යෙදුමෙන් කියවන්න

2. 3

2. 3.

2. 3.

සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පති තං බ්‍රූමි මහාපුරිසො’ති සො’ ධ සිබ‍්බනිමච‍්චගා.

හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහා පුරුෂ’යයි කියමි. හෙතෙම මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මගියේ යි.

සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පතීති: ‘අන‍්තා’ති ද‍්වෙ අන‍්තා: ඵස‍්සො එකො අන‍්තො, ඵස‍්සසමුදයො දුතියො අන‍්තො, ඵස‍්සනිරොධො මජ‍්ඣෙ. අතීතං එකො අන‍්තො, අනාගතං දුතියො අන‍්තො, පච‍්චුප‍්පන‍්නං මජ‍්ඣෙ. සුඛා වෙදනා එකො අන‍්තො, දුක‍්ඛා වෙදනා දුතියො අන‍්තො, අදුක‍්ඛමසුඛා වෙදනා මජ‍්ඣෙ. නාමං එකො අන‍්තො, රූපං දුතියො අන‍්තො, විඤ‍්ඤාණං මජ‍්ඣෙ. ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි එකො අන‍්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන‍්තො, විඤ‍්ඤාණං මජ‍්ඣෙ. සක‍්කායො එකො අන‍්තො, සක‍්කාය සමුදයො දුතියො අන‍්තො, සක‍්කාය නිරොධො මජ‍්ඣෙ. මන‍්තා වුච‍්චති පඤ‍්ඤා “යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි.”

සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. ස්පර්‍ශනිරෝධය මධ්‍යයෙහි වෙයි. අතීතය එක් අන්තයෙකැ අනාගතය දෙවැනි අන්තය යි. වර්තමානය මධ්‍යයෙහි වෙයි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක්වේදනාව දෙවැනි අන්ත යයි. නො දුක් නො සුව වේදනාව මධ්‍යයෙහි වෙයි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන එක් අන්තයෙකැ, බාහිර ආයතනයෝ සදෙන දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. සත්කාය එක් අන්තයෙකැ සත්කාය සමුදය දෙවැනි අන්තය යි. සත්කාය නිරෝධය මධ්‍යයෙහි වේ. ‘මන්තා’ යි ප්‍රඥා කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානන ආකාරයෙක්... අමෝහයෙක් ධර්‍මවිචය යෙක්... සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, එය යි.

ලෙපා’ති ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච, දිට‍්ඨිලෙපො ච. කතමො තණ‍්හා ලෙපො: යාවතා තණ‍්හාසඞ‍්ඛාතෙන සීමකතං මරියාදීකතං ඔධිකතං පරියන‍්තකතං පරිග‍්ගහිතං මමායිතං, ඉදං මම, එතං මම, එත‍්තකං මම, එත‍්තාවතා මම රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා ඛෙත‍්තං වත්‍ථුං හිරඤ‍්ඤං සුවණ‍්ණං ගාම නිගම රාජධානියො රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරං ච කෙවලම‍්පි මහාපඨවිං තණ‍්හාවසෙන මමායති. යාවතා අට‍්ඨසතතණ‍්හාවිචරිතං, අයං තණ‍්හාලෙපො. කතමො දිට‍්ඨිලෙපො: වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි, දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි, දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහණං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංයොජනං ගාහො පටිග‍්ගාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල‍්ලාසගාහො මිච‍්ඡාගාහො අයාථාවතස‍්මිං යාථාවතන‍්ති ගාහො යාවතා ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි, අයං දිට‍්ඨිලෙපො.

