍්ඤෙය්‍යං, පරිඤ‍්ඤාතං, පහාතබ‍්බං, පහීනං, භාවෙතබ‍්බං භාවිතං, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, අපරිත‍්තො මහන‍්තො ගම‍්භීරො අප‍්පමෙය්‍යො දුප‍්පරියොගාළ‍්හො පහූත රතනො සාගරූපමො ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතො හොති.
කිසෙයින් බුදුහු භාවිතාත්ම වූහ යත්: බුදුහු වැඩූ කය ඇතියහ. වැඩූ සිල් ඇතියහ. වැඩූ සිත් ඇතියහ වැඩූ ප්‍රඥා ඇතියහ, වැඩූ සතිපට්ඨාන ඇතියහ, වැඩූ ඍද්ධිපාද ඇතියහ, වැඩූ ඉන්‍ද්‍රිය ඇතියහ, වැඩූ බල ඇතියහ, වැඩූ බෝධ්‍යඞ්ග ඇතියහ, වැඩූ මාර්‍ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිඳි රහත්ඵල ඇතියහ, පසක් කළ නිවන ඇතියහ, ඔබ විසින් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නාලද, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය වඩනා ලද නිරෝධය පසක් කරනලද, (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන්) දතයුත්ත දන්නාලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත පිරිසිඳ දන්නාලද, ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කරනලද, වැඩියයුත්ත වඩනලද, පසක් කළ යුත්ත පසක් කරනලද. (බුදුහු) අනල්පයහ මහත්හ ගම්භීරයහ පමණ නො කළහැකියහ බැසගැනීමට දුෂ්කර වූ බොහෝ වූ (ධර්‍ම) රත්න ඇති සාගරය වැන්නහ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වෙති.
චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති, න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති, න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො.
ඇසින් රූ දැක (ලෝභ විසින්) නො මැ සොම්නස් වෙති (ද්වේෂ විසින්) දොම්නස් නො වෙති ස්මෘතිමත් වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු උපේක්‍ෂක වැ වෙසෙති, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ නො වැ සොම්නස් වෙති, දොම්නස් නො වෙති, ස්මෘතිමත් වූවාහු සම්‍යග් ඥාන ඇති වැ වෙසෙත්.
චක‍්ඛුනා රූපං දිස‍්වා මනාපං රූපං නාභිගිජ‍්ඣති නාභිහංසති න රාගං ජනෙති තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසංඨිතං සුවිමුත‍්තං. චක‍්ඛුනා ඛො පනෙව රූපං දිස‍්වා අමනාපං න මඞ‍්කු හොති, අප‍්පතිට‍්ඨිතචිත‍්තො අලීනමනසො අබ්‍යාපන‍්නචෙතසො. තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසංඨිතං සුවිමුත‍්තං. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය මනාපං නාභිගිජ‍්ඣති නාභිහංසති න රාගං ජනෙති තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුවිමුත‍්තං. මනසා යෙව ඛො පන ධම‍්මං විඤ‍්ඤාය අමනාපං න මඞ‍්කු හොති, අප‍්පතිට‍්ඨිතචිත‍්තො අලීනමනසො අබ්‍යාපන‍්නචෙතසො, තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසංඨිතං සුවිමුත‍්තං.
ඇසින් රූ දැකැ මනවඩන රූපයට ගිජු නො වෙති. (නො පතති) නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ (චක්‍ෂුරාදි) කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි ඇසින් මැ අනිෂාටාලම්බන වූ රූපයක් දැක නො මකු වෙති (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැකුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති. උන් වහන්සේ ගේ කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ මනවඩන ධර්‍මයට ගිජු නොවෙති, නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි සිතින් මැ අනිෂ්ටාලම්බන ධර්‍මයක් දැන නො මකු වෙති. (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැගුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි.
චක‍්ඛුනා රූපං දිස‍්වා මනාපාමනාපෙසු රූපෙසු ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසංඨිතං සුවිමුත‍්තං. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය මනාපාමනාපෙසු ධම‍්මෙසු ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසංඨිතං සුවිමුත‍්තං.
