යෙදුමෙන් කියවන්න

4. 11

4. 11.

4. 11.

යං බ්‍රාහ‍්මණං වෙදගුං ආභිජඤ‍්ඤා අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං, අද‍්ධා හි සො ඔඝමිමං අතාරි තිණ‍්ණො ච පාරං අඛිලො අකඞ‍්ඛො.

(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්‍ගඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝ තරණය කළා වූ ද (රාගාදි ඛිල රහිත වූ දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණ පාරයට ගියේ යි.

යං බ්‍රාහ‍්මණං වෙදගුං ආභිජඤ‍්ඤාති ‘බ්‍රාහ‍්මණො’ති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො: සක‍්කායදිට‍්ඨි බාහිතා හොති, විචිකිච‍්ඡා බාහිතා හොති, සීලබ‍්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.

යං බ්‍රාහ්මණං වෙදගුංආභිජඤ්ඤා යනු: බ්‍රාහ්මණො’යි සප්ත ධර්‍ම කෙනකුන් දුරු කළ බැවින් බ්‍රාහ්මණ යැ: සත්කාය දෘෂ්ටිය දුරු කරන ලද වෙයි, විචිකිත්සාව- ශීල ව්‍රත පරාමර්‍ශය-රාගය- ද්වේෂය- මෝහය- මානය- දුරු කරන ලද වෙයි. ඔහු විසින් සාංක්ලේශික වූ පුනර්‍භවය කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක ඇති ආයති භවයෙහි ජාතිජරාමරණය පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ දුරු දරන ලද්දාහු වෙත්.

13. “බාහෙත්‍වා සබ‍්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත‍්තො, සංසාරමතිච‍්ච කෙවලී සො අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා”

13. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මොනොවට සමාහිත වු, ලෝකධර්මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්ම සිටි, නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද ලෝක ධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වේ.

වෙදගූති: ‘වෙදො’ වුච‍්චති චතුසු මග‍්ගෙසු ඤාණං -පෙ- සබ‍්බවෙරමතිච‍්ච වෙදගූ සො. ආභිජඤ‍්ඤාති අභිජානෙය්‍ය, ආජානෙය්‍ය, විජානෙය්‍ය, පටිවිජානෙය්‍ය, පටිවිජ‍්ඣෙය්‍යාති ‘යං බ්‍රාහ‍්මණං වෙදගුං ආභිජඤ‍්ඤා.’

වේදගු යනු: සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යි කියනු ලැබෙයි.... හෙතෙම සියලු වෛරය ඉක්ම වේදගූ වෙයි. ආභිජඤ්ඤා යනු: වෙසෙසින් දන්නේ යැ එකත්නෙන් දන්නේ යැ නොයෙක් අයුරින් දන්නේ යැ ඒ ඒ කරුණු නිසා දන්නේ යැ ප්‍රතිවේධ කරන්නේ යැ නුයි ‘යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා’ යනු වේ.

අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තන‍්ති: ‘අකිඤ‍්චනං’ ති: රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං. යස‍්සෙතෙ කිඤ‍්චනා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘අකිඤ‍්චනො’. කාමාති: උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. භවාති: ද‍්වෙ භවා: කම‍්මභවො ච පටිසන්‍ධිකො ච පුනබ‍්භවො -පෙ- අයං පටිසන්‍ධිකො පුනබ‍්භවො.

අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: ‘අකිඤ්චනං’ යයි: රාග පළිබෝධ යැ ද්වේෂ පළිබෝධ යැ මෝහ පළිබෝධ යැ මාන පළිබෝධ යැ දෘෂ්ටි පළිබෝධ යැ ක්ලේශ පළිබෝධ යැ දුශ්චරිත පළිබෝධ යි. යමක්හට මේ පළිබෝධයෝ ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු ව්‍යුපශාන්ත වූවාහු සන්හිඳුණාහු අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) වූවාහු නුවණ ගින්නෙන් දැවුණාහු වෙත් ද, හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ, යි කාම දෙකෙකි ... මොහු වස්තුකාමහ’යි කියනු ලැබෙති... මොහු ක්ලෙශකාමහ’ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි භව දෙකෙකි.... මේ ප්‍රතිසන්ධික පුනර්‍භව යැ.

අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තන‍්ති: අකිඤ‍්චනං පුග‍්ගලං කාමභවෙ ච අසත‍්තං අලග‍්ගං අලග‍්ගිතං අපළිබුද‍්ධං නික‍්ඛන‍්තං නිස‍්සටං විප‍්පමුත‍්තං විසංයුත‍්තං විමරියාදීකතෙන චෙතසා විහරන‍්තන‍්ති ‘අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං’

අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: පළිබෝධ රහිත පුඟුලක්හු කාමභවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්නා ලද නො බැඳුණු නික්මුණු බැහැර වූ වෙසෙසින් මිදුණු විසංයුක්ත වූ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වාසය කරන්නාහු නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.

