යෙදුමෙන් කියවන්න

6. 3

6. 3.

6. 3.

සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච‍්චායස‍්මා උපසීවො) ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සයො හිත්‍ව මඤ‍්ඤං සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙ’ධිමුත‍්තො තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායී.

(ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි.) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා අකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යනසුලු වැ සිටුනේ ද?

සබ‍්බෙසු කාමෙසු යො වීතරාගොති: ‘සබ‍්බෙසූ’ති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ‍්බෙසූ’ති. කාමෙසූති ‘කාමා’ති: උද‍්දානතො ද‍්වෙ කාමා වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. සබ‍්බෙසු කාමෙසු යො වීතරාගොති සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො වික‍්ඛම‍්භනහොති ‘සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො.’

සබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල ස්වාර්ථයෙන් සියල්ල අනවශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු ‘කාමා’ යනු උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද.... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු වස්තුකාම ක්ලේශකාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිසෘෂ්ටරාග වූයේ නුයි ‘සබ්බෙසු රාගෙසු යො වීතරාගො’ යනු වේ.

ඉච‍්චායස‍්මා උපසීවොති ‘ඉච‍්චා’ති පදසන්‍ධි -පෙ- ආයස‍්මාති: පියවචනමෙතං -පෙ- උපසීවොති තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං -පෙ- අභිලාපොති ඉච‍්චායස‍්මා උපසීවො.

ඉච්චායස්මා උපසීවො--‘ඉච්චා’ යනු පදසන්ධි යැ... ආයස්මා යනු: තෙල ප්‍රියවචන යැ... උපසීවො යනු: ඒ බමුණුහට නාම යැ... අභිලාප නුයි ‘ඉච්චායස්මා උපසීවො’ යනු වේ.

ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සිතො හිත්‍වමඤ‍්ඤන‍්ති: හෙට‍්ඨිමා ඡ සමාපත‍්තියො හිත්‍වා චජිත්‍වා පරිච‍්චජිත්‍වා අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තිත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං නිස‍්සිතො අස‍්සිතො අල‍්ලීනො උපගතො සමුපගතො අජ‍්ඣොසිතො අධිමුත‍්තොති ‘ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සිතො හිත්‍වමඤ‍්ඤං.’

ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං--යට ෂට් සමාපත්තීන් හැර දුරු කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤා නිස්සිතො හිත්‍වමඤ්ඤං’ යනු වේ.

සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙධිමුත‍්තොති ‘සඤ‍්ඤාවිමොක‍්ඛා’ වුච‍්චන‍්ති සත‍්තසඤ‍්ඤාසමාපත‍්තියො, යාවතා සඤ‍්ඤාසමාපත‍්තී, තාසං ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති විමොක‍්ඛො අග‍්ගො ච සෙට‍්ඨො ච විසෙට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච, පරමෙ අග‍්ගෙ සෙට‍්ඨෙ විසෙට‍්ඨෙ පාමොක‍්ඛෙ උත‍්තමෙ පවරෙ අධිමුත‍්තිවීමොක‍්ඛෙන අධිමුත‍්තො තත්‍රාධිමුත‍්තො තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොණො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යොති ‘සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙධිමුත‍්තො.’

සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො -- ‘සඤ්ඤාවිමොක්ඛ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥාසමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ-අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥා විමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ත කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.

තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායීති ‘තිට‍්ඨෙ නූ’ති සංසයපුච‍්ඡා විමතිපුච‍්ඡා ද‍්වෙළ‍්හකපුච‍්ඡා අනෙකංසපුච‍්ඡා ‘එවං නු ඛො න නු ඛො කින‍්නු ඛො කථන‍්නුඛො’ති ‘තිට‍්ඨෙ නු’. තත්‍ථාති ආකිඤ‍්චඤ‍්ඤායතනෙ, අනානුයායීති අනානුයායී අවිච‍්චමානො, අවිගච‍්ඡමානො අනන‍්තරධායමානො අපරිහායමානො, අථවා අරජ‍්ජමානො අදුස‍්සමානො අමුය‍්හමානො අකිලිස‍්සමානොති ‘තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායී.’

තිට්ඨෙ නු සො තත්‍ථ අනානුයායී- ‘තිට්ඨෙ නු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ ‘මෙසේ දෝ හෝ නො වේදෝ හෝ කිමෙක්දෝ හෝ කෙසේදෝ හො’ යි ‘තිට්ඨෙ නු’ යනු වේ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී--වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ නු සො තත්‍ථ අනානුයායී’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කීයැ එ බමුණු:

“සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච‍්චායස‍්මා උපසීවො) ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සිතො හිත්‍වමඤ‍්ඤං, සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙධිමුත‍්තො තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායී”ති.

“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙ න සො තත්‍ථ අනානුයායී” යී