9. 2
9. 2.
9. 2.
යස්මිං කාමා න වසන‍්ති (තොදෙය්‍යාති භගවා) තණ‍්හා යස්ස න විජ‍්ජති, කථඞ‍්කථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස්ස නාපරො,
(බුදුහු මෙසේ වදාළහ: තොදෙය්‍යමාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
යස‍්මිං කාමා න වසන‍්තීති: යස‍්මින‍්ති යස‍්මිං පුග‍්ගලෙ අරහන‍්තෙ ඛීණාසවෙ, ‘කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. යස‍්මිං කාමා න වසන‍්තීති: යස‍්මිං කාමා න වසන‍්ති, න සංවසන‍්ති, න ආවසන‍්ති, න පරිවසන‍්ති, ‘යස‍්මිං කාමා න වසන‍්ති’. තොදෙය්‍යාති භගවාති -පෙ-
යස්මිං කාමා න වසන්ති- ‘යස්මිං’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රව වූ යම් පුඟුලක්හු කෙරෙහි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තු කාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... යස්මිං කාමා න වසන්ති යනු: යම් පුඟුලක්හු කෙරෙහි කාමයෝ නො වෙසෙත් ද නො ලගිත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැ’යි ‘යස්මිං කාමා න වසන්ති’ යනු වේ. තොදෙය්‍යා’ති භගවා යනු...
තණ‍්හා යස්ස න විජ‍්ජතීති: ‘තණ‍්හා’ති: රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා. යාස‍්සාති: අරහතො ඛීණාසවස‍්ස. තණ‍්හා යස‍්ස නවිජ‍්ජතීති තණ‍්හා යස‍්ස නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති ‘තණ‍්හා යස්ස න විජ්ජති.
තණ්හා යස්ස න විජ්ජති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. යස්ස යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවහට. තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නොවේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද ප්‍රහීණ ද මුලුසුන් කරන ලද ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
‘කථඞ‍්කථා ච යො තිණ‍්ණොති: ‘කථඞ‍්කථා’ වුච‍්චති විචිකිච‍්ඡා, දුක‍්ඛෙ කඞ‍්ඛා -පෙ- ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො. යොති: යො සො අරහං ඛීණාසවො. කථඞ‍්කථා ච යො තිණ‍්ණොති කථඞ‍්කථා ච යො තිණ‍්ණො, උත‍්තිණ‍්ණො, නිත‍්තිණ‍්ණො අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තොති ‘කථඞ‍්කථා ච යො තිණ්ණො.’
කථඞ්කථා ච යො තිණ්ණො- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛසත්‍යයෙහි සැක යැ... චිත්තයාගේ තද බව යැ මනෝවිලේඛය (සිත හිරිගැසීම) යි. යො යනු: යම් අර්‍හත් ක්ෂීණාස්‍රව කෙනෙක්. කථඞ්කථා ච යො තිණ්ණො යනු: යමෙක් විචිකිත්සාවත් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මවී ද මොනොවට ඉක්මවී ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථඞ්කථා ව යො තිණ්ණො’ යනු වේ.
විමොක‍්ඛො තස‍්ස නාපරොති: නත්‍ථි තස‍්ස අපරො විමොක‍්ඛො, යෙන විමොක‍්ඛෙන විමුච‍්චෙය්‍ය විමුත‍්තො සො කතං තස‍්ස විමොක‍්ඛෙන කරණීයන‍්ති විමොක‍්ඛො තස්ස නාපරො’
විමොක්ඛො තස්ස නාපරො යනු: යම් විමොක්ෂයෙකින් විමුක්ත වන්නේ නම් එබඳු අන් විමෝක්‍ෂයෙක් ඔහුට නැති. හේ විමුක්ත යැ ඔහු විසින් විමොක්ෂයෙන් කටයුතු කරන ලද නුයි ‘විමොක්ඛො තස්ස නාපරො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යස‍්මිං කාමා න වසන‍්ති (තොදෙය්‍යාති භගවා) තණ‍්හා යස්ස න විජ‍්ජති, කථඞ‍්කථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස‍්ස නාපරොති.
“යස්මිං කාමා -පෙ- විමොක්ඛො තස්ස නාපරො” යි.