යෙදුමෙන් කියවන්න

5. 3

5. 3.

5. 3.

පස‍්සාමහං දෙවමනුස‍්සලොකෙ අකිඤ‍්චනං බ්‍රාහ‍්මණං ඉරියමානං තං තං නමස‍්සාමි සමන‍්තචක‍්ඛු පමුඤ‍්ච මං සක‍්ක කථඞ‍්කථාහි.

(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම මිනිස් ලොවැ හැසිරෙන පළිබෝධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දේවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.

පස‍්සාමහං දෙවමනුස‍්සලොකෙති ‘දෙවා’ති තයො දෙවා: සම‍්මුතිදෙවා උප‍්පත‍්තිදෙවා විසුද‍්ධිදෙවා. කතමෙ සම‍්මුතිදෙවා: සම‍්මුතිදෙවා වුච‍්චන‍්ති රාජානො ච රාජකුමාරා ච දෙවියො ච ඉමෙ වුච‍්චන‍්ති සම‍්මුතිදෙවා. කතමෙ උප‍්පත‍්තිදෙවා: උප‍්පත‍්තිදෙවා වුච‍්චන‍්ති චාතුම‍්මහාරාජිකා දෙවා තාවතිංසා දෙවා යාමා දෙවා තුසිතා දෙවා නිම‍්මාණරතී දෙවා පරනිම‍්මිතවසවත‍්තී දෙවා බ්‍රහ‍්මකායිකා දෙවා, යෙ ච දෙවා තදුත‍්තරිං ඉමෙ වුච‍්චන‍්ති උප‍්පත‍්තිදෙවා. කතමෙ විසුද‍්ධිදෙවා: විසුද‍්ධිදෙවා වුච‍්චන‍්ති තථාගතසාවකා අරහන‍්තො ඛීණාසවා, යෙ ච පච‍්චෙකසම‍්බුද‍්ධා ඉමෙ වුච‍්චන‍්ති විසුද‍්ධිදෙවා, භගවා සම‍්මුතිදෙවානං ච උප‍්පත‍්තිදෙවානං ච විසුද‍්ධිදෙවානං ච දෙවො ච අතිදෙවො ච දෙවාතිදෙවො ච සීහසීහො නාගනාගො ගණිගණී මුනිමුනී රාජරාජා. පස‍්සාමහං දෙවමනුස‍්සලොකෙති මනුස‍්සලොකෙ දෙවං පස‍්සාමි අතිදෙවං පස‍්සාමි දෙවාතිදෙවං පස‍්සාමි දක‍්ඛාමි ඔලොකෙමි නිජ‍්ඣායාමි උපපරික‍්ඛාමීති ‘පස‍්සාමහං දෙව මනුස‍්සලොකෙ. ‘

පස්සාමහං දෙවමනුස්සලොකෙ යනු: ‘දෙව’ යි තුන් දෙවිහ: සම්මුතිදේව යැ උත්පත්තිදේව යැ විසුද්ධිදේව යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජහු ද රජකුමරහු ද දෙවීහු ද සම්මුතිදේව යි කියනු ලැබෙති මොහු ‘සම්මුතිදේව’යි කියනු ලැබෙත්. උත්පත්තිදෙවයෝ කවරහ යත්: චාතුර්මහාරාජික දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී දෙවියෝ ද පරනිර්මිතවසවර්ති දෙවියෝ ද බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මතුයෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු ‘උත්පත්තිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘උත්පත්තිදෙව’ යි කියනු ලැබෙත්. විශුද්ධිදෙවයෝ කවරහ යත්: තථාගතශ්‍රාවක වූ අර්‍හත් ක්ෂීණාශ්‍රවයෝ ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු ද ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙත්. බුදුහු සම්මුතිදේවයනට ද උත්පත්තිදේවයනට ද විශුද්ධිදේවයනට ද, දේව ද අතිදේව ද දේවාතිදේව ද වෙති, (අභීත බැවින්) සිංහාතිසිංහ යැ (නිකෙලෙස් බැවින් මහත් බැවින් හෝ) නාගාතිනාග ය ගණීනට ගණී යැ මුනිනට මුනි යැ රාජාධිරාජ යි. පස්සාමහං දෙව මනුස්සලොකෙ යනු: මිනිස්ලොවැ දෙවි වූවහු දකිමි, අතිදේව වූවහු දකිමි, දේවාතිදේව වූවහු දකිමි හඳුනමි අවලෝකනය කෙරෙමි සිතමි හාත්පසින් දකිම් නුයි ‘පස්සාමහං දෙව මනුස්සලොකෙ’ යනු වේ.

අකිඤ‍්චනං බ්‍රාහ‍්මණං ඉරියමානන‍්ති ‘අකිඤ‍්චනන‍්ති රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං, තෙ කිඤ‍්චනා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො අකිඤ‍්චනො. බ්‍රාහ‍්මණොති භගවා සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො: සක‍්කායදිට‍්ඨි බාහිතා හොති, විචිකිච‍්ඡා බාහිතා හොති, සීලබ‍්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සඞ‍්කිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.

අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරීයමානං- ‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටි කිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. ඒ කිඤ්චනයෝ භාග්‍යවත් බුහුනට ප්‍රහීණයෝ යැ උසුන්මුල් ඇත්තාහු යැ තාලවස්තුවක් මෙන් කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, මතු නූපදනා පියවි ඇත්තාහ, එහෙයින් බුදුහු අකිඤ්චනයහ. බ්‍රාහ්මණො යනු සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් භාග්‍යවත්හු බ්‍රාහ්මණයහ: සත්කායදෘෂ්ටිය බාහිත (ප්‍රහීණ කරන ලද) වෙයි, විචිකිත්සාව බාහිත වෙයි, ශීලව්‍රතපරාමර්ශය බාහිත වෙයි. රාගය බාහිත වෙයි, ද්වේෂය බාහිත වෙයි. මෝහය බාහිත වෙයි, මානය බාහිත වෙයි, ඔවුන් විසින් සාංක්ලේශිත වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට කාරණා වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.

1 “බාහෙත්‍වා සබ‍්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත‍්තො, සංසාරමතිච‍්ච කෙවලී සො අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා.”a.

1. “( සභිය’යි භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මැනැවින් එකඟ කළ සිත් ඇති (ලොකධර්මයෙන් කම්පිත නො වන බැවින්) ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මවා සිටි (නිමවන ලද මාර්ගකෘත්‍ය ඇති හෙයින්) කේවලී වූ ඒ ක්ෂීණාස්‍රව තෙමේ (තෘෂ්ණා-දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින්) ‘අසිත’ යි ද (ලොකධර්මයෙන් නිර්විකාර හෙයින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාහ්මණ නම් වේ.”

ඉරියමානන‍්ති චරන‍්තං විහරන‍්තං ඉරීයන‍්තං වත‍්තෙන‍්තං පාලෙන‍්තං යපෙන‍්තං යාපෙන‍්තන‍්ති ‘අකිඤ‍්චනං බ්‍රාහ‍්මණං ඉරියමානං.’

ඉරියමානං - හැසිරෙනුවහු වාසය කරනුවහු ඉරියවු පවත්වනුවහු වැටෙනුවහු රැකෙනුවහු යැපෙනුවහු යාපනයවනුවහු නුයි ‘අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරියමානං’ යනු වේ.

තං තං නමස‍්සාමි සමන‍්තචක‍්ඛූති ‘තන‍්ති’ භගවන‍්තං භණති. නමස‍්සාමීති කායෙන වා නමස‍්සාමි, වාචාය වා නමස‍්සාමි, චිත‍්තෙන වා නමස‍්සාමි, අන්‍වත්‍ථපටිපත‍්තියා වා නමස‍්සාමි, ධම‍්මානුධම‍්මපටිපත‍්තියා වා නමස‍්සාමි, සක‍්කරොමි ගරුකරොමි මානෙමි පූජෙමි. සමන‍්තචක‍්ඛූති ‘සමන‍්තචක‍්ඛු වුච‍්චති සබ‍්බඤ‍්ඤුතඤාණං, භගවා සබ‍්බඤ‍්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප‍්පන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො.

තං තං නමස්සාමි සමන්තචක්ඛු- ‘තං’ යි භාග්‍යවතුන් බෙණෙයි. නමස්සාමි - කයින් හෝ නමස්කාර කෙරෙමි, බසින් හෝ නමස්කාර කෙරෙමි, සිතින් හෝ නමස්කාර කෙරෙමි, අන්වර්ථප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, සත්කාර කෙරෙමි, ගරු කෙරෙමි, බුහුමන් කෙරෙමි. පුදමි. සමන්තචක්ඛු ‘සමන්තචක්ඛු’යි සර්වඥාතාඥානය කියනු ලැබෙයි, බුදුහු සර්‍වඥතාඥානයෙන් උපේතයහ, සමුපේතයහ, උපගතයහ, සමුපගතයහ, යුක්තයහ, පරිපූර්‍ණයහ, සමන්‍විත වූහු.

2. “න තස‍්ස අද‍්දිට‍්ඨමිධත්‍ථි කිඤ‍්චී අථො අවිඤ‍්ඤාතමජානිතබ‍්බං සබ‍්බං අභිඤ‍්ඤාසි යදත්‍ථි නෙය්‍යං තථාගතො තෙන සමන‍්තචක‍්ඛූ”ති.

2. “ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙ කලැ හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත,(අනාගත වූ) නො දැනෙන කිසි (ධර්මජාතයෙක්) දු නැත. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු වූහ’ යි”.

