3. 6
3. 6.
3. 6.
සඞ්ඛාය ලොකස‍්මිං පරොවරානි (පුණ‍්ණකාති භගවා) යස‍්සිඤ‍්ජිතං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ සන‍්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමී.
(බුදුහු මෙසේ වදාළහ: “පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදි) ධූම විරහිත වූ (රාගාදී) උපද්‍රව රහිතවූ ආශා රහිතවූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි”යි.
සඞ‍්ඛාය ලොකස‍්මිං පරොවරානීති: ‘සඞ‍්ඛා’ වුච‍්චති ඤාණං, “යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි.
සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි යනු: ‘සඞ්ඛා’යි ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥාවක් ජ්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි.
පරොවරානීති ‘ඔරං’ වුච‍්චති සකත‍්තභාවො, පරං වුච‍්චති පරත‍්තභාවො, ඔරං වුච‍්චති සකරූපවෙදනාසඤ‍්ඤාසංඛාරවිඤ‍්ඤාණං, පරං වුච‍්චති පරරූපවෙදනාසඤ‍්ඤාසංඛාරවිඤ‍්ඤාණං, ඔරං වුච‍්චති ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි පරං වුච‍්චති ඡ බාහිරානි ආයතනානි, ඔරං වුච‍්චති මනුස‍්සලොකො, පරං වුච‍්චති දෙවලොකො, ඔරං වුච‍්චති කාමධාතු, පරං වුච‍්චති රූපධාතු අරූපධාතු, ඔරං වුච‍්චති කාමධාතුරූපධාතු, පරං වුච‍්චති අරූපධාතු, සඞ‍්ඛාය ලොකස‍්මිං පරොවරානීති: පරොවරානි අනිච‍්චතො සඞ‍්ඛාය, දුක‍්ඛතො-රොගතො-ගණ‍්ඩතො -පෙ- නිස‍්සරණතො සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘සඞ‍්ඛාය ලොකස‍්මිං පරොවරානි. ‘පුණ‍්ණකාති භගවාති: ‘පුණ‍්ණකා’ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- යදිදං ‘භගවා’ති ‘පුණ‍්ණකාති භගවා. ‘
පරොවරාති යනු: ස්වාත්මභාවය ‘ඔර’ යයි කියනු ලැබෙයි, පරාත්මභාවය ‘පර’ යයි කියනු ලැබෙයි, තමාගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘ඔර’ යයි කියනු ලැබෙයි, මෙරමා ගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘පර’ යයි කියනු ලැබෙයි, ආධ්‍යාත්මික ෂඩායතනය ‘ඔර’ යයි කියනු ලැබෙයි, බාහිර ෂඩායතනය ‘පර’ යයි කියනු ලැබෙයි, මනුෂ්‍යලෝකය ‘ඔර’ යයි කියනු ලැබෙයි, දිව්‍යලොකය ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතුව ‘ඔර’ යයි කියනු ලැබෙයි, රූපධාතු අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතු රූපධාතු ‘ඔර’ යයි කියනු ලැබෙයි, අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු: පරොවර (පරාවර) යන් අනිත්‍ය හෙයින් නුවණින් විමසා, දුඃඛ හෙයින්... රෝග හෙයින්-ගණ්ඩ හෙයින්... නිස්සරණ හෙයින් නුවණින් විමසා දැනැ, තුලනය කොට තීරණය කොට, විභාවන කොට ප්‍රකට කොට නුයි ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු වේ. පුණ්ණකා’ති භගවා යනු: ‘පුණ්ණක’යි බුදුහු එ බමුණු නමින් අමතති, ‘භගවා’ යනු: මේ භගවා යනු ගෞරව නාම යැ... සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘පුණ්ණකා’ති භගවා’ යනු වේ.
