යෙදුමෙන් කියවන්න

4. 8

4. 8.

4. 8.

එවංවිහාරී සතො අප‍්පමත‍්තො භික‍්ඛු චරං හිත්‍වා මමායිතානි, ජාතිං ජරං සොකපරිද‍්දවඤ‍්ච ඉධෙව විද‍්වා පජහෙය්‍ය දුක‍්ඛං.

මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැර පියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බැව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.

එවංවිහාරී සතො අප‍්පමත‍්තොති ‘එවංවිහාරී’ති: නන්‍දිඤ‍්ච නිවෙසනඤ‍්ච අභිසංඛාරසහගතවිඤ‍්ඤාණඤ‍්ච කම‍්මභවඤ‍්ච පටිසන්‍ධිකඤ‍්ච පුනබ‍්භවං පජහන‍්තො විනොදෙන‍්තො බ්‍යන‍්තීකරොන‍්තො අනභාවං ගමෙන‍්තොති ‘එවංවිහාරී’. සතොති: චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානං භාවෙන‍්තො -පෙ- සො වුච‍්චති සතො. අප‍්පමත‍්තොති: සක‍්කච‍්චකාරී සාතච‍්චකාරී අට‍්ඨිතකාරී අනොලීනවුත‍්තී අනික‍්ඛිත‍්තඡන්‍දො අනික‍්ඛිත‍්තධුරො අප‍්පමත‍්තො කුසලෙසු ධම‍්මෙසු. කථාහං අපරිපූරං වා සීලක‍්ඛන්‍ධං පරිපූරෙය්‍යං, පරිපූරං වා සීලක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුගණ‍්හෙය්‍ය’න‍්ති යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමත‍්තො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු, කථාහං අපරිපූරං වා සමාධික‍්ඛන්‍ධං-පඤ‍්ඤාක‍්ඛන්‍ධං-විමුත‍්තික‍්ඛන්‍ධං-විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං පරිපූරෙය්‍යං, පරිපූරං වා විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුගණ‍්හෙය්‍ය’න‍්ති. යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හී ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමත‍්තො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු, කථාහං අභිඤ‍්ඤාතං වා දුක‍්ඛං පරිජානෙය්‍යං, අප‍්පහීනෙ වා කිලෙසෙ පජහෙය්‍යං, අභාවිතං වා මග‍්ගං භාවෙය්‍යං, අසච‍්ඡිකතං වා නිරොධං සච‍්ඡිකරෙය්‍ය’න‍්ති යො තත්‍ථ ඡන්‍දො ච වායාමො ච උස‍්සාහො ච උස‍්සොළ‍්හි ච අප‍්පටිවානී ච සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච ආතප‍්පං පධානං අධිට‍්ඨානං අනුයොගො අප‍්පමත‍්තො අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූ’ති ‘එවංවිහාරී සතො අප‍්පමත‍්තො.

එවං විහාරී සතෝ අප්පමත්තො යනු: එවං විහාරී යි: නන්‍දිය ත් නිවෙශනය ත් අභිසංස්කාර සහගත විඥානය ත් කර්‍මභවය ත් ප්‍රතිසන්ධික පුනර්‍භවය ත් හැරපියනුයේ දුරු කරනුයේ විහතාන්ත කරනුයේ අනුඅභාවයට යවනුයේ නුයි ‘එවං විහාරී’ යනු වේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් .. හේ ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබෙයි. අප්පමත්තො යනු: කුසල් දහම්හි සකසා කරනුයේ සතත භාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍ය ධුර ඇතියේ අප්‍රමත්ත වූයේ ‘කිසෙයින් මම් නො පිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන්ශීලස්කන්ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් නො පිරිපුන් සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධය... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ නො පුහුන් කෙලෙස් හෝ ප්‍රහාණය කෙරෙම් දෝ හෝ නො වැඩූ මාර්‍ගය හෝ වඩම් දෝ හෝ නො පසක් කළ නිරෝධය හෝ පසක් කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් ඡන්‍දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘එවං විහාරී සතෝ අප්පමත්තො’ යනු වේ.

