7. 8
7. 8.
7. 8.
එතාභිනන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා නන්දො) සුකිත්තිතං ගොතම නූපධීකං යෙසීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං, තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රූමී.
(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂි වූ මුඹ වහන්සේගේ තෙල වදන් මම රුස්මි. ගෞතමයන් වහන්ස, උපධිරහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ, මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැර පියා අනේකවිධ වූ හැම කොතූහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ඕඝතරණය කළාහ යි කියමි.
එතාභිනන්දාමි වචො මහෙසිනොති: ‘එත’න්ති: තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං නන්දාමි අභිනන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමි. මහෙසිනොති මහෙසී භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී -පෙ- කහං දෙවදෙවො, කහං නරාසභොති මහෙසීති ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’.
එතාභිනන්දාමි වටො මහෙසිනො- ‘එතං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය සතුටු වෙමි, වෙසෙසින් සතුටු වෙමි, තුටු වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, පිළිගනිමි, පතමි, කැමති වෙමි, අභිජල්පනය කෙරෙමි, මහෙසිනො යනු: බුදුහු මහර්ෂීහ, මහත් වූ ශීලස්කන්ධය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කළාහු නුයි මහර්ෂීහ ... කොහි යැ දෙවියනට දෙවි වූවාහු? කොහි යැ නරශ්‍රේෂ්ඨ වූවාහු? යයි මහර්ෂීහ නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.
සුකිත්තිතං ගොතම නූපධීකන්ති: ‘සුකිත්තිත’න්ති: ස්වාචීක්ඛිතං සුදෙසිතං සුපඤ්ඤපිතං සුපට්ඨපිතං සුවිවටං සුවිභත්තං සුඋත්තානීකතං සුපකාසිතං ගොතම නූපධීකන්ති: ‘උපධි’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච උපධිපහානං උපධිවූපසමං උපධිපටිනිස්සග්ගං උපධිපටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘සුකිත්තිතං ගොතම නූපධීකං. ‘
සුකිත්තිතං ගෞතම නූපධීකං- ‘සුකිත්තතිතං’ යනු මොනොවට පවසන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවනලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට ප්‍රකට කරන ලද, මොනොවට ප්‍රකාශ කරන ලද. ගොතම නූපධීකං- ‘උපාධි’යි ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. උපධීන්ගේ ප්රහාණය උපධීන්ගේ සන්හිඳීම උපධීන්ගේ දුරැළිම උපධීන්ගේ හැරපීම අමාමහ නිවනැ‘යි ‘සුකිත්තිතං ගොතම නූපධීකං’ යනු වේ.
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බන්ති: යෙ සබ්බා දිට්ඨසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, යෙ සබ්බා සුතසුද්ධියො -පෙ- යෙ සබ්බා මුතසුද්ධියො -පෙ- යෙ සබ්බා දිට්ඨමුතසුද්ධියො -පෙ- යෙ සබ්බා සීලසුද්ධියො -පෙ- යෙ සබ්බා වතසුද්ධියො -පෙ- යෙ සබ්බා සීලබ්බතසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං.’
යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං- යම් කෙනෙක් තුමූ හැමදෘෂ්ටිශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන්.... යම් කෙනෙක් හැම මුතශුද්ධීන්.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැත-මුතශුද්ධීන්..... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන්.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන්... යම් කෙනෙක් හැම ශීලව්‍රත ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැර පියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං’ යනු වේ.
අනෙකරූපම්පි පහාය සබ්බන්ති: අනෙකවිධවතකොතූහලමඞ්ගලෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘අනෙකරූපම්පි පහාය සබ්බං.’
අනෙකරූපම්පි පහාය සබ්බං- අනේකවිධ වූ ව්‍රත කොතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනාභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං යනු වේ.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණාති බ්රූ මීති: තණ්හාති: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. තණ්හං පරිඤ්ඤායාති: තණ්හං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණො’ති බ්රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රස තෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. ‘තණ්හං පරිණ්ඤාය’ යනු: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤා යැ තීරණ පරිඤ්ඤා යැ පහාණපරිඤ්ඤා යැ යන තුන් පරිඥායෙන් පිරිසිඳ දැන.
