යෙදුමෙන් කියවන්න

3. 4

3. 4.

3. 4.

ආසිංසන‍්ති ථොමයන‍්ති අභිජප‍්පන‍්ති ජුහන‍්ති (පුණ‍්ණකාති භගවා) කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභං, තෙ යාජයොගා භවරාගරත‍්තා නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමි.

(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) (ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති. (රූපාදි) ලාභය පිණිස පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැව’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසර දුක) තරණය නො කළාහ’යි කියමි”යි.

ආසිංසන‍්ති ථොමයන‍්ති අභිජප‍්පන‍්ති ජුහන‍්තී’ති: ‘ආසිංසන‍්තී’ති රූපපටිලාභං ආසිංසන‍්ති, සද‍්දපටිලාභං ආසිංසන‍්ති, ගන්‍ධපටිලාභං ආසිංසන‍්ති, රසපටිලාභං ආසිංසන‍්ති, ඵොට‍්ඨබ‍්බපටිලාභං ආසිංසන‍්ති, පුත‍්තපටිලාභං ආසිංසන‍්ති, දාරපටිලාභං ආසිංසන‍්ති, ධනපටිලාභං ආසිංසන‍්ති, යසපටිලාභං ආසිංසන‍්ති, ඉස‍්සරියපටිලාභං ආසිංසන‍්ති, ඛත‍්තියමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභං ආසිංසන‍්ති, බ්‍රාහ‍්මණමහාසාලකුලෙ -පෙ- ගහපතිමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභං ආසිංසන‍්ති, චාතුම‍්මහාරාජිකෙසු දෙවෙසු -පෙ- බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවපටිලාභං ආසිංසන‍්ති, ඉච‍්ඡන‍්ති සාදියන‍්ති පත්‍ථයන‍්ති පිහයන‍්තීති ආසිංසන‍්ති.

ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති යනු: ‘ආසිංසන්ති’ යනු: රූප ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ඓශ්චර්‍ය්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ... ගෘහපතිමහාසාර කුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉවසති, පතති, ඊප්සා කෙරෙත් නුයි ‘ආසිංසන්ති’ යනු වේ.

ථොමයන‍්තීති: යඤ‍්ඤං වා ථොමෙන‍්ති, ඵලං වා ථොමෙන‍්ති, දක‍්ඛිණෙය්‍යෙ වා ථොමෙන‍්ති. කථං යඤ‍්ඤං ථොමෙන‍්ති: සුචිං දින‍්නං මනාපං දින‍්නං, පණීතං දින‍්නං, කාලෙන දින‍්නං, කප‍්පියං දින‍්නං, විචෙය්‍ය දින‍්නං, අනවජ‍්ජං දින‍්නං, අභිණ‍්හං දින‍්නං, දදං චිත‍්තං පසාදිතන‍්ති ථොමෙන‍්ති, කිත‍්තෙන‍්ති වණ‍්ණෙන‍්ති පසංසන‍්ති. එවං යඤ‍්ඤං ථොමයන‍්ති.

ථොමයන්ති යනු: දානය හෝ වර්‍ණනා කෙරෙති, (රූපාදිප්‍රතිලාභ) ඵලය හෝ වර්‍ණනා කෙරෙති, දක්‍ෂිණාර්‍හයන් හෝ වර්‍ණනා කෙරෙත්. කිසෙයින් දානවර්ණනා කෙරෙත් ද යත්: පිරිසිදු කොට දෙන ලද්ද, මන වඩනු කොට දෙන ලද්ද, ප්‍රණීත කොට දෙන ලද්ද, යෝග්‍ය කාලයෙහි දෙන ලද්ද, කැප කොට දෙන ලද්ද, විමසා දෙන ලද්ද, නිදොස් කොට දෙන ලද්ද, එක්වන් දෙන ලද්ද, දෙමින් පහදවන ලද සිත ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වණති, පසසත් නුයි මෙසෙයින් දානය දානවර්ණනා කෙරෙත්.

කථං ඵලං ථොමෙන‍්ති: ඉතො නිදානං රූපපටිලාභො භවිස‍්සති -පෙ- බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවපටිලාභො භවිස‍්සතීති ථොමෙන‍්ති කිත‍්තෙන‍්ති වණ‍්ණෙන‍්ති පසංසන‍්තීති එවං ඵලං ථොමෙන‍්ති.

කිසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත් ද යත්: මෙ (මිනිස් ලොවැ දුන්) කරුණින් රූපප්‍රතිලාභය වන්නේ යැ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය වන්නේ යැ යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත් නුයි මෙසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත්.