භික‍්ඛු චරං හිත්‍වා මමායිතානීති: ‘භික‍්ඛූ’ති පුථුජ‍්ජන කල්‍යාණකො වා භික‍්ඛු සෙඛො වා භික‍්ඛු. චරන‍්ති: චරන‍්තො විහරන‍්තො ඉරීයන‍්තො වත‍්තෙන‍්තො පාලෙන‍්තො යපෙන‍්තො යාපෙන‍්තො. මමායිතානීති: ද‍්වෙ මමත‍්තා: තණ‍්හාමමත‍්තං ච දිට‍්ඨිමමත‍්තං ච -පෙ- ඉදං තණ‍්හාමමත‍්තං -පෙ- ඉදං දිට‍්ඨිමමත‍්තං. තණ‍්හාමමත‍්තං පහාය දිට‍්ඨිමමත‍්තං පටිනිස‍්සජිත්‍වා මමත‍්තෙ ජහිත්‍වා චජිත්‍වා පජහිත්‍වා පරිච‍්චජිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘භික‍්ඛු චරං හිත්‍වා මමායිතානි.’

භික්ඛු චරං හිත්‍වා මමායිතානි යනු: ‘භික්ඛු’ යි: පෘථග්ජන කල්‍යාණක මහණ හෝ වෙයි, ශෛක්‍ෂ මහණ හෝ වෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ. මමායිතානි යනු: තෘෂ්ණාමමත්ව ද, දෘෂ්ටිමමත්ව දැ යි මමත්‍ව දෙකෙකි... මේ තෘෂ්ණා මමත්‍ව යැ... මේ දෘෂ්ටි මමත්‍ව යැ. තෘෂ්ණාමමත්වය හැරපියා දෘෂ්ටිමමත්වය දුරු කොට මමත්වයන් බැහැර කොට හැරපියා වෙසෙසින් බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පත් කොට නුයි ‘භික්ඛු චරං හිත්‍වා මමායිතානි’ යනු වේ.

ජාතිං ජරං සොකපරිද‍්දවං ච ඉධෙව විද‍්වා පජහෙය්‍ය දුක‍්ඛන‍්ති: ‘ජාතී’ති: යා තෙසං තෙසං සත‍්තානං -පෙ- ජරන‍්ති: යා තෙසං තෙසං සත‍්තානං -පෙ- සොකොති: ඤාතිබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස -පෙ- පද‍්දරිවන‍්ති ඤාතිබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස -පෙ- ඉධාති: ඉමිස‍්සා දිට‍්ඨියා -පෙ- ඉමස‍්මිං ලොකෙ. විද‍්වාති: විජ‍්ජාගතො ඤාණී විභාවී මෙධාවී. දුක‍්ඛන‍්ති: ජාතිදුක‍්ඛං -පෙ- දොමනස‍්සුපායාසදුක‍්ඛං. ජාති ජරං සොකපරිද‍්දවඤ‍්ච ඉධෙව විද‍්වා පජහෙය්‍ය දුක‍්ඛන‍්ති: විජ‍්ජාගතො ඤාණී විභාවී මෙධාවී ඉධෙව ජාතිඤ‍්ච ජරඤ‍්ච සොකපරිද‍්දවඤ‍්ච පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති ‘ජාතිං ජරං සොකපරිද‍්දවඤ‍්ච ඉධෙව විද‍්වා පජහෙය්‍ය දුක‍්ඛං’.

ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං යනු: ‘ජාති’ යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... ජරං යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... සොකො යි: ඥාති ව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... ඉධ යනු: මේ දෘෂ්ටියෙහි... මේ මිනිස් ලොවැ. විදවා යනු: ත්‍රිවිද්‍යාවට පැමිණියේ නැණැත්තේ විමසුම් නුවණැත්තේ තුලිතප්‍රඥා ඇත්තේ මෙහි මැ ජාතිය ත් ජරාව ත් සෝකයත් පරිදේවය ත් යන දුක බැහැර කරන්නේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට යවන්නේ නුයි ‘ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එවංවිහාරී සතො අප‍්පමත‍්තො භික‍්ඛු චරං හිත්‍වා මමායිතානි ජාතිං ජරං සොකපරිද‍්දවඤ‍්ච ඉධෙව විද‍්වා පජහෙය්‍ය දුක‍්ඛ”න‍්ති.

“එවං විහාරී සතෝ අප්පමත්තො -පෙ- ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං” යි.