යෙදුමෙන් කියවන්න

5. 1

5. 1.

5. 1.

පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙ තං (ඉච‍්චායස‍්මා ධොතකො) වාචා’භිකඞ‍්ඛාමි මහෙසි තුය‍්හං, තව සුත්‍වාන නිග‍්ඝොසං සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො.

(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.)භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැව, මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමා ගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.

පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙ තන‍්ති ‘පුච‍්ඡා’ති තිස‍්සො පුච‍්ඡා: අදිට‍්ඨජොතනා පුච‍්ඡා, දිට‍්ඨසංසන්‍දනා පුච‍්ඡා විමතිච‍්ඡෙදනා පුච‍්ඡා -පෙ- ඉමා තිස‍්සො පුච‍්ඡා -පෙ- නිබ‍්බානපුච‍්ඡා. පුච‍්ඡාමි තන‍්ති: පුච‍්ඡාමි තං, යාචාමි තං, අජ‍්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස‍්සු මෙ’ති ‘පුච‍්ඡාමි තං.’ භගවාති ගාරවාධිවචන මෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති. බ්‍රූහි මෙ තන‍්ති බ්‍රූහි ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජ උත‍්තානීකරොහි පකාසෙහීති ‘පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙ තං’.

පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං යනු: ‘පුච්ඡා’යි පෘච්ඡා තුනෙක: අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි මොහු තුන් පෘච්ඡා යි... නිර්‍වාණ පෘච්ඡා යි. පුච්ඡා මි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණය කෙරෙමි, මුඹ වහන්සේ පහදවමි, මට කිවමැනව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි...මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙ තං යනු: කිව මැනැවැ පැවැසුව මැනැවැ දෙසුව මැනැව පැනවුව මැනැව තැබුව මැනැවැ විවෘත කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං’ යනු වේ.

ඉච‍්චායස‍්මා ධොතකොති: ‘ඉච‍්චා’ති පදසන්‍ධි -පෙ- ආයස‍්මාති පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස්‍යාධිවචන මෙතං ‘ආයස‍්මා’ති. ධොතකොති: තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො නාමං නාමකම‍්මං නාමධෙය්‍යං නිරුත‍්ති බ්‍යඤ‍්ජනං අභිලාපොති ‘ඉච‍්චායස‍්මා ධොතකො’.

ඉච්චායස්මා ධොතකො යනු: ‘ඉච්චා’යි පදසන්ධි යැ...ආයස්මා යනු: ප්‍රියවචන යැ ගුරුවචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රයාධි වචන යි. ධොතකො යනු: එ බමුණුගේ නාම යැ සඞ්ඛ්‍යාවයැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නුයි ‘ඉච්චායස්මා ධොතකො’ යනු වේ.

වාචාභි කඞ‍්ඛාමි මහෙසි තුය‍්හන‍්ති: තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසිට‍්ඨිං කඞ‍්ඛාමි අභිකඞ‍්ඛාමි ඉච‍්ඡාමි සාදියාමි පත්‍ථයාමි පිහයාමි අභිජප‍්පාමි. මහෙසීති මහෙසි භගවා, මහන‍්තං සීලක‍්ඛන්‍ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී -පෙ- කහං නරාසභො’ති මහෙසීති ‘වාචාභිකඞ‍්ඛාමි මහෙසි තුය‍්හං.’

වාචාභිකඞ්ඛාමි මහේසි තුය්හං යනු: මුඹ වහන්සේගේ කීම වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනීය කැමැත්තෙමි, වෙසෙසින් කැමැත්තෙමි ඉස්නෙමි ඉවසමි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි රුස්නෙමි ජල්පන කෙරෙමි. මහේසි යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය ඵෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂීහ...නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහි දැ යි මහර්ෂි වෙත් නුයි ‘වාචාභිකඞ්ඛාමි මහේසි තුයිහං’ යනු වේ.

තව සුත්‍වාන නිග‍්ඝොසන‍්ති තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසිට‍්ඨිං සුත්‍වා සුණිත්‍වා උග‍්ගහෙත්‍වා උපධාරයිත්‍වා උපලක‍්ඛයිත්‍වාති ‘තව සුත්‍වාන නිග‍්ඝොසං.’

