යෙදුමෙන් කියවන්න

4. 9

4. 9.

4. 9.

එතාභිනන්‍දාමි වචො මහෙසිනො සුකිත‍්තිතං ගොතම නූපධීකං, අද‍්ධා හි භගවා පහාසි දුක‍්ඛං තථා හි තෙ විදිතො එස ධම‍්මො.

(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ කී.) මහර්ෂී වූ, මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගනිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින්) නිරුපධි වූ නිර්‍වාණය මොනවට ප්‍රකාශ කරන ලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද.

එතාභිනන්‍දාමි වචො මහෙසිනොති: එත’න‍්ති: තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනා අනුසිට‍්ඨිං අභිනන්‍දාමීති නන්‍දාමි අභිනන්‍දාමි මොදාමි අනුමොදාමි ඉච‍්ඡාමි සාදියාමි පත්‍ථයාමි පිහයාමි අභිජප‍්පාමි. මහෙසිනොති මහෙසි භගවා: මහන‍්තං සීලක‍්ඛන්‍ධං. එසි ගවෙසි පරියෙසීති මහෙසි -පෙ- ‘කහං නරාසභො’ති මහෙසීති ‘එතාභිනන්‍දාමි වචො මහෙසිනො’

එතාභිනන්‍දාමි වචො මහෙසිනො, යනු: ‘එතං’ යි: මුඹ වහන්සේ ගේ කියමන, වාක්‍යපථය දේශනය අනුශාසනය දක්වා කීම පිළිගනිමි, (එයට) සතුටු වෙමි, (එය) අනුමෝදන් වෙමි, ඉස්නෙමි, ඉවසමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඊප්සා කෙරෙමි, අභිජල්පනය කෙරෙමි. මහෙසිනො යනු: කුමක් හෙයින් බුදුහු මරහ්ෂී වෙත් ද? යත්: මහත් වූ, ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි මහර්ෂී හ. ... “නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ” යි මහර්ෂී වෙත් නුයි ‘එතාභිනන්‍දාමි වචො මහෙසිනො’ යනු වේ.

සුකිත‍්තිතං ගොතම නූපධීකන‍්ති ‘සුකිත‍්තිත’න‍්ති සුකිත‍්තිතං සු ආචික‍්ඛිතං සුදෙසිතං සුපඤ‍්ඤපිතං සුපට‍්ඨපිතං සුවිවරිතං සුවිභජිතං සුඋත‍්තානීකතං සුපකාසිතන‍්ති ‘සුකිත‍්තිතං’.

සුකිත්තිතං ගොතම නූපධීකං යනු: ‘සුකිත්තිතං’ යි: මොනොවට ප්‍රකාශ කරන ලද, මොනොවට කියන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවන ලද, මොනොවට පිහිටුවන ලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට නො ගැඹුරු කරන ලද, මොනොවට පවසන ලද නුයි ‘සුකිත්තිතං’ යනු වේ.

ගොතම නූපධීකන‍්ති උපධී වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. උපධිපහානං උපධිවුපසමං උපධිපටිනිස‍්සග‍්ගං උපධිපටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘සුකිත‍්තිතං ගොතමනූපධීකං’.

ගොතම නුපධීකං යනු: ක්ලේශයෝ ද, ස්කන්‍ධයෝ ද, අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති. උපධි ප්‍රහාණය, උපධි සන්හිඳුවීම, උපධි හැරපීම, උපධි ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධිය අමාමහනිවන නුයි ‘සුකිත්තිතං ගොතම නුපධීකං’ යනු වේ.

අද‍්ධා හි භගවා පහාසි දුක‍්ඛන‍්ති’ ‘අද‍්ධා’ති එකංසවචනං නිස‍්සංසයවචනං නික‍්කඞ‍්ඛාවචනං අද‍්වෙජ‍්ඣවචනං අද‍්වෙළ‍්හකවචනං නියොගවචනං අපන‍්නකවචනං අවත්‍ථානවචනමෙතං ‘අද‍්ධා’ති භගවාති ගාරවාධිවචනං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං ‘භගවා’ති. පහාසි දුක‍්ඛන‍්ති ජාතිදුක‍්ඛං ජරාදුක‍්ඛං ව්‍යාධිදුක‍්ඛං මරණදුක‍්ඛං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසදුක‍්ඛං පහාසි පජහි විනොදෙසි බ්‍යන‍්තීකරොසි අනභාවං ගමෙසීති ‘අද‍්ධා හි භගවා පහාසි දුක‍්ඛං’.

අද්ධා හි භගවා පහාසි දුක්ඛං යනු: ‘අද්ධා’ යනු: ඒකාන්ත වචන යැ, නිස්සංශය වචන යැ, නිසැක වචන යැ, අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ, නියෝග වචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල සාක්‍ෂාත් කරණයෙන් උපන් ප්‍රඥප්තියෙකි. පහාසි දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලූහ, බැහැර කළහ, විනෝදනය කළහ. විගතාන්ත කළහ, අනු අභාවයට යැවූහු නුයි ‘අද්ධා හි භගවා පහාසි දුක්ඛං’ යනු වේ.

තථා හි තෙ විදිතො එස ධම‍්මොති තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම‍්මො ති ‘තථා හි තෙ විදිතො එස ධම‍්මො’.

තථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: ඒ එසේ මැ යි, මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද, තුලනය කරන ලද, තීරණය කරන ලද, ප්‍රකට කරන ලද, විභාවනය කරන ලද නුයි ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“එතාභිනන්‍දාමි වචො මහෙසිනො සුකිත‍්තිතං ගොතම නූපධීකං, අද‍්ධාහි භගවා පහාසි දුක‍්ඛං තථා හි තෙ විදිතො එස ධම‍්මො”ති.

“එතාභිනන්දාමි වචො මහෙසිනො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.