ඇසින් රූ දැක මනාපාමනාප රූපයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන මනාපාමනාප ධර්‍මයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ.
චක‍්ඛුනා රූපං දිස‍්වා රජනීයෙ න රජ‍්ජති, දොසනීයෙ න දුස‍්සති, මොහනීයෙ න මුය‍්හති, කොපනීයෙ න කුප‍්පති, මදනීයෙ න මජ‍්ජති, කිලෙසනීයෙ න කිලිස‍්සති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය රජනීයෙ න රජ‍්ජති, දොසනීයෙ න දුස‍්සති, මොහනීයෙ න මුය‍්හති, කොපනීයෙ න කුප‍්පති, මදනීයෙ න මජ‍්ජති, කිලෙසනීයෙ න කිලිස‍්සති. දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තො සුතෙ සුතමත‍්තො මුතෙ මුතමත‍්තො විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තො, දිට‍්ඨෙ න ලිප‍්පති, සුතෙ න ලිප‍්පති, මුතෙ න ලිප‍්පති, විඤ‍්ඤාතෙ න ලිප‍්පති, දිට‍්ඨෙ අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සුතෙ -පෙ- මුතෙ -පෙ- විඤ‍්ඤාතෙ අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති.
ඇසින් රූ දැක ඇලුම් කටයුතු රූපයෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැවියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත් වියැ යුත්තෙහි නො මත් වෙති. තැවිය යුත්තෙහි නො තැවෙති. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ඇලුම් කටයුත්තෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැ වියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත්වියැ යුත්තෙහි නො මත් වෙති. තැවියැ යුත්තෙහි නො තැවෙත්. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූවාහු ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූවාහු ගන්‍ධ-රස-ස්පර්‍ශායතනයෙහි (ඝ්‍රාණ-ජිහ්වා-කාය විඥානයෙන්) මුත (පැමිණ ගන්නා ලද) මාත්‍ර වූවාහු මනෝවිඥානයෙන් දන්නා ලද්දෙහි විඥානමාත්‍ර වූවාහු (චක්‍ෂුර්විඥානයෙන් දුටු) රූපාලම්බනයෙහි නො ඇලෙති. (තෘෂ්ණා දෘෂ්ටි ලෙපයෙන්) නො ඇලෙති ශබ්දාලම්බනයෙහි නො ඇලෙති. ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙති ධර්‍මාලම්බනයෙහි නො ඇලෙති රූපාලම්බනයෙහි තෘෂ්ණා රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. ශබ්දාලම්බනයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි ... ධර්‍මාලම්බනයෙහි තෘෂ්ණාදි උපය රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත්.
සංවිජ‍්ජති භගවතො චක‍්ඛු පස‍්සති භගවා චක‍්ඛුනා රූපං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. සංවිජ‍්ජති භගවතො සොතං, සුණාති භගවා සොතෙන සද‍්දං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. සංවිජ‍්ජති භගවතො ඝානං, ඝායති භගවා ඝානෙන ගන්‍ධං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. සංවිජ‍්ජති භගවතො ජිව‍්හා, සායති භගවා ජිව‍්හාය රසං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. සංවිජ‍්ජති භගවතො කායො, ඵුසති භගවා කායෙන ඵොට‍්ඨබ‍්බං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. සංවිජ‍්ජති භගවතො මනො, විජානාති භගවා මනසා ධම‍්මං, ඡන්‍දරාගො භගවතො නත්‍ථි, සුවිමුත‍්තචිත‍්තො භගවා. චක‍්ඛුං රූපාරාමං රූපරතං රූපසම‍්මුදිතං, තං භගවතො දන‍්තං ගුත‍්තං රක‍්ඛිතං සංවුතං, තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. සොතං සද‍්දාරාමං සද‍්දරතං සද‍්දසම‍්මුදිතං -පෙ- ඝානං ගන්‍ධාරාමං ගන්‍ධරතං ගන්‍ධසම‍්මුදිතං -පෙ- ජිව‍්හා රසාරාමා රසරතා රසසම‍්මුදිතා, සා භගවතො දන‍්තා ගුත‍්තා රක‍්ඛිතා, සංවුතා, තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. කායො ඵොට‍්ඨබ‍්බාරාමො ඵොට‍්ඨබ‍්බරතො ඵොට‍්ඨබ‍්බසම‍්මුදිතො. මනො ධම‍්මාරාමො ධම‍්මරතො ධම‍්මසම‍්මුදිතො සො භගවතො දන‍්තො ගුත‍්තො රක‍්ඛිතො සංවුතො, තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති.
