6. 1
6. 1.
6. 1.
එකො අහං සක්ක, මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනින්ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාළ මැනැවි.
එකො අහං සක්ක මහන්තමොඝන්ති ‘එකො’ති පුග්ගලො වා මෙ දුතියො නත්ථි, ධම්මො වා මෙ දුතියො නත්ථි, යං වා පුග්ගලං නිස්සාය, ධම්මං වා නිස්සාය මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්යං උත්තරෙය්යං පතරෙය්යං සමතික්කමෙය්යං වීතිවත්තෙය්යන්ති එකො. සක්කාති සක්කො, භගවා ‘සක්යකුලා පබ්බජිතොති’පි සක්කො. අථවා ‘අඩ්ඪො මහද්ධනො ධනවාති’පි සක්කො. තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං -පෙ- නිබ්බානධනං, ඉමෙහි අනෙකෙහි ධනරතනෙහි අඩ්ඪො මහද්ධනො ධනවාති’පි සක්කො. අථවා සක්කො පහු විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවො විගතලොම හංසො’තිපි සක්කොති ‘එකො අහං සක්ක මහන්තමොඝං’.
ඒකෝ අහං සක්ක මහන්තමොඝං- ‘ඒකෝ’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය, තරණය කෙරෙම් ද උත්තරණය කෙරෙම් ද ප්‍රතරණය කෙරෙම් ද මොනොවට ඉක්මවම් ද ඉක්ම සිටුනෙම් ද (එබඳු වූ) දෙවැනි පුද්ගලයෙක් හෝ මට නැත, දෙවැනි දහමෙක් හෝ මට නැත් නු යි ‘ඒකෝ’ යනු වේ. සක්ක යනු: ශාක්‍යයහ, බුදුහු ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ. නොහොත් (ප්‍රඥා ධනයෙන්) ආඪ්‍යයහ මහත් වූ ප්‍රඥාධන ඇතියහ ප්‍රඥාධනයෙන් ධනවත්හ නුයි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති. ඒ මෙසේ යැ: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ... නිර්වාණධන යැ යි. මේ නොයෙක් ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ, මහත්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ ප්‍රභූ වූහ (පර සතන්හි) වැර දනවනුවහ සමත්සිත් ඇතියහ ශූරයහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය සුල්ලහ නො සැලෙන සුල්ලහ නො තැතිගන්නාසුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නුයි ‘ඒකෝ අහං සක්ක මහන්තමොඝං’ යනු වේ.
ඉච්චායස්මා උපසීවොති ‘ඉච්චා’ති පදසන්ධි -පෙ- ආයස්මාති: පියවචනං: -පෙ- උපසීවොති තස්ස බ්රාහ්මණස්ස නාමං -පෙ- අභිලාපොති ‘ඉච්චායස්මා උපසීවො’.
ඉච්චායස්මා උපසීවො- ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ... ආයස්මා යනු ප්‍රියවචන යැ... උපසීව යනු: එ බමුණුගේ නාම යැ.....අභිලාප නුයි ‘ඉච්චා යස්මා උපසීවො’ යනු වේ.
අනිස්සිතො නො විසහාමි තාරිතුන්ති අනිස්සිතො’ති පුග්ගලං වා අනිස්සිතො, ධම්මං වා අනිස්සිතො, නො විසහාමි, න උස්සහාමි, න සක්කොමි, න පටිබලො, මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරිතුං උත්තරිතුං පතරිතුං සමතික්කමිතුං වීතිවත්තිතුන්ති ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’.
අනිස්සිතො නො විසහාමි තාරිතුං- ‘අනිස්සිතො’ යනු: පුඟුලකු හෝ ඇසිරි නො කෙළෙම් දහමක් හෝ ඇසිරි නො කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නට උත්තරණය කරන්නට ප්‍රතරණය කරන්නට මැනැවින් ඉක්මවන්නට ඉක්ම සිටුනට නො හැක්කෙමි උත්සාහ නො කෙරෙමි නො සමත්මි ප්‍රතිබල නොවෙම් නුයි ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’ යනු වේ.
ආරම්මණං බ්රූහි සමන්තචක්ඛූති ‘ආරම්මණ’න්ති ආලම්බනං නිස්සයං උපනිස්සයං. බ්රූහීති ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහි. සමන්ත චක්ඛූහි ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං, භගවා තෙන සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සම්පන්නො සමන්නාගතො.
ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු- ‘ආරම්මණං’ යනු: අරමුණ නිඃශ්‍රය උපනිඃශ්‍රය, බ්‍රෑහි යනු: කිව මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ තැබුව මැනැවැ විවර කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ පැවැසුව මැනැවි. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු යි සර්වඥතාඥානය කියනු ලැබෙයි, බුදුහු ඒ සර්වඥතාඥානයෙන් උපෙතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමත්වාගතහ.
“න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අතො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති.
ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි මෙකලැ හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි අතීත වූ නො දත් කිසිවක් නැත, අනාගත වූ නො දැනෙන කිසි (ධර්මජාතයකු) දු නැති, දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ” යි.
’ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු.’
“ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු” යනු වේ.
යං නිස්සිතො ඔඝමිමං තරෙය්යන්ති ‘යං නිස්සිතො’ති යං පුග්ගලං වා නිස්සිතො, ධම්මං වා නිස්සිතො, මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්යං උත්තරෙය්යං පතරෙය්යං සමතික්කමෙය්යං වීතිවත්තෙය්යන්ති ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.’
යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං- ‘යං නිස්සිතො’ යනු: යම් පුඟුලකු හෝ ඇසිරි කෙළෙම් දහමක් හෝ ඇසිරි කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නෙම් උත්තරණය කරන්නෙම් ප්‍රතරණය කරන්නෙම් මැනැවින් ඉක්මවන්නෙම් ඉක්ම සිටුනෙම් නම් නුයි ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“එකො අහං සක්ක මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු යං නිස්සිතො ඔඝමිමං තරෙය්ය”න්ති
“ඒකෝ අහං සක්ක -පෙ- යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං” යි.