යෙදුමෙන් කියවන්න

2. 2

2. 2.

2. 2.

කාමෙසු බ්‍රහ‍්මචරියවා (මෙත‍්තෙය්‍යාති භගවා) වීතතණ‍්හො සදා සතො සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛු තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා.

(බුදුහු මෙසේ වදාළහ: මෙත්තෙය්‍ය)කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති, හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.

කාමෙසු බ්‍රහ‍්මචරියවා’ති: ‘කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා.

කාමෙසු බ්‍රහ්මචරියවා යනු: ‘කාමා’ යනු: විස්තර විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති ... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.

බ්‍රහ‍්මචරියවා’ති ‘බ්‍රහ‍්මචරියං’ වුච‍්චති අසද‍්ධම‍්මසමාපත‍්තියා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලා-අනතික‍්කමො. අපි ච නිප‍්පරියායෙන බ්‍රහ‍්මචරියං වුච‍්චති අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. යො ඉමිනා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප‍්පන‍්නො සමුප‍්පන‍්නො සමන‍්නාගතො, සො වුච‍්චති බ්‍රහ‍්මචරියවා. යථා ච ධනෙන ධනවා’ති වුච‍්චති, භොගෙන ‘භොගවා’ති වුච‍්චති, යසෙන ‘යසවා’ති වුච‍්චති, සිප‍්පෙන ’සිප‍්පවා’ති වුච‍්චති, සීලෙන ‘සීලවා’ති වුච‍්චති, විරියෙන ‘විරියවා’ති වුච‍්චති, පඤ‍්ඤාය ‘පඤ‍්ඤවා’ති වුච‍්චති විජ‍්ජාය ‘විජ‍්ජවා’ති, වුච‍්චති, එවමෙව යො ඉමිනා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප‍්පන‍්නො සමුප‍්පන‍්නො සමන‍්නාගතො සො වුච‍්චති බ්‍රහ‍්මචරියවාති ‘කාමෙසු බ්‍රහ‍්මචරියවා.’

බ්‍රහ්මචරියවා යනු: බ්‍රහ්මචරිය යැ යි අසද්ධර්‍ම සමාපත්තියෙන් දුරින් දුරුවීම වෙන් වීම හාත්පසින් වෙන් වීම වැළැක්ම නො කිරීම අකර ණය නො පැමිණීම මර්‍ය්‍යාදා ඉක්ම යෑම කියනු ලැබේ. තවද,නිෂ්පර්‍ය්‍යාය විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය බ්‍රහ්මචර්‍ය්‍ය යැ යි කියනු ලැබෙයි. හේ මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද, හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් යැ යි කියනු ලැබෙයි. යම්සේ නම් ධන හෙයින් ‘ධනවත් යැ යි කියනු ලැබේ ද භොග හෙයින් ‘භෝගවත්’ යැ යි කියනු ලැබේ ද යශස් හෙයින් ‘යශස්වත්’ යැ යි ශිල්ප හෙයින් ‘ශිල්පවත්’ යැ යි... ශීල හෙයින් ‘ශීලවත්’ යැ යි... වීර්‍ය්‍ය හෙයින්‘වීර්‍ය්‍යවත්’යැයි... ප්‍රඥා හෙයින් ‘ප්‍රඥාවත්’යැයි... විද්‍යා හෙයින් ‘විද්‍යාවත්’ යැ යි කියනු ලැබේ ද, එසෙයින් මැ යමෙක් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් (බඹසර ඇත්තේ) යැ යි කියනු ලැබේ නුයි ‘කාමෙසු බ්‍රහ්මචරියවා’ යනු වේ.

මෙත‍්තෙය්‍යාති භගවා තං බ්‍රාහ‍්මණං ගොත‍්තෙන ආලපති. භගවා’ති ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘මෙත‍්තෙය්‍යාති භගවා.’

