විචයහාරසම්පාතො
3. 2. 2.
3. 2. 2.
විචයහාරසම්පාතො.
විචයහාරසම්පාතය
තත්ථ කතමො විචයහාරසම්පාතො: තත්ථ තණ්හා දුවිධා: කුසලාපි අකුසලාපි. අකුසලා සංසාරගාමිනී, කුසලා අපචයගාමිනී පහානතණ්හා. මානොපි දුවිධො: කුසලොපි අකුසලොපි. යං මානං නිස්සය මානං පජහති, අයං මානො කුසලො යො පන මානො දුක්ඛං නිබ්බත්තයති, අයං මානො අකුසලො. තත්ථ යං නෙක්ඛම්මසිතං දොමනස්සං “කුදස්සු නාමාහං තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සං,
එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සේවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද,
යං අරියා සන්තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති, තස්ස උප්පජ්ජති පිහා, පිහාපච්චයා දොමනස්සං, අයං තණ්හා කුසලා රාගවිරාගා චෙතොවිමුත්ති, තදාරම්මණා කුසලා අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති.
කවදා නම් මම ඒ ආයතනය ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්‍යාත ඊප්සාව උපදී, පිහාප්‍රත්‍යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්යාර්ත්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්යාර්ත්ථයෙන් කුසල් වේ.
තස්සා කො පවිචයො: අට්ඨ මග්ගඞ්ගානි: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධීති. සො කත්ථ දට්ඨබ්බො: චතුත්ථෙ ඣානෙ පාරමිතාය. චතුත්ථෙ හි ඣානෙ අට්ඨඞ්ගසමන්නාගතං චිත්තං භාවයති පරිසුද්ධං පරියොදාතං අනඞ්ගණං විගතූපක්කිලෙසං මුදුං කම්මනියං ඨිතං ආනෙඤ්ජප්පත්තං. සො තත්ථ අට්ඨවිධං අධිගච්ඡති: ඡ අභිඤ්ඤා ද්වෙ ච විසෙසෙ. තං චිත්තං යතො පරිසුද්ධං තතො පරියොදාතං, යතො පරියොදාතං තතො අනඞ්ගණං, යතො අනඞ්ගණං තතො විගතූපක්කිලෙසං, යතො විගතූපක්කිලෙසං තතො මුදුං යතො මුදුං තතො කම්මනියං, යතො කම්මනියං තතො ඨිතං. යතො ඨිතං තතො ආනෙඤ්ජප්පත්තං; තත්ථ අඞ්ගණා ච උපක්කිලෙසා ච තදුභයං තණ්හාපක්ඛො, යා ච ඉඤ්ජනා යා ච චිත්තස්ස අට්ඨිති අයං දිට්ඨිපක්ඛො.
ඒ පඤ්ඤාවිමුක්තියගේ පවිචය කවරෙ යැ : සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන අෂ්ට මාර්‍ගාඞ්ගයෝ යි. ඒ පවිචය කොතැන්හි ලා දැක්කයුතු යැ යත් : චතුර්ත්ථධ්යානයෙහි උත්කර්ෂයට පැමිණිභාවනායෙහි ලා දැක්කයුතු. ඒ එසේ මැ යැ, චතුර්ත්ථධ්යානයෙහි අෂ්ටාඞ්ගයෙකින් සමන්වාගත චිත්තය වඩයි. (ඒ අෂ්ටාඞ්ගය නම් :) උපෙක්ඛාසති පාරිසුද්ධියෙන් පරිශුද්ධ වූ පරිශුද්ධ හෙයින් ම පරියොදාත - ප්‍රභාස්වර වූ විගත රාගාදි අඞ්ගණ ඇතියෙන් අනඞ්ගණ වූ අනඞ්ගණ හෙයින් ම අපගත උපක්ලේශ ඇති සුභාවිත හෙයින් මෘදු වූ (වශීභාවප්රාප්ත) මෘදු හෙයින් ම කර්මක්ෂම වූ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ස්ථිත වූ ස්ථිත හෙයින් ම අනිඤ්ජන - අචල බවට පැමිණි සිත වඩයි. ඒ චතුර්ත්ථධ්යානලාභී යෝගී තෙම ඒ චතුර්ත්ථධ්යානයෙහි අටවැදෑරුම් ගුණයට පැමිණෙයි : (ඒ කවරෙ යැ,) ඉද්ධිවිධාදි ෂඩ්අභිඥා යැ මනෝමයඉද්ධි විපස්සනාඤාණ යන ගුණවිශේෂ දෙකට ද පැමිණෙයි. ඒ චතුර්ත්ථධ්යානචිත්තය (උපෙක්ඛාසතිපාරිසුද්ධි සංඛ්‍යාත) යම් හේතුවකින් පරිශුද්ධ ද එහෙයින් පරියොදාත යැ යම්හෙයෙකින් පර්‍ය්‍යවදාත ද එහෙයින් අනඞ්ගණ යැ යම්හෙයෙකින් අනඞ්ගණ ද එහෙයින් විගතෝපක්ලේශ යැ යම්හෙයෙකින් විගතෝපක්ලේශ ද එහෙයින් මෘදු යැ යම්හෙයෙකින් මෘදු වී ද එහෙයින් කර්මණ්ය යැ යම්හෙයෙකින් කර්මක්ෂම ද එහෙයින් ස්ථිත යැ යම්හෙයෙකින් ස්ථිත වී ද එහෙයින් අනිඤ්ජනප්‍රාප්ත යි. එහි අඞ්ගණ ද උපක්ලේශ ද යන දෙක තෘෂ්ණාපක්ෂයෙහි වෙයි, චිත්තයාගේ යම් චලනයෙක් ඇද්ද චිත්තයාගේ යම් අනවස්ථානයෙක් ඇද්ද මේ දෙක දෘෂ්ටිපක්ෂයෙහි වේ.
චත්තාරි ඉන්ද්රියානි දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රියං සුඛින්ද්රියං සොමනස්සින්ද්රියඤ්ච චතුත්ථජ්ඣානෙ නිරුජ්ඣන්ති. තස්ස උපෙක්ඛින්ද්රියං අවසිට්ඨං භවති.
දුක්ඛින්ද්රිය දෝමනස්සින්‍ද්‍රිය සුඛින්ද්රිය සෝමනස්සින්‍ද්‍රිය ද යන සතර ඉන්ද්රියයෝ චතුර්ත්ථධ්යානයෙහි නිරුද්ධ වෙති. ඒ යෝගීහුගේ උපෙක්ඛින්‍ද්‍රිය අවශිෂ්ට වූයේ වේ.
සො උපරිමං සමාපත්තිං සන්තතො මනසි කරොති. තස්ස උපරිමං සමාපත්තිං සන්තතො මනසිකරොතො චතුත්ථජ්ඣානෙ ඔළාරිකා සඤ්ඤා සණ්ඨහති, උක්කණ්ඨා ච පටිඝසඤ්ඤා. සො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තං ආකාසන්ති ආකාසානඤ්චායතනසමාපත්තිං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අභිඤ්ඤාභිනීහාරො රූපසඤ්ඤා, වොකාරො නානත්තසඤ්ඤා සමතික්කමති. පටිඝසඤ්ඤා චස්ස අබ්භත්ථං ගච්ඡති. එවං සමාහිතස්ස තස්ස ඔභාසො අන්තරධායති, දස්සනඤ්ච රූපානං. සො සමාධි ඡළඞ්ගසමන්නාගතො පච්චවෙක්ඛිතබ්බො: අනභිජ්ඣාසහගතං මෙ මානසං සබ්බලොකෙ, අබ්යාපන්නං මෙ චිත්තං සබ්බසත්තෙසු, ආරද්ධං මෙ විරියං පග්ගහිතං,
ඒ යෝගාවචර මතුයෙහි වූ ආකාසානඤ්චායතන සමාපත්තිය (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්තවශයෙන් මෙනෙහි කෙරෙයි, උපරිම සමාපත්තිය ශාන්තහෙයින් මෙනෙහිකරන ඔහුට චතුර්ත්ථධ්යානයෙහි ඖදාරික (අවුපසන්ත) යැ යන සංඥාව එළඹසිටී, පටිඝසඤ්ඤා සංඛ්‍යාත පඤ්ච විඥානසංඥායෙහි උත්කණ්ඨා (අනභිරතිය) ද පිහිටයි. ඒ යෝගාවචර සර්වප්රකාරයෙන් රූපසංඥාවත් ඉක්මැවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාලම්බනයෙහි පැවැති සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් කසිණුග්ඝාටිමාකාසය අනන්ත යයි ආකාසානඤ්චායතන සමාපත්තිය උපයා ඊට පැමිණ වාසකෙරෙයි. රූපාවචරසංඥාව පඤ්චවිධ අභිඥාර්ත්ථයාගේ අභිනීහාරමාත්රයෙකි, (අරූපාවචරසමාපත්තීන් මෙන් ශාන්ත නොවෙයි සේයි.) නානාත්වසංඥාව නානාලම්බනයෙහි චිත්තයාගේ ආකුලප්රවෘත්තියෙකැයි (එහි ආදීනව දැක රූපාවචර සමාපත්ති) ඉක්මවයි. (ආකාසානඤ්චායතනසමාපත්තිය උපදවන) ඒ යෝගීහුගේ දසවිධ පටිඝ (විඥාන) සංඥාව ද අභ්‍යස්තයට යෙයි. (මෙයින් ප්රථමාරූප්යසමාපත්තිය ප්‍රකාශ කළහ.) මෙසේ (උක්තප්‍රකාරයෙන් චතුර්ත්ථධ්යානයෙහි චිත්තෛකාග්රතාවද ඉක්මැවීමෙන්) සමාහිත වූ (යළි) ශාන්ත වූ ආරූප්යසමාධියෙන් සමාහිත වූවහුගේ රූපාවචරධ්යානාවභාසය ද රූපාවචරධ්යානචක්ෂුසින් කසිණරූපදර්ශනය ද අතුරුදහන් වෙයි. ඒ යථෝක්ත රූපාරූපසමාධිය (උපකාරක පරිෂ්කාරස්වභාව වූ) ෂඩඞ්ගයෙන් සමන්වාගත වූයේ ප්රත්යවේක්ෂා කටයුත්තේය, (පුනපුනා සිතියැයුතු යැයි සේයි.) ප්රියසාතරූප වූ සියලු සත්ත්ව - සංස්කාරලෝකයෙහි මාගේ සිත අනභිධ්‍යාසහගත යැ, මාගේ සිත සියලු සත්ත්වයන් කෙරෙහි ව්‍යාපාදයට නො පැමිණියේ යැ, මා විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වූයේ දැඩිව ගන්නාලද,
පස්සද්ධො මෙ කායො අසාරද්ධො. සමාහිතං මෙ චිත්තං අවික්ඛිත්තං, උපට්ඨිතා මෙ සති අපම්මුට්ඨා, තත්ථ යඤ්ච අනභිජ්ඣාසහගතං මානසං සබ්බලොකෙ යඤ්ච අබ්යාපන්නං චිත්තං සබ්බසත්තෙසු යඤ්ච ආරද්ධං විරියං පග්ගහිතං යඤ්ච සමාහිතං චිත්තං අවික්ඛිත්තං, අයං සමථො. යො පස්සද්ධො කායො අසාරද්ධො අයං සමාධිපරික්ඛාරො. යා උපට්ඨිතා සති අපම්මුට්ඨා අයං විපස්සනා.
මාගේ නාමකය සැහැල්ලු වූයේ දරථ රහිත යැ, මාගේ සිත සමාහිත වූයේ එහෙයින් අවික්ෂිප්ත යැ, මාගේ ස්මෘතිය එළැඹසිටියා එහෙයින් නොමුළාවූ යැ’ යි පුනපුනා සිතියැයුතු. එහි සියලු ලෝකයෙහි අනභිධ්‍යාසහගත යම් සිතෙක් වේ ද, සියලු සත්ත්වයන් කෙරෙහි අව්‍යාපන්න වූ යම් සිතෙකුත් වේ ද, දැඩිව ගන්නාලද යම් ආරබ්ධ වීර්‍ය්‍යයෙක් වේ ද, අවික්ෂිප්ත වූ යම් සමාහිත චිත්තයෙක් වේ ද, මේ සමථ යැ. දරථ රහිත වූ යම් ප්‍රශ්‍රබ්ධ කායයෙක් වේ ද, මේ සමාධිපරිෂ්කාර යැ, නොමුළා වූ යම් උපස්ථිත ස්මෘතියක් ඇද්ද, මේ විදර්ශනා යි.
