යෙදුමෙන් කියවන්න

8. 1

8. 1.

8. 1.

යෙමෙ පුබ‍්බෙ වියාකංසු- (ඉච‍්චායස‍්මා හෙමකො) හුරං ගොතමසාසනා ඉච‍්චාසී ඉති භවිස‍්සති සබ‍්බං තං ඉතිහීතිහං, සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං නාහං තත්‍ථ අභිරමිං.

(ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි; ) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරි බ්‍රාහ්මණාදි) යම් කෙනෙක් ගෞතමශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් (ඉතිහීතිහ) කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.

යෙමෙ පුබ‍්බෙ වියාකංසූති: ‘යෙ’ති: යො ච බාවරී බ්‍රාහ‍්මණො, යෙ චඤ‍්ඤෙ තස‍්ස ආචරියා, තෙ සකං දිට‍්ඨිං සකං ඛන‍්තිං සකං රුචිං සකං ලද‍්ධිං අජ‍්ඣාසයං සකං අධිප‍්පායං ව්‍යාකංසු ආචික‍්ඛිංසු, දෙසයිංසු පඤ‍්ඤපිංසු පට‍්ඨපිංසු විවරිංසු විභජිංසු උත‍්තානීඅකංසු පකාසෙසුන‍්ති ‘යෙ මෙ පුබ‍්බෙ වියාකංසු: ඉච‍්චායස‍්මා හෙමකොති: -පෙ- හුරං ගොතම සාසනාති: හුරං ගොතමසාසනා, පරං ගොතමසාසනා, පුරෙ ගොතමසාසනා, පඨමතරං ගොතමසාසනා බුද‍්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා, දෙවදෙවසාසනා, අරහන‍්තසාසනාති ‘හුරං ගොතම සාසනා’.

යෙ මෙ පුබ්බේ වියාකාංසු- ‘යෙ’යනු: යම් බාවරි නම් බමුණු කෙනෙක් වෙත් ද ඹවුන්ගේ ආචාර්‍ය්‍ය වූ අන්‍ය වූ යම් කෙනෙකුත් වූහු ද ඔහු ස්වකීය දෘෂ්ටිය ස්වකීය ක්‍ෂාන්තිය ස්වකීය රුචිය ස්වකීය ලබ්ධිය ස්වකීය අධ්‍යාශය ස්වකීය අභිප්‍රාය වියාකංසු- කීහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවරණය කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළ හු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ. ඉච්චායස්මා හෙමකො යනු... හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පූර්‍වයෙහි, ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි, ගෞතමශාසනයෙන් පෙර, ගෞතම ශාසනයෙන් පළමු, බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවදේව ශාසනයෙන් අර්හත්ශාසනයෙන් පළමු නුයි ‘හුරං ගොතමසාසනා’යනු වේ.

ඉච‍්චාසි ඉති භවිස‍්සතීති: එවං කිර ආසි, එවං කිර භවිස‍්සතීති ‘ඉච‍්ච සි ඉති භවිස‍්සති’.

ඉච්චාසි ඉති භවිස්සති යනු: ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නෙ ල’ නුයි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.

සබ‍්බං තං ඉතිහීතිහන‍්ති: සබ‍්බං තං ඉතිහීතිහං, ඉතිකිරාය, පරම‍්පරාය පිටකසම‍්පදාය තක‍්කහෙතු නයහෙතු ආකාරපරිවිතක‍්කෙන දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා න සාමං සයමභිඤ‍්ඤාතං න අත‍්තපච‍්චක‍්ඛධම‍්මං කථයිංසූති ‘සබ‍්බං තං ඉතිහීතිහං.’

සබ්බං තං ඉතිහීතිහා යනු: ඒ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථා (ඉතිහීතිහ) යෙන්, මෙසේ ල යන කථා (ඉතිකිරු) යෙන්, පරම්පරාකථායෙන්, පෙළ හා සම යැ යි ගන්නා පිටකසම්පදායෙන්, තර්කහේතුයෙන්, නය හේතුයෙන්, (මෙය සුන්‍දර යි) ආකාර සැලකීමෙන්, අප රුචි කොට ගත් දෘෂ්ටිය හා සම යි කීවාහු යැ නො ද තුමූ තමන් විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද්දක්, නො ද තමහට පසක් වූ දහමක් කීවාහු නුයි ‘සබ්බං ත ඉතිහීතිහං’ යනු වේ.

සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනන‍්ති: සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං විතක‍්කවඩ‍්ඪනං සඞ‍්කප‍්පවඩ‍්ඪනං කාමවිතක‍්කවඩ‍්ඪනං ව්‍යාපාදවිතක‍්කවඩ‍්ඪනං විහිංසාවිතක‍්කවඩ‍්ඪනං ඤාතිවිතක‍්කවඩ‍්ඪනං ජනපදවිතක‍්කවඩ‍්ඪනං අමරාවිතක‍්කවඩ‍්ඪනං පරානුද‍්දයතා පටිසංයුත‍්තවිතක‍්කවඩ‍්ඪනං ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තවිතක‍්කවඩ‍්ඪනං අනවඤ‍්ඤත‍්ති පටිසංයුත‍්තවිතක‍්කවඩ‍්ඪනන‍්ති සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං’

සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසාවිතර්‍ක වඩනාසුලු යැ ඥාතිවිතර්‍ක වඩනාසුලු යැ ජනපදවිතර්‍ක වඩනාසුලු යැ අමරාවිතර්කදෘෂ්ටිය වඩනාසුලු යැ ගෙහසිත ප්‍රේමයෙන් යුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභ-සත්කාර-කීර්ති-ශබ්ද ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු යැ අනවඤ්ඤත්ති (අවමන් නො ලබනු කැමැත්ත) ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු නුයි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’යනු වේ.

නාහං තත්‍ථ අභිරමින‍්ති නාහං තත්‍ථ අභිරමිං න වින්‍දිං නාධිගච‍්ඡිං න පටිලභින‍්ති ‘නාහං තත්‍ථ අභිරමිං.’

නාහං තත්‍ථ අභිරමිං යනු: මම එහි නො ඇලුණෙමි (එය) නො වින්දෙමි (එයට) නො පැමිණියෙමි. (එය) නො ලැබීමි නුයි ‘නාහං තත්‍ථ අභිරමිං’යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ එ බමුණු:

“යෙ මෙ පුබ‍්බෙ වියාකංසු (ඉච‍්චායස‍්මා හෙමකො) හුරං ගොතම සාසනා, ඉච‍්චාසි ඉති භවිස‍්සති සබ‍්බං තං ඉතිහීතිහං, සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං නාහං තත්‍ථ අභිරමි”න‍්ති.

“යෙ මෙ පුබ්බේ -පෙ- නාහං තත්‍ථ අභිරමිං” යි.