7. 1
7. 1.
7. 1.
සන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු, ඤාණූපපන්නං නො මුනිං වදන්ති උදාහු වෙ ජීවිතෙනූප්පන්නං
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? නොහොත් රූක්ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
සන්ති ලොකෙ මුනයොති ‘සන්තී’ති සන්ති සංවිජ්ජන්ති අත්ථි උපලබ්භන්ති. ලොකෙති අපාය ලොකෙ -පෙ- ආයතනලොකෙ. මුනයො ති මුනිනාමකා ආජීවකා නිගණ්ඨා ජටිලා තාපසා, ‘සන්ති ලොකෙ මුනයො’ -පෙ- ඉච්චායස්මා නන්දො.
සන්ති ලෝකේ මුනයො- ‘සන්ති’ යනු: ඇත්තාහ, විද්‍යාමාන වෙති, ඇති, ලැබෙති. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. මුනයො යනු: මුනි නම් ඇති ආජීවකයෝ යැ නිගණ්ඨයෝ යැ ජටිලයෝ යැ තාපසයෝ යැ යි ‘සන්ති ලෝකේ මුනයො’ යනු වේ. ඉච්චායස්මා නන්දො ...
ජනා වදන්ති තයිදං කථංසූති ‘ජනා’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච. වදන්තීති කථෙන්තී භණන්ති දීපයන්ති වොහරන්ති. තයිදං කථංසූති සංසයපුච්ඡා, විමතිපුච්ඡා, ද්වෙළ්හපුච්ඡා, අනෙකංසපුච්ඡා, එවන්නු ඛො න නුඛො කින්නු ඛො කථන්නු ඛොති ‘ජනා වදන්ති තයිදං කථංසු.’
ජනාවදන්ති තයිදං කථංසු- ‘ජනා’ යනු: ක්ෂත්රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. වදන්ති යනු: කියති බෙණෙති ප්‍රකාශ කෙරෙති ව්‍යවහාර කෙරෙත්. තයිදං කථංසු යනු: මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා ය අනෛකාන්තපෘච්ඡා යැ යි ‘ජනාවදන්ති තයිදං කථංසු’ යනු වේ.
ඤාණූපපන්නං නො මුනිං වදන්තීති අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උපපන්නං සම්පන්නං සමන්නාගතං මුනිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’.
ඤාණූපපන්නං නො මුනිං වදන්ති යනු: අෂ්ට සමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹසිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්ණ වූවහු සමන්වාගත වූවහු මුනි’ යයි වදන්ති-කියත් ද බෙණෙත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’ යනු වේ.
උදාහු වෙ ජීවිතෙනූපපන්නන්ති උදාහු අනෙකවිධලූඛජීවිතානුයොගෙන උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උප්පන්නං සම්පන්නං සමන්නාගතං මුනිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘උදාහු වෙ ජීවිතෙනූපපන්නං.’
උදාහු වෙ ජීවිතෙනුපපන්නං යනු: නොහොත් අනේකවිධ වූ රූක්ෂ ජීවිතයෙන් උපේත වූවහු සමුපේත වූවහු එළඔ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්ණ වූවහු සමන්වාගත වූවහු ‘මුනි’ යයි වදන්ති-කියත් ද බෙෙණත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැ යි ‘උදාහු ජිවිතෙනූපපන්නං යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ ඒ බමුණු:
“සන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු, ඤාණූපපන්නං නො මුනිං වදන්ති උදාහු වෙ ජීවිතෙනූපපන්නං”ති.
“සන්ති ලෝකේ මුනයො -පෙ- උදාහු වේ ජිවිතෙනූපපන්නං” යි.