යෙදුමෙන් කියවන්න

විචයහාරසම‍්පාතවණ‍්ණනා අට‍්ඨකථා

විචයහාරසම‍්පාතවණ‍්ණනා

විචය හාර සමපාත වර්ණනාව

එවං දෙසනාහාරසම‍්පාතං දස‍්සෙත්‍වා ඉදානි විචයහාරසම‍්පාතං දස‍්සෙන‍්තො යස‍්මා දෙසනාහාරපදත්‍ථවිචයො විචයහාරො, තස‍්මා දෙසනාහාරෙ විපල‍්ලාසහෙතුභාවෙන නිද‍්ධාරිතාය තණ‍්හාය කුසලාදිවිභාගපවිචයමුඛෙන විචයහාරසම‍්පාතං දස‍්සෙතුං “තත්‍ථ තණ‍්හා දුවිධා”තිආදි ආරද‍්ධං. තත්‍ථ කුසලාති කුසලධම‍්මාරම‍්මණා. කුසල-සද‍්දො චෙත්‍ථ බාහිතිකසුත‍්තෙ (ම· නි· 2.358 ආදයො) විය අනවජ‍්ජත්‍ථෙ දට‍්ඨබ‍්බො. කස‍්මා පනෙත්‍ථ තණ‍්හා කුසලපරියායෙන උද‍්ධටා? හෙට‍්ඨා දෙසනාහාරෙ විපල‍්ලාසහෙතුභාවෙන තණ‍්හං උද‍්ධරිත්‍වා තස‍්සා වසෙන සංකිලෙසපක‍්ඛො දස‍්සිතො. විචිත‍්තපටිභානතාය පන ඉධාපි තණ‍්හාමුඛෙනෙව වොදානපක‍්ඛං දස‍්සෙතුං කුසලපරියායෙන තණ‍්හා උද‍්ධටා. තත්‍ථ සංසාරං ගමෙතීති සංසාරගාමිනී, සංසාරනායිකාති අත්‍ථො. අපචයං නිබ‍්බානං ගමෙතීති අපචයගාමිනී. කථං පන තණ‍්හා අපචයගාමිනීති? ආහ “පහානතණ‍්හා”ති. තදඞ‍්ගාදිප‍්පහානස‍්ස හෙතුභූතා තණ‍්හා. කථං පන එකන‍්තසාවජ‍්ජාය තණ‍්හාය කුසලභාවොති? සෙවිතබ‍්බභාවතො. යථා තණ‍්හා, එවං මානොපි දුවිධො කුසලොපි අකුසලොපි, න තණ‍්හා එවාති තණ‍්හාය නිදස‍්සනභාවෙන මානො වුත‍්තො.

මෙසේ දේශනාහාර සම්පාතය දක්වා දැන් විචයහාර සම්පාතය දක්වනුයේ යම්හෙයකින් දේශනා හාරයේ පදාර්ථ විමසීම විචරය හාරය වේ ද එහෙයින් දේශනාහාරයෙහි විපර්යාස හේතුව ලෙසින් වෙන්කොට ගත් තණ්හාවේ කුශල ආදී විභාගය විමසීම් මුඛයෙන් විචයහාර සම්පාතය දක්වන්නට තත්‍ථ තණ්හා දුවිධා යනාදිය අරඹන ලදි. එහි කුසලා යනු කුසලධර්ම පිළිබඳ අරමුණු ය. මෙහිදී කුසල ශබ්දය බාහිතික සූත්‍රයේදී මෙන් අවිද්‍යාර්ථයේ දතයුතුය. මෙහිදී කවර හෙයින් තණ්හාව කුශල පර්යායෙන් උපුටන ලද ද? ඉහත දේශනාහාරයෙහි විපර්යාස හේතුව ලෙසින් තණ්හාව උපුටා ඊට අනුකූලව සංකිලේස පක්‍ෂය දක්වන ලදි. විසිතුරු වැටහීම් ඇති බැවින් මෙහිදී ද තණ්හා ශීර්ෂයෙන් වොදාන පක්‍ෂය දක්වන්නට කුසල පර්යායෙන් තණ්හාව උපුටන ලදි. එහි සසරට යේ නුයි සංසාරගාමිනි නම් වේ. සසරේ නායිකාව යන අර්ථයයි. අපචය නම් නිවනට යේනුයි අපචයගාමිනී නම් වේ. කෙසේ නම් තණ්හාව අපචයගාමිනී වේ ද? (ඊට පිළිතුරු) ප්‍රකාශ කරන ලදි. පහාණ තණ්හා යනු තදංග ප්‍රහාණයට හේතු වූ තණ්හාවයි. කෙසේ නම් ඒකාන්තයෙන් සාවද්‍ය වූ තණ්හාවේ කුශල භාවයක් ඇතිවේ ද? ඇසුරුකළ යුතු බැවිනි. තණ්හාව යම් සේ ද මෙසේ මානය ද කුසල යනුවෙන් ද අකුසල යනුවෙන් ද දෙවැදෑරුම්ය. තණ්හාව ම පමණක් නොව තණ්හාව දැක්වීම් වශයෙන් මානය කියන ලදි.

තත්‍ථ මානස‍්ස යථාධිප‍්පෙතං කුසලාදිභාවං දස‍්සෙතුං “යං මානං නිස‍්සායා”තිආදිමාහ. වුත‍්තඤ‍්හෙතං භගවතා – “මානමහං, දෙවානමින්‍ද, දුවිධෙන වදාමි සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී”තිආදි. යං නෙක‍්ඛම‍්මස‍්සිතං දොමනස‍්සන‍්තිආදි “කුසලා”ති වුත‍්තතණ‍්හාය සරූපදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ නෙක‍්ඛම‍්මස‍්සිතං දොමනස‍්සං නාම –

එහිදී මානය පිළිබඳව කැමති පරිදි කුසල ආදී ස්වරූපය දක්වන්නට යං මානං නිස්සාය යනාදිය කියන ලදි. ‘දේවානමින්‍දය, මම මානය ද දෙවැදෑරුම්ව දක්වමි. ඇසුරු කළ යුතු හා නොකළ යුතු වශයෙනි’ යනුවෙන් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද ප්‍රකාශ කරන ලදි. යං නෙක්ඛම්මසිතං දොමනස්සං යනාදිය කුසල යැයි කියන ලද තණ්හාවේ ස්වරූපය දැක්වීම සඳහා කියන ලදි. එහි නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස නම් (මෙයයි).

“තත්‍ථ කතමානි ඡ නෙක‍්ඛම‍්මස‍්සිතානි දොමනස‍්සානි? රූපානංත්‍වෙව අනිච‍්චතං විදිත්‍වා විපරිණාමවිරාගනිරොධං ‘පුබ‍්බෙ චෙව රූපා එතරහි ච, සබ‍්බෙතෙ රූපා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුත‍්තරෙසු විමොක‍්ඛෙසු පිහං උපට‍්ඨාපෙති ‘කුදාස‍්සු නාමාහං තදායතනං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමි, යදරියා එතරහි ආයතනං උපසම‍්පජ‍්ජ විහරන‍්තී’ති. ඉති අනුත‍්තරෙසු විමොක‍්ඛෙසු පිහං උපට‍්ඨාපයතො උප‍්පජ‍්ජති පිහා, පිහාපච‍්චයා දොමනස‍්සං. යං එවරූපං දොමනස‍්සං, ඉදං වුච‍්චති නෙක‍්ඛම‍්මස‍්සිතං දොමනස‍්ස”න‍්ති (ම· නි· 3.307) –

එහි නෙක්ඛම්මය ඇසුරු කළ සවැදෑරුම් දොම්නස කවරේ ද? රූපයන්ගේ අනිත්‍යතාව දැනගෙන විපරිනාම විරාග නිරෝධය රූපයට පෙරසේ ම දැනුදු ඒ සියලු රූප අනිත්‍යය දුකය වෙනස්වන ස්වභාව ඇතැයි තතු පරිදි මනා ප්‍රඥාවෙන් දැක අනුත්තර වූ විමෝක්‍ෂයන්හි කැමැත්ත එළවාලයි. ආර්යයෝ දැන් යම් ආයතනයකට පැමිණ වෙසෙත් ද, මම කවදා නම් ඒ ආයතනයට පැමිණ වෙසෙම්ද යනුවෙන් අනුත්තර වූ විමෝක්‍ෂයන්හි කැමැත්ත (ආශාව) එළවනුයේ ආශාව උපදී. ආශා හේතුවෙන් (ආශාව) එළවනුයේ ආශාව උපදී. ආශා හේතුවෙන් දොම්නස ඇතිවේ. මෙවන් වූ යම් දොම්නසක් වේ ද එය නෙක්ඛම්ම සිත දෝමනස්ස යැයි කියනු ලැබේ.

එවං ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨාරම‍්මණෙ ආපාථගතෙ අනුත‍්තරවිමොක‍්ඛසඞ‍්ඛාතඅරියඵලධම‍්මෙසු පිහං උපට‍්ඨාපෙත්‍වා තදධිගමාය අනිච‍්චාදිවසෙන විපස‍්සනං උපට‍්ඨාපෙත්‍වා උස‍්සුක‍්කාපෙතුං අසක‍්කොන‍්තස‍්ස “ඉමම‍්පි පක‍්ඛං ඉමම‍්පි මාසං, ඉමම‍්පි සංවච‍්ඡරං, විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියභූමිං සම‍්පාපුණිතුං නාසක‍්ඛි”න‍්ති අනුසොචතො උප‍්පන‍්නං දොමනස‍්සං නෙක‍්ඛම‍්මවසෙන විපස‍්සනාවසෙන අනුස‍්සතිවසෙන පඨමජ‍්ඣානාදිවසෙන පටිපත‍්තියා හෙතුභාවෙන උප‍්පජ‍්ජනතො නෙක‍්ඛම‍්මස‍්සිතං දොමනස‍්සං නාම. අයං තණ‍්හා කුසලාති අයං “පිහා”ති වුත‍්තා තණ‍්හා කුසලා. කථං? රාගවිරාගා චෙතොවිමුත‍්ති, තදාරම‍්මණා කුසලාති. ඉදං වුත‍්තං හොති – රාගවිරාගා චෙතොවිමුත‍්ති, න සභාවෙන කුසලා, අනවජ‍්ජට‍්ඨෙන කුසලා. තං උද‍්දිස‍්ස පවත‍්තියා තදාරම‍්මණා පන තණ‍්හා කුසලාරම‍්මණතාය කුසලාති. අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති අනවජ‍්ජට‍්ඨෙන කුසලා. තස‍්සාති පඤ‍්ඤාවිමුත‍්තියා. යාය වසෙන “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්සා”ති ගාථායං “සබ‍්බා දුග‍්ගතියො ජහෙ”ති වුත‍්තං.

මෙසේ සදොරෙහි ඉෂ්ට වූ අරමුණු ඉන්‍ද්‍රිය හමුවට පැමිණි කල්හි අනුත්තර විමෝක්‍ෂ සංඛ්‍යාත ආර්ය ඵල ධර්මයන්හි ආශාව ඇතිකොට ගෙන එය ලැබීම සඳහා අනිත්‍යාදී වශයෙන් විදර්ශනාව එළවා උත්සුක කිරීමට ද නොහැකි පුද්ගලයාට මේ පක්‍ෂය ද මේ මාසය ද මේ වසර ද විදර්ශනාව පිළිබඳව උත්සුක කරවා ආර්ය භූමියට පැමිණෙන්නට නොහැකියැයි ශෝක කරන්නා තුළ ඇති වූ දොම්නස නෙක්ඛම්ම වශයෙන්, විදර්ශනා වශයෙන් අනුස්සති වශයෙන්, ප්‍රථමධ්‍යානාදි වශයෙන් ප්‍රතිපත්ති හේතුවක් නොමැති බැවින් උපදිනුයේ නෙක්ඛම්ම සිත දොම්නස නම් වේ. අයං තණ්හා කුසලා යනු මේ පිහා යැයි කියන ලද තණ්හාව කුසල වේ යනුයි. කෙසේද? රාග විරාගා චෙතො විමුත්ති තදාරම්මණා කුසලා යන මෙය කියන ලද්දේ වෙයි. රාග විරාගයෙන් චේතෝ විමුත්තිය වේ. ස්වභාවයෙන් කුසල් නොවේ. නිවැරදි අර්ථයෙන් කුසල් වේ. ඒ උදෙසා පැවති එහි අරමුණ වන තණ්හාව කුසල් අරමුණක් බැවින් කුසල වේ. අවිද්‍යා විරාගයෙන් පඤ්ඤා විමුත්තිය වේ. නිරවද්‍ය අර්ථයෙන් කුසල වේ. තස්සා යනු පඤ්ඤා විමුත්තියෙහිය. යම් ප්‍රයෝජනයක් ලෙසින් තස්මා රක්ඛිත චිත්තස්ස යන ගාථාවෙහි සියලු දුගති දුරු කෙරේ යයි කියන ලද ද,

ඉති චිරතරං විපස‍්සනාපරිවාසං පරිවසිත්‍වා දුක‍්ඛාපටිපදාදන්‍ධාභිඤ‍්ඤාය අධිගතාය පඤ‍්ඤාවිමුත‍්තියා වසෙන විචයහාරසම‍්පාතං දස‍්සෙතුං “තස‍්සා කො පවිචයො”තිආදි ආරද‍්ධං. තත්‍ථ යස‍්මා පඤ‍්ඤාවිමුත‍්ති අරියමග‍්ගමූලිකා, තස‍්මා චතුත්‍ථජ‍්ඣානපාදකෙ අරියමග‍්ගධම‍්මෙ උද‍්දිසිත්‍වා තෙසං ආගමනපටිපදං දස‍්සෙතුං “කත්‍ථ දට‍්ඨබ‍්බො, චතුත්‍ථෙ ඣානෙ”තිආදි වුත‍්තං. තත්‍ථ පාරමිතායාති උක‍්කංසගතාය චතුත්‍ථජ‍්ඣානභාවනාය. යෙහි අට‍්ඨහි අඞ‍්ගෙහි සමන‍්නාගතං චතුත්‍ථජ‍්ඣානචිත‍්තං වුත‍්තං, තානි අඞ‍්ගානි දස‍්සෙතුං “පරිසුද‍්ධ”න‍්තිආදි වුත‍්තං.

මෙසේ අධිකව විදර්ශනා පිරිවෙස වැස දුක්ඛ පටිපදාව දන්‍ධාභිඥාවෙන් අවබෝධ කළ කල්හි පඤ්ඤා විමුත්තිය ලෙසින් විචයහාර සම්පාතය දක්වන්නට තස්සාකො පවිචයො යනාදිය අරඹන ලදි. එහිදී යම්හෙයකින් පඤ්ඤා විමුත්තිය ආර්ය මාර්ග මූලික වේ ද එහෙයින් චතුර්ථ ධ්‍යානයට පාදක වූ ආර්ය මාර්ග ධර්ම උදෙසා ඒවායේ ආ පිළිවෙල දක්වන්නට කත්‍ථ දට්ඨබ්බො චතුත්‍ථජ්ඣානො යයි කියන ලදී. එහි පාරමිතාය යනු උසස් බවට පැමිණි චතුර්ථ ධ්‍යාන භාවනාවේ ය. යම් අංග අටකින් යුක්ත වූ චතුර්ථධ්‍යාන සිත ප්‍රකාශ කරන ලද ද ඒ අංග දක්වන්නට පරිසුද්ධං යනාදිය කියන ලදි.

තත්‍ථ උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිභාවෙන පරිසුද‍්ධං. පරිසුද‍්ධත‍්තා එව පරියොදාතං, පභස‍්සරන‍්ති වුත‍්තං හොති. සුඛාදීනං පච‍්චයඝාතෙන වීතරාගාදිඅඞ‍්ගණත‍්තා අනඞ‍්ගණං. අනඞ‍්ගණත‍්තා එව විගතූපක‍්කිලෙසං, අඞ‍්ගණෙන හි චිත‍්තං උපක‍්කිලිස‍්සති, සුභාවිතත‍්තා මුදුභූතං වසිභාවප‍්පත‍්තන‍්ති අත්‍ථො. වසෙ වත‍්තමානඤ‍්හි චිත‍්තං “මුදූ”ති වුච‍්චති. මුදුත‍්තා එව ච කම‍්මනියං, කම‍්මක‍්ඛමං කම‍්මයොග‍්ගන‍්ති අත්‍ථො. මුදුඤ‍්හි චිත‍්තං කම‍්මනියං හොති , එවං භාවිතං මුදුඤ‍්ච හොති කම‍්මනියඤ‍්ච, යථයිදං, භික‍්ඛවෙ, චිත‍්ත”න‍්ති (අ· නි· 1.22). එතෙසු පරිසුද‍්ධභාවාදීසු ඨිතත‍්තා ඨිතං. ඨිතත‍්තායෙව ආනෙඤ‍්ජප‍්පත‍්තං, අචලං නිරිඤ‍්ජනන‍්ති අත්‍ථො. මුදුකම‍්මඤ‍්ඤභාවෙන වා අත‍්තනො වසෙ ඨිතත‍්තා ඨිතං. සද‍්ධාදීහි පරිග‍්ගහිතත‍්තා ආනෙඤ‍්ජප‍්පත‍්තං. සද‍්ධාපරිග‍්ගහිතඤ‍්හි චිත‍්තං අස‍්සද‍්ධියෙන න ඉඤ‍්ජති, වීරියපරිග‍්ගහිතං කොසජ‍්ජෙන න ඉඤ‍්ජති, සතිපරිග‍්ගහිතං පමාදෙන න ඉඤ‍්ජති, සමාධිපරිග‍්ගහිතං උද‍්ධච‍්චෙන න ඉඤ‍්ජති, පඤ‍්ඤාපරිග‍්ගහිතං අවිජ‍්ජාය න ඉඤ‍්ජති, ඔභාසගතං කිලෙසන්‍ධකාරෙන න ඉඤ‍්ජති. ඉමෙහි ඡහි ධම‍්මෙහි පරිග‍්ගහිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති. අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයානං ධම‍්මානං අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය.

එහිදී උපේක්‍ෂා සති පාරිශුද්ධත්වයෙන් පිරිසිදු වූයේය. පිරිසිදු බැවින්ම පරියොදාත නම් වේ. ප්‍රභාස්වර වූයේය යනුවෙන් ද කියන ලද්දේ වෙයි. සුඛාදීන්ගේ ප්‍රත්‍ය නසන බැවින් වීතරාග ආදී අංගණ ඇති බැවින් අනංගණ නම් වේ. අනංගණ බැවින් ම පහ වූ උපක්ලේශ ඇති වේ. කෙලෙස්වලින් ම සිත කෙලෙසයි. මනාව වර්ධනය කළ බැවින් මුදු වූයේය. වසඟ බවට පැමිණි යන අර්ථයයි. වසඟයෙහි පවතින සිත මුදුයැයි කියනු ලැබේ. මෘදු බැවින් ම කම්මනිය වේ. ක්‍රියාවට සුදුසු යෝග්‍ය යන අර්ථයයි. මෘදු සිත මනාව පිරිසිදු කළ රත්‍රන් මෙන් ක්‍රියාවට සුදුසු වේ. ඒ දෙක ම මනාව වඩන ලද හෙයිනි. එය මෙසේ කියන ලදි. ‘මහණෙනි, යමක් මෙසේ වර්ධනය කරන ලද්දේ මෘදු ද වෙයි. කර්මණ්‍ය ද වෙයි. මහණෙනි, එනම් සිතයි. මම එවන් වෙනස් කිසිවක් නොදකිමි’ යනුවෙනි. මේ පිරිසිදු බව ආදියෙහි සිටි බැවින් ඨිත නම් වේ. සිටි බැවින්ම ආනෙඤ්ජප්පත්ත නමි. නොසැලෙන කම්පා රහිත යන අර්ථයයි. මෘදු බැවින් හෝ කර්මණ්‍ය බැවින් හෝ තමාගේ වසඟයේ සිටි බැවින් ඨිත නමි. ශ්‍රද්ධාදිය විසින් පරිගෘහිත බැවින් ආනෙඤ්ජප්පත්ත නමි. ශ්‍රද්ධාවෙන් අල්ලාගත් සිත අශ්‍රද්ධාවෙන් කම්පිත නොවේ. වීර්යයෙන් අල්ලාගත් සිත කුසීත බැවින් කම්පිත නොවේ. සිහියෙන් අල්ලාගත් සිත ප්‍රමාදයෙන් කම්පිත නොවේ. සමාධියෙන් අල්ලාගත් සිත් උඩඟු බවින් කම්පිත නොවේ. ප්‍රඥාවෙන් අල්ලාගත් සිත අවිද්‍යාවෙන් කම්පිත නොවේ. ආලෝකයට ගිය සිත කෙලෙස් අඳුරෙන් කම්පිත නොවේ. මේ කරුණු හයෙන් අල්ලාගත් සිත ආනෙඤ්ජප්පත්ත වෙයි. මෙසේ අංග අටකින් සමන්විත වූ සිත ප්‍රාර්ථනාවට සුදුසු වෙයි. විශිෂ්ට ඤාණයන්ගෙන් සාක්‍ෂාත් කරගත යුතු ධර්මයන් විශිෂ්ට ඤාණයෙන් සාක්‍ෂාත් කරනු පිණිස ප්‍රාර්ථනා කළේ වෙයි.

අපරො නයො – චතුත්‍ථජ‍්ඣානසමාධිනා සමාහිතං චිත‍්තං නීවරණදූරීභාවෙන පරිසුද‍්ධං. විතක‍්කාදිසමතික‍්කමෙන පරියොදාතං. ඣානපටිලාභපච‍්චනීකානං පාපකානං ඉච‍්ඡාවචරානං අභාවෙන අනඞ‍්ගණං. ඉච‍්ඡාවචරානන‍්ති ඉච‍්ඡාය අවචරානං ඉච‍්ඡාවසෙන ඔතිණ‍්ණානං පවත‍්තානං නානප‍්පකාරානං කොපඅපච‍්චයානන‍්ති අත්‍ථො. අභිජ‍්ඣාදීනං චිත‍්තුපක‍්කිලෙසානං විගමෙන විගතූපක‍්කිලෙසං. උභයම‍්පි චෙතං අනඞ‍්ගණසුත‍්තවත්‍ථසුත‍්තානං (ම· නි· 1.57 ආදයො; 70 ආදයො) වසෙන වෙදිතබ‍්බං. වසිප‍්පත‍්තියා මුදුභූතං. ඉද‍්ධිපාදභාවූපගමෙන කම‍්මනියං. භාවනාපාරිපූරියා පණීතභාවූපගමෙන ඨිතං ආනෙඤ‍්ජප‍්පත‍්තං. යථා ආනෙඤ‍්ජභාවප‍්පත‍්තං ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති, එවං ඨිතන‍්ති අත්‍ථො. එවම‍්පි අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති. අභිඤ‍්ඤාසච‍්ඡිකරණීයානං ධම‍්මානං අභිඤ‍්ඤාසච‍්ඡිකිරියාය පාදකං පදට‍්ඨානභූතං. තෙනෙවාහ – “සො තත්‍ථ අට‍්ඨවිධං අධිගච‍්ඡති ඡ අභිඤ‍්ඤා ද‍්වෙ ච විසෙසෙ”ති.

අනෙක් ක්‍රමයක් ද වේ. චතුර්ථධ්‍යාන සමාධියෙන් සමාහිත වූ සිත නීවරණ දුරුකළ බැවින් පිරිසිදුය. විතර්කාදිය සන්සිඳුවන බැවින් පරියොදාතය (හාත්පසින් පිරිසිදුය) ධ්‍යාන ප්‍රතිලාභයට විරුද්ධ වූ පාපී වූ අභිමත හැසිරීම්වල අභාවයෙන් අනංගණය. ඉච්ඡාවචරානං යනු කැමැත්තෙන් හැසිරෙන්නවුන්ගේ කැමැත්තට අනුව බැසගත් ඒ අනුව පැවති නන්වැදෑරුම් වූ කෝප හේතූන්ගේ යන අර්ථයයි. අභිධ්‍යා ආදී චිත්තෝපක්ලේශයන්ගේ පහවීමෙන් විගතූපක්ලේශ වේ. මේ දෙකම අනංගණ සූත්‍රය, වත්‍ථ සූත්‍රය ලෙසින් දතයුතුය. වසඟ බවට පත් බැවින් මෘදු වූයේය. ඉද්ධිපාදවලට පැමිණීමෙන් කර්මණ්‍ය වේ. භාවනා පරිපූර්ණත්වයෙන් ප්‍රණීත බවට පැමිණීමෙන් ආනෙඤ්ජප්පත්ත වේ. යම්සේ ආනෙඤ්ජ බවට පත්වූයේ ද එය ආනෙඤ්ජප්පත්ත නම් වේ. මෙසේ සිටි යන අර්ථයයි. මෙසේ ද අංග අටකින් යුක්ත වූ සිත ප්‍රාර්ථනාවට සුදුසු වෙයි. විශිෂ්ට ඥානයෙන් සාක්‍ෂාත් කළයුතු ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්‍ෂාත් කරනු පිණිස පාදක වූයේ ආසන්න කරුණ ද වෙයි. එහෙයින්ම සො තත්‍ථ අට්ඨවිධං අධිගච්ඡති ඡ අභිඤ්ඤා ද්වෙ ච විසෙසෙ යි කියන ලදී.