සො සමාධි පඤ්චවිධෙන වෙදිතබ්බො: අයං සමාධි පච්චුප්පන්නසුඛොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි ආයතිං සුඛවිපාකොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි අරියෙ නිරාමිසොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි අකාපුරිසසෙවිතොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි සන්තො චෙව පණීතො ච පටිප්පස්සද්ධිලද්ධො ච එකොදිභාවාධිගතො ච න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො චාති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. තං ඛො පනිමං සමාධිං සතො සමාපජ්ජාමි සතො වුට්ඨහාමීති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. තත්ථ යො ච සමාධි පච්චුප්පන්නසුඛො යො ච සමාධි ආයතිං සුඛවිපාකො අයං සමථො, යො ච සමාධි අරියො නිරාමිසො යො ච සමාධි අකාපුරිසසෙවිතො යො ච සමාධි සන්තො චෙව පණීතො ච පටිප්පස්සද්ධිලද්ධො ච එකොදිභාවාධිගතො ච න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො ච යඤ්චාහං තං කො පනිමං සමාධිං සතො සමාපජ්ජාමි සතො වුට්ඨහාමීති අයං විපස්සනා.
ආර්‍ය්‍යමාර්‍ගඵල වූ ඒ අරහත්ඵලසමාධිය (මතු කියන) පඤ්චප්‍රකාරයෙන් දත යුතු : මේ සමාධිය (සමවන් සමවන් කෙණෙහි සුවහෙයින්) ප්‍රත්‍යුත්පන්නසුඛ යයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹැසිටියේ වෙයි, මේ සමාධිය (පූර්‍වපූර්‍ව සමාධිය පසුපසුව උපදනා සමාධියට ප්‍රත්‍යය හෙයින්) මතුයෙහි සුඛවිපාක ඇතැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය කෙලෙසුන් කෙරෙන් දුරුවැ සිටිහෙයින් ආර්‍ය්‍ය යැ කාමාමිෂාදි ආමිෂාභාවයෙන් නිරාමිෂ යැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය අලාමක වූ බුද්ධාදි මහාපුරුෂයන් විසින් සෙවුනාලදැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය අඞ්ගශාන්තතායෙන් සර්වක්ලේශදරථශාන්තතායෙන් ශාන්ත ද අතෘප්තිකර හෙයින් ප්‍රණීත ද කෙලෙස් සන්හිඳුවීමෙන් ලබනලද ද ඒකෝදිභාවයෙන් අධිගත ද සප්‍රයෝගයෙන් ප්රත්යනීකධර්මයන් නිග්‍රහ කොට කෙලෙසුන් වළහා (අල්ප ගුණඇති සාස්‍රව සමාධි මෙන්) නොලබනලදැයි ද මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹසිටියේ වෙයි. තවද ‘මේ අර්හත්ඵලසමාධියට සිහිඇතිවැ සමවදිමි, සිහිඇතිවැ සමවතින් නැඟීසිටිමි’ මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්ශනය එළැඹ සිටියේ වේ. එහි යම් සමාධියෙක් ප්‍රත්‍යුත්පන්නසුඛ වූයේ ද යම් සමාධියෙක් මතුයෙහි සුඛවිපාක ඇත්තේ ද මේ සමථ යැ. යම් සමාධියෙක් ආර්‍ය්‍ය නිරාමිෂ වූයේ ද යම් සමාධියෙක් අකාපුරුෂසේවිත වූයේ ද යම් සමාධියෙක් ශාන්තවූයේ ප්‍රණීත වූයේත් කිලෙසපටිප්පස්සද්ධියෙන් ලදුයේත් ඒකෝදිභාවයෙන් අධිගත වූයේත් සසංඛාරයෙන් ප්රත්යනීකයන් නිග්‍රහ කොට කෙලෙසුන් නො වැළැහුයේත් වේද තවද මම මේ සමාධියට සිහිඇතිව සමවදිමි සිහිඇතිව නැඟීසිටිමි යන මේ විදර්ශනා යි.
සො සමාධි පඤ්චවිධෙන වෙදිතබ්බො: පීතිඵරණතා. සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච්චවෙක්ඛණානිමිත්තං. තත්ථ යො ච පීතිඵරණො යො ච සුඛඵරණො යො චා චෙතොඵරණො අයං සමථො, යො ච ආලොකඵරණො යඤ්ච පච්චවෙක්ඛණා නිමිත්තං අයං විපස්සනා.
ඒ අර්හත්ඵලසමාධියට පූර්‍වභාගප්‍රතිපදායෙහි කියනලද රූපාවචර චතුර්ත්ථධ්යාන සමාධිය පස් අයුරෙකින් දතයුත්තේ යැ : ප්‍රීතිය පැතිරෙමින් උපදනා ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ප්රඥාසංඛ්යාත පීතිඵරණතා යැ සුඛය පැතිරෙමින් උපදනා ධ්යානත්රයෙහි ප්‍රඥා සංඛ්‍යාත සුඛඵරණතා යැ මෙරමා සිත් ස්පර්ශකරමින් උපදනා චේතෝපරියඤාණ සංඛ්‍යාත චේතෝඵරණතා යැ ආලෝකය පැතිරවීමෙන් උපදනා දිබ්බචක්ඛුඤාණ සංඛ්‍යාත ආලෝකඵරණතා යැ ප්රත්යවේක්ෂානිමිත්ත යැ යන පස් ආකාරයෙනි. එහි යම් පීතිඵරණයෙක් සුඛඵරණයෙක් යම් චේතෝඵරණයෙකුත් ඇද්ද මේ සමථ යැ, යම් ආලෝකඵරණයෙකුත් යම් පච්චවෙක්ඛණානිමිත්තකුත් ඇද්ද මේ විදර්ශනා යි.
දස කසිණායතනානි: පඨවීකසිණං ආපොකසිණං තෙජොකසිණං වායොකසිණං නීලකසිණං පීතකසිණං ලොහිතකසිණං ඔදාතකසිණං ආකාසකසිණං විඤ්ඤාණකසිණං. තත්ථ යඤ්ච පඨවීකසිණං යඤ්ච ආපොකසිණං (එවං සබ්බං) යඤ්ච ඔදාතකසිණං, ඉමානි අට්ඨ කසිණානි සමථො, යඤ්ච ආකාසකසිණං යඤ්ච විඤ්ඤාණකසිණං අයං විපස්සනා. එවං සබ්බො අරියො මග්ගො යෙන යෙන ආකාරෙන වුත්තො, තෙන තෙන සමථවිපස්සනෙන යොජයිතබ්බො. තෙ තීහි ධම්මෙහි සඞ්ගහිතා: අනිච්චතාය දුක්ඛතාය අනත්තතාය.
කසිණායතනයෝ දසදෙනෙකි : පඨවිකසිණ යැ (කසිණනිමිත්තෙහි උපන් ධ්‍යානය යි,) ආපෝකසිණ යැ තේජෝකසිණ යැ වායෝකසිණ යැ නීලකසිණ යැ පීතකසිණ යැ ලෝහිතකසිණ යැ ඔදාතකසිණ යැ ආකාසකසිණ යැ විඤ්ඤාණකසිණ යි. ඒ දසකසිණයන් කෙරෙහි යම් පඨවිකසිණයකුත් යම් ආපෝකසිණයකුත් (මෙසේ සියල්ල) යම් ඕදාතකසිණයකුත් ඇද්ද, මේ අට කසිණයෝ සමථ යැ, යම් ආකාසකසිණයකුත් යම් විඤ්ඤාණකසිණයකුත් ඇද්ද, මේ විදර්ශනා යි. මෙසේ (සතිපට්ඨානාදි පූර්වභාග ප්‍රතිපදාභේදයෙන් භින්න වූ) සියලු ආර්ය්යමාර්ගය යම් යම් ආකාරයෙකින් වදාරන ලද ද ඒ ඒ ආකාරයෙන් ශමථ විදර්ශනා වශයෙන් යෙදියැයුත්තේ යි. ඒ ශමථාධිෂ්ඨාන වූ විදර්ශනාධර්මයෝ අනිච්චතායෙන් දුක්ඛතායෙන් අනත්තතායෙන් යන ත්‍රිවිධ විදර්ශනා ධර්මයන්ගෙන් සංගෘහීතයහ. ගණනට ගියාහ’ යි සේයි.
සො සමථවිපස්සනං භාවයමානො තීණි විමොක්ඛමුඛානි භාවයති. තීණි විමොක්ඛමුඛානි භාවයන්තො තයො ඛන්ධෙ භාවයති, තයො ඛන්ධෙ භාවයන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයති.
ඒ (ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට යුක්තප්‍රයුක්ත වූ) යෝගී තෙමේ (කලෙක සමථයට සමවැදීම් වශයෙන් කලෙක විදර්ශනා සම්මර්ශණවශයෙන්) ශමථවිදර්‍ශනා වඩනුයේ තුන් විමෝක්ෂමුඛයන් වඩයි. තුන් විමෝක්ෂමුඛයන් වඩනුයේ සීල සමාධි පඤ්ඤා යන තුන් ස්කන්ධයන් වඩයි, තුන් ස්කන්ධයන් වඩනුයේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි.
රාගචරිතො පුග්ගලො අනිමිත්තෙන විමොක්ඛමුඛෙන නීයාති, අධිචිත්තසික්ඛාය සික්ඛන්තො ලොභං අකුසලමූලං පජහන්තො සුඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො සුඛං වෙදනං පරිජානන්තො රාගමලං පවාහෙන්තො රාගරජං නිද්ධුනන්තො රාගවිසං වමන්තො රාගග්ගිං නිබ්බාපෙන්තො රාගසල්ලං උප්පාටෙන්තො රාගජටං විජටෙන්තො.
රාගචරිත ඇති පුද්ගල අධිචිත්තශික්‍ෂායෙහි හික්මෙනුයේ ලෝභඅකුශලමූලය දුරු කරමින් සුඛවේදනාවට හිත වූ ස්පර්ශයට තෘෂ්ණායෙන් නො පැමිණෙනුයේ සුඛවේදනාව (විපරිණාමාදීන් දුකැයි) පරිජානනය කරනුයේ රාගමලය සෝදාහරිමින් රාගරජස් සලාහරිමින් රාගවිෂය වමනය කරමින් රාගාග්නිය නිවමින් රාගශල්යය උපුටාහරිමින් රාගජටාව (අවුල) නිරාකුල කරනුයේ අනිමිත්තවිමෝක්ෂමුඛයෙන් වර්තදුඃඛයෙන් නික්මැයෙයි.
දොසචරිතො පුග්ගලො අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන නීයාති, අධිසීලසික්ඛාය සික්ඛන්තො දොසං අකුසලමූලං පජහන්තො දුක්ඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො දුක්ඛං වෙදනං පරිජානන්තො දොසමලං පවාහෙන්තො දොසරජං නිද්ධුනන්තො දොසවිසං වමන්තො දොසග්ගිං නිබ්බාපෙන්තො දොසසල්ලං උප්පාටෙන්තො දොසජටං විජටෙන්තො.
දෝසචරිත ඇති පුද්ගල අධිශීලශික්‍ෂායෙහි හික්මෙනුයේ ද්වේෂඅකුශලමූලය දුරුකරමින් දුක්ඛවේදනාව ට හිත වූ ස්පර්ශය ට තෘෂ්ණාවශයෙන් නොපැමිණෙනුයේ දුක් වේදනාව පරිජානනය කරමින් දෝසමලය සෝදාහරිමින් ද්වේෂරජස් සලාහරිමින් ද්වේෂවිෂය වමනය කරමින් ද්වේෂාග්නිය නිවමින් ද්වේෂශල්යය උපුටාහරිමින් ද්වේෂජටාව නිරාකුල කරනුයේ අප්පණිහිත විමෝක්ෂමුඛයෙන් වට්ටදුක්ඛයෙන් නික්මැයෙයි.
