9. 3
9. 3.
9. 3.
නිරාසසො සො උද ආසසානො පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී, මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.
ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටි කල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එ කරුණ මට ප්‍රකාශ කළ මැනැව.
නිරාසසො සො උද ආසසානොති නිත්තණ්හො සො උදාහු සතණ්හො, රූපෙ ආසිංසති සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ-කුලං ගණං ආවාසලාභං යසං පසංසං-සුඛං චීවරං-පිණ්ඩපාතං-සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං-රූපධාතුං-අරූපධාතුං-කාමභවං-රූපභවං-අරූපභවං-සඤ්ඤාභවං-නෙවසඤ්ඤානාසඤ්ඤාභවං-එකවොකාරභවං-චතුවොකාරභවං-අසඤ්ඤාභවං-පඤ්චවොකාරභවං-අතීතං අනාගතං පච්චුප්පන්නං-දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ආසිංසති ඉච්ඡති සාදියති පත්ථෙති පිහෙති අභිජප්පතීති ‘නිරාසසො සො උද ආසසානො.
නිරාසසො සො උද ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද රූපාලම්බනයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද, ශබ්දාලම්බනයන්-ගන්‍ධාලම්බනයන්-රසාලම්බනයන්-ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්-කුලය-ගණය-ආවාසය-ලාභය-යසස-ප්‍රශංසාව-සුඛය-සිවුරු-පිඬුවා-සෙනසුන්-ගිලන්පසබෙහෙසත් පිරිකර-කාමධාතුව-රූපධාතුව-අරූපධාතුව-කාමභවය-රූපභවය-අරූපභවය-සංඥාභවය-අසංඥාභවය- නෛවසංඥානාසංඥාභවය- එකවෝකාරභවය- චතුවෝකාරභවය-පඤ්චවෝකාරභවය- අතීතකාලය- අනාගතකාලය- වර්තමානකාලය- දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්මයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද ඉස්නේ ද ආස්වාද කෙරේ ද පතා ද රුස්නේ ද තෘප්ති උපදවා දැ’යි ‘නිරාසසො සො උද ආසසානො’යනු වේ.
පඤ්ඤාණවා සො උදපඤ්ඤකප්පීති: ‘පඤ්ඤාණවා සො’ති: පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. උද පඤ්ඤකප්පීති: උදාහු අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා මිච්ඡාඤාණෙන වා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා කප්පෙති, ජනෙති සංජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී.’
පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා සො’ යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇතියේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවන (ප්‍රකට) ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ ද? උද පඤ්ඤකප්පී යනු: නොහොත් අෂ්ටසමාපත්තිඥානයෙන් වේවයි පඤ්චාභිඥා ඥානයෙන් වේවයි මිථ්‍යා ඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කෙරේ ද උපදවා ද මොනොවට උපදවා ද නිපදවා ද වෙසෙසින් නිපදවා’දැ යි ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී’ යනු වේ.
මුනිං අහං සක්ක යථා විජඤ්ඤන්ති: ‘සක්කා’ති සක්කො භගවා, සක්යකුලා පබ්බජිතො තිපි සක්කො. අථවා අඩ්ඪො මහද්ධනො ධනවා තිපි සක්කො, තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං සම්මප්පධානධනං ඉද්ධිපාදධනං ඉන්ද්රියධනං බලධනං බොජ්ඣඞ්ගධනං මග්ගධනං ඵලධනං නිබ්බානධනන්ති. තෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො. අථවා පහු විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක්කො. මුනිං අහං සක්ක යථා විජඤ්ඤන්ති: සක්ක, යථා අහං මුනිං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිවිජානෙය්යං පටිවිජ්ඣෙය්යන්ති ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’.
මුනිං අහං සක්ක යථා විජඤ්ඤං- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ. ‘සැහැ කුලයෙන් නික්ම පැවිදි වූහ’ යි ද ශාක්‍යයහ. නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’ යි ද ශාක්‍යයහ. උන් වහන්සේට මේ ධනයෝ වෙති, හෙ මෙසේ යැ: ශ්‍රද්ධා ධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක් ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵලධන යැ නිර්වාණ ධන යැ යි. ඒ අනේකවිධ වූ ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’යි ද ශාක්‍යයහ. නොහොත් ප්‍රභූහ, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදනුවහ සමර්ත්ථ සිත් ඇතියහ ශුරයහ වීරයහ වික්‍රමවත්හ නො බියසුල්ලහ නො තැතිගන්නාසුල්ලහ උද්වෙග රහිතය හ පලා නො යන සුල්ලහ පහවූ බිය හා බිය අරමුණු ඇතියහ පහවූ ලොමුදහගැනුම් ඇත්තාහ යි ද ශාක්‍යයහ. මුනිං අහං සක්ක යථා විජඤ්ඤං යනු: ශාක්‍යයන් වහන්ස, යම් සේ මම් දැනගන්නෙම් ද වෙසෙසින් දැන ගන්නෙම් ද ප්රකර්ෂයෙන් දැනගන්නෙම් ද මොනොවට දැනගන්නෙම් ද ප්‍රතිවෙධ කරන්නෙම් දැ’යි ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’ යනු වේ.
තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛූති: ‘තං’ති: යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි. වියාචික්ඛාති: ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. සමන්තචක්ඛූති: ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූති. ’තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.’
තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු- ‘තං’ යනු: යමක්හු විචාරම් ද යමක්හු ගැන අයදිම් ද යමක්හු ගැන අධ්‍යෙෂණ කෙරෙම් ද යමක්හු ගැන පහදවම් ද ඔහු. වියාචික්ඛ යනු: වදාළ මැනව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව පහළ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව පැවැසුව මැනැව. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු’ යි සර්වඥතා ඥානය කියනු ලැබෙයි... එයින් තථාගත සමන්තචක්ඛු වේ නුයි ‘තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“නිරාසසො සො උද ආසසානො පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී, මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛූති.
“නිරාසසො සො -පෙ- තං මෙ වියාචීක්ඛසමන්තචක්ඛූ” යි.