9. 1
9. 1.
9. 1.
යස්මිං කාමා න වසන‍්ති- (ඉච‍්චායස‍්මා තොදෙය්‍යො) තණ‍්හා යස්ස න විජ‍්ජති, කථඞ‍්කථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස්ස කීදිසො
(ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි). යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු ද?
යස‍්මිං කාමා න වසන‍්තීති: යස‍්මිං කාමා න වසන‍්ති, න සංවසන‍්ති න ආවසන‍්ති න පරිවසන‍්තීති ‘යස‍්මිං කාමා න වසන‍්ති’ ඉච‍්චායස‍්මා තොදෙය්‍යොති -පෙ-
යස්මිං කාමා න වසන්ති යනු: යමක්හු කෙරෙහි කාමයෝ (ප්‍රථමොත්පන්නදෘෂ්ටි විසින්) නො වෙසෙත් ද වැද නො වෙසෙත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැයි ‘යස්මිං කාමා න වසන්තිති’ යනු වේ. ඉච්චායස්මා තොදෙය්‍යො යනු......
තණ‍්හා යස්ස න විජ‍්ජතීති: තණ‍්හා යස‍්ස නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති ඤාණග‍්ගිනා දඩ‍්ඪාති ‘තණ‍්හා යස්ස න විජ‍්ජති.
තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නො වේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
කථඞ‍්කථා ච යො තිණ‍්ණොති: කථඞ‍්කථා ච යො තිණ‍්ණො උත‍්තිණ‍්ණො නිත‍්තිණ‍්ණො අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තොති ‘කථඞ‍්කථා ච යො තිණ‍්ණො.’
කථංකථා ච යො තිණ්ණො යනු: විචිකිත්සාව ද යමෙක් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මගියේ ද මොනොවට ඉක්ම ගියේ ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථංකථා ච යො තිණ්ණො’ යනු වේ.
විමොක‍්ඛො තස‍්ස කීදිසොති: විමොක‍්ඛො තස්ස කීදිසො, කිංසණ‍්ඨිතො කිංපකාරො, කිංපටිභාගො, ඉච‍්ඡිතබ‍්බොති විමොක‍්ඛං පුච‍්ඡතීති විමොක‍්ඛො තස්ස කීදිසො’
විමොක්ඛො තස්ස කීදිසො යනු: ඔහුගේ විමෝක්‍ෂය කිබඳු වූයේ කුමක් වැනි වූයේ කවර ප්‍රකාර වූයේ කවර අයුරු වූයේ කැමැති වියයුත්තේ දැයි විචාරා නුයි ‘විමොක්ඛො තස්ස කීදිසො’යනු වේ.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ එ බමුණු:
“යස‍්මිං කාමා න වසන‍්ති (ඉච‍්චායස‍්මා තොදෙය්‍යො) තණ‍්හා යස්ස න විජ‍්ජති, කථඞ‍්කථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස්ස කීදිසො”ති
“යස්මිං කාමා න වසන්ති -පෙ- විමොක්ඛො තස්ස කීදිසො” යි.