යෙදුමෙන් කියවන්න

5. 8

5. 8.

5. 8.

යං කිඤ‍්චි සම‍්පජානාසි (ධොතකාති භගවා) උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙ, එතං විදිත්‍වා සඞ‍්ගොති ලොකෙ භවාභවාය මාකාසි තණ‍්හං.

(බුදුහු මෙසේ වදාළහ: “ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව” යි.

යං කිඤ‍්චි සම‍්පජානාසීති යං කිඤ‍්චි සම‍්පජානාසි ආජානාසි විජානාසි පටිවිජානාසි පටිවිජ‍්ඣසීති ‘යං කිඤ‍්චි සම‍්පජානාසි’. ධොතකාති භගවාති ‘ධොතකා’ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං: -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘ධොතකාති භගවා. ‘

යං කිඤ්චි සම්පජානාසි යනු: යම් කිසි ධර්‍මජාතයක් දන්නවු නම් නියතින් දන්නවු නම් නොයෙක් අයුරින් දන්නවු නම් ඒ ඒ කරුණින් දන්නවු නම් ප්‍රතිවෙධ කරන්නවු නම් නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’යනු වේ. ධොතකා’ති භගවා- ‘ධෝතක’ යි බුදුහු එ බමුණු නමින් අමතති, භගවා යනු: තෙල ගෞරව නාමයෙකි... මේ ‘භගවා’ යනු සාත්ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ ති භගවා’ යනු වේ.

උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙති ‘උද‍්ධ’න‍්ති අනාගතං, අධොති අතීතං, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නං. ‘උද‍්ධ’න‍්ති දෙවලොකො, ‘අධො’ති අපායලොකො, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති මනුස‍්සලොකො, අථවා උද‍්ධන‍්ති කුසලා ධම‍්මා, ‘අධො’ති අකුසලා ධම‍්මා. ‘තිරියං චාපි මජ‍්ඣෙ’ති අබ්‍යාකතා ධම‍්මා. උද‍්ධන‍්ති අරූපධාතු, ‘අධො’ති කාමධාතු, තිරියඤ‍්චාපි මජ‍්ඣෙ’ති රූපධාතු. උද‍්ධන‍්ති සුඛා වෙදනා. ‘අධො’ති දුක‍්ඛා වෙදනා, තිරියඤ‍්චාපි මජ‍්ඣෙ’ති අදුක‍්ඛමසුඛා වෙදනා. ‘උද‍්ධ’න‍්ති උද‍්ධං පාදතලා ‘අධො’ති අධො කෙසමත්‍ථකා, ‘තිරියඤ‍්චාපි මජ‍්ඣෙ’ති වෙමජ‍්ඣෙති උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙ’.

උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යනු: අනාගත යැ අධෝ යනු: අතීත යැ තිරියඤ්චාපි මජ්ඣෙ යනු වර්‍තමාන යි, ‘උද්ධං’ යනු දිව්‍ය ලෝක යැ ‘අධෝ’යනු අපාය ලෝක යැ ‘තිරියඤ්වාපි මජ්ඣෙ’ යනු මනුෂ්‍යලොක යි, නොහොත් ‘උද්ධං’ යනු: කුශලධර්‍මයෝ යැ ‘අධෝ’ යනු: අකුශලධර්‍මයෝ යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි.‘උද්ධං’ යනු අරූපධාතු යැ ‘අධෝ’ යනු කාමධාතු යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු රූප ධාතු යි. ‘උද්ධං’ යනු සුඛවේදනා යැ ‘අධෝ’ යනු දුඃඛවේදනා යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු අදුක්ඛමසුඛවෙදනා යි, ‘උද්ධං’ යනු පාදතලයෙන් උඩ යැ ‘අධෝ’ යනු කෙසගින් යට යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු දෙමැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.

එතං විදිත්‍වා සඞ‍්ගොති ලොකෙති සඞ‍්ගො එසො ලග‍්ගනං එතං බන්‍ධනං එතං පළිබොධො එසොති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘එතං විදිත්‍වා සඞ‍්ගොති ලොකෙ.’

එතං විදිත්‍වා සඞේගාති’ ලෝකේ යනු: තෙල සඞ්ග යැ තෙල ලැග්ම යැ තෙල බැඳුම යැ තෙල පළිබෝධ යැයි දැනැ දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘එතං විදිත්‍වා සඞ්ගො’ති ලෝකේ’ යනු වේ.

භවාභවාය මාකාසි තණ‍්හන‍්ති ‘තණ‍්හා ති රූපතණ‍්හා සද‍්දතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා. භවාභාවායාති භවාභවාය කම‍්මභවාය පුනබ‍්භවාය, කාමභවාය, කම‍්මභවාය කාමභවාය පුනබ‍්භවාය, රූපභවාය කම‍්මභවාය රූපභවාය පුනබ‍්භවාය, අරූපභවාය කම‍්මභවාය අරූපභවාය පුනබ‍්භවාය පුනප‍්පුනභවාය පුනප‍්පුනගතියා පුනප‍්පුන උප‍්පත‍්තියා පුනප‍්පුනපටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා තණ‍්හං මාකාසි, මා ජනෙසි මා සඤ‍්ජනෙසි මා නිබ‍්බත‍්තෙසි මාභිනිබ‍්බත‍්තෙසි, පජහ විනොදෙහි බ්‍යන‍්තීකරොහි අනභාවං ගමෙහීති ‘භවාභවාය මාකාසි තණ‍්හන‍්ති’.

භවාභවාය මාකාසි තණ්හං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්ද තෘෂ්ණා යැ...ධර්‍මතෘෂ්ණා යි, භවාභවාය යනු: පුනපුනා භවයට කර්මභවයට විපාකභවයට, කාමධාතුයෙහි කර්මභවයට කාමධාතුයෙහි පුනර්‍භවයට රූපධාතුයෙහි කර්මභවයට රූපධාතුයෙහි පුනර්‍භවයට අරූපධාතුයෙහි කර්මභවයට අරූපධාතුයෙහි පුනර්‍භවයට, පුනපුනාභවයට පුනපුනාගතියට පුනපුනාඋපතට පුනපුනා පිළිසඳට පුනපුනා ආත්ම භාවයන්ගේ නිපැත්මට තෘෂ්ණා නහමක් කරව නහමක් උපදව නහමක් වෙසෙසින් නූපදව නො නිපදව වෙසෙසින් නො නිපදව දුරු කර බැහැරැ කර විගතාන්ත කර අනභාවයට පමුණුව’යි ‘භවාභවාය මාකාසි තණ්හං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යං කිඤ‍්චි සම‍්පජානාසි (ධොතකා’ති භගවා) උද‍්ධං අධො තිරියං චාපි මජ‍්ඣෙ, එතං විදිත්‍වා සඞ‍්ගො’ති ලොකෙ භවාභවාය මාකාසි තණ‍්හ”න‍්ති.

“යං කිඤ්චි සම්පජානාසි -පෙ- භවාභවාය මාකාසි තණ්හං” යි.

සහගාථාපරියොසානා -පෙ- ‘සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො හමස‍්මී’ති.

ගාථා පර්‍ය්‍යවසානය හා සමග .... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමි’යි.

ධොතක සුත‍්ත නිද‍්දෙසො පඤ‍්චමො.

පස්වැනි ධෝතක සූත්‍ර නිර්දේශ යි.