ලෙපා යනු: ලෙප දෙකෙකි: තෘෂ්ණා ලෙපය ද දෘෂ්ටි ලෙපය දැයි. තෘෂ්ණාලේප කවරැ යත්. මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’ යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරනලද ද, අවධි කරනලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්පර්‍ශයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහ පොළොව තෘෂ්ණා වශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශත තෘෂ්ණවිචරිතයෙක් වේ ද, මේ තෘෂ්ණාලේප නම. දෘෂ්ටි ලෙප කවරැ යත්: (රූපං අත්තතෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (“නත්‍ථි දින්නං යනාදීන් පැවැති) දශවස්තුක මිථ්‍යා දෘෂ්ටි යැ, (“සස්සතෝ ලෝකෝ’යනාදීන් පැවැති) දශවස්තුක අන්ත ග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටි කාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශුකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණු දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්‍ථ්‍යා ස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාස ග්‍රාහයෙක් මිථ්‍යා ග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ ‘දෘෂ්ටිලෙප’ නම.

සො උභන‍්ත මභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පතී’ති සො උභො ච අන‍්තෙ මජ‍්ඣඤ‍්ච මන‍්තාය අභිඤ‍්ඤාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තො අසංලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති. ‘සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මන‍්තා න ලිප‍්පති’.

සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: හෙතෙම අන්තද්වය ද මධ්‍යය ද නුවණින් වෙසෙසින් දැනැ ජානනය කොට තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි උපලිප්ත නො වෙයි නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ උපලිප්ත නො වූයේ නික්මුණේ ප්‍රහීණ වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරේ නුයි ‘සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.

‘තං බ්‍රූමි මහාපුරිසො’ති මහාපුරිසො අග‍්ගපුරිසො සෙට‍්ඨපුරිසො විසෙට‍්ඨපුරිසො පාමොක‍්ඛපුරිසො උත‍්තමපුරිසො පවරපුරිසො’ති, තං බ්‍රූමි තං කථෙමි තං භණාමි තං දීපෙමි තං වොහරාමි. ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “මහාපුරිසො මහාපුරිසො’ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තා වතා නු ඛො භන‍්තෙ මහාපුරිසො හොතී”ති “විමුත‍්තචිත‍්තත‍්තා ඛ‍්වාහං සාරිපුත‍්ත මහාපුරිසො’ති වදාමි.

තං බ්‍රෑමි මහාපුරිසො යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛ පුරුෂ යැ උත්තමපුරුෂ යැ ප්‍රවරපුරුෂ යැයි තං බ්‍රෑමි ඔහු කියමි, ඔහු බෙණෙමි, ඔහු දක්වමි, ඔහු වහරමි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළහ: වහන්ස, “මහාපුරුෂ යැ මහාපුරුෂ යැ” යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘මහාපුරුෂ’ වේ දැ? යි. ශාරීපුත්‍රය, විප්‍රමුක්ත සිත් ඇති බැවින් මම ‘මහා පුරුෂ’ යයි කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් “මහා පුරුෂ නො වේ” යයි කියමි.

අවිමුත‍්තචිත‍්තත‍්තා නො මහාපුරිසො’ති වදාමි. කථං ච සාරිපුත‍්ත, විමුත‍්තචිත‍්තො හොති: ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු අජ‍්ඣත‍්තං කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, තස‍්ස කායෙ කායානුපස‍්සිනො විහරතො චිත‍්තං විරජ‍්ජති විමුච‍්චති අනුපාදාය ආසවෙහි. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො චිත‍්තං විරජ‍්ජති විමුච‍්චති අනුපාදාය ආසවෙහි. එවං ඛො සාරිපුත‍්ත, විමුත‍්ත චිත‍්තො හොති. විමුත‍්තචිත‍්තත‍්තා ඛ‍්වාහං සාරිපුත‍්ත, මහාපුරිසොති වදාමි. අවිමුත‍්තචිත‍්තත‍්තා නො මහාපුරිසො’ති වදාමීති. තං බ්‍රූමි මහාපුරිසො’ති.