කතමා ‘ඤාතපරිඤ්ඤා: තණ්හං ජානාති: ‘අයං රූපතණ්හා අයං සද්දතණ්හා අයං ගන්ධතණ්හා අයං රසතණ්හා අයං ඵොට්ඨබ්බතණ්හා අයං ධම්මතණ්හා’ති. ජානාති පස්සති, අයං ඤාතපරිඤ්ඤා.
ඤාතපරිඤ්ඤා කවරැ යත්: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤායෙන් දැන ගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි දකියි, මෝ තොමෝ ඤාතපරිඤ්ඤා යි.
කතමා තීරණපරිඤ්ඤා: එවං ඤාතං කත්වා තණ්හං තීරෙති: අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුතො අද්ධුවතො අතාණතො අලෙනතො අසරණතො අසරණීභූතතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරකතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො ව්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො සඞ්කිලෙසධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති, අයං තීරණපරිඤ්ඤා.
තීරණපරිඤ්ඤා කවරැ යත්: මෙසේ දන්නා ලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ධ විසින් ශල්‍ය විසින් ව්‍යසන විසින් අබාධ විසින් පර විසින් නැසෙනසුලු විසින් ඊති විසින් උවදුරු විසින් බිය විසින් උපසර්ග විසින් චල විසින් බිඳෙනසුලු විසින් අධ්‍රැව විසින් අත්‍රාණ විසින් අලෙන විසින් අසරණ විසින් අසරණිභූත විසින් රික්ත විසින් තුච්ඡ විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් ආදීනව විසින් විපරිණාමස්වභාව විසින් අසාර විසින් අඝමූල විසින් වධක විසින් සංඛත විසින් මාරාමිෂ විසින් ජාතිස්වභාව විසින් ජරාස්වභාව විසින් ව්‍යාධිස්වභාව විසින් මරණස්වභාව විසින් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව විසින් සංකිලෙසස්වභාව විසින් සමුදය විසින් ව්‍යය විසින් ආස්වාද විසින් ආදීනව විසින් නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යි.
කතමා ‘පහානපරිඤ්ඤා’: එවං තීරයිත්වා තණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, අයං පහානපරිඤ්ඤා, තණ්හං පරිඤ්ඤායාති: තණ්හං ඉමාභි තීභි පරිඤ්ඤාහි පරිජානිත්වා. අනාසවාති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. යෙසං ඉමෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තෙ වුච්චන්ති අනාසවා අරහන්තො ඛීණාසවා.
පහාන පරිඤ්ඤා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මෝ තොමෝ පහානපරිඤ්ඤා යි. තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන. අනාසවා යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්ය ස්රව ය අවිද්‍යාස්‍රව යි, යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු ද ඒ අර්හත් ක්ෂීණාස්රවයෝ අනාස්‍රවයෝ යැ යි කියනු ලැබෙත්.
තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමීති: යෙ තණ්හං පරිඤ්ඤාය අනාසවා අහම්පි තෙ කාමොඝං තිණ්ණා, භවොඝං තිණ්ණා, දිට්ඨොඝං තිණ්ණා, අවිජ්ජොඝං තිණ්ණා, සබ්බසංසාරපථං තිණ්ණා උත්තිණ්ණා නිත්තිණ්ණා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති බ්රූමි වදාමීති ‘තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ ඔඝතිණ්ණාති බ්රූමී.
තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රෑමි- යම් කෙනෙක් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද මම ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භාවොඝය තරණය කළාහු යැ දෘෂ්ටි-ඕඝය තරණය- කළාහු යැ අවිද්‍යා-ඕඝය තරණය කළාහු යැ සියලු සංසාරපථය තරණය උත්තරණය- නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්ම වූවාහු යැ’යි කියමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රෑමි’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො.
එයින් කී යැ එ බමුණු:
“එතාභිනන්දාමි වචො මහෙසිනො සුකිත්තිතං ගොතම නූපධීකං, යෙසීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණාති බ්රූමී”ති.
“එතාභිනන්දාමි -පෙ- අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රෑමි” යි.
නන්ද සුත්තනිද්දෙසො සත්තමො
සත්වැනි නන්ද සූත්‍රනිර්දේශය නිමි.