කථං දක‍්ඛිණෙය්‍යෙ ථොමෙන‍්ති: දක‍්ඛිණෙය්‍යා ජාතිසම‍්පන‍්නා ගොත‍්තසම‍්පන‍්නා අජ‍්ඣායකා මන‍්තධරා තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකා වෙය්‍යාකරණා ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයාති, වීතරාගා වා රාගවිනයාය වා පටිපන‍්නා, වීතදොසා වා දොසවිනයා වා පටිපන‍්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන‍්නා, සද‍්ධාසම‍්පන‍්නා සීලසම‍්පන‍්නා සමාධිසම‍්පන‍්නා පඤ‍්ඤාසම‍්පන‍්නා විමුත‍්තිසම‍්පන‍්නා විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නාති ථොමෙන‍්ති කිත‍්තෙන‍්ති වණ‍්ණෙන‍්ති පසංසන‍්ති. එවං දක‍්ඛිණෙය්‍යෙ ථොමෙන‍්තීති ‘ආසිංසන‍්ති ථොමෙන‍්ති’.

කිසෙයින් දක්‍ෂිණාර්‍හයන් වර්‍ණනා කෙරෙත් ද යත්: දක්ෂිණාර්භයෝ “ජාති සම්පන්නයහ, ගොත්‍රසම්පන්නයහ, වෙදමන්ත්‍රාධ්‍යාපකයහ, වේදමන්ත්‍ර ධරනුවහ. නිඝණ්ටු, කෙටූභ (කාව්‍යශාස්ත්‍ර) සහිත වූ ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට ගියාහු පද හදාරන්නාහු ව්‍යාකරණ හදාරන්නාහු ලෝකායත (විතණ්ඩවාදශාස්ත්‍ර) මහාපුරුෂ ලක්‍ෂණයෙහි අනූනයහ’යි, වීතරාග හෝ රාගවිනයට (රාගය දුරැලීමට) පිළිපන්නාහු හෝ වෙති, වීතදෝස හෝ දොස විනයට පිළිපන්නාහු හෝ වෙති, වීතමෝහ හෝ මෝහ විනයට පිළිපන්නාහු හෝ වෙති, ශ්‍රද්ධාසම්පන්නයහ, ශීල සම්පන්නයහ, සමාධිසම්පන්නයහ, ප්‍රඥාසම්පන්නයහ, විමුක්තිසම්පන්නයහ, විමුක්තිඥානදර්‍ශන සම්පන්නයහ”යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත්, මෙසෙයින් දක්ෂිණාර්භයෝ ථොමනය කෙරෙත් නුයි “ආසිංසන්ති ථොමයන්ති” යනු වේ.

අභිජප‍්පන‍්තීති: රූපපටිලාභං අභිජප‍්පන‍්ති, සද‍්දපටිලාභං අභිජප‍්පන‍්ති, ගන්‍ධපටිලාභං අභිජප‍්පන‍්ති, රසපටිලාභං අභිජප‍්පන‍්ති, -පෙ- බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවපටිලාභං අභිජප‍්පන‍්තීති ‘ආසිංසන‍්ති ථොමයන‍්ති අභිජප‍්පන‍්ති. ‘ජුහන‍්තීති ජුහන‍්ති දෙන‍්ති යජන‍්ති පරිච‍්චජන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං අන‍්තං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යන‍්ති ‘ආසිංසන‍්ති ථොමෙන‍්ති අභිජප‍්පන‍්ති ජුහන‍්ති’

අභිජප්පන්ති යනු: රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති ......බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් නුයි ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති’ යනු වේ. ජුහන්ති යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් යහන්ගේ පහන්තෙල් දානය කෙරෙති, දෙති, යදිති, පරිත්‍යාග කෙරෙත් නුයි. ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජූහන්ති’ යනු වේ.

පුණ‍්ණකාති භගවාති: පුණ‍්ණකා’ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- යදිදං භගවාති ‘පුණ‍්ණකාති භගවා. ‘

පුණ්ණකා’ති භගවා : ‘පුණ්ණක’ යී බුදුහු ඒ බමුණු නමින් ආලපනය කෙරෙත්. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ...භගවත් යී ‘පුණ්ණකා ති භගවා’ යනු වේ.

කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභන‍්ති: රූපපටිලාභං පටිච‍්ච කාමෙ අභිජප‍්පන‍්ති, සද‍්දපටිලාභං පටිච‍්ච කාමෙ අභිජප‍්පන‍්ති -පෙ- බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවපටිලාභං පටිච‍්ච කාමෙ අභිජප‍්පන‍්තීති පජප‍්පන‍්තීති ‘කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභං’.