තත්‍ථ සොති අධිගතචතුත්‍ථජ‍්ඣානො යොගී. තත්‍ථාති තස‍්මිං චතුත්‍ථජ‍්ඣානෙ අධිට‍්ඨානභූතෙ. අට‍්ඨවිධං අධිගච‍්ඡතීති අට‍්ඨවිධං ගුණං අධිගච‍්ඡති. කො පන සො අට‍්ඨවිධො ගුණොති? ආහ “ඡ අභිඤ‍්ඤා ද‍්වෙ ච විසෙසෙ”ති. මනොමයිද‍්ධි විපස‍්සනාඤාණඤ‍්ච. තං චිත‍්තන‍්ති චතුත්‍ථජ‍්ඣානචිත‍්තං. “යතො පරිසුද‍්ධං, තතො පරියොදාත”න‍්තිආදිනා පුරිමං පුරිමං පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස කාරණවචනන‍්ති දස‍්සෙති. තදුභයන‍්ති යෙසං රාගාදිඅඞ‍්ගණානං අභිජ‍්ඣාදිඋපක‍්කිලෙසානඤ‍්ච අභාවෙන “අනඞ‍්ගණං විගතූපක‍්කිලෙස”න‍්ති ච වුත‍්තං. තානි අඞ‍්ගණානි උපක‍්කිලෙසා චාති තං උභයං. තදුභයං තණ‍්හාසභාවත‍්තා තණ‍්හාය අනුලොමනතො ච තණ‍්හාපක‍්ඛො. යා ච ඉඤ‍්ජනාති යා ච චිත‍්තස‍්ස අසමාදානෙන ඵන්‍දනා. අට‍්ඨිතීති අනවට‍්ඨානං. අයං දිට‍්ඨිපක‍්ඛොති යා ඉඤ‍්ජනා අට‍්ඨිති ච, අයං මිච‍්ඡාභිනිවෙසහෙතුතාය දිට‍්ඨිපක‍්ඛො.

එහි සො යනු ලබන ලද සතරවැනි ධ්‍යානය ඇති යෝගාවචරයායි. තත්‍ථ යනු ඒ ස්ථිර වූ චතුර්ථ ධ්‍යානයෙහි යනුයි. අට්ඨවිධං අධිගච්ඡති යනු අෂ්ටවිධ ගුණය අවබෝධ කරයි යනුයි. ඒ අෂ්ටවිධ ගුණය කවරේද? (එය මෙසේ) කියන ලදි. ඡ අභිඤ්ඤා ද්වෙ ච විසෙසෙ යි කී පරිදි ෂට් අභිඥා මනෝමය සෘද්ධිය හා විදර්ශනා ඥානයයි. තං චිත්තං යනු චතුර්ථධ්‍යාන සිතයි. යතො පරිසුද්ධං තතො පරියොදාතං යනාදියෙන් පළමු පළමු දේ පසුව පසුව ඇති දෙයට හේතුවදන් යැයි දක්වයි. තදුභයං යනු යම් රාගාදී ක්ලේශයන්ගේ ද අභිධ්‍යා ආදී උපක්ලේශයන්ගේ ද අභාවයෙන් අනංගණ වේ. පහ වූ කෙලෙස් යැයි කියන ලද ඒ අංගණයන් ද උපක්ලේශ ද යන ඒ දෙකයි. ඒ දෙකම තෘෂ්ණා ස්වභාව ඇති බැවින් ද තණ්හාවට විරුද්ධ නොවන බැවින් ද තණ්හාපෙක්ඛ නම් වේ. යාච ඉඤ්ජනා යනු සිතේ නොසන්සුන්කමෙන් යම් ස්ඵන්දනයක් වේ නම් එයයි. අට්ඨීති යනු නොසිටීමයි. අයං දිට්ඨිපක්ඛො යනු යම් කම්පාවක් ද නොසිටීමක් ද වේ නම් එය මිථ්‍යාවට ප්‍රවේශවීමට හේතුවක් බැවින් දිට්ඨිපටිපක්ඛ නම් වේ යනුයි.

“චත‍්තාරි ඉන්‍ද්‍රියානී”තිආදිනා වෙදනාතොපි චතුත්‍ථජ‍්ඣානං විභාවෙති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චතුත්‍ථජ‍්ඣානචිත‍්තං උපරි අභිඤ‍්ඤාධිගමාය අභිනීහාරක‍්ඛමං හොති. සා ච අභිනීහාරක‍්ඛමතා චුද‍්දසහි ආකාරෙහි චිණ‍්ණවසිභාවස‍්සෙව හොති. සො ච වසිභාවො අට‍්ඨසමාපත‍්තිලාභිනො, න රූපාවචරජ‍්ඣානමත‍්තලාභිනොති ආරුප‍්පසමාපත‍්තියා මනසිකාරවිධිං දස‍්සෙන‍්තො “සො උපරිමං සමාපත‍්තිං සන‍්තතො මනසිකරොතී”තිආදිමාහ. තත්‍ථ උපරිමං සමාපත‍්තින‍්ති ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං. සන‍්තතො මනසිකරොතීති අඞ‍්ගසන‍්තතායපි ආරම‍්මණසන‍්තතායපි “සන‍්තා”ති මනසිකරොති. යතො යතො හි ආරුප‍්පසමාපත‍්තිං සන‍්තතො මනසිකරොති, තතො තතො රූපාවචරජ‍්ඣානං අවූපසන‍්තං හුත්‍වා උපට‍්ඨාති. තෙනෙවාහ – “තස‍්ස උපරිමං…පෙ… සණ‍්ඨහතී”ති. උක‍්කණ‍්ඨා ච පටිඝසඤ‍්ඤාති පටිඝසඤ‍්ඤාසඞ‍්ඛාතාසු පඤ‍්චවිඤ‍්ඤාණසඤ‍්ඤාසු අනභිරති සණ‍්ඨහති. “සො සබ‍්බසො”තිආදිනා එකදෙසෙන ආරුප‍්පසමාපත‍්තිං දස‍්සෙති. අභිඤ‍්ඤාභිනීහාරො රූපසඤ‍්ඤාති රූපාවචරසඤ‍්ඤා නාමෙතා යාවදෙව අභිඤ‍්ඤත්‍ථාභිනීහාරමත‍්තං, න පන අරූපාවචරසමාපත‍්තියො විය සන‍්තාති අධිප‍්පායො. වොකාරො නානත‍්තසඤ‍්ඤාති නානත‍්තසඤ‍්ඤා නාමෙතා නානාරම‍්මණෙසු වොකාරො, තත්‍ථ චිත‍්තස‍්ස ආකුලප‍්පවත‍්තීති අත්‍ථො. සමතික‍්කමතීති එවං තත්‍ථ ආදීනවදස‍්සී හුත්‍වා තා සමතික‍්කමති. පටිඝසඤ‍්ඤා චස‍්ස අබ‍්භත්‍ථං ගච‍්ඡතීති අස‍්ස ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං අධිගච‍්ඡන‍්තස‍්ස යොගිනො දසපි පටිඝසඤ‍්ඤා විගච‍්ඡන‍්ති. ඉමිනා පඨමාරුප‍්පසමාපත‍්තිමාහ.

චත්තාරි ඉන්‍ද්‍රියානි ආදියෙන් වේදනාවෙන් ද චතුර්ථ ධ්‍යානය පැහැදිලි කෙරේ. මෙසේ අංග අටකින් යුක්ත වූ චතුර්ථධ්‍යාන සිත මත්තෙහි අභිඥා ලබාගැනීම පිණිස ඉදිරියට ගෙන ඒමට සුදුසු වෙයි. ඒ අභිනීහාර ක්‍ෂමතාව දාහතර ආකාරයකින් පුරුදු කරන ලද වසඟ බව ඇත්තාට ම වෙයි. ඒ වශීභාවය ද අෂ්ට සමාපත්ති ලාභියාටයි. රූපාවචර ධ්‍යාන මාත්‍රය පමණක් ලබාගත් තැනැත්තාට නොවේ යයි අරූප සමාපත්තියේ මනසිකාර විධිය දක්වනුයේ සො උපරිමං සමාපත්තිං සන්තතො මනසි කරොති යනාදිය කියන ලදි. තත්‍ථ උපරිමං සමාපත්තිං යනු ආකාසානඤ්චායතන සමාපත්තියයි. සන්තතො මනසි කරොති යනු අංග ඇති විට ද අරමුණු ඇතිවිට ද ඇතැයි මෙනෙහි කරයි. යම් යම් හෙයකින් අරූප සමාපත්තිය විද්‍යමාන ලෙසින් මෙනෙහි කරයි ද ඒ ඒ ආකාරයෙන් රූපාවචර ධ්‍යානය නොසන්සුන්ව එළඹ සිටී. එහෙයින් ම තස්ස උපරිමං -පෙ- සණ්ටහති යි කියන ලදි. පටිඝ සංඥා සංඛ්‍යාත වූ පංච විඤ්ඤාණ සංඥාවන්හි නොඇල්ම පිහිටයි. සො සබ්බසො යනාදියෙන් එක් ආකාරයකින් අරූප සමාපත්තිය දක්වයි. අභිඤ්ඤාභිනීහාරො රූපසඤ්ඤා යනු රූපාවචර සංඥාව නම් වූ මෙය යම්තාක් අභිඥා පිණිස වූ ප්‍රාර්ථනා මාත්‍රයකි යනුයි. අරූපාවචර සමාපත්ති මෙන් විද්‍යමාන නොවේ යන අදහසයි. වොකාරො නානත්ත සඤ්ඤා යනු නානත්ත සංඥා නම් වූ මෙය නොයෙක් අරමුණුවල ස්කන්ධයයි. එහිදී සිතේ ආකූල පැවැත්මක් ඇත යන අර්ථයයි. සමතික්කමති යනු මෙසේ එහි ආදීනව දක්නෙක්ව ඒවා ඉක්මවයි යනුයි. පටිඝසඤ්ඤා චස්ස අබ්භත්‍ථං ගච්ඡති යනු ආකාසානඤ්චායතන සමාපත්තිය අවබෝධ කරන්නා වූ මේ යෝගියාගේ දස පටිඝ සංඥාවන් ඉවත් වේ යනුයි. මෙයින් පළමු අරූප සමාපත්තිය කියන ලදි.

එවං සමාහිතස‍්සාති එවං ඉමිනා වුත‍්තනයෙන රූපාවචරජ‍්ඣානෙ චිත‍්තෙකග‍්ගතායපි සමතික‍්කමෙන සමාහිතස‍්ස. සමාහිතස‍්සාති ආරුප‍්පසමාධිනා සන‍්තවුත‍්තිනා සමාහිතස‍්ස. ඔභාසොති යො පුරෙ රූපාවචරජ‍්ඣානොභාසො. අන‍්තරධායතීති සො රූපාවචරජ‍්ඣානොභාසො අරූපාවචරජ‍්ඣානසමාපජ‍්ජනකාලෙ විගච‍්ඡති. දස‍්සනඤ‍්චාති රූපාවචරජ‍්ඣානචක‍්ඛුනා දස‍්සනඤ‍්ච අන‍්තරධායති. සො සමාධීති සො යථාවුත‍්තො රූපාරූපසමාධි. ඡළඞ‍්ගසමන‍්නාගතොති උපකාරකපරික‍්ඛාරසභාවභූතෙහි ඡහි අඞ‍්ගෙහි සමන‍්නාගතො. පච‍්චවෙක‍්ඛිතබ‍්බොති පති අවෙක‍්ඛිතබ‍්බො, පුනප‍්පුනං චින‍්තෙතබ‍්බොති අත්‍ථො. පච‍්චවෙක‍්ඛණාකාරං සහ විසයෙන දස‍්සෙතුං “අනභිජ‍්ඣාසහගත”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ සබ‍්බලොකෙති සබ‍්බස‍්මිං පියරූපෙ සාතරූපෙ සත‍්තලොකෙ සඞ‍්ඛාරලොකෙ ච. තෙන කාමච‍්ඡන්‍දස‍්ස පහානමාහ. තථා “අබ්‍යාපන‍්න”න‍්තිආදිනා බ්‍යාපාදකොසජ‍්ජසාරම‍්භසාඨෙය්‍යවික‍්ඛෙපසම‍්මොසානං පහානං. පුන තානි ඡ අඞ‍්ගානි සමථවිපස‍්සනාවසෙන විභජිත්‍වා දස‍්සෙතුං “යඤ‍්ච අනභිජ‍්ඣාසහගත”න‍්තිආදි වුත‍්තං. තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යං.

එවං සමාහිතස්ස යනු මෙසේ මේ කියන ලද ක්‍රමයෙන් රූපාවචර ධ්‍යානයෙහි චිත්ත ඒකාග්‍රතාව ඉක්මවීමෙන් එකඟ වූවහුගේ ය. සමාහිතස්ස යනු අරූප සමාධියෙන් සන්සුන් වූ පැවතුම් ඇති සමාහිතයාගේ ය. ඔභාසො යනු පෙර යම් රූපාවචර ධ්‍යාන ආලෝකයක් වේ ද එයයි. අන්තරධායති යනු ඒ රූපාවචර ධ්‍යානාලෝකය අරූපාවචර ඣානයට සමවදින කල්හි පහව යයි යනුයි. දස්සනඤ්ච අන්තරධායති යනු රූපාවචර ධ්‍යාන ඇසින් දර්ශනය ද අතුරුදන් වේ යනුයි. සො සමාධි යනු පෙර කියන ලද ඒ රූප අරූප සමාධියයි. ඡළඞ්ගසමන්නාගතො යනු උපකාරක, පරික්ඛාර ස්වභාවය වූ අංග හයෙන් යුක්ත වූ යනුයි. පච්චවෙක්ඛිතබ්බො යනු ආපසු බැලිය යුතු යනුයි. නැවත නැවත සිතිය යුතුය යන අර්ථයයි. ප්‍රත්‍යවේක්‍ෂා කරන ආකාරය විෂය සමග දක්වන්නට අනභිජ්ඣාසහගතං යනාදිය කියන ලදී. එහි සබ්බලොකෙ යනු සියලු ප්‍රිය රූපයෙහි ද සැප රූපයෙහි ද සත්ත්ව ලෝකයේ ද සංස්කාර ලෝකයේ ද යනුයි. එයින් කාමච්ඡන්දයේ ප්‍රහාණය කියන ලදි. එසේම අබ්‍යාපන්නං යනාදියෙන් ව්‍යාපාදය, කුසීත බව, එකට එක කිරීම, කපටිකම, ආකූලත්වය, මූර්ඡාව ආදියේ ප්‍රහාණය දක්වන ලදි. නැවත ඒ අංග හය සමථ විදර්ශනා වශයෙන් බෙදා දක්වන්නට යඤ්ච අනභිජ්ඣා සහගතං යනාදිය කියන ලදි. ඒ සියල්ල මනාව දත හැකිය.

එත‍්තාවතා “පඤ‍්ඤාවිමුත‍්තී”ති වුත‍්තස‍්ස අරහත‍්තඵලස‍්ස සමාධිමුඛෙන පුබ‍්බභාගපටිපදං දස‍්සෙත්‍වා ඉදානි අරහත‍්තඵලසමාධිං දස‍්සෙතුං “සො සමාධී”තිආදි වුත‍්තං. තත්‍ථ සො සමාධීති යො සො සම‍්මාසමාධි. පුබ‍්බෙ වුත‍්තස‍්ස අරියමග‍්ගසමාධිස‍්ස ඵලභූතො සමාධි පඤ‍්චවිධෙන වෙදිතබ‍්බො ඉදානි වුච‍්චමානෙහි පඤ‍්චහි පච‍්චවෙක‍්ඛණඤාණෙහි අත‍්තනො පච‍්චවෙක‍්ඛිතබ‍්බාකාරසඞ‍්ඛාතෙන පඤ‍්චවිධෙන වෙදිතබ‍්බො. “අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො”තිආදීසු අරහත‍්තඵලසමාධි අප‍්පිතප‍්පිතක‍්ඛණෙ සුඛත‍්තා පච‍්චුප‍්පන‍්නසුඛො. පුරිමො පුරිමො පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස සමාධිසුඛස‍්ස පච‍්චයත‍්තා ආයතිං සුඛවිපාකො. කිලෙසෙහි ආරකත‍්තා අරියො. කාමාමිසවට‍්ටාමිසලොකාමිසානං අභාවා නිරාමිසො. බුද‍්ධාදීහි මහාපුරිසෙහි සෙවිතත‍්තා අකාපුරිසසෙවිතො. අඞ‍්ගසන‍්තතාය සබ‍්බකිලෙසදරථසන‍්තතාය ච සන‍්තො. අතිත‍්තිකරට‍්ඨෙන පණීතො. කිලෙසපටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධත‍්තා, කිලෙසපටිප‍්පස‍්සද‍්ධිභාවෙන වා ලද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො. පස‍්සද‍්ධං පස‍්සද‍්ධීති හි ඉදං අත්‍ථතො එකං. පටිප‍්පස‍්සද‍්ධිකිලෙසෙන වා අරහතා ලද‍්ධත‍්තාපි පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො . එකොදිභාවෙන අධිගතත‍්තා, එකොදිභාවමෙව වා අධිගතත‍්තා එකොදිභාවාධිගතො. අප‍්පගුණසාසවසමාධි විය සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන පච‍්චනීකධම‍්මෙ නිග‍්ගය‍්හ කිලෙසෙ වාරෙත්‍වා අනධිගතත‍්තා නසසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතොති.

මෙපමණකින් පඤ්ඤා විමුක්තියයි කියන ලද අරහත් ඵලයේ සමාධිය ලෙසින් පූර්වභාග ප්‍රතිපදාව දක්වා දැන් අර්හත් ඵල සමාධිය දක්වන්නට සො සමාධි යනාදිය කියන ලදි. එහි සො සමාධි යනු යම් ඒ සම්මා සමාධියක් වේ ද එයයි. පෙර කියන ලද ආර්ය මාර්ග සමාධියේ ඵලය වූ සමාධියයි. පඤ්ච විධෙන වෙදිතබ්බො යනු දැන් කියනු ලබන පස්වැදෑරුම් ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයන්ගෙන් තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු ආකාර සංඛ්‍යාත පස්වැදෑරුම් බවින් දතයුතුය යනුයි. අයං සමාධි පච්චුප්පන්න සුඛො චෙව යනාදියෙහි අර්හත් ඵල සමාධියට සමවැදුණු සමවැදුණු මොහොතෙහි සුඛයක් බැවින් පවත්නා වූ සැපයයි. පළමු පළමු දෙය පසු පසු සමාධි සැපයට ප්‍රත්‍යවන බැවින් මත්තෙහි සැප විපාක ඇත්තේ වෙයි. කෙලෙස්වලින් දුර බැවින් අරිය නම් වේ. කාම ආමිස, වට්ට ආමිස, ලෝක ආමිසයන්ගෙන් තොර බැවින් නිරාමිස නම් වේ. බුද්ධාදී මහා පුරුෂයන් විසින් ඇසුරුකරන ලද බැවින් අකාපුරිස සෙවිත නම් වේ. අංග සන්තතියෙන් ද සියලු කෙලෙස් දාහ සන්තතියෙන් ද යුක්ත වූයේ නම් වෙයි. අතෘප්තිකර අර්ථයෙන් ප්‍රණීත නම් වේ. කෙලෙස් සන්සිඳුවීමෙන් ලබන ලද බැවින් ද කෙලෙස් සන්සිඳුවන හෙයින් හෝ ලබන ලද බැවින් පටිප්පස්සද්ධි ලද්ධො නම් වේ. පස්සද්ධ, පස්සද්ධි යන මෙය අර්ථ වශයෙන් එකකි. සන්සිඳුණු ක්ලේශයෙන් හෝ රහත් බව ලබන ලද බැවින් ද පටිප්පස්සද්ධ ලද්ධ නම් වේ. එකඟ බැවින් අවබෝධ කළ බැවින් හෝ එකඟ බව අවබෝධ කළ බැවින් එකොදිභාවාධිගතො නම් වේ. අල්ප ගුණ ඇති ආශ්‍රව සහිත සමාධිය මෙන් සංඛාර සහිත ප්‍රයෝග සහිත විරුද්ධ ධර්මයන් නිග්‍රහ කොට, කෙලෙස් වළක්වා අවබෝධ නොකරන ලද බැවින් න සසංඛාර නිග්ගය්හ වාරිතවතො නම් වේ.

යතො යතො භාගතො තඤ‍්ච සමාධිං සමාපජ‍්ජන‍්තො, තතො වා වුට‍්ඨහන‍්තො සතිවෙපුල‍්ලප‍්පත‍්තො සතොව සමාපජ‍්ජති සතොව වුට‍්ඨහති, යථාපරිච‍්ඡින‍්නකාලවසෙන වා සතො සමාපජ‍්ජති සතො වුට‍්ඨහති. තස‍්මා යදෙත්‍ථ “අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙව ආයතිඤ‍්ච සුඛවිපාකො”ති එවං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පච‍්චත‍්තමෙව අපරප‍්පච‍්චයඤාණං උප‍්පජ‍්ජති, අයමෙකො ආකාරො. එස නයො සෙසෙසුපි. එවමෙතෙසං පඤ‍්චන‍්නං පච‍්චවෙක‍්ඛිතබ‍්බාකාරානං වසෙන සමාධි පඤ‍්චවිධෙන වෙදිතබ‍්බො.

යම් යම් කොටසකින් ඒ සමාධියට සමවදිනුයේ එයින් හෝ නැගී සිටිනුයේ සිහියෙන් විපුලත්වයට පත් වූයේ සිහි ඇතිව ම සමවදියි. සිහි ඇතිව ම නැගී සිටියි. සීමාකළ කාල වශයෙන හෝ සිහි ඇතිව සමවදියි. සිහි ඇතිව නැගී සිටියි. එහෙයින් මෙහිදී යම්විටෙක මේ සමාධිය දැන් සැප ඇත්තා සේ ම මත්තෙහි ද සැප විපාක ඇති කෙරේ යයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට වෙන් වෙන්ව ම අනුන්ගේ කීමෙන් නො අදහන ඤාණය උඵදී, මේ එක් ආකාරයකි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි. මෙසේ මේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු ආකාර පසට අනුව සමාධිය පස්වැදෑරුම්ව දතයුතුය.

පුන “යො ච සමාධී”තිආදිනා අරහත‍්තඵලෙ සමථවිපස‍්සනාවිභාගං දස‍්සෙති. තත්‍ථ සමාධිසුඛස‍්ස “සුඛ”න‍්ති අධිප‍්පෙතත‍්තා “යො ච සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො, යො ච සමාධි ආයතිං සුඛවිපාකො, අයං සමථො”ති වුත‍්තං. අරියනිරාමිසාදිභාවො පන පඤ‍්ඤානුභාවෙන නිප‍්ඵජ‍්ජතීති ආහ – “යො ච සමාධි අරියො…පෙ… අයං විපස‍්සනා”ති.

නැවත යො ච සමාධි ආදියෙන් අරහත් ඵලයෙහි සමථ විදර්ශනා විභාගය දක්වයි. එහි සමාධි සුඛය සුඛය යැයි අදහස් කරන ලද බැවින් යො ච සමාධි පච්චුප්පන්නෙන සුඛො ආයතිං සුඛවිපාකො අයං සමථො යයි කියන ලදි. ආර්ය නිරාමිස බව ආදිය ප්‍රඥානුභාවයෙන් උපදීයැයි යො ච සමාධි අරියො -පෙ- අයං විපස්සනා යි කියන ලදි.

එවං අරහත‍්තඵලසමාධිං විභාගෙන දස‍්සෙත්‍වා ඉදානි තස‍්ස පුබ‍්බභාගපටිපදං සමාධිවිභාගෙන දස‍්සෙතුං “සො සමාධී”ති වුත‍්තං. තත්‍ථ සො සමාධීති යො සො අරහත‍්තඵලසමාධිස‍්ස පුබ‍්බභාගපටිපදායං වුත‍්තො රූපාවචරචතුත්‍ථජ‍්ඣානසමාධි, සො සමාධි. පඤ‍්චවිධෙනාති වක‍්ඛමානෙන පඤ‍්චප‍්පකාරෙන වෙදිතබ‍්බො. “පීතිඵරණතා”තිආදීසු පීතිං ඵරමානා උප‍්පජ‍්ජතීති ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා නාම. සුඛං ඵරමානා උප‍්පජ‍්ජතීති තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා නාම. පරෙසං චෙතො ඵරමානා උප‍්පජ‍්ජතීති චෙතොපරියපඤ‍්ඤා චෙතොඵරණතා නාම. ආලොකඵරණෙ උප‍්පජ‍්ජතීති දිබ‍්බචක‍්ඛුපඤ‍්ඤා ආලොකඵරණතා නාම. පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණානිමිත‍්තං නාම. වුත‍්තම‍්පි චෙතං “ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා, තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා, පරචිත‍්තෙ ඤාණං චෙතොඵරණතා, දිබ‍්බචක‍්ඛු ආලොකඵරණතා, තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨිතස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණනිමිත‍්ත”න‍්ති (විභ· 804).

මෙසේ අර්හත් ඵල සමාධිය විභාග වශයෙන් දක්වා දැන් එහි පූර්වභාග ප්‍රතිපදාව සමාධි විභාගයෙන් දක්වන්නට සො සමාධි යයි කියන ලදි. එහි සො සමාධි යනු යම් ඒ රූපාවචර චතුර්ථ ධ්‍යාන සමාධියක් අර්හත් ඵල සමාධියේ පූර්වභාග ප්‍රතිපදාවේදී කියන ලද ද එයයි. සො සමාධි පඤ්චවිධෙන යනු කියනු ලබන පස් ආකාරයෙන් දතයුතුය යනුයි. පීති ඵරණතා යනාදියෙහි ප්‍රීතිය පැතිරෙමින් උපදියි යන අර්ථයෙන් ධ්‍යාන දෙකෙහි ප්‍රඥාව පීතිඵරණතා නම් වේ. සැපය පැතිරෙමින් උපදියි යන අර්ථයෙන් ත්‍රිවිධ ධ්‍යානයන්හි ප්‍රඥාව සුඛ ඵරණතා නම් වේ. අනුන්ගේ සිත පැතිරෙමින් උපදියි යන අර්ථයෙන් චේතොපරිය ප්‍රඥාව චෙතොඵරණතා නම් වේ. ආලෝකයේ පැතිරීම උපදියි යන අර්ථයෙන් දිබ්බචක්ඛු ප්‍රඥාව ආලෝක ඵරණතා නම් වේ. ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය පච්චවෙක්ඛණා නිමිත්තං නම් වේ. එය කියන ලදි. ‘ධ්‍යාන දෙකෙහි ප්‍රඥාව පීති ඵරණතාවයි. ත්‍රිවිධ ධ්‍යානයෙහි ප්‍රඥාව සුඛ ඵරණතාවයි. පරචිත්ත ප්‍රඥාව චේතෝ ඵරණතාවයි. දිවැස ආලෝක ඵරණතාවයි. ඒ ඒ සමාධියෙන් නැගී සිටියහුගේ ප්‍රත්‍යවේක්‍ෂණ ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂණ නිමිත්තයි යනුවෙනි.