අද‍්ධා හි සො ඔඝමිමං අතාරීති: ‘අද‍්ධා’ති: එකංසවචනං -පෙ- අවත්‍ථාපනවචනමෙතං ‘අද‍්ධා’ති. ඔඝන‍්ති: කාමොඝං භවොඝං දිට‍්ඨොඝං අවිජ‍්ජොඝං. අතාරීති: අතරි උත‍්තරි පතරි සමතික‍්කමි. වීතිවත‍්තයීති ‘අද‍්ධා හි සො ඔඝමිමං අතාරි.’

අද්ධා හි සො ඔඝමිමං අතාරී යනු: ‘අද්ධා’ යයි: ඒකාන්තවචන යැ ... තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචනයෙකි. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දිට්ඨොඝ යැ අවිජ්ජොඝ යි. අතාරි යනු: තරණ-උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණ කෙළේ යැ ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ නුයි ‘අද්ධා හි සො ඔඝමිමං අතාරී’ යනු වේ.

තිණ‍්ණො ච පාරං අඛිලො අකඞ‍්ඛොති: ‘තිණ‍්ණො’ති: කාමොඝං තිණ‍්ණො, භවොඝං තිණ‍්ණො, දිට‍්ඨොඝං තිණ‍්ණො, අවිජ‍්ජොඝං තිණ‍්ණො, සංසාරපථං තිණ‍්ණො, උත‍්තිණ‍්ණො නිත‍්තිණ‍්ණො අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තො, සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො ගතද‍්ධො ගතදිසො ගතකොටිකො පාලිතබ්‍රහ‍්මචරියො උත‍්තමදිට‍්ඨිප‍්පත‍්තො භාවිතමග‍්ගො පහීනකිලෙසො පටිවිද‍්ධාකුප‍්පො සච‍්ඡිකතනිරොධො. දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං, සමුදයො පහීනො, මග‍්ගො භාවිතො, නිරොධො සච‍්ඡිකතො, අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං, පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං, පහාතබ‍්බං පහීනං, භාවෙතබ‍්බං භාවිතං, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. සො උක‍්ඛිත‍්තපලිඝො සඞ‍්කිණ‍්ණපරිඛො අබ‍්බූළ‍්හෙසිකො නිරග‍්ගලො අරියො පන‍්නධජො පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො පඤ‍්චඞ‍්ගවිප‍්පහීනො ඡළඞ‍්ගසමන‍්නාගතො එකාරක‍්ඛො චතුරපස‍්සෙනො පනුණ‍්ණපච‍්චෙකසච‍්චො සමවයසට‍්ඨෙසනො අනාවිලසඞ‍්කප‍්පො පස‍්සද‍්ධකායසංඛාරො සුවිමුත‍්තචිත‍්තො සුවිමුත‍්තපඤ‍්ඤො කෙවලී වුසිත්‍වා උත‍්තමපුරිසො පරමපුරිසො පරමප‍්පත‍්තිපත‍්තො.

තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො යනු: තිණ්ණො යි: කාමෝඝය තරණය කෙළේ යැ භවොඝය තරණය කෙළේ යැ දිට්ඨොඝය තරණය කෙළේ යැ අවිජ්ජෝඝය තරණය කෙළේ යැ සසර කතර තරණය කෙළේ යැ උත්තරණය කෙළේ යැ නිස්තරණය කෙළේ යැ ඉක්ම වූයේ යැ මොනොවට ඉක්ම වූයේ යැ ඉක්ම සිටියේ යැ හෙතෙම (දශවිධ ආර්‍ය්‍ය වාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්ම වූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශේෂ නිර්‍වාණ) කෝටියට පැමිණ සිටියේ, රක්‍ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්ග ඇත්තේ, ප්‍රහීණ ක්ලේශ ඇත්තේ, ප්‍රතිවේධ කළ (අර්‍හත්ඵල සංඛ්‍යාත) අකෝප්‍යය ඇත්තේ, සාක්‍ෂාත්කෘත නිරෝධ ඇත්තේ වෙයි. ඔහු විසින් දුක පිරිසිඳ දන්නා ලද යැ, සමුදය ප්‍රහාණය කරන ලද යැ, මාර්‍ගය වඩන ලද යැ, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ලද. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්‍ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කරන ලද යැ, වැඩිය යුත්ත වඩන ලද යැ, ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන ලද. හෙතෙම නඟන ලද අවිද්‍යාපරිඝ ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්මාභිසංස්කාර පරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා ඒෂිකා ඇත්තේ යැ, (ඕරම්භාගිය සංයෝජන සංඛ්‍යාත) අගුළු රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලේශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද (ස්කන්‍ධාදි) බර ඇත්තේ යැ, සංයොග රහිත යැ, (කාමච්ඡන්‍දාදි) පඤ්චාංග විප්‍රහීණ යැ, ෂඩංග (උපේක්‍ෂායෙන්) සමන්‍වාගත යැ, (ස්මෘති සංඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන් ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍යය ඇත්තේ යැ, මොනොවට හරන ලද සියලු ඒෂණා (සෙවීම්) ඇත්තේ යැ, නො කැළඹූණු සංකල්ප ඇත්තේ යැ, සන්හිඳුණු කාය සංස්කාර ඇත්තේ යැ, මොනොවට මිදුණු සිත් ඇත්තේ යැ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ යැ පරිපූර්‍ණ යැ. වුසූ බඹසර ඇත්තේ යැ, උත්තම පුරුෂ යැ, පරම පුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.

