යෙදුමෙන් කියවන්න

6. 6

6. 6.

6. 6.

අච‍්චී යථා වාතවෙගෙන ඛිත‍්තා (උපසීවා’ති භගවා) අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං එවං මුනී නාමකායා විමුත‍්තො අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං.

(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද (නිවේද) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නො යේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි, ක්‍ෂත්‍රියාදි ව්‍යවහාරයට නො යෙයි.

අච‍්චී යථා වාතවෙගෙන ඛිත‍්තාති-‘අච‍්චි’ වුච‍්චති ජාලසිඛා. වාතාති පුරත්‍ථිමා වාතා, පච‍්ඡිමා වාතා, උත‍්තරා වාතා, දක‍්ඛිණා වාතා, සරජා වාතා, අරජා වාතා, සීතා වාතා, උණ‍්හා වාතා, පරිත‍්තා වාතා, අධිමත‍්තා වාතා, කාළවාතා, වෙරම‍්භවාතා, පක‍්ඛවාතා, සුපණ‍්ණවාතා, තාලපණ‍්ණවාතා, විධූපනවාතා, වාතවෙගෙන ඛිත‍්තාති වාතවෙගෙන ඛිත‍්තා උක‍්ඛිත‍්තා නුන‍්නා පනුන‍්නා ඛම‍්භිතා වික‍්ඛම‍්භිතාති ‘අච‍්චි යථා වාතවෙගෙන ඛිත‍්තා, ‘උපසීවාති භගවා’.

අව්චී යථා වාතවෙගෙන ඛිත්තා- ‘අව්චී‘ යි ගිනිසිළ කියනු ලැබෙයි, වාතා යනු: පෙරදිගින් හමන වාත යැ අවරදිගැ වාත යැ උතුරුදිගැ වාත යැ දකුණු දිගැ වාත යැ රජස් සහිත වාත යැ රජස් රහිත වාත යැ ශීත වාත යැ උෂ්ණ වාත යැ අල්ප වාත යැ අධිමාත්‍ර වාත යැ කෘෂ්ණපක්ෂ වාත යැ වේරම්බ වාත යැ පියාපත් වාත යැ සුපර්‍ණ වාත යැ තල්වැට වාත යැ විධූපන වාත යැ යන මොහු යි. වාතවෙගෙන ඛිත්තා-- සලන ලද අතිශයින් සලන ලද බැහැර කරන ලද දුරු කරන ලද නවතන ලද ඉවත් කරන ලද නුයි ‘අව්චීයථා වාතවෙගෙන ඛිත්තා’ යනු වේ. ‘උපසීවා ති භගවා‘ යනු වේ.

අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛන‍්ති-‘අත්‍ථං පලෙතී’ති අත්‍ථං පලෙති, අත්‍ථං ගමෙති, අත්‍ථං ගච‍්ඡති, නිරුජ‍්ඣති, වූපසමති, පටිප‍්පස‍්සම‍්භති. න උපෙති සඞ‍්ඛන‍්ති සඞ‍්ඛං න උපෙති, උද‍්දෙසං න උපෙති, ගණනං න උපෙති, පණ‍්ණත‍්තිං න උපෙති, පුරත්‍ථිමං වා දිසං ගතො, පච‍්ඡිමං වා දිසං ගතො, උත‍්තරං වා දිසං ගතො, දක‍්ඛිණං වා දිසං ගතො, උද‍්ධං වා ගතො, අධො වා ගතො, තිරියං වා ගතො, විදිසං වා ගතොති සො හෙතු නත්‍ථි, පච‍්චයො නත්‍ථි, කාරණං නත්‍ථි යෙන සඞ‍්ඛං ගච‍්ඡෙය්‍යාති අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං.

අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති‘ යනු: අත්‍ථං පලෙති යී යෙයි අස්තයට පැමිණෙයි අස්තයට යෙයි නිරුද්ධ වෙයි සන්හිඳෙයි නිවෙයි. න උපේති සඞ්ඛං- (අසුවල් යෝනියට ගියේ යි) ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගිණීමට නො පැමිණෙයි ප්‍රඥප්තියට නො පැමිණෙයි පෙරදිගට හෝ ගියේ යැ අවරදිගට හෝ ගියේ යැ උතුරු දිගට හෝ ගියේ යැ දකුණු දිගට හෝ ගියේ යැ උඩට හෝ ගියේ යැ යටට හෝ ගියේයැ සරසට හෝ ගියේ යැ අනුදිගට හෝ ගියේ යයි යම් හෙයෙකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං‘ යනු වේ.