ඉධ සමථවිපස‍්සනාවිභාගං දස‍්සෙතුං “යො ච පීතිඵරණො”තිආදි වුත‍්තං. එත්‍ථ ච පඤ‍්ඤාසීසෙන දෙසනා කතාති පඤ‍්ඤාවසෙන සංවණ‍්ණනා කතා. පඤ‍්ඤා පීතිඵරණතාතිආදීසු සමාධිසහගතා එවාති තත්‍ථ සමාධිවසෙන සමථො උද‍්ධටො. තස‍්මා පීතිසුඛචෙතොඵරණතා විසෙසතො සමාධිවිප‍්ඵාරවසෙන ඉජ‍්ඣන‍්තීති තා “සමථො”ති වුත‍්තා. ඉතරානි ඤාණවිප‍්ඵාරවසෙනාති තානි “විපස‍්සනා”ති වුත‍්තානි.

මෙහි දී සමථ විපස්සනා විභාගය දක්වන්නට යා ච පීති ඵරණතා යනාදිය කියන ලදි. මෙහිදී ද ප්‍රඥා ශීර්ෂයෙන් දේශනාව කරන ලදැයි ප්‍රඥා වශයෙන් සංවර්ණනාව කරන ලදී, පඤ්ඤා, පීති, ඵරණතා ආදියෙහි සමාධි සහගත වේ මැයි එහිදී සමාධි වශයෙන් සමථය උපුටන ලදි. එහෙයින් පීති සුඛ චේතෝ ඵරණතාව විශේෂයෙන් සමාධියේ පැතිරීම් වශයෙන් සමෘද්ධ වේ යැයි (සිතා) ඒවා සමථ යැයි කියන ලදි. ඉතිරි ඒවා ඤාණය පැතිරීම් වශයෙන් වේ යැයි (සිතා) ඒවා විපස්සනා යැයි කියන ලදී.

ඉදානි තං සමාධිං ආරම‍්මණවසෙන විභජිත්‍වා දස‍්සෙතුං “දස කසිණායතනානී”තිආදි වුත‍්තං. තත්‍ථ කසිණජ‍්ඣානසඞ‍්ඛාතානි කසිණානි ච තානි යොගිනො සුඛවිසෙසානං අධිට‍්ඨානභාවතො, මනායතනධම‍්මායතනභාවතො ච ආයතනානි චාති කසිණායතනානි. පථවීකසිණන‍්ති කතපරිකම‍්මං පථවීමණ‍්ඩලම‍්පි, තත්‍ථ පවත‍්තං උග‍්ගහපටිභාගනිමිත‍්තම‍්පි, තස‍්මිං නිමිත‍්තෙ උප‍්පන‍්නජ‍්ඣානම‍්පි වුච‍්චති. තෙසු ඣානං ඉධාධිප‍්පෙතං. ආකාසකසිණන‍්ති කසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තපඨමාරුප‍්පජ‍්ඣානං. විඤ‍්ඤාණකසිණන‍්ති පඨමාරුප‍්පවිඤ‍්ඤාණාරම‍්මණං දුතියාරුප‍්පජ‍්ඣානං. පථවීකසිණාදිකෙ සුද‍්ධසමථභාවනාවසෙන පවත‍්තිතෙ සන්‍ධාය “ඉමානි අට‍්ඨ කසිණානි සමථො”ති වුත‍්තං. සෙසකසිණද‍්වයං විපස‍්සනාධිට‍්ඨානභාවෙන පවත‍්තං “විපස‍්සනා”ති වුත‍්තං.

දැන් ඒ සමාධිය අරමුණු වශයෙන් බෙදා දක්වන්නට දස කසිණායතනානි යනාදිය කියන ලදි. එහි කසිණ ධ්‍යාන සංඛ්‍යාත කසිණයන් ද යෝගියාගේ සුඛ විශේෂයන්ට අධිෂ්ඨාන බැවින් ද මනායතන ධම්මායතන බැවින් ආයතනයන් ද වේ යැයි කසිණායතන නම් වේ. පඨවි කසිණං යනු කරන ලද පිරිකම් ඇති පඨවි මණ්ඩලය ද එහි පැවති උග්ගහ - පටිභාග නිමිත්ත ද ඒ නිමිත්තෙහි උපන් ධ්‍යානය ද පඨවි කසිණයැයි කියනු ලැබේ යනුයි. ඒවායින් මෙහිදී ධ්‍යානය අදහස් කරන ලදී, ආකාස කසිණං යනු කසිණයෙන් විවෘත වූ ආකාශයේ පැවති පළමු අරූප ධ්‍යානයයි. විඤ්ඤාණ කසිණං යනු පළමු අරූප විඤ්ඤාණයේ අරමුණ වූ දෙවැනි අරූප ධ්‍යානයයි. පිරිසිදු සමථ භාවනාව ලෙසින් පැවති පඨවි කසිණ ආදිය සඳහා ඉමානි අට්ඨ කසිණානි සමථො යයි කියන ලදි. සෙසු කසිණ දෙක විදර්ශනා අධිෂ්ඨාන වශයෙන් පැවතියේ විපස්සනා යි කියන ලදි.

එවන‍්ති ඉමිනා නයෙන. සබ‍්බො අරියමග‍්ගොති සම‍්මාදිට‍්ඨිආදිභාවෙන අභින‍්නොපි අරියමග‍්ගො සතිපට‍්ඨානාදිපුබ‍්බභාගපටිපදාභෙදෙන අනෙකභෙදභින‍්නො නිරවසෙසො අරියමග‍්ගො. යෙන යෙන ආකාරෙනාති අනභිජ‍්ඣාදීසු, පච‍්චුප‍්පන‍්නසුඛතාදීසු ච ආකාරෙසු යෙන යෙන ආකාරෙන වුත‍්තො. තෙන තෙනාති තෙසු තෙසු ආකාරෙසු යෙ යෙ සමථවසෙන, යෙ ච යෙ ච විපස‍්සනාවසෙන යොජෙතුං සම‍්භවන‍්ති, තෙන තෙන ආකාරෙන සමථවිපස‍්සනාහි අරියමග‍්ගො විචිනිත්‍වා යොජෙතබ‍්බො. තෙති සමථාධිට‍්ඨානවිපස‍්සනාධම‍්මා. තීහි ධම‍්මෙහි සඞ‍්ගහිතාති තීහි අනුපස‍්සනාධම‍්මෙහි සඞ‍්ගහිතා, ගණනං ගතාති අත්‍ථො. කතමෙහි තීහීති? ආහ “අනිච‍්චතාය දුක‍්ඛතාය අනත‍්තතායා”ති. අනිච‍්චතාය සහචරණතො විපස‍්සනා “අනිච‍්චතා”ති වුත‍්තා. එස නයො සෙසෙසුපි.

එවං යනු මේ ක්‍රමයෙන් යනුයි. සබ්බො අරියමග්ගො යනු සම්මා දිට්ඨි ආදී ස්වරූපයෙන් නොබිඳුණු ආර්යමාර්ගය ද සතිපට්ඨාන ආදී පූර්වභාග ප්‍රතිපදා භේදයෙන් නොයෙක් කොටස්වලට බෙදුණු නිරවශේෂ වූ ආර්යමාර්ගය ද යන දෙකයි. යෙන යෙනාකාරෙන යනු අනභිධ්‍යා ආදියෙහි ද දැන් පවත්නා සැප බව අදියේ ද ආකාරයන් අතරින් යම් යම් ආකාරයෙන් කියන ලදී යනුයි. තෙන තෙන යනු ඒ ඒ ආකාරවලින් යමක් යමක් සමථ වශයෙන්න ද යමක් යමක් විදර්ශනා වශයෙන් ද යෙදීමට හැකිවෙත්. ඒ ඒ ආකාරයෙන් සමථ විදර්ශනා දෙකින් ආර්ය මාර්ගය විමසා යෙදිය යුතුය. තෙ යනු සමථ අධිෂ්ඨාන විදර්ශනා ධර්මයන්ය. තීහි ධම්මෙහි සංගහිතාතා යනු ත්‍රිවිධ අනුපස්සනා ධර්මයන්ගෙන් සංග්‍රහ වූ යනුයි. ගණන් ගත් යන අර්ථයයි. කවර තුනකින් ද? අනිත්‍යතාවෙන් දුක්ඛතාවෙන් අනාත්මතාවෙන් යයි කියන ලදි. අනිත්‍යතාව හා එක්ව හැසිරෙන බැවින් විදර්ශනා අනිත්‍යතාව යැයි කියන ලදි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි.

සො සමථවිපස‍්සනං භාවයමානො තීණි විමොක‍්ඛමුඛානි භාවයතීති සො අරියමග‍්ගාධිගමාය යුත‍්තප‍්පයුත‍්තො යොගී කාලෙන සමථං සමාපජ‍්ජනවසෙන කාලෙන විපස‍්සනං සම‍්මසනවසෙන වඩ‍්ඪයමානො අනිමිත‍්තවිමොක‍්ඛමුඛාදිසඞ‍්ඛාතා තිස‍්සො අනුපස‍්සනා බ්‍රූහෙති. තයො ඛන්‍ධෙ භාවයතීති තිස‍්සො අනුපස‍්සනා උපරූපරිවිසෙසං පාපෙන‍්තො සීලක‍්ඛන්‍ධො සමාධික‍්ඛන්‍ධො පඤ‍්ඤාක‍්ඛන්‍ධොති එතෙ තයො ඛන්‍ධෙ වඩ‍්ඪෙති. යස‍්මා පන තීහි ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතො, තස‍්මා “තයො ඛන්‍ධෙ භාවයන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතී”ති වුත‍්තං.

සො සමථ විපස්සනං භාවයමානො තීණිවිමොක්ඛමුඛානි භාවයති යනු ආර්ය මාර්ගාවබෝධය පිණිස යෙදුණු, මෙහෙයවුණු ඒ යෝගියා සුදුසු කල සමථයට සමවැදීම් වශයෙන් ද සුදුසු කළ විදර්ශනාව විමසා බැලීම් වශයෙන් ද වඩනුයේ අනිමිත්ත විමෝක්‍ෂ සංඛ්‍යාත ත්‍රිවිධ අනුපස්සනාවන් වර්ධනය කරයි යනුයි. තයො ඛන්‍ධෙ භාවෙති යනු ත්‍රිවිධ අනුපස්සනාවන් මතුමත්තෙහි විශේෂයට පමුණුවමින් සීලස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය යන මේ ත්‍රිවිධ ස්කන්ධ වඩයි යනුයි. යම්හෙයකින් ත්‍රිවිධ ස්කන්ධයන්හි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද ද එහෙයින් තයො ඛන්‍ධෙ භවෙන්තො අරියං අට්ඨංගිකං මග්ගං භාවයති යැයි කියන ලදි.

ඉදානි යෙසං පුග‍්ගලානං යත්‍ථ සික‍්ඛන‍්තානං විසෙසතො නිය්‍යානමුඛානි යෙසඤ‍්ච කිලෙසානං පටිපක‍්ඛභූතානි තීණි විමොක‍්ඛමුඛානි, තෙහි සද‍්ධිං තානි දස‍්සෙතුං “රාගචරිතො”තිආදි වුත‍්තං. තත්‍ථ අනිමිත‍්තෙන විමොක‍්ඛමුඛෙනාති අනිච‍්චානුපස‍්සනාය. සා හි නිච‍්චනිමිත‍්තාදිසමුග‍්ඝාටනෙන අනිමිත‍්තො, රාගාදීනං සමුච‍්ඡෙදවිමුත‍්තියා විමොක‍්ඛොති ලද‍්ධනාමස‍්ස අරියමග‍්ගස‍්ස මුඛභාවතො ද‍්වාරභාවතො “අනිමිත‍්තවිමොක‍්ඛමුඛ”න‍්ති වුච‍්චති. අධිචිත‍්තසික‍්ඛායාති සමාධිස‍්මිං. සුඛවෙදනීයං ඵස‍්සං අනුපගච‍්ඡන‍්තොති සුඛවෙදනාය හිතං සුඛවෙදනාකාරණතො ඵස‍්සං තණ‍්හාය අනුපගච‍්ඡන‍්තො. සුඛං වෙදනං පරිජානන‍්තොති “අයං සුඛා වෙදනා විපරිණාමාදිනා දුක‍්ඛා”ති පරිජානන‍්තො, සවිසයං රාගං සමතික‍්කන‍්තො. “රාගමලං පවාහෙන‍්තො”තිආදිනා තෙහි පරියායෙහි රාගස‍්සෙව පහානමාහ. “දොසචරිතො පුග‍්ගලො”තිආදීසුපි වුත‍්තනයානුසාරෙන අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් යම්තැනක හික්මෙන යම් පුද්ගලයන්ට විශේෂ වශයෙන් නික්ම යන (සසරින්) දොරටු වේ ද යම් ඒ කෙලෙස්වලට ප්‍රතිපක්‍ෂ වූ ත්‍රිවිධ විමෝක්‍ෂ වේ ද ඒවා සමග ඒ දොරටු දක්වන්නට රාගචරිතො යනාදිය කියන ලදි. එහි අනිමිත්ත විමොක්ඛමුඛෙන යනු අනිච්චානුපස්සනාවෙනි. එය වනාහි නිත්‍ය නිමිති ආදිය නැසීමෙන් අනිමිත්ත වූයේ රාගාදීන්ගේ මුලිනුපුටා දැමීම්වලින් මිදුණු බැවින් විමොක්ඛ යනුවෙන් ලබන ලද නම් ඇති ආර්ය මාර්ගයේ මුඛය බැවින් දොරටුව බැවින් අනිමිත්ත විමොක්ඛ මුඛය යැයි කියනු ලැබේ. අධිචිත්ත සික්ඛාය යනු සමාධියෙහි ය. සුඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො යනු සැප වේදනාවට හිත වූ සැප වේදනාවට හේතු වූ ස්පර්ශය තණ්හාවට අනුව යන්නේ යනුයි. සුඛං වේදනං පරිජානන්තො යනු මේ සුඛ වේදනාව වෙනස්වීම් ආදියෙන් දුකක් යැයි දනිමින් රාගය ඉක්මවූයේ යනුයි. රාගමලනං පවාහෙන්තො යනාදියෙන් ඒ ක්‍රමයන්ගෙන් රාගයේ ප්‍රහාණයම කියන ලදි. දොස චරිතො පුග්ගලො යනාදියෙහි ද කියන ලද ක්‍රමය අනුසාරයෙන් අර්ථය දතයුතුය.

පඤ‍්ඤාධිකස‍්ස සන‍්තතිසමූහකිච‍්චාරම‍්මණාදිඝනවිනිබ‍්භොගෙන සඞ‍්ඛාරෙසු අත‍්තසුඤ‍්ඤතා පාකටා හොතීති විසෙසතො අනත‍්තානුපස‍්සනා පඤ‍්ඤාපධානාති ආහ – “සුඤ‍්ඤතවිමොක‍්ඛමුඛං පඤ‍්ඤාක‍්ඛන්‍ධො”ති. තථා සඞ‍්ඛාරානං සරසපභඞ‍්ගුතාය ඉත‍්තරඛණත‍්තා උප‍්පන‍්නානං තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජනං සම‍්මා සමාහිතස‍්සෙව පාකටං හොතීති විසෙසතො අනිච‍්චානුපස‍්සනා සමාධිප‍්පධානාති ආහ – “අනිමිත‍්තවිමොක‍්ඛමුඛං සමාධික‍්ඛන්‍ධො”ති. තථා සීලෙසු පරිපූරකාරිනො ඛන‍්තිබහුලස‍්ස උප‍්පන‍්නං දුක‍්ඛං අරතිඤ‍්ච අභිභුය්‍ය විහරතො සඞ‍්ඛාරානං දුක‍්ඛතා විභූතා හොතීති දුක‍්ඛානුපස‍්සනා සීලප‍්පධානාති ආහ – “අප‍්පණිහිතවිමොක‍්ඛමුඛං සීලක‍්ඛන්‍ධො”ති. ඉති තීහි විමොක‍්ඛමුඛෙහි තිණ‍්ණං ඛන්‍ධානං සඞ‍්ගහිතත‍්තා වුත‍්තං – “සො තීණි විමොක‍්ඛමුඛානි භාවයන‍්තො තයො ඛන්‍ධෙ භාවයතී”ති. යස‍්මා ච තීහි ච ඛන්‍ධෙහි අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස සඞ‍්ගහිතත‍්තා තයො ඛන්‍ධෙ භාවයන‍්තො “අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතී”ති වුත‍්තං. තස‍්මා තෙහි තස‍්ස සඞ‍්ගහං දස‍්සෙන‍්තො “යා ච සම‍්මාවාචා”තිආදිමාහ.

ප්‍රඥාධික පුද්ගලයාට සන්තති, සමූහ, කිච්ච, ආරම්මණ ආදී ඝන විනිබ්භොගයන් සංස්කාරයන්හි ආත්ම ශූන්‍යතාව ප්‍රකට වේ යැයි විශේෂයෙන් අනත්තානුපස්සනාව ප්‍රඥාප්‍රධාන වේ යැයි (සලකා) සුඤ්ඤත විමොක්ඛ මුඛං පඤ්ඤාක්ඛන්‍ධො යයි කියන ලදි. එසේම සංස්කාරයන්ගේ ස්වභාවය බිඳීම බැවින් ස්වල්ප වූ මොහොතක් පවත්නා බැවින් උපන්නවුන්ගේ ඒ ඒ තැන බිඳීයාම මනාව එකඟ කළ සිත් ඇති තැනැත්තා තුළ ම ප්‍රකට වේයැයි (සලකා) විශේෂයෙන් අනිත්‍යානුපස්සනාව සමාධි ප්‍රධාන යැයි අනිමිත්ත විමොක්ඛ මුඛං සමාධික්ඛන්‍ධොයි කියන ලදි. එසේම සීලය සපුරාලන, ඉවසීම් බහුල වූ, ඇති වූ දුක හා නොඇල්ම මැඩගෙන වාසය කරන පුද්ගලයාගේ සංස්කාරයන් පිළිබඳ දුක්ඛතාව දුරුවූයේ යැයි (සලකා) දුක්ඛානුපස්සනාව සීලය ප්‍රධාන කොට ඇතැයි යන්න අප්පණිහිත විමොක්ඛ මුඛං සීලක්ඛන්‍ධො යනුවෙන් කියන ලදී, මෙසේ ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛයන් ත්‍රිවිධ සංස්කාරවල සංග්‍රහ කරන ලද බැවින් සො තීණි විමොක්ඛමුඛානි භාවයන්තො තයො ඛන්‍ධෙ භාවෙති යි කියන ලදි. යම්හෙයකින් ත්‍රිවිධ ස්කන්‍ධයන්හි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද බැවින් තයො ඛන්‍ධෙ භාවයන්තො අරියං අට්ඨංගිකං මග්ගං භාවෙති යි කියන ලදි. එහෙයින් ඒවාහි (ස්කන්ධයන්හි) එහි (ආර්ය මාර්ගයේ) සංග්‍රහය දක්වමින් යා ච සම්මාවාචා යනාදිය කියන ලදි.

පුන තිණ‍්ණං ඛන්‍ධානං සමථවිපස‍්සනාභාවං දස‍්සෙතුං “සීලක‍්ඛන්‍ධො”තිආදි වුත‍්තං. තත්‍ථ සීලක‍්ඛන්‍ධස‍්ස ඛන‍්තිපධානත‍්තා, සමාධිස‍්ස බහූපකාරත‍්තා ච සමථපක‍්ඛභජනං දට‍්ඨබ‍්බං. භවඞ‍්ගානීති උපපත‍්තිභවස‍්ස අඞ‍්ගානි. ද‍්වෙ පදානීති ද‍්වෙ පාදා. යෙභුය්‍යෙන හි පඤ‍්චදස චරණධම‍්මා සීලසමාධිසඞ‍්ගහිතාති. භාවිතකායොති ආභිසමාචාරිකසීලස‍්ස පාරිපූරියා භාවිතකායො. ආදිබ්‍රහ‍්මචරියකසීලස‍්ස පාරිපූරියා භාවිතසීලො. අථ වා භාවිතකායොති ඉන්‍ද්‍රියසංවරෙන භාවිතපඤ‍්චද‍්වාරකායො. භාවිතසීලොති අවසිට‍්ඨසීලවසෙන භාවිතසීලො. සම‍්මා කායභාවනාය සති අච‍්චන‍්තං කායදුච‍්චරිතප‍්පහානං අනවජ‍්ජඤ‍්ච උට‍්ඨානං සම‍්පජ‍්ජති. තථා අනුත‍්තරෙ සීලෙ සිජ‍්ඣමානෙ අනවසෙසතො මිච‍්ඡාවාචාය මිච‍්ඡාජීවස‍්ස ච පහානං සම‍්පජ‍්ජති. චිත‍්තපඤ‍්ඤාසු ච භාවිතාසු සම‍්මාසතිසම‍්මාසමාධිසම‍්මාදිට‍්ඨිසම‍්මාසඞ‍්කප‍්පා භාවනාපාරිපූරිං ගතා එව හොන‍්ති තංසභාවත‍්තා තදුභයකාරණත‍්තා චාති ඉමමත්‍ථං දස‍්සෙති “කායෙ භාවියමානෙ”තිආදිනා.

නැවත ත්‍රිවිධ ස්කන්ධයන්ගේ සමථ විදර්ශනා භාවය දක්වන්නට සීලක්ඛන්‍ධො ච යනාදිය කියන ලදි. එහි සීලස්කන්ධය ඉවසීම ප්‍රධාන කොට ඇති බැවින් ද සමාධියට බොහෝ උපකාරවත් බැවින් ද සමථ පක්‍ෂය ඇසුරුකරන බව දතයුතුය. භවංගානි යනු උත්පත්ති භවයේ අංගයන් ය. ද්වෙ පදානි යනු පාද දෙකයි. බොහෝ සෙයින් පසළොස්චරණ ධර්ම සීල සමාධීන්හි සංග්‍රහ කරන ලදි. භාවිතකායො යනු ආභිසමාචාරික ශීලයේ පරිපූර්ණත්වයෙන් වඩන ලද සීලය ඇත්තේය. එසේ නැතහොත් භාවිතකායො යනු ඉන්‍ද්‍රිය සංවරයෙන් වඩන ලද පංචද්වාර කයයි. භාවිත සීලො යනු ඉතිරි වූ ශීලය ලෙසින් වඩන ලද ශීලයයි. මනා වූ කාය භාවනාව ඇතිකල්හි අත්‍යන්ත වූ කාය දුශ්චරිත ප්‍රහාණය ද නිවැරදි වූ නැගී සිටීම ද සපිරේ. එසේ අනුත්තර වූ සීලය සපිරෙන කල්හි මිථ්‍යා වචනයේ හා මිථ්‍යා ජීවයේ ප්‍රහාණය ඉතිරි නැතිව සම්පූර්ණ වේ. සිත හා ප්‍රඥාව වැඩූ කල්හි සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය වැඩීමට පරිපූර්ණත්වයට පත්වූයේ වෙයි. එය ස්වභාවයෙන් හා ඒ කරුණු දෙකින් වන බැවින් ඒ අර්ථය කායෙ භාවියමානෙ යනාදියෙන් දක්වයි.

පඤ‍්චවිධං අධිගමං ගච‍්ඡතීති අරියමග‍්ගාධිගමමෙව අවත්‍ථාවිසෙසවසෙන පඤ‍්චධා විභජිත්‍වා දස‍්සෙති. අරියමග‍්ගො හි ඛිප‍්පං සකිං එකචිත‍්තක‍්ඛණෙනෙව චතූසු සච‍්චෙසු අත‍්තනා අධිගන‍්තබ‍්බං අධිගච‍්ඡතීති න තස‍්ස ලොකියසමාපත‍්තියා විය වසිභාවනාකිච‍්චං අත්‍ථීති ඛිප‍්පාධිගමො ච හොති. පජහිතබ‍්බානං අච‍්චන‍්තවිමුත‍්තිවසෙන පජහනතො විමුත‍්තාධිගමො ච. ලොකියෙහි මහන‍්තානං සීලක‍්ඛන්‍ධාදීනං අධිගමනභාවතො මහාධිගමො ච. තෙසංයෙව විපුලඵලානං අධිගමනතො විපුලාධිගමො ච. අත‍්තනා කත‍්තබ‍්බස‍්ස කස‍්සචි අනවසෙසතො අනවසෙසාධිගමො ච හොතීති. කෙ පනෙතෙ අධිගමා? කෙචි සමථානුභාවෙන, කෙචි විපස‍්සනානුභාවෙනාති ඉමං විභාගං දස‍්සෙතුං “තත්‍ථ සමථෙනා”තිආදි වුත‍්තං.

