යෙදුමෙන් කියවන්න

3. 1

3. 1.

3. 1.

අනෙජං මූල දස‍්සාවිං- (ඉච‍්චායස‍්මා පුණ‍්ණකො) අත්‍ථි පඤ‍්හෙන ආගමං කිං නිස‍්සිතා ඉසයො මනුජා ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං යඤ‍්ඤමකප‍්පයිංසු පුථූ ඉධ ලොකෙ පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං.

(ආයුෂ්මත් පූර්‍ණක මෙසේ විචාරයි,) තෘෂ්ණා රහිත වූ (එහෙයින් අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශලමූලාදිය දක්නාසුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙ ලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.

අනෙජං මූලදස‍්සාවින‍්ති: ‘එජා’ වුච‍්චති තණ‍්හා. “යො රාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං”. සා එජා තණ‍්හා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො අනෙජො. එජාය පහීනත‍්තා අනෙජො. භගවා ලාභෙ’පි න ඉඤ‍්ජති, අලාභෙ’පි න ඉඤ‍්ජති, යසෙ’පි න ඉඤ‍්ජති, අයසෙ’පි න ඉඤ‍්ජති, පසංසායපි න ඉඤ‍්ජති නින්‍දාය’පි න ඉඤ‍්ජති, සුඛෙ’පි න ඉඤ‍්ජති, දුක‍්ඛෙ’පි න ඉඤ‍්ජති, න චලති න වෙධති නප‍්පවෙධතීති ‘අනෙජං’. මූල දස‍්සාවින‍්ති භගවා මූලදස‍්සාවී, හෙතුදස‍්සාවී නිදානදස‍්සාවී සම‍්භවදස‍්සාවී, පභවදස‍්සාවී, සමුට‍්ඨානදස‍්සාවී, ආහාරදස‍්සාවී, ආරම‍්මණදස‍්සාවී, පච‍්චයදස‍්සාවී, සමුදයදස‍්සාවී. තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං, වුත‍්තං හෙතං භගවතා: තීණිමානි භික‍්ඛවෙ නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි: ලොභො නිදානං කම‍්මානං සමුදයාය, දොසො නිදානං කම‍්මානං සමුදයාය, මොහො නිදානං කම‍්මානං සමුදයාය. ‘න භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤා’පි කාචි සුගතියො. අථ ඛො භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති යා වා පනඤ‍්ඤා’පි කාචි දුග‍්ගතියො. නිරයෙ තිරච‍්ඡානයොනියා පෙත‍්තිවිසයෙ අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා ඉමානි තීණි අකුසලමූලානී”ති. භගවා ජානාති, පස‍්සති. එවම‍්පි. භගවා මූලදස‍්සාවී -පෙ- සමුදයදස‍්සාවී.

අනෙජං මූලදස්සාවිං යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, ඒ එජාව තෘෂ්ණාව භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණ යැ උදුරාහළ මුල් ඇත්තී යැ (මුදුන්/සුන්) තල්රුකක් සෙයින් අවාස්තුක කරන ලද යැ අනු අභාවය කරන ලද යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී යැ එහෙයින් බුදුහු අනෙජ නම් වෙති, එජාව ප්‍රහීණ බැවින් අනෙජ යැ, භාග්‍යවත්හු ලාභයෙහි දු නො සැලෙති, අලාභයෙහි දු නො සැලෙති, යශස්හි දු නො සැලෙති, අයශස්හි දු නො සැලෙති, ප්‍රශංසායෙහි දු නො සැලෙති, නින්‍දායෙහි දු නො සැලෙති, සුඛයෙහි දු නො සැලෙති, දුඃඛයෙහි දු නො සැලෙති, කම්පිත නො වෙති, නො වෙවුළති, අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජ’ නම් වූ. මූලදස්සාවිං යනු: භාග්‍යවත්හු මූලය දක්නාහු යැ හේතුව දක්නාහු යැ නිදානය දක්නාහු යැ සම්භවය දක්නාහු යැ ප්‍රභවය දක්නාහු යැ සමුත්ථානය දක්නාහු යැ ආහාරය දක්නාහු යැ ආලම්බනය දක්නාහු යැ ප්‍රත්‍යය දක්නාහු යැ සමුදය දක්නාහු යැ, අකුශල මූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශලමූලයෙක, ද්වේෂය අකුශලමූලයෙක, මෝහය අකුශලමූලයෙකි. භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, කර්‍මයන් රැස් කරනු පිණිස මේ නිදාන (කාරණ) තුනෙකි: කවර නිදානතුනෙකැ යත්: ලෝභය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, ද්වේෂය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, මෝහය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙකි. මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන් ද්වේෂයෙන් උපන් කර්‍මයෙන් මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැනෙති, මිනිස්සු නො පැනෙති, තවද අන්‍ය වූ යම් කිසි සුගති කෙනෙකුදු නො පැනෙති. මහණෙනි වැළිත් ලොභජකර්මයෙන් ද්වේෂජකර්මයෙන් මොහජකර්මයෙන් නිරය පැනෙයි. තිරිසන් යෝනිය පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. තවද අන්‍ය වූ යම්කිසි දුර්‍ගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. නිරයෙහි තිරිසන් යොන්හි ප්‍රේතවිෂයයෙහි ආත්මභාවයාගේ නිපැත්මට මේ තුන් අකුශලමූලයෝ වෙතී” භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත් හු මූලය දක්නාහු යැ ...... සමුදය දක්නාහු වෙත්.

තීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං, වුත‍්තං හෙතං භගවතා: තීණිමානි -පෙ- න භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති, යා වා පනඤ‍්ඤා’පි කාචි දුග‍්ගතියො. අථ ඛො භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති යා වා පනඤ‍්ඤාපි කාචි සුග‍්ගතියො දෙවෙසු ච මනුස‍්සෙසු ච අත‍්තභාවාභි නිබ‍්බත‍්තියා. ඉමානි තීණි කුසලමූලානී’ති. භගවා ජානාති පස‍්සති, එවම‍්පි භගවා මූලදස‍්සාවී -පෙ- සමුදය දස‍්සාවී. වුත‍්තං හෙතං භගවතා, “යෙ කෙචි භික‍්ඛවෙ ධම‍්මා අකුසලා අකුසලභාගියා අකුසලපක‍්ඛිකා සබ‍්බෙතෙ අවිජ‍්ජාමූලකා අවිජ‍්ජා සමොසරණා, අවිජ‍්ජාසමුග‍්ඝාතා, සබ‍්බෙ තෙ සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තී”ති භගවා ජානාති පස‍්සති. එවම‍්පි භගවා මූලදස‍්සාවී -පෙ- සමුදයදස‍්සාවී.

කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශලමූලයෙක, අද්වේෂය කුශලමූලයෙක, අමෝහය කුශලමූලයෙකි. මෙය වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කුශලමූලයෝ තිදෙනෙකි: ... මහණෙනි, අලෝභයෙන් උපන් කර්‍මයෙන් අද්වේෂයෙන් උපන් කර්‍මයෙන් අමෝහයෙන් උපන් කර්‍මයෙන් නිරය නො පැනෙයි. තිරිසන් යෝනිය නො පැනෙයි, ප්‍රේතවිෂය නො පැනෙයි. තවද අන්‍ය වූත් යම් කිසි දුර්‍ගති කෙනෙක් ඇත් නම් ඔහු ද නො පැනෙති. මහණෙනි, වැළිත් අලොභජ කර්‍මයෙන් අද්වේෂජකර්මයෙන් අමොහජකර්මයෙන් දෙවියෝ, පැනෙති, මිනිස්සු පැනෙති, තවද, අන්‍ය වූ ත් යම් කිසි සුගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. දෙව්ලෝහි ද මිනිස්ලෝහි ද ආත්ම භාවයා ගේ නිපැත්මට මේ තුන් කුශලමූලයෝ වෙතී’ භාග්‍යවත්හු දනිති දකිත්. මෙසේත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත් මෙය වදාරණ ලද මැ යී භාග්‍යවතුන් විසින්: “මහණෙනි, අකුසල් වූ අකුසල් කොටස්හි වූ අකුශලපක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අවිද්‍යාව මුල් කොට ඇතියහ, අවිද්‍යායෙහි බැසැගත්තාහු වෙත්. අවිද්‍යාවගේ නැසීමෙන් එ හැම විනාශයට යෙතැ’යි භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නා හු යැ ..... සමුදය දක්නාහු යැ.

වුත‍්තං හෙතං භගවතා “යෙ කෙචි මෙ භික‍්ඛවෙ ධම‍්මා කුසලා කුසලභාගියා කුසලපක‍්ඛිකා සබ‍්බෙ තෙ අප‍්පමාදමූලකා, අප‍්පමාදසමොසරණා, අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතී”ති භගවා ජානාති පස‍්සති. එවම‍්පි භගවා මූලදස‍්සාවී -පෙ- සමුදයදස‍්සාවී.