එවං මුනී නාමකායා විමුත‍්තොති ‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං, මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං, -පෙ- සඞ‍්ගජාල මතිච‍්ච සො මුනී. නාමකායා විමුත‍්තොති සො මුනි පකතියා පුබ‍්බෙව රූපකායා විමුත‍්තො, තදඞ‍්ගසමතික‍්කමා වික‍්ඛම‍්භනප‍්පහානෙන පහීනො, තස‍්ස මුනිනො භවන‍්තං ආගම‍්ම චත‍්තාරො අරියමග‍්ගා පටිලද‍්ධා හොන‍්ති, චතුන‍්නං අරියමග‍්ගානං පටිලද‍්ධත‍්තා නාමකායො ච රූපකායො ච පරිඤ‍්ඤාතා හොන‍්ති, නාමකායස‍්ස ච රූපකායස‍්ස ච පරිඤ‍්ඤාතත‍්තා නාමකායා ච රූපකායා ච මුත‍්තො විමුත‍්තො සුවිමුත‍්තො අච‍්චන‍්තං අනුපාදාවිමොක‍්ඛෙනාති ‘එවං, මුනී නාමාකායා විමුත‍්තො.’

එවං මුනී නාමකායා විමුත්තො- ‘එවං‘ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ; මුනි යනු: ‘මොන’යි ඥානය කියනු ලැබෙයි. ...රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම වා සිටියේ ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. නාමකායා විමුත්තො- ඒ මුනි තෙම පියවින් පළමු මැ රූපකායයෙන් විමුක්ත යැ තදඞ්ගවශයෙන් ඉක්මවීමෙන් විෂ්කම්භණ ප්‍රහාණයෙන් ප්‍රහීණ යැ ඒ මුනිහු විසින් භවාන්තයට පැමිණ සතර ආර්‍ය්‍ය මාර්‍ගයෝ ලද්දාහු වෙයි. සතර ආර්‍ය්‍යමාර්ගයන් ලත් බැවින් නාම කය ද රූප කය ද පරිඥාත වෙයි. නාම කයින් ද රූප කයින් ද අත්‍යන්ත කොට අනුපාදා විමොක්ෂයෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ මොනොවට මිදුණේ නුයි ‘එවං මුනී නාමකායා විමුත්තො’ යනු වේ.

අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛන‍්ති ‘අත්‍ථං පලෙතී’ති: අනාපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායති, න උපෙති සඞ‍්ඛන‍්ති: අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො සඞ‍්ඛං න උපෙති උද‍්දෙසං න උපෙති ගණනං න උපෙති, පණ‍්ණත‍්තිං න උපෙති, ඛත‍්තියොති වා බ්‍රාහ‍්මණොති වා වෙස‍්සොති වා සුද‍්දොති වා ගහට‍්ඨොති වා පබ‍්බජිතොති වා දෙවොති වා මනුස‍්සොති වා රූපීති වා අරූපීති වා සඤ‍්ඤීති වා අසඤ‍්ඤීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා සො හෙතු නත්‍ථි, පච‍්චයො නත්‍ථි, කාරණං නත්‍ථි, යෙන සඞ‍්ඛං ගච‍්ඡෙය්‍යාති ‘අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං.’

අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති’ යනු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි. න උපේති සඞ්ඛං- අනුපාදීශෙෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගණනට නො පැමිණෙයි පැනවීමට නො පැමිණෙයි ක්‍ෂත්‍රිය යැ හෝ බ්‍රාහ්මණ යැ හෝ වෛශ්‍ය යැ හෝ ශුද්‍ර යැ හෝ ගෘහස්ථ යැ හෝ ප්‍රව්‍රජිත යැ හෝ දේව යැ හෝ මනුෂ්‍ය යැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අච‍්චි යථා වාතවෙගෙන ඛිත‍්තා (උපසීවාති භගවා) අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං, එවං මුනී නාමකායා විමුත‍්තො අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛන‍්ති”.

“අව්චි යථා වාතවෙගෙන ඛිත්තා -පෙ- අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං” යි.