තව සුත්‍වාන නිග්ඝොසං යනු: මුඹ වහන්සේ ගේ වචනය වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනය අසාගෙන උශෙන ධරා සලකා නුයි ‘තව සුත්‍වාන නිග්ඝොසං’යනු වේ.

සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනොති: ‘සික‍්ඛා’ති තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා. -පෙ- අයං අධිපඤ‍්ඤාසික‍්ඛා. නිබ‍්බානමත‍්තනොති අත‍්තනො රාගස‍්ස නිබ‍්බාපනාය දොසස‍්ස නිබ‍්බාපනාය, මොහස‍්ස නිබ‍්බාපනාය, කොධස‍්ස නිබ‍්බාපනාය උපනාහස‍්ස නිබ‍්බාපනාය -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ‍්බාපනාය පටිනිස‍්සග‍්ගාය පටිප‍්පස‍්සද‍්ධියා අධිසීලම‍්පි සික‍්ඛෙය්‍ය, අධිචිත‍්තම‍්පි සික‍්ඛෙය්‍ය, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛෙය්‍ය, ඉමා තිස‍්සො සික‍්ඛායො, ආවජ‍්ජන‍්තො සික‍්ඛෙය්‍ය, ජානන‍්තො සික‍්ඛෙය්‍ය, පස‍්සන‍්තො සික‍්ඛෙය්‍ය, පච‍්චවෙක‍්ඛන‍්තො සික‍්ඛෙය්‍ය, චිත‍්තං සමාදහන‍්තො සික‍්ඛෙය්‍ය, සද‍්ධාය අධිමුච‍්චන‍්තො සික‍්ඛෙය්‍ය, විරියං පග‍්ගණ‍්හන‍්තො සික‍්ඛෙය්‍ය, සතිං උපට‍්ඨපෙන‍්තො සික‍්ඛෙය්‍ය, චිත‍්තං සමාදහන‍්තො සික‍්ඛෙය්‍ය, පඤ‍්ඤාය පජානන‍්තො සික‍්ඛෙය්‍ය, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො සික‍්ඛෙය්‍ය, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො සික‍්ඛෙය්‍ය, පහාතබ‍්බං පජහන‍්තො සික‍්ඛෙය්‍ය, භාවෙතබ‍්බං භාවෙන‍්තො සික‍්ඛෙය්‍ය, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛෙය්‍ය, ආචරෙය්‍ය සමාචරෙය්‍ය සමාදාය වත‍්තෙය්‍යාති ‘සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො. ‘

සික්ඛෙ නිබ්බානමත්තනො යනු: ‘සික්ඛා’ යි ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි...මේ අධිප්‍රඥ ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමාගේ රාගය නිවනු පිණිස ද්වේෂය නිවනු පිණිස මෝහය නිවනු පිණිස ක්‍රෝධය නිවනු පිණිස උපනාහය නිවනු පිණිස...හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය පිණිස මතුමත්තෙහි ශමනය පිණිස සන්හිඳුවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ දක්මින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ සිත පිහිටුවමින් හික්මෙන්නේ යැ ශ්‍රද්ධායෙන් අධිමුක්තවෙමින් (බැඳෙමින්) හික්මෙන්නේ යැ වීර්යප්‍රග්‍රහය කෙරෙමින් හික්මෙන්නේ යැ සිහි එළවමින් හික්මෙන්නේ යැ චිත්ත සමාධානය කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙන්නේ යැ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දත යුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ ප්‍රහාණය කළයුත්ත ප්‍රහාණය කෙරෙමින් හික්මෙන්නේ යැ භාවනා කළ යුත්ත භාවනා කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් ව ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“පුච‍්ඡාමි තං භගවා බ්‍රූහි මෙ තං (ඉච‍්චායස‍්මා ධොතකො) වාතාභිකඞ‍්ඛාමි මහෙසි තුය‍්හං, තව සුත්‍වාන නිග‍්ඝොසං සික‍්ඛෙ නිබ‍්බාන මත‍්තනො”ති.

“පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං -පෙ- සික්ඛෙ නිබ්බාන මත්තනො” යි.