මොහචරිතො පුග්ගලො සුඤ්ඤතවිමොක්ඛමුඛෙන නීයාති, අධිපඤ්ඤාසික්ඛාය සික්ඛන්තො මොහං අකුසලමූලං පජහන්තො අදුක්ඛමසුඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො අදුක්ඛමසුඛං වෙදනං පරිජානන්තො මොහමලං පවාහෙන්තො මොහරජං නිද්ධුනන්තො මොහවිසං වමන්තො මොහග්ගිං නිබ්බාපෙන්තො මොහසල්ලං උප්පාටෙන්තො මොහජටං විජටෙන්තො.
මෝහචරිත ඇති පුද්ගල අධිප්රඥාශික්ෂායෙහි හික්මෙනුයේ මෝහඅකුශලමූලය දුරු කරමින් අදුක්ඛමසුඛවේදනාවට හිත වූ ස්පර්ශයට තෘෂ්ණාවශයෙන් නොපැමිණෙනුයේ අදුක්ඛමසුඛවේදනාව පරිජානනය කරමින් මෝහමලය ප්‍රවාහය කරමින් මෝහරජස් නිර්ධුනනය කරමින් මෝහවිෂ වමනය කරමින් මෝහාග්නිය නිවමින් මෝහශල්යය උපුටාහරිමින් මෝහජටාව විජටනය කරනුයේ ශුන්යතවිමෝක්ෂමුඛයෙන් වර්තදුඃඛයෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි.
තත්ථ සුඤ්ඤතවිමොක්ඛමූඛං පඤ්ඤාක්ඛන්ධො, අනිමිත්තවිමොක්ඛමුඛං සමාධික්ඛන්ධො, අප්පණිහිතවිමොක්ඛමුඛං සීලක්ඛන්ධො. සො තීණි විමොක්ඛමුඛානි භාවයන්තො තයොඛන්ධෙ භාවයති, තයො ඛන්ධෙ භාවයන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයති. තත්ථ යා ච සම්මාවාචා යො ච සම්මා කම්මන්තො යො ච සම්මාආජීවො අයං සීලක්ඛන්ධො, යො ච සම්මාවායාමො යා ච සම්මාසති යො ච සම්මාසමාධි අයං සමාධික්ඛන්ධො, යා ච සම්මාදිට්ඨි යො ච සම්මාසඞ්කප්පො අයං පඤ්ඤාක්ඛන්ධො. තත්ථ සීලක්ඛන්ධො ච සමාධික්ඛන්ධො ච සමථො, පඤ්ඤාක්ඛන්ධො විපස්සනා.
ඒ විමෝක්ෂමුඛයන් කෙරෙහි ශුන්යතවිමෝක්ෂමුඛය ප්‍රඥාස්කන්‍ධ යැ, අනිමිත්ත විමෝක්ෂමුඛය සමාධිස්කන්ධ යැ, අප්රණිහිතවිමෝක්ෂමුඛය ශීලස්කන්ධ යි. ඒ යෝගාවචර තුන් විමෝක්ෂමුඛයන් වඩනුයේ තුන් ස්කන්ධයන් වඩයි, තුන් ස්කන්ධයන් වඩනුයේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි, එහි යම් සම්‍යග්වචනයෙක් යම් සම්‍යක් කර්මාන්තයෙක් යම් සම්‍යගාජීවයෙක් ඇද්ද මේ ශීලස්කන්ධ යැ, යම් සම්‍යග්ව්‍යායාමයෙක් යම් සම්‍යක්ස්මෘතියක් යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද මේ සමාධිස්කන්ධය යැ, යම් සම්‍යග්දෘෂ්ටියක් යම් සම්‍යක්සංකල්පයෙක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යි. එහි ශීලස්කන්ධය ද සමාධිස්කන්ධය ද සමථ යැ, ප්රඥාස්කන්ධය විදර්ශනා යි.
යො සමථවිපස්සනං භාවෙති, තස්ස ද්වෙ භවඞ්ගානි භාවනං ගච්ඡන්ති: කායො චිත්තඤ්ච. භවනිරොධගාමිනී පටිපදා ද්වෙ පදානි: සීලං සමාධි ච. සො හොති භික්ඛු භාවිතකායො භාවිතසීලො භාවිත චිත්තො භාවිතපඤ්ඤො කායෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාකම්මන්තො සම්මාවායාමො ච, සීලෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාවාචා සම්මාආජීවො ච, චිත්තෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාසති සම්මාසමාධි ච. පඤ්ඤාය භාවියමානාය ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පො ච.
යමෙක් ශමථවිදර්‍ශනා වඩා ද ඔහුට උපප්රාප්තිභවයට අඞ්ග වූ කය ද සිත ද යන ධර්මයෝ දෙදෙන වැඩීමට යෙති. ශීලය ද සමාධිය ද යන පාදධර්මයෝ දෙදෙන භවනිරෝධගාමිනී පටිපදා යි. සීලසමාධියෙහි සිටි ඒ මහණ (ආභිසමාචාරික ශීලය පිරීමෙන්) භාවිතකාය වෙයි, (ආදිබ්‍රහ්මචරියක ශීලය පිරීමෙන්) භාවිතසීල වෙයි, භාවිතචිත්ත භාවිතපඤ්ඤ වෙයි, කය වඩනුලබන කල්හි සම්මාකම්මන්ත ද සම්මාවායාම ද යන ධර්මයෝ දෙදෙන වැඩීමට යෙති, සීලය භාවියමාන කල්හි සම්මාවාචා ද සම්මාආජීව ද යන ධර්මයෝ දෙදෙන වැඩීමට යෙති, චිත්තය භාවියමාන කල්හි සම්මාසති ද සම්මාසමාධි ද යන ධර්මයෝ දෙදෙන වැඩීමට යෙති, ප්‍රඥාව වඩනුලබන කල්හි සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප ද යන ධර්මයෝ දෙදෙන වැඩීමට යෙත්.
තත්ථ යො ච සම්මාකම්මන්තො යො ච සම්මාවායාමො සියා කායිකො සියා චෙතසිකො. තත්ථ යො කායසංගහො සො කායෙ භාවිතෙ භාවනං ගච්ඡති. යො චිත්තසඞ්ගහො සො චිත්තෙ භාවිතෙ භාවනං ගච්ඡති. සො සමථවිපස්සනං භාවයන්තො පඤ්චවිධං අධිගමං අධි ගච්ඡති: ඛිප්පාධිගමො ච හොති, විමුත්තාධිගමො ච හොති. මහාධිගමො ච හොති, විපුලාධිගමො ච හොති, අනවසෙසාධිගමො ච හොති. තත්ථ සමථෙන ඛිප්පාධිගමො ච මහාධිගමො ච විපුලාධිගමො ච හොති, විපස්සනාය විමුත්තාධිගමො ච අනවසෙසාධිගමො ච හොති.
එහි යම් සම්යක්කර්මාන්තයෙක් යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද එය කායික ද වන්නේ යැ, චෛතසික ද වන්නේ යැ, එහි සම්මාකම්මන්ත වායාමයන් අතුරෙහි යමෙක් කායසංග්රහ වේ ද, එය කය භාවිත කල්හි වැඩීමට යෙයි, යමෙක් චිත්තසංග්රහ වේ ද, එය සිත භාවිත කල්හි වැඩීමට යෙයි. ඒ යෝගාවචර ශමථවිදර්‍ශනා දෙක වඩනුයේ (අවස්ථා විශේෂවශයෙන්) පඤ්චවිධ වූ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට පැමිණෙයි : (ඒ මෙසේ යැ,) වහා ඒකචිත්තක්ෂණිකව මාර්ගාධිගම කරන්නේ නුයි ඛිප්පාධිගම ද වෙයි, ප්රහාතව්යයන් අත්යන්තවිමුක්තිවශයෙන් දුරුකරනුයෙන් විමුත්තාධිගම ද වෙයි, මහත් වූ ලෝකෝත්තර ශීලස්කන්ධාදිය අධිගම කරනුයෙන් මහාධිගම ද වෙයි, විපුලව අධිගම කරනුයෙන් විපුලාධිගම ද වෙයි, තමා විසින් අධිගන්තව්‍ය වූ කිසිවක් අනවශේෂ කරනුයෙන් අනවසේසාධිගම ද වේ. ඒ අධිගමයන් කෙරෙහි ශමථයෙන් ඛිප්පාධිගම ද මහාධිගම ද විපුලාධිගම ද වෙයි, විදර්ශනායෙන් විමුත්තාධිගම ද අනවසේසාධිගම ද වේ.
තත්ථ යො දෙසෙති සො දසබලසමන්නාගතො සත්ථා ඔවාදෙන සාවකෙ න විසංවාදෙති. සො තිවිධං: ඉදං කරොථ, ඉමිනා උපායෙන කරොථ, ඉදං වො කුරුමානානං හිතාය සුඛාය භවිස්සති. සො තථා ඔවදිතො තථානුසිට්ඨො තථා කරොන්තො යථා පටිපජ්ජන්තො තං භූමිං න පාපුණිස්සතීති නෙතං ඨානං විජ්ජති, සො තථා ඔවදිතො තථානුසිට්ඨො සීලක්ඛන්ධං අපරිපූරයන්තො තං භූමිං අනුපාපුණිස්සතීති තෙං ඨානං විජ්ජති. සො තථා ඔවදිතො තථානුසිට්ඨො සීලක්ඛන්ධං පරිපූරයන්තො තං භූමිං අනුපාපුණිස්සතීති ඨානමෙතං විජ්ජති.
එහි යම් ශාස්තෘ කෙනෙක් දහම් දෙසනසේක් ද දශබලසමන්වාගත ඒ ශාස්තෘහු අවවාදයෙන් ශ්‍රාවකයන් විසංවාදන නො කෙරෙති, (නො රවටති,) ඒ ශාස්තෘහු තුන් ප්‍රකාරයෙකින් අවවාද කෙරෙති : ( සරණගමන ශීලසමාදානාදි) ‘මෙය කරවූ, මේ උපායෙන් කරවු, මෙය කරන තොපට හිත පිණිස සුව පිණිස වන්නේය’ යි. එපරිදි අවවාද කරනු ලැබූ එපරිදි අනුසස්නාලද ඒ ශ්‍රාවක ඒ අනුශාසනා පරිදි කරනුයේ එසේ පිළිපදනේ ඒ (දස්සන භාවනා) භූමියට නොපැමිණෙන්නේ ය යන තෙල කාරණය විද්‍යමාන නොවේ. ඒ ශ්‍රාවක එසේ අවවාද කරනලදුයේ එසේ අනුසස්නාලදුයේ ශීලස්කන්ධය පරිපූර්ණ නො කරනුයේ ඒ භූමියට පැමිණෙන්නේයැ යන තෙල කරුණ නොවේ. එසේ අවවාද කරනලද එසේ අනුසස්නාලද ඒ ශ්‍රාවක ශීලස්කන්ධය පරිපූර්ණ කරනුයේ ඒ (දර්ශන භාවනා) භූමියට පැමිණෙන්නේයැ යන තෙල කරුණ වන්නේයි.