යස‍්සිඤ‍්ජිතං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙති: ‘යස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස. ඉඤ‍්ජිතන‍්ති: තණ‍්හිඤ‍්ජිතං දිට‍්ඨිඤ‍්ජිතං මානිඤ‍්ජිතං කිලෙසිඤ‍්ජිතං කාමිඤ‍්ජිතං, යස‍්සිමෙ ඉඤ‍්ජිතා නත්‍ථි, න සන‍්ති, න සංවිජ‍්ජන‍්ති, නුපලබ‍්භන‍්ති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා. කුහිඤ‍්චීති කුහිඤ‍්චි කිස‍්මිඤ‍්චි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා අජ‍්ඣත‍්තබහිද‍්ධා වා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යස‍්සිඤ‍්ජිතං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ’
යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ යනු: ‘යස්ස’ යනු අර්‍හත් ක්ෂීණාස්‍රවයනට ඉඤ්ජිතං යනු: තෘෂ්ණා ඉඤ්ජන (කම්පන) යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජනයි. යමක්හට මේ ඉඤ්ජනයෝ නැද්ද, නො වෙත් ද, විද්‍යමාන නො වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ ද, අ මුලුසුන් ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද, යළි උපදනුවට අභව්‍යයෝ ද, නැණ’ ගින් දැවුණාහු ද. කුහිඤ්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කොහි කිසිවෙක්හි කිසි තැනෙකැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි නුයි ‘යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
සන‍්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමීති: ‘සන‍්තො’ති රාගස‍්ස සන‍්තත‍්තා සන‍්තො, දොසස‍්ස-මොහස‍්ස-කොධස‍්ස-උපනාහස‍්ස-මක‍්ඛස‍්ස -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතත‍්තා විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති ‘සන‍්තො’.
සන්තෝ විධුමො අනීඝොනිරාසො අතාරිසො ජාතිජරඤ්ච බ්‍රෑමි යනු: සන්තෝ යනු: රාගය සන්හුන් බැවින් ශාන්ත යැ, ද්වේෂය-මෝහය-ක්‍රෝධය බද්ධවෛරය-මකු බව... සියලු අකුශල සංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවුණු බැවින් නිවෘත බැවින් විගත බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ නුයි ‘සන්තෝ’ යනු වේ.
විධූමොති: කායදුච‍්චරිතං විධූමිතං විධමිතං සොසිතං විසොසිතං බ්‍යන‍්තීකතං, වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං විධූමිතං විධමිතං සොසිතං විසොසිතං බ්‍යන‍්තීකතං, රාගො-දොසො-මොහො විධූමිතො විධමිතො සොසිතො විසොසිතො බ්‍යන‍්තීකතො, කොධො-උපනාහො-මක‍්ඛො-පළාසො-ඉස‍්සා-මච‍්ඡරියං-මායා-සාඨෙය්‍යං-ථම‍්භො-සාරම‍්භො-මානො-අතිමානො-මදො-පමාදො-සබ‍්බෙ කිලෙසා-සබ‍්බෙ දුච‍්චරිතා-සබ‍්බෙ දරථා-සබ‍්බෙ පරිළාහා-සබ‍්බෙ සන‍්තාපා-සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා විධූමිතා විධමිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා. අථවා ‘කොධො’ වුච‍්චති ධූමො:
විධුමො යනු: කායදුශ්චරිතය දුම් විරහිත කරනලද විධමනය කරනලද වියළනලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරනලද වෙයි, වාග්දුශ්චරිතය- මනෝදුශ්චරිතය දුම් විරහිත කරන ලද විධමනය කරන ලද වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙයි, රාගය-ද්වේෂය-මෝහය විධුමිත ශොෂිත විශොෂිත ව්‍යන්තීකෘත වෙයි, ක්‍රෝධය, බද්ධවෛරය, මකුබව, යුගග්‍රාහය ඊර්‍ෂ්‍යාව, මාත්සර්‍ය්‍යය, මායාව, සඨ බව ස්තම්භය (තද බව) කරණොත්තරීයකරණය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, හැම කෙලෙස්, හැම දුසිරිත්, හැම දරථ, හැම පරිදාය, හැම සතැවුලි, හැම අකුශලාභිසංස්කාර ධූම විරහිත කරන ලද, විධමනය කරන ලද, වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙති. නොහොත් ක්‍රෝධය ‘ධූම’ යයි කියනු ලැබෙයි:
1 “මානො හි තෙ බ්‍රාහ‍්මණ ඛාරිභාරො කොධො ධූමො භස‍්මනි මොසවජ‍්ජං, ජිව‍්හා සුජා හදයං ජොතිට‍්ඨානං අත‍්තා සුදන‍්තො පුරිසස‍්ස ජොති.”
1. “බමුණ මානය මැ තාගේ පිරිකරබර වෙයි, ක්‍රෝධය ධූමය වෙයි, මෘෂාවාදය හළු යැ, දිව හෝම සැන්ද යැ හෘදය ගිනිදල්වන තැන යැ පුරුෂයාගේ මොනොවට දැමුණු සිත ගින්න වේ.”
