5. 5
5. 5.
5. 5.
අනුසාස බ්රහ්මෙ, කරුණායමානො (ඉච‍්චායස‍්මා ධොතකො) විවෙකධම‍්මං යමහං විජඤ‍්ඤං, යථාහං ආකාසොව අබ්‍යාපජ‍්ජමානො ඉධෙව සන‍්තො අසිතො චරෙය්‍යං.
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්වාණධර්මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම් මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙම් (තෘෂ්ණා-දෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එහෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසනා කළ මැනැව.
අනුසාස බ්‍රහ‍්මෙ, කරුණායමානොති ‘අනුසාස බ්‍රහ‍්මෙ’ති අනුසාස බ්‍රහ‍්මෙ, අනුගණ‍්හ බ්‍රහ‍්මෙ, අනුකම‍්ප බ්‍රහ‍්මෙති ‘අනුසාස බ්‍රහ‍්මෙ. ‘කරුණායමානොති කරුණායමානො අනුද‍්දයමානො අනුරක‍්ඛමානො අනුගණ‍්හමානො අනුකම‍්පමානොති ‘අනුසාස බ්රහ්මෙ කරුණායමානො.’
අනුසාස බ්රහ්මෙ කරුණායමානො-‘අනුසාස බ්‍රහ්මෙ’ යනු: ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුශාසනා කළ මැනැවැ අනුග්‍රහ කළ මැනැවැ අනුකම්පා කළ මැනැවැ’යි ‘අනුසාස බ්‍රහ්මෙ’ යනු වේ. කරුණායමානො- කරුණා කෙරෙමින් අනුද්දයා කෙරෙමින් අනුරක්ෂණ කෙරෙමින් අනුග්‍රහ කෙරෙමින් අනුකම්පා කෙරෙමින් නුයි ‘අනුසාස බ්රහ්මෙ කරුණායමානො’ යනු වේ.
විවෙකධම‍්මං යමහං විජඤ‍්ඤන‍්ති ‘විවෙකධම‍්මං’ වුච‍්චති අමතං නිබ‍්බානං. ‘යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං, යමහං විජඤ‍්ඤන‍්ති යමහං ජානෙය්‍යං ආජානෙය්‍යං විජානෙය්‍යං පටිවිජානෙය්‍යං පටිවිජ‍්ඣෙය්‍යං අධිගච‍්ඡෙය්‍යං ඵස‍්සෙය්‍යං සච‍්ඡිකරෙය්‍යන‍්ති ‘විවෙකධම‍්මං යමහං විජඤ‍්ඤං’
විවෙක ධම්මං යමහං විජඤ්ඤං- ‘විවෙකධම්ම’යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශ විරාගයෙක් දුඃඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමහං විජඤ්ඤං- මම් යම් නිවනක් දැන ගනිම් නම් නියතින් දැනගනිම් නම් වෙසෙසින් දැනගනිම් නම් ඒ ඒ කරුණින් දැනගනිම් නම් ප්‍රතිවෙධ කෙරෙම් නම් අවබෝධ කෙරෙම් නම් ඥානයෙන් ස්පර්‍ශ කෙරෙම් නම් ප්‍රත්‍යක්ෂ කෙරෙම් නම් යි ‘විවෙකධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
යථාහං ආකාසොව අබ්‍යාපජ‍්ජමානොති යථා ආකාසො න පජ‍්ජති න ගණ‍්හාති න බජ‍්ඣති න පළිබජ‍්ඣති එවං ආපජ‍්ජමානො අගණ‍්හමානො අබජ‍්ඣමානො අපළිබජ‍්ඣමානොති එවම‍්පි ආකාසොව අබ්‍යාපජ‍්ජමානො’ යථා ආකාසො න රජ‍්ජති ලාඛාය වා හලිද‍්දියා වා නීලියා වා මඤ‍්ජෙට‍්ඨාය වා, එවං අරජ‍්ජමානො අදුස‍්සමානො අමුය‍්හමානො අකිලිස‍්සමානොති, එවම‍්පි ‘ආකාසොව අබ්‍යාපජ‍්ජමානො’. යථා ආකාසො න කුප‍්පති, න බ්‍යාපජ‍්ජති, න පතිත්‍ථියති න පටිහඤ‍්ඤති, එවං අකුප‍්පමානො අබ්‍යාපජ‍්ජමානො අපතිත්‍ථියමානො අපටිහඤ‍්ඤමානොති එවම‍්පි ‘ආකාසොව අබ්‍යාපජ‍්ජමානො’.
යථාහං ආකාසොව අඛ්‍යාපජ්ජමානො- යම් සේ ආකාශය (නානාත්වයට) නො යේ ද නො ගනී ද නො බැඳේ ද හාත්පසින් නො බැඳේ ද එපරිද්දෙන් (නානාත්වයට) නො යනුයෙම් නො ගන්නෙම් නො බැඳෙනුයෙම් හාත්පසින් නො බැඳෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස ලතුයෙන් හෝ කසායෙන් හෝ බෙරුපතින් හෝ මඳටින් හෝ නො රැඳේ ද එසෙයින් නො රැඳෙනුයෙම් දූෂ්‍ය නො වනුයෙම් නො මුළා වනුයෙම් නො කිලිටි වනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස නො කිපේ ද පියවි නො හරී ද නො තද වේ ද නො ගැටේ ද, එසෙයින් නො කිපෙනුයෙම් පියවි නො හරිනුයෙම් තද බවට නො පැමිණෙනුයෙම් නො ගැටෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ.
