8. 2
8. 2.
8. 2.
ත්‍වං ච මෙ ධම‍්මමක‍්ඛාහි තණ‍්හා නිග්ඝාතනං මුනි, යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං.
මුනීන්ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනැව.
ත්‍වං ච මෙ ධම‍්මමක‍්ඛාහීති ‘ත්‍ව’න‍්ති භගවන‍්තං භණති. ධම‍්මමක‍්ඛාහීති ‘ධම‍්ම’න‍්ති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං, චත‍්තාරො සතිපට‍්ඨානෙ චත‍්තාරො සම‍්මප‍්පධානෙ චත‍්තාරො ඉද‍්ධිපාදෙ පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්චබලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං අක‍්ඛාහි ආචික‍්ඛාහි, දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති ‘ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි’
ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි- ‘ත්‍වං’යි භාග්‍යවතුන් අමතයි. ධම්මමක්ඛාහි- ‘ධම්මං’ යනු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ (අර්‍ත්‍ථ සම්පත්ති ආදීන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්ති ආදීන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය, සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්චබලයන් සප්ත බෝධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය, නිර්‍වාණය හා නිර්‍වාණගාමිනී ප්‍රතිපදාව හා, අක්ඛාහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි’ යනු වේ.
තණ‍්හා නිග‍්ඝාතනං මුනීති තණ‍්හා’ති රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා, තණ‍්හානිග‍්ඝාතනං තණ‍්හාපහානං. තණ‍්හාවූපසමං තණ‍්හාපටිනිස‍්සග‍්ගං තණ‍්හා පටිප‍්පස‍්සද‍්ධං අමතං නිබ‍්බානං. මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං, -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනීති තණ‍්හානිග‍්ඝාතනං මුනි’
තණ්හානිග්ඝාතනං මුනි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍ම තෘෂ්ණා යි. තණ්හා නිග්ඝාතනං- තෘෂ්ණාවගේ ප්‍රහාණය තෘෂ්ණාවගේ සන්හිඳීම තෘෂ්ණාවගේ දුරැලීම තෘෂ්ණාවගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... රාගාදි සඞ්ගය හා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හේ මුනි වේ නුයි ‘තණ්හා නිග්ඝාතනං මුනි’ යනු වේ.
යං විදිත්‍වා සතො චරන‍්ති: යං විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති විදිතං කත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති ‘සතො’. චරන‍්ති චරන‍්තො විහරන‍්තො ඉරීයන‍්තො වත‍්තෙන‍්තො පාලෙන‍්තො යපෙන‍්තො යාපෙන‍්තොති ‘යං විදිත්‍වා සතො චරං’.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දන්නා ලද කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හේ ‘සිහි ඇතියේ’යි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ වැටෙනුයේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. “විසත‍්තිකාති කෙනට‍්ඨෙන විසත‍්තිකා -පෙ- විසතා විත්‍ථතාති විසත‍්තිකා. ලොකෙති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති ලොකෙවෙසා විසත‍්තිකා ලොකෙවෙතං විසත‍්තිකං සතො තරෙය්‍ය, උත‍්තරෙය්‍යං පතරෙය්‍යං සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍යාති ‘තරෙ ලොකෙ විසත‍්තිකං.’
තරෙ ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්... බලවත් රාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතින් විසත්තිකා නම් වූ යැ යත්... පතළා යැ විස්තෘත යැ නුයි ‘විසත්තිකා’ නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි යැ මනුෂ්‍යලෝකයෙහි යැ දිව්‍යලෝකයෙහි යැ ස්කන්‍ධ ලෝකයෙහි යැ ධාතුලෝකයෙහි යැ ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇති වැ තරණය කරන්නේ යැ උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණය කරන්නේ යැ ඉක්ම සිටුනේ යැ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ එ බමුණු:
“ත්‍වං ච මෙ ධම‍්මමක‍්ඛාහි තණ‍්හානිග‍්ඝාතනං මුනි, යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකන‍්ති.
“ත්‍වං ච මෙ -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.