6. 5
6. 5.
6. 5.
තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී පූගම්පි වස්සානං සමන්තචක්ඛු, තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස,
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙනසුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටුනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටුනේ ද එබඳු වූවහුගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායීති සචෙ සො තිට්ඨෙය්ය සට්ඨිකප්පසහස්සානි: තත්ථාති ආකිඤ්චඤ්ඤායතනෙ. අනානුයායීති අනානුයායී අවිච්චමානො අවිගච්ඡමානො අනන්තරධානමානො අපරිහායමානො. අථවා අරජ්ජමානො අදුස්සමානො අමුය්හමානො අකිලිස්සමානොති ‘තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී.’
තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී- ඉඳින් හේ කප් සැටදහසක් මුළුල්ලෙහි සිටිනේ නම්, තත්ථ යනු : ආකිඤ්චඤ්ඤායතනයෙහි; අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී‘ යනු වේ.
පූගම්පි වස්සානං සමන්ත චක්ඛූති ‘පූගම්පි වස්සාන’න්ති පූගම්පි වස්සානං බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි බහූනි කප්පානි බහූනි කප්පසතානි බහූනි කප්පසහස්සානි බහූනි කප්පසතසහස්සානි. සමන්තචක්ඛූති ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූ’ති ’පූගම්පි වස්සානං සමන්තචක්ඛු’
පූගම්පි වස්සානං සමන්තචක්ඛු- ‘පූගම්පි වස්සානං‘ යනු: වර්ෂයන් පිළිබඳ ගණනසමූහයකුදු බොහෝ වර්ෂයන් බොහෝ වර්ෂශතයන් බොහෝ වර්ෂසහස්රයන් බොහෝ වර්ෂ ශතසහස්‍රයන් බොහෝ කල්පයන් බොහෝ කල්පශතයන් බොහෝ කල්පසහස්රයන් බොහෝ කල්පශතසහස්රයන් මුළුල්ලෙහි, සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු‘ යි සර්වඥතාඥානය කියනු ලැබෙයි... එයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු‘ නම් වෙත් නුයි ‘පූගම්පි වස්සානං සමන්ත චක්ඛු‘ යනු වේ.
තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්සාති තත්ථෙව සො සීතීභාවමනුප්පත්තො නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො සස්සතිසමං තථෙව තිට්ඨෙය්ය.’ අථවා තස්ස විඤ්ඤාණං චවෙය්ය උච්ඡිජ්ජෙය්ය නස්සෙය්ය විනස්සෙය්ය න භවෙය්ය පුනබ්භව පටිසන්ධිවිඤ්ඤාණං නිබ්බත්තෙය්ය කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා’ති ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස සස්සතඤ්ච උච්ඡෙදඤ්ච පුච්ඡති උදාහු තත්ථෙව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායෙය්ය අථවා තස්ස විඤ්ඤාණං චවෙය්ය, පුන පටිසන්ධිවිඤ්ඤාණං නිබ්බත්තෙය්ය කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා’ති ආකිඤ්චඤ්ඤායතනං උපපන්නස්ස පරිනිබ්බානඤ්ච පටිසන්ධිඤ්ච පුච්ඡති. තථා විධස්සාති තථාවිධස්ස තාදිසස්ස තස්සණ්ඨිතස්ස තප්පකාරස්ස තප්පටිභාගස්ස ආකිඤ්චඤ්ඤායතනං උපපන්නස්සාති තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස’
තත්ථෙව සො සීතීසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්ස- හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි මැ ශීතීභාවය (නිවන) ට පැමිණියේ නිත්‍ය වූයේ ධ්රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් සෙයින් එසේ මැ සිටුනේ ද, නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද, සිඳෙන්නේ ද, නැසෙන්නේ ද, වැනැසෙන්නේ ද, නො වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ පුනර්භව සඞ්ඛ්‍යාත ප්රතිසන්ධි විඥානය උපදනේ දැයි ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හු ගේ ශාශ්වතය ද උච්ඡේදය විචාරයි. නොහොත් එහි මැ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙන්නේ ද? නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ යළි ප්රතිසන්ධි විඥානය උපදනේ දැ යි ආකිඤ්චඤ්ඤායතනයට (ප්රතිසන්ධි විසින්) පැමිණියහුගේ පරිනිර්වාණය ද ප්රතිසන්ධිය ද විචාරයි. තථාවිධස්ස යනු එබඳු වූවහු ගේ තාදෘශ වූවහු ගේ එසේ සිටියහුගේ තත්ප්‍රකාර වූවහු ගේ තත්ප්‍රතිභාග වූවහුගේ ආකිඤ්චඤ්ඤායතනයට පිළිසඳ විසින් පැමිණියහු ගේ නු යි ‘තත්ථෙව සො සීතිසියාවිමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස‘ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“තිට්ඨෙ වෙ සො තත්ථ අනානුයායී පූගම්පි වස්සානං සමන්තචක්ඛු, තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්සා”ති.
“තිට්ඨෙ චෙ සො තත්ථ -පෙ- චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස” යි.