සො නෙව ආචිනාති, න අපචිනාති, අපචිනිත්‍වා ඨිතො, නෙව පජහති, න උපාදියති, පජහිත්‍වා ඨිතො, නෙව විසිනෙති, නඋස‍්සිනෙති, විසිනෙත්‍වා ඨිතො. නෙව ධූපෙති, න සන්‍ධූපෙති, විධූපෙත්‍වා ඨිතො. අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතත‍්තා ඨිතො.

හෙතෙම (කුශලාකුශල විපාකය) රැස් නො කරයි, (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධවංසනය නො කෙරෙයි, කෙලෙසුන් නසා සිටියේ වෙයි, (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි, (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි, (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි, (තෘෂ්ණා වශයෙන්) නො මැ සීවනය (බැඳීම) කෙරෙයි, (මාන වශයෙන්) උත්කර්ෂණය නො කෙරෙයි, තෘෂ්ණා බන්‍ධනය දුරු කොට සිටියේ වෙයි, (කෙලෙස් ගිනි) නො මැ නිවයි, නො ද දල්වයි, නිවා සිටියේ වෙයි. අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ

අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන-පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන-විමුත‍්තික‍්ඛන්‍ධෙන-විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො ඨිතො. සච‍්චං සම‍්පටිපාදියිත්‍වා ඨිතො. එජං සමතික‍්කමිත්‍වා ඨිතො. කිලෙසග‍්ගිං පරියාදියිත්‍වා ඨිතො. අපරි ගමනතාය ඨිතො, කථං සමාදාය ඨිතො, මුත‍්තිපටිසෙවනතාය ඨිතො. මෙත‍්තාය පාරිසුද‍්ධියා ඨිතො, කරුණාය-මුදිතාය-උපෙක‍්ඛාය පරිසුද‍්ධියා ඨිතො, අච‍්චන‍්තපාරිසුද‍්ධියා ඨිතො, අකම‍්මයතාය, පරිසුද‍්ධියා ඨිතො, විමුත‍්තත‍්තා ඨිතො, සංතුසිතත‍්තා ඨිතො, ඛන්‍ධපරියන‍්තෙ ඨිතො, ධාතුපරියන‍්තෙ ඨිතො, ආයතනපරියන‍්තෙ ඨිතො, ගතිපරියන‍්තෙ ඨිතො, උප‍්පත‍්තිපරියන‍්තෙ ඨිතො, පටිසන්‍ධිපරියන‍්තෙ ඨිතො, භවපරියන‍්තෙ ඨිතො, සංසාරපරියන‍්තෙ ඨිතො, වට‍්ටපරියන‍්තෙ ඨිතො, අන‍්තිමෙ භවෙ ඨිතො, අන‍්තිමෙ සමුස‍්සයෙ ඨිතො, අන‍්තිමදෙහධරො අරහා.

අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - ප්‍රඥා ස්කන්‍ධයෙන් - විමුක්ති ස්කන්‍ධයෙන් - විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවේධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්ම සිටියේ, කෙලෙස් ගිනි ගෙවා සිටියේ, සසර ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්ති ප්‍රතිසෙවන භාවයෙන් සිටියේ, මෛත්‍රී-පාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මෘදාතා - උපේක්‍ෂා පාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්ත පාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (තෘෂ්ණා-දෘෂ්ටි-මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, (හැම කෙලෙසුන් කෙරෙන්) විමුක්ත බැවින් සිටියේ, සන්තුෂ්ට භාවයෙහි සිටියේ, ස්කන්‍ධ පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතු පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතන පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, උපප්‍රාප්ති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්‍ධි පර්‍ය්‍යන්තයෙහි සිටියේ, භව පර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාර පර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිම භවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, අර්‍හන් වූයේ වේ.