පංචවිධං අධිගමං අධිගච්ඡති යනු ආර්යමාර්ග අවබෝධයට අවස්ථා විශේෂ වශයෙන් පසළොසකින් බෙදා දක්වයි යනුයි. ආර්ය මාර්ගය වනාහි වහාම එකවිට ම එක චිත්ත ක්‍ෂණයෙකින් ම චතුසත්‍යයන්හි දී තමා විසින් අවබෝධ කරගත යුතුය. අවබෝධ කෙරෙයි යනුයි. එහි ලෞකික සමාපත්තියෙහි මෙන් වසඟ කරන කටයුත්තක් නැත. වහා අවබෝධ කරගැනීම යි. දුරු කළයුතු දේවලින් අතිශයින් ඉවත්වීම් වශයෙන් ඉවත්කරන හෙයින් මුත්තාධිගම ද වෙයි. ලෝකයා විසින් මහත් වූ සීලස්කන්ධාදීන් අවබෝධ කිරීම් වශයෙන් මහාධිගම ද වෙයි. ඒවායේ ම මහත් වූ ඵලයන් අවබෝධ කරන හෙයින් විපුලාධිගම ද වෙයි. තමා විසින් කළයුතු කිසිවක් ඉතිරි නැති බැවින් අනවසෙසාධිගම ද වෙයි. ඒ අධිගමයෙන් කවරහු ද? කිසිවෙක් සමථයේ ආනුභාවයෙන් ද කිසිවෙක් විදර්ශනාවේ ආනුභාවයෙන් ද යන මේ විභාගය දක්වන්නට තත්‍ථ සමථෙන යනාදිය කියන ලදි.

ඉති මහාථෙරො “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්සා”ති ගාථාය වසෙන අරහත‍්තඵලවිමුත‍්තිමුඛෙන විචයහාරසම‍්පාතං නිද‍්දිසන‍්තො දෙසනාකුසලතාය අනෙකෙහි සුත‍්තප‍්පදෙසෙහි තස‍්සා පුබ‍්බභාගපටිපදාය භාවනාවිසෙසානං භාවනානිසංසානඤ‍්ච විභජනවසෙන නානප‍්පකාරතො විචයහාරං දස‍්සෙත්‍වා ඉදානි දසන‍්නං තථාගතබලානම‍්පි වසෙන තං දස‍්සෙතුං “තත්‍ථ යො දෙසයතී”තිආදිමාහ. ඔවාදෙන සාවකෙ න විසංවාදයතීති අත‍්තනො අනුසිට‍්ඨියා ධම‍්මස‍්ස සවනතො “සාවකා”ති ලද‍්ධනාමෙ වෙනෙය්‍යෙ න විප‍්පලම‍්භෙති න වඤ‍්චෙති, විසංවාදනහෙතූනං පාපධම‍්මානං අරියමග‍්ගෙන බොධිමූලෙ එව සුප‍්පහීනත‍්තා. තිවිධන‍්ති තිප‍්පකාරං, තීහි ආකාරෙහීති අත්‍ථො. ඉදං කරොථාති ඉමං සරණගමනං සීලාදිඤ‍්ච උපසම‍්පජ‍්ජ විහරථ. ඉමිනා උපායෙන කරොථාති අනෙනපි විධිනා සරණානි සොධෙන‍්තා සීලාදීනි පරිපූරෙන‍්තා සම‍්පාදෙථ. ඉදං වො කුරුමානානන‍්ති ඉදං සරණගමනං සීලාදිඤ‍්ච තුම‍්හාකං අනුතිට‍්ඨන‍්තානං දිට‍්ඨධම‍්මසම‍්පරායනිබ‍්බානානං වසෙන හිතාය සුඛාය ච භවිස‍්සති, තානි සම‍්පාදෙථාති අත්‍ථො.

මෙසේ මහතෙරුන් වහන්සේ තස්මා රක්ඛිතචිත්තස්ස යන ගාථාව ලෙසින් අර්හත්ඵල විමුක්තිය වූ විචයහාර සම්පාතය දක්වමින් දේශනා කුශලත්වය කරණ කොටගෙන නොයෙක් සූත්‍ර කොටස්වලින් එහි පූර්වභාග ප්‍රතිපදාවේ වූ භාවනා විශේෂයන්ගේ ද භාවනා ආනිසංසයන්ගේ ද බෙදා දැක්වීම් වශයෙන් නන් අයුරින් විචය හාරය දක්වා දැන් දශවිධ තථාගත බල ලෙසින් එය දක්වන්නට තත්‍ථ යො දෙසයති යනාදිය කියන ලදි. ඔවාදෙන සාවකෙ න විසංවාදෙති යනු තමාගේ අවවාදයෙන් දහම් අසන බැවින් ශ්‍රාවක යැයි ලබන ලද නම් ඇති විනේයයන් නොරවටයි. වංචා නොකරයි යනුයි. මිථ්‍යා වාදයට හේතු වූ පාප ධර්මයන් ආර්ය මාර්ගයෙන් බෝමුලදීම මනාව ප්‍රහීණ කරන ලද හෙයිනි. තිවිධං යනු තුන්ආකාර වූ යනුයි. ආකාර තුනකින් යන අර්ථයයි. ඉදං කරොථ යනු මේ සරණාගමනයට ද ශීලාදියට ද පැමිණ වාසය කරවු යනුයි. ඉමිනා උපායෙන කරොථ යනු මේ ක්‍රමයෙන් ද සරණයන් ශෝධනය කරමින් සීලාදිය පුරමින් සම්පාදනය කරවු යනුයි. ඉදං වො කුරුමානානං යනු මේ සරණාගමනය ද සීලාදිය ද අනුකූලව සිටින ඔබලාට මෙලොව, පරලොව, නිවන ලෙසින් හිත පිණිස ද සුව පිණිස ද වන්නේය යනුයි. ඒවා සම්පාදනය කරවු යන අර්ථයයි.

එවං ඔවදනාකාරං දස‍්සෙත්‍වා යං වුත‍්තං – “ඔවාදෙන සාවකෙ න විසංවාදයතී”ති, තං තථාගතබලෙහි විභජිත්‍වා දස‍්සෙතුං “සො තථා ඔවදිතො”තිආදිමාහ. තත්‍ථ තථාති තෙන පකාරෙන “ඉදං කරොථ, ඉමිනා උපායෙන කරොථා”තිආදිනා වුත‍්තප‍්පකාරෙන. ඔවදිතොති ධම‍්මදෙසනාය සාසිතො. අනුසිට‍්ඨොති තස‍්සෙව වෙවචනං. තථා කරොන‍්තොති යථානුසිට‍්ඨං තථා කරොන‍්තො. තං භූමින‍්ති යස‍්සා භූමියා අධිගමත්‍ථාය ඔවදිතො, තං දස‍්සනභූමිඤ‍්ච භාවනාභූමිඤ‍්ච. නෙතං ඨානං විජ‍්ජතීති එතං කාරණං න විජ‍්ජති. කාරණඤ‍්හි තිට‍්ඨති එත්‍ථ ඵලං තදායත‍්තවුත‍්තිතායාති “ඨාන”න‍්ති වුච‍්චති. දුතියවාරෙ භූමින‍්ති සීලක‍්ඛන්‍ධෙන පත‍්තබ‍්බං සම‍්පත‍්තිභවසඞ‍්ඛාතං භූමිං.

මෙසේ අවවාද දෙන ආකාරය දක්වා ඔවාදෙන සාවකෙ න විසංවාදෙති යනුවෙන් යමක් කියන ලද ද එය තථාගත බලවලින් බෙදා දක්වන්නට සො තථා ඔවදිතො යනාදිය කියන ලදි. එහි තථා යනු ඒ ආකාරයෙන් යනුයි. මෙය කරවු. මේ උපායෙන් කරවු යනාදි වශයෙන් කියන ලද ක්‍රමයෙනි. ඔවදිතො යනු ධර්ම දේශනාව කරණ කොටගෙන අනුශාසනා කරන ලද යනුයි. අනුසිට්ඨො යනු ඊටම පර්යාය වචනයකි. තථා කරොන්තෙන යනු අවවාදය යම්සේ ද එසේ කරන්නා යනුයි. තං භූමිං යනු භූමියක අධිගම පිණිස අවවාද කරන ලද ද ඒ දර්ශන භූමිය හා භාවනා භූමියයි. නෙතං ඨානං විජ්ජති යනු මේ කාරණය විද්‍යමාන නොවේ යනුයි. කාරණය ම මෙහි ඵලය තිබේ. ඊට අයත් පැවතුම් ඇති බැවිනි යන අර්ථයෙන් ඨාන යැයි කියනු ලැබේ. දෙවැනි වාරයෙහි භූමිං යනු සීලස්කන්‍ධයෙන් පහකළ යුතු සම්පත්ති භව සංඛ්‍යාත භූමියයි.

ඉදානි යස‍්මා භගවතො චතුවෙසාරජ‍්ජානිපි අවිපරීතසභාවතාය පඨමඵලඤාණස‍්ස විසයවිසෙසො හොති, තස‍්මා තානිපි තස‍්ස විසයභාවෙන දස‍්සෙතුං “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ සතො”තිආදි වුත‍්තං. තත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ සතොති අහං සම‍්මාසම‍්බුද‍්ධො, මයා සබ‍්බෙ ධම‍්මා අභිසම‍්බුද‍්ධාති පටිජානනෙන සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ සතො. ඉමෙ ධම‍්මා අනභිසම‍්බුද‍්ධාති නෙතං ඨානං විජ‍්ජතීති “ඉමෙ නාම තයා ධම‍්මා අනභිසම‍්බුද‍්ධා”ති කොචි සහධම‍්මෙන සහෙතුනා සකාරණෙන වචනෙන, සුනක‍්ඛත‍්තො (දී· නි· 3.1 ආදයො; ම· නි· 1.146 ආදයො) විය විප‍්පලපන‍්තා පන අප‍්පමාණං. තස‍්මා සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති එතං කාරණං න විජ‍්ජති. එස නයො සෙසපදෙසුපි. යස‍්ස තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතොති රාගාදීසු යස‍්ස යස‍්ස පහානත්‍ථාය අසුභභාවනාදිධම‍්මො කථිතො. තක‍්කරස‍්සාති තථා පටිපන‍්නස‍්ස. විසෙසාධිගමන‍්ති අභිඤ‍්ඤාපටිසම‍්භිදාදිවිසෙසාධිගමං.

දැන් යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ චතුවෛශාරද්‍ය ඥානයන් ද නොවෙනස් ස්වභාව ඇති බැවින් පළමු ඵල ඤාණයේ විෂය විශේෂයක් වෙයි. එහෙයින් ඒවා ද එහි විෂය ස්වභාවයෙන් දක්වන්නට සම්මා සම්බුද්ධස්ස තෙ සතො යනාදිය කියන ලදි. එහි සම්මා සම්බුද්ධස්ස තෙ සතො යනු මම සම්මා සම්බුද්ධ වෙයි. මා විසින් සියලු ධර්මය අවබෝධ කරන ලදී යනුවෙන් දැනගැනීමෙන් සම්මා සම්බුදුරදුන්ට ඒවා සිහිවේ යනුයි. ඉමෙ ධම්මා අනභිසම්බුද්ධොති නෙතං ඨානං විජ්ජති යනු කිසිවක් මෙනම් ධර්ම ඔබ විසින් අවබෝධ නොකරන ලදැයි කරුණු සහිතව හේතු සහිතව කාරණා සහිත වචනයෙන් සුනක්ඛත්ත මෙන් කියන්නාහු යන්න අප්‍රමාණ වේද එහෙයින් කරුණු සහිතව ප්‍රතිචෝදනා කෙරෙත් යන මේ කරුණ විද්‍යමාන නොවේ. සෙසු පදවලදී ද මේ ක්‍රමයමැයි. යස්ස තෙ අත්‍ථාය ධම්මො දෙසිතො යනු රාගාදීන්ගෙන් යමක් යමක් ප්‍රහීණ කිරීම පිණිස අසුභ භාවනා ආදි ධර්මයන් කියන ලදී යනුයි. තක්කරස්ස යනු එසේ පිළිපන්නාටය. විසෙසාධිගමං යනු අභිඥා ප්‍රතිසම්භිදා ආදී විශේෂ අධිගමය යනුයි.

අන‍්තරායිකාති අන‍්තරායකරණං අන‍්තරායො, සො සීලං එතෙසන‍්ති අන‍්තරායිකා. අන‍්තරායෙ නියුත‍්තා, අන‍්තරායං වා ඵලං අරහන‍්ති, අන‍්තරායප‍්පයොජනාති වා අන‍්තරායිකා. තෙ පන කම‍්මකිලෙසාදිභෙදෙන පඤ‍්චවිධා. අනිය්‍යානිකාති අරියමග‍්ගවජ‍්ජා සබ‍්බෙ ධම‍්මා.

අන්තරායිකා යන තැන අනතුරු ඇතිකිරීම අන්තරායයි. සීලය මොවුන්ගේ අනතුරයි. (එබැවින්) එය අන්තරායික වේ. අනතුරේ නියුතු යන අර්ථයෙන් හෝ අනතුරේ ප්‍රයෝජන හෝ යන අර්ථයෙන් අන්තරායිකා නම් වේ. ඒවා වනාහි කම්ම කිලෙස ආදී භේදයෙන් පස්වැදෑරුම්ය. අනිය්‍යානිකා යනු ආර්ය මාර්ගයෙන් බැහැර වූ සියලු ධර්මයෝ ය.

දිට‍්ඨිසම‍්පන‍්නොති මග‍්ගදිට‍්ඨියා සම‍්පන‍්නො සොතාපන‍්නො අරියසාවකො. සුහතන‍්ති අතිවධිතං. ඉදම‍්පි එකදෙසකථනමෙව. මතකපෙතාදිදානම‍්පි සො න කරොති එව. පුථුජ‍්ජනොති පුථූනං කිලෙසාභිසඞ‍්ඛාරාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ‍්ජනො. වුත‍්තඤ‍්හෙතං –

දිට්ඨි සම්පන්නො යනු මාර්ග දෘෂ්ටියෙන් යුක්ත වූ සෝවාන් ආර්ය ශ්‍රාවකයායි. සුහතං යනු මනාව නැසූ යනුයි. මෙය ද ඒකදේශ කථනයක් ම ය. හෙතෙම මතක දාන, ප්‍රේත දාන ආදිය ද කරයි ම ය. පුථුජ්ජනො යනු බොහෝ ක්ලේශ සංස්කාරාදිය ඇතිකරන ආදි කරුණුවලින් පෘථග්ජන වූ යනුයි. එය මෙසේ කියන ලදි.

“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ‍්ජනො; පුථුජ‍්ජනන‍්තොගධත‍්තා, පුථුවායං ජනො ඉතී”ති. (දී· නි· අට‍්ඨ· 1.7; ම· නි· අට‍්ඨ· 1.2; අ· නි· අට‍්ඨ· 1.1.51; ධ· ස· අට‍්ඨ· 1007; පටි· ම· අට‍්ඨ· 2.1.130);

පුථුනං ජනනාදීති කාරණෙහි පුථුජ්ජනො, පුථුජ්ජනන්තොගධත්තා පුථුවායං ජනො ඉතී

‘බොහෝ කෙලෙස් ජනනය කිරීම් ආදී කරුණුවලින් පුථුජ්ජන නම් වේ. පෘථග්ජනයාට ඇතුළත් බැවින් ද මේ මිනිසා පුථු නම් වේ’ යනුවෙනි.

“මාතර”න‍්තිආදීසු ජනිකා මාතා. ජනකො ච පිතා. මනුස‍්සභූතො ඛීණාසවො අරහාති අධිප‍්පෙතො. කිං පන අරියසාවකො අඤ‍්ඤෙ ජීවිතා වොරොපෙය්‍යාති? එතම‍්පි අට‍්ඨානං. සචෙපි භවන‍්තරගතං අරියසාවකං අත‍්තනො අරියසාවකභාවං අජානන‍්තම‍්පි කොචි එවං වදෙය්‍ය “ඉදං කුන්‍ථකිපිල‍්ලිකං ජීවිතා වොරොපෙත්‍වා සකලචක‍්කවාළගබ‍්භෙ චක‍්කවත‍්තිරජ‍්ජං පටිපජ‍්ජාහී”ති, නෙව සො නං ජීවිතා වොරොපෙය්‍ය. අථාපි එවං වදෙය්‍යුං – “සචෙ ඉමං න ඝාතෙස‍්සසි, සීසං තෙ ඡින්‍දිස‍්සාමා”ති, සීසමෙවස‍්ස ඡින්‍දෙය්‍යුං, නෙව සො තං ඝාතෙය්‍ය. පුථුජ‍්ජනභාවස‍්ස පන මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං අරියභාවස‍්ස ච බලදීපනත්‍ථං එවං වුත‍්තං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – සාවජ‍්ජො වත පුථුජ‍්ජනභාවො. යත්‍ර හි නාම මාතුඝාකාදීනිපි ආනන‍්තරියානි කරිස‍්සති, මහාබලොව ච අරියභාවො, යො එතානි කම‍්මානි න කරොතීති.

මාතරං යනාදියෙහි උපදවන්නිය මවයි. උපදවන්නා පියා ද වේ. මනුෂ්‍යයෙකු වූ ක්‍ෂීණාශ්‍රව රහතුන් වහන්සේ යන අදහසයි. කිම ආර්ය ශ්‍රාවකයා අන්‍යයන් දිට්ඨියෙන් තොර කරවත් ද? මෙය ද නොවිය හැක්කකි. ඉදිනුදු භවාන්තර වූ ආර්ය ශ්‍රාවකයා තමාගේ ආර්ය ශ්‍රාවකත්වය නොදන්නාහු නමුත් කිසිවෙක් ‘මේ කුන්තකිපිල්ලකයා දිවියෙන් තොර කරවා මුල් සක්වල ගැබ සක්විති රජකමට පත්වෙවයි’ කියන්නේ ද හෙතෙම එම කුන්තකිපිල්ලකයාව දිවියෙන් තොර නොකරන්නේ ම ය. එසේ නැතහොත් මෙසේ කියන්නාහ. ‘ඉදින් මොහු නොමරන්නේ නම් ඔබගේ හිස සිඳින්නෙමු’ යනුවෙනි. (ඔවුහු) ඔහුගේ හිසම සිඳින්නාහ. හෙතෙම ඌව නොමරන්නේ ම ය. පෘථග්ජන භාවයේ මහාසාවද්‍යතාව දැක්වීම සඳහාත් ආර්ය භාවයේ බලය දැක්වීම සඳහාත් මෙසේ කියන ලදී, මෙය වනාහි මෙහි අදහසයි. යම්තැනක මව මැරීම ආදී ආනන්තරිය පාප කර්ම කරන්නේ ද ඒ පෘථග්ජනභාවය ඒකාන්තයෙන් සාවද්‍යය. යමෙක් ඒ පාපයන් නොකරන්නේ ද ඒ ආර්යභාවය මහා බලසම්පන්නය යනුයි.

සඞ‍්ඝං භින්‍දෙය්‍යාති සමානසංවාසකං සමානසීමායං ඨිතං පඤ‍්චහි කාරණෙහි සඞ‍්ඝං භින්‍දෙය්‍ය. වුත‍්තඤ‍්හෙතං – “පඤ‍්චහුපාලි, ආකාරෙහි සඞ‍්ඝො භිජ‍්ජති කම‍්මෙන උද‍්දෙසෙන වොහරන‍්තො අනුස‍්සාවනෙන සලාකග‍්ගාහෙනා”ති (පරි· 458).

සංඝං භින්‍දෙය්‍ය යනු සමාන සංවාසක උපාලි සමාන සීමාවෙහි සිටි සංඝයා පස් කරුණකින් බිඳෙන්නේය යනුයි. එය (මෙසේ) වදාරන ලද්දේය. කර්මයෙන්, උද්දේසයෙන්, ව්‍යවහාරයෙන්, අනුශ්‍රාවණයෙන්, කුසපත් ගැනීමෙන් යන පස් කරුණෙන් සංඝයා බිඳෙන්නේය යනුවෙනි.

තත්‍ථ කම‍්මෙනාති අපලොකනාදීසු චතූසු කම‍්මෙසු අඤ‍්ඤතරකම‍්මෙන. උද‍්දෙසෙනාති පඤ‍්චසු පාතිමොක‍්ඛුද‍්දෙසෙසු අඤ‍්ඤතරෙන උද‍්දෙසෙන. වොහරන‍්තොති කථයන‍්තො, තාහි තාහි උපපත‍්තීහි “අධම‍්මං ධම‍්මො”තිආදීනි අට‍්ඨාරසභෙදකරවත්‍ථූනි දීපයන‍්තො. අනුස‍්සාවනෙනාති “නනු තුම‍්හෙ ජානාථ මය‍්හං උච‍්චකුලා පබ‍්බජිතභාවං බහුස‍්සුතභාවඤ‍්ච, මාදිසො නාම උද‍්ධම‍්මං උබ‍්බිනයං සත්‍ථුසාසනං ගාහෙය්‍යාති කිං තුම‍්හාකං චිත‍්තම‍්පි උප‍්පාදෙතුං යුත‍්තං, කිමහං අපායතො න භායාමී”තිආදිනා නයෙන කණ‍්ණමූලෙ වචීභෙදං කත්‍වා අනුස‍්සාවනෙන. සලාකග‍්ගාහෙනාති එවං අනුස‍්සාවෙත්‍වා තෙසං චිත‍්තං උපත්‍ථම‍්භෙත්‍වා අනිවත‍්තිධම‍්මං කත්‍වා “ගණ‍්හථ ඉමං සලාක”න‍්ති සලාකග‍්ගාහෙන.

එහි කම්මෙන යනු අපලෝකන ආදී කර්ම සතරින් එක්තරා කර්මයකිනි. උද්දෙසෙන යනු පස්වැදෑරුම් පාමොක් උදෙසීම්වලින් එක්තරා උදෙසීමකිනි. වොහරන්තො යනු ප්‍රකාශ කරමින්, ඒ ඒ උත්පත්තිවලින් අධර්මය ධර්මය වේ ආදී අටළොස් භේදකර වස්තූන් දක්වමින් යනුයි. අනුසාවණෙන යනු ‘උසස් කුලයෙන් පැවිදි වූ මාගේ බහුශ්‍රැතභාවය නුඹලා නොදන්නහු ද? මා වැන්නෙක් අධර්මය, අවිනය ලෙස ශාස්තෲ ශාසනය ග්‍රහණය කරන්නේ යැයි සිතක්වත් උපදවන්නට ඔබලාට සුදුසු ද? කිම මම අපායෙන් නොබිය වෙම් ද?’ ආදී ක්‍රමයෙන් කණ මුල වාග්භේදය කොට ඇස්වීමෙනි. සලාකග්ගාහනෙන යනු මෙසේ අස්වා ඔවුන්ගේ සිත රුකුල් දී නොනවතින ධර්මයක් කොට මේ කුසපත ග්‍රහණය කරවු කියා කුසපත් ගැන්වීමෙනි.

එත්‍ථ ච කම‍්මමෙව උද‍්දෙසො වා පමාණං, වොහාරානුස‍්සාවනසලාකග‍්ගාහාපනං පන පුබ‍්බභාගො . අට‍්ඨාරසවත්‍ථුදීපනවසෙන හි වොහරන‍්තෙන තත්‍ථ රුචිජනනත්‍ථං අනුස‍්සාවෙත්‍වා සලාකාය ගාහිතායපි අභින‍්නො එව හොති සඞ‍්ඝො. යදා පන එවං චත‍්තාරො වා අතිරෙකා වා සලාකං ගාහෙත්‍වා ආවෙණිකං කම‍්මං වා උද‍්දෙසං වා කරොන‍්ති, තදා සඞ‍්ඝො භින‍්නො නාම හොති. එවං දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඞ‍්ඝං භින්‍දෙය්‍ය සඞ‍්ඝරාජිං වා ජනෙය්‍යාති නෙතං ඨානං විජ‍්ජතීති.

මෙහිදී ද කර්මයම හෝ උද්දේසය හෝ ප්‍රමාණය වෙයි. ව්‍යවාහරය, අනුශ්‍රාවණය, කුසපත් ගැන්වීම වනාහි පූර්වභාගයයි. අටළොස් භේදකර වස්තූන් දැක්වීම් වශයෙන් ව්‍යවහාර කරන්නහු විසින් එහි කැමැත්ත ඇතිකිරීම් පිණිස අනුශ්‍රාවණය කොට කුසපත් ගැන්වූ කල්හි ද සංඝයා නොබිඳුනේ ම වෙයි. යම්විටෙක මෙසේ සතරම හෝ අතිරේක එකක් හෝ කුසපත් ගන්වා ආවේණික කර්මයක් හෝ උදෙසීමක් හෝ කරත් ද එවිට සංඝයා බිඳුනේ වෙයි. මෙසේ දිට්ඨි සම්පන්න පුද්ගලයා, සංඝයා බිඳුවන්නේය. සඟ රජෙක් හෝ ඇතිකරන්නේය යන මේ කරුණු නොවන්නක් ම ය.

දුට‍්ඨචිත‍්තොති වධකචිත‍්තෙන පදුට‍්ඨචිත‍්තො. ලොහිතං උප‍්පාදෙය්‍යාති ජීවමානකසරීරෙ ඛුද‍්දකමක‍්ඛිකාය පිවනමත‍්තම‍්පි ලොහිතං උප‍්පාදෙය්‍ය. එත‍්තාවතා හි මාතුඝාතාදීනි පඤ‍්චානන‍්තරියකම‍්මානි දස‍්සිතානි හොන‍්ති. යානි පුථුජ‍්ජනො කරොති, න අරියසාවකො. දුට‍්ඨචිත‍්තොති විනාසචිත‍්තෙන පදුට‍්ඨචිත‍්තො. ථූපන‍්ති චෙතියං. භින්‍දෙය්‍යාති නාසෙය්‍ය.

