යෙදුමෙන් කියවන්න

9. 4

9. 4.

9. 4.

නිරාසසො සො න සො ආසසානො පඤ‍්ඤාණවා සො න ච පඤ‍්ඤකප‍්පී, එවම‍්පි තොදෙය්‍ය, මුනිං විජාන අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං.

ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. කොදෙය්‍යමාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිගේධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.

නිරාසසො සො න ආසසානොති: නිත‍්තණ‍්හො සො න සො සතණ‍්හො සො රූපෙ නාසිංසති සද‍්දෙ-ගන්‍ධෙ -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ නාසිංසති න ඉච‍්ඡති න සාදියති න පත්‍ථෙති න පිහෙති නාභිජප‍්පතීති ‘නිරාසසො සො න සො ආසසානො.

නිරාසසො සො න සො ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා නැත්තේ යැ හෙතෙම තෘෂ්ණා සහිත නො වෙයි. හෙතෙම රූපාලම්බනයන් (ඡන්‍දරාග වශයෙන්) ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි ශබ්දාලම්බනයන් ගන්‍ධාලම්බනයන්...දෘෂ්ට ශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි නො කැමැති වෙයි ආස්වාද නො කෙරෙයි නො පතයි රුචි නො කෙරෙයි අභිජල්පන නො කෙරේ නුයි ‘නිරාසසො සො න සො ආසසානො’ යනු වේ.

පඤ‍්ඤාණවා සො න ච පඤ‍්ඤකප‍්පීති ‘පඤ‍්ඤාණවා’ති පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවී මෙධාවී. න ච පඤ‍්ඤකප‍්පීති අට‍්ඨසමාපත‍්තිඤාණෙන වා පඤ‍්චාභිඤ‍්ඤා ඤාණෙන වා මිච‍්ඡාඤාණෙන වා තණ‍්හා කප‍්පං වා න කප‍්පෙති, දිට‍්ඨිකප‍්පං වා න කප‍්පෙති, න ජනෙති, න සංජනෙති, න නිබ‍්බත‍්තෙති, නාභිනිබ‍්බත‍්තෙතීති ‘පඤ‍්ඤාණවා සො න ච පඤ‍්ඤකප‍්පී.

පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා’ යනු: පණ්ඩිත යැ ප්‍රඥා ඇත්තේ යැ බුද්ධිමත් යැ නැණැත්තේ යැ විමසන නුවණැත්තේ යැ තුලනප්‍රඥා ඇත්තේ යැ. න ච සො පඤ්ඤකප්පී යනු: අෂ්ටසමාපත්තිඥානයෙන් වේව යි පඤ්වාභිඥාඥානයෙන් වේවයි මිථ්‍යාඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පයක් හෝ නො කෙරෙයි දෘෂ්ටිකල්පයක් හෝ නො කෙරෙයි නූපදවයි මොනොවට නූපදවයි නො නිපදවයි වෙසෙසින් නූපදවා නුයි ‘පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී’ යනු වේ.

එවම‍්පි තොදෙය්‍ය මුනිං විජානාති: ‘මුනී’ති: ‘මොනං’ වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී. එවම‍්පි තොදෙය්‍ය මුනිං විජානාති තොදෙය්‍ය එවං මුනිං ජාන, පටිජාන පටිවිජාන පටිවිජ‍්ඣාති ‘එවම‍්පි තොදෙය්‍ය මුනිං විජාන’.

එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන- ‘මුනිං’ යනු: ‘මොන’ යයි ඥානය කියනු ලැබෙයි...රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මසිටි හෙතෙම මුනි නම් වේ. එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන යනු: තෝදෙය්‍ය මාණවකය, මෙසෙයින් මුනිහු දැනගනුව පිණිස ගනුව වෙසෙසින් දැනගනුව ප්‍රතිවෙධ කරව යි ‘එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන’ යනු වේ.

අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තන‍්ති: ‘අකිඤ‍්චන’න‍්ති: රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං, යස‍්සෙතානි කිඤ‍්චනානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිපස‍්සද‍්ධානි, අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි සො වුච‍්චති අකිඤ‍්චනො. කාමාති උද‍්දානතො ද‍්වෙ කාමා වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. භවාති ද‍්වෙ භවා කම‍්මභවො ච පටිසන්‍ධිකො ච පුනබ‍්භවො -පෙ- අයං පටිසන්‍ධිකො පුනබ‍්භවො.

අකිඤ්චනං කාමභවෙ අසත්තං-‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන (පලිබොධ)යැ දොසකිඤ්චන යැ මොහකිඤ්චන යැ මානකිඤ්චන යැ දිට්ඨිකිඤ්චන යැ කිලෙසකිඤ්චන යැ දුච්චරිතකිඤ්චන යි. යමක්හට මේ කිඤ්චනයෝ ප්‍රහීණ වූව හු ද උසුන්මුල් ඇත්තාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යලි උපදනට නොනිසි වූවාහු ද නුවණ ගින්නෙන් දැවුණ හු ද හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය දැයි භව දෙකෙකි... මේ ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය වේ.

අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තන‍්ති: අකිඤ‍්චනං පුග‍්ගලං කාමෙ ච භවෙ ච අසත‍්තං අලග‍්ගං අලග‍්ගිතං අපලිබුද‍්ධං නික‍්ඛන‍්තං නිස‍්සටං විප‍්පමුත‍්තං විසංයුත‍්තං විමරියාදීකතෙන චෙතසා විහරන‍්තන‍්ති ‘අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තං.’

අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්න ලද පලිබොධ නැති (එයින්) නික්මුණු බැහැරවූ මිදුණු පහවූ සංයොග ඇති විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නා වූ අකිඤ්චන පුද්ගලයා නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නිරාසසො සො න සො ආසසානො පඤ‍්ඤාණවා සො න ච පඤ‍්ඤකප‍්පී එවම‍්පි තොදෙය්‍ය මුනිං විජාන අකිඤ‍්චනං කාමභවෙ අසන‍්ත”න‍්ති.

“නිරාසසො සො -පෙ- අකිඤ්චනං කාමභවෙ අසත්තං” යි.

සහ ගාථාපරියොසානා -පෙ- සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො හමස‍්මීති.

ගාථා පර්‍ය්‍යාවසානය හා සමග...වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.

තොදෙය්‍ය සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

තෝදෙය්‍ය සූත්‍රනිර්දේශය නිමි.