යෙදුමෙන් කියවන්න

5. 4

5. 4.

5. 4.

නාහං සහිස‍්සාමි පමොචනාය කථඞ‍්කථිං ධොතක කඤ‍්චිලොකෙ ධම‍්මඤ‍්ච සෙට‍්ඨං ආජානමානො එවං තුවං ඔඝමිමං තරෙසි.

(බුදුහු මෙසේ වදාළහ:ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි. නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රෙෂ්ඨධර්මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවූ යැ.

නාහං සහිස‍්සාමි පමොචනායාති නාහං තං සක‍්කොමි මුඤ‍්චිතුං, පමුඤ‍්චිතුං මොචෙතුං පමොචෙතුං උද‍්ධරිතුං සමුද‍්ධරිතුං උට‍්ඨාපෙතුං සමුට‍්ඨාපෙතුං කථඞ‍්කථාසල‍්ලතොති එවම‍්පි නාහං සහිස‍්සාමි පමොචනාය. අථවා න ඊහාමි, න සමීහාමි, න උස‍්සහාමි, න වායමාමි න උස‍්ස හං කරොමි, න උස‍්සොළ‍්හිං කරොමි, න ථාමං කරොමි, න ධිතිං කරොමි, න විරියං කරොමි, න ඡන්‍දං ජනෙමි, න සඤ‍්ජනෙමි, න නිබ‍්බත‍්තෙමි න අභිනිබ‍්බත‍්තෙමි, අස‍්සද‍්ධෙ පුග‍්ගලෙ අච‍්ඡන්‍දකෙ කුසීතෙ හීනවිරියෙ අප‍්පටිපජ‍්ජමානෙ ධම‍්මදෙසනායාති එවම‍්පි ‘නාහං සහිස‍්සාමි පමොචනාය:

නාහං සහිස්සාමි පමොචනාය යනු: මම තා කථංකථාශල්‍යයෙන් මුදන්නට වෙසෙසින් මුදන්නට මුදා පියන්නට වෙසෙසින් මුදාපියන්නට නඟන්නට මැනැවින් නඟන්නට නඟා සිටුවන්නට මැනැවින් නඟාසිටු වන්නට නො හැකි යෙම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. නොහොත් ශ්‍රද්ධා නැති කුශලච්ඡන්‍ද රහිත වූ කුසීත වූ හීනවීර්‍ය්‍ය ඇති පිළිවෙත්හි නො හැසිරෙන පුද්ගලයනට දහම් දෙසනු සඳහා පියෝ නො කෙරෙමි, මැනැවින් පියෝ නො කෙරෙමි, නො සහමී, වෑයම් නො කෙරෙමි, උත්සාහ නො කෙරෙමි, අධිමාත්‍ර වැ උත්සාහ නො කෙරෙමි, තැත් නො කෙරෙමි, ධෛර්‍ය්‍යය නො කෙරෙමි, වීර්‍ය්‍යය නො කෙරෙමි, රුචි නූපදවමි, වෙසෙසින් රුචි නූපදවමි, නො නිපදවමි, වෙසෙසින් නො නිපදවම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.

අථවා නත්‍ථඤ‍්ඤො කොචි මොචෙතා, තෙ යදි මොචෙය්‍යුං, සකෙන ථාමෙන සකෙන බලෙන සකෙන විරියෙන සකෙන පරක‍්කමෙන සකෙන පුරිසථාමෙන අත‍්තනා සම‍්මාපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං පටිපජ‍්ජමානා මොචෙය්‍යුන‍්ති එවම‍්පි ‘නාහං සහිස‍්සාමි පමොචනාය’ වුත‍්තං හෙතං භගවතා: ‘සො වත චුන්‍ද, අත‍්තනා පලිපපලිපන‍්නො පරං පලිපපලිපන‍්නං උද‍්ධරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, සො වත චුන්‍ද, අත‍්තනා අදන‍්තො අවිනීතො අපරිනිබ‍්බුතො පරං දමෙස‍්සති විනෙස‍්සති පරිනිබ‍්බාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජතී”ති

නොහොත් මුදන අන් කිසිවෙක් නැත, ඉදින් ඔහු මිදෙන්නාහු නම් ස්වකීය ශක්තියෙන් ස්වකීයබලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පෞරුෂයෙන් තුමූ සම්‍යක්ප්‍රතිපත් අනුලෝම ප්‍රතිපත් අවිරුද්ධ ප්‍රතිපත් අන්‍වර්ථ ප්‍රතිපත් ධර්මානුධර්මප්‍රතිපත් පිළිපදනාහු මිදෙන්නාහ’යි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි: “චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟා සිටුවන්නේ යැ යන මෙ කරුණ නො වෙයි. චුන්දය, යමෙක් තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමනය කරන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මෙ කරුණ නො වේ” යයි

එවම‍්පි ‘නාහං සහිස‍්සාමි පමොචනාය’

මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.

වුත‍්තම‍්පි හෙතං භගවතා:

මෙ ද වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:

3 අත‍්තනාව කතං පාපං අත‍්තනා සංකිලිස‍්සති අත‍්තනා අකතං පාපං අත‍්තනාව විසුජ‍්ඣති සුද‍්ධි අසුද‍්ධි පච‍්චත‍්තං නාඤ‍්ඤමඤ‍්ඤො විසොධයෙ’ති.

3. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවු අපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි, යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලා කුශලකර්‍ම සඞ්ඛ්‍යාත ශුද්ධිය ද අශුද්ධිය ද කාරක සන්තානනයෙහි-තමා කෙරෙහි විවා දනවයි. අනෙකක් අනෙකෙක්හු විශුද්ධ නො කරන්නේ යැ”යි.

එවම‍්පි ‘නාහං සහිස‍්සාමි පමොචනාය’.

මෙසේත් ‘නාහං‘ සහිස්සාමි පමොචනාය’ යනු වේ.

වුත‍්තං හෙතං භගවතා:

භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:

“එවමෙව ඛො බ්‍රාහ‍්මණ, තිට‍්ඨතෙව නිබ‍්බානං තිට‍්ඨති නිබ‍්බානගාමී මග‍්ගො තිට‍්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප‍්පෙකච‍්චෙ අච‍්චන‍්තනිට‍්ඨං නිබ‍්බානං ආරාධෙන‍්ති, එකච‍්චෙ නාරාධෙන‍්ති. එත්‍ථ ක්‍යාහං බ්‍රාහ‍්මණ, කරොමි මග‍්ගක‍්ඛායී බ්‍රාහ‍්මණ තථාගතො, මග‍්ගං බුද‍්ධා ආචික‍්ඛන‍්ති, අත‍්තනා පටිපජ‍්ජමානා මුඤ‍්චෙය්‍යු”න‍්ති.

“එසෙයින් මැ බමුණු, අමාමහනිවන ඇත් මැයි. (පූර්‍වභාග විදර්ශනාදියෙහි පටන් කොට) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත, සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැ යැ එතෙකුදු වත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨා වූ නිවන සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා බමුණ, (මොවුන් කෙරෙහි) මම් කුම් කෙරෙම් ද බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ, බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්, තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි.

එවම‍්පි ‘නාහං සහිස‍්සාමි පමොචනාය.’

මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’යනු වේ.

කථඞ‍්කථිං ධොතක කඤ‍්චි ලොකෙති කථඞ‍්කථිං පුග‍්ගලං ‘සකඞ‍්ඛං සවිලෙඛං සද‍්වෙළ‍්හකං සවිචිකිච‍්ඡං. කඤ‍්චීති කඤ‍්චි ඛත‍්තියං වා බ්‍රාහ‍්මණං වා වෙස‍්සං වා සුද‍්දං වා ගහට‍්ඨං වා පබ‍්බජිතං වා දෙවං වා මනුස‍්සං වා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති. ‘කථඞ‍්කථිං ධොතක කඤ‍්චි ලොකෙ, ‘

කථංකථිං ධෝතක කඤ්චි ලෝකේ- සැක සහිත වූ මනොවිලෙඛ සහිත වූ ද්වෙළ්හක (දෙසිත්) සහිත වූ විචිකිත්සා සහිත වූ සැක ඇති පුඟුල්හු. කඤ්චි යනු: කිසි ක්‍ෂත්‍රියයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෛශ්‍යයකු හෝ ශුද්‍රයකු හෝ ගෘහස්ථයකු හෝ ප්‍රව්‍රජිතයකු හෝ දෙවියකු හෝ මිනිසකු හෝ යි. ලෝකේ- අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘කථංකථිං ධෝතක කඤ්චි ලෝකේ’ යනු වේ.

ධම‍්මඤ‍්ච සෙට‍්ඨං ආජානමානොති ‘ධම‍්මං සෙට‍්ඨං’ වුච‍්චති ‘අමතං නිබ‍්බානං’ යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. සෙට‍්ඨන‍්ති අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං ධම‍්මං. ආජානම නොති ආජානමානො විජානමානො පටිවිජානමානො පටිවිජ‍්ඣමානොති ‘ධම‍්මඤ‍්ච සෙට‍්ඨං ආජානමානො. ‘

ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො යනු: ‘ධම්මං සෙට්ඨං’ යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛ නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. සෙට්ඨං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උත්තම වූ ප්‍රවර වූ ධර්‍මය. ආජානමානො යනු: නියතයෙන් දන්නේ වෙසෙසින් දන්නේ ඒ ඒ කරුණින් දන්නේ ප්‍රතිවෙධ කරනුයේ නුයි ‘ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො’ යනු වේ.

එවං තුවං ඔඝමිමං තරෙසීති එවං ත්‍වං කාමොඝං භවොඝං දිට‍්ඨොඝං අවිජ‍්ජොඝං තරෙය්‍යාසි උත‍්තරෙය්‍යාසි පතරෙය්‍යාසි සමතික‍්කමෙය්‍යාසි වීතිවත‍්තෙය්‍යාසීති ‘එවං තුවං ඔඝමිමං තරෙසි.’

එවං තුවං ඔඝමිමං තරෙසි- මෙසේ තෝ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කරන්නෙහි උත්තරණය කරන්නෙහි ප්‍රතරණය කරන්නෙහි සමතික්‍රමණය කරන්නෙහි ඉක්මවන්නෙහි යි ‘එවං තුවං ඔඝමිමං තරෙසි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නාහං සහිස‍්සාමි පමොචනාය (ධොතකාති භගවා) කථඞ‍්කථිං ධොතක කඤ‍්චි ලොකෙ, ධම‍්මඤ‍්ච සෙට‍්ඨං ආජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”ති.

“නාහං සහිස්සාමි පමොචනාය -පෙ- එවං තුවං ඔඝමිමං තරෙසි” යි.