14. “තස‍්සායං පච‍්ඡිමකොටි-චරිමොයං සමුස‍්සයො, ජාතිමරණ සංසාරො-නත්‍ථි තස‍්ස පුනබ‍්භවො”ති

14. “ඒ, රහත්හුගේ, මේ පශ්චිම කෙළවර වෙයි, මේ අන්තිම ශරීරය වෙයි, ජාතිමරණ සංසාරය, පුනර්‍භවය ඔහුට නැත්තේ යි.”

තිණ‍්ණො ච පාරන‍්ති ‘පාරං’ වුච‍්චති අමතං නිබ‍්බානං “යො සො සබ‍්බසංඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං” සො පාරගතො පාරප‍්පත‍්තො අන‍්තගතො අන‍්තප‍්පත‍්තො. කොටිගතො කොටිප‍්පත‍්තො පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො වොසානගතො වොසානප‍්පත‍්තො තාණගතො තාණප‍්පත‍්තො ලෙනගතො ලෙනප‍්පත‍්තො සරණගතො සරණප‍්පත‍්තො අභයගතො අභයප‍්පත‍්තො අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො අමතගතො අමතප‍්පත‍්තො නිබ‍්බානගතො නිබ‍්බානප‍්පත‍්තො සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවො”ති ‘තිණ‍්ණො ච පාරං’.

තිණ්ණොච පාරං යනු: අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබෙයි, යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛනිරෝධයෙක් වේ ද ඒ නිර්‍වාණය යි. හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියේ අන්තයට පැමිණියේ, කෙළවරට ගියේ, කෙළවරට පැමිණියේ, (ආයතනාදි ලෝක) පර්‍ය්‍යන්තයට ගියේ, පර්‍ය්‍යන්තයට පැමිණියේ, අවසානයට ගියේ,අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ, ත්‍රාණයට පැමිණියේ, ලෙනයට ගියේ, ලෙනයට පැමිණියේ, සරණයට ගියේ, සරණයට පැමිණියේ, අභයට (ක්‍ෂේමයට) ගියේ, අභයට පැමිණියේ, අච්‍යුතියට ගියේ, අච්‍යුතියට පැමිණියේ, අමෘතයට ගියේ, අමෘතයට පැමිණියේ, නිර්‍වාණයට ගියේ, නිර්‍වාණයට පැමිණියේ, හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාස) වැස නිම වූයේ, ... (ශීලයෙන් සමාපත්තීන්හි) චීර්ණවශී වූයේ ... ජාතිමරණසංසාරසංඛ්‍යාත පුනර්‍භවය ඔහුට නැත් නුයි ‘තිණ්ණො ච පාරං’ යනු වේ.

අඛිලොති රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො කොධො ඛිලො උපනාහො ඛිලො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා ඛිලා, යස‍්සෙතෙ ඛිලා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘අඛිලො’.

අඛිලො යනු: රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. යමක්හට මේ ඛිලයෝ ප්‍රහීණ වූවාහු ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) ද නුවණ ගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අඛිල’ යයි කියනු ලැබේ.

අකඞ‍්ඛොති දුක‍්ඛෙ කඞ‍්ඛා, දුක‍්ඛසමුදයෙ කඞ‍්ඛා, දුක‍්ඛනිරොධෙ කඞ‍්ඛා, දුක‍්ඛනිරොධගාමිණියා පටිපදාය කඞ‍්ඛා, පුබ‍්බන‍්තෙ කඞ‍්ඛා, අපරන‍්තෙ කඞ‍්ඛා, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛා, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා. යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො. යස‍්සෙතෙ කඞ‍්ඛා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘අකඞ‍්ඛොති’ තිණ‍්ණො ච පාරං අඛිලො අකඞ‍්ඛො’.

අකඞ්ඛො යනු: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි සැක යැ, පූර්‍වාන්තයෙහි සැක යැ අවරාන්තයෙහි සැක යැ පූර්වාවරාන්තයෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා සංඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යයි. යම් මෙ බඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (නිශ්චය කළ නො හැකි වැ) අරමුණෙහි පසු බැස්මෙක් (අරමුණට බැසගත නො හැකි වැ) හාත්පසින් පසු බැස්මෙක් (අරමුණෙහි) නො බැසගැන්මෙක් චිත්තයා ගේ තද බවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. යමක්හට තෙල සැකය ප්‍රහීණ ද මුලුසුන් වූයේ ද සන්හිඳුණේ ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද වටාලා උපදනට නො නිසි ද නුවණ ගින්නෙන් දවන ලද ද හෙතෙම ‘අකඞ්ඛ’ යයි කියනු ලැබේ නුයි ‘තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යං බ්‍රාහ‍්මණං වෙදගුං ආභිජඤ‍්ඤා අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං, අද‍්ධා හි සො ඔඝමිමං අතාරි තිණ‍්ණො ච පාරං අඛිලො අකඞ‍්ඛො”ති.

“යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා -පෙ- තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො” යී.