යෙදුමෙන් කියවන්න

4. 12

4. 12.

4. 12.

විද‍්වා ච යො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ‍්ගමිමං විසජ‍්ජ, සො වීතතණ‍්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමි.

තවද මෙසස්නෙහි (ආත්මභාවයෙහි හෝ) විද්වත් වූ ඥාන වෙදයෙන් නිවනට පැමිණි යම් සත්ත්‍වයෙක් කුදු-මහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.

විද‍්වා ච යො වෙදගූ නරො ඉධාති ‘විද‍්වා’ති විද‍්වා විජ‍්ජාගතො ඤාණී විභාවී මෙධාවී. යො ති යාදිසො -පෙ- දෙවො වා මනුස‍්සො වා. වෙදගූති ‘වෙදා’ වුච‍්චන‍්ති චතුසු මග‍්ගෙසු ඤාණං “පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො වීමංසා විපස‍්සනා සම‍්මාදිට‍්ඨි.” තෙහි වෙදෙහි ජාතිජරාමරණස‍්ස අන‍්තගතො අන‍්තප‍්පත‍්තො කොටිගතො කොටිප‍්පත‍්තො පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො වොසානගතො වොසානප‍්පත‍්තො තාණගතො තාණප‍්පත‍්තො ලෙනගතො ලෙනප‍්පත‍්තො සරණගතො සරණප‍්පත‍්තො අභයගතො අභයප‍්පත‍්තො අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො අමතගතො අමතප‍්පත‍්තො නිබ‍්බානගතො නිබ‍්බානප‍්පත‍්තො. ‘වෙදානං වා අන‍්තගතො’ති වෙදගූ, ‘වෙදෙහි වා අන‍්තගතො’ති වෙදගූ’ සත‍්තන‍්නං වා ධම‍්මානං විදිතත‍්තා වෙදගූ: සක‍්කායදිට‍්ඨි විදිතා හොති, විචිකිච‍්ඡා-සීලබ‍්බතපරාමාසො-රාගො-දොසො-මොහො-මානො විදිතො හොති, විදිතාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා:

විද්වා ච යො වේදගූ නරෝ ඉධ - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (තුලනය කළ ඥාන) ඇතියේ. යො යනු: යමෙක් යම් බඳුයෙක් ... දෙවි වේවයි මිනිස් වේවයි. වේදගු යනු: සතර මාර්‍ගයෙහි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ. ප්‍රඥා යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ප්‍රඥාබල යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීමංසා යැ විදර්‍ශනා යැ සම්‍යග්දෘෂ්ටි යි. ඒ මාර්‍ගඥාන වේදයන් ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ නිලීනයට ගියේ නිලීනයට පැමිණියේ ප්‍රතිෂ්ඨාවට ගියේ ප්‍රතිෂ්ඨාවට පැමිණියේ නිර්භයට ගියේ නිර්භයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙද (දතයුතු ධර්‍ම) යන් ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතර මාර්‍ගඥාන වෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගූ’ යැ, නොහොත් සප්ත ධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත (දන්නා ලද) වෙයි. විචිකිත්සාව - ශීලව්‍රත පරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලේශදරථ සහිත වූ දුඃඛ විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ විදිත වූවාහු වෙත්.

15. “වෙදානි විචෙය්‍ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානි පත්‍ථී බ්‍රාහ‍්මණානං සබ‍්බවෙදනාසු වීතරාගො සබ‍්බං වෙදමතිච‍්ච වෙදගූ සො”ති.

15 (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අනි පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් ‘වේදගූ’ නම් වේ යයි.

නරොති: සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගු ජන‍්තු ඉන්‍දගු හින්‍දගු මනුජො. ඉධාති ඉමිස‍්සා දිට‍්ඨියා -පෙ- ඉමස‍්මිං මනුස‍්සලොකෙ ‘විද‍්වා ච යො වෙදගූ නරො ඉධ’.