මෙය වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මේ කුසල් වූ කුසල් කොටස්හි වූ කුසල පක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අප්‍රමාදය මුල් කොට ඇතියහ, අප්‍රමාදයෙහි බැසගත්තාහු වෙත්. අප්‍රමාදය ඒ දහමුන්ට අග්‍ර යැ’යි කියනු ලැබේ’යැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත්.

අථ වා භගවා ජානාති පස‍්සති “අවිජ‍්ජා මූලං සඞ‍්ඛාරානං සඞ‍්ඛාරා මූලං විඤ‍්ඤාණස‍්ස, විඤ‍්ඤාණං මූලං නාමරූපස‍්ස, නාමරූපං මූලං සළායතනස‍්ස, සළායතනං මූලං ඵස‍්සස‍්ස, ඵස‍්සො මූලං වෙදනාය, වෙදනා මූලං තණ‍්හාය, තණ‍්හා මූලං උපාදානස‍්ස, උපාදානං මූලං භවස‍්ස, භවො මූලං ජාතියා, ජාති මූලං ජරාමරණස‍්සා”ති භගවා ජානාති පස‍්සති එවම‍්පි භගවා මූලදස‍්සාවී -පෙ- සමුදය දස‍්සාවී.

නොහොත් භාග්‍යවත්හු සංස්කාරයනට අවිද්‍යාව මුලැ යි දනිති දකිති. සංස්කාරයෝ විඥානයට මුලැ යි, විඥානය නාමරූපයට මුලැ යි, නාමරූපය ෂඩායතනයට මුලැ යි, ෂඩායතනය ස්පර්‍ශයට මුලැ යි, ස්පර්‍ශය වේදනාවට මුලැ යි, වේදනාව තෘෂ්ණාවට මුලැ යි. තෘෂ්ණාව උපාදානයට මුලැ යි. උපාදානය භවයට මුලැ යි, භවය ජාතියට මුලැ යි ජාතිය ජරාමරණයට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු ‘මූලදස්සාවී ... සමුදයදස්සාවී නම්වෙත්.

අථ වා, භගවා ජානාති පස‍්සති චක‍්ඛු මූලං චක‍්ඛුරොගානං, සොතං මූලං සොතරොගානං, ඝානං මූලං ඝානරොගානං, ජිව‍්හා මූලං ජිව‍්හාරොගානං කායො මූලං කායරොගානං, මනො මූලං චෙතසිකානං දුක‍්ඛාන”න‍්ති භගවා ජානාති පස‍්සති. එවම‍්පි භගවා මූලදස‍්සාවී, හෙතුදස‍්සාවී, නිදානදස‍්සාවී, සම‍්භවදස‍්සාවී, පභවදස‍්සාවී, සමුට‍්ඨානදස‍්සාවී, ආහාරදස‍්සාවී, ආරම‍්මණ දස‍්සාවී, පච‍්චයදස‍්සාවී, සමුදයදස‍්සාවී’ති ‘අනෙජං මූලදස‍්සාවිං.

තවද, භාග්‍යවත්හු චක්‍ෂුස චක්ෂුරොගයනට මුලැ යි දනිති දකිති, ශ්‍රෝත්‍රය ශ්‍රොත්‍රරොගයනට මුලැ යි, ඝ්‍රාණය ඝ්‍රාණරොගයනට මුලැ යි, ජිහ්වා ව ජිහ්වාරොගයනට මුලැ යි කය කාය රෝගයනට මුලැ යි මනස චෛතසික දුඃඛයනට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු හේතුව දක්නාහු නිදානය දක්නාහු සම්භවය දක්නාහු ප්‍රභවය දක්නාහු සමුත්ථානය දක්නාහු ආහාරය දක්නාහු ආලම්බනය දක්නාහු ප්‍රත්‍යය දක්නාහු සමුදය දක්නාහු නුයි ‘අනෙජං මූල දස්සාවී’ යනු වේ.

ඉච‍්චායස‍්මා පුණ‍්ණකො’ති ‘ඉච‍්චා’ති -පෙ- ආයස‍්මා පුණ‍්ණකො.

ඉච්චායස්මා පුණ්ණකො යනු: ‘ඉච්චා’ යනු පදසන්ධි යැ ...... ආයුෂ්මත් පූර්‍ණක.

