3. 3
3. 3.
3. 3.
යෙ කෙචි’මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ’ධ ලොකෙ කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
(ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි.) “මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස තෙල කරුණ මට වදාළ මැනැවි යි.”
යෙ කෙචි මෙ ඉසයො මනුජාති: ‘යෙ කෙචී’ති -පෙ- කච්චි සු තෙ භගවා යඤ්ඤාපථෙ අප්පමත්තාති: කච්චිසූ’ති සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හකපුච්ඡා අනෙකංසපුච්ඡා, එවං නුඛො න නුඛො කින්නුඛො කථන්නුඛොති කච්චිසු. තෙ’ති යඤ්ඤ යාජකා වුච්චන්ති. භගවා’ති ගාරවාධි වචනං -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා’ති. ‘කච්චි සු තෙ භගවා’ යඤ්ඤපථෙ අප්පමත්තාති: යඤ්ඤොයෙව වුච්චති යඤ්ඤපථො, යථා අරියමග්ගො අරියපථො, දෙවමග්ගො දෙවපථො, බ්රහ්මමග්ගො බ්රහ්මපථො, එවමෙව යඤ්ඤොයෙව වුච්චති යඤ්ඤපථො. අපමත්තාති. යෙපි යඤ්ඤපථෙ අප්පමත්තා සක්කච්චකාරිනො සාතච්චකාරිනො අට්ඨිතකාරිනො අනොලීනවුත්තිනො අනික්ඛිත්තඡන්දා අනික්ඛිත්තධුරා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා තෙපි යඤ්ඤපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං එසන්ති ගවෙසන්ති පරියෙසන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අන්තං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං අභිසංඛරොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤාපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං දෙන්ති යජන්ති පරිච්චජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං අන්නං පානං -පෙ- සෙය්යාවසථපදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤාපථෙ අප්පමත්තාති ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා’.
යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: කෙචි යනු... කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා යනු: කච්චි සු යි: “මෙසේ දෝ හෝ නෙ වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ හෝ හො”යි සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සා පෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා නුයි “කච්චි සු” යනු වේ. තෙ යි යඥ යාජකයෝ කියනු ලැබෙති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භාග්‍යවත්’ යනු සාක්ෂාත් ප්රඥප්ති නුයි ‘කච්චි සු තෙ භගවා’ යනු වේ. යඤ්ඤපථෙ අප්පමත්තා යනු: යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබෙයි. යම්සේ ආර්ය්යමාර්ගය ආර්ය්යපථ වේ ද, දෙවමාර්ගය දෙවපථ වේ ද, බ්රහ්මමාර්ගය බ්‍රහ්මපථ වේ ද, එසෙයින් මැ යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබේ. අප්පමත්තා යනු: යම් කෙනෙකුන් යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු සකසා කරන්නාහු සතතයෙන් කරන්නාහු නො නැවැත කරන්නාහු නො හැකුළුණු පැවැතුම් ඇත්තාහු නො හළ ඡන්දය ඇත්තාහු නො හළ වීර්‍ය්‍යධුර ඇත්තාහු එහි හැසිරෙන්නාහු එය බහුල කොට ඇත්තාහු එය ගුරු කොට ඇත්තාහු එයට නැමුණු හු එයට අතිශයින් නැමුණ හු එයට නැඹුරු වූවාහු එහි අධිමුක්ත වූවාහු (බැඳුණාහු) එය අධිපති කොට ඇත්තාහු නුයි ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය කැමැති වෙත් ද සොයත් ද හැම අයුරින් කැමැති වෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය සකස්කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද ඔහු දු යඥපථයෙහි අප්‍රමත්තයෝ යැ. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය දෙත් ද යදිත් ද, පරිත්‍යාග කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්රමත්තයහ’යි ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමතතා’ යනු වේ.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: ජාතිජරාමරණං අතරිංසු උත්තරිංසු පතරිංසු සමතික්කමිංසු වීතිවත්තිංසු. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචන මෙතං ‘මාරිසා’ති. ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ, උත්තරණය කළහ, ප්රකර්ෂයෙන් තරණය කළහ, ඉක්මවූහ, ව්‍යතික්‍රමණය කළහ. මාරිස යනු: තෙල ‘මාරිස’ යි ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රය වචන නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: ‘පුච්ඡාමි ත’න්ති පුච්ඡාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස්සු මෙති ‘පුච්ඡාමි තං’. භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: ‘පුච්ඡාමි තං’ යි: මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කරමි, මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: මේ ‘භගවා’ යි ගෞරවනාමයෙකි ... සාක්ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව පැවසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කීයැ ඒ බමුණු:
“යෙ කෙචි මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා, දෙවතානං, යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත”න්ති.
“යෙ කෙචි’ මෙ ඉසයො මනුජා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යී.