මෙත්තෙය්‍ය යනු: බුදුහු ඒ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මෙ ‘භගවා’ යනු සාක්ෂාත්ප්‍රඥප්තියෙක් නුයි “මෙත්තෙය්‍යාති භගවා” යනු වේ.

වීත තණ‍්හො සදා සතො’ති ‘තණ‍්හා’ති රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා. යස‍්සෙසා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තියා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති වීතතණ‍්හො විගතතණ‍්හො චත‍්තතණ‍්හො වන‍්තතණ‍්හො මුත‍්තතණ‍්හො පහීනතණ‍්හො පටිනිස‍්සට‍්ඨතණ‍්හො වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. සදා’ති සදා සබ‍්බදා සබ‍්බකාලං නිච‍්චකාලං ධුවකාලං සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං පොඞ‍්ඛානුපොඞ‍්ඛං උදකොමිකාජාතං අවීචිසන‍්තතිසහිතං ඵුස‍්සිතං පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං පුරිමං යාමං’ මජ‍්ඣිමං යාමං පච‍්ඡිමං යාමං කාළෙ ජුණ‍්හෙ වස‍්සෙ හෙමන‍්තෙ ගිම‍්හෙ පුරිමෙ වයොඛන්‍ධෙ මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ. සතො’ති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො වෙදනාසු වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, චිත‍්තෙ චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති සතො’ති ‘වීතතණ‍්හො සදා සතො’.

විත්තණ්හො සදා සතෝ යනු: ‘තණ්හා’ යයි: රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික (උපදනුවට නුසුදුසු) වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද හෙතෙම වීතතෘෂ්ණ යැ විගතතෘෂ්ණ යැ ත්‍යක්තතෘෂ්ණා යැ වාන්ත තෘෂ්ණ යැ මුක්තතෘෂ්ණ යැ ප්‍රහීණතෘෂ්ණ යැ ප්‍රතිනිඃසෘෂ්ට තෘෂ්ණ යැ වීතරාග යැ විගතරාග යැ ත්‍යක්තරාග යැ වාන්තරාග යැ මුක්ත රාග යැ ප්‍රහීණරාග යැ ප්‍රතිනිඃසෘෂ්ටරාග යැ තෘෂ්ණා නැත්තේ යැ (හෝ තෘෂ්ණා ඡදන නැත්තේ යැ) නිවියේ යැ සිහිල් වූයේ යැ සුවවිඳුනේ යැ බ්‍රහ්මභූත (උතුම් වූ) සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ යි කියනු ලැබේ. සදා යනු: හැම දවස හැම කල්හි සියලු කල්හි දිනපතා අවිච්ඡින්නවැ නිරතුරු අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් ඝටිත වැ රළවැළැක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ ස්පෘෂ්ට වැ පෙරබතැ පසුබතැ පෙරයම්හි මැදියම්හි පසුයම්හි අවපසැ පුරපසැ වසත්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි. සතෝ යනු සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි වේදනානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, සිත්හි චිත්තානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, දහම්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ යැ’යි කියනු ලැබේනු යි ‘වීතතණ්හො සදා සතෝ’ යනු වේ.

සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛූ’ති: ‘සඞ‍්ඛා’ වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි. සඞ‍්ඛායාති සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’ති -පෙ- ’යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා.

සංඛාය නිබ්බුතො භික්ඛු යනු: ‘සඞ්ඛා’ය ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විචයෙක් ප්‍රවිචයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයෙක්. සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. සඞ්ඛාය යනු: විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන සුලු යැ’යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට.