අපිච දසහාකාරෙහි කොධො ජායති: ‘අනත්‍ථං මෙ අචරී’ති කොධො ජායති. ‘අනත්‍ථං මෙ චරතී’ති කොධො ජායති, ‘අනත්‍ථං මෙ චරිස‍්සතී’ති කොධො ජායති, ‘පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි, අනත්‍ථං චරති, අනත්‍ථං චරිස‍්සතී’ති කොධො ජායති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස, අත්‍ථං අචරි, අත්‍ථං චරති, අත්‍ථං චරිස‍්සතී’ති කොධො ජායති, අට‍්ඨානෙ වා පන කොධො ජායති. යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති. මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං බ්‍යාපත‍්ති බ්‍යාපජ‍්ජනා බ්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස. අයං වුච‍්චති කොධො”
තවද දස අයුරෙකින් ක්‍රෝධ උපද්දි. ‘මට අනර්‍ත්‍ථ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කෙරේ’ යයි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මා ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ යැ, අනර්‍ත්‍ථ කෙරෙයි, අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, මා ‘අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථ කෙළේ යැ, අර්‍ත්‍ථ කෙරෙයි, අර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපද්දි. මෙ බඳු යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් බලවත් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරපීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරපීමෙක් ප්‍රකෘතිය හැරපියන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද මේ ‘ක්‍රෝධ’ යයි කියනු ලැබේ.
අපිච කොධස‍්ස අධිමත‍්තපරිත‍්තත‍්තා වෙදිතබ‍්බා: අත්‍ථි කඤ‍්චිකාලං කොධො චිත‍්තාවිලකරණ මත‍්තො හොති, න ච තාව මුඛකුලනවිකුලනො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො මුඛකුලනවිකුලනමත‍්තො හොති න ච තාව හනුසඤ‍්චොපනො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො හනුසඤ‍්චොපනමත‍්තො හොති න ච තාව ඵරුසවාචං නිච‍්ඡාරනො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො ඵරුසවාචං නිච‍්ඡාරණමත‍්තො හොති, න ච තාව දිසාවිදිසානු විලොකනො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො දිසාවිදිසානුවිලොකනමත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථපරාමසනො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො දණ‍්ඩසත්‍ථපරාමසනමත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථ අබ‍්භුක‍්කිරණො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො දණ‍්ඩසත්‍ථඅබ‍්භුක‍්කිරණ මත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථඅභිනිපාතනො හොති, අත්‍ථිකඤ‍්චිකාලං කොධො දණ‍්ඩසත්‍ථඅභිනිපාතනමත‍්තො හොති, න ච තාව ඡින‍්නවිච‍්ඡින‍්නකරණො හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො ඡින‍්නවිච‍්ඡින‍්නකරණමත‍්තො හොති, න ච තාව සම‍්භඤ‍්ජන පළිභඤ‍්ජානා හොති, අත්‍ථි කඤ‍්චිකාලං කොධො සම‍්භඤ‍්ජනපළිභඤ‍්ජනමත‍්තො හොති. න ච තාව අඞ‍්ගමඞ‍්ගඅපකඩ‍්ඪනො හොති. අත්‍ථි කඤ‍්චිකාලං කොධො අඞ‍්ගමඞ‍්ගඅපකඩ‍්ඪනමත‍්තො හොති, න ච තාව ජීවිතා වොරොපනො හොති. අත්‍ථි කඤ‍්චිකාලං කොධො ජීවිතා වොරොපනමත‍්තො හොති, න ච තාව සබ‍්බචාගපරිච‍්චාගාය සණ‍්ඨිතො හොති යතො ඛො කොධො පරං පුග‍්ගලං ඝාතෙත්‍වා අත‍්තානං ඝාතෙති, එත‍්තාවතා කොධො පරමුස‍්සදගතො පරමවෙපුල‍්ලප‍්පත‍්තො හොති. යස‍්ස සො හොති කොධො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිපස‍්සප‍්පද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො සො වුච‍්චති ‘විධුමො’, කොධස‍්ස පහීනත‍්තා විධුමො, කොධවත්‍ථුස‍්ස පරිඤ‍්ඤාතත‍්තා විධුමො, කොධහෙතුස‍්ස පරිඤ‍්ඤාතත‍්තා විධුමො, කොධහෙතුස‍්ස උපච‍්ඡින‍්නත‍්තා විධුමො.
