6. 7
6. 7.
6. 7.
අත්‍ථං ගතො සො උද වා නත්‍ථි උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො.
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද, නොහොත් ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාමස්වභාව ඇත්තේ) සිටිනේ ද, මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව, යම් හෙෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
අත්‍ථං ගතො සො උදවා සො නත්‍ථීති: සො අත්‍ථං ගතො උදාහු නත්‍ථි, සො නිරුද‍්ධො උච‍්ඡින‍්නො විනට‍්ඨොති ‘අත්‍ථං ගතො සො උදවා සො නත්‍ථි’.
අත්‍ථං ගතො සො උදවා සො නත්‍ථි- හේ අස්තයට ගියේ ද නොහොත් නැද්ද, හේ නිරුද්ධ වූයේ උච්ඡේදයට පැමිණියේ විනෂ්ට වූයේ දැ යි ‘අත්ථංගතො සො උදවා සො නත්‍ථි’ යනු වේ.
උදාහු වෙ සස‍්සතියා අරොගොති ‘උදාහු නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මො සස‍්සතිසමං තථෙව තිට‍්ඨෙය්‍යාති ‘උදාහු වෙ සස්සතියා අරොගො.’
උදාහු වෙ සස්සතියා අරොගො- නොහොත්, නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසේ මැ සිටුනේ දැ යි ‘උදාහු වෙ සස්සතියා අරොගො’ යනු වේ.
තං මෙ මුනී සාධු වියාකරොහීති ‘ත’න‍්ති: යං පුච‍්ඡාමි, යං යාචාමි, යං අජ‍්ඣෙසාමි, යං පසාදෙමි. මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී. සාධු වියාකරොහීති: සාධු ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති ‘තං මෙ මුනී සාධු වියාකරොහි’.
තං මෙ මුනී සාධු වියාකරොහි- ‘තං’ යනු: යමකු විචාරම් ද, යමකු අයදිම් ද, යමකු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමකු සඳහා පහදවම් ද: මුනි යනු ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටි ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. සාධු වියා කරොහි- අයදිමි වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම‍්මොති: තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම‍්මොති ‘තථා හි තෙ විදිතො එස ධම‍්මො’.
තථා හි තෙ විදිතො එසධම්මො- යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද විභූත කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ‘යි ‘තථා හි තෙ විදිතො එසධම්මො’ යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ එ බමුණු:
“අත්‍ථං ගතො සො උද වා සො නත්‍ථි උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො”ති.
“අත්‍ථංගතො සො -පෙ- තථා හි තෙ විදිතෙ එසධම්මො’ යී.