අත්‍ථි පඤ‍්හෙන ආගමන‍්ති. පඤ‍්හෙන අත්‍ථිකො. ආගතොම‍්හි පඤ‍්හං පුච‍්ඡිතුකාමො ආගතොම‍්හි පඤ‍්හං සොතුකාමො ආගතොම‍්හීති එවම‍්පි ‘අත්‍ථි පඤ‍්හෙන ආගමං’ අථ වා පඤ‍්හත්‍ථිකානං පඤ‍්හං පුච‍්ඡිතුකාමානං පඤ‍්හං සොතුකාමානං ආගමනං අභික‍්කමනං උපසඞ‍්කමනං පයිරුපාසනං අත්‍ථීති එවම‍්පි ‘අත්‍ථි පඤ‍්හෙන ආගමං’ අථ වා පඤ‍්හාගමො තුය‍්හං අත්‍ථි ත්‍වම‍්පි පහූ විසවි අලමත‍්තො මයා පුච‍්ඡිතං කථෙතුං විස‍්සජ‍්ජෙතුං වහස‍්සෙතං භාරන‍්ති එවම‍්පි ‘අත්‍ථි පඤ‍්හෙන ආගමං’.

අත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් අර්‍ත්‍ථ ඇති වැ ආයෙම් වෙමි. පැන පුළුවුස්නා කැමැති වැ ආයෙම් වෙමි, පැන විසැඳුම්, අසනු කැමැති වැ ආයෙම් වෙමි යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාර්ථින්ගේ පැන පුළුවුස්නා කැමැත්තවුන් ගේ පැන විසැඳුම් අසනු කැමැත්තවුන් ගේ ඊම, අභිමුඛ වැ පැමිණීම, එළැඹීම, පර්‍ය්‍යුපාසනය ඇත් නුයි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාගමයෙක් මුඹ වහන්සේට ඇත. මුඹ වහන්සේ ත් පොහොසත් සේක, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවන සේක, මා විසින් පුළුවුස්නා ලද් ද කියන්නට විසඳන්නට සමර්ත්ථ සිත් ඇති සේක. තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.

කිං නිස‍්සිතා ඉසයො මනුජා’ති කිං නිස‍්සිතා ආසිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා. ඉසයො’ති ඉසිනාමකා යෙ කෙචි ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතා: ආජීවකා නිඝණ‍්ඨා ජටිලා තාපසා. මනුජා’ති මනුස‍්සා වුච‍්චන‍්තීති ‘කිං නිස‍්සිතා ඉසයො මනුජා’.

කිං නිස්සිතා ඉසයො මනුජා යනු: කුමක් ඇසිරි කළාහු හාත්පසින් ඇසිරි කළාහු (කිමෙකැ) ඇලුණාහු කුමකට එළැඹියාහු පිවිසියාහු අධිමුක්ත වූවාහු. ඉසයො යනු: ඍෂි නම් ඇති යම් කිසි කෙනෙක්, ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූවාහු, ආජීවකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ, තාපසයෝ. ‘මනුජා’ යි මිනිස්සු කියනු ලැබෙත් නුයි ‘කිං නිස්සිතා ඉසයො මනුජා’ යනු වේ.

ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානන‍්ති: ඛත‍්තියාති යෙ කෙචි ඛත‍්තියජාතිකා. බ්‍රාහ‍්මණා’ති යෙ කෙචි භොවාදිකා. දෙවතානන‍්ති ආජීවකසාවකානං ආජීවකා දෙවතා, නිඝණ‍්ඨසාවකානං නිඝණ‍්ඨා දෙවතා, ජටිලසාවකානං ජටිලා දෙවතා, පරිබ‍්බාජකසාවකානං පරිබ‍්බාජකා දෙවතා, අවරුද‍්ධකසාවකානං අවරුද‍්ධකා දෙවතා, හත්‍ථිවතිකානං හත්‍ථි දෙවතා, අස‍්සවතිකානං අස‍්සා දෙවතා, ගොවතිකානං ගාවො දෙවතා කුක‍්කුරවතිකානං කුක‍්කුරා දෙවතා, කාකවතිකානං කාකා දෙවතා, වාසුදෙවවතිකානං වාසුදෙවො දෙවතා, බලදෙවවතිකානං බලදෙවො දෙවතා, පුණ‍්ණභද‍්දවතිකානං පුණ‍්ණභද‍්දො දෙවතා, මණිභද‍්දවතිකානං මණිභද‍්දො දෙවතා, අග‍්ගිවතිකානං අග‍්ගි දෙවතා, නාගවතිකානං නාගා දෙවතා, සුපණ‍්ණවතිකානං සුපණ‍්ණා දෙවතා, යක‍්ඛවතිකානං යක‍්ඛා දෙවතා, අසුරවතිකානං අසුරා දෙවතා, ගන්‍ධබ‍්බවතිකානං ගන්‍ධබ‍්බා දෙවතා, මහාරාජවතිකානං මහාරාජානො දෙවතා, චන්‍දවතිකානං චන්‍දො දෙවතා, සුරියවතිකානං සුරියො දෙවතා, ඉන්‍දවතිකානං ඉන්‍දො දෙවතා, බ්‍රහ‍්මවතිකානං බ්‍රහ‍්මා දෙවතා, දෙවවතිකානං දෙවො දෙවතා දිසාවතිකානං දිසා දෙවතා. යෙ යෙසං දක‍්ඛිණෙය්‍යා තෙ තෙසං දෙවතා’ති ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං’.

ඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු: ‘ඛත්තියා’ යනු: යම් කිසි ක්‍ෂත්‍රිය ජාති ඇති කෙනෙක් බ්‍රාහ්මණා යනු: භොවාදී වූ යම්කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවක ශ්‍රාවකයනට ආජීවකයෝ දේවතා යැ, නිගණ්ඨ ශ්‍රාවකයනට නිගණ්ඨයෝ දේවතා යැ, ජටිලශ්‍රාවකයනට ජටිලයෝ දේවතා යැ, පරිව්‍රාජක ශ්‍රාවකයනට පරිව්‍රාජකයෝ දේවතා යැ, අවරුද්ධක ශ්‍රාවකයනට අවරුද්ධකයෝ දේවතා යැ, හස්තිව්‍රත ඇතියනට හස්තීහු දේවතා යැ, අශ්ව්‍රත ඇතියනට අශ්වයෝ දේවතා යැ, ගෝව්‍රත ඇතියනට ගවයෝ දේවතා යැ සුනඛව්‍රත ඇතියනට සුනඛයෝ දේවතා යැ, කවුඩු ව්‍රත ඇතියනට කවුඩුවෝ දේවතා යැ, වාසුදෙව (විෂ්ණු) ව්‍රත ඇතියනට වාසුදෙව දේවතා යැ, බලදෙවව්‍රත ඇතියනට බලදෙව දේවතා යැ පූර්ණභද්‍ර ව්‍රත ඇතියනට පූර්ණභද්‍ර තෙම දේවතා යැ, මණිභද්‍ර ව්‍රත ඇතියනට මණිභද්‍ර තෙම දේවතා යැ අග්නිව්‍රත ඇතියනට අග්නිය දේවතා යැ, නාගව්‍රත ඇතියනට නාගයෝ දේවතා යැ, ගරුඩව්‍රත ඇතියනට ගරුඩයෝ දේවතා යැ, යක්ෂව්‍රත ඇතියනට යක්‍ෂයෝ දේවතා යැ අසුර ව්‍රත ඇතියනට අසුරයෝ දේවතා යැ ගන්ධර්වව්‍රත ඇතියනට ගන්‍ධර්‍වයෝ දේවතා යැ, මහාරාජ ව්‍රත ඇතියනට මහාරාජයෝ (වරම් රජහු) දේවතා යැ, චන්ද්‍රව්‍රත ඇතියනට චන්‍ද්‍රයා දේවතා යැ සූර්‍ය්‍යව්‍රත ඇතියනට සූර්‍ය්‍යයා දේවතා යැ, ඉන්ද්‍රව්‍රත ඇතියනට ඉන්‍ද්‍රයා දේවතා යැ, බ්‍රහ්මව්‍රත ඇතියනට බ්‍රහ්ම දේවතා යැ, දේවව්‍රත ඇතියනට දෙවියා දේවතා යැ, දිශ්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනෙකුන්ට දක්ෂිණාර්භ වෙත් ද, ඔහු ඔවුනට දේවතා නුයි ‘ඛත්තියා බ්‍රාහ්මණො දෙවතානං’ යනු වේ.