නරෝ යනු: සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගූ යැ (මරණයට යේ නුයි) හින්දගූ යැ මනුජ යැ: ඉධ යනු: මේ දෘෂ්ටියෙහි ... මේ මිනිස් ලොවැ නුයි ‘විද්වා ච යො වේදගූ නරෝ ඉධ’ යනු වේ.

භවාභවෙ සඞ‍්ගමිමං විසජ‍්ජාති-‘භවාභවෙ’ති: භවාභවෙ කම‍්මභවෙ පුනබ‍්භවෙ, කාමභවෙ කම‍්මභවෙ කාමභවෙ පුනබ‍්භවෙ, රූපභවෙ කම‍්මභවෙ රූපභවෙ පුනබ‍්භවෙ, අරූපභවෙ කම‍්මභවෙ අරූපභවෙ පුනබ‍්භවෙ පුනප‍්පුනභවෙ පුනප‍්පුනගතියා පුනප‍්පුනඋප‍්පත‍්තියා පුනප‍්පුනපටිසන්‍ධියා පුනප‍්පුනඅත‍්තභාවාභිනිබ‍්බත‍්තියා. සඞ‍්ගාති සත‍්තසඞ‍්ගා: රාගසඞ‍්ගො දොසසඞ‍්ගො මොහසඞ‍්ගො මාන-දිට‍්ඨි-කිලෙසසඞ‍්ගො දුච‍්චරිතසඞ‍්ගො. විසජ‍්ජාති: සඞ‍්ගෙ වොස‍්සජිත්‍වා වා විසජ‍්ජ, අථවා සඞ‍්ගෙ බද‍්ධෙ විබද‍්ධෙ ආබද‍්ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධෙ බන්‍ධනෙ ඵොටයිත්‍වා වා විසජ‍්ජ, යථා වය‍්හං වා රථං වා සකටං වා සන්‍දමානිකං වා සජ‍්ජං විසජ‍්ජං කරොන‍්ති විකොපෙන‍්ති, එවමෙව සඞ‍්ගෙ වොස‍්සජිත්‍වා වා විසජ‍්ජ අථවා සඞ‍්ගෙ බද‍්ධෙ විබද‍්ධෙ ආබද‍්ධෙ ලග‍්ගෙ ලග‍්ගිතෙ පළිබුද‍්ධෙ බන්‍ධනෙ ඵොටයිත්‍වා වා විසජ‍්ජාති ‘භවාභවෙ සඞ‍්ගමිමං විසජ‍්ජ.’

භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ - ‘භවාභවෙ’ යනු: භව අභව සංඛ්‍යාත කාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්මවෘත්තයෙහි විපාක වෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තියෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි. සඞ්ගා යනු: සඞ්ගයෝ සත් දෙනෙකි: රාග සඞ්ග යැ ද්වේෂ සඞ්ග යැ මොහසඞ්ග යැ මාන-දෘෂ්ටි-ක්ලෙශසඞ්ග යැ දුශ්චරිතසඞ්ග යි. විසජ්ජ යනු: සඞ්ගයන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළාපියා හෝ හැර, යම්සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් මැ සඞ්ගයන් පරිත්‍යාග කොට හෝ හැරපියා, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළා පියා හෝ හැරපියා නුයි ‘භවාභවෙ සඞ්ගමිමං විසජ්ජා’ යනු වේ.

සො වීතතණ‍්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමීති ‘තණ‍්හා’ති: රූපතණ‍්හා, -පෙ- ධම‍්මතණ‍්හා, යස‍්සෙසා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති වීතතණ‍්හො විගතතණ‍්හො චත‍්තතණ‍්හො වන‍්තතණ‍්හො මුත‍්තතණ‍්හො පහීනතණ‍්හො පටිනිස‍්සට‍්ඨතණ‍්හො වීතරාගො චන‍්නරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතීති සො වීතතණ‍්හො.

සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරී සො ජාතිජරන්ති බ්‍රෑමි - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ .....ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ වූ ද, මුලුසුන් වූ ද, සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවා ද නුවණගින්නෙන් දැවුණා ද, හෙතෙම ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ යැ පහවගිය තෘෂ්ණා ඇත්තේ යැ හරනා ලද තෘෂ්ණා ඇත්තේ යැ, වමාළ තෘෂ්ණා ඇත්තේ යැ මුදන ලද තෘෂ්ණා ඇත්තේ යැ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ යැ දුරැලන ලද තෘෂ්ණා ඇත්තේ යැ වීතරාග වූයේ යැ විගතරාග වූයේ යැ ත්‍යක්තරාග වූයේ යැ වාන්තරාග වූයේ යැ මුක්තරාග වූයේ යැ ප්‍රහීණරාග වූයේ යැ ප්‍රතිනිඍෂ්ට රාග වූයේ යැ තෘෂ්ණා රහිත වූයේ යැ නිවියේ යැ සිහිල් වූයේ යැ (කායික චෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කෙරේ ය යි කියනු ලැබේ. හෙතෙම ‘වීතතණ්හ’ නම.

අනීඝොති රාගො නීඝො, දොසො නීඝො, මොහො නීඝො, කොධො නීඝො, උපනාහො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා නීඝා, යස‍්සෙතෙ නීඝා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘අනීඝො’ නිරාසොති ‘ආසා’ වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.” යස‍්සෙසා ආසා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති ‘නිරාසො’. ජාතීති “යා තෙසං තෙසං සත‍්තානං -පෙ- ආයතනානං පටිලාභො. ජරාති: යා තෙසං තෙසං සත‍්තානං -පෙ- ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච‍්චති ජරා. සො වීතතණ‍්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමීති යො සො වීතතණ‍්හො ච අනීඝො ච නිරාසො ච සො ඛො ජාතිජරා මරණං අතරි උත‍්තරි පතරි සමතික‍්කමි වීතිවත‍්තයීති, බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘සො වීතතණ‍්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමී.’

අනීඝො යනු: රාගය උවදුරෙක ද්වෙශය උවදුරෙක මෝහය උවදුරෙක ක්‍රෝධය උවදුරෙක බද්ධවෛරය උවදුරෙක .....හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හට තෙල උවදුරු ප්‍රහීණ ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවාහු ද නුවණගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අනීඝ’ යි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආසා’ යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් ...අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හට තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම නිරාස’යි කියනු ලැබේ. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් .....ආයතන ප්‍රතිලාභයෙක් වේ ද, ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ....ඉන්‍ද්‍රියයන් ගේ පැසීමෙක් වේ ද මේ ‘ජරා’ යි කියනු ලැබේ. සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ ත් උවදුරු නැත්තේ ත් ආශා රහිත වූයේ ත් වේ ද, හෙතෙම ජාතිජරා මරණය (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙළේ යැ (කෙලෙස් දුරු කෙරෙමින්) උත්තරණය කෙළේ යැ (ප්‍රතිෂ්ඨා හේතු සිඳිමින්) ප්‍රතරණය කෙළේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙළේ යැ (යළි උපදනට නො නිසි කෙරෙමින්) වෙසෙසින් ඉක්මවී යැ යි කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“විද‍්වා ච යො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ‍්ගමිමං විසජ‍්ජ, සො වීතතණ‍්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන‍්ති බ්‍රූමී”ති

“විද්වා ච යො වේදගූ නරෝ ඉධ -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යි.

සහ ගාථාපරියොසානා -පෙ- සත්‍ථා මෙ භගවා සාවකොහමස‍්මීති.

ගාථා පර්‍ය්‍යවසානය හා සමග .....භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමියි.

මෙත‍්තගූ සුත‍්තනිද‍්දෙසො චතුත්‍ථො

සතර වැනි මෙත්තගූ සූත්‍ර නිර්දේශයයි.