අථ වා අනිච‍්චතො සඞ‍්ඛාය ජානිත්‍වා -පෙ- දුක‍්ඛතො -පෙ- රොගතො -පෙ- ගණ‍්ඩතො -පෙ- සල‍්ලතො -පෙ- නිස‍්සරණතො සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. නිබ‍්බුතො’ති රාගස‍්ස නිබ‍්බාපිතත‍්තා නිබ‍්බුතො, දොසස‍්ස නිබ‍්බාපිතත‍්තා නිබ‍්බුතො, මොහස‍්ස නිබ‍්බාපිතත‍්තා නිබ‍්බුතො, කොධස‍්ස-උපනාහස‍්ස-මක‍්ඛස‍්ස-පළාසස‍්ස-ඉස‍්සාය-මච‍්ඡරියස‍්ස-මායාය-සාඨෙය්‍යස‍්ස-ථම‍්භස‍්ස-සාරම‍්භස‍්ස-මානස‍්ස-අතිමානස‍්ස-මදස‍්ස-පමාදස‍්ස-සබ‍්බකිලෙසානං-සබ‍්බදුච‍්චරිතානං-සබ‍්බදරථානං-සබ‍්බපරිළාහානං-සබ‍්බසන‍්තාපානං-සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං නිබ‍්බාපිතත‍්තා නිබ‍්බුතො. ‘භික‍්ඛූ’ති සත‍්තන‍්නං ධම‍්මානං භින‍්නත‍්තා භික‍්ඛු -පෙ- වුසිත්‍වා ඛීණපුනබ‍්භවො ස භික‍්ඛූ”ති ‘සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛු.’

නොහොත් අනිත්‍ය හෙයින් විමසා දැනැ... දුක් හෙයින්... රෝග හෙයින්... ගණ්ඩ හෙයින්... ශල්‍ය හෙයින්... නිස්සරණ හෙයින් විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. නිබ්බුතො යනු: රාගය නිවූ බැවින් නිවියේ, ද්වේෂය නිවූ බැවින් නිවියේ, මෝහය නිවූ බැවින් නිවියේ ක්‍රෝධය- බද්ධවෛරය- මකු බව-පළාසය (යුගග්‍රාහය)- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨ බව- ස්තම්භය-සාරම්භය- (කරණොත්තරියකරණ) මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙසුන්- හැම දුසිරිත්- හැම දරථයන්- හැම පරිදාහයන්- හැම සතැවුලි-හැම අකුශලාභි සංස්කාරයන් නිවූ බැවින් නිවියේ. භික්ඛු යනු: (සත්කායදෘෂ්ටි ආදි) සප්ත ධර්‍මයන් බුන් බැවින් භික්‍ෂු යැ... වැස නියවූ මඟබඹසර ඇති ක්‍ෂය වූ පුනර්‍භවය ඇති හේ ‘භික්‍ෂු’ නමැ’යි ‘සඞ්ඛාය නිබ්බුතො භික්ඛු’ යනු වේ.

තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතාති ‘තස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස. ඉඤ‍්ජිතා’ති තණ‍්හිඤ‍්ජිතං දිට‍්ඨිඤ‍්ජිතං මානිඤ‍්ජිතං කිලෙසිඤ‍්ජිතං කාමිඤ‍්ජිතං, තස‍්සිමෙ ඉඤ‍්ජිතා නත්‍ථි, න සන‍්ති, න සංවිජ‍්ජන‍්ති, නූපලබ‍්භන‍්ති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති ‘තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා’.

තස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: ‘තස්ස’ යනු: අර්‍හත් ක්ෂීණාශ්‍රවහට. ඉඤ්ජිතා යනු: තෘෂ්ණා ඉඤ්ජන යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජන යි ඔහට මේ ඉඤ්ජනයෝ නැති, නොවෙති විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ, මුලුසුන්හ, ව්‍යුපශාන්තයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ, අභව්‍යොත්පත්තිකයහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘තස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ:

“කාමෙසු බ්‍රහ‍්මචරියවා (මෙත‍්තෙය්‍යාති භගවා) වීතතණ‍්හො සදා සතො, සඞ‍්ඛාය නිබ‍්බුතො භික‍්ඛු තස‍්ස නො සන‍්ති ඉඤ‍්ජිතා”ති.

“කාමෙසු බ්‍රහ්මචරියවා -පෙ- තස්ස නො සන්ති ඉඤ්ජිතා” යී.