6. 8
6. 8.
6. 8.
අත්‍ථං ගතස‍්ස න පමාණමත්‍ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි, සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ‍්බෙ.
(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය, අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසනලදහ යි.
අත්‍ථං ගතස‍්ස න පමාණමත්‍ථීති: ‘අත්‍ථං ගතස‍්සා’ති අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතස‍්ස රූපපමාණං නත්‍ථි, වෙදනාපමාණං නත්‍ථි, සඤ‍්ඤාපමාණං නත්‍ථි, සංඛාරපමාණං නත්‍ථි, විඤ‍්ඤාණපමාණං නත්‍ථි. නත්‍ථි න සන‍්තී න සංවිජ‍්ජති නූපලබ‍්භති. පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති ‘අත්‍ථං ගතස‍්ස න පමාණමත්‍ථි. උපසීවාති භගවාති -පෙ-
අත්‍ථංගතස්ස න පමාණමත්ථි- ‘අත්ථංගතස්ස’ යනු: අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියහුට රූප ප්‍රමාණයෙක් නැත, වේදනා ප්‍රමාණයෙක් නැත. සංඥා ප්‍රමාණයෙක් නැත, සංස්කාර ප්‍රමාණයෙක් නැත, විඥාන ප්‍රමාණයෙක් නැත, නැත්තේ යැ, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබේ. ප්‍රහීණ යැ, සමුච්ඡින්න යැ, සන්හිඳුවන ලද, දුරලන ලද, අභව්‍යොත්පත්තික යැ, නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අත්ථංගතස්ස න පමාණමත්ථි’ යනු වේ. උපසීවා’ති භගවාති........
යෙන නං වජ්ජු තං තස‍්ස නත්‍ථීති: යෙන රාගෙන වදෙය්‍යුං, යෙන දොසෙන වදෙය්‍යුං, යෙන මොහෙන වදෙය්‍යුං, යෙන මානෙන වදෙය්‍යුං, යාය දිට‍්ඨියා වදෙය්‍යුං, යෙන උද‍්ධච‍්චෙන වදෙය්‍යුං, යාය විචිකිච‍්ඡාය වදෙය්‍යුං, යෙහි අනුසයෙහි වදෙය්‍යුං, රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා අනිට‍්ඨඞ‍්ගතොති වා ථාමගතොති වා තෙ අභිසඞ‍්ඛාරා පහීනා, අභිසඞ‍්ඛාරානං පහීනත‍්තා ගතියා යෙන වදෙය්‍යුං නෙරයිකොති වා තිරච‍්ඡානයොනිකොති වා පෙත‍්තිවිසයිකොති වා මනුස‍්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ‍්ඤීති වා අසඤ‍්ඤීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා සො හෙතු නත්‍ථි, පච‍්චයො නත්‍ථි, කාරණං නත්‍ථි, යෙන වදෙය්‍යුං කථෙය්‍යුං භණෙය්‍යුං දීපෙය්‍යුං වොහරෙය්‍යුන‍්ති ‘යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි. ‘
යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි- යම් රාගයෙකින් කියන්නාහු නම් යම් ද්වේෂයෙකින් කියන්නාහු නම් යම් මෝහයෙකින් කියන්නාහු නම් යම් මානයෙකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියෙකින් කියන්නාහු නම් යම් ඖද්ධත්‍යයෙකින් කියන්නාහු නම් යම් විචිකිත්සායෙකින් කියන්නාහු නම් යම් අනුශය කෙනෙකුන්ගෙන් කියන්නාහු නම් රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඨ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ වික්‍ෂේපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ හෝ තද බවට ගියේ යැ හෝ යි කියන්නාහු නම් ඒ කර්මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් තිරිසන් යැ යි හෝ තිරිසන්යොන් ඇතියෙකැ යි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැ යි හෝ මිනිසෙකැ යි හෝ දෙවියෙකැ යි හෝ රූපී යැ යි හෝ අරූපී යැ යි හෝ සංඥී යැ යි හෝ අසංඥී යැ යි හෝ නෛවසංඥී නාසංඥී යැ යි හෝ යම් අභිසංස්කාරයක් හේතු කොට ගෙන ගතියෙන් කියන්නාහු ද, යම් හෙයකින් කියන්නාහු නම් පවසන්නාහු නම් බණන්නාහු නම් දක්වන්නාහු නම් ව්‍යවහාර කරන්නාහු නම් ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණ නැත් නුයි ‘යෙන නං වජ්ජ්‍ර තං තස්ස නත්‍ථි’යනු වේ.
සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසූති: සබ‍්බෙසු ධම‍්මෙසු සබ‍්බෙසු ඛන්‍ධෙසු සබ‍්බෙසු ආයතනෙසු සබ‍්බෙසු ධාතුසු සබ‍්බාසු ගතිසු සබ‍්බාසු උපපත‍්තීසු සබ‍්බාසු පටිසන්‍ධිසු සබ‍්බෙසු භවෙසු සබ‍්බෙසු සංසාරෙසු සබ‍්බෙසු වට‍්ටෙසු ඌහතෙසු සමූහතෙසු උද‍්ධතෙසු සමුද‍්ධතෙසු උප‍්පාටිතෙසු සමුප‍්පාටිතෙසු පහීනෙසු සමුච‍්ඡින‍්නෙසු වූපසන‍්නෙසු පටිප‍්පස‍්සද‍්ධෙසු අභබ‍්බුප‍්පත‍්තිකෙසු ඤාණග‍්ගිනා දඩ‍්ඪෙසූති ‘සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසු.’
සබ්බෙසු ධම්මේසු සමූහතෙසු- සියලු ධර්‍මයන් සියලු ස්කන්‍ධයන් සියලු ආයතනයන් සියලු ධාතුන් සියලු ගතීන් සියලු උප්පත්තීන් සියලු ප්‍රතිසන්ධීන් සියලු භවයන් සියලු සංසාරයන් සියලු වෘත්තයන් නැසූ කල්හි වෙසෙසින් නැසූ කල්හි උදුළ කල්හි මොනොවට උදුළ කල්හි උපුළ කල්හි වෙසෙසින් උපුළ කල්හි ප්‍රහීණ කල්හි සමුච්ඡින්න කල්හි සන්හුන් කල්හි දුරැලූ කල්හි අභව්‍යොත්පත්තික වූ කල්හි නුවණ ගින්නෙන් දැවූ කල්හි නුයි ‘සබ්බෙසු ධම්මේසු සමූහතෙසු’ යනු වේ.
සමූහතා වාදපථාපි සබ‍්බෙති: ‘වාදපථා’ වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසංඛාරා ච, තස‍්ස වාදා ච වාදපථා ච අධිවචනානි ච අධිවචනපථා ච නිරුත‍්තී ච නිරුත‍්තිපථා ච පඤ‍්ඤත‍්තී ච පඤ‍්ඤත‍්තිපථා ච ඌහතා සමූහතා උද‍්ධතා සමුද‍්ධතා උප‍්පාටිතා සමුප‍්පාටිතා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති ‘සමූහතා වාදපථාපි සබ‍්බෙ.’
සමූහතා වාදපථාපි සබ්බේ- ‘වාදපථයෝ යයි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ඔහු විසින් වාදයෝ ද වාදපථයෝ ද අධිවචනයෝ ද අධිවචනපථයෝ ද නිරුක්තීහු ද නිරුක්තිපථයෝ ද ප්‍රඥප්තීහු ද ප්‍රඥප්තිපථයෝ ද නසන ලදහ මොනොවට නසන ලදහ උදුළහ මොනොවට උදුළහ උපුරන ලදහ මොනොවට උපුරන ලදහ. ප්‍රහීණයහ සමුච්ඡින්නයහ, සන්හිඳුවන ලදහ දුරලන ලදහ, අභව්‍යොත්පත්තික වූහ, නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘සමූහතා වාදපථා පි සබ්බේ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“අත්‍ථං ගතස‍්ස න පමාණමත්‍ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි, සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ‍්බෙ”ති.
“අත්‍ථංගතස්ස -පෙ- සමූහතා වාදපථා’ පි සබ්බේ” යි.
සහ ගාථාපරියොසානා යෙ තෙ බ්‍රාහ‍්මණෙන සද‍්ධිං -පෙ- පඤ‍්ජලිකො නමස‍්සමානො නිසින‍්නො හොති: ‘සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො හමස‍්මී’ති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග බමුණු හා සමඟ යම් අතැවැසි කෙනෙක්.... බදැඳිලි වූයේ නමස්කාර කෙරෙමින් හුන්නේ වෙයි: “වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවක වෙමි.”
උපසීවසුත‍්තනිද‍්දෙසො ඡට‍්ඨො.
සවැනි උපසීව සූත්‍රනිර්දේශය යි.