6. 2
6. 2.
6. 2.
ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවා’ති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්ස.
(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදී) විසින් දකිමින් ‘නත්ථිකිඤ්චි’ යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර, වස්තු කාමක්ලෙශකාම හැරපියා කථඞ්කථා සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමාති සො බ්රාහ්මණො පකතියා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී සන්තංයෙව නිස්සයං න ජානාති ‘අයං මෙ නිස්සයො’ති තස්ස භගවා නිස්සයං ච ආචික්ඛති, උත්තරිඤ්ච නිය්යානපථං. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං සතො සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තත්ථ ජාතෙ චිත්තචෙතසිකෙ ධම්මෙ අනිච්චතො පෙක්ඛමානො දුක්ඛතො-රොගතො-ගණ්ඩතො-සල්ලතො-අඝතො-ආබාධතො-පරතො-පලොකතො-ඊතිතො-උප්පද්දවතො-භයතො-උපස්සග්ගතො-චලතො-පභඞ්ගුතො-අද්ධුවතො-අතාණතො-අලෙනතො-අසරණතො -
ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා-එ බමුණු පියවින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී වූයේ විද්‍යමාන වූ මැ නිඃශ්‍රය ‘මේ මාගේ නිඃශ්‍රය’යි නො දනී. බුදුහු ඔහුට නිඃශ්‍රය ද මත්තෙහි සසරින් නික්ම යන මඟ ද පවසන සේක. සිහි ඇතියේ ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවැද එයින් නැඟී සිට එ සමවත්හි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය විසින් (නුවණින්) බලමින් දුක් විසින්-රෝග විසින්- ගඬ විසින්- ශල්‍ය විසින්- අඝ විසින්- අබාධ විසින් පර විසින්- පලෝක (බිඳෙන) විසින්- ව්‍යසන විසින්- උපධ්‍රව විසින්- භය විසින්- උපසර්ග විසින්- චඤ්චල විසින්- බිඳෙනසුලු හෙයින්- අධ්‍රැව හෙයින්- අත්‍රාණ හෙයින්- අලෙණ හෙයින්-අසරණ හෙයින්-
අසරණීභූතතො-රිත්තතො-තුච්ඡතො-සුඤ්ඤතො-අනත්තතො-ආදීනවතො-විපරිනාමධම්මතො-අසාරකතො-අඝමූලතො වධකතො විභවතො’-සාසවතො-සඞ්ඛතතො-මාරාමිසතො-ජාතිධම්මතො-ජරාධම්මතො-ව්යාධිධම්මතො-මරණධම්මතො-සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසධම්මතො-සංකිලෙසිකධම්මතො-සමුදයධම්මතො-අත්ථඞ්ගමතො-අස්සාදතො-ආදීනවතො-නිස්සරණතො-පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානො. සතිමාති “යා සති අනුස්සති පටිස්සති -පෙ- සම්මාසති අයං වුච්චති සති’ ඉමාය සතියා උපෙතො හොති -පෙ- සමන්නාගතො සො වුච්චති සතිමාති ‘ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා.’
අසරණීභූත හෙයින්- සිස් හෙයින්-තුච්ඡ හෙයින්-ශුන්‍ය හෙයින්- අනාත්ම හෙයින්- ආදීනව හෙයින්- විපරිණාමස්වභාව හෙයින්- අසාර හෙයින්- අඝ(දුක්) මූල හෙයින්- වධක හෙයින්- විභව හෙයින්- සාස්‍රව හෙයින්- හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත හෙයින් මාරාමිෂ හෙයින්- ජාතිස්වභාව හෙයින්- ජරාස්වභාව හෙයින්- ව්‍යාධිස්වභාව හෙයින්- මරණස්වභාව හෙයින්- සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව හෙයින්- සංක්ලේශ ස්වභාව හෙයින්- සමුදය ස්වභාව හෙයින්- අස්තඞ්ගම හෙයින්- ආස්වාද හෙයින්- ආදීනව හෙයින්- නිස්සරණ හෙයින් බලමින් දකිමින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසමින්. සතිමා- යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක්... සම්‍යක් ස්මෘතියක් වේ ද මේ ‘සති’ යී කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙයි... සමන්විත වූයේ වෙයි. හෙ ‘සතීමා’ යි කියනු ලැබේ නුයි ‘ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා’ යනු වේ.
උපසීවාති භගවාති ‘උපසීවා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘උපසීවාති භගවා.’
