යෙදුමෙන් කියවන්න

3. 2

3. 2.

3. 2.

යෙ කෙචි මෙ ඉසයො මනුජා (පුණ‍්ණකාති භගවා) ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං යඤ‍්ඤමකප‍්පයිංසු පුථූ’ධ ලොකෙ ආසිංසමානා පුණ‍්ණක ඉත්‍ථභාවං ජරං සිතා යඤ‍්ඤමකප‍්පයිංසු.

(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙ ලොවැ මේ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත් යයි.

යෙ කෙචි මෙ ඉසයො මනුජා’ති: ‘යෙකෙචී’ති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං යෙ කෙචී’ති. ඉසයොති ඉසිනාමකා යෙ කෙචි ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතා: ආජීවකා නිගණ‍්ඨා ජටිලා තාපසා. මනුජාති මනුස‍්සා වුච‍්චන‍්තීති ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ‍්ණකාති භගවා’.

යෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: ‘යෙ කෙචි’ යනු: තෙල. ‘යෙ කෙචි යසු සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි. ඉසයො යනු ‘ඍෂි’ නම් ඇති යම් කිසි ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූ ආජිවකයෝ, නිර්ග්‍රන්‍ථයෝ, ජටිලයෝ තාපසයො. ‘මනුජ’ යි මනුෂ්‍යයෝ කියනු ලැබෙත් නුයි ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ්ණකා ’ති භගවා’ යනු වේ.

ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානන‍්ති: ‘ඛත‍්තියා’ති යෙ කෙචි ඛත‍්තියජාතිකා, බ්‍රාහ‍්මණාති යෙ කෙචි භොවාදිකා, දෙවතානන‍්ති ආජීවකසාවකානං ආජීවකා දෙවතා, -පෙ- දිසාවතිකානං දිසා දෙවතා. යෙ යෙසං දක‍්ඛිණෙය්‍යා තෙ තෙසං දෙවතාති ‘ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං’.

ඛත්තියා බ්‍රාහ්මණ දෙවතානං යනු: ‘ඛත්තියා’ යි ක්ෂත්‍රියජාති ඇති යම් කිසි කෙනෙක්. බ්‍රාහ්මණා යනු: භොවාදික වූ යම් කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවකශ්‍රාවකයන්ට ආජීවකයෝ දේවතා යැ’ ....... දිග්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනකුන්හට දක්ෂිණාර්භ වෙත් ද ඔහු ඔවුනට දේවතා යැ’යි ඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු වේ.

යඤ‍්ඤමකප‍්පයිංසු පුථූධ ලොකෙති: යඤ‍්ඤං වුච‍්චති දෙය්‍යධම‍්මො: චීවරපිණ‍්ඩපාත -පෙ- සෙය්‍යාවසථපදීපෙය්‍යං, යඤ‍්ඤමකප‍්පියිංසුති යෙ’පි යඤ‍්ඤං එසන‍්ති ගවෙසන‍්ති පරියෙසන‍්ති -පෙ- සෙය්‍යාවසථපදීපෙය්‍යං තෙපි යඤ‍්ඤං කප‍්පෙන‍්ති. පුථූ’ති යඤ‍්ඤා වා එතෙ පුථූ. යඤ‍්ඤයාජකා වා එතෙ පුථූ, දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථු. -පෙ- එවං දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථූ. ඉධ ලොකෙති මනුස‍්සලොකෙති ‘යඤ‍්ඤමකප‍්පයිංසු පුථූධ ලොකෙ.’

යඤ්ඤමකප්පයිංසු පුථුධ ලෝකේ යනු: ‘යඤ්ඤ’ යි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා... යහන්ගේ පහන්තෙලි. යඤ්ඤමකප්පයිංසු යනු: යම් කෙනෙකුත් යඥය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ...යහන්ගේ පහන්තෙලි. ඔහු දු යඥ කෙරෙත්. පුථු යනු: තෙල යඥයෝ හෝ බොහෝ වෙති, තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙති, තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙති.... මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නුයි ‘යඤ්ඤමකප්පයිං සු පුථූධ ලෝකේ’ යනු වේ.

ආසිංසමානා පුණ‍්ණක ඉත්‍ථභාවන‍්ති: ‘ආසිංසමානා’ති රූපපටිලාභං ආසිංසමානා, සද‍්දපටිලාභං ආසිංසමානා, ගන්‍ධපටිලාභං ආසිංසමානා, රසපටිලාභං ආසිංසමානා, ඵොට‍්ඨබ‍්බපටිලාභං ආසිංසමානා, පුත‍්තපටිලාභං ආසිංසමානා, දාරපටිලාභං ආසිංසමානා, ධනපටිලාභං ආසිංසමානා, යසපටිලාභං ආසිංසමානා, ඉස‍්සරියපටිලාභං ආසිංසමානා, ඛත‍්තියමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභං ආසිංසමානා, බ්‍රාහ‍්මණමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභං ආසිංසමානා, ගහපතිමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභං ආසිංසමානා,

ආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං යනු: ආසිංසමානා යනු රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ඓශ්චර්‍ය්‍ය ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගෘහපතිමහාසාරකුලයෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු

චාතුම‍්මහාරාජිකෙසු, දෙවෙසු අත‍්තභාවපටිලාභං ආසිංසමානා, තාවතිංසෙසු දෙවෙසු -පෙ- යාමෙසු දෙවෙසු-තුසිතෙසු දෙවෙසු-නිම‍්මාණරතීසු දෙවෙසු- පරනිම‍්මිතවසවත‍්තීසු දෙවෙසු-බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවපටිලාභං ආසිංසමානා, ඉච‍්ඡමානා සාදියමානා, පත්‍ථයංමානා පිහයමානා අභිජප‍්පමානාති ‘ආසිංසමානා’. පුණ‍්ණක ඉත්‍ථභාවන‍්ති: එත්‍ථ අත‍්තභාවාභිනිබ‍්බත‍්තිං ආසිංසමානා, එත්‍ථ ඛත‍්තියමහාසාලකුලෙ අත‍්තභාවාභිනිබ‍්බත‍්තිං ආසිංසමානා -පෙ- එත්‍ථ බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසු අත‍්තභාවාභිනිබ‍්බත‍්තිං ආසිංසමානා ඉච‍්ඡමානා සාදියමානා පත්‍ථයමානා පිහයමානා අභිජප‍්පමානාති ‘ආසිංසමානා පුණ‍්ණක ඉත්‍ථභාවං.

සිව්මහරද දෙවියන් කෙරෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු තව්තිසා දෙවියන් කෙරෙහි ... යාම දෙවියන් කෙරෙහි... තුෂිත දෙවියන් කෙරෙහි ... නිර්‍මාණරතී දෙවියන් කෙරෙහි... පරනිර්මිතවසවර්ති දෙවියන් කෙරෙහි... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘ආසිංසමානා’ යනු වේ. පුණ්ණක ඉත්‍ථභාවං යනු: මෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු මෙහි ක්‍ෂත්‍රිය මහාසාර කුලයෙහි ආත්මභාවයා ගේ පහළ වීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු... මෙහි බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි. ‘ආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං’ යනු වේ.

ජරං සිතා යඤ‍්ඤමකප‍්පයිංසූති: ජරානිස‍්සිතා ව්‍යාධිනිස‍්සිතා මරණනිස‍්සිතා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසනිස‍්සිතා. යදෙව තෙ ජාති නිස‍්සිතා තදෙව තෙ ජරානිස‍්සිතා, යදෙව තෙ ජරානිස‍්සිතා තදෙව තෙ ව්‍යාධිනිස‍්සිතා, යදෙව තෙ ව්‍යාධිනිස‍්සිතා තදෙව තෙ මරණනිස‍්සිතා, යදෙව තෙ මරණනිස‍්සිතා තදෙව තෙ සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසනිස‍්සිතා, යදෙව තෙ සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසනිස‍්සිතා තදෙව තෙ ගතිනිස‍්සිතා, යදෙව තෙ ගතිනිස‍්සිතා තදෙව තෙ උප‍්පත‍්තිනිස‍්සිතා, යදෙව තෙ උප‍්පත‍්තිනිස‍්සිතා තදෙව තෙ පටිසන්‍ධිනිස‍්සිතා, යදෙව තෙ පටිසන්‍ධි නිස‍්සිතා තදෙව තෙ භවනිස‍්සිතා, යදෙව තෙ භවනිස‍්සිතා තදෙව තෙ සංසාරනිස‍්සිතා, යදෙව තෙ සංසාරනිස‍්සිතා තදෙව තෙ වට‍්ටනිස‍්සිතා, අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති ‘ජරං සිතා යඤ‍්ඤමකප‍්පියිංසු’.

ජරං සිතා යඤ්ඤමකප්පයිංසු යනු : ජරාදුක ඇසිරි කළාහු ව්‍යාධි දුක ඇසිරි කළාහු මරණ දුක ඇසිරි කළාහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක ඇසිරි කළාහු... යම් කලෙක්හි මැ ඔහු ජාතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු උත්පත්තිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි ම, ඔහු උත්පත්තිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු යැ. යම් කලෙක්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු භවය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු භවය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු වෘත්තය ඇසිරි කළාහු යැ වැළඳ ගත්තාහු යැ (සසරට) එළඹියාහ පිවිසුණාහු යැ අධිමුක්ත වූවාහු නුයි ‘ජරං සිතා යඤ්ඤමකප්පයිංසු’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යෙ කෙචි මෙ ඉසයො මනුජා (පුණ‍්ණකාති භගවා) ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං යඤ‍්ඤමකප‍්පයිංසු පුථූ’ධ ලොකෙ ආසිංසමානා පුණ‍්ණක ඉත්‍ථභාවං ජරංසිතා යඤ‍්ඤමකප‍්පයිංසූ”ති.

“යෙ කෙචි මේ ඉසයො මනුජා -පෙ- ජරං සිතා යඤ්ඤමකප්පයිංසු” යි.