දුට්ඨචිත්තො යනු වධක සිතින් දූෂණය වූ සිතයි. ලොහිතං උප්පාදෙය්‍ය යනු ජීවමාන ශරීරයෙහි කුඩා මැස්සෙකු විසින් බොනු ලබන ස්වල්පයක් හෝ ලේ උපදවන්නේය යනුයි. යම් පාපකර්ම පෘථග්ජනයා විසින් කෙරෙයි ද ආර්ය ශ්‍රාවකයා විසින් නො කෙරෙයි ද ඒ මව මැරීම ආදී පංච ආනන්තර්ය පාප කර්ම මෙපමණකින් දක්වන ලද්දේ වෙයි. දුට්ඨ චිත්තො යනු යහපත් සිතක් නැතිව දූෂිත වූ සිතයි. ථූපං යනු චෛත්‍යයයි. භින්‍දෙය්‍ය යනු නසන්නේය යනුයි.

අඤ‍්ඤං සත්‍ථාරන‍්ති “අයං මෙ සත්‍ථා සත්‍ථු කිච‍්චං කාතුං සමත්‍ථො”ති භවන‍්තරෙපි අඤ‍්ඤං තිත්‍ථකරං. අපදිසෙය්‍යාති “අයං මෙ සත්‍ථා”ති එවං ගණ‍්හෙය්‍යාති නෙතං ඨානං විජ‍්ජති. ඉතො බහිද‍්ධා අඤ‍්ඤං දක‍්ඛිණෙය්‍යං පරියෙසෙය්‍යාති සාසනතො බහිද‍්ධා අඤ‍්ඤං බාහිරකං සමණං වා බ්‍රාහ‍්මණං වා “අයං දක‍්ඛිණාරහො, ඉමස‍්මිං කතා කාරා මහප‍්ඵලා භවිස‍්සන‍්තී”ති අධිප‍්පායෙන තස‍්මිං පටිපජ‍්ජෙය්‍යාති අත්‍ථො. කුතූහලමඞ‍්ගලෙන සුද‍්ධිං පච‍්චෙය්‍යාති “ඉමිනා ඉදං භවිස‍්සතී”ති එවං පවත‍්තත‍්තා කුතූහලසඞ‍්ඛාතෙන දිට‍්ඨසුතමුතමඞ‍්ගලෙන අත‍්තනො සුද‍්ධිං වොදානං සද‍්දහෙය්‍ය.

අඤ්ඤං සත්‍ථාරං යනු මොහු මගේ ශාස්තෲවරයාය. ශාස්තෲ කෘත්‍යය කිරීමට සමත් වේ යැයි කියා භවාන්තරයෙහි ද අන්‍ය වූ තීර්ථාංකරයෙකු ගැනීමයි. අපදිසෙය්‍ය යනු මොහු මාගේ ශාස්තෲ යැයි ගන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ යනුයි. ඉතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්‍ය පරියෙසෙය්‍ය යනු සසුනෙන් බැහැරව අන්‍ය වූ බාහිර සමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පිළිබඳව මොහු දක්‍ෂිණාර්හයෙකි. මොහු කෙරෙහි කරන ලද සත්කාරය මහත්ඵල වන්නේය යන අදහසින් ඔහු පිළිදැගුම් කරන්නේය යන අර්ථයයි. කුතූහලමංගලෙන සුද්ධිං පච්චෙය්‍ය යන මෙයින් මෙය වන්නේය යනුවෙන් පැවති බැවින් කුතුහල සංඛ්‍යාත දිට්ඨ සූත මුත මංගලයන්ගෙන් තමාගේ ශුද්ධිය පිරිසිදු බව විශ්වාස කරන්නේය යනුයි.

ඉත්‍ථී රාජා චක‍්කවත‍්තී සියාති නෙතං ඨානං විජ‍්ජතීති යස‍්මා ඉත්‍ථියා කොසොහිතවත්‍ථගුය‍්හාදීනං අභාවෙන ලක‍්ඛණානි න පරිපූරන‍්ති, ඉත්‍ථිරතනාභාවෙන ච සත‍්තරතනසමඞ‍්ගිතා න සම‍්පජ‍්ජති. සබ‍්බමනුස‍්සානම‍්පි ච න අධිකො අත‍්තභාවො හොති, තස‍්මා “ඉත්‍ථී…පෙ… විජ‍්ජතී”ති වුත‍්තං. යස‍්මා සක‍්කත‍්තාදීනි තීණි ඨානානි උත‍්තමානි, ඉත්‍ථිලිඞ‍්ගඤ‍්ච හීනං, තස‍්මා තස‍්සා සක‍්කත‍්තාදීනිපි පටිසිද‍්ධානීති. නනු ච යථා ඉත්‍ථිලිඞ‍්ගං, එවං පුරිසලිඞ‍්ගම‍්පි බ්‍රහ‍්මලොකෙ නත්‍ථි, තස‍්මා පුරිසො මහාබ්‍රහ‍්මා සියාති න වත‍්තබ‍්බන‍්ති? නො න වත‍්තබ‍්බං. කස‍්මා? ඉධ පුරිසස‍්ස තත්‍ථ නිබ‍්බත‍්තනතො. ඉත්‍ථියො හි ඉධ ඣානං භාවෙත්‍වා කාලං කත්‍වා බ්‍රහ‍්මපාරිසජ‍්ජානං සහබ්‍යතං උපපජ‍්ජන‍්ති, න මහාබ්‍රහ‍්මානං. පුරිසො පන කත්‍ථචි න උප‍්පජ‍්ජතීති න වත‍්තබ‍්බො. සමානෙපි තත්‍ථ උභයලිඞ‍්ගාභාවෙ පුරිසසණ‍්ඨානාව තත්‍ථ බ්‍රහ‍්මානො, න ඉත්‍ථිසණ‍්ඨානා, තස‍්මා සුවුත‍්තමෙතං. ඉත්‍ථී තථාගතොති එත්‍ථ තිට‍්ඨතු තාව සබ‍්බඤ‍්ඤුගුණෙ නිබ‍්බත‍්තෙත්‍වා ලොකානං තාරණසමත්‍ථො බුද‍්ධභාවො, පණිධානමත‍්තම‍්පි ඉත්‍ථියා න සම‍්පජ‍්ජති.

ඉත්‍ථි රාජා චක්කවත්ති සියාති නෙතං ඨානං විජ්ජති යම්හෙයකින් කෝෂය තුළට බැසගත් ලිංගය ආදිය නැතිකමින් ස්ත්‍රියගේ (මහා) ලක්‍ෂණ නොසපිරෙත් ද ස්ත්‍රීරත්නය නොමැතිකමින් සප්තරත්නයන්ගෙන් යුක්ත බවට නොපැමිණේ ද සියලු මිනිසුන්ගේ ද අධික වූ ආත්මභාවයක් නොවේ ද එහෙයින් ඉත්‍ථි -පෙ- විජ්ජති යි කියන ලදි. යම්හෙයකින් ගරුකළ යුතු බව ආදී කරුණු තුන උතුම් වේ ද ස්ත්‍රී ලිංගය හීන වේ ද එහෙයින් ඇගේ ගරු කළයුතු බව ආදිය ද වැළකී යන්නේය. ස්ත්‍රී ලිංගය යම් සේ ද පුරුෂලිංගයත් එසේ නොවේ ද? එහෙයින් බඹලොව මහා බ්‍රහ්මයා පුරුෂයෙක් වන්නේදැයි නොකිවයුතු නොවන්නේ ද? නොකිව යුත්තේ නොවේ. කවර හෙයින් ද? මෙහි පුරුෂයා එහි උපදනා හෙයිනි. ස්ත්‍රීන් වනාහි මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්‍රහ්ම පාරිසජ්ජ දෙවියන්ගේ සහව්‍යතාවට ඉපදෙත්. මහා බ්‍රහ්මයන්ගේ සහව්‍යතාවට නොවේ. පුරුෂයා වනාහි කිසිතැනක නූපදින්නේ යැයි නොකිව යුතුය. උභයලිංග භාවය ඇතිවිටත් ඔවුහු පුරුෂ සලකුණු ඇත්තෝ ම ය. එහි බඹහු ස්ත්‍රී සලකුණු ඇත්තෝ නොවෙත්. එහෙයින් මෙය මනා කියමනකි. ඉත්‍ථි තථාගතො යන මෙහි සර්වඥ ගුණයන් උපදවා ලෝකයා (සසරින්) එතෙර කිරීමට සමර්ථ වූ බුද්ධභාවය සිටීවා. ඒ සඳහා ප්‍රාර්ථනා මාත්‍රයකට හෝ ස්ත්‍රිය නොපැමිණෙයි.

“මනුස‍්සත‍්තං ලිඞ‍්ගසම‍්පත‍්ති, හෙතු සත්‍ථාරදස‍්සනං; පබ‍්බජ‍්ජා ගුණසම‍්පත‍්ති, අධිකාරො ච ඡන්‍දතා; අට‍්ඨධම‍්මසමොධානා, අභිනීහාරො සමිජ‍්ඣතී”ති. (බු· වං· 2.59) –

මනුස්සත්තං ලිංග සම්පත්ති හෙතු සත්‍ථාර දස්සනං, පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරො ච ඡන්‍දතා, අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣතී

මනුෂ්‍යත්වය ලිංග සම්පත්තිය, හේතුව, ශාස්තෲ දර්ශනය, පැවිද්ද, ගුණ සම්පත්තිය, අධිකාරය, ඡන්‍දය යන කරුණු අට එක්වීමෙන් ප්‍රාර්ථනාව සමෘද්ධ වේ.

ඉමානි හි පණිධානසම‍්පත‍්තිකාරණානි. ඉති පණිධානමත‍්තම‍්පි සම‍්පාදෙතුං අසමත්‍ථාය ඉත්‍ථියා කුතො බුද‍්ධභාවොති “ඉත්‍ථී තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො සියාති නෙතං ඨානං විජ‍්ජතී”ති වුත‍්තං. සබ‍්බාකාරපරිපූරො පුඤ‍්ඤුස‍්සයො සබ‍්බාකාරපරිපූරමෙව අත‍්තභාවං නිබ‍්බත‍්තෙතීති පුරිසොව අරහං හොති සම‍්මාසම‍්බුද‍්ධො.

මේවා වනාහි ප්‍රණිධාන සම්පත්ති කරුණුය. මෙසේ ප්‍රාර්ථනා මාත්‍රයක් හෝ සම්පාදනය කරන්නට අසමර්ථ වූ ස්ත්‍රියට බුදුබවක් කොයින්දැයි දක්වන්නට ඉත්‍ථි තථාගතො අරහං සම්මා සම්බුද්ධො සියා නෙතං ඨානං විජ්ජති යි කියන ලදි. හැම අයුරකින්ම පිරිපුන් පුණ්‍යයන්ගේ නැගී සිටීම සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ ආත්මභාවය උපදවන්නේය යන අර්ථයෙන් පුරුෂයාම අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙයි.

එකිස‍්සා ලොකධාතුයාති දසසහස‍්සිලොකධාතුයා, යා ජාතිඛෙත‍්තන‍්ති වුච‍්චති. සා හි තථාගතස‍්ස ගබ‍්භොක‍්කන‍්තිකාලාදීසු කම‍්පති. ආණාඛෙත‍්තං පන කොටිසතසහස‍්සචක‍්කවාළං. යා එකතො සංවට‍්ටති ච විවට‍්ටති ච, යත්‍ථ ච ආටානාටියපරිත‍්තාදීනං (දී· නි· 3.277 ආදයො) ආණා පවත‍්තති. විසයඛෙත‍්තස‍්ස පරිමාණං නත්‍ථි. බුද‍්ධානඤ‍්හි “යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, නෙය්‍යපරියන‍්තිකං ඤාණං, ඤාණපරියන‍්තිකං නෙය්‍ය”න‍්ති (මහානි· 69; චූළනි· මොඝරාජමාණවපුච‍්ඡානිද‍්දෙස 85; පටි· ම· 3.5) වචනතො අවිසයො නාම නත්‍ථි. ඉති ඉමෙසු තීසු ඛෙත‍්තෙසු තිස‍්සො සඞ‍්ගීතියො ආරුළ‍්හෙ තෙපිටකෙ බුද‍්ධවචනෙ “ඨපෙත්‍වා ඉමං චක‍්කවාළං අඤ‍්ඤස‍්මිං චක‍්කවාළෙ බුද‍්ධා උප‍්පජ‍්ජන‍්තී”ති සුත‍්තං නත්‍ථි, න උප‍්පජ‍්ජන‍්තීති පන අත්‍ථි.

එකිස්සා ලොක ධාතුයා යනු දස සහස්සි ලෝකධාතුවෙහි යමක් ජාතික්ඛෙත්ත යයි කියනු ලැබේ ද එයයි. එය වනාහි තථාගතයන් වහන්සේගේ ගැබට බැසගන්නා වේලාව ආදියේදී කම්පා වෙයි. ආණාඛෙත්ත වනාහි කෝටි සියදහසක් වූ සක්වළයි. යම් සක්වළක් එක්වම සංවෘත වේ ද, විවෘත වේ ද යම් තැනක ආටානාටිය පිරිත ආදියේ අණසක පවතී ද (එය ආණා ඛෙත්ත නමි) විසය ඛෙත්තයේ ප්‍රමාණයක් නැත. ‘ඥානය යම්තාක් ද ඒ තාක් ප්‍රඥාව වේ. යම්තාක් ප්‍රඥාව වේද ඒ තාක් ඥානය වේ. ප්‍රඥාව ඥානය කෙළවර කොට ඇත්තේය. ඥානය ප්‍රඥාව කෙළවර කොට ඇත්තේය’ යන වචනයෙන් බුදුවරුන්ට විෂය නොවූ දෙයක් නම් නැත. මේ ත්‍රිවිධ ක්‍ෂේත්‍රයන්ට අනුව ත්‍රිපිටක බුද්ධවචනය ත්‍රිවිධ සංගීතියට නැගූ කල්හි මේ සක්වළ හැර වෙනත් සක්වලක බුදුවරු උපදිත් යනුවෙන් ප්‍රකාශිත සූත්‍රයක් නම් නැත. උපදිත් යන යමක් නැත.

අපුබ‍්බං අචරිමන‍්ති අපුරෙ අපච‍්ඡා එකතො න උප‍්පජ‍්ජන‍්ති, පුරෙ වා පච‍්ඡා වා උප‍්පජ‍්ජන‍්තීති වුත‍්තං හොති. තත්‍ථ ගබ‍්භොක‍්කන‍්තිතො පුබ‍්බෙ පුරෙති වෙදිතබ‍්බං. තතො පට‍්ඨාය හි දසසහස‍්සිචක‍්කවාළකම‍්පනෙන ඛෙත‍්තපරිග‍්ගහො කතො නාම හොති, අඤ‍්ඤස‍්ස බුද‍්ධස‍්ස උප‍්පත‍්ති නත්‍ථි. ධාතුපරිනිබ‍්බානතො පරං පන පච‍්ඡා, තතො හෙට‍්ඨාපි අඤ‍්ඤස‍්ස බුද‍්ධස‍්ස උප‍්පත‍්ති නත්‍ථි, උද‍්ධං න වාරිතා.

අපුබ්බං අචරිමං යනු පෙර පසු නොවී එක්ව නූපදී යනුයි. පෙර හෝ පසු හෝ උපදිත් යැයි කියන ලද්දේ වෙයි. එහි ගැබට බැසගැනීමෙන් පූර්වයෙන් වූයේ පුරෙ යයි දතයුතුය. එතැන්පටන් දසදහසක් සක්වළ කම්පා කිරීමෙන් ක්‍ෂේත්‍ර පරිග්‍රහය කරන ලද්දේ වෙයි. අනෙක් බුදුවරයෙකුගේ උපතක් නැත. ධාතු පරිනිර්වාණයෙන් මත්තෙහි, පසුව එයින් යට ද වෙනත් බුදුවරයෙකුගේ උපතක් නැත. උඩින් නොවළක්වන ලදී. කවර හෙයකින් නොපූර්වව නොපළමුව නූපදිත් ද? ආශ්චර්යයක් නොවන බැවිනි.

කස‍්මා පන අපුබ‍්බං අචරිමං න උප‍්පජ‍්ජන‍්තීති? අනච‍්ඡරියත‍්තා. අච‍්ඡරියමනුස‍්සා හි බුද‍්ධා භගවන‍්තො. යථාහ – “එකපුග‍්ගලො, භික‍්ඛවෙ, ලොකෙ උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති අච‍්ඡරියමනුස‍්සො”තිආදි (අ· නි· 1.171). යදි ච අනෙකෙ බුද‍්ධා එකතො උප‍්පජ‍්ජෙය්‍යුං, අනච‍්ඡරියා භවෙය්‍යුං. දෙසනාය ච විසෙසාභාවතො. යඤ‍්හි සතිපට‍්ඨානාදිභෙදං ධම‍්මං එකො දෙසෙති, අඤ‍්ඤෙනපි සො එව දෙසෙතබ‍්බො සියා, විවාදභාවතො ච. බහූසු හි බුද‍්ධෙසු එකතො උප‍්පන‍්නෙසු බහූනං ආචරියානං අන‍්තෙවාසිකා විය “අම‍්හාකං බුද‍්ධො පාසාදිකො”තිආදිනා තෙසං සාවකා විවදෙය්‍යුං. කිං වා එතෙන කාරණගවෙසනෙන, ධම‍්මතාවෙසා යං එකිස‍්සා ලොකධාතුයා ද‍්වෙ තථාගතා එකතො න උප‍්පජ‍්ජන‍්තීති (මි· ප· 5.1.1).

භාග්‍යවත් බුදුවරු ආශ්චර්ය මනුෂ්‍යයෝය. එය මෙසේ කියන ලදි. ‘මහණෙනි, ආශ්චර්ය මනුෂ්‍ය වූ එක් පුද්ගලයෙක් ලෝකයේ උපදිනුයේ උපදියි’ යනාදි වහයෙනි. ඉදින් නොයෙක් බුදුවරු එක්ව උපදින්නාහු නම් දේශනාවේ විශේෂයක් නොමැතිකමින් ආශ්චර්යයක් නොවන්නාහ. සතිපට්ඨාන ආදී භේද ඇති යම් ධර්මයක් එක්ව දේශනා කෙරේ ද වෙනත් ක්‍රමයකින් ද එයම දෙසිය යුතු වන්නේය. විවාදයක් නොවන හෙයින් ද වේ. බොහෝ බුදුවරු එක්ව උපන්කල්හි බොහෝ ගුරුවරුන්ගේ අතවැස්සන් මෙන් ‘අපගේ බුදුහු ප්‍රසාදය ඇතිකරත් යනාදියෙන් ඔවුන්ගේ ශ්‍රාවකයෝ විවාද කරන්නාහ. මේ කරුණු සෙවීමෙන් කවර ප්‍රයෝජනයක් ද? එක් ලෝකධාතුවක බුදුවරු දෙදෙනෙක් එකවිට නූපදිත් යන මෙය ධර්මතාවකි.

යථා නිම‍්බබීජකොසාතකිබීජාදීනි මධුරං ඵලං න නිබ‍්බත‍්තෙන‍්ති, අසාතං අමධුරමෙව ඵලං නිබ‍්බත‍්තෙන‍්ති, එවං කායදුච‍්චරිතාදීනි මධුරවිපාකං න නිබ‍්බත‍්තෙන‍්ති අමධුරමෙව නිබ‍්බත‍්තෙන‍්ති. යථා ච උච‍්ඡුබීජසාලිබීජාදීනි මධුරං සාදුරසමෙව ඵලං නිබ‍්බත‍්තෙන‍්ති න අසාතං කටුකං. එවං කායසුචරිතාදීනි මධුරමෙව විපාකං නිබ‍්බත‍්තෙන‍්ති න අමධුරං. වුත‍්තම‍්පි චෙතං –

යම්සේ කොහොඹ බීජ, කෝසාතකී (වැටකොළු) බීජ ආදිය මිහිරි ඵල නූපදවත් ද මිහිරි නොවූ අමිහිරි ඵල ම උපදවත් ද එසේ කාය දුශ්චරිතාදිය මිහිරි විපාක ඇති නොකරයි. අමිහිරි විපාක ම ඇතිකරයි. යම්සේ උක්බීජ හැල්වී බීජ ආදිය මිහිරි වූ මධුර රසැති ඵල ම උපදවයි ද අමිහිරි කටුක ඵල නූපදවයි ද එසේ කාය සුචරිත ආදිය මිහිරි විපාක ම උපදවයි. නොමිහිරි ඒවා නූපදවයි. මෙය ද (මෙසේ) කියන ලදි.

“යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපක”න‍්ති. (සං· නි· 1.256; නෙත‍්ති· 122);

යාදිසං වපතෙ බීජං තදිසං හරතෙ ඵලං, කල්‍යාණකාරී කල්‍යාණ පාපකාරී ච පාපකං

යම්බඳු බීජ වපුරයි ද එබඳු ඵල ගනු ලැබේ. යහපත කරන්නා යහපත් විපාක ලබයි. පව් කරන්නා පාපී විපාක ලබයි.

තස‍්මා “තිණ‍්ණං දුච‍්චරිතාන”න‍්තිආදි වුත‍්තං.

එහෙයින් තිණ්ණං දුච්චරිතානං යනාදිය කියන ලදි.

අඤ‍්ඤතරො සමණො වා බ්‍රාහ‍්මණො වාති යො කොචි පබ‍්බජ‍්ජාමත‍්තෙන සමණො වා ජාතිමත‍්තෙන බ්‍රාහ‍්මණො වා. පාපිච‍්ඡො සම‍්භාවනාධිප‍්පායෙන විම‍්හාපනතො කුහකො. පච‍්චයසන‍්නිස‍්සිතාය පයුත‍්තවාචාය වසෙන ලපකො. පච‍්චයනිබ‍්බත‍්තකනිමිත‍්තාවචරතො නෙමිත‍්තකො. කුහනලපනනෙමිත‍්තකත‍්තං පුබ‍්බඞ‍්ගමං කත්‍වාති කුහනාදිභාවමෙව පුරක‍්ඛත්‍වා සන‍්තින්‍ද්‍රියො සන‍්තමානසො විය චරන‍්තො. පඤ‍්ච නීවරණෙති කාමච‍්ඡන්‍දාදිකෙ පඤ‍්ච නීවරණෙ. අප‍්පහාය අසමුච‍්ඡින්‍දිත්‍වා, චෙතසො උපක‍්කිලෙසෙති නීවරණෙ. නීවරණා හි චිත‍්තං උපක‍්කිලෙසෙන‍්ති කිලිට‍්ඨං කරොන‍්ති විබාධෙන‍්ති උපතාපෙන‍්ති ච. තස‍්මා “චෙතසො උපක‍්කිලෙසා”ති වුච‍්චන‍්ති. පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙති නීවරණෙ. නීවරණා හි උප‍්පජ‍්ජමානා අනුප‍්පන‍්නාය පඤ‍්ඤාය උප‍්පජ‍්ජිතුං න දෙන‍්ති. තස‍්මා “පඤ‍්ඤාය දුබ‍්බලීකරණා”ති වුච‍්චන‍්ති. අනුපට‍්ඨිතස‍්සතීති චතූසු සතිපට‍්ඨානෙසු න උපට‍්ඨිතස‍්සති. අභාවයිත්‍වාති අවඩ‍්ඪයිත්‍වා. අනුත‍්තරං සම‍්මාසම‍්බොධින‍්ති අරහත‍්තපදට‍්ඨානං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං.

අඤ්ඤතරො සමණො වා බ්‍රාහ්මණො වා යනු පැවිදි මාත්‍රයෙන් ශ්‍රමණ වූ යම්කිසිවෙක් හෝ ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණ වූ යම්කිසිවෙක් හෝ ය. පවිටු අදහස් ඇත්තා සම්භාවනා කිරීමේ අදහසින් පුදුමට පත්කිරීම් වශයෙන් කුහකො කුහකයෙක් වේ. ප්‍රත්‍ය සනිශ්‍රිත බවෙහි යෙදූ වචන ලෙසින් ලපකො ලපකයෙක් වේ. ප්‍රත්‍ය උපදවන නිමිතිවල හැසිරෙන හෙයින් නෙමිත්තකො වේ. කුහනලපන නෙමිත්තකත්තං පුබ්බංගමං කත්‍වා යනු කුහක බව ආදියම පෙරටුකොට සන්සුන් ඉඳුරන් ඇති, සන්සුන් මනසක් ඇති අයෙකු මෙන් හැසිරෙමින් යනුයි. පංචනීවරණෙ යනු කාමච්ඡන්‍ද ආදී පංච නීවරණයන් ය. නීවරණ වනාහි සිත බැහැරින් දූෂණය කරයි. කිලිටි කරත්. පෙළත්. තවත්. එහෙයින් සිතෙහි උපක්ලේශ යැයි කියනු ලැබේ. පඤ්ඤාය දුබ්බලීකරණෙ යනු නීවරණයන් ය. නීවරණයෝ වනාහි නූපන් ප්‍රඥාව උපදින්නට නොදෙත්. එහෙයින් ප්‍රඥාව දුබල කරන්න දේවල්යැයි කියනු ලැබේ. අනුපට්ඨිතස්සති යනු සතර සතිපට්ඨානයන්හි නොඑළඹි සිහියයි. අභාවයිත්‍වා යනු වර්ධනය නොකොට යනුයි. අනුත්තරං සම්මා සම්බොධිං යනු අර්හත් පදයට කරුණු වූ සර්වඥතා ඥානයයි.