යඤ‍්ඤමකප‍්පියිංසු පුථූධ ලොකෙති ‘යඤ‍්ඤං’ වුච‍්චති දෙය්‍යධම‍්මො: චීවර පිණ‍්ඩපාත සෙනාසන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං අන‍්තං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං, සෙය්‍යා වසථ පදීපෙය්‍යං, යඤ‍්ඤමකප‍්පියිංසු”ති යෙ’පි යඤ‍්ඤං එසන‍්ති ගවෙසන‍්ති පරියෙසන‍්ති චීවර පිණ‍්ඩපාත සෙනාසන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං අන‍්තං පානං වත්‍ථං යානං මාලා ගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං තෙ’පි යඤ‍්ඤං කප‍්පෙන‍්ති. යෙ’පි යඤ‍්ඤං අභිසඞ‍්ඛරොන‍්ති චීවර පිණ‍්ඩපාත -පෙ- සෙය්‍යා වසථ පදීපෙය්‍යං, තෙ’පි යඤ‍්ඤං කප‍්පෙන‍්ති. යෙ’පි යඤ‍්ඤං දෙන‍්ති යජන‍්ති පරිච‍්චජන‍්තී චීවර පිණ‍්ඩපාත -පෙ- සෙය්‍යාවසථ පදීපෙය්‍යං, තෙ’පි යඤ‍්ඤං කප‍්පෙන‍්ති. පුථූ’ති යඤ‍්ඤා වා එතෙ පුථූ. යඤ‍්ඤයාජකා වා එතෙ පුථූ, දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථු.

යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලෝකේ යනු: ‘යඥ’ යයි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන්, හෝනාගේ පහනට තෙල් යන මොහු යැ. ‘යඤ්ඤමකප්පයිංසු’ යනු: යම් කෙනෙකුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන්, හෝනාගේ පහන්තෙල් යන දේයධර්‍මය (යඥය) කැමැති වෙත් ද, බලත් ද, උපදවත් ද, ඔහු ද යඥ කෙරෙත් (දෙය ධර්‍මය සොයත්) යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය යන යඥය සකස් කෙරෙත් ද ඔහු ද යඥ කෙරෙති, යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය සඞ්ඛ්‍යාත යඥය දෙත් ද, යජනය කෙරෙත් ද, පරිත්‍යාග කෙරෙත් ද, ඔහු ද යඥය කෙරෙත්. පුථූ යනු: තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙති, තෙල දෙයධර්මදායකයෝ හෝ බොහෝ වෙති. තෙල දර්ෂාණාර්භයෝ හෝ බොහෝ වෙත්.

කථං යඤ‍්ඤා වා එතෙ පුථූ: බහුකා එතෙ යඤ‍්ඤා: චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරං අන‍්නං පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. එවං යඤ‍්ඤාවා එතෙ පුථූ. කථං යඤ‍්ඤයාජකා වා එතෙ පුථූ: බහුකා එතෙ යඤ‍්ඤයාජකා: ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච, එවං යඤ‍්ඤයාජකා වා එතෙ පුථූ. කථං දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථූ: බහුකා එතෙ දක‍්ඛිණෙය්‍යා පුථූ: සමණබ්‍රාහ‍්මණා කපණද‍්ධික වණිබ‍්බකයාචකා, එවං දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථූ. ඉධ ලොකෙ’ති මනුස‍්සලොකෙ’ති ‘යඤ‍්ඤමකප‍්පයිංසු පුථූධ ලොකෙ.’

කිසෙයින් තෙල දෙයධර්මයො බොහෝ වෙත් ද යත්: තෙල දෙයධර්මයෝ බොහෝ වෙති: චීවර- පිණ්ඩපාත- ශයනාසන-ග්ලානප්‍රත්‍යය-භෛසජ්‍යපරිෂ්කාර යැ අන්න යැ පාන යැ වස්ත්‍ර යැ යාන යැ මාලාගන්‍ධවිලේපන යැ ශයනාගාර- ප්‍රදීපෙය්‍ය යැ යි මෙසෙයින් තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් තෙල යඥයාජකයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල යඥයාජකයෝ බොහෝ වෙති: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු දැ යි මෙසෙයින් තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල දක්ෂිණාර්භයෝ බොහෝ වෙති: මහණබමුණහු යැ දිළින්දෝ යැ මැගියෝ යැ ගුණ කියා යදනාහු යැ යැදියෝ යැයි මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නු යි ‘යඤ්ඤමකප්පයිං සු පුථු ඉධ ලෝකේ’ යනු වේ.

පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙත’න‍්ති ‘පුච‍්ඡා’ති තිස‍්සො පුච‍්ඡා: අදිට‍්ඨජොතනා පුච‍්ඡා, දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා විමතිච‍්ඡෙදනා පුච‍්ඡා, කතමා අදිට‍්ඨජොතනා පුච‍්ඡා: පකතියා ලක‍්ඛණං අඤ‍්ඤාතං හොති අදිට‍්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං තස‍්ස ඤාණාය දස‍්සනාය තුලනාය තීරණාය විභාවනාය. පඤ‍්හං පුච‍්ඡති, අයං අදිට‍්ඨ ජොතනා පුච‍්ඡා. කතමා දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා: පකතියා ලක‍්ඛණං ඤාතං හොති දිට‍්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං. අඤ‍්ඤෙහි පණ‍්ඩිතෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා. කතමා විමතිච‍්ඡෙදනා පුච‍්ඡා: පකතියා සංසයපක‍්ඛන‍්තො. හොති විමතිපක‍්ඛන‍්තො ද‍්වෙළ‍්හකජාතො එවන‍්නු ඛො න නු ඛො කින‍්නුඛො කථංනු ඛො’ති. සො විමතිච‍්ඡෙදනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං විමතිච‍්ඡෙදනා පුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.

පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡා යනු; පෘච්ඡා තුනෙකි: අදෘෂ්ට ද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්‍දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි. අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථා) ලක්‍ෂණය පියවින් නො දන්නාලද නො දක්නාලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූයේ නුවණින් නො වඩන ලද වෙයි, එය දන්නා පිණිස දක්නා පිණිස තුලනය පිණිස තීරණය පිණිස විභාවනය පිණිස පැන පුළුවුස්සි. මේ අදෘෂ්ටද්‍යොතනාපෘච්ඡා යි. දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථ) ලක්‍ෂණය පියවින් දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවනය කරන ලද වෙයි. (එය) අන්‍යපණ්ඩිතයන් හා සමග සසඳනු පිණිස පැන පුළුවුස්සි. මේ දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා යි. විමතිච්ඡෙදනා පෘච්ඡා කවරැ යත්: පියවින් සැකයට පිවිසියේ විමතියට පිවිසියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ යි හටගත් සැක ඇත්තේ වෙයි, හෙතෙම විමති සිඳුනා පිණිස පැන පුළුවුස්සි. මේ විමතිච්ඡෙදනා පෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.

අපරාපි තිස‍්සො පුච‍්ඡා: මනුස‍්සපුච‍්ඡා, අමනුස‍්සපුච‍්ඡා, නිම‍්මිතපුච‍්ඡා. කතමා මනුස‍්සපුච‍්ඡා: මනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති: භික‍්ඛූ පුච‍්ඡන‍්ති, භික‍්ඛුණියො පුච‍්ඡන‍්ති, උපාසකා පුච‍්ඡන‍්ති, උපාසිකායො පුච‍්ඡන‍්ති, රාජානො පුච‍්ඡන‍්ති, ඛත‍්තියා පුච‍්ඡන‍්ති, බ්‍රාහ‍්මණා පුච‍්ඡන‍්ති, වෙස‍්සා පුච‍්ඡන‍්ති, සුද‍්දා පුච‍්ඡන‍්ති, ගහට‍්ඨා පුච‍්ඡන‍්ති, පබ‍්බජිතා පුච‍්ඡන‍්ති, අයං මනුස‍්සපුච‍්ඡා. කතමා අමනුස‍්සපුච‍්ඡා: අමනුස‍්සා බුද‍්ධං භගවන‍්තං උපසංකමිත්‍වා පඤ‍්හං පුච‍්ඡන‍්ති: නාගා පුච‍්ඡන‍්ති, සුපණ‍්ණා පුච‍්ඡන‍්ති, යක‍්ඛා පුච‍්ඡන‍්ති, අසුරා පුච‍්ඡන‍්ති. ගන්‍ධබ‍්බා පුච‍්ඡන‍්ති, මහාරාජානො පුච‍්ඡන‍්ති, ඉන්‍දා පුච‍්ඡන‍්ති, බ්‍රහ‍්මානො පුච‍්ඡන‍්ති, දෙවා පුච‍්ඡන‍්ති, අයං අමනුස‍්සපුච‍්ඡා. කතමා නිම‍්මිතපුච‍්ඡා: යං භගවා රූපං අභිනිම‍්මිනාති මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං, තං සො නිම‍්මිතො බුද‍්ධං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පඤ‍්හං පුච‍්ඡති, භගවා විස‍්සජ‍්ජෙති. අයං නිම‍්මිතපුච‍්ඡා. ඉමා තිස‍්සො පුච‍්ඡා.

අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිත පෘච්ඡා යි. මනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: මිනිස්සු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, මහණහු පුළුවුස්ති, මෙහෙණහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජවරු පුළුවුස්ති, ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති, බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යි. අමනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, ගන්‍ධර්‍වයෝ පුළුවුස්ති, වරම් රජවරු පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රහ්මයෝ පුළුවුස්ති, දේවතාවෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍යපෘච්ඡා යි. නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුණු ඉඳුරන් ඇති යම් රූපයක් නිර්‍මාණය කෙරෙත් ද. ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳති; මේ නිර්මිත පෘච්ඡා යි. මොහු තුන් පෘච්ඡා යි.

අපරාපි ‘තිස‍්සො පුච‍්ඡා: අත‍්තත්‍ථපුච‍්ඡා පරත්‍ථපුච‍්ඡා උභයත්‍ථපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: දිට‍්ඨධම‍්මිකත්‍ථපුච‍්ඡා සම‍්පරායිකත්‍ථපුච‍්ඡා පරමත්‍ථපුච‍්ඡා. අපරාපිතිස‍්සො පුච‍්ඡා: අනවජ‍්ජපුච‍්ඡා නික‍්කිලෙසත්‍ථපුච‍්ඡා වොදානත්‍ථපුච‍්ඡා: අපරාපි තිස‍්සො පුච‍්ඡා: අතීතපුච‍්ඡා අනාගතපුච‍්ඡා පච‍්චුප‍්පන‍්නපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: අජ‍්ඣත‍්තපුච‍්ඡා බහිද‍්ධාපුච‍්ඡා අජ‍්ඣත‍්තබහිද‍්ධා පුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: කුසලපුච‍්ඡා අකුසලපුච‍්ඡා අව්‍යාකතපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: ඛන්‍ධපුච‍්ඡා ධාතුපුච‍්ඡා ආයතන පුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: සතිපට‍්ඨානපුච‍්ඡා සම‍්මප‍්පධානපුච‍්ඡා ඉද‍්ධිපාදපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා ඉන්‍ද්‍රියපුච‍්ඡා බලපුච‍්ඡා බොජ‍්ඣඞ‍්ගපුච‍්ඡා. අපරාපි තිස‍්සො පුච‍්ඡා: මග‍්ගපුච‍්ඡා ඵලපුච‍්ඡා නිබ‍්බානපුච‍්ඡාති.

අන්‍යවූ ද පෘච්ඡා තුනෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ත්ථපෘච්ඡා යැ උභයාර්ත්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්ත්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ත්ථපෘච්ඡා යැ පරමාර්ත්ථපාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දානවද්‍යාර්ත්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ත්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ත්ථ පාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අතීතපෘච්ඡා යැ අනාගතපෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: කුශලපෘච්ඡා යැ අකුශලපෘච්ඡා යැ අව්‍යාකෘතපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතු පෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක්ප්‍රධාන පෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බෝධ්‍යඞ්ග පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵලපෘච්ඡා යැ නිර්වාණපෘච්ඡා යී.

පුච‍්ඡාමි තන‍්ති: පුච‍්ඡාමි තං, යාචාමි තං, අජ‍්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස‍්සු මෙ’ති ‘පුච‍්ඡාමි තං.’ භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං ‘භගවා’ති. බ්‍රූහි මෙතන‍්ති බ්‍රූහි ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති. ‘පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙතං’.

පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අණවමි, මුඹ වහන්සේ පහදවමි, මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු; සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නු යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයිනි කීයැ ඒ බමුණු:

“අනෙජං මූලදස‍්සාවිං- (ඉච‍්චායස‍්මා පුණ‍්ණකො) අත්‍ථි පඤ‍්හෙන ආගමං කිං නිස‍්සිතා ඉසයො මනුජා ඛත‍්තියා බ්‍රාහ‍්මණා දෙවතානං යඤ‍්ඤමකප‍්පියිංසු පුථූධ ලොකෙ පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙත”න‍්ති.

“අනෙජං මූලදස්සාවිං -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.