සම්මාසම්බුද්ධස්ස තෙ සතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති නෙතං ඨානං විජ්ජති, සබ්බාසවපරික්ඛීණස්ස තෙ සතො ඉමෙ ආසවා අපරික්ඛීණාති නෙතං ඨානං විජ්ජති, යස්ස තෙ අත්ථාය ධම්මො දෙසිතො සො න නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති නෙතං ඨානං විජ්ජති. සාවකො කො පන තෙ ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී සො පුබ්බෙන අපරං උළාරං විසෙසාධි ගමං න සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
සම්‍යක්සම්බුද්ධයෙමි ප්‍රතිඥා කරන තොප විසින් මෙනම් ධර්මයෝ අනභි සම්බුද්ධයහ’ යි (සකාරණව ප්රතිචෝදනාකරන) තෙල කරුණ නොවෙයි, සර්වාස්රව පරික්ෂීණ යයි ප්‍රතිඥා කරන තොප විසින් මෙනම් ආස්‍රවයෝ අපරික්ෂීණයහ’ යි ප්රතිචෝදනා කරන තෙල කරුණ නොවෙයි, තොප විසින් යම් රාගාදිප්රහාණයක් සඳහා අසුභභාවනාදි ධර්මයෙක් දෙසනලදද ඒ ධර්මය එසේ පිළිපන්නහුට මොනොවට දුඃඛක්‍ෂය පිණිස නො පවත්නේ යැ යන තෙල කරුණ නො වෙයි. යළි තොපගේ ශ්‍රාවකයෙක් ධර්මානුධර්මයෙහි පිළිපන්නේ සම්‍යක්ප්‍රතිපන්න වූයේ අනුරූපධර්මයෙහි හැසිරෙනසුලු වේ ද, පුර්වකාලයට වඩා අපරකාලප්රවෘත්ත වූ උදාර වූ අභිඤ්ඤාපටිසම්භිදාදි විශේෂාධිගමය ප්රත්යක්ෂ නො කරන්නේයැ යන තෙල කරුණ නො වේ.
යෙ ඛො පන ධම්මා අන්තරායිකා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති නෙතං ඨානං විජ්ජති. යෙ ඛො පන ධම්මා අනීයානිකා තෙ නීය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති නෙතං ඨානං විජ්ජති. යෙ ඛො පන ධම්මා නීයානිකා තෙ නිය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති ඨානමෙතං විජ්ජති. සාවකො ඛො පන තෙ සඋපාදිසෙසො අනුපාදිසෙසං නිබ්බානධාතුං අනුපාපුණිස්සතීති නෙතං ඨානං විජ්ජති.
තවද යම් ධර්ම කෙනෙක් මාර්ගඵලයනට අන්තරායකර වූවාහු ද ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්ත්ථ නො වේ යැ යන තෙල කරුණ නො වෙයි, යළි යම් ධර්ම කෙනෙක් අනෛර්‍ය්‍යාණික වෙත් ද, ඒ ධර්මයෝ එය පිළිපදනහුට මැනැවින් දුක් ක්ෂයවීම පිණිස පැමිණෙති යන තෙල කරුණ නො වෙයි, යළි යම් ධර්ම කෙනෙක් නෛර්‍ය්‍යාණික වෙත් ද ඒ ධර්මයෝ එය පිළිපදනහුට මැනැවින් දුක් ක්ෂයවීම පිණිස පැමිණෙති යන තෙල කරුණ විද්‍යමාන වෙයි, යළි ඔබගේ ශ්‍රාවකයෙක් සඋපාදිසේස වූයේ අනුපාදිසේසනිබ්බානධාතුවට පැමිණෙන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
දිට්ඨිසම්පන්නො මාතරං ජීවිතා වොරොපෙය්ය හත්ථෙහි වා පාදෙහි වා සුහතං කරෙය්යාති නෙතං ඨානං විජ්ජති, පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය හත්ථෙහි වා පාදෙහි වා සුහතං කරෙය්යාති ඨානමෙතං විජ්ජති. එවං පිතරං. . . අරහන්තං භික්ඛුං. . . දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්ය සඞ්ඝෙ වා සඞ්ඝරාජිං ජනෙය්යාති, නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්ය සඞ්ඝෙ වා සඞ්ඝරාජිං ජනෙය්යාති ඨානමෙතං විජ්ජති.
මාර්ගදෘෂ්ටිසම්පන්න සෝවාන් පුද්ගල ජනික මව දිවියෙන් තොරකරන්නේයැ අතින් හෝ පයින් හෝ අධිකව හිංසාකරන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල ජනික මව දිවියෙන් තොරකරන්නේයැ අතින් හෝ පයින් හෝ සුහතව හිංසාකරන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. මෙසේ ජනක පියා … රහත් මහණ … දිට්ඨිසම්පන්න පුද්ගල සමග සඞ්ඝයා බිඳුනේයැ සඞ්ඝයා කෙරෙහි සඞ්ඝරාජිය හෝ උපදවන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල සඞ්ඝයා බිඳුනේයැ සඞ්ඝයා කෙරෙහි සඞ්ඝරාජිය හෝ උපදවන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
දිට්ඨිසම්පන්නො තථාගතස්ස දුට්ඨචිත්තො ලොහිතං උප්පාදෙය්ය, පරිනිබ්බුතස්ස වා තථාගතස්ස දුට්ඨචිත්තො ථූපං භින්දෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො තථාගතස්ස දුට්ඨචිත්තො ලොහිතං උප්පාදෙය්ය, පරිනිබ්බුතස්ස වා තථාගතස්ස දුට්ඨචිත්තො ථූපං භින්දෙය්යා’ති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො අඤ්ඤං සත්ථාරං අපදිසෙය්ය අපි ජීවිතහෙතූති නෙතං ඨානං විජ්ජති, පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං අපදිසෙය්යාති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො ඉතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං පරියෙසෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො ඉතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං පරියෙසෙය්යාති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො කුතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො කුතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චෙය්යාති ඨානමෙතං විජ්ජති.
දිට්ඨිසම්පන්න පුද්ගල දුෂ්ට සිත්ඇතිව තථාගතයන්ගේ කයෙහි ලෙහෙ උපදවන්නේ යැ දුෂ්ට සිත්ඇතිව පිරිනිවි තථාගතයන්ගේ සධාතුක ස්තූපය හෝ බිඳිනේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල දුෂ්ට සිත්ඇතිව තථාගතයන්ගේ සිරුරෙහි ලෙහෙ උපදවන්නේයැ දුෂ්ට සිත් ඇතිව පිරිනිවි තථාගතයන්ගේ සධාතුක ස්තූපය හෝ බිඳිනේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල ජීවිතහේතුයෙන් නමුදු අන්‍ය ශාස්තෘවරයකු (මේ මාගේ ශාස්තෘ යයි) දක්වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල අන්‍ය ශාස්තෘවරයකු අපදෙසකරන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල මෙසස්නෙන් බැහැර අන්‍ය දක්ෂිණීයයකු සොයන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල මෙසස්නෙන් බැහැර අන්‍ය දක්ෂිණාර්හයකු සොයන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල කොතුහල (දිට්ඨිසුතමුත) මඞ්ගලයෙන් ආත්මශුද්ධිය හදහන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පෘථග්ජන පුද්ගල දිට්ඨසුතමුතමඞ්ගලයෙන් ආත්මශුද්ධිය හදහන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
ඉත්ථි රාජා චක්කවත්ති සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො රාජා චක්කවත්තී සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි සක්කො දෙවානමින්දො සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො සක්කො දෙවානමින්දො සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි මාරො පාපිමා සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො මාරො පාපිමා සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි මහාබ්රහ්මා සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො මහාබ්රහ්මා සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි තථාගතො අරහං සම්මාසම්බුද්ධො සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො තථාගතො අරහං සම්මාසම්බුද්ධො සියාති ඨානමෙතං විජ්ජති.
ස්ත්‍රිය සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය ශක්රදේවේන්ද්ර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් ශක්රදේවේන්ද්ර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
ද්වෙ තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං එකිස්සා ලොකධාතුයා උප්පජ්ජෙය්යුං ධම්මං වා දෙසෙය්යුන්ති නෙතං ඨානං විජ්ජති. එකොව තථාගතො අරහං සම්මාසම්බුද්ධො එකිස්සා ලොකධාතුයා උප්පජ්ජිස්සති ධම්මං වා දෙසිස්සතීති ඨානමෙතං විජ්ජති.
තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දෙනමක් පෙරපසු නොවැ එකවට එක් ලෝකධාතුයෙක්හි උපදනාහු යැ ධර්මය හෝ දෙසන්නාහු යැ යන තෙල කරුණ නො වෙයි, එක් මැ තථාගත අර්හත් සම්මාසම්බුදු කෙනෙක් එක් ලෝකධාතුයෙක්හි උපදනාහ, ධර්මය හෝ දේශනා කරන්නාහ යන තෙල කාරණය විද්‍යමාන වේ.
තිණ්ණං දුච්චරිතානං ඉට්ඨො කන්තො පියො මනාපො විපාකො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. තිණ්ණං දුච්චරිතානං අනිට්ඨො අකන්තො අප්පියො අමනාපො විපාකො භවිස්සතීති ඨානමෙතං විජ්ජති. තිණ්ණං සුචරිතානං අනිට්ඨො අකන්තො අප්පියො අමනාපො විපාකො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, තිණ්ණං සුචරිතානං ඉට්ඨො කන්තො පියො මනාපො විපාකො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.
ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ඉෂ්ට කාන්ත ප්‍රිය මනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ වෙයි. ත්‍රිවිධ සුචරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, ත්‍රිවිධ සුචරිතයන්ගේ ඉෂ්ට කාන්ත ප්‍රිය මනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
අඤ්ඤතරො සමණො වා බ්රාහ්මණො වා කුහකො ලපකො නෙමිත්තකො කුහනලපනනෙමිත්තකත්තං පුබ්බඞ්ගමං කත්වා පඤ්චනීවරණෙ අප්පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතුසු සතිපට්ඨානෙසු අනුපට්ඨිතසති විහරන්තො සත්තබොජ්ඣඞ්ගෙ අභාවයිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සතීති නෙතං ඨානං විජ්ජති. අඤ්ඤතරො සමණො වා බ්රාහ්මණො වා සබ්බදොසාපගතො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතුසු සතිපට්ඨානෙසු උපට්ඨිතසති විහරන්තො සත්තබොජ්ඣඞ්ගෙ භාවයිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සතීති ඨානමෙතං විජ්ජති. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති. ඨානාඨානඤාණං පඨමං තථාගතබලං. ඉති (1)
පාපේච්ඡව සම්භාවනා රිසියෙන් ජනයා විස්මයපත් කරනුයෙන් කුහක වූ ප්‍රත්‍යය ඇසිරි කොට බිණීම් වශයෙන් ලපක වූ ප්‍රත්‍යය උපදවන නිමිති කරනුයෙන් නෙමිත්තක වූ අන්‍යතර මහණෙක් වේවයි බමුණෙක් වේවයි කුහනලපනනෙමිත්තක බව පෙරදැරි කොට සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පඤ්චනීවරණයන් සමුච්ඡේද නො කොට සතර සීවටයන්හි නොඑළැඹසිටි සිහි ඇතිව වාසය කරනුයේ සප්ත බෝධ්‍යඞ්ගයන් නො වඩා අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කරන්නේ යැ යන තෙල කරුණ නො වෙයි, පාරමිප්රතිපක්ෂ වූ සියලු දෝෂයන්ගෙන් අපගත අන්‍යතර ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පඤ්චනීවරණයන් සමුච්ඡේද කොට සතර සතිපට්ඨානයන්හි එළැඹසිටි සිහිඇතිව වාසය කරනුයේ සප්ත බෝධ්‍යඞ්ගයන් වඩා අනුත්තර සම්‍යක්සම්බෝධිය අධිගම කරන්නේයැ යන තෙල කාරණය විද්‍යමාන වේ. මෙහි ස්ථානාස්ථාන දෙකට හේතුවශයෙන් එකෙණෙහි මැ (ආවර්ජනසමනන්තරව) අනවශේෂ කොට පැවති යම් ඥානයෙක් ඇද්ද මේ ඨානාඨානඤාණය පළමුවන තථාගත බලයැ’යි කියනු ලැබේ. (1)
ඨානාඨානගතා සබ්බෙ ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධ ධම්මා, කෙචි සග්ගූපගා කෙචි අපායූපගා කෙචි නිබ්බානූපගා. එවං භගවා ආහ:
මෙසේ උක්තප්‍රකාරයෙන් ස්ථානාස්ථානභාවයට ගිය සියලු සංඛතධර්මයෝ ක්ෂය ස්වභාව ඇති ව්‍යයස්වභාව ඇති විරාගස්වභාව ඇති නිරුද්ධ වන ස්වභාව ඇති වෙත්. (ඒ සත්ත්‍වාඛ්‍ය සංඛතයන් කෙරෙහි) ධර්මචාරී කිසිකෙනෙක් ස්වර්ගයට යන්නාහු අධර්මචාරී කිසිකෙනෙක් නිරයට යන්නාහු ආර්ය්යමාර්ගයට පිළිපන් කිසි කෙනෙක් නිවනට යන්නාහු වෙත්. බුදුහු මෙසේ වදාළහ :
1. “සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං, යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා,
1. ආර්‍ය්‍ය වූ ද අනාර්‍ය්‍ය වූ ද සියලු සත්ත්වයෝ මැරෙන්නාහ, යම්හෙයෙකින් ජීවිතේන්ද්රිය මරණය අන්ත කොට ඇත්තේ ද එහෙයිනි, පුණ්යපාපඵලයට පැමිණියාහු කම්වුපරිදි පරලොව යන්නාහ.
2. නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මාච සුග්ගතිං, අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති.
2. පාපකර්ම ඇත්තාහු නිරයට ද පුණ්යකර්ම ඇත්තාහු සුගතියට ද යන්නාහ, යළි සසරබිය දක්නා අන්‍යයෝ ආර්ය්යමාර්ගය වඩා අනාස්‍රව වූවාහු පිරිනිවෙත් යයි.
“සබ්බෙ සත්තාති” අරියා ච අනරියා ච සක්කායපරියාපන්නා ච සක්කායවීතිවත්තා ච; “මරිස්සන්තී”ති ද්වීහි මරණෙහි: දන්ධමරණෙන ච අදන්ධමරණෙන ච; සක්කායපරියාපන්නානං අදන්ධමරනං සක්කායවීති වත්තානං දන්ධමරණං. “මරණන්තං හි ජීවිත”න්ති ඛයා ආයුස්ස ඉන්ද්රියානං උපරොධා ජීවිතපරියන්තො මරණපරියන්තො; “යථාකම්මං ගමිස්සන්තී”ති කම්මස්සකතා; “පුඤ්ඤපාපඵලූපගා”ති කම්මානං ඵලදස්සාවිතා ච අවිප්පවාසො ච; “නිරයං පාපකම්මන්තා”ති අපුඤ්ඤ සංඛාරා; “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති පුඤ්ඤසංඛාරා සුගතිං ගමිස්සන්ති; අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති සබ්බසඞ්ඛාරානං සමතික්කමනං. තෙනාහ භගවා: “සබ්බෙ -පෙ- අනාසවා”ති.
සබ්බේ සත්තා යනු : ආර්‍ය්‍යයෝ ද අනාර්‍ය්‍යයෝ ද සත්කායපර්ය්යාපන්නයෝ ද සත්කාය ඉක්මැවූවාහු ද වෙති. මරිස්සන්ති යනු : දන්ධමරණයෙන් ද අදන්ධමරණයෙන් ද යන දෙවැදෑරුම් මරණයෙන්, සත්කායපර්ය්යාපන්නයනට අදන්ධමරණය ද සත්කාය ඉක්මවූවනට දන්ධමරණය ද වෙයි. මරණන්තං හි ජීවිතං යනු : ආයුක්ෂය වීමෙන් ඉන්ද්රියයන්ගේ උපච්ඡේදයෙන් ජීවිතයාගේ පර්‍ය්‍යන්තය මරණපර්ය්යන්තය යි. යථා කම්මං ගමිස්සන්ති යනු : කර්මය ස්වකීය කොට ඇතිබව යැ, පුඤ්ඤපාපඵලූපගා යනු : කර්මයන්ගේ ඵලය ප්රත්යක්ෂව දක්නාසුලුබව ද කර්‍මඵලයෙන් අවිප්‍රවාස බව ද දක්වයි. නිරයං පාපකම්මන්තා යි අපුණ්යාභිසංස්කාරයෝ දක්වනලදහ. පුඤ්ඤකම්මා ච සුග්ගතිං යනු : පුණ්යාභිසංස්කාරහේතුයෙන් සුගතියට යන්නාහ. අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා යනු : සියලු සංස්කාරයන්ගේ ඉක්මවීම යි. එයින් වදාළහ, බුදුහු : “සබ්බේ -පෙ- අනාසවා” යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා”ති
“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා, නිරයං පාපකම්මන්තා” යනු :
ආගාළ්හා ච නිජ්ඣාමා ච පටිපදා. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති මජ්ඣිමා පටිපදා.
කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත ආගාළ්හ පටිපදාව ද අත්තකිලමථානුයොග සංඛ්‍යාත නිජ්ඣාම පටිපදාව ද යන දෙක යි, “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු මජ්ඣිම පටිපදා යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා”ති
“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා, නිරයං පාපකම්මන්තා” යනු :
අයං සංකිලෙසො; එවං සංසාරං නිබ්බත්තයති. “සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති. ඉමෙ තයො වට්ටා: දුක්ඛවට්ටො කම්මවට්ටො කිලෙසවට්ටො. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති තිණ්ණං වට්ටානං විවට්ටනා.
මේ සංක්ලේශ යැ, මෙසේ සංසාරය නිපදවයි, “සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : දුක්ඛවට්ට යැ කම්මවට්ට යැ කිලේසවට්ට යැ යන මේ තුන්වර්තයෝ යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : තුන් වර්තයන්ගේ විවර්තනය (නැසීම) යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති ආදීනවො; “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති අස්සාදො; “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති නිස්සරණං.
“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : ආදීනව යැ, “පුඤ්ඤකම්මා ච සුග්ගතිං” යනු : ආස්වාද යැ, “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : නිස්සරණ යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති හෙතු ච ඵලඤ්ච; පඤ්චක්ඛන්ධා ඵලං, තණ්හා හෙතු. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති මග්ගො ච ඵලඤ්ච.
“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : හේතු ද ඵල ද යන දෙක යැ, පඤ්චස්කන්ධයෝ ඵල යැ, තණ්හාව හේතු යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : මාර්ගය ද ඵලය ද යන දෙක යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති අයං සංකිලෙසො; සො සංකිලෙසො තිවිධො: තණ්හාසංකිලෙසො දිට්ඨි සංකිලෙසො දුච්චරිතසංකිලෙසොති. තත්ථ තණ්හාසංකිලෙසො තීහි තණ්හාහි නිද්දිසිතබ්බො: කාමතණ්හාය භවතණ්හාය විභවතණ්හාය. යෙන යෙන වා පන වත්ථුනා අජ්ඣොසිතො තෙන තෙනෙව නිද්දිසිතබ්බො, තස්සා විත්ථාරො ඡත්තිංසාය තණ්හාය ජාලිනියා විචරිතානි. තත්ථ දිට්ඨිසංකිලෙසො උච්ඡෙදසස්සතෙන නිද්දිසිතබ්බො. යෙන යෙන වා පන වත්ථුනා දිට්ඨිවසෙන අභිනිවිසති ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති තෙන තෙනෙව නිද්දිසිතබ්බො. තස්සා විත්ථාරො ද්වාසට්ඨිදිට්ඨිගතානි. තත්ථ දුච්චරිතසංකිලෙසො චෙතනාචෙතසිකකම්මෙන නිද්දිසිතබ්බො. තීහි දුච්චරිතෙහි: කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. තස්ස විත්ථාරො දසඅකුසලකම්මපථා. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති ඉදං වොදානං; තයිදං වොදානං තිවිධං: තණ්හාසංකිලෙසො සමථෙන විසුජ්ඣති, සො සමථො සමාධික්ඛන්ධො. දිට්ඨිසංකිලෙසො විපස්සනාය විසුජ්ඣති, සා විපස්සනා පඤ්ඤාක්ඛන්ධො. දුච්චරිතසංකිලෙසො සුචරිතෙන විසුජ්ඣති, තං සුචරිතං සීලක්ඛන්ධො.
“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : මේ සංක්ලේශ යැ, ඒ සංකිලේසය ‘තණ්හාසංකිලේස දිට්ඨිසංකිලේස දුශ්චරිතසංකිලේස’ යි ත්‍රිවිධ යි. එහි තණ්හාසංකිලෙසය කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තුන්වැදෑරුම් තෘෂ්ණායෙන් දැක්වියයුත්තේ යැ. තවද යම් යම් වස්තුයෙකින් හෝ අධ්‍යවසිත (බැසගන්නාලද්දේ) ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්වියයුත්තේ යි. ඒ තෘෂ්ණා විස්තාරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණාජාලිනියගේ විචරිතයෝ යි. එහි දිට්ඨිසංකිලේසය උච්ඡේද ශාශ්වත දෙකින් දැක්වියයුත්තේ යැ, යළි යම් යම් වස්තුයෙකින් දෘෂ්ටිවශයෙන් ‘මෙය මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්වියයුත්තේ යි. ඒ දෘෂ්ටිවිස්තරය ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ යි. එහි දුශ්චරිතසංකිලේසය චේතනාකර්මයෙන් චෛතසිකකර්මයෙන් දැක්වියයුත්තේ යැ, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතවිස්තාරය දශඅකුශලකර්මපථයෝ යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යන මේ චෝදනා යැ. ඒ ව්‍යවදානය ත්‍රිවිධ යැ : තණ්හාසංකිලෙසය සමථයෙන් විශුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්ධ යි. දිට්ඨිසංකිලේසය විදර්ශනායෙන් විශුද්ධ වෙයි, ඒ විදර්ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විශුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්ධ යි.
“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා; නිරයං පාපකම්මන්තා”ති
“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා” යනු :
අපුඤ්ඤපටිපදා, “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති පුඤ්ඤපටිපදා; “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා?ති පුඤ්ඤපාපසමතික්කමපටිපදා; තත්ථ යා ච පුඤ්ඤපටිපදා යා ච අපුඤ්ඤපටිපදා අයං එකා පටිපදා සබ්බත්ථ ගාමිනී, එකා අපායෙසු එකා දෙවෙසු, යා ච පුඤ්ඤපාපසමතික්කමපටිපදා, අයං තත්ථතත්ථගාමිනී පටිපදා.