’තං තං නමස‍්සාමි සමන‍්තචක‍්ඛු’

තං තං නමස්සාමි සමන්තචක්ඛු’ යනු වේ.

පමුඤ‍්ච මං සක‍්ක කථංකථාහීති ‘සක‍්කා’ති සක‍්කො භගවා ‘සක්‍යකුලා පබ‍්බජිතො’ති පි සක‍්කො, අථවා ‘අඩ‍්ඪො මහද‍්ධනො ධනවා’ති පි සක‍්කො, තස‍්සිමානි ධනානි, සෙය්‍යථීදං: සද‍්ධාධනං සීලධනං හිරිධනං ඔත‍්තප‍්පධනං සුතධනං චාගධනං පඤ‍්ඤාධනං සතිපට‍්ඨානධනං සම‍්මප‍්පධානධනං ඉද‍්ධිපාදධනං ඉන්‍ද්‍රියධනං බලධනං බොජ‍්ඣඞ‍්ගධනං මග‍්ගධනං ඵලධනං නිබ‍්බානධනං, ඉමෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ‍්ඪො මහාධනො ධනවාති’පි සක‍්කො.

පමුඤ්ච මං සක්ක කථංකථාහි- ‘සක්ක’යනු: භාග්‍යවත්හු ශාක්‍යයහ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ, නොහොත් (ප්‍රඥා ධන සමෘද්ධියෙන්,) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥා ධන ඇතියහ, (ප්‍රඥා ධනයෙන්) ධනවත් වූවාහු නුයි ද ශාක්‍යයහ. ඔවුන්ගේ මේ ධනයෝ වෙති, ඒ මෙසේ යි: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක්ප්‍රධානධන යැ සෘද්ධිපාදාධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵල ධන යැ නිර්වාණධන යි. මේ නන්වැදෑරුම් ධනරත්නයෙන් ආඪ්‍යයහ, මහද්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍ය නම් වූහ.

අථවා සක‍්කො ‘පහූ විසවී අලමත‍්තො සූරො වීරො වික‍්කන‍්තො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී, පහීන භයභෙරවො විගතලොමහංසො, තිපි සක‍්කො, ‘කථඞ‍්කථා’ වුච‍්චති විචිකිච‍්ඡා, දුක‍්ඛෙ කඞ‍්ඛා, දුක‍්ඛසමුදයෙ කඞ‍්ඛා, දුක‍්ඛනිරොධෙ කඞ‍්ඛා, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය කඞ‍්ඛා, පුබ‍්බන‍්තෙ කඞ‍්ඛා, අපරන‍්තෙ කඞ‍්ඛා, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛා, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා. යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො. පමුඤ‍්ච මං සක‍්ක කථංකථාහීති මුඤ‍්ච මං, පමුඤ‍්ච මං, මොචෙහි මං පමොචෙහි මං, උද‍්ධර මං, සමුද‍්ධර මං, උට‍්ඨාපෙහි මං, කථං කථා සල‍්ලතොති ‘පමුඤ‍්ච මං සක‍්ක කථඞ‍්කථාහි.’

නොහොත් ශාක්‍යයහ ප්‍රභූහ (පරසන්තානයෙහි) වීර්‍ය්‍යය උපදවනුවහ සමර්‍ත්‍ථ සිත් ඇතියහ ශූර වූවහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය වන සුල්ලහ නො සැලෙනුවහ නො තැතිගන්නා සුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ භය භයඅරමුණු ඇතියහ විගත වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නම් වූහ. ‘කථංකථා’යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදායෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යැ. යම් මෙබඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්ත ග්‍රාහයෙක් (අරමුණ කෙරෙන්) පසු බැස්මෙක් හාත්පසින් පසු බැස්මෙක් නො බැසගැනුමෙක් චිත්තයාගේ තදබවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. පමුඤ්ච මං සක්ක කථං කථාහි යනු: මා මුදනු මැනැවැ මා නොයෙක් අයුරින් මුදනු මැනැවැ මා ලිහිල් කළ මැනැවැ මා ඉතා ලිහිල් කළ මැනැවැ මා (සංසාර පඞ්කයෙන්) නඟාලනු මැනැවැ මොනොවට නඟාලනු මැනැවැ විචිකිත්සාශල්‍යයෙන් මා නඟා සිටුවනු මැනැව නුයි ‘පමුඤ්ච මං සක්ක කථංකථාහි’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“පස‍්සාමහං දෙව මනුස‍්සලොකෙ අකිඤ‍්චනං බ්‍රාහ‍්මණං ඉරීයමානං, තං තං නමස‍්සාමි සමන‍්තචක‍්ඛු පමුඤ‍්ච මං සක‍්ක කථඞ‍්කථාහී”ති.

“පස්සාමහං දෙව මනුස්සලොකෙ -පෙ- පමුඤ්ච මං සක්ක කථංකථාහි” යී.