3. 5
3. 5.
3. 5.
තෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
(ආයුෂ්මත්, පුණ්ණක මෙසේ විචාරයි) “නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ගෙන ජාතියත් ජරාවත් තරණය නො කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.”
තෙ චෙ නාතරිංසු යාජයොගාති: තෙ යඤ්ඤයාජකා යාජයොගා භවරාගරත්තා ජාතිජරාමරණං නාතරිංසු, න උත්තරිංසු, න පතරිංසු, න සමතික්කමිංසු, න වීතිවත්තිංසු, ජාතිජරාමරණා අනික්ඛන්තා අනිස්සටා අනතික්කන්තා අසමතික්කන්තා අවීතිවත්තා අන්තො ජාතිජරා මරණෙ පරිවත්තන්ති,
තෙ චෙ නාතරිංසු යාජයොගා යනු: ඒ යඥයාජක වූ යාගයෙහි යෙදුණු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරා මරණය තරණ- උත්තරණ- ප්‍රතරණ- සමතික්‍රමණ- ව්‍යතික්‍රමණ- නො කළාහු යැ. ජාති ජරා මරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්ම ගියාහු නො ඉක්ම පැවැත්තාහු ඇතුළු ජරාමරණයෙහි පෙරළෙති.
අන්තො සංසාරපථෙ පරිවත්තන්ති ජාතියා අනුගතා, ජරාය අනුසටා බ්යාධිනා අභිභූතා, මරණෙන අබ්භාහතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතාති තෙ චෙ නාතරිංසු යාජයොගා. ඉච්චායස්මා පුණ්ණකො’ති ඉච්චාති පදසන්ධි -පෙ- ආයස්මා පුණ්ණකො.
ඇතුළු සසරමඟ පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මැඩුණාහු මරණයෙන් පහරන ලද්දාහු රක්ෂා විරහිත වූවාහු නිලීයනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි ‘තෙ චෙ නාතරිංසු යාජයොගා’ යනු වේ. ඉච්චායස්මා පුණ්ණකො යනු: ඉච්චා’ යනු: පද සන්ධි යැ ... ආයස්මා පුණ්ණකො යනු වේ.
යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති ‘යඤ්ඤෙහී’ති යඤ්ඤෙහි පහූතෙහි යඤ්ඤෙහි විවිධෙහි යඤ්ඤෙහි පුථූහි ‘මාරිසා’ති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘මාරිසා’ති. ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: යඤ්ඤෙහි යනු: යාගයන් කරණ කොට බොහෝ වූ යාගයන් කරණකොට විවිධයාගයන් කරණ කොට මහත් වූ යාගයන් කරණ කොට, මාරිස යනු: තෙල ‘මාරිස’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්රතිශ්රයනාම යැ යි ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: අථ කො එසොසදෙවකෙලොකෙ සමාරකෙ සබ්රහ්මකෙසස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ජාතිජරාමරණං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තයි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති. ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: එකල්හි තෙල කවරෙක් දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ජාති ජරාමරණය තරණය කෙළේ ද? උත්තරණය කෙළේ ද? ප්‍රතරණය කෙළේ ද? සමතික්‍රමණය කෙළේ ද? ඉක්ම පැවැත්තේ ද? මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්රතිශ්රයාධිවචන ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: පුච්ඡාමි ත’න්ති පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං. කථයස්සු මෙතන්ති ‘පුච්ඡාමි තං’. භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති: බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ විචාරමි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අනවමි. මුඹ වහන්සේ පහදවමි. තෙල මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ‘භගවා’ යනු: ගෞරවනාම යැ ... සාක්ෂාත් ප්රඥප්ති යැ. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ ඒ බමුණු:
තෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත’න්ති.
“තෙ චෙ නාතරිංසු යාජයොගා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.