අපුණ්යප්රතිපදා යැ, පුඤ්ඤකම්මා ච සුග්ගතිං යනු: පුණ්යප්රතිපදා යැ, අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා යනු : පුණ්යපාපසමතික්රමප්රතිපදා යි. එහි යම් පුණ්යප්රතිපදාවකුත් යම් අපුණ්යප්රතිපදාවකුත් ඇද්ද මෝ සර්වත්රගාමිනී වූ එක් ප්‍රතිපදාවකි. එයින් එක් ප්‍රතිපදාවක් සතර අපායෙහි ද, එකක් දෙවියන් කෙරෙහි ද උපතට හේතු යි. යම් පුණ්‍ය පාප සමතික්රමප්රතිපදාවක් ඇද්ද මෝ ඒ ඒ තැන්හි දී මැ නිවනට යනසුලු ප්‍රතිපදායි. (යළි ඒ ප්‍රතිපදාවන්ගේ මැ විභාග දක්වති ‘තයො රාසි’ යනාදීන් - )
තයො රාසි: මිච්ඡත්තනියතො රාසි සම්මත්තනියතො රාසි අනියතො රාසි. තත්ථ යො ච මිච්ඡත්තනියතො රාසි, යො ච සම්මත්තනියතො රාසි එකා පටිපදා තත්ථතත්ථගාමිනී. තත්ථ යො අනියතො රාසි අයං සබ්බත්ථගාමිනී පටිපදා. කෙන කාරණෙන: පච්චයං ලභන්තො නිරයෙ උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො තිරච්ඡානයොනිසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො පෙත්තිවිසයෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො අසුරෙසු උප්පජ්ජෙය්ය පච්චයං ලභන්තො දෙවෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො මනුස්සෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො පරිනිබ්බායෙය්ය. තස්මායං සබ්බත්ථගාමිනී පටිපදා, යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති සබ්බත්ථගාමිනීපටිපදා ඤාණං, දුතියං තථාගතබලං. ඉති (2)
මිච්ඡත්තනියත රාසි යැ සම්මත්තනියත රාසි යැ අනියත රාසි යැයි තුන් රාසියෙකි. එහි යම් මිච්ඡත්තනියත රාසියෙක් ඇද්ද යම් සම්මත්තනියත රාසියෙකුත් ඇද්ද මේ ඒ ඒ තැන යනසුලු වූ එක පටිපදාවකි. එහි යම් අනියත රාසියෙක් ඇද්ද මේ සර්වත්රගාමිනී ප්‍රතිපදා යි. කවර කරුණින යත් : අවිද්‍යාදි ප්‍රත්‍යය ලබනුයේ නිරයෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ තිරිසන්යොන්හි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ ප්රේත්යවිෂයෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ අසුරනිකායෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ දෙව්ලොවැ උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ මිනිස්ලොවැ උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ පිරිනිවෙන්නේ යි. එහෙයින් මෝ සබ්බත්ථගාමිනී පටිපදා යි. මේ ප්‍රතිපදායෙහි හේතු වශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවශේෂ කොට පැවැති යම් ඥානයෙක් ඇද්ද මේ ‘සබ්බත්ථගාමිනීපටිපදා ඤාණය’ දෙවැනි තථාගතබලය යි කියනු ලැබේ. (2)
සබ්බත්ථගාමිනී පටිපදා අනෙකධාතුලොකො. තත්ථතත්ථගාමිනී පටිපදා නානාධාතුලොකො. තත්ථ කතමො අනෙකධාතුලොකො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණ ධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු, පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු කාමධාතු
මෙසේ උක්තප්‍රකාර වූ සබ්බත්ථගාමිනී පටිපදාව අනේකධාතුලෝක යැ, තත්ථතත්ථගාමිනී පටිපදාව නානාධාතුලෝක යි. එහි අනේකධාතුලෝක කවරෙ යැ : චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු යැ, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු යැ, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු යැ, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු යැ, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යැ, පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යැ, ආකාසධාතු විඤ්ඤාණධාතු යැ කාමධාතු
බ්යාපාදධාතු විහිංසාධාතු නෙක්ඛම්මධාතු අබ්යාපාදධාතු අවිහිංසාධාතු දුක්ඛධාතු දොමනස්සධාතු අවිජ්ජාධාතු සුඛධාතු සොමනස්සධාතු උපෙක්ඛාධාතු රූපධාතු අරූපධාතු නිරොධධාතු සඞ්ඛාරධාතු නිබ්බානධාතු, අයං අනෙකධාතු ලොකො.
බ්යාපාදධාතු විහිංසාධාතු යැ, නෙක්ඛම්මධාතු අව්‍යාපාදධාතු අවිහිංසාධාතු යැ, දුක්ඛධාතු දෝමනස්සධාතු අවිජ්ජාධාතු සුඛධාතු සොමනස්සධාතු උපෙක්ඛාධාතු යැ, රූපධාතු අරූපධාතු නිරෝධධාතු යැ. මේ අනේකධාතු ලෝක යි.
තත්ථ කතමො නානාධාතුලොකො: අඤ්ඤා චක්ඛුධාතු අඤ්ඤා රූපධාතු අඤ්ඤා චක්ඛුවිඤ්ඤාණධාතු (එවං සබ්බා) අඤ්ඤා නිබ්බානධාතු, යං එත්ථ ඤාණං හෙතුසො ඨානාසො අනොධිසො, ඉදං වුච්චති අනෙකධාතුනානාධාතුඤාණං තතියං තථාගතබලං. ඉති (3)
එහි නානාධාතුලෝක කවරෙ යැ : චක්ඛුධාතුව ලක්ෂණ හෙයින් අන්‍ය යැ, රූපධාතු අන්‍ය යැ, චක්ඛුවිඤ්ඤාණධාතු අන්‍ය යැ, (සියල්ල මෙසේ යි). නිබ්බානධාතුව ලක්ෂණ හෙයින් අන්‍ය වෙයි. මේ අනේකධාතු නානාධාතුලෝකයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවශේෂ කොට පවත්නා යම් ඥානයෙක් ඇද්ද, මේ අනේකධාතු නානාධාතු ඥානය තුන්වැනි තථාගතබලය යි කියනුලැබේ. (3)
අනෙකධාතුනානාධාතුකස්ස ලොකස්ස යං යදෙව ධාතු සත්තා අධිමුච්චන්ති, තං තදෙව අධිට්ඨහන්ති අභිනිවිසන්ති, කෙචි රූපාධිමුත්තා කෙචි සද්දාධිමුත්තා කෙචි ගන්ධාධිමුත්තා කෙචි රසාධිමුත්තා කෙචි ඵොට්ඨබ්බාධිමුත්තා කෙචි ධම්මාධිමුත්තා කෙචි ඉත්ථාධිමුත්තා කෙචි පුරිසාධිමුත්තා කෙචි චාගාධිමුත්තා කෙචි හීනාධිමුත්තා කෙචි පණීතාධිමුත්තා කෙචි දෙවාධිමුත්තා කෙචි මනුස්සාධිමුත්තා කෙචි නිබ්බානාධිමුත්තා. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො “අයං වෙනෙය්යො අයං න වෙනෙය්යො අයං සග්ගගාමී අයං දුග්ගතිගාමී”ති, ඉදං වුච්චති සත්තානං නානාධිමුත්තිකතාඤාණං චතුත්ථං තථාගතබලං ඉති. (4)
මෙසේ අනේකධාතුනානාධාතුක ලෝකය පිළිබඳ යම් යම් මැ හීනාදි ස්වභාවයක් සත්ත්වයෝ හීනාදි ස්වභාවයෙන් අධිමුක්ත වෙත් ද (අදහස් කෙරෙත් ද) ඒ ඒ ස්වභාවය මැ අධිෂ්ඨාන කෙරෙති තෘෂ්ණාවශයෙන් පිවිසෙති. (අධිමුක්තිවිෂය විභාග කෙරෙති :) කිසි සත්ත්ව කෙනෙක් රූපධ්යාශය ඇත්තාහුය, කිසිවෙක් ශබ්දාධිමුක්ත යැ කිසිවෙක් ගන්ධාධිමුක්ත යැ කිසිවෙක් රසාධිමුත්ත යැ කිසිවෙක් ඵොට්ඨබ්බාධිමුත්ත යැ කිසිවෙක් ධම්මාධිමුත්ත යැ කිසිවෙක් ඉත්ථාධිමුත්ත යැ කිසිවෙක් පුරිසාධිමුත්ත යැ කිසිවෙක් ත්යාගාධිමුත්ත යැ කිසිවෙක් හීනාධිමුත්ත යැ කිසිවෙක් ප්රණීතාධිමුත්ත යැ කිසිවෙක් දේවාධිමුත්ත යැ කිසිවෙක් මනුෂ්යාධිමුත්ත යැ කිසිවෙක් නිර්වාණාධිමුක්ත වෙත්. මේ අධිමුත්තිවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ සත්ත්ව වෛනෙය යැ මේ විනයන නොකළ හැක්ක මේ ස්වර්ගගාමී යැ මේ දුර්ගතිගාමී යැ’ යි පවත්නා යම් ඥානයෙක් ඇද්ද මෙය සත්ත්වයන්ගේ නානාධිමුක්තිකතාඤාණ නම් වූ සතරවැනි තථාගතබලයැ’ යි කියනුලැබේ. (4)
තෙ යථාධිමුත්තා ච භවන්ති, තං තං කම්මසමාදානං සමාදියන්ති, තෙ ඡබ්බිධං කම්මං සමාදියන්ති: කෙචි ලොභවසෙන, කෙචි දොසවසෙන, කෙචි මොහවසෙන, කෙචි සද්ධාවසෙන, කෙචි විරියවසෙන කෙචි පඤ්ඤාවසෙන. තං විජ්ජමානං දුවිධං සංසාරගාමි ච නිබ්බානගාමි ච.
මෙසේ ඒ (හීන - ප්රණිත්යාධිමුක්ති ඇති) සත්ත්වයෝ යම් යම් පරිදි අධ්‍යාශය ඇත්තාහු වෙත් ද, අධිමුත්ති අනුරූප වූ ඒ ඒ කර්මසමාදානය කෙරෙත් ද, ඔවුහු සවැදෑරුම් කර්ම සමාදානය කෙරෙත් : කිසිවෙක් ලෝභවශයෙන් කිසිවෙක් ද්වේෂවශයෙන් කිසිවෙක් මෝහවශයෙන් කිසිවෙක් ශ්‍රද්ධාවශයෙන් කිසිවෙක් වීර්‍ය්‍යවශයෙන් කිසිවෙක් ප්‍රඥාවශයෙන් කර්මසමාදාන කෙරෙත්. ඒ කර්මය විභාග කරනුලබනුයේ සංසාරගාමී කර්මය ද නිර්වාණගාමී කර්මය දැ’ යි දෙවැදෑරුම් වේ.
තත්ථ යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං කණ්හං කණ්හවිපාකං. තත්ථ යං සද්ධාවසෙන විරියවසෙන ච කම්මං කරොති. ඉදං කම්මං සුක්කං සුක්කවිපාකං. තත්ථ යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන සද්ධාවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. තත්ථ යං විරියවසෙන පඤ්ඤාවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මුත්තමං කම්මසෙට්ඨං කම්මක්ඛයාය සංවත්තති.
එහි ලෝභවශයෙන් ද ද්වේෂවශයෙන් ද මෝහවශයෙන් ද යම් කර්මයක් කෙරේ නම් මේ කර්මය කෘෂ්ණ වූයේ කෘෂ්ණ විපාක ඇත්තේ යැ, එහි ශ්‍රද්ධාවශයෙන් ද වීර්‍ය්‍යවශයෙන් ද යම් කර්මයක් කෙරේ නම් මේ කර්මය ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇත්තේ යැ, එහි ලෝභවශයෙන් ද ද්වේශවශයෙන් ද මෝහවශයෙන් ද ශ්‍රද්ධාවශයෙන් ද යම් කර්මයක් කෙරේ නම්, මේ කර්මය කෘෂ්ණශුක්ල වූයේ කෘෂ්ණශුක්ලවිපාක ඇත්තේ යැ, එහි වීර්‍ය්‍යවශයෙන් ද ප්‍රඥාවශයෙන් ද යම් කර්මයක් කෙරේ නම්, මේ කර්මය (සතර මාර්ග චේතනාව) අකණ්හ යැ අසුක්ක යැ අකෘෂ්ණඅශුක්ල විපාක ඇත්තේ යැ මෙය කර්මයන් කෙරෙහි උත්තම යැ කර්මයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ යැ කර්මක්ෂය සංඛ්‍යාත නිවන පිණිස පවත්නේ යි.
චත්තාරි කම්මාසමාදානානි: අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං ච දුක්ඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං ච සුඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිං ච දුක්ඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිං ච සුඛවිපාකං, යං එවංජාතියං කම්මසමාදානං. ඉමිනා පුග්ගලෙන අකුසලකම්මසමාදානං උපචිතං අවිපක්කං විපාකාය පච්චුපට්ඨිතං, න ච භබ්බො අභිනිබ්බිදා ගන්තුන්ති. ත භගවා න ඔවදති. යථා දෙවදත්තං කොකාලිකං සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං. යෙ වා පනඤ්ඤෙපි සත්තා මිච්ඡත්තනියතා.
කර්මසමාදානයෝ සතරදෙනෙක් වෙති : ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ මතුයෙහි සුඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ ද මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ ද මතුයෙහි සුඛවිපාක වූ ද කර්මසමාදානයෙක් ඇති. යම් අන්‍යවූත් මෙබඳු ප්‍රකාර ඇති කර්මයෙකි. (ඒ කර්මවිපාකයෙහි බුදුරදුන්ගේ ඥානය පවත්නා අයුරු දක්වති :) ‘මේ පුඟුල්හු විසින් අකුශලකර්‍මයෙක් විපාකදානයට සමර්ත්ථ පරිදි රැස්කරනලද, එය විපාක නොදෙනලදුවැ විපාක දීමට කළ අවකාශ ඇත, අභිනිබ්බිදා සංඛ්‍යාත ආර්ය්යමාර්ගය අවබෝධ කරන්නට නො ද සුදුසුවනැ’ යි, බුදුහු ඔහුට අවවාද නොකරනසේක. දේවදත්ත, කෝකාලික, සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර යන මොවුන් මෙනි. (විපාකාවරණයෙන් වැසුණු පුඟුල්හට භවවාසනා සඳහා දහම් දෙසති, අජාසත්හට මෙනි.)