භාග්‍යවතුන් වහන්සේට චක්ෂුස්ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු ඇසින් රූප දකිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු වෙසෙසින් මිදුණු සිත් ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේට ශ්‍රෝතප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කනින් ශබ්දය අසති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත, බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ඝ්‍රාණ ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කෙරෙති. භාග්‍යවතුන්ට ඡන්‍දරාගයෙක් නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ජිහ්වාප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු දිවින් රස විඳිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්ත චිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට කායප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කයින් පහස් පහස්ති, ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට මනස විද්‍යමාන වෙයි. බුදුහු මනසින් දහම් දනිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙන් සතුටු වූයේ යැ, ඒ ඇස භාග්‍යවතුන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසති, කන ශබ්දාරාම යැ, ශබ්දරත යැ ශබ්ද සම්මුදිත යැ ... ඝ්‍රාණය ගන්ධාරාම යැ ... ජිහ්වාව රසාරාම යැ ... කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ ... මනස ධර්මාරාම යැ ධර්මරත යැ ධර්මසම්මුදිත යැ, ඒ මනස භාග්‍යවතුන් විසින් දන්ත යැ, ගුප්ත යැ, රක්‍ෂිත යැ සංවෘත යි. ඒ මනස සංවරය පිණිස දහම් දෙසන සේක.
2. දන‍්තං නයන‍්ති සමිතිං දන‍්තං රාජාභිරූහති, දන‍්තො සෙට‍්ඨො මනුස‍්සෙසු යොතිවාක්‍යං තිතික‍්ඛති.
2. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණූ පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.
3. වරමස‍්සතරා දන‍්තා ආජානීයා ච සින්‍ධවා, කුඤ‍්ජරා ච මහානාගා අත‍්තදන‍්තා තතො වරං.
3. අශ්වතරයෝ දැමුණා හු මැ උතුම් වෙති. ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහ ඇත්හු ද දැමුණා හු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ග භාවනායෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.
4. න හි එතෙහි යානෙහි ගච‍්ඡෙය්‍ය අගතං දිසං, යථාත‍්තනා සුදන‍්තෙන දන‍්තො දන‍්තෙන ගච‍්ඡති.
4. දැමුණු මහණ තෙම, (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්,) දැමුණා වු (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ග භාවනායෙන්) මනාව දැමුණවූ සිතින් අගත නම් වූ නිර්‍වාණ දිශාවට යම් සේ යේ ද, මේ ඇත් ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.
5. විධාසු න විකම‍්පන‍්ති විප‍්පමුත‍්තා පුනබ‍්භවා, දන‍්තභූමිං අනුප‍්පත‍්තා තෙ ලොකෙ විජිතාවිනො.
5. යම් කෙනෙක් ත්‍රිවිධ මානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්ත භූමියට පැමිණියාහු ද ඔහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.
6. යස‍්සින්‍ද්‍රියානි භාවිතානි අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච සබ‍්බලොකෙ, නිබ‍්බිජ‍්ඣ ඉමං පරඤ‍්චලොකං කාලං කඞ‍්ඛති භාවිතත‍්තො සදන‍්තොති.
6. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙලොව හා පරලොව හා දැන මරණ කාලය බලාපොරොත්තු වේ යයි.