වැළිත් ශාරීපුත්‍රය, කිසෙයින් විමුක්ත සිත් ඇත්තේ වේ ද යත්: ශාරීපුත්‍රය, මෙසස්නෙහි මහණ තෙම තමාගේ කයෙහි කය අනුවැ බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු වැ බලමින් වාසය කරන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි. (විරාග හෙයින්) උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන් හි ධර්‍මානුදර්ශී වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි, (විරාග හෙයින්) උපාදාන නො කොට ආශ්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. ශාරීපුත්‍රය, විමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ යයි මම් කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ නො වේ’ යයි කියම් නුයි. ‘තං බ්‍රෑමි මහාපුරිසො’යනු වේ.

සොධ සිබ‍්බනි මච‍්චගා’ති ‘සිබ‍්බනී වුච‍්චති තණ‍්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.” යස‍්සෙසා සිබ‍්බනී තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො සිබ‍්බනිං තණ‍්හා අච‍්චගා උපච‍්චගා අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තොති’ සොධ සිබ‍්බනිමච‍්චගා.’

සො’ ධ සිබ්බනිමච්චගා යනු: ‘සිබ්බනි’ තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, යමක්හට තෙල සිබ්බනිය, (මැසීම) තෘෂ්ණාව මුලුසුන් වූ ද, ව්‍යුපශාන්ත වූ ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද, හෙතෙම සිබ්බනිය-තෘෂ්ණාව ඉක්ම ගියේ යැ පසු කොට ගියේ යැ ඉක්මී යැ මොනවට ඉක්මී යැ ව්‍යතික්‍රමණය කෙළේ නුයි. ‘සො’ධ සිබ්බනි මච්චගා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සො උභන‍්තමභිඤ‍්ඤාය මජ‍්ඣෙ මත‍්තා න ලිප‍්පති තං බ්‍රූමි මහාපුරිසො’ති සො’ධ සිබ‍්බනිමච‍්චගා”ති.

“සො උභන්තමභිඤ්ඤාය -පෙ- සො’ධ සිබ්බනිමච්චගා” යි.

සහ ගාථාපරියොසානා යෙ තෙ බ්‍රාහ‍්මණෙන සද‍්ධිං එකච‍්ඡන්‍දා එකපයොගො එකාධිප‍්පායා එකවාසනවාසිතා, තෙසං අනෙකපාණසහස‍්සානං විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි. ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති. තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. සහ අරහත‍්තප‍්පත‍්තා අජිනජටාවාකචීරතිදණ‍්ඩකමණ‍්ඩලු කෙසා ච මස‍්සු ච අන‍්තරහිතා. භණ‍්ඩු කාසායවත්‍ථවසනො සඞ‍්ඝාටිපත‍්තචීවරධරො අනවත්‍ථ පටිපත‍්තියා පඤ‍්ජලිකො භගවන‍්තං නමස‍්සමානො නිසින‍්නො හොති: ‘සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො’ හම’ස‍්මීති.

ගාථා පර්‍ය්‍යවසානය (කෙළවර) හා සමග, යම් කෙනෙක් ඒ බමුණු හා සමග එක් අදහස් ඇත්තාහු ද, (කාය,වාක්,මනස් පියොවින්) එක් පියොවි ඇත්තාහු ද, එක් රිසි ඇත්තාහු ද, (ඉකුත් බුදුසසුන්හි) එක් මැ කර්මවාසනයෙන් වාසිත වූහු ද ඒ නො එක් දහස් ගණන්- (දෙව්මිනිස්) ප්‍රාණීන්ට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස් මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ බමුණු ගේ සිත උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. රහත් බවට පැමිණීම හා සමග අඳුන්දිවිසම්, දළමඬුලු, වල්කලා (වැහැරී) තිදණ්ඩකමඬලා හා කෙස්-මස් හා අතුරුදහන් වූහු. මුඬුහිස් ඇතියේ, හන්පෙරෙවි කහවත් ඇතියේ සඟළ-පා-සිවුරු දැරුයේ, අන්වර්ත්ථ ප්‍රතිපත්තියෙන් (ඉෂ්ටාර්ථ ලාභයෙන්) යුතු වැ බඳැඳිලි ඇති වැ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී’ භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.

තිස‍්සමෙත‍්තෙය්‍ය සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

තිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.