පච‍්ඡිමවාරෙ අඤ‍්ඤතරො සමණො වා බ්‍රාහ‍්මණො වාති සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තං සන්‍ධාය වදති. තත්‍ථ සබ‍්බදොසාපගතොති සබ‍්බෙහි පාරමිතාපටිපක‍්ඛභූතෙහි දොසෙහි අපගතො. එතෙන පරිපූරිතපාරමිභාවං දස‍්සෙති. සතිපට‍්ඨානානි විපස‍්සනා, බොජ‍්ඣඞ‍්ගො මග‍්ගො, අනුත‍්තරා සම‍්මාසම‍්බොධි අරහත‍්තං. සතිපට‍්ඨානානි වා විපස‍්සනා, බොජ‍්ඣඞ‍්ගා මිස‍්සකා, සම‍්මාසම‍්බොධි අරහත‍්තමෙව. සෙසං අනන‍්තරවාරෙ වුත‍්තපටිපක‍්ඛතො වෙදිතබ‍්බං. යං එත්‍ථ ඤාණන‍්ති යං එතස‍්මිං යථාවුත‍්තෙ ඨානෙ ච ඨානං, අට‍්ඨානෙ ච අට‍්ඨානන‍්ති පවත‍්තං ඤාණං. හෙතුසොති තස‍්ස ඨානස‍්ස අට‍්ඨානස‍්ස ච හෙතුතො. ඨානසොති තඞ‍්ඛණෙ එව ආවජ‍්ජනසමනන‍්තරං. අනොධිසොති ඔධිඅභාවෙන, කිඤ‍්චි අනවසෙසෙත්‍වාති අත්‍ථො.

පශ්චිම වාරයෙහි අඤ්ඤතරො සමණො වා බ්‍රාහ්මණො වා යනු සර්වඥ - බෝසතුන් සඳහා කියන ලදි. එහි සබ්බදොසා පගතො යනු පාරමිතාවන්ට ප්‍රතිපක්‍ෂ වූ සියලු දෝෂයන්ගෙන් ඉවත්වූයේ යනුයි. මෙයින් පුරන ලද පාරමිතා ඇති බව දක්වයි. සතිපට්ඨාන යනු විදර්ශනාවයි. බොජ්ඣංග යනු මාර්ගයයි. අනුත්තර වූ සම්මා සම්බෝධිය අර්හත්වයයි. සතිපට්ඨාන හෝ විදර්ශනාව හෝ බොජ්ඣංග හෝ මිශ්‍ර වූ සම්මා සම්බෝධිය අර්හත්වය ම ය. සෙස්ස අනතුරු වාරයෙහි කියන ලද ප්‍රතිපක්‍ෂ ක්‍රමයෙන් දතයුතුය. යං එත්‍ථ ඤාණං යනු කියන ලද පරිදි මෙතැන ද යම්තැනක් නොතැන යයි කියන ලද නම් එතැන ද (යන දෙතැන) අට්ඨාන යනුවෙන් පැවති ඥානයයි. හෙතුසො යනු ඒ ඨානයේ ද අට්ඨානයේ ද හේතුවෙනි. ඨානසො යනු එකෙණෙහිම සිහිකිරීමට අනතුරුව යනුයි. අනධිසො යනු සීමාවක් නොමැතිකමින් කිසිවක් ඉතිරි නොකොට යන අර්ථයයි.

ඉති ඨානාට‍්ඨානගතාතිආදීසු එවං ඨානාට‍්ඨානභාවං ගතා. සබ‍්බෙති ඛයවයවිරජ‍්ජනනිරුජ‍්ඣනසභාවා සඞ‍්ඛතධම‍්මා, තෙ එව ච සත‍්තපඤ‍්ඤත‍්තියා උපාදානභූතා කෙචි සග‍්ගූපගා යෙ ධම‍්මචාරිනො, කෙචි අපායූපගා යෙ අධම‍්මචාරිනො, කෙචි නිබ‍්බානූපගා යෙ කම‍්මක‍්ඛයකරං අරියමග‍්ගං පටිපන‍්නා.

ඉති ඨානා ඨානගතා යනාදියෙහි මෙසේ ඨානාඨාන භාවයට ගියාහුය. සබ්බෙ යනු ක්‍ෂයවීම් වැයවීම්, නොඇලීම්, නිරුද්ධවීම් ස්වභාවයන්ගෙන් යුත් සංඛත ධර්මයෝය. ඒවාමස ත්ත්ව ප්‍රඥප්තියෙන් උපාදාන වූයේ වෙත්. ධර්මචාරී වූ යම් කෙචි සක්ඛග්ගූපනා කිසිවෙක් ස්වර්ගාමී වෙත්. අධර්මචාරී වූ යම්කිසිවෙක් කෙචි අපායූපගා අගයගාමී වෙත්. කර්මක්‍ෂය කරන ආර්ය මාර්ගයට පිළිපන් කෙචි නිබ්බාණූපගා යම්කිසිවෙක් නිර්වාණගාමී වෙත්.

ඉදානි යථාවුත‍්තමත්‍ථං විවරන‍්තො “සබ‍්බෙ සත‍්තා මරිස‍්සන‍්තී”ති ගාථාද‍්වයමාහ. තස‍්ස අත්‍ථං “සබ‍්බෙ සත‍්තාති අරියා ච අනරියා චා”තිආදිනා සයමෙව නිද‍්දිසති. තත්‍ථ ජීවිතපරියන‍්තො මරණපරියන‍්තොති ජීවිතස‍්ස පරියන‍්තො නාම මරණසඞ‍්ඛාතො අන‍්තො. යථාකම‍්මං ගමිස‍්සන‍්තීති එත්‍ථ යදෙතං සත‍්තානං යථාකම‍්මං ගමනං, අයං කම‍්මස‍්සකතාති අත්‍ථො . කම‍්මානං ඵලදස‍්සාවිතා ච අවිප‍්පවාසො චාති “පුඤ‍්ඤපාපඵලූපගා”ති ඉමිනා වචනෙන කම‍්මානං ඵලස‍්ස පච‍්චක‍්ඛකාරිතා, කතූපචිතානං කම‍්මානං අත‍්තනො ඵලස‍්ස අප‍්පදානාභාවො ච දස‍්සිතොති අත්‍ථො.

දැන් කියන ලද අර්ථය විවරණය කරමින් සබ්බෙ සත්තා මරිස්සන්ති යන ගාථා දෙක ප්‍රකාශ කරන ලදි. එහි අර්ථය සබ්බෙ සත්තාති අරියා ච අනරියා ච යන ආදියෙන් තමාව දක්වාලයි. එහි ජීවිත පරියන්තො මරණන්තො යනු ජීවිතයේ කෙළවර නම් මරණ සංඛ්‍යාත අන්තය යනුයි. යථාකම්මං ගමිස්සන්ති යන මෙහි සත්ත්වයන්ගේ කර්මය අනුව වූ යම් ගමනක් වේ ද එය මේ කමස්සකතාව යැයි යන අර්ථයයි. කම්මානං ඵල දස්සාවිතා අවිප්පවාසො ච යන මේ වචනයෙන් ද පුඤ්ඤපාපඵලූපගා යන මේ වචනයෙන් ද කර්මයන්ගේ ඵලයේ ප්‍රත්‍යක්‍ෂකාරීත්වය ද රැස් කරන ලද කර්මයන් පිළිබඳ ස්වකීය ඵලයේ අප්‍රධාන භාවය ද දක්වන ලද්දේය යන අර්ථයයි.

කම‍්මමෙව කම‍්මන‍්තං, පාපං කම‍්මන‍්තං එතෙසන‍්ති පාපකම‍්මන‍්තා, තස‍්ස අත්‍ථං දස‍්සෙතුං “අපුඤ‍්ඤසඞ‍්ඛාරා”ති වුත‍්තං. අපුඤ‍්ඤො සඞ‍්ඛාරො එතෙසන‍්ති අපුඤ‍්ඤසඞ‍්ඛාරා. පාපකම‍්මන‍්තාති වා නිස‍්සක‍්කවචනං, පාපකම‍්මන‍්තහෙතූති අත්‍ථො. තථා පුඤ‍්ඤසඞ‍්ඛාරාතිආදීසුපි. පුන “නිරයං පාපකම‍්මන‍්තා”තිආදිනා අන‍්තද‍්වයෙන සද‍්ධිං මජ‍්ඣිමපටිපදං දස‍්සෙති. තථා “අයං සංකිලෙසො”තිආදිනා වට‍්ටවිවට‍්ටවසෙන ආදීනවස‍්සාදනිස‍්සරණවසෙන හෙතුඵලවසෙන ච ගාථායං තයො අත්‍ථවිකප‍්පා දස‍්සිතා. පුන “නිරයං පාපකම‍්මන‍්තාති අයං සංකිලෙසො”තිආදිනා වොදානවසෙන ගාථාය අත්‍ථං දස‍්සෙති.

කර්මයම කම්මන්ත නම් වේ. පාප කර්මය මොවුන්ට වේ ය යන අර්ථයෙන් පාප කම්මන්තා නම් වේ. එහි අර්ථය දක්වන්නට අපුඤ්ඤ සංඛාරා යයි කියන ලදි. අපුඤ්ඤ සංඛාරය මොවුන්ට වේ ය යන අර්ථයෙන් අපුඤ්ඤ සංඛාර නම් වේ. පාපකම්මන්තා යන්න නිස්සක්ක (පංචමි) විභක්ති වචනයකි. පාපකර්ම හේතුව යන අර්ථයයි. පුඤ්ඤසංඛාරා යනාදියෙහි ද එසේමය. නැවත නිරයං පාපකම්මන්තං යනාදියෙන් අන්තද්වය සමග මධ්‍යම ප්‍රතිපදාව දක්වයි. එසේම අයං සංකිලෙසො යනාදියෙන් සසර නිවන ලෙසින් ද ආදීනව නිස්සරණ ලෙසින් ද හේතුඵල ලෙසින් ද ගාථාවෙහි ත්‍රිවිධ අර්ථ විකල්පයන් දක්වන ලදී. නැවත නිරයං පාපකම්මන්තංති අයං සංකිලෙසො යනාදියෙන් පිරිසිදු කිරීම් (වොදාන) වශයෙන් ගාථාවේ අර්ථය දක්වයි.

තෙන තෙනාති තෙන තෙන අජ‍්ඣොසිතවත්‍ථුනා රූපභවඅරූපභවාදිනා. ඡත‍්තිංසාති කාමතණ‍්හා තාව රූපාදිවිසයභෙදෙන ඡ, තථා භවතණ‍්හා විභවතණ‍්හා චාති අට‍්ඨාරස. තා එව අජ‍්ඣත‍්තිකෙසු රූපාදීසු අට‍්ඨාරස, බාහිරෙසු රූපාදීසු අට‍්ඨාරසාති එවං ඡත‍්තිංස. යෙන යෙනාති “සුභං සුඛ”න‍්තිආදිනා.

තෙන තෙන යනු ඒ ඒ අවසන් කළ කටයුතු ඇති රූපභව අරූප භව ආදියෙනි. ඡත්තිසො යනු කාම තණ්හාව වනාහි රූපාදි විෂය හේතුයෙන් සයක් ම එසේම භව තණ්හාව හා විභව තණ්හාව අටළොසක් ද ඒවා ම අජ්ඣත්තික රූපාදීන්හි අටළොසක් ද බාහිර රූපාදියෙහි අටළොසක් ද වශයෙන් මෙසේ සතිසක් වේ යනුයි. යෙනයෙන යනු සුභ වේ සුඛ වේ යනාදියෙනි.

වොදානං තිවිධං ඛන්‍ධත‍්තයවසෙනාති තං දස‍්සෙතුං “තණ‍්හාසංකිලෙසො”තිආදි වුත‍්තං. පුන “සබ‍්බෙ සත‍්තා මරිස‍්සන‍්තී”තිආදි පටිපදාවිභාගෙන ගාථානමත්‍ථං දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ තත්‍ථ ගාමිනීති තත්‍ථ තත්‍ථෙව නිබ‍්බානෙ ගාමිනී, නිබ‍්බානස‍්ස ගමනසීලාති අත්‍ථො.

කොටස් තුනක් ලෙසින් පිරිසිදු බව ත්‍රිවිධ වේ. එය දක්වන්නට තණ්හා සංකිලෙසො යනාදිය කියන ලදි. නැවත සබ්බෙ සත්තා මරිස්සන්ති යනාදිය ප්‍රතිපදා විභාගයෙන් ගාථාවන්ගේ අර්ථය දක්වන්නට කියන ලදී. තත්‍ථ තත්‍ථ ගාමිණී යනු ඒ ඒ තැනම නිවනට යන යනුයි. නිවනට යන සුළු යන අර්ථයයි.

පුන තත්‍ථතත්‍ථගාමිනීසබ‍්බත්‍ථගාමිනීනං පටිපදානං විභාගං දස‍්සෙතුං “තයො රාසී”තිආදි වුත‍්තං. යන‍්ති යං නිරයාදි. තං තං ඨානං යථාරහං ගමෙතීති සබ‍්බත්‍ථගාමිනී. පටිපදාසඞ‍්ඛාතෙ අපුඤ‍්ඤකම‍්මෙ පුඤ‍්ඤකම‍්මෙ ච කම‍්මක‍්ඛයකරණකම‍්මෙ ච විභාගසො භගවතො පවත‍්තනඤාණං. ඉදං සබ‍්බත්‍ථගාමිනී පටිපදාඤාණං නාම තථාගතබලං. ඉමිනා හි ඤාණෙන භගවා සබ‍්බම‍්පි පටිපදං යථාභූතං පජානාති.

නැවත තත්‍ථ තත්‍ථ ගාමිණී සබ්බත්‍ථගාමිණී පුද්ගලයන්ගේ ප්‍රතිපදා විභාගය දක්වන්නට තයො රාසි යනාදිය කියන ලදි. යං යනු නිරය ආදී වූ යම්තැනකි. ඒ ඒ තැනට සුදුසු පරිදි පමුණුවානුයි සබ්බත්‍ථගාමිණී නම් වේ. ප්‍රතිපදා සංඛ්‍යාත වූ පව්කමෙහි ද පින්කමෙහි ද කර්මයන් ක්‍ෂය කරන කර්මයේ ද විභාග වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තුළ පවතින ඥානයයි. මේ තථාගත බලය සබ්බත්‍ථගාමිණී පටිපදා ඤාණය නම් වේ. මේ ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ සියලු ප්‍රතිපදාව ඇති සැටියෙන් දැනගනී.

කථං? සකලගාමවාසිකෙසුපි එකං සූකරං වා මිගං වා මාරෙන‍්තෙසු සබ‍්බෙසං චෙතනා පරස‍්ස ජීවිතින්‍ද්‍රියාරම‍්මණාව හොති, තං පන කම‍්මං තෙසං ආයූහනක‍්ඛණෙයෙව නානා හොති. තෙසු හි එකො ආදරෙන කරොති, එකො “ත්‍වම‍්පි කරොහී”ති පරෙහි නිප‍්පීළිතො කරොති , එකො සමානච‍්ඡන්‍දො විය හුත්‍වා අප‍්පටිබාහමානො විචරති. තෙසු එකො තෙනෙව කම‍්මෙන නිරයෙ නිබ‍්බත‍්තති, එකො තිරච‍්ඡානයොනියං, එකො පෙත‍්තිවිසයෙ, තං තථාගතො ආයූහනක‍්ඛණෙ එව “ඉමිනා නීහාරෙන ආයූහිතත‍්තා එස නිරයෙ නිබ‍්බත‍්තිස‍්සති, එස තිරච‍්ඡානයොනියං, එස පෙත‍්තිවිසයෙ”ති ජානාති. නිරයෙ නිබ‍්බත‍්තනකම‍්පි “එස අට‍්ඨසු මහානිරයෙසු නිබ‍්බත‍්තිස‍්සති, එස සොළසසු උස‍්සදෙසූ”ති ජානාති. තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තනකම‍්පි “එස අපාදකො භවිස‍්සති, එස ද‍්විපාදකො, එස චතුප‍්පාදකො, එස බහුප‍්පාදකො”ති ජානාති. පෙත‍්තිවිසයෙ නිබ‍්බත‍්තනකම‍්පි “එස නිජ‍්ඣාමතණ‍්හිකො භවිස‍්සති, එස ඛුප‍්පිපාසිකො, එස පරදත‍්තූපජීවී”ති ජානාති.

කෙසේ ද? සියලු ගම්වැසියන් එක්ව එක් ඌරෙකු හෝ මුවෙකු හෝ මරන කල්හි සියල්ලන්ගේ චේතනාව අනෙකෙකුගේ ජීවිත ඉන්‍ද්‍රිය අරමුණුකොට ඇත්තේ වෙයි. ඒ කර්මය වනාහි ඔවුන්ගේ ආයූහන ක්‍ෂණයෙහි ම (රැස්කිරීම් මොහොතෙහි ම) විවිධ වෙයි. ඔවුන් අතුරෙන් එක් අයෙක් කැමැත්තෙන් ම කරයි. එක් අයෙක් නුඹත් කරවයි අන්‍යයන් විසින් පෙළන ලද්දේ කරයි. එක් අයෙක් සමාන වූ කැමැත්ත ඇත්තෙකු මෙන් වී නොවැළකෙමින් හැසිරෙයි. ඔවුන් අතුරෙන් එක් අයෙක් ඒ ක්‍රියාවෙන් ම නිරයේ උපදී. එක් අයෙක් තිරිසන් යෝනියේ උපදී. එක් අයෙක් ප්‍රේත විෂයේ උපදී. එය එසේ වූ හෙයින් ආයූහන ක්‍ෂණයෙහි ම මේ ආකාරයෙන් රැස්කළ නිසා නිරයේ උපදින්නේ ය. එය සොළොස් උත්සදයන්හි යැයි දනී. තිරිසන් යෝනියේ උපදින්නාට ද ‘මොහු පා නැත්තෙක් වන්නේය. මොහු දෙපා ඇත්තෙක් වන්නේය. මොහු සිවුපාවෙක් වන්නේය. මොහු බහුපාවෙක් වන්නේය’ යනුවෙන් දැනගනී. ප්‍රේතවිෂයෙහි උපදින්නාට ද ‘මොහු නිජ්ඣමතණ්හිකයෙක් වන්නේය. මොහු ඛුප්පිපාසිකයෙක් වන්නේය. මොහු පරදත්තූප ජීවියෙක් වන්නේය’ යනුවෙන් දැනගන්නේය.

“තෙසු ච කම‍්මෙසු ඉදං කම‍්මං පටිසන්‍ධිං ආකඩ‍්ඪිස‍්සති, ඉදං නාකඩ‍්ඪිස‍්සති දුබ‍්බලං දින‍්නාය පටිසන්‍ධියා උපධිවෙපක‍්කමත‍්තං භවිස‍්සතී”ති ජානාති. තථා සකලගාමවාසිකෙසු එකතො දානං දදමානෙසු සබ‍්බෙසම‍්පි චෙතනා දෙය්‍යධම‍්මාරම‍්මණාව හොති, තං පන කම‍්මං තෙසං ආයූහනක‍්ඛණෙ එව නානං හොති. තෙසු හි කෙචි දෙවලොකෙ නිබ‍්බත‍්තන‍්ති, කෙචි මනුස‍්සලොකෙ, තං තථාගතො ආයූහනක‍්ඛණෙ එව “ඉමිනා නීහාරෙන ආයූහිතත‍්තා එස මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තිස‍්සති, එස දෙවලොකෙ”ති ජානාති. තත්‍ථපි “එස පරනිම‍්මිතවසවත‍්තීසු නිබ‍්බත‍්තිස‍්සති, එස භුම‍්මදෙවෙසු නිබ‍්බත‍්තිස‍්සති, එස ජෙට‍්ඨකදෙවරාජා හුත්‍වා, එස තස‍්ස දුතියං තතියං වා ඨානන‍්තරං කරොන‍්තො පරිචාරකො හුත්‍වා නිබ‍්බත‍්තිස‍්සතී”ති ජානාති.

ඒ කර්මයන්ගෙන් ද මේ කර්මය ප්‍රතිසන්ධිය ඇදගන්නේය. මෙය ඇද නොගන්නේය. දුබලව දුන් ප්‍රතිසන්ධියෙන් කෙලෙස් මේරීම් මාත්‍රයක් පමණක් වන්නේ යයි දනියි. එසේම සියලු ගම්වැසියන් එක්ව දන්දෙන කල්හි සියල්ලන්ගේ ම චේතනාවන් දාන අරමුණුකොට ඇත්තේ වෙයි. ඒ කර්මය වනාහි ඔ්‍වුන්ගේ ආයූහන ක්‍ෂණයෙහි ම විවිධ වෙයි. ඔවුන්ගෙන් කිසිවෙක් දෙව්ලොව උපදී. කිසිවෙක් මිනිස්ලොව උපදී. එය එසේ වූ හෙයින් ආයූහන ක්‍ෂණයෙහි ම මේ ආකාරයෙන් රැස්කළ නිසා මොහු මිනිස්ලොව උපදින්නේය. මොහු දෙව්ලොව උපදින්නේයැයි දනී ද එහිදී ද මොහු පරනිම්මිත වසවත්ති දෙවියන් කෙරෙහි උපදින්නේය. මොහු භුම්ම දෙවියන් කෙරෙහි උපදින්නේය. මොහු දෙටු දෙව්රජ වී උපදින්නේය. මොහු ඔහුගේ දෙවැනි තෙවැනි තනතුර දරමින් පරිචාරකයෙක් වී උපදින්නේ යැයි දැනගනී.

“තෙසු ච කම‍්මෙසු ඉදං පටිසන්‍ධිං ආකඩ‍්ඪිතුං සක‍්ඛිස‍්සති, ඉදං න සක‍්ඛිස‍්සති දුබ‍්බලං දින‍්නාය පටිසන්‍ධියා උපධිවෙපක‍්කමත‍්තං භවිස‍්සතී”ති ජානාති. තථා “විපස‍්සනං පට‍්ඨපෙන‍්තෙසු ච එස ඉමිනා නීහාරෙන විපස‍්සනාය ආරද‍්ධත‍්තා අරහා භවිස‍්සති, එස අනාගාමී, එස සකදාගාමී, එස සොතාපන‍්නො, එකබීජී කොලංකොලො සත‍්තක‍්ඛත‍්තුපරමො, එස මග‍්ගං පත‍්තුං න සක‍්ඛිස‍්සති ලක‍්ඛණාරම‍්මණිකවිපස‍්සනායමෙව ඨස‍්සති, එස පච‍්චයපරිග‍්ගහෙ, එස නාමරූපපරිග‍්ගහෙ, අරූපපරිග‍්ගහෙ ච ඨස‍්සති, එස මහාභූතමත‍්තමෙව වවත්‍ථපෙස‍්සති, එස කිඤ‍්චි සල‍්ලක‍්ඛෙතුං න සක‍්ඛිස‍්සතී”ති ජානාති. “කසිණපරිකම‍්මං කරොන‍්තෙසුපි එස පරිකම‍්මමත‍්තෙ එව ඨස‍්සති, එස නිමිත‍්තං උප‍්පාදෙතුං සක‍්ඛිස‍්සති, න අප‍්පනං. එස අප‍්පනම‍්පි උප‍්පාදෙස‍්සති, එස ඣානං අධිගමිස‍්සති, න උපරිවිසෙසං. එස උපරිවිසෙසම‍්පි අධිගමිස‍්සතී”ති ජානාති.

ඒ කර්මයන්ගෙන් ද මෙය ප්‍රතිසන්ධිය ඇදගන්නට සමත් වන්නේය. මෙය ප්‍රතිසන්ධිය ඇදගන්නට සමත් නොවන්නේය. දුබලව දුන් ප්‍රතිසන්ධියෙන් කෙලෙස් මේරීම් මාත්‍රයක් පමණක් වන්නේ යැයි දැනගනී. එසේ විදර්ශනාව පිහිටුවන කල්හි ද මොහු මේ ආකාරයෙන් විදර්ශනාව අරඹන ලද බැවින් රහත් වන්නේය. මොහු අනාගාමී වන්නේය. මොහු සකෘදාගාමී වන්නේය. මොහු සෝවන් වන්නේය. එකබීජි, කෝලංකෝල, සත්තක්ඛත්තුපරම වන්නේය. මොහු මාර්ගයට පැමිණෙන්නට නොහැකි වන්නේය. ලක්‍ෂණයන් අරමුණු කොටගත් විදර්ශනාවේ ම සිටින්නේය. මොහු ප්‍රත්‍ය අල්ලා ගැනීමෙහි යෙදෙන්නේය. මොහු නාමරූප අල්ලා ගැනීමෙහි යෙදෙන්නේය. අරූප අල්ලා ගැනීමෙහි යෙදෙනේනේ ය. මොහු මහාභූත ප්‍රමාණයම තීරණය කරන්නේය. මොහු කිසිවක් සලකා බලන්නට නොහැකිවන්නේ යැයි දැන ගන්නේ. කසිණ පිරියම් කරන්නහු කෙරෙහි ද මොහු පරිකර්ම මාත්‍රයෙහි ම සිටින්නේය. මොහු නිමිති උපදවන්නට සමත් වන්නේය. අර්පණාවට නොවේ. මොහු අර්පණාව ද උපදවන්නේය. මොහු ධ්‍යානයට පැමිණෙන්නේය. මත්තෙහි වෙසෙසකට නොපැමිණෙන්නේය. මොහු මත්තෙහි විශේෂත්වයන් ද අවබෝධ කරන්නේයැයි දැනගනී.