කාමාභිජප්පන්ති පටිච්ච ලාභං යනු: රූප ප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉතා කැමැති වෙත් නුයි ‘කාමාභිජප්පන්ති පටිච්ච ලාභං’ යනු වේ.

තෙ යාජයොගා භවරාගරත‍්තා නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමීති: ‘තෙ’ති යඤ‍්ඤයාජකා වුච‍්චන‍්ති. යාජයොගාති යාජයොගෙසු යුත‍්තා පයුත‍්තා ආයුත‍්තා සමායුත‍්තා තච‍්චරිතා තබ‍්බහුලා තග‍්ගරුකා තන‍්නින‍්නා තප‍්පොනා තප‍්පබ‍්භාරා තදධිමුත‍්තා තදධිපතෙය්‍යාති, ‘තෙ යාජයොගා’. භවරාගරත‍්තාති භවරාගො වුච‍්චති යො භවෙසු භවච‍්ඡන්‍දො භවරාගො භවනන්‍දි භවතණ‍්හා භවසිනෙහො භවපරිළාහො භවමුච‍්ඡා භවජ‍්ඣොසානං භවරාගෙන භවෙසු රත‍්තා ගිද‍්ධා ගථිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පලිබුද‍්ධාති ‘තෙ යාජයොගා භවරාගරත‍්තා’.

තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාති ජරන්ති බ්‍රෑමි යනු: ‘තෙ’ යි දේයධර්‍මය දන්නාහු කියනු ලැබෙති. යාජයොගා යනු: යඥයොගයෙහි (දීමෙහි) යෙදුණාහු ආදරයෙන් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු එක් වැ යෙදුණාහු එය කරන්නාහු එය බහුල වැ කරන්නාහු එය ගරු කරන්නාහු එයට නතු වූ සිත් ඇත්තාහු එහි නතු වූ කය ඇත්තාහු එහි අභිමුඛ වූ කය ඇත්තාහු එහි අධිමුක්ත වූවාහු එය අධිපති කොට ඇත්තාහු නු යි ‘තෙ යාජයොගා’ යනු වේ. භවරාගරත්තා යනු: භවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිලගැනීමෙක් වේ ද, හේ ‘භවරාග’ යයි කියනු ලැබෙයි. භවරාගයෙන් භවයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ලග්න වූවාහු ඇවුරුණා හු නුයි’ තෙ යාජයොගා භවරාගරත්තා’ යනු වේ.

නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමීති: තෙ යාජයොගා භවරාගරත‍්තා ජාතිජරාමරණං නාතරිංසු, න උත‍්තරිංසු න පතරිංසු න සමතික‍්කමිංසු න වීතිවත‍්තිංසු, ජාතිජරාමරණා අනික‍්ඛන‍්තා අනිස‍්සටා අනතික‍්කන‍්තා අසමතික‍්කන‍්තා අවීතිවත‍්තා අන‍්තො ජාතිජරාමරණෙ පරිවත‍්තන‍්ති අන‍්තෙ සංසාරපථෙ පරිවත‍්තන‍්ති, ජාතියා අනුගතා ජරාය අනුසටා බ්‍යාධිනා අභිභූතා මරණෙන අබ‍්භාහතා අතාණා අලෙනා අසරණා අසරණීභූතාති. බ්‍රූමි. ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤාපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘තෙ යාජයොගා භවරාගරත‍්තා නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමි’.

නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි යනු: දීමෙහි යෙදුණු ඔහු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරාමරණය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය ව්‍යතික්‍රමණය නො කළාහු යැ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු ඉක්ම නො ගියාහු මොනවට ඉක්ම නොගියාහු ව්‍යතික්‍රමණය නො කළාහු ජාතිජරාමරණය ඇතුළත පෙරළෙති, ඇතුළුසසරමග පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මඩනා ලද්දාහු මරණයෙන් පහරන ලද්දාහු රක්‍ෂා විරහිත වූවාහු නිලීනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ආසිංසන‍්ති ථොමයන‍්ති අභිජප‍්පන‍්ති ජුහන‍්ති (පුණ‍්ණකාති භගවා) කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභං තෙ යාජයොගා භවරාගරත‍්තා නාතරිංසු ජාතිජරන‍්ති බ්‍රූමී”ති

“ආසිංසන්ති ථොමයන්ති ... නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි” යී.