8. 4
8. 4.
8. 4.
එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තිකං.
ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්ගඥානයෙන්) දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු) සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
එතදඤ්ඤාය යෙ සතාති: ‘එත’න්ති අමතං නිබ්බානං “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. “අඤ්ඤායාති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා: ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- සබ්බෙ ධම්මා අනත්තාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා’ යෙති අරහන්තො ඛීණාසවා. සතාති චතූහි කාරණෙහි සතා: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවිතත්තා සතා -පෙ- තෙ වුච්චන්ති සතා’ති ‘එතදඤ්ඤාය යෙ සතා’.
එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහ නිවන යි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳුවීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණා ක්ෂයයෙක් විරාගයෙක් නිරෝධ සඞ්ඛ්‍යාත නිවනෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දැන දැනගෙන තුලන-තීරණ-විභාවන විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්මයෝ අනාත්මහ’යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට. යෙ යනු: අර්හත් ක්ෂීණාස්රවයෝ. සතා යනු: සතර කරුණෙකින් සිහි ඇත්තාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වැඩූ බැවින් සිහි ඇත්තාහු... ඔහු සිහි ඇත්තාහු යයි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
දිට්ඨධම්මාභිනිබ්බුතාති: ‘දිට්ඨධම්මා’ති: දිට්ඨධම්මා, ඤාතධම්මා, තුලිතධම්මා, තීරිතධම්මා, විභූතධම්මා, විභාවිතධම්මා, ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති දිට්ඨධම්මා -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති දිට්ඨධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා, අභිනිබ්බුතාති රාගස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, දොසස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, මොහස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා නිජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තා උපසන්තා වූපසන්තා නිබ්බුතා පටිප්පස්සද්ධාති ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’
දිට්ඨධම්මාභිනිබ්බුතා- ‘දිට්ඨධම්ම’යනු: දක්නාලද දහම් ඇත්තාහු දන්නාලද දහම් ඇත්තාහු තුලනය කරනලද දහම් ඇත්තාහු තීරණය කරන ලද දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු විභාවන කළ දහම් ඇත්තාහු.‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු දහම් ඇත්තාහු... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දුටු දහම් ඇත්තාහු දත් දහම් ඇත්තාහු, තුලනය කළ දහම් ඇත්තාහු, තීරණය කළ දහම් ඇත්තාහු, ප්‍රකට කළ දහම් ඇත්තාහු, විභාවන කළ දහම් ඇත්තාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවූ බැවින් නිවියාහු, ද්වේෂය නිවූ බැවින් නිවියාහු මෝහය නිවූ බැවින් නිවියාහු, ක්‍රෝධය... බද්ධවෛරය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් වෙසෙසින් සන්හිඳුවන ලද වන බැවින් නිවන ලද වන බැවින් නිවුණ බැවින් පහ වූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
උපසන්තා ච තෙ සදාති: ‘උපසන්තා’ති: රාගස්ස උපසමිතත්තා නිබ්බාපිතත්තා උපසන්තා, දොසස්ස-මොහස්ස-කොධස්ස-උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභි සංඛාරානං සන්තත්තා සමිතත්තා උපසමිතත්තා නිජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තා උපසන්තා වූපසන්තා නිබ්බුතා පටිප්පස්සද්ධාති ‘උපසන්තා.’ තෙති අරහන්තො ඛීණාසවා, සදාති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සත්තං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං උදකොධිකජාතං අවීචි සන්තති සහිතං ඵස්සිතං, පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමයාමං මජ්ඣිමයාමං පච්ඡිමයාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයො ඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙති ‘උපසන්තා ච තෙ සදා.’
උපසත්තා ච තෙ සදා- ‘උපසන්තා’ යනු: රාගය සන්හිඳුවනලද වන බැවින් නිවනලද වන බැවින් උපශාන්ත වූවාහු, ද්වේෂය-මෝහය-ක්‍රෝධය-උපනාහය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් උපශමනය කරන ලද වන බැවින් නිවනලද වන බැවින් නිවුණ බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘උපසන්තා’ යනු වේ. තෙ යනු: අර්හත් ක්ෂීණාස්රවයෝ. සදා යනු: හැම දවස්හි හැම කල්හි (පූර්වාහ්ණාදි) සියලු කල්හි දවසැ දවසැ අවිච්ඡින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ දියරළක් මෙන් අවිරල වැ නො සිඳී එක් වැ පැහැසී පෙර බත පසු බත පෙරයම මැදියම පැසුම්යම අවපසැ පුරපසැ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදියෙහි පැසුළු වියෙහි නුයි ‘උපසන්තා ච තෙ සදා’ යනු වේ.
තිණ්ණා ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං, ‘විසත්තිකා’ති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසතාවිත්ථතාති විසත්තිකා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තිණ්ණා ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා, ලොකෙවෙතං විසත්තිකං තිණ්ණා උත්තිණ්ණා නිත්තිණ්ණා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති ‘තිණ්ණා ලොකෙ විසත්තිකං.’
තිණ්ණා ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘විසත්තිකා’ යනු කවර අරුතින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... පතළා යැ විස්තෘත යැ නුයි විසත්තිකා නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. තිණ්ණා ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි, ලොකයෙහිම වූ තෙල විසත්තිකාව තරණය කළාහු උත්තරණය කළාහු නිස්තරණය කළාහු ඉක්මගියාහු මොනොවට ඉක්මගියාහු වෙසෙසින් ඉක්ම සිටියාහු නුයි ‘තිණ්ණා ලෝකේ විසත්තිකං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තික”න්ති
“එතදඤ්ඤාය යෙ සතා -පෙ- තිණ්ණා ලෝකේ විසත්තිකං” යී.
සහගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භගවා ‘සාවකොහමස්මී’ති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග...භාග්‍යවතුන් වහන්සේ මාගේ “ශාස්තෲහ මම් ශ්‍රාවකයෙමී.”
හෙමක සුත්තනිද්දෙසො සමත්තො.
හේමක සූත්‍රනිර්දේශය නිමි.