අනෙකධාතූති අනෙකා චක‍්ඛාදයො පථවාදයො ච ධාතුයො එතස‍්සාති අනෙකධාතු, බහුධාතූති අත්‍ථො. ලොකොති ඛන්‍ධායතනාදිලොකො. චක‍්ඛුධාතූතිආදි යාහි ධාතූහි “අනෙකධාතූ”ති ලොකො වුත‍්තො, තාසං සරූපතො දස‍්සනං. තත්‍ථ සභාවට‍්ඨෙන නිස‍්සත‍්තට‍්ඨෙන ච ධාතු. චක‍්ඛු එව ධාතු චක‍්ඛුධාතු. සෙසපදෙසුපි එසෙව නයො. කාමධාතූති එත්‍ථ ද‍්වෙ කාමා කිලෙසකාමො ච වත්‍ථුකාමො ච. කිලෙසකාමපක‍්ඛෙ කාමපටිසංයුත‍්තො ධාතු කාමධාතු, කාමවිතක‍්කස‍්සෙතං නාමං. වත්‍ථුකාමපක‍්ඛෙ පන කාමාවචරධම‍්මා කාමො උත‍්තරපදලොපෙන, කාමො ච සො ධාතු චාති කාමධාතු. බ්‍යාපාදපටිසංයුත‍්තො ධාතු බ්‍යාපාදධාතු, බ්‍යාපාදවිතක‍්කස‍්සෙතං නාමං. බ්‍යාපාදොව ධාතු බ්‍යාපාදධාතු, දසආඝාතවත්‍ථුවිසයස‍්ස පටිඝස‍්සෙතං නාමං. විහිංසාපටිසංයුත‍්තො ධාතු විහිංසාධාතු, විහිංසාවිතක‍්කො. විහිංසා එව වා ධාතු විහිංසාධාතු, පරසත‍්තවිහෙසනස‍්සෙතං නාමං. නෙක‍්ඛම‍්මඅබ්‍යාපාදඅවිහිංසාධාතුයො නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො සබ‍්බකුසලධම‍්මා මෙත‍්තාකරුණා චාති වෙදිතබ‍්බං. රූපධාතූති රූපභවො, සබ‍්බෙ වා රූපධම‍්මා. අරූපධාතූති අරූපභවො, අරූපධම‍්මා වා. නිරොධධාතූති නිරොධතණ‍්හා. සඞ‍්ඛාරධාතූති සබ‍්බෙ සඞ‍්ඛතධම‍්මා. සෙසං සුවිඤ‍්ඤෙය්‍යං.

අනෙකධාතු යනු චක්‍ෂු ආදී වූ ද පඨවි ආදී වූ ද නොයෙක් ධාතු මෙහි ඇත්තේ නු අනේකධාතු නම් වේ යනුයි. බොහෝ ධාතු යන අර්ථයයි. ලොකො යනු ස්කන්ධ ආයතන ආදී ලෝකයයි. චක්ඛුධාතු යනාදිය යම් ධාතූන් කරණකොට ගෙන ලෝකය අනේකධාතුක යැයි කියන ලදද ඒවායේ ස්වරූපය දැක්වීමකි. එහි ස්වභාවාර්ථයෙන් ද නිස්සත්ත අර්ථයෙන් ද ධාතු නම් වේ. ඇසම ධාතු වූයේ චක්ඛුධාතු නමි. සෙසු පදයන්හි ද මේ ක්‍රමය ම ය. කාමධාතු යන මෙහි ක්ලේශ කාම වස්තුකාම යැයි කාම දෙකකි. ක්ලේශකාම පක්‍ෂයෙහි කාමය හා යෙදුණු ධාතුව කාමධාතුවයි. මෙය විතර්කයට නමකි. වස්තුකාම පක්‍ෂයෙහි වනාහි කාමාවචර ධර්මකාමයයි. (කාමාවචර යන්නෙහි) දෙවැනි පදය ලොප් කිරීමෙන් පසු කාමය වූයේත් එයමය. ධාතු වූයේත් එයමය. වේ නුයි කාමධාතු නමි. ව්‍යාපාදය හා බැඳුණු ධාතුව බ්‍යාපාද ධාතුවයි. මෙය බ්‍යාපාද විතර්කයට නමකි. බ්‍යාපාද වූයේත් ධාතු වූයේත් එයමැයි බ්‍යාපාද ධාතු නමි. මෙය දස ආඝාත වස්තූන්ට විෂය වූ පටිඝයට නමකි. විහිංසාව හා බැඳුණු ධාතුව විහිංසා ධාතුවයි. විහිංසා විතර්කය හෝ විහිංසාව ම ධාතුවක් වූයේ විහිංසා ධාතු නමි. මෙය අන්‍ය සත්ත්ව හිංසාවට නමකි. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා ධාතුයො යනු නෙක්ඛම්ම විතක්ක ආදිය සියලු කුසල් දහම්, මෙත්තා කරුණාවදැයි දතයුතුය යනුයි. රූපධාතු යනු රූප භවය හෝ සියලු රූප ධර්මයෝය ය. අරූපධාතු යනු අරූපභවය හෝ අරූප ධර්මයෝ ය. නිරෝධ ධාතු යනු නිරෝධ තණ්හාවයි. සංඛාර ධාතු යනු සියලු සංඛත ධර්මයෝ ය. සෙස්ස මනාව දතයුතුය.

අඤ‍්ඤමඤ‍්ඤවිලක‍්ඛණත‍්තා නානප‍්පකාරා ධාතුයො එතස‍්මින‍්ති නානාධාතු, ලොකො. තෙනෙවාහ – “අඤ‍්ඤා චක‍්ඛුධාතු යාව අඤ‍්ඤා නිබ‍්බානධාතූ”ති, යථා ච ඉදං ඤාණං චක‍්ඛුධාතුආදිභෙදෙන උපාදින‍්නකසඞ‍්ඛාරලොකස‍්ස වසෙන අනෙකධාතුනානාධාතුලොකං පජානාති, එවං අනුපාදින‍්නකසඞ‍්ඛාරලොකස‍්සපි වසෙන තං පජානාති. පච‍්චෙකබුද‍්ධා හි ද‍්වෙ ච අග‍්ගසාවකා උපාදින‍්නකසඞ‍්ඛාරලොකස‍්සෙව නානත‍්තං ජානන‍්ති, තම‍්පි එකදෙසෙනෙව, න නිප‍්පදෙසතො. අනුපාදින‍්නකසඞ‍්ඛාරලොකස‍්ස පන නානත‍්තං න ජානන‍්ති. භගවා පන “ඉමාය නාම ධාතුයා උස‍්සන‍්නාය ඉමස‍්ස රුක‍්ඛස‍්ස ඛන්‍ධො සෙතො හොති, ඉමස‍්ස කාළො, ඉමස‍්ස මට‍්ඨො, ඉමස‍්ස ඵරුසො, ඉමස‍්ස බහලො, ඉමස‍්ස තනුත‍්තචො. ඉමාය නාම ධාතුයා උස‍්සන‍්නාය ඉමස‍්ස රුක‍්ඛස‍්ස පත‍්තං වණ‍්ණසණ‍්ඨානාදිවසෙන එවරූපං නාම හොති, ඉමාය නාම ධාතුයා උස‍්සන‍්නත‍්තා ඉමස‍්ස රුක‍්ඛස‍්ස පුප‍්ඵං නීලං හොති පීතකං ලොහිතකං ඔදාතං සුගන්‍ධං දුග‍්ගන්‍ධං, ඉමාය නාම ධාතුයා උස‍්සන‍්නාය ඵලං ඛුද‍්දකං මහන‍්තං දීඝං වට‍්ටං සුසණ‍්ඨානං දුස‍්සණ‍්ඨානං මට‍්ඨං ඵරුසං සුගන්‍ධං දුග‍්ගන්‍ධං තිත‍්තං මධුරං කටුකං අම‍්බිලං කසාවං හොති, ඉමාය නාම ධාතුයා උස‍්සන‍්නාය ඉමස‍්ස රුක‍්ඛස‍්ස කණ‍්ටකො තිඛිණො හොති, අතිඛිණො උජුකො කුටිලො කණ‍්හො නීලො ඔදාතො හොතී”ති එවං අනුපාදින‍්නසඞ‍්ඛාරලොකස‍්සාපි වසෙන අනෙකධාතුනානාධාතුභාවං ජානාති. සබ‍්බඤ‍්ඤුබුද‍්ධානං එව හි එතං බලං, න අඤ‍්ඤෙසං.

අන්‍යොන්‍ය වූ ලක්‍ෂණ ඇති බැවින් නන්වැදෑරුම් ධාතූහු මෙහි වෙතැයි නානාධාතු නම් වේ. ලෝකයයි. එහෙයින්ම අඤ්ඤා චක්ඛුධාතු යාව අඤ්ඤා නිබ්බාණධාතුයයි කියන ලදි. යම්සේ මේ ඥානය චක්‍ෂුධාතු ආදී භේදයෙන් ග්‍රහණය කරගත් සංස්කාර ලෝකය ලෙසින් නොයෙක් ධාතු ඇති නන්වැදෑරුම් ධාතුලෝකය දැනගනී. මෙසේ ග්‍රහණය කරනොගත් ලෝකය ලෙසින් එය දැනගනී. පසේ බුදුවරු ද දෑගසවුවරු ද ග්‍රහණය කරගන්නා වූ සංස්කාර ලෝකයේ ම නානත්වය දැනගනිති. එයද ඒකදේශ වශයෙනි. කොටස් වශයෙන් නොවේ. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නොදනිත්. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙනම් ධාතුවේ උත්සන්නතාවෙන් මේ ගසේ කඳ සුදුවෙයි. මෙහි කලු වෙයි. මෙහි සිලිටි වෙයි. මෙහි රළු වෙයි. මෙහි ගණ වෙයි. මෙහි තුනී පොත්තක් වේ. මෙනම් ධාතුව උත්සන්න වීමෙන් මේ ගසේ කොළ වර්ණය හැඩය ආදී ලෙසින් මෙවැනි වෙයි. මේ ධාතුව උත්සන්න බැවින් මේ ගසේ මල නිල්පාට වෙයි. කහපාට වෙයි. රතුපාට වෙයි. සුදුපාට වෙයි. සුවඳවත් වෙයි. සුගඳ වෙයි. මෙනම් ධාතුව උත්සන්න වීමෙන් ගෙඩිය කුඩා වෙයි. මහත් වෙයි. දික්වෙයි. රවුම් වෙයි. සුසණ්ඨාන වෙයි. දුසණ්ඨාන වෙයි. සිලිටි වෙයි. රළු වෙයි. සුවඳැති වෙයි. දුඟදැති වෙයි. තිත්ත වෙයි. මිහිරි වෙයි. කටුක වෙයි. ඇඹුල් වෙයි. කහට වෙයි. මෙනම් ධාතුවේ උස්සන්න වීමෙන් මේ ගසේ කටු තියුණු වෙයි. නොතියුණු වෙයි. සෘජු වෙයි. වක් වෙයි. කලුපාට වෙයි. නිල්පාට වෙයි. සුදුපාට වෙයි. මෙසේ අනුපාදින්න සංස්කාර ලෝකය ලෙසින් ද අනේකධාතු නානාධාතු ස්වභාවය දැන ගනියි. මේ බලය සර්වඥ වූ බුදුවරුන්ගේ ම මිස අන්‍යයන්ගේ නොවේ.

යං යදෙව ධාතුන‍්ති යං කිඤ‍්චි හීනාදිසභාවං. යස‍්මා අධිමුත‍්ති නාම අජ‍්ඣාසයධාතු, තස‍්මා අධිමුච‍්චනං අජ‍්ඣාසයස‍්ස හීනාදිසභාවෙන පවත‍්තනං. තං පන තස‍්ස තං තං අධිට‍්ඨහනං අභිනිවිසනඤ‍්ච හොතීති ආහ – “අධිමුච‍්චන‍්ති, තං තදෙව අධිට‍්ඨහන‍්ති අභිනිවිසන‍්තී”ති. අධිමුච‍්චනස‍්ස විසයං විභාගෙන දස‍්සෙතුං “කෙචි රූපාධිමුත‍්තා”තිආදි වුත‍්තං. තං සුවිඤ‍්ඤෙය්‍යමෙව. නානාධිමුත‍්තිකතාඤාණන‍්ති හීනාදිවසෙන නානාධිමුත‍්තිකතාය ඤාණං.

යං යදෙව ධාතුං යනු හීනබව ආදී යම්කිසි ස්වභාවයකි. යම්හෙයකින් අධිමුත්තිය (ප්‍රාර්ථනා නිශ්චය කිරීම) නම් අජ්ඣාසය ධාතුව වේ ද එහෙයින් නිශ්චය කිරීම යනු හීනාදි ස්වභාවයෙන් අදහසේ පැවැත්මයි. එය වනාහි එහි අධාරය ද ප්‍රවේශය ද වේ යන අර්ථයෙන් අධිමුච්චන්ති තං තදෙව අධිට්ඨහන්ති අභිනිවිසන්ති යි කියන ලදී. අධිමුච්චනයේ විෂයය විභාග වශයෙන් දක්වන්නට කෙචි රූපාධිමකතා යනාදිය කියන ලදි. එය මනාව දතහැකි ම ය. නානාධිමුත්තිකතා ඤාණං යනු හීනබව ආදී වශයෙන් වෙන් වෙන් වූ නිශ්චය කිරීම් පිළිබඳ ඥානයයි.

තෙ යථාධිමුත‍්තා ච භවන‍්තීති තෙ හීනාධිමුත‍්තිකා පණීතාධිමුත‍්තිකා සත‍්තා යථා යථා අධිමුත‍්තා හොන‍්ති. තං තං කම‍්මසමාදානං සමාදියන‍්තීති අධිමුත‍්තිඅනුරූපං තං තං අත‍්තනා සමාදියිතබ‍්බං කත‍්තබ‍්බං කම‍්මං කරොන‍්ති, තානි කම‍්මසමාදානානි සමුට‍්ඨානවසෙන විභජන‍්තො “තෙ ඡබ‍්බිධං කම‍්ම”න‍්තිආදිමාහ. තත්‍ථ කෙචි ලොභවසෙන කම‍්මං සමාදියන‍්තීති සම‍්බන්‍ධිතබ‍්බං. එස නයො සෙසෙසුපි. තං විභජ‍්ජමානන‍්ති තං සමුට‍්ඨානවසෙන ඡබ‍්බිධං පුන පවත‍්තිනිවත‍්තිවසෙන විභජ‍්ජමානං දුවිධං.

තෙ යථාධිමුත්තා භවන්ති යනු ඒ හීනාධිමුක්තිය හා ප්‍රණීතාධිමුක්තිය ඇති සත්ත්වයෝ යම් යම් ආකාරයකින් ප්‍රාර්ථනා කරන ලද්දාහු වෙත්. තං තං කම්ම සමාදානං සමාදියන්ති යනු ප්‍රාර්ථනයට අනුරූපීව තමා විසින් සමාදන් විය යුතු, කළයුතු ඒ ඒ කටයුතු කරත් යනුයි. ඒ කර්ම සමාදානයන් හටගැනීම් වශයෙන් බෙදා දක්වන්නේ තෙ ඡබ්බිධං කම්මං යනාදිය කියන ලදි. එහි ඇතැමෙක් ලෝභ වශයෙන් කර්ම සමාදාන කෙරෙතැයි සම්බන්ධ කළ යුතුය. සෙසු තැන්වල ද මේ ක්‍රමයමැයි. තං විභජ්ජමානං යනු එය හටගැනීම් වශයෙන් සවැදෑරුම්ය. නැවත පැවතීම් නැවතීම් වශයෙන් බෙදනුයේ දෙවැදෑරුම්ය. යං විභජ්ජමානං යනු එය හටගැනීම් වශයෙන් සවැදෑරුම්ය. නැවත පැවතීම් නැවතීම් වශයෙන් බෙදනුයේ දෙවැදෑරුම්ය.

යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන ච කම‍්මං කරොතීති දසඅකුසලකම‍්මපථකම‍්මං සන්‍ධාය වදති. තඤ‍්හි සංකිලිට‍්ඨතාය කාළකන‍්ති කණ‍්හං. අපායෙසු නිබ‍්බත‍්තාපනතො කාළකවිපාකන‍්ති කණ‍්හවිපාකං. යං සද‍්ධාවසෙන කම‍්මං කරොතීති දසකුසලකම‍්මපථකම‍්මං. තඤ‍්හි අසංකිලිට‍්ඨත‍්තා පණ‍්ඩරන‍්ති සුක‍්කං. සග‍්ගෙ නිබ‍්බත‍්තාපනතො පණ‍්ඩරවිපාකත‍්තා සුක‍්කවිපාකං. යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන සද‍්ධාවසෙන ච කම‍්මං කරොති, ඉදං කණ‍්හසුක‍්කන‍්ති වොමිස‍්සකකම‍්මං. කණ‍්හසුක‍්කවිපාකන‍්ති සුඛදුක‍්ඛවිපාකං. මිස‍්සකකම‍්මඤ‍්හි කත්‍වා අකුසලවලෙන තිරච‍්ඡානයොනියං මඞ‍්ගලහත්‍ථිභාවං උපපන‍්නො කුසලෙන පවත‍්තෙ සුඛං අනුභවති, කුසලෙන රාජකුලෙ නිබ‍්බත‍්තොපි අකුසලෙන දුක‍්ඛං වෙදයති. යං වීරියවසෙන පඤ‍්ඤාවසෙන ච කම‍්මං කරොති, ඉදං කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකන‍්ති කම‍්මක‍්ඛයකරා චතුමග‍්ගචෙතනා. තඤ‍්හි යදි කණ‍්හං භවෙය්‍ය, කණ‍්හවිපාකං දදෙය්‍ය. යදි සුක‍්කං භවෙය්‍ය, සුක‍්කඋපපත‍්තිපරියාපන‍්නං විපාකං දදෙය්‍ය. උභයවිපාකස‍්ස පන අප‍්පදානතො අකණ‍්හඅසුක‍්කවිපාකන‍්ති අයමෙත්‍ථ අත්‍ථො.

යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන ච කම්මං කරොති යන්න දස අකුසල කර්මපථ හා සබැඳි කර්මය සඳහා කියයි. එය වනාහි කෙලෙසන බැවින් කළු වූයේ නුයි කණ්හ නම් වේ. අපායවල උපදවන හෙයින් කළු විපාක ඇත්තේනුයි කණ්හ විපාක ඇත්තේ වේ. යං සද්ධාවසෙන කම්මං කරොති යනු දසකුසල කර්මපථ පිළිබඳ කර්මයයි. එය වනාහි නොකිලිටි බැවින් සුදු වූයේනුයි සුක්ක නම් වේ. ස්වර්ගයේ උපදවන හෙයින් සුදු විපාක ඇති බැවින් සුක්ක විපාක ඇත්තේ වේ. යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන සද්ධාවසෙන ච කම්මං කරොති ඉදං කණ්හ සුක්කං යනු මිශ්‍ර වූ කර්මයයි. කණ්හසුක්ක විපාකං යනු සුඛ දුක්ඛ විපාකයයි. මිශ්‍ර කර්මය කොට අකුසල වශයෙන් තිරිසන් යෝනියේ මඟුල් ඇතු ලෙස උපන්නේ කුසලයෙන් පැවති සැපය අනුභව කරයි. කුසලින් රාජ කුලයෙහි උපන්නා ද අකුසලින් දුක්විඳියි. යං විරියවසෙන පඤ්ඤාවසෙන ච කම්මං කරොති ඉදං කම්මං අකණ්හං අසුක්කං අකණ්හ අසුක්ක විපාකං කම්මක්ඛයකරං යනු චතුර් මාර්ගයෙහි වූ චේතනාවයි. එය වනාහි ඉදින් පාපී වේනම් පාපී විපාක ගෙන දෙන්නේය. ඉදින් පුණ්‍ය වේ නම් යහපත් උපත ඇතුළු විපාක ගෙන දෙන්නේය. උභය විපාකය ස්වල්ප වශයෙන් දෙන හෙයින් කලු-සුදු විපාක ගෙන දෙන්නේය යන මෙය මෙහි අර්ථයයි.

කම‍්මසමාදානෙ පඨමං අචෙලකපටිපදා කාමෙසු පාතබ්‍යතා, දුතියං තිබ‍්බකිලෙසස‍්ස අස‍්සුමුඛස‍්සාපි රුදතො පරිසුද‍්ධබ්‍රහ‍්මචරියචරණං, තතියං කාමෙසු අපාතබ්‍යතා අචෙලකපටිපදා, චතුත්‍ථං පච‍්චයෙ අලභමානස‍්සාපි ඣානවිපස‍්සනාසුඛසමඞ‍්ගිනො සාසනබ්‍රහ‍්මචරියචරණං. යං එවං ජාතියං කම‍්මසමාදානන‍්ති යං අඤ‍්ඤම‍්පි එවංපකාරං කම‍්මං. ඉමිනා පුග‍්ගලෙනාතිආදි තස‍්මිං කම‍්මවිපාකෙ භගවතො ඤාණස‍්ස පවත‍්තනාකාරදස‍්සනං. තත්‍ථ උපචිතන‍්ති යථා කතං කම‍්මං ඵලදානසමත්‍ථං හොති, තථා කතං උපචිතං. අවිපක‍්කන‍්ති න විපක‍්කවිපාකං. විපාකාය පච‍්චුපට‍්ඨිතන‍්ති විපාකදානාය කතොකාසං. න ච භබ‍්බො අභිනිබ‍්බිධා ගන‍්තුන‍්ති කිලෙසාභිසඞ‍්ඛාරානං අභිනිබ‍්බිජ‍්ඣනතො අභිනිබ‍්බිධාසඞ‍්ඛාතං අරියමග‍්ගං අධිගන‍්තුං න ච භබ‍්බො. තං භගවා න ඔවදතීති තං විපාකාවරණෙන නිවුතං පුග‍්ගලං භගවා සච‍්චපටිවෙධං පුරක‍්ඛත්‍වා න ඔවදති, වාසනත්‍ථං පන තාදිසානම‍්පි ධම‍්මං දෙසෙති එව, අජාතසත‍්තුආදීනං විය.

කර්ම සමාදානයේ පළමුවැන්න කාමයන්හි හෙළිය යුතු අචේලක ප්‍රතිපදාවයි. දෙවැන්න කඳුළු මුවින් හඬන තියුණු කෙලෙස් ඇත්තාගේ පිරිසිදු බඹසර හැසිරීමයි. තෙවැන්න කාමයන්හි නොහෙළිය යුතු අචේලක ප්‍රතිපදාවයි. සිව්වැන්න ප්‍රත්‍ය නොලබන ධ්‍යාන විදර්ශනා සැපවලින් යුක්ත පුද්ගලයාගේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරීමයි. යං එවං ජාතියං කම්මසමාදානං යනු යම් අන්‍ය වූ මෙවැනි කර්මයකි. ඉමිනා පුග්ගලෙන යනාදිය ඒ කර්ම විපාකයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඤාණයේ පැවතුම් ආකාරය දක්වන්නකි. එහි උපචිතං යනු යම්සේ කරන ලද කර්මය විපාකදීමට සමත්වේ ද එසේ කරන ලද රැස් කරන ලද කර්මය යනුයි. අවිපක්කං යනු නොමේරූ විපාකයයි. විපාකාය පච්චුපට්ඨිතං යනු විපාකදීම සඳහා කරන ලද අවකාශ ඇති යනුයි. නච භබ්බො අභිනිබ්බිධාගන්තුං යනු ක්ලේශ අභිසංස්කාරයන්ගේ කලකිරීමෙන් අභිනිබ්බිදා සංඛ්‍යාත ආර්ය මාර්ගයට පැමිණෙන්නට නුසුදුසු යනුයි. තං භගවා න ඔවදති යනු භාග්‍යවතුන් වහන්සේ විපාක ආවරණයෙන් වට වූ ඒ පුද්ගලයාට සත්‍යාවබෝධය පෙරටුකොට අවවාද නොදෙයි යනුයි. අජාසත් ආදීන්ට මෙන් වාසනාව පිණිස එබන්දන්ට ද දහම් දෙසත් ම ය.

උපචිතන‍්ති කාතුං ආරද‍්ධං. තෙනෙවාහ – “න ච තාව පාරිපූරිං ගත”න‍්ති. තෙන මිච‍්ඡත‍්තනියාමස‍්ස අසමත්‍ථතං දස‍්සෙති. පුරා පාරිපූරිං ගච‍්ඡතීති පාරිපූරිං ඵලනිප‍්ඵාදනසමත්‍ථතං ගච‍්ඡති පුරා අධිගච‍්ඡෙය්‍ය. මිච‍්ඡත‍්තනියතතාය සජ‍්ජුකං ඵලධම‍්මස‍්ස අභාජනභාවං නිබ‍්බත‍්තයති පුරා. තෙනෙවාහ – “පුරා වෙනෙය්‍යත‍්තං සමතික‍්කමතී”ති. “පුරා අනියතං සමතික‍්කමතී”තිපි පාඨො, සො එවත්‍ථො. අසමත‍්තෙති කම‍්මෙ අසම‍්පුණ‍්ණෙ, තෙ අසම‍්පුණ‍්ණෙ වා.

උපචිතං යනු කිරීමට අරඹන ලදී යනුයි. එහෙයින්ම නච තාව පාරිපූරිං ගතං යි කියන ලදි. එයින් අසත්‍ය නියමයේ අසමත් බව දක්වයි. පුරා පාරිපූරිං ගච්ඡති යනු පරිපූර්ණ ඵල නිෂ්පාදනයට සමත් බවට පැමිණේ යනුයි. මුලින්ම අවබෝධ කරගන්නේය යනුයි. අසත්‍ය නියමය බැවින් වහාම ඵල ධර්මයේ අභාජනත්වය පළමුව උපදවයි. එහෙයින් ම පුරා වෙනෙය්‍යත්තං සමතික්කමති යි කියන ලදි. පුරා අනියතං සමතික්කමති යනු ද පාඨයකි. එයම අර්ථයයි. අසමත්තෙ යනු කර්මය අසම්පූර්ණ වූ කල්හිය. නැතහොත් ඒවා අසම්පූර්ණයහ.

එවං කිලෙසන‍්තරායමිස‍්සකං කම‍්මන‍්තරායං දස‍්සෙත්‍වා ඉදානි අමිස‍්සකං කම‍්මන‍්තරායං දස‍්සෙතුං “ඉමස‍්ස ච පුග‍්ගලස‍්සා”තිආදි වුත‍්තං. තං වුත‍්තනයමෙව.