ඉමෙසං ච පුග්ගලානං උපචිතං අකුසලං න ච තාව පාරිපූරිං ගතං, පුරා පාරිපූරිං ගච්ඡති, පුරා ඵලං නිබ්බත්තයති, පුරා මග්ගං ආචාරයති, පුරා වෙනෙය්යත්තං සමතික්කමතීති. තෙ භගවා අසමත්තෙ ඔවදති, යථා පුණ්ණඤ්ච ගොවතිකං අචෙලඤ්ච කුක්කුරවතිකං. ඉමස්ස ච පුග්ගලස්ස අකුසලකම්මසමාදානා පරිපූරමානං මග්ගං ආචාරයිස්සති, පුරා පාරිපූරිං ගච්ඡති, පුරා ඵලං නිබ්බත්තයති, පුරා මග්ගං ආචාරයති, පුරා වෙනෙය්යත්තං සමතික්කමතීති තං භගවා අසමත්තං ඔවදති, යථා ආයස්මන්තං අඞ්ගුලිමාලං.
තවද මිච්ඡත්තනියත වූ යම් අන්‍ය සත්ත්ව කෙනෙක් හෝ වෙත් ද, මේ පුද්ගලයන් විසිනුදු කරන්නට ආරබ්ධ වූ අකුශලය තවම නො ද පිරීමට ගියේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි, ඇසිල්ලෙකින් ඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි කර්මය අපරිපූර්ණ වූ ඔවුනට බුදුහු අවවාද කරනසේක. පුණ්ණ ගෝවතිකයහට ද අචේල කුක්කුරවතිකයහට ද මෙනි. යළි මේ පුඟුල්හුගේ අකුශලකර්මසමාදානය පරිපූර්ණ වනුයේ මාර්ගය ආවරණ කරන්නේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි ඇසිල්ලෙකින් අකුශලඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි බුදුහු අපරිපූර්ණ කර්මය ඇති ඔහුට අවවාද කරනසේක. ආයුෂ්මත් අඞ්ගුලිමාලයනට මෙනි.
සබ්බෙසං මුදුමජ්ඣාධිමත්තතා: තත්ථ මුදු ආනෙඤ්ජාභිසඞ්ඛාරා, මජ්ඣං අවසෙසකුසලසඞ්ඛාරා, අධිමත්තං අකුසලසඞ්ඛාරා. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො “ඉදං දිට්ඨධම්මවෙදනීයං ඉදං උපපජ්ජවෙදනීයං ඉදං අපරාපරියවෙදනීයං ඉදං නිරයවෙදනීයං ඉදං තිරච්ඡානවෙදනීයං ඉදං පෙත්තිවිසයවෙදනීයං ඉදං අසුරවෙදනීයං ඉදං දෙවවෙදනීයං ඉදං මනුස්සවෙදනීයං”ති. ඉදං වුච්චති අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං හෙතුසො ඨානසො අනොධිසො විපාකවෙමත්තතාඤාණං පඤ්චමං තථාගතබලං ඉති. (5)
බලනිර්දේශයෙහි කියනලද සියලු කර්මයන්ගේ මෘදු - මධ්‍ය - තීව්රභාවය වෙයි : එහි ආනෙඤ්ජාභිසඞ්ඛාරයෝ මෘදු යැ, අවසේස කුසලසඞ්ඛාරයෝ මධ්‍ය යැ, අකුසලසඞ්ඛාරයෝ තීව්ර යි. මේ කර්මවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් පැවැති “මේ කර්මය දෘෂ්ටධර්මයෙහි (මෙ අත්බවෙහි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්මය උපපද්‍ය භවයෙහි (අනතුරු අත්බව්හි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්මය අපරපරියායයෙහි (මෙයින් අන්‍ය වූ කිසි අත්බවෙක) වින්දයුතු විපාක ඇත්තේ යැ, මේ කර්මය නිරයෙහි විපාක වින්දයුතු යැ, මෙය තිරශ්චීනයෝනියෙහි වින්දයුතු යැ, මෙය ප්‍රේතවිෂයෙහි වින්දයුතු යැ, මෙය අසුරකායෙහි වින්දයුතු යැ, මෙය දෙව්ලොවැ වින්දයුතු යැ, මෙය මිනිස්ලොවැ වින්දයුතු යැ” යි දන්නා යම් ඥානයෙක් ඇද්ද මෙය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ හේතු විසින් ප්‍රත්‍යය විසින් අනෝධි විසින් ‘විපාක වේමත්තතාඤාණ’ නම් පස්වැනි තථාගතබලය යි කියනුලැබේ. (5)
තථා සමාදින්නානං කම්මානං සමාදින්නානං ඣානානං විමොක්ඛානං සමාධීනං සමාපත්තීනං යං සංකිලෙසො ඉදං වොදානං ඉදං වුට්ඨානං එවං සංකිලිස්සති එවං වොදායති එවං වුට්ඨහතීති ඤාණං අනාවරණං.
යට කී පරිදි සමාදානය කළ කර්මයන්ගේ සමාදානය කළ ධ්‍යානයන්ගේ විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ගේ මේ (ප්රතිපක්ෂධර්ම විසින්) කිලිටිබව යැ මේ (ප්රතිපක්ෂ ධර්මයන් කෙරෙන්) විශුද්ධිය යැ මේ ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ගවුට්ඨාන යැ, මේ ආකාරයෙන් ධ්‍යානාදිය කිලිටි වන්නේ යැ, මෙසේ විශුද්ධ වෙයි, මෙසේ වුට්ඨානය වේ යැයි පැවැති ඥානය අනාවරණඥාන යි.
තත්ථ කති ඣානානි: චත්තාරි ඣානානි. කති විමොක්ඛා: එකාදස ච අට්ඨ ච සත්ත ච තයො ච ද්වෙ ච. කති සමාධි: තයො සමාධි: සවිතක්කො සවිචාරො සමාධි. අවිතක්කො විචාරමත්තො සමාධි අවිතක්කො අවිචාරො සමාධි. කති සමාපත්තියො: පඤ්ච සමාපත්තියො: සඤ්ඤාසමාපත්ති, අසඤ්ඤාසමාපත්ති, නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති විභූතසඤ්ඤාසමාපත්ති, නිරොධසමාපත්ති.
ඒ ධ්‍යානාදීන් කෙරෙහි ධ්‍යානයෝ කෙතෙක යත් : චතුක්කනය විසින් රූපාවචර ධ්‍යානයෝ සතර දෙනෙකි. විමෝක්ෂයෝ කෙතෙක යත් : (රූපී රූපානි පස්සති යනාදි අට යැ සුඤ්ඤතාදි තුන යැයි) විමෝක්ෂ එකොළොසක් ද, (ලෝකෝත්තරවිමෝක්‍ෂ හැර) අටක් ද (එහි මැ නිරෝධසමාපත්තිය හැර) සතක් ද (සූත්රාන්තපරියායෙන්) ශුන්‍යතාදි විමෝක්ෂ තුනක් ද (අභිධර්මපරියායෙන් අනිමිත්තවිමෝක්‍ෂය නො ලැබෙනුයෙන්) සුඤ්ඤත අප්පණිහිත යයි විමෝක්ෂ දෙකක් ද වෙති. සමාධි කෙතෙක යත් : සවිතර්ක සවිචාර සමාධි යැ අවිතර්ක විචාරමාත්‍ර සමාධි යැ අවිතර්ක අවිචාර සමාධි යැයි සමාධි තුනෙකි. සමාපත්ති කෙතෙක යත් : සඤ්ඤාසමාපත්ති යැ අසඤ්ඤාසමාපත්ති යැ නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති යැ විභූතසඤ්ඤාසමාපත්ති යැ නිරෝධසමාපත්ති යැයි සමාපත්තීහු පස් දෙනෙක් වෙත්.
තත්ථ කතමො සංකිලෙසො: පඨමස්ස ඣානස්ස කාමරාගබ්යාපාදො සංකිලෙසො, යෙ ච කුක්කුටජ්ඣායී ද්වෙ පඨමකා යො වා පන කොචි හානභාගියො සමාධි, අයං සංකිලෙසො. තත්ථ කතමං වොදානං: නීවරණපාරිසුද්ධි පඨමස්ස ඣානස්ස යෙ ච කුක්කුටජ්ඣායී ද්වෙ පච්ඡිමකා යො වා පන කොචි විසෙසභාගියො සමාධි, ඉදං වොදානං. තත්ථ කතමං වුට්ඨානං: යං සමාපත්ති වුට්ඨානකොසල්ලං, ඉදං වුට්ඨානං. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති සබ්බෙසං ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසවොදානවුට්ඨානඤාණං ඡට්ඨං තථාගතබලං ඉති (6)
එහි සංකිලේස කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට කාමරාගව්‍යාපාදයෝ සංකිලේස යැ, කුක්කුටධ්යාන යයි කියනලද යම් ප්රථමද්විතීය ධ්‍යාන දෙක වෙත් ද යළි යම් හානභාගිය සමාධියෙක් හෝ වේ ද මේ සංකිලේස යි. එහි වෝදාන කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට නීවරණපාරිශුද්ධිය ද කුක්කුටජ්ඣායී වූ යම් පශ්චිම ධ්‍යාන දෙක වෙත් ද යළි විසේස භාගිය වූ යම් සමාධියෙක් වේ ද මේ වෝදාන යි. (ධ්‍යාන උපදවා එයින් සෑහීමට පැමිණ මතුයෙහි වෑයම් නොකරනුයේ ‘කුක්කුටජ්ඣායී’ නම් වේ.) එහි වුට්ඨාන කවරෙ යැ : යම් සමවතින් නැඟීසිටීමෙහි කුශලතායෙක් ඇද්ද, මේ වුට්ඨාන යි. මෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් පැවැති යම් ඥානයෙක් ඇද්ද, මෙය සියලු ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේසවෝදානවුට්ඨාන නම් වූ සවැනි තථාගත බලයැ යි කියනු ලැබේ. (6)
තස්සෙව සමාධිස්ස තයො ධම්මා පරිවාරා: ඉන්ද්රියානි බලානි විරියමිති. තානියෙව ඉන්ද්රියානි විරියවසෙන බලානි භවන්ති, අධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි, අකම්පියට්ඨෙන බලානි. ඉති තෙසං මුදුමජ්ඣාධිමත්තතා: අයං මුදින්ද්රියො අයං මජ්ඣින්ද්රියො අයං තික්ඛින්ද්රියොති. තත්ථ භගවා තික්ඛින්ද්රියං සංඛිත්තෙන ඔවාදෙන ඔවදති, මජ්ඣින්ද්රියං භගවා සංඛිත්තවිත්ථාරෙන ඔවදති, මුදින්ද්රියං භගවා විත්ථාරෙන ඔවදති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස මුදුකං ධම්මදෙසනං උපදිසති මජ්ඣින්ද්රියස්ස භගවා මුදුතික්ඛං ධම්මදෙසනං උපදිසති, මුදින්ද්රියස්ස භගවා තික්ඛං ධම්මදෙසනං උපදිසති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස සමථං උපදිසති, මජ්ඣින්ද්රියස්ස භගවා සමථවිපස්සනං උපදිසති, මුදින්ද්රියස්ස භගවා විපස්සනං උපදිසති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස නිස්සරණං උපදිසති, මජ්ඣින්ද්රියස්ස භගවා ආදීනවං ච නිස්සරණඤ්ච උපදිසති, මුදින්ද්රියස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච උපදිසති, තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස අධිපඤ්ඤාසික්ඛාය පඤ්ඤාපයති, මජ්ඣින්ද්රියස්ස භගවා අධිචිත්තසික්ඛාය පඤ්ඤාපයති, මුදින්ද්රියස්ස භගවා අධිසීලසික්ඛාය පඤ්ඤාපයති. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො “අයං ඉමං භූමිං භාවනඤ්ච ගතො ඉමාය ච වෙලාය ඉමාය ච අනුසාසනියා එවං ධාතුකො චායං, අයං චස්ස ආසයො අයං ච අනුසයො” ඉති. ඉදං වුච්චති පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තවෙමත්තතාඤානං සත්තමං තථාගතබලං ඉති. (7)
