යෙදුමෙන් කියවන්න

4. 10

4. 10.

4. 10.

තෙ චාපි නූන පජහෙය්‍යු දුක‍්ඛං යෙ ත්‍වං මුනී අට‍්ඨිතං ඔවදෙය්‍ය, තං තං නමස‍්සාමි සමෙච‍්ච නාගං අප‍්පෙව මං භගවා අට‍්ඨිතං ඔවදෙය්‍ය.

මුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැවි.

තෙ චාපි නූන පජහෙය්‍යු දුක‍්ඛන‍්ති: ‘තෙචාපී’ති: ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච. පජහෙය්‍යු දුක‍්ඛන‍්ති ජාතිදුක‍්ඛං ජරාදුක‍්ඛං ව්‍යාධිදුක‍්ඛං මරණදුක‍්ඛං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසදුක‍්ඛං පජහෙය්‍යුං විනොදෙය්‍යුං බ්‍යන‍්තීකරෙය්‍යුං අනභාවං ගමෙය්‍යුන‍්ති ‘තෙ චාපි නූන පජහෙය්‍යු දුක‍්ඛං’.

තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං යනු: ‘තෙචා’පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. පජහෙය්‍යු දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලන්නාහ, බැහැර ලන්නාහ, විගතාන්ත කරන්නාහ, අනුඅභාවයට යවන්නාහු’ යි ‘තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං’ යනු වේ.

යෙ ත්‍වං මුනී අට‍්ඨිතං ඔවදෙය්‍යාති: ‘යෙති: ඛත‍්තියෙ ච බ්‍රාහ‍්මණෙ ච වෙස‍්සෙ ච සුද‍්දෙ ච ගහට‍්ඨෙ ච පබ‍්බජිතෙ ච දෙවෙ ච මනුස‍්සෙ ච. ත්‍වන‍්තී: භගවන‍්තං භණති. මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී. අට‍්ඨිතං ඔවදෙය්‍යාති: අට‍්ඨිතං ඔවදෙය්‍ය සක‍්කච‍්චං ඔවදෙය්‍ය, අභිණ‍්හං ඔවදෙය්‍ය, පුනප‍්පුනං ඔවදෙය්‍ය, අනුසාසෙය්‍යාති යෙ ත්‍වං මුනී අට‍්ඨිතං ඔවදෙය්‍ය.’

යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු: ‘යෙ’ යනු: ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද ගෘහස්ථයන් ද ප්‍රව්‍රජිතයන් ද දෙවියන් ද මිනිසුන් ද. ත්‍වං යනු: භාග්‍යවතුන් වහන්සේ අමතයි. මුනී යනු: ඥානය ‘මොන’ යයි කියනු ලැබේ ... ඒ මුනි තෙම සඞ්ගජාලය ඉක්ම සිටුනේ යි. අට්ඨිතං ඕවදෙය්‍ය යනු: නො නැවැත අවවාද කළ මැනැව, සකසා අවවාද කළ මැනැව, එක්වන් අවවාද කළ මැනැව, පුනපුනා අවවාද කළ මැනැව, අනුශාසනා කළ මැනැව නුයි ‘යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු වේ.

තං තං නමස‍්සාමි සමෙච‍්ච නාගන‍්ති: ‘තන‍්ති’ භගවන‍්තං භණති. නමස‍්සාමීති කායෙන වා නමස‍්සාමි, වාචාය වා නමස‍්සාමි, චිත‍්තෙන වා නමස‍්සාමි අන්‍වත්‍ථපටිපත‍්තියා වා නමස‍්සාමි, ධම‍්මානුධම‍්මපටිපත‍්තියා වා නමස‍්සාමි, සක‍්කරොමි, ගරුකරොමි, මානෙමි, පූජෙමි. සමෙච‍්චාති සමෙච‍්ච අභිසමෙච‍්ච සමාගන‍්ත්‍වා අභිසමාගන‍්ත්‍වා සම‍්මුඛා තං නමස‍්සාමි. නාගන‍්ති නාගො ච භගවා, ‘ආගුං න කරොතීති නාගො, න ගච‍්ඡන‍්තීති නාගො, න ආගච‍්ඡන‍්තීති නාගො. කථං භගවා ආගුං න කරොතීති නාගො: ‘ආගු’ වුච‍්චති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජරාමරණීයා.

තං තං නමස්සාමි සමෙච්ච නාගං යනු: ‘තං’ යි බුදුන් අමතයි. නමස්සාමි යනු: කයින් හෝ නමදිමි, වචනයෙක් හෝ නමදිමි, සිතින් හෝ නමදිමි, අර්‍ත්‍ථානුගත ප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, සත්කාර කෙරෙමි, ගරුකාර කෙරෙමි, මානනය කෙරෙමි, පූජනය කෙරෙමි. සමෙච්ච යනු: එළඹ ප්‍රතිවේධ කොට හමු වැ සමීපයට පැමිණ හමුයෙහි මුඹ වහන්සේ නමදිමි. නාගං යනු: භාග්‍යවතුන් වහන්සේ නාග ද වෙති: පව් නො කෙරෙත් නුයි නාග යැ, අගති වශයෙන් නො යෙත් නුයි නාග යැ, (ප්‍රහීණ කෙලෙසුන් කරා) නො එත් නුයි නාග යැ. කිසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි නාග නම් වෙත් ද යත්: සංක්ලෙශපක්ෂයෙහි වූ පුනර්‍භවය කරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙති.

