යෙදුමෙන් කියවන්න

8. 3

8. 3.

8. 3.

ඉධ දිට‍්ඨසුතමුත- විඤ‍්ඤාතෙසු පියරූපෙසු (හෙමක) ඡන්‍දරාගවිනොදනං නිබ‍්බානපදමච‍්චුතං

හේමක මාණවකය, මෙලොවැ රූපායතන ශබ්දායතන ගන්‍ධ- රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.

ඉධ දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතෙසූති ‘දිට‍්ඨ’න‍්ති චක‍්ඛුනා දිට‍්ඨං, සුතන‍්ති සොතෙන සුතං, මුතන‍්ති ඝානෙන ඝායිතං ජිව‍්හාය සායිතං, කායෙන ඵුට‍්ඨං, විඤ‍්ඤාතන‍්ති මනසා විඤ‍්ඤාතන‍්ති ‘ඉධ දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතෙසු.’

ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු- ‘දිට්ඨං’ යනු: ඇසින් දක්නාලද, සුතං යනු: කනින් අසන ලද, මුතං යනු: නැහැයෙන් ආඝ්‍රාණය කරන ලද, දිවින් රස විඳුනා ලද, කයින් පහස්නාලද, විඤ්ඤාතං යනු: මනසින් දන්නා ලද නුයි ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු’ යනු වේ.

පියරූපෙසු හෙමකාති ‘කිඤ‍්චලොකෙ පියරූපං සාතරූපං: චක‍්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, සොතං ලොකෙ පියරූපං සාතරූපං, ඝානං ලොකෙ පියරූපං සාතරූපං, ජිව‍්හා ලොකෙ පියරූපං සාතරූපං, කායො ලොකෙ පියරූපං සාතරූපං, මනො ලොකෙ පියරූපං සාතරූපං, රූපා ලොකෙ පියරූපං සාතරූපං, සද‍්දා ලොකෙ-ගන්‍ධා ලොකෙ-රසා ලොකෙ-ඵොට‍්ඨබ‍්බා ලොකෙ-ධම‍්මා ලොකෙ පියරූපං සාතරූපං, චක‍්ඛුවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, සොතවිඤ‍්ඤාණං ලොකෙ-ඝානවිඤ‍්ඤාණං ලොකෙ-ජිව‍්හාවිඤ‍්ඤාණං ලොකෙ-කායවිඤ‍්ඤාණං ලොකෙ-මනොවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, චක‍්ඛුසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං,

පියරූපෙසු හේමක යනු: ලෝකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කවරැ යත්: ඇස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කන ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, නැහැය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, දිව ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, මනස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යි, රූපයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දයෝ ලෝකයෙහි-ගන්‍ධයෝ ලෝකයෙහි- රසයෝ ලෝකයෙහි- ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශ්‍රොත්‍රවිඥානය ලෝකයෙහි-ඝ්‍රාණවිඥානය ලෝකයෙහි- ජිහ්වා විඥානය ලෝකයෙහි- කායවිඥානය ලෝකයෙහි- මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යැ

සොත-ඝාන-ජිව‍්හා-කායසම‍්ඵස‍්සො ලොකෙ-මනොසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- සොත-ඝාන-ජිව‍්හා-කාය-මනොසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, රූපසඤ‍්ඤා ලොකෙ-සද‍්දසඤ‍්ඤා ලොකෙ -පෙ- ගන්‍ධ-රස-ඵොට‍්ඨබ‍්බ-ධම‍්මසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං, රූපසඤ‍්චෙතනා ලොකෙ -පෙ- සද‍්ද-ගන්‍ධ-රසඵොට‍්ඨබ‍්බ ධම‍්මසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, රූපතණ‍්හා ලොකෙ-සද‍්දතණ‍්හා ලොකෙ -පෙ- ගන්‍ධ- රස-ඵොට‍්ඨබ‍්බ-ධම‍්ම තණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං, රූපවිතක‍්කො ලොකෙ -පෙ- සද‍්ද- ගන්‍ධ-රස-ඵොට‍්ඨබ‍්බ-ධම‍්මවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං. රූපවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, සද‍්දවිචාරො ලොකෙ -පෙ- ගන්‍ධ-රස-ඵොට‍්ඨබ‍්බ-ධම‍්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපන‍්ති ‘පියරූපෙසු හෙමක.’

සෝත - ඝාන - ජිව්හා.. කායසම්ඵස්සය ලෝකයෙහි- මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි... සෝත-ඝාන...ජිව්හා- කාය- මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසංඥාව ලෝකයෙහි- ශබ්දසංඥාව ලෝකයෙහි-...ගන්‍ධ-රස, ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසඤ්චේතනාව ලෝකයෙහි,... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්මසඤ්චෙතනාව ලෝකයෙහි ප්‍රිය ස්වභාව යැ මධුරස්වභාව යි, රූපතෘෂ්ණාව ලෝකයෙහි- ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි- ...ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, රූපවිතර්‍කය ලෝකයෙහි... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දවිචාරය ලෝකයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව ඇත් නුයි ‘පියරූපෙසු හේමක’ යනු වේ.

ඡන්‍දරාගවිනොදනන‍්ති ‘ඡන්‍දරාගො’ති “යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච‍්ඡන්‍දනීවරණං.”

ඡන්‍දරාගවිනොදනං- ‘ඡන්‍දරාගො’යනු: කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්දියක් කාමතෘෂ්ණාවක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාම විසින් ගිල අවසන් කොට ගැනීමෙක් කාම (සඞ්ඛ්‍යාත) ඕඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එය ය

ඡන්‍දරාග විනොදනන‍්ති ඡන්‍දරාගප‍්පහානං ඡන්‍දරාගවූපසමං, ඡන්‍දරාගපටිනිස‍්සග‍්ගං ඡන්‍දරාගපටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති ‘ඡන්‍දරාගවිනොදනං.’

ඡන්‍දරාගවිනොදනං යනු: ඡන්‍දරාග ප්‍රහාණ යැ ඡන්‍දරාගය සන්හිඳුවීම යැ ඡන්‍දරාගය දුරු කිරීම යැ ඡන්‍දරාගයා ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධි යැ අමාමහනිවන නුයි ‘ඡන්‍දරාගවිනොදනං’ යනු ව

නිබ‍්බානපදමච‍්චුතන‍්ති නිබ‍්බානපදං තාණපදං ලෙනපදං සරණපදං අභයපදං, අච‍්චූතන‍්ති නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මන‍්ති ‘නිබ‍්බානපදමච‍්චුතං.’

නිබ්බානපදමච්චුතං යනු: නිර්‍වාණපද යැ ත්‍රාණපද යැ ලෙන (නිලීනස්ථාන) පද යැ සරණ පද යැ අභය පද යි. අච්චුතං යනු: නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව නුයි ‘නිබ්බානපදමච්චූතං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ඉධ දිට‍්ඨසුතමුත- විඤ‍්ඤාතෙසු පියරූපෙසු (හෙමක) ඡන්‍දරාගවිනොදනං නිබ‍්බානපදමච‍්චුත”න‍්ති.

“ඉධ දිට්ඨසුතමුත -පෙ- නිබ්බානපදමච්චුතං” යී.