ඉධෙව සන‍්තො අසිතො චරෙය්‍යන‍්ති: ‘ඉධෙව සන‍්තො’ති: ඉධෙව සන‍්තො සමානො, ඉධෙව නිසින‍්නො සමානො, ඉමස‍්මිං යෙව ආසනෙ නිසින‍්නො සමානො, ඉමිස‍්සායෙව පරිසාය නිසින‍්නො සමානොති, එවම‍්පි ‘ඉධෙව සන‍්තො.’ අථවා ඉධෙව සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධොති එවම‍්පි ‘ඉධෙව සන‍්තො’. අසිතොති ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- අයං දිට‍්ඨිනිස‍්සයො. තණ‍්හානිස‍්සයං පහාය දිට‍්ඨිනිස‍්සයං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං අනිස‍්සිතො, සොතං අනිස‍්සිතො, ඝානං අනිස‍්සිතො ජිව‍්හං අනිස‍්සිතො, කායං අනිස‍්සිතො, මනං අනිස‍්සිතො. රූපෙ-සද‍්දෙ-ගන්‍ධෙ-රසෙ-ඵොට‍්ඨබ‍්බෙ-ධම‍්මෙ-කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ‍්ඩපාතං සෙනාසනං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ‍්ඤාභවං අසඤ‍්ඤාභවං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ‍්චවොකාරභවං අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං සබ‍්බෙ ධම‍්මෙ අසිතො අනිස‍්සිතො අනල‍්ලීනො අනුපගතො අනජ‍්ඣොසිතො අනධිමුත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා. චරෙය්‍යන‍්ති චරෙය්‍යං විහරෙය්‍යං ඉරීයෙය්‍යං වත‍්තෙය්‍යං පාලෙය්‍යං යපෙය්‍යං යාපෙය්‍යන‍්ති ‘ඉධෙව සන‍්තො අසිතො චරෙය්‍යං.’
ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං -‘ඉධෙව සන්තෝ’ යනු: මෙහි මැ වූයෙම් මෙහි මැ හුන්නෙම් මෙ අසුනෙහි මැ හුන්නෙම්, මෙ පිරිස්හි මැ හුන්නෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. නොහොත් මෙහි මැ ශාන්ත වූයෙම් උපශාන්ත වූයෙම් ව්‍යුපශාන්ත වූයෙම් නිවුණෙම් සන්හිඳුණෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. අසිතො- නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිශ්‍රය ද දෘෂ්ටිනිශ්‍රය දැ යි... මේ තෘෂ්ණා නිශ්‍රය යි... මේ දෘෂ්ටිනිඃශ්‍රය යි. තෘෂ්ණානිඃශ්‍රය හැරපියා දෘෂ්ටිනිඃශ්‍රය දුරැලා ඇස (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇසුරු නො කෙළෙම් කන අනිඃශ්‍රිතයෙම් නැහැය අනිඃශ්‍රිතයෙම් දිව අනිඃශ්‍රිතයෙම් කය අනිඃශ්‍රිතයෙම් සිත අනිඃශ්‍රිතයෙම් රූප- ශබ්ද- ගන්‍ධ- රස - ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මයන්- කුලයා-ගණයා- ආවාසය ලාභය යශස ප්‍රශංසාව සුඛය චීවර පිණ්ඩපාත ශයනාසන ගිලන්පස බෙහෙසත් පිරිකර, කාමධාතුව රූපධාතුව අරූපධාතුව, කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නේවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය වර්තමානය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය, සියලු ධර්‍මයන් ඇසුරු නො කෙළෙම් අනිඃශ්‍රිතයෙම් නො ඇලුණෙම් නො පැමිණියෙම් ඇතුළු නො වූයෙම් නො බැසගත්තෙම් නික්ම ගියෙම් බැහැර කෙළෙම් වෙසෙසින් මිදුණෙම් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ, චරෙය්‍යං යනු: හැසිරෙන්නෙමි වෙසෙන්නෙමි ඉරියවු පවත්වන්නෙමි වැටෙන්නෙමි රැකෙන්නෙමි යැපෙන්නෙමි යාපනය වන්නෙම් නුයි ‘ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං’යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ ඒ බමුණු:
“අනුසාස බ්රහ්මෙ, කරුණායමානො විවෙකධම‍්මං යමහං විජඤ‍්ඤං, යථාහං ආකාසොව අබ්‍යාපජ‍්ජමානො ඉධෙව සන‍්තො අසිතො චරෙය්‍ය”න‍්ති.
“අනුසාස බ්‍රහ්මෙ -පෙ- අසිතො චරෙය්‍යං” යී.