12 “ආගුං න කරොති කිඤ‍්චි ලොකෙ (සභියාති භගවා) සබ‍්බසංයොගෙ විසජ‍්ජ බන්‍ධනානි, සබ‍්බත්‍ථ න සජ‍්ජතී විමුත‍්තො නාගො තාදී පවුච‍්චතෙ තථත‍්තා”ති.

12 (බුදුහු මෙසේ වදාළහ: සභියමාණවකයෙනි,) යමෙක් ලොවැ අල්පමාත්‍ර වූ ද, පාපයක් නො කෙරේ ද හෙතෙම හැම සංයොගයෙහි බන්ධනයන් හැර පියා විමුක්ත වූයේ (ස්කන්‍ධාදි) කිසි තැනෙකැ නො ලැගෙයි, එබඳු වූ තාදී තෙම ‘නාග’ යයි කියනු ලැබේ.

එවං භගවා ‘ආගුං න කරොතීති නාගො.

මෙසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි ‘නාග’ නම් වෙති.

කථං න භගවා න ගච‍්ඡතීති නාගො: භගවා න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති, න මොහවසෙන ගච‍්ඡති, න මානවසෙන ගච‍්ඡති, න දිට‍්ඨිවසෙන ගච‍්ඡති, න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති, න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති, න අනුසයවසෙන ගච‍්ඡති, න වග‍්ගෙහි ධම‍්මෙහි සායති, නිය්‍යති වුය‍්හති සංහරීයති. එවං භගවා ‘න ගච‍්ඡතී’ති නාගො.

කි සෙයින්, බුදුහු අගතියට නො යෙත් නුයි ‘නාග’ නම් වෙත් ද යත්: බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයෙන් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මෝහ වශයෙන් නො යෙති, මාන වශයෙන් නො යෙති, දෘෂ්ටි වශයෙන් නො යෙති, ඖද්ධත්‍ය වශයෙන් නො යෙති, විචිකිත්සා වශයෙන් නො යෙති, අනුශය වශයෙන් නො යෙති, ව්‍යග්‍ර ධර්‍මයන් විසින් නො යවනු ලැබෙති, නො පමුණුවනු ලැබෙති, නූසුලනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් නො යෙත් නුයි බුදුහු ‘නාග’ නම් වෙති.

කථං භගවා න ආගච‍්ඡතීති නාගො: සොතාපත‍්තිමග‍්ගෙ යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති, න පච‍්චාගච‍්ඡති. සකදාගාමිමග‍්ගෙන-අනාගාමිමග‍්ගෙන-අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති. එවං න ආගච‍්ඡතී’ති ‘නාගොති’. ‘තං තං නමස‍්සාමි සමෙච‍්ච නාගං’.

කිසෙයින් බුදුහු නො එත් නුයි ‘නාග’ නම් වෙත් ද? යත්: සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින් අනගැමි මඟින් රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති. මෙසෙයින් බුදුහු නො එතී ‘නාග’ වෙත් නුයි ‘තං තං නමස්සාමි සමෙච්ච නාගං’ යනු වේ.

අප‍්පෙව මං භගවා ඔවදෙය්‍යාති. අප‍්පෙව මං භගවා අට‍්ඨිතං ඔවදෙය්‍ය, සක‍්කච‍්චං ඔවදෙය්‍ය, අභිණ‍්හං ඔවදෙය්‍ය, පුනප‍්පුනං ඔවදෙය්‍ය, අනුසාසෙය්‍යාති ‘අප‍්පෙව මං භගවා අට‍්ඨිතං ඔවදෙය්‍ය’.

අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය යනු: භාග්‍යවතුන් වහන්සේ මට නො කඩ කොට අවවාද කරන්නාහු නම් සකසා අවවාද කරන්නාහු නම් එක්වන් අවවාද කරන්නාහු නම් පුනපුනා අවවාද කරන්නාහු නම් අනුශාසනා කරන්නාහු නම් මැනැව නුයි ‘අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“තෙ චාපි නූන පජහෙය්‍යු දුක‍්ඛං යෙ ත්‍වං මුනී අට‍්ඨිතං ඔවදෙය්‍ය, තං තං නමස‍්සාමි සමෙච‍්ච නාගං අප‍්පෙව මං භගවා අට‍්ඨිතං ඔවදෙය්‍යා”ති.

“තෙ චා’පි නූනපජහෙය්‍යු දුක්ඛං -පෙ- අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය” යි.