උපසීවා’ති භගවා- ‘උපසීව’ යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ...... යම් භගවත් යන නමක් වී ද තෙල අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තිය නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
නත්ථීති නිස්සාය තරස්සු ඔඝන්ති ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති’ කිංකාරණා ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විඤ්ඤාණඤ්චායතනසමාපත්ති සතො සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙති ව්යභාවෙති අන්තරධාපෙති ‘නත්ථි කිඤ්චී’ති පස්සති, තංකාරණා ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති, තං නිස්සාය උපනිස්සාය ආලම්බනං කරිත්වා කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරස්සු උත්තරස්සු පතරස්සු සමතික්කමස්සු වීතිවත්තස්සූතී ‘නත්ථීති නිස්සාය තරස්සු ඔඝං’.
නත්ථි’ති නිස්සාය තරසසු ඕඝං- ‘නත්ථි කිඤ්චි යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යි. කිකරුණින් ‘නත්ථිකිඤ්චි’යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වී ද යත්: සිහි ඇති වැ ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවැද එයින් නැඟී සිට එ මැ (ආකාශාලම්බන) විඥානය අභාවයට පමුණුවයි වෙසෙසින් අභාවයට පමුණුවයි අතුරුදහන් කෙරෙයි ‘කිසිත් නැතැ’ යි දකියි, එකරුණින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘නත්ථි කිඤ්චි’ නම් වෙයි, එය නිසා ඇසුරු කොට අරමුණු කොට කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කර, උත්තරණය කර, ප්‍රතරණය කර, සමතික්‍රමණය කර, ව්‍යතික්‍රමණය කර’ යී ‘නත්ථිති නිස්සාය තරස්සු ඕඝං’ යනු වේ.
කාමෙ පහාය විරතො කථාහීති ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමෙ පහායාති වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘කාමෙපහාය’. විරතො කථාහීති ‘කථංකථා’ වුච්චති විචිකිච්ඡා, දුක්ඛෙ කඞ්ඛා -පෙ- ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො.’ කථංකථාය ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති එවම්පි ‘විරතො කථාහි’. අථවා ද්වත්තිංසාය තිරච්ඡානකථාය ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති එවම්පි විරතො කථාහීති ‘කාමෙ පහාය විරතො කථාහි.’
කාමේ පහාය විරතො කථාහි- ‘කාමා’ යනු: විස්තර විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. කාමෙ පහාය- වස්තුකාමයන් තීරණපරිඥායෙන් දැනැ ක්ලේශකාමයන් ප්රහාණපරිඥායෙන් දුරු කොට හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘කාමෙ පහාය’ යනු වේ. විරතො කථාහි- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලබයි. දුඃඛ සත්‍යයෙහි සැකය... චිත්තයාගේ තදබව මනොවිලෙඛ යි. ඒ කථඞ්කථායෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ සර්වප්රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසඞ්යුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ යනු වේ, නොහොත් දෙතිස් තිරශ්චීනකථායෙන් දුරුවූයේ වෙසෙසින් දුරු වූයේ සර්වප්රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ නුයි ‘කාමෙ පහාය විරතො කථාහි’ යනු වේ.
තණ්හක්ඛයං නත්තමහාභිපස්සාති ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා ‘නත්තං’ වුච්චති රත්ති, අහොති දිවසො, රත්තිඤ්ච දිවා ච තණ්හක්ඛයං රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උප්පත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං පස්ස, අභිපස්ස දක්ඛ ඔලොකය නිජ්ඣාය උප්පරික්ඛාති ‘තණ්හක්ඛයං නත්තමහාභිපස්ස.’
තණ්හක්ඛයං නත්තමහාභිපස්ස- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්‍මතෘෂ්ණා යි. ‘නත්තං’යි රාත්‍රිය කියනු ලැබෙයි; අහෝ යනු: දහවල් යැ රැයිදු දහවල්හිදු රාගක්ෂය දෝෂක්‍ෂය මෝහක්ෂය ගතික්ෂය උපප්‍රාප්තික්ෂය ප්රතිසන්ධික්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය සඞ්ඛ්‍යාත නිවන බලව, වෙසෙසින් බලව, දකුව, අවලොකනය කර, සිතව, විමසව යි ‘තණ්හක්ඛයං නත්තමහාභිපස්ස’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවාති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං, කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්සා”ති.
“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා -පෙ- තණ්හක්ඛයං නත්තමහාභිපස්ස” යි.