එවං භගවා භාවිතත‍්තො
මෙසෙයින් බුදුහු ‘භාවිතත්ත’ නම් වුහ.
මඤ‍්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙති: ‘කුතො නූ’ති සංසයපුච‍්ඡා, විමතිපුච‍්ඡා, ද‍්වෙළ‍්හපුච‍්ඡා, අනෙකංසපුච‍්ඡා. එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛොති ‘කුතො නු’.
මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ- ‘කුතො නු’ යනු: සංශය පෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ (ජාති ආදීන් අතුරෙහි) කුමක් වූයෙම් දෝ හෝ කෙසේ වූයෙම් දෝ හෝ යි ‘කුතො නු’ යනු වේ.
දුක‍්ඛාති ජාතිදුක‍්ඛං ජරාදුක‍්ඛං ව්‍යාධිදුක‍්ඛං මරණදුක‍්ඛං සොකපරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසදුක‍්ඛං නෙරයිකං දුක‍්ඛං තිරච‍්ඡානදුක‍්ඛං පෙත‍්තිවිසයදුක‍්ඛං මානුසිකං දුක‍්ඛං ගබ‍්භොක‍්කන‍්තිමූලකං දුක‍්ඛං ගබ‍්භට‍්ඨිතිමූලකං දුක‍්ඛං ගබ‍්භවුට‍්ඨානමූලකං දුක‍්ඛං ජාතස‍්සුපනිබන්‍ධනං දුක‍්ඛං ජාතස‍්ස පරාධෙය්‍යතං දුක‍්ඛං අත‍්තූපක‍්කමං දුක‍්ඛං පරූපක‍්කමං දුක‍්ඛං දුක‍්ඛදුක‍්ඛං සඞ‍්ඛාරදුක‍්ඛං විපරිණාමදුක‍්ඛං, චක‍්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව‍්හාරොගො කායරොගො සීසරොගො කණ‍්ණරොගො මුඛරොගො දන‍්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච‍්ඡි රොගො මුච‍්ඡා පක‍්ඛන්‍දිකා සූලා විසූචිකා කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො සොසො අපමාරො දද‍්දු කණ‍්ඩු කච‍්ඡු රඛසා විතච‍්ඡිකා ලොහිතපිත‍්තං මධුමෙහො අංසා පිළකා භගන්‍දලා පිත‍්තසමුට‍්ඨානා ආබාධා සෙම‍්හසමුට‍්ඨානා ආබාධා වාතසමුට‍්ඨානා ආබාධා සන‍්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක‍්කමිකා ආබාධා කම‍්මවිපාකජා ආබාධා සීතං උණ‍්හං ජිඝච‍්ඡා පිපාසා උච‍්චාරො පස‍්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං දුක‍්ඛං, මාතුමරණං දුක‍්ඛං පිතුමරණං දුක‍්ඛං භාතුමරණං දුක‍්ඛං භගිනීමරණං දුක‍්ඛං පුත‍්තමරණං දුක‍්ඛං ධීතුමරණං දුක‍්ඛං ඤාතිව්‍යසනං දුක‍්ඛං භොගව්‍යසනං දුක‍්ඛං සීලව්‍යසනං දුක‍්ඛං දිට‍්ඨිව්‍යසනං දුක‍්ඛං යෙසං ධම‍්මානං ආදිතො සමුදාගමනං පඤ‍්ඤායති, අත්‍ථඞ‍්ගමතො නිරොධො පඤ‍්ඤායති. කම‍්මසංනිස‍්සිතො විපාකො, විපාකසංනිස‍්සිතං කම‍්මං, නාමසංනිස‍්සිතං රූපං, රූපසංනිස‍්සිතං නාමං, ජාතියා අනුගතං, ජරාය අනුසටං බ්‍යාධිනා අභිභූතං, මරණෙන අබ‍්භාහතං, දුක‍්ඛෙ පතිට‍්ඨිතං, අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉමෙ වුච‍්චන‍්ති දුක‍්ඛා.
දුක්‍ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක පරිදේවදුක්ඛදොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ තිරිසන්යොන්හි දුක යැ ප්‍රේතවිෂයෙහි දුක යැ මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුක යැ ගර්භාවක්‍රාන්තිමූලක දුක යැ ගර්භස්ථීතිමූලක දුක යැ ගර්භව්‍යුත්ථාන මූලක දුක යැ උපන්හු පිළිදග්නා දුක යැ උපන්හු පරා අයත් බැව්හි දුක යැ ආත්මොපක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ ස්වභාවික දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රොතරොග යැ ඝ්‍රාණ රෝග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කර්ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ච්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුලරොග යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස (කබර) යැ ක්‍ෂය රෝග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ මහකස් යැ නියපහරින් වූ ව්‍රණයැ අතුල් පතුල් පැලීම යැ රක්ත පිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතු පරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍ම විපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි මදුරු වා අව් දික් දෑ යන මොවුන්ගේ පහසින් උපන් දුක යැ මවගේ මරණයෙන් වූ දුක යැ පියාගේ මරණයෙන් වූ දුක යැ බෑයාගේ මරණයෙන් වූ දුක යැ බුහුන්ගේ මරණයෙන් වූ දුක යැ පුත්‍ර මරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාති ව්‍යසනයෙන් වූ දුක යැ භෝගව්‍යසනයෙන් වූ දුක යැ ශීලව්‍යසනයෙන් වූ දුක යැ දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක යැ ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි. විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ, රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ, (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඩනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ, අත්‍රාණ යැ ඇලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි, මොහු දුඃඛයෝ යැ යි කියනු ලැබෙත්.
ඉමෙ දුක‍්ඛා කුතො සමුදාගතා, කුතො ජාතා, කුතො සංජාතා කුතො නිබ‍්බත‍්තා කුතො අභිනිබ‍්බත‍්තා කුතො පාතුභූතා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවාති ඉමෙසං දුක‍්ඛානං මූලං පුච‍්ඡති, හෙතුං පුච‍්ඡති, නිදානං පුච‍්ඡති, සම‍්භවං පුච‍්ඡති, පභවං පුච‍්ඡති, සමුට‍්ඨානං පුච‍්ඡති, ආහාරං පුච‍්ඡති, ආරම‍්මණං පුච‍්ඡති, පච‍්චයං පුච‍්ඡති, සමුදයං පුච‍්ඡති, පපුච‍්ඡති යාචති අජ‍්ඣෙසති පසාදෙතීති ‘කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ.’
මේ දුඃඛයෝ කොයින් පහළ වූවාහු ද, කොයින් උපන්නාහු ද, කොයින් වෙසෙසින් උපන්නාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද, කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ දුඃඛයන්ගේ මූලය විචාරයි, හේතුව විචාරයි, නිදානය විචාරයි, සම්භවය විචාරයි, ප්‍රභවය විචාරයි, සමුත්ථානය විචාරයි. ආහාරය විචාරයි, ආලම්බනය විචාරයි, ප්‍රත්‍යය විචාරයි, සමුදය විචාරයි, වෙසෙසින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි පහදවා නු’යි ‘කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ’ යනු වේ.
යෙ කෙචි ලොකස‍්මිං අනෙකරූපාති: ‘යෙකෙචී’ති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං යෙකෙචීති.’ ලොකස‍්මිංති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. අනෙකරූපාති අනෙකවිධා නානප‍්පකාරා දුක‍්ඛාති ‘යෙ කෙචි ලොකස‍්මිං අනෙකරූපා.’
යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ලෝකස්මිං - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යැ. අනෙකරූපා - අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’ යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ ඒ බමුණු:
“පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙ තං (ඉච‍්චායස‍්මා මෙත‍්තගූ) මඤ‍්ඤාමි තං වෙදගුං භාවිතත්තං, කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස‍්මිං අනෙකරූපා”ති.
“පුච්ඡාමි, තං භගවා ... ලෝකස්මිං අනෙකරූපා” යී.