ධ්‍යානාදි පර්‍ය්‍යායයෙන් යට කියනලද ඒ සමාධිහුගේ මැ ඉන්ද්රියයෝ යැ බලයෝ යැ වීර්‍ය්‍ය යැ යි පරිවාර වූ ධර්මයෝ තිදෙනෙක් වෙති. (සද්ධා සති පඤ්ඤා යන) ඒ ඉන්ද්රියයෝ මැ වීර්‍ය්‍යයාගේ වශයෙන් බල නම් වෙති. අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්ද්රියයෝ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ යි. මෙසේ ඒ ඉන්ද්රියයන්ගේ මේ පුද්ගල මෘදුඉන්ද්රිය ඇත්තේ යැ මේ මධ්‍යමඉන්‍ද්‍රිය ඇත්තේ යැ මේ තියුණුඉන්ද්රිය ඇත්තේ යැ යි මෘදුමධ්යමඅධිමාත්රභාවය වෙයි. ඒ වෛනෙයයන් කෙරෙහි බුදුහු තියුණු ඉන්ද්රිය ඇත්තහුට සංක්ෂිප්ත වූ උද්දේශමාත්ර වූ අවවාදයෙන් අවවාද කරනසේක. මධ්‍යම ඉන්ද්රිය ඇතියහුට බුදුහු සංක්ෂිප්තය විස්තර කිරීමෙන් නොහොත් උද්දේසනිද්දේස දෙකින් අවවාද කරන සේක. මෘදුඉන්ද්රිය ඇතියහුට බුදුහු විස්තරයෙන් නොහොත් උද්දේසනිද්දේසපටිනිද්දේස විසින් අවවාද කරනසේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉන්ද්රිය ඇත්තහුට සැහැල්ලු වූ (අපායභය වට්ටභයාදීන් සන්තර්පනවශයෙන් බර නොකොට) දහම් දෙසන සේක, මධ්‍යමඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු මෘදුතීක්ෂණ වූ ධර්මදේශනාව කරනසේක, මෘදුඉන්ද්රිය ඇත්තහුට බුදුහු තියුණු ධර්මදේශනාව කරන සේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉඳුරන් ඇතියහුට සමථය (අධික කොට) දක්වනසේක, මැදුම් ඉඳුරන් ඇතියහුට බුදුහු සමථවිදර්ශනා (සමධුර කොට) දක්වනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු සාතිශය විදර්ශනාව දක්වනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට නිස්සරණය දෙසනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු අස්සාද ආදීනව නිස්සරණ ද දෙසනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට අධිප්රඥාශික්ෂාව පනවනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට බුදුහු අධිචිත්තශික්ෂාව පනවන සේක, මුදුඉඳුරන් ඇතියහුට බුදුහු අධිශීලශික්‍ෂාව පනවනසේක. මේ ඉන්ද්රියපරෝපරතායෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ පුද්ගල මේ වෙලායෙහි මෘදුමධ්යතීක්ෂණභේද වූ මේ අනුශාසනායෙන් ද මේ භූමියට ද මේ භාවනාවට ද ගියේ යැ, යෙයි, යන්නේ යැ, මේ පුද්ගල හීනාදි මෙබඳු ස්වභාව ඇත්තේ ද මොහුගේ ශාශ්වතාදි මේ ආශය ද කාමරාගාදි මේ අනුසය ඇත්තේ ද වේ යයි පැවැති යම් ඥානයක් ඇද්ද මෙය පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරෝපරියත්තවේමත්තතාඤාණ නම් වූ සත්වැනි තථාගතබලය යි කියනුලැබේ. (7)
තත්ථ යං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකානිපි ජාතිසතානි අනෙකානිපි ජාතිසහස්සානි අනෙකානිපි ජාතිසතසහස්සානි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
එහි අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහිකෙරෙති, ඒ මෙසේ යැ : එක් ජාතියකුදු ජාතිදෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සියගණන් ජාති ද නොයෙක් දහස්ගණන් ජාති ද නොයෙක් සුවහස්ගණන් ජාති ද නොයෙක් සංවර්‍තකල්පයන් ද නොයෙක් විවර්‍තකල්පයන් ද නොයෙක් සංවර්ත විවර්ත කල්පයන් ද ‘අසුවල් තැනැ මෙසේ නම් ඇතිවීමි, මෙබඳු ගොත් ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි, එහිදු මෙ නම් ඇති වීමි, මෙබඳු ගොත්ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ මෙහි උපන්මි’ මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්වනිවාසය සිහිකෙරෙයි.
තත්ථ සග්ගූපගෙසු ච සත්තෙසු මනුස්සූපගෙසු ච සත්තෙසු අපායූ පගෙසු ච සත්තෙසු “ඉමස්ස පුග්ගලස්ස ලොභාදයෙ උස්සන්නා අලොභාදයො මන්දා, ඉමස්ස පුග්ගලස්ස අලොභාදයො උස්සන්නා ලොභාදයො මන්දා, යෙ වා පන උස්සන්නා යෙ වා පන මන්දා,
ඒ දසබලඤාණයන් කෙරෙහි ස්වර්ගයට පැමිණි සත්ත්වයන් කෙරෙහි ද මිනිස්බවට පැමිණි සත්ත්වයන් කෙරෙහි ද අපායට පැමිණි සත්ත්වයන් කෙරෙහි ද “මේ පුඟුල්හට ලෝභාදි අකුශලයෝ උත්සන්න වූහ, අලෝභාදි කුශලයෝ අල්ප වූහ. මේ පුඟුල්හට අලෝභාදීහු උත්සන්නයහ, ලෝභාදීහු අල්ප වූහ, යම් ධර්ම කෙනෙක් උත්සන්න හෝ වෙත් ද යම් ධර්ම කෙනෙක් මන්ද හෝ වෙත් ද,
ඉමස්ස පුග්ගලස්ස ඉමානි ඉන්ද්රියානි උපචිතානි, ඉමස්ස පුග්ගලස්ස ඉමානි ඉන්ද්රියානි අනුපචිතානි, අමුකායං වා කප්පකොටියං කප්පසතසහස්සෙ වා කප්ප සහස්සෙ වා කප්පසතෙ වා කප්පෙ වා අන්තරකප්පෙ වා උපඩ්ඪකප්පෙ වා සංවච්ඡරෙ වා උපඩ්ඪසංවච්ඡරෙ වා මාසෙ වා පක්ඛෙ වා දිවසෙ වා මුහුත්තෙ වා, ඉමිනා පමාදෙන වා පසාදෙනවා”ති තං තං භවං භගවා අනුස්සරන්තො අසෙසං ජානාති.
අසුවල් කල්පකෝටියෙහි හෝ කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ කපෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ හවුරුද්දෙහි හෝ අඩවසෙහි හෝ මාසයෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේවයි මේ පුඟුල්හු විසින් මේ ඉන්ද්රියයෝ රැස්කරනලදහ, මේ පුඟුල්හු විසින් මේ ඉන්ද්රියයෝ රැස් නො කරන ලදහ” බුදුහු ඒ ඒ භවය සිහිකරමින් අශේෂ කොට දන්නාසේක.
තත්ථ යං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. තත්ථ සග්ගූපගෙසු ච සත්තෙසු -පෙ- අපායූපගෙසු ච සත්තෙසු ඉමිනා පුග්ගලෙන එවරූපං කම්මං අමුකායං කප්පකොටියං උපචිතං කප්පසතසහස්සෙ වා කප්පසහස්සෙ වා කප්පසතෙ වා කප්පෙ වා අන්තරකප්පෙ වා උපඩ්ඪකප්පෙ වා සංවච්ඡරෙ වා උපඩ්ඪසංවච්ඡරෙ වා මාසෙ වා පක්ඛෙ වා දිවසෙ වා මුහුත්තෙ වා ඉමිනා පමාදෙන වා පසාදෙන වාති. ඉමානි භගවතො ද්වෙ ඤාණානි පුබ්බෙනිවාසානුස්සති ඤාණඤ්ච දිබ්බචක්ඛු ච අට්ඨමං නවමං තථාගගබලං ඉති. (8-9)
ඒ දිට්ඨිවිසුද්ධියට හේතු හෙයින් ද උපක්ලේශ විරහිත හෙයින් ද විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිවඇසින් චුතවන්නාවූ ද උපදනා වූ ද (මෝහනිස්සන්දයෙන් පරිභූත ජාති කුල භෝගාදි විසින්) හීන වූ (අමෝහනිස්සන්දයෙන් ජාති කුල භෝගාදි විසින්) ප්‍රණීත වූ (අදෝසනිස්සන්දයෙන්) සුන්‍දරවර්‍ණ ඇති (දෝසනිස්සන්දයෙන්) දුර්වර්ණ වූ සුගතියට ගිය නොහොත් (අලෝභනිස්සන්දයෙන්) මහද්ධන ඇති දුගතියට නොහොත් (ලෝභනිස්සන්දයෙන්) දරිද්‍ර වූ සත්ත්වයන් දක්නාසේක. කම්වූ පරිදි පරලොවගිය සත්ත්වයන් දන්නාසේක : ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටුවූවාහු මිසදිටුහේතුයෙන් අකුශලකර්මාසමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණියාහ. වැලි මේ භවත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් සමන්විතවූවාහු වචී … මනෝසුචරිතයෙන් සමන්විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටිකර්ම සමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණියාහු වෙත්. එහි ස්වර්ගයට පැමිණි සත්ත්වයන් කෙරෙහි ද … අපායට පැමිණි සත්ත්වයන් කෙරෙහි ද මේ පුඟුල්හු විසින් මෙබඳු කර්මයෙක් අසුවල් කල්පකෝටියෙහි රැස්කරනලද, කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ වසරෙහි හෝ අඩවසරෙහි හෝ මසෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේව’ යි මෙබඳු කර්මයෙක් රැස්කරනලදැ’ යි දන්නා යම් ඥානයෙක් ඇද්ද, පුබ්බේනිවාසානුස්සති ඤාණය ද දිබ්බචක්ඛු ඤාණය ද යන භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥානයෝ දෙදෙන අටවැනි නවවැනි තථාගතබල යි. (8 . 9)
තත්ථ යං සබ්බඤ්ඤුතා පත්තා, විදිතා සබ්බධම්මා, විරජං වීතමලං උප්පන්නං සබ්බඤ්ඤුතඤාණං, නිහතො මාරො බොධිමූලෙ, ඉදං භගවතො දසමං බලං සබ්බාසවපරික්ඛයං ඤාණං. දසබලසමන්නාගතා හි බුද්ධා භගවන්තොති. (10)
ඒ දසබලඥානයන් කෙරෙහි භාග්‍යවතුන් විසින් යම් සර්වඥභාවයෙක් අධිගම විසින් ප්‍රාප්ත ද සර්‍වධර්‍මයෝ අවබෝධ කරනලද්දාහු ද රාගාදි රජස්රහිත වූ විගත වූ ක්ලේශමල ඇති යම් සර්වඥතාඥානයෙක් උපන්නේ ද, බෝධිමූලයෙහි ක්ලේශමාර නසනලද්දේ ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ දසවැනි බලය වූ සර්වාස්රවපරික්ෂයඥාන යි. ඒ එසේ මැය : භාග්‍යවත් බුදුවරයෝ දසබලසමන්වාගත වූවාහු යි. (10)
නියුත්තො විචයො හාරසම්පාතො.
විචයහාරසම්පාතය යොදනලද්දේ යි.