තවද ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ. කිසිවිටෙක ක්‍රෝධය තෙමේ සිත කළඹනමතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නොද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි. තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය හනු සොලවනු වූයේ වෙයි, තව පරොබස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තව වටපිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වටපිට බලන පමණ වෙයි, තව ම දඬුසැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් ගන්නා පමණ වෙයි, තවම දඬුසැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් නඟන පමණ වූයේ වෙයි, තව ම දඬුසැත් දමාගසනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තව ම (මෙරමා සිරුරු) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තව ම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි, තව ම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තව ම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි. තව ම මෙරමා දිවිනසා සියදිවි නැසීම පිණිස සිටියේ නොද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමාත් නසා ද, මෙතෙකින් ක්‍රෝධය තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ. යමක්හට ඒ ක්‍රෝධය තෙම ප්‍රහීණ වූයේ මුලුසුන් වූයේ සන්හිඳුණේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ අභව්‍යොත්පත්තික වූයේ නුවණ ගින්නෙන් දැවුණේ වේ ද, හෙතෙම ‘විධූම’ යයි කියනු ලැබේ. ක්‍රෝධය ප්‍රහීණ කළ බැවින් ‘විධුම්’ යැ ක්‍රොධවස්තුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධ හේතුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධහේතුව සිඳුනා ලද බැවින් ‘විධුම’ යි.
අනීඝොති රාගො නීඝො, දොසො නීඝො, මොහො නීඝො, කොධො නීඝො, උපනාහො නීඝො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා නීඝා, යස‍්සෙතෙ නීඝා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘අනීඝො’ නිරාසොති ‘ආසා’ වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.” යස‍්සෙසා ආසා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා සො වුච‍්චති ‘නිරාසො’
අනීඝො යනු: රාගය උවදුරෙක, ද්වේෂය උවදුරෙක, මෝහය උවදුරෙක, ක්‍රෝධය උවදුරෙක, බද්ධවෛරය උවදුරෙක, ...හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හු විසින් තෙල උවදුරු ප්‍රහාණ කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රම්භනය කරන ලද යළි උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනීඝ’ යයි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආශා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. යමක්හු විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම, ‘නිරාස’ යැයි කියනු ලැබේ.
ජාතීති “යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සංජාති ඔක‍්කන‍්ති අභිනිබ‍්බත‍්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො”, ජරාති, “යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තච තා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො”, සන‍්තො විධුමො අනිඝො නිරාසො. අතාරි සො ජාති ජරන‍්ති බ්‍රූමීති යො සන‍්තො ච විධුමො ච අනීඝො ච නිරාසො ච, සො ජාති ජරා මරණං අතරි උත‍්තරි පතරි සමතික‍්කමි වීතිවත‍්තයීති බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘සන‍්තො විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාති ජරන‍්ති බ්‍රූමි.’
ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් (අපරිපූර්‍ණායතන විසින්) ඉපැදීමෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැදීමෙක් (අණ්ඩජ ජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංසේදජ ඕපපාතික විසින්) පහළ වීමෙක් ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්භවයෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් ද (සන්තතියෙහි පහළ වීමෙක් වේ ද එය යි. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක් (දත් නිය ආදීන්ගේ) කැඩුණු බවෙක් (කෙස් ලොම් ආදිය) පැසුණු බවෙක් රැලි ගැසුණු සම් ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මුහුකුරා යෑමෙක් වේ ද, එයයි. සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ශාන්ත ද විධුම ද අනීඝ ද නිරාස ද වේ නම් හෙතෙම ජාති ජරාමරණය (ප්‍රථමමාර්ගයෙන්) තරණය කෙළේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කෙළේ යැ, (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කෙළේ යැ, (චතුර්ත්ථමාර්ගයෙන්) මොනොවට ඉක්ම ගියේ යැ. ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ’යි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි “සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සඞ‍්ඛාය ලොකස‍්මිං පරොවරානි (පුණ‍්ණකාති භගවා) යස‍්සිඤ‍්ජිතං නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ, සන‍්තො විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමී”ති
“සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යී.
සහගාථා පරියොසානා -පෙ- පඤ‍්ජලිකො භගවන‍්තං නමස‍්සමානො නිසින‍්නො හොති: ‘සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො හමස‍්මී’ති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග... “වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී” බඳැඳිලි වැ භාග්‍යවතුන් නමඳිමින් හුන්නේ වේ යයි.
පුණ‍්ණක සුත‍්තනිද‍්දෙසො සමත‍්තො
පූර්‍ණක සූත්‍රනිර්දේශය නිමි.