5. 7
5. 7.
5. 7.
තඤ‍්චාහං අභිනන්‍දාමි මහෙසි සන‍්තිමුත‍්තමං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං
(ආයුෂ්මත් ධෝතක මෙසේ කී යැ:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැනැ ලෙ වැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
තඤ‍්චාහං අභිනන්‍දාමීති ‘තං’ති තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසිට‍්ඨිං නන්‍දාමි, අභිනන්‍දාමි මොදාමි අනුමොදාමි ඉච‍්ඡාමි සාදියාමි පත්‍ථයාමි පිහයාමි අභිජප‍්පාමීති ‘තඤ‍්චාහං අභිනන්‍දාමි.’
තඤ්වාහං අභිනන්දාමි- ‘තං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනාව තුස්මි අභිනන්‍දනය කෙරෙමි සතුටු වෙමි අනුමෝදන් වෙමි ඉස්නෙමි ඉවසමි පතමි කැමැති වෙමි අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
මහෙසී සන‍්තිමුත‍්තමන‍්ති: ‘මහෙසී’ති මහෙසී භගවා: මහන‍්තං සීලක‍්ඛන්‍ධං එසි ගවෙසි පරියෙසී’ති මහෙසි. මහන‍්තං සමාධික‍්ඛන්‍ධං -පෙ- කහං දෙවදෙවො, කහං නරාසභො’ති මහෙසී. සන‍්තිමුත‍්තමන‍්ති ‘සන‍්ති’ වුච‍්චති අමතං නිබ‍්බානං, “යො සො සබ‍්බසංඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං උත‍්තමන‍්ති අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති’ ‘මහෙසී සන‍්ති මුත‍්තමං.
මහේසී සන්තිමුත්තමං - ‘මහේසී’ යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළහ’ යි මහර්ෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය... දේවාතිදේවයෝ කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’ යි මහර්ෂීහ. සන්තිමුත්තමං - ‘සන්ති’ යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘උත්තමං’ යනු: අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශ්‍රෙෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර යැ යි ‘මහේසී සන්තිමුත්තමං’ යනු වේ.
යං විදිත්‍වා සතො චරන‍්ති: යං විදිතං කත්‍වා -පෙ- සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති-‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- යං කිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති සතෙ. චරන‍්ති චරන‍්තො -පෙ- යාපෙන‍්තොති ‘යං විදිත්‍වා සතො චරං’.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දැනැගෙන... ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි - ‘හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි දැනැ ගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබෙයි, චරං යනු: සරනුයේ... යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. විසත‍්තිකාති කෙනට‍්ඨෙන විසත‍්තිකා: -පෙ- ‘විසටා විත්‍ථතා’ති විසත‍්තිකා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ලොකෙවෙසා විසත‍්තිකා ලොකෙවෙතං විසත‍්තිකං සතො තරෙය්‍ය උත‍්තරෙය්‍ය -පෙ- වීතිවත‍්තෙය්‍යාති ‘තරෙ ලොකෙ විසත‍්තිකං’.
තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි විසත්තිකා නම. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි. තරෙ ලෝකේ විසත්තිකා යනු: තෙල විසත්තිකාව ලොකෙයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ තරණය උත්තරණය කරන්නේ යැ... ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ එ බමුණු:
“තඤ‍්චාහං අභිනන්‍දාමි මහෙසී සන‍්තිමුත‍්තමං, යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තික”න‍්ති.
“තඤ්වාහං අභිනන්දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.