මෙසේ ක්ලේශ අන්තරාය හා මිශ්‍ර වූ කර්ම අන්තරාය දක්වා දැන් අමිශ්‍ර වූ කර්ම අන්තරාය දක්වන්නට ඉමස්ස ච පුග්ගලස්ස යනාදිය කියන ලදී. එය කියන ලද ක්‍රමයමැයි.

සබ‍්බෙසන‍්ති ඉමස‍්මිං බලනිද‍්දෙසෙ වුත‍්තානං සබ‍්බෙසං කම‍්මානං. මුදුමජ‍්ඣාධිමත‍්තතාති මුදුමජ‍්ඣතිබ‍්බභාවො. කම‍්මානඤ‍්හි මුදුආදිභාවෙන තංවිපාකානං මුදුමජ‍්ඣතික‍්ඛභාවො විඤ‍්ඤායතීති අධිප‍්පායො. දිට‍්ඨධම‍්මවෙදනීයන‍්තිආදීසු දිට‍්ඨධම‍්මෙ ඉමස‍්මිං අත‍්තභාවෙ වෙදිතබ‍්බං ඵලං දිට‍්ඨධම‍්මවෙදනීයං. උපපජ‍්ජෙ අනන‍්තරෙ අත‍්තභාවෙ වෙදිතබ‍්බං ඵලං උපපජ‍්ජවෙදනීයං. අපරස‍්මිං අත‍්තභාවෙ ඉතො අඤ‍්ඤස‍්මිං යස‍්මිං කස‍්මිඤ‍්චි අත‍්තභාවෙ වෙදිතබ‍්බං ඵලං අපරාපරියවෙදනීයං. එකජවනවාරස‍්මිඤ‍්හි සත‍්තසු චෙතනාසු පඨමචෙතනා දිට‍්ඨධම‍්මවෙදනීයං නාම. පරියොසානචෙතනා උපපජ‍්ජවෙදනීයං නාම. මජ‍්ඣෙ පඤ‍්ච චෙතනා අපරාපරියවෙදනීයං නාම. විපාකවෙමත‍්තතාඤාණන‍්ති විපාකවෙමත‍්තතාය විපාකවිසෙසෙ ඤාණං. ඉමස‍්ස පන කම‍්මවිපාකස‍්ස ගතිසම‍්පත‍්ති ගතිවිපත‍්ති, උපධිසම‍්පත‍්ති උපධිවිපත‍්ති, කාලසම‍්පත‍්ති කාලවිපත‍්ති, පයොගසම‍්පත‍්ති පයොගවිපත‍්තියො කාරණං. සො ච නෙසං කාරණභාවො “අත්‍ථෙකච‍්චානි පාපකානි කම‍්මසමාදානානි ගතිසම‍්පත‍්තිපටිබාළ‍්හානි න විපච‍්චන‍්තී”තිආදිපාළිවසෙන (විභ· 810) වෙදිතබ‍්බො.

සබ්බෙසං යනු මේ බල නිර්දේශයෙහි කියන ලද සියලු කර්මයන්ගේය. මුදු මජ්ඣාධිමත්තතා යනු මෘදු මධ්‍ය තීව්‍ර ස්වභාවයයි. කර්මයන්ගේ මෘදු බව ආදී ස්වභාවයෙන් කර්ම විපාකයන්ගේ මෘදු මධ්‍ය තීව්‍රභාවය හැඟේ යන අදහසයි. දිට්ඨධම්ම වෙදනීයං යනාදියෙහි ඉහාත්ම සංඛ්‍යාත මේ ආත්ම භාවයෙහි දතයුතු ඵලය දිට්ඨධම්ම වෙදනීය වේ. අනතුරු භවයෙහි ඉපිද දතයුතු ඵලය උපපජ්ජවෙදනීය වේ. අනෙක් ආත්මභාවයක, මෙයින් අන්‍ය වූ කිසියම් ආත්මභාවයක දතයුතු ඵලය අපරාපරිය වෙදනීය වේ. එක් ජවන වාරයක චේතනා සිතින් පළමු චේතනාව දිට්ඨධම්ම වේදනීය නම් වේ. අවසන් චේතනාව උපපජ්ජවේදනීය නම් වේ. මධ්‍යයෙහි වූ චේතනා පස අපරාපරිය වේදනීය නම් වේ. විපාක වෙමත්තා ඤාණං යනු විපාක වේමත්තතාව පිළිබඳ විපාක විශේෂයෙහි වූ ඤාණයයි. මේ කර්ම විපාකයේ ගති සම්පත්තිය, ගති විපත්තිය, උපධි සම්පත්තිය, උපධි විපත්තිය, කාල සම්පත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග සම්පත්තිය, ප්‍රයෝග විපත්තිය ආදිය හේතුවයි. ඒවා පිළිබඳ ඒ හේතු ස්වභාවය ‘අත්‍ථෙකච්චානි කම්ම සමාදානානි ගති සම්පත්ති පටිබාළ්හානි න විපච්චන්ති’ යනාදි පෙළට අනුව දතයුතුය.

අනන‍්තරබලනිද‍්දෙසෙ වුත‍්තකම‍්මසමාදානපදෙනෙව ඣානාදීනි සඞ‍්ගහෙත්‍වා දස‍්සෙතුං “තථා සමාදින‍්නානං කම‍්මාන”න‍්තිආදි වුත‍්තං. සෙක‍්ඛපුථුජ‍්ජනසන‍්තානෙසු පවත‍්තානි ඣානාදීනි කම‍්මං හොන‍්ති. තත්‍ථ තථා සමාදින‍්නානන‍්ති “සුක‍්කං සුක‍්කවිපාකං පච‍්චුප‍්පන‍්නසුඛං, ආයතිං සුඛවිපාක”න‍්ති එවමාදිප‍්පකාරෙහි සමාදින‍්නෙසු කම‍්මෙසු. සංකිලෙසොති පටිපක‍්ඛධම‍්මවසෙන කිලිට‍්ඨභාවො. වොදානං පටිපක‍්ඛධම‍්මෙහි විසුජ‍්ඣනං. වුට‍්ඨානං පගුණවොදානං භවඞ‍්ගවුට‍්ඨානඤ‍්ච. එවං සංකිලිස‍්සතීතිආදීසු අයමෙවත්‍ථො – ඉමිනා ආකාරෙන ඣානාදි සංකිලිස‍්සති වොදායති වුට‍්ඨහතීති ජානනඤාණං භගවතො අනාවරණඤාණං, න තස‍්ස ආවරණං අත්‍ථීති.

බල නිර්දේශයට අනතුරුව කියන ලද කර්ම සමාදාන පදයෙන්ම ධ්‍යානාදිය සංග්‍රහකොට දක්වන්නට තථා සමාදින්නානං කම්මානං යනාදිය කියන ලදි. ශෛක්‍ෂ, පෘථග්ජන සන්තානයන්හි පැවති ධ්‍යානාදිය කර්මය වෙයි. එහි තථා සමාදින්නානං යන් ශුක්ලය, ශුක්ල විපාකය, පවත්නා සැපයයි. මතු සැප විපාකයයි යනාදී ආකාරවලින් ග්‍රහණය කරන ලද කර්මයන්හි යනුයි. සංකිලෙසො යනු ප්‍රතිපක්‍ෂ ධර්ම ලෙසින් කිලිටි වූ ස්වභාවයයි. වොදානං යනු ප්‍රතිපක්‍ෂ ධර්මවලින් පිරිසිදු වීමයි. වුට්ඨානං යනු ප්‍රගුණ කළ පිරිසිදු බව හා භවංගයන්ගේ නැගීසිටීමයි. එවං සංකිලිස්සති යන ආදියෙහි මේ අර්ථය දක්වා තිබේ. ‘මේ ආකාරයෙන් ධ්‍යාන ආදිය කෙලෙසයි. පිරිසිදු වෙයි. නැගී සිටියි’ යනුවෙන් දැනගන්නා ඥානය භාග්‍යවතුන් වහන්සේගේ අනාවරණ ඥානයයි. එහි ආවරණයක් නැත’ යනුවෙනි.

කති ඣානානීතිආදි ඣානාදයො විභාගෙන දස‍්සෙතුං ආරද‍්ධං. චත‍්තාරි ඣානානීති චතුක‍්කනයවසෙන රූපාවචරජ‍්ඣානානි සන්‍ධායාහ. එකාදසාති “රූපී රූපානි පස‍්සතී”තිආදිනා (දී· නි· 2.129, 174; 3.339, 358; ම· නි· 2.248; 3.312) අට‍්ඨන‍්නං තිණ‍්ණඤ‍්ච සුඤ‍්ඤතවිමොක‍්ඛාදීනං වසෙන වුත‍්තං. අට‍්ඨාති තෙසු ඨපෙත්‍වා ලොකුත‍්තරෙ විමොක‍්ඛෙ අට‍්ඨ. සත‍්තාති තෙසු එව නිරොධසමාපත‍්තිං ඨපෙත්‍වා සත‍්ත. තයොති සුත‍්තන‍්තපරියායෙන සුඤ‍්ඤතවිමොක‍්ඛාදයො තයො. ද‍්වෙති අභිධම‍්මපරියායෙන අනිමිත‍්තවිමොක‍්ඛස‍්සාසම‍්භවතො අවසෙසා ද‍්වෙ. එත්‍ථ ච පටිපාටියා සත‍්ත අප‍්පිතප‍්පිතක‍්ඛණෙ වික‍්ඛම‍්භනවසෙන පච‍්චනීකධම‍්මෙහි විමුච‍්චනතො , ආරම‍්මණෙ අධිමුච‍්චනතො ච විමොක‍්ඛා. නිරොධසමාපත‍්ති පන සබ‍්බසො සඤ‍්ඤාවෙදයිතෙහි විමුත‍්තත‍්තා අපගමවිමොක‍්ඛො නාම. ලොකුත‍්තරා ච තංතංමග‍්ගවජ‍්ඣකිලෙසෙහි සමුච‍්ඡෙදවසෙන විමුත‍්තත‍්තා විමොක‍්ඛොති අයං විසෙසො වෙදිතබ‍්බො.

කති ඣානානි යනාදිය ධ්‍යාන ආදිය විභාග වශයෙන් දක්වන්නට අරඹන ලදි. චත්තාරි ඣානානි යන්න සිව්වැදෑරුම් න්‍යාය ලෙසින් රූපාවචර ධ්‍යාන සඳහා කියන ලදි. එකාදස යනාදිය රූ ඇත්තා රූප දකී යනාදියෙන් අටවැදෑරුම්ව ද සුඤ්ඤත විමෝක්‍ෂ ආදී වශයෙන් තෙවැදෑරුම් වශයෙන් ද කියන ලදි. අට්ඨ යනු ඒවා හැර ලෝකෝත්තර විමෝක්‍ෂයේ සිටුව යනුයි. සත්ත යනු ඒවායින් ම නිරෝධ සමාපත්තිය හැර සතකි. තයො යනු සූත්‍රාන්ත පර්යායෙන් සුඤ්ඤත විමෝක්‍ෂ ආදී තුනයි. ද්වෙ යනු අභිධර්ම පරියායෙන් අනිමිත්ත විමෝක්‍ෂයක් හමුනොවන බැවින් ඉතිරි දෙකයි. මෙහිදී මේ සත පිළිවෙලින් සමවැදුණු සමවැදුණු මොහොතෙහි යටත් කිරීම් වශයෙන් විරුද්ධ ධර්මයන්ගෙන් මුදවන හෙයින් ද අරමුණෙහි ප්‍රාර්ථනා කිරීම් වශයෙන් ද මිදුනේ වෙයි. නිරෝධ සමාපත්තිය වනාහි සර්වප්‍රකාරයෙන් සංඥා වේදනාවන්ගෙන් මිදුණු බැවින් පහවූ විමෝක්‍ෂ නම් වේ. ලෝකෝත්තර දේ ද ඒ ඒ මාර්ගයෙන් තොර වූ කෙලෙස්වලින් සමුච්ඡේද වශයෙන් මිදුණු බැවින් විමෝක්‍ෂ නම් වේ. මේ විශේෂය දතයුතුය.

සමාධීසු චතුක‍්කනයපඤ‍්චකනයෙසු පඨමජ‍්ඣානසමාධි සවිතක‍්කො සවිචාරො සමාධි නාම. පඤ‍්චකනයෙ දුතියජ‍්ඣානසමාධි අවිතක‍්කො විචාරමත‍්තො සමාධි නාම. චතුක‍්කනයෙ පඤ‍්චකනයෙපි සෙසඣානෙසු සමාධි අවිතක‍්කො අවිචාරො සමාධි නාම.

සමාධීන්හි චතුක්ක නය පංචක නය ආදියෙන් පළමු ධ්‍යාන සමාධිය විතර්ක සහිත විචාර සහිත සමාධිය නම් වේ. පංචක නයෙහි ද්විතීය ධ්‍යාන සමාධිය විතර්ක රහිත විචාර මාත්‍රයක් වූ සමාධිය නම් වේ. සෙසු ධ්‍යානයන්ගෙන් චතුක්ක නයෙහි ද පංචක නයෙහි ද වූ සමාධිය අවිතක්ක අවිචාර සමාධිය නම් වේ.

සමාපත‍්තීසු පටිපාටියා අට‍්ඨන‍්නං සමාපත‍්තීනං “සමාධී”තිපි නාමං “සමාපත‍්තී”තිපි. කස‍්මා? චිත‍්තෙකග‍්ගතාසබ‍්භාවතො. නිරොධසමාපත‍්තියා තදභාවතො න “සමාධී”ති නාමං. සඤ‍්ඤාසමාපත‍්තිආදි හෙට‍්ඨා වුත‍්තමෙව.

සමාපත්තීන්හි පිළිවෙලින් අෂ්ට සමාපත්තීනට සමාධි යැයි ද සමාපත්ති යැයි ද නමක් වේ. කවර හෙයින් ද? චිත්ත ඒකාග්‍රතාව ලැබෙන බැවිනි. නිරෝධ සමාපත්තියෙහි එය නොමැති නිසා සමාධි යන නාමය නැත. සංඥා සමාපත්ති ආදිය යට කියන ලද ම ය.

හානභාගියො සමාධීති අප‍්පගුණෙහි පඨමජ‍්ඣානාදීහි වුට‍්ඨිතස‍්ස සඤ‍්ඤාමනසිකාරානං කාමාදිඅනුපක‍්ඛන්‍දනං පඨමජ‍්ඣානාදිසමාධිස‍්ස හානභාගියතා. “පඨමජ‍්ඣානස‍්ස කාමරාගබ්‍යාපාදා සංකිලෙසො”ති වුත‍්තත‍්තා දුතියජ‍්ඣානාදිවසෙන යොජෙතබ‍්බං. කුක‍්කුටං වුච‍්චති අජඤ‍්ඤාජිගුච‍්ඡනමුඛෙන තප‍්පරමතා. කුක‍්කුටඣායීති පුග‍්ගලාධිට‍්ඨානෙන ඣානානි වුත‍්තානි, ද‍්වෙ පඨමදුතියජ‍්ඣානානීති වුත‍්තං හොති. යො පඨමං දුතියං වා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා “අලමෙත‍්තාවතා”ති සඞ‍්කොචං ආපජ‍්ජති, උත‍්තරි න වායමති, තස‍්ස තානි ඣානානි චත‍්තාරිපි “කුක‍්කුටඣානානී”ති වුච‍්චන‍්ති, තංසමඞ‍්ගිනො ච කුක‍්කුටඣායී. තෙසු පුරිමානි ද‍්වෙ ආසන‍්නබලවපච‍්චත්‍ථිකත‍්තා විසෙසභාගියතාභාවතො ච සංකිලෙසභාවෙන වුත‍්තානි. ඉතරානි පන විසෙසභාගියතාභාවෙපි මන්‍දපච‍්චත්‍ථිකත‍්තා වොදානභාවෙන වුත‍්තානීති දට‍්ඨබ‍්බං.

හාන භාගියො සමාධි යනු අල්පගුණ ඇති ප්‍රථමධ්‍යාන ආදියෙන් නැගිටින ලද පුද්ගලයාගේ සංඥා මනසිකාරයන්ගේ කාමාදියට පැනනැගීම ප්‍රථමධ්‍යාන ආදී සමාධියේ පිරිහීම් පක්‍ෂයේ වූ බැවින් යනුයි. පඨමස්ස ඣානස්ස කාමරාග බ්‍යාපාදා සංකිලෙසො යි කියන ලද බැවින් ද්විතීය ධ්‍යාන ආදී වශයෙන් යෙදිය යුතුය. නොදන්නා දෙය පිළිකුල් කිරීම් වශයෙන් ඒ පරමතාව කුක්කුට යැයි කියනු ලැබේ. කුක්කුටජ්ඣායී යනුවෙන් පුද්ගල අධිෂ්ඨානයෙන් ධ්‍යානයන් කියන ලදහ. ද්වෙ යනුවෙන් පළමු දෙවැනි ධ්‍යාන කියන ලදි. යමෙක් පළමු හෝ දෙවැනි ධ්‍යානය උපදවා මෙපමණක් ප්‍රමාණවත් යැයි සංකෝචයට පත්වේ ද මත්තෙහි වෑයම් නොකෙරේ ද? ඔහුගේ ඒ ධ්‍යාන සතර ද කුක්කුට ධ්‍යානයැයි කියනු ලැබේ. එයින් යුක්ත වූවහු කුක්කුටධ්‍යායී නම් වේ. එවායින් පළමු දෙක ආසන්න වූ බලවත් විරුද්ධත්වය ඇති බැවින් ද විශේෂ භාගීත්වයක් නැති බැවින් ද සංකිලෙස භාවයෙන් කියන ලදී. අනෙක් ඒවා වනාහි විශේෂ භාගීත්වයක් ඇතත් මද විරුද්ධත්වයක් ඇති බැවින් වොදාන භාවයෙන් කියන ලදැයි දතයුතුය.

විසෙසභාගියො සමාධීති පගුණෙහි පඨමජ‍්ඣානාදීහි වුට‍්ඨිතස‍්ස සඤ‍්ඤාමනසිකාරානං දුතියජ‍්ඣානාදිපක‍්ඛන්‍දනං, පගුණවොදානං භවඞ‍්ගවුට‍්ඨානඤ‍්ච “වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. හෙට‍්ඨිමං හෙට‍්ඨිමඤ‍්හි පගුණජ‍්ඣානං උපරිමස‍්ස උපරිමස‍්ස පදට‍්ඨානං හොති. තස‍්මා වොදානම‍්පි “වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. භවඞ‍්ගවසෙන සබ‍්බඣානෙහි වුට‍්ඨානං හොතීති භවඞ‍්ගඤ‍්ච වොදානං වුට‍්ඨානං. යස‍්මා පන වුට‍්ඨානවසිභාවෙන යථාපරිච‍්ඡින‍්නකාලං සමාපත‍්තිතො වුට‍්ඨානං හොති, තස‍්මා සමාපත‍්තිවුට‍්ඨානකොසල‍්ලං ඉධ “වුට‍්ඨාන”න‍්ති වුත‍්තං.

විසෙස භාගියො සමාධි යනු ප්‍රගුණ කරන ලද ප්‍රථම ධ්‍යාන ආදියෙන් නැගීසිටි පුද්ගලයාගේ සංඥා මනසිකාරයන්ගේ ද්වතීය ධ්‍යානයට පැනීමයි. ප්‍රගුණ කරන ලද පිරිසිදු බව ද භවංගවලින් නැගීසිටීම ද වුට්ඨාන යැයි කියන ලදි. මුලින් මුලින් ප්‍රගුණ කරන ලද ධ්‍යානය පසුව පසුව ප්‍රගුණ කළ ධ්‍යානයේ ආසන්න කාරණය වෙයි. එහෙයින් වොදානය ද වුට්ඨාන යැයි කියන ලදි. භවංග වශයෙන් සියලු ධ්‍යානයන්ගෙන් නැගී සිටීම වේ යැයි භවංග වොදානය ද වුට්ඨානයකි. යම්හෙයකින් වුට්ඨානයට වසඟ බැවින් පිරිසිඳ දක්වන ලද කාලයක් තුළ සමාපත්තියෙන් නැගී සිටීමක් වේ ද එහෙයින් සමාපත්තියෙන් නැගී සිටීමේ කුශලතාව මෙහි වුට්ඨාන යැයි කියන ලදි.

තස‍්සෙව සමාධිස‍්සාති තස‍්ස අනන‍්තරබලනිද‍්දෙසෙ ඣානාදිපරියායෙහි වුත‍්තසමාධිස‍්ස. පරිවාරාති පරික‍්ඛාරා. ඉන්‍ද්‍රියානීති සද‍්ධාසතිපඤ‍්ඤින්‍ද්‍රියානි. බලානීති හිරොත‍්තප‍්පෙහි සද‍්ධිං තානියෙව. වීරියස‍්ස විසුං ගහණං බලානං බහූපකාරදස‍්සනත්‍ථං. වීරියුපත්‍ථම‍්භෙන හි සද‍්ධාදයො පටිපක‍්ඛෙන අකම‍්පනීයා හොන‍්ති. තෙනෙවාහ – “වීරියවසෙන බලානි භවන‍්තී”ති. තෙසන‍්ති ඉන්‍ද්‍රියානං. මුදුමජ‍්ඣාධිමත‍්තතාති අවිසදං මුදු. නාතිවිසදං මජ‍්ඣං. අතිවිසදං අධිමත‍්තං බලවං “තික‍්ඛ”න‍්ති වුච‍්චති.

තස්සෙව සමාධිස්ස යනු ඊට අනතුරු වූ බල නිර්දේශයේදී ධ්‍යාන ආදී ක්‍රමවලින් කියන ලද සමාධියේ යනුයි. පරිවාරො යනු පිරිකරයි. ඉන්‍ද්‍රියානි යනු සද්ධා සතිපඤ්ඤා ඉන්‍ද්‍රියයන් ය. බලානි යනු හිරි ඔත්තප්ප සමග ඒවා ම ය. වීර්යය වෙනම ගැනීම බලයන්ගේ බහූපකාරත්වය දැක්වීම පිණිසයි. වීර්යයට උපස්ථම්භක වීමෙන් සද්ධා ආදිය විරුද්ධව අකම්පනීය වේ. එහෙයින් ම විරියවසෙන බලානි භවන්ත යි කියන ලදි. තෙසං යනු ඉන්‍ද්‍රියයන්ගේ ය. මුදුමජ්ඣාධිමත්තතා යන තැන විශද නොවූයේ මෘදු නමි. අතිශයින් විශද නොවූයේ මධ්‍ය නමි. අතිශයින් විශද වූයේ අධිමාන නමි. බලවත් බව තීක්‍ෂණ යයි කියනු ලැබේ.

වෙනෙය්‍යානං ඉන්‍ද්‍රියානුරූපං භගවතො දෙසනාපවත‍්තීති දස‍්සෙතුං “තත්‍ථ භගවා”තිආදි වුත‍්තං. තත්‍ථ සංඛිත‍්තවිත්‍ථාරෙනාති සංඛිත‍්තස‍්ස විත්‍ථාරෙන. අථ වා සංඛිත‍්තෙනාති උද‍්දිට‍්ඨමත‍්තෙන. සංඛිත‍්තවිත්‍ථාරෙනාති උද‍්දෙසෙන නිද‍්දෙසෙන ච. විත්‍ථාරෙනාති උද‍්දෙසනිද‍්දෙසපටිනිද‍්දෙසෙහි. මුදුකන‍්ති ලහුකං අපායභයවට‍්ටභයාදීහි සන‍්තජ‍්ජනවසෙන භාරියං අකත්‍වා. මුදුතික‍්ඛන‍්ති නාතිතික‍්ඛං. සංවෙගවත්‍ථූහි සංවෙගජනනාදිවසෙන භාරියං කත්‍වා. සමථං උපදිසතීති සමථං අධිකං කත්‍වා උපදිසති, න තථා විපස‍්සනන‍්ති අධිප‍්පායො. න හි කෙවලෙන සමථෙන සච‍්චප‍්පටිවෙධො සම‍්භවති. සමථවිපස‍්සනන‍්ති සමධුරං සමථවිපස‍්සනං. විපස‍්සනන‍්ති සාතිසයං විපස‍්සනං උපදිසති. යස‍්මා චෙත්‍ථ තික‍්ඛින්‍ද්‍රියාදයො උග‍්ඝටිතඤ‍්ඤුආදයොව, තස‍්මා “තික‍්ඛින්‍ද්‍රියස‍්ස නිස‍්සරණං උපදිසතී”තිආදි වුත‍්තං. තත්‍ථ අධිපඤ‍්ඤාසික‍්ඛායාති අධිපඤ‍්ඤාසික‍්ඛං.

හික්මවිය යුතු අයගේ ඉන්‍ද්‍රියයන්ට අනුරූපීව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පවතී යයි දක්වන්නට තත්‍ථ භගවා යනාදිය කියන ලදි. එහි සංඛිත්තවිත්‍ථාරෙන යනු සංක්‍ෂිප්තයේ විස්තර වශයෙනි. එසේ නැතහෙත් සංඛිත්තෙන යනු උදෙසීම් මාත්‍රයකිනි. සංඛිත්තවිත්‍ථාරෙන යනු උද්දේසයෙන් හා නිද්දේසයෙනි. විත්‍ථාරෙන යනු උද්දේස නිද්දේස පටිනිද්දේසයන්ගෙනි. මුදුකං යනු සැහැල්ලු යනුයි. අපාය භය සංසාර භය ආදියෙන් තැති ගැනීම් වශයෙන් බව නොකොට යනුයි. මුදුතික්‍ඛං යනු ඉතා තියුණු නොවූ යනුයි. සංවේග වස්තූන්ගෙන් සංවේග ඇතිකිරීම් ආදී වශයෙන් බර කොට යනුයි. සමථං උපදