යෙදුමෙන් කියවන්න

5. 6

5. 6.

5. 6.

කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තිං (ධොතකාති භගවා) දිට‍්ඨෙ ධම‍්මෙ අනීතිහං, යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං.

(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්ෂ වූ යම් දහමක් දැනැ ලො වැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණ ගාමිනීප්‍රතිපද් ධර්‍මය ද)තොපට ප්‍රකාශ කරන්නෙමි.

කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තින‍්ති: රාගස‍්ස සන‍්තිං දොසස‍්ස සන‍්තිං මොහස‍්ස සන‍්තිං කොධස‍්ස සන‍්තිං උපනාහස‍්ස-මක‍්ඛස‍්ස-පළාසස‍්ස-ඉස‍්සාය-මච‍්ඡරියස‍්ස-මායාය-සාඨෙය්‍යස‍්ස-ථම‍්භස‍්ස-සාරම‍්භස‍්ස-මානස‍්ස-අතිමානස‍්ස-මදස‍්ස-පමාදස‍්ස-සබ‍්බකිලෙසානං-සබ‍්බදුච‍්චරිතානං-සබ‍්බදරථානං-සබ‍්බපරිළාහානං-සබ‍්බසන‍්තාපානං-සබ‍්බා කුසලාභිසංඛාරානං සන‍්තිං උපසන‍්තිං වූපසන‍්තිං නිබ‍්බුතිං පටිප‍්පස‍්සද‍්ධිං කිත‍්තයිස‍්සාමි, පකිත‍්තයිස‍්සාමි ආචික‍්ඛිස‍්සාමි දෙසිස‍්සාමි පඤ‍්ඤපෙස‍්සාමි පට‍්ඨපෙස‍්සාමි විවරිස‍්සාමි විභජිස‍්සාමි උත‍්තානීකරිස‍්සාමි පකාසෙස‍්සාමීති ‘කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තිං’

කිත්තයිස්සාමි තෙ සන්තිං- රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ සන්හිඳීම මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ සන්හිඳීම උපනාහ-මක්ඛ පළාස-ඊර්‍ෂ්‍යා-මාත්සර්‍ය්‍ය-මායා-සාඨෙය්‍ය-ථම්භ-සාරම්භ-මාන-අතිමාන-මද-ප්‍රමාදයාගේ හැම කෙලෙස්-හැම දුශ්චරිත-හැම දරථ-හැම පරිදාහ හැම සතැවුලි-හැම අකුශලාභිසංස්කාරයන්ගේ සන්හිඳීම උපශාන්තිය ව්‍යූපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය කීර්‍තනය කෙරෙමි ප්‍රකීර්තනය කෙරෙමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ සන්තිං’ යනු වේ.

ධොතකාති භගවාති ‘ධොතකා’ති භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘ධොතකාති භගවා. ‘

ධොතකාති භගවා-‘ධෝතක’යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙක් නුයි ‘ධොතකාති භගවා’යනු වේ.

දිට‍්ඨෙ ධම‍්මෙ අනීතිහන‍්ති ‘දිට‍්ඨෙ ධම‍්මෙ’ති දිට‍්ඨෙ ධම‍්මෙ ඤාතෙ ධම‍්මෙ තුලිතෙ ධම‍්මෙ තීරිතෙ ධම‍්මෙ විභූතෙ ධම‍්මෙ විභාවිතෙ ධම‍්මෙ ’සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති දිට‍්ඨෙ ධම‍්මෙ ඤාතෙ ධම‍්මෙ තුලිතෙ ධම‍්මෙ තීරිතෙ ධම‍්මෙ විභාවිතෙ ධම‍්මෙ විභූතෙ ධම‍්මෙති එවම‍්පි දිට‍්ඨෙ ධම‍්මෙ.

දිට්ඨෙ ධම්මේ අනීතිහං- ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නා ලද (දුඃඛාදි) ධර්‍මයෙහි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ.

අථවා දුක‍්ඛෙ දිට‍්ඨෙ දුක‍්ඛං කථයිස‍්සාමි, සමුදයෙ දිට‍්ඨෙ සමුදයං කථයිස‍්සාමි, නිරොධෙ දිට‍්ඨෙ නිරොධං කථයිස‍්සාමි, මග‍්ගෙ දිට‍්ඨෙ මග‍්ගං කථයිස‍්සාමී’ති එවම‍්පි ‘දිට‍්ඨෙ ධම‍්මෙ’. අථවා ‘සන්‍දිට‍්ඨිකං අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති එවම‍්පි ‘දිට‍්ඨෙ ධම‍්මෙ’ අනීතිහන‍්ති න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම‍්පරාය න පිටකසම‍්පදාය න තක‍්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක‍්කෙන න දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා සාමං සයමභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛධම‍්මං තං කථයිස‍්සාමීති ‘දිට‍්ඨෙ ධම‍්මෙ අනීතිහ’න‍්ති.

නොහොත් දුක දුටු කල්හි දුක කියමි යි සමුදය දුටු කල්හි සමුදය කියමි යි නිරෝධය දුටු කල්හි නිරෝධය කියමි යි මාර්‍ගය දුටු කල්හි මාර්‍ගය කියමි’ මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් තමා විසින් දැක්ක යුතු යැ, කල් නොයවා පල දෙන සුලු යැ, ‘එව බලව’ යි කියනට නිසි යැ, සිත්හි ලා එළවිය යුතු යැ නුවණැතියන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනීතිහං යනු: මෙසේ මෙසේ යැයි නො වැ මෙසේ වී ලැ’යි නො වැ පරම්පරාකථායෙන් නො වැ පෙළ හා සම යැයි ගැන්මෙන් නො වැ තර්කහෙතුයෙන් නො වැ නය හේතුයෙන් නො වැ ආකාර සැලැකීමෙන් නො වැ අප ගත් ලබ්ධිය හා සම යැ යි සැලකීමෙන් නො වැ තෙමේ තමා විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද ආත්මප්‍රත්‍යක්ෂ ධර්‍ම යැ. එය කියම් නු යි ‘දිට්ඨෙ ධම්මේ අනීතිහං’ යනු වේ.

යං විදිත්‍වා සතො චරන‍්ති: යං විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- යංකිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති ‘සතො’.

යං විදිත්‍වා සතෝ චරං යනු: යම් දහමක් විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’ යි - ‘හැම ධර්‍මයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ’ යි කියනු ලැබේ. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යැපීම කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.

චරන‍්ති චරන‍්තො විහරන‍්තො ඉරීයන‍්තො වත‍්තෙන‍්තො පාලෙන‍්තො යපෙන‍්තො යාපෙන‍්තොති ‘යං විදිත්‍වා සතො චරං’.

තරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්...අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද?යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි ‘විසත්තිකා’නම. ලෝකේ යනු: අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි යැ.

තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති: ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. “විසත‍්තිකාති කෙනට‍්ඨෙන විසත‍්තිකා -පෙ- විසටා විත්‍ථතාති ‘විසත‍්තිකා’. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ලොකෙ වෙසා විසත‍්තිකා ලොකෙ වෙතං විසත‍්තිකං සතො තරෙය්‍ය, උත‍්තරෙය්‍ය පතරෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍යාති ‘තරෙ ලොකෙ විසත‍්තිකං.

තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා (තෘෂ්ණා) ව ලෝකයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ (ප්‍රථම මාර්‍ගයෙන්) තරණය කරන්නේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කරන්නේ යැ (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කරන්නේ යැ (චතුර්‍ත්‍ථ මාර්‍ගයෙන්) සමතික්‍රමණය කරන්නේ යැ (ඵලයට පැමිණ) ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“කිත‍්තයිස‍්සාමි තෙ සන‍්තිං (ධොතකාති භගවා) දිට‍්ඨෙ ධම‍්මෙ අනීතිහං යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති”.

“කිත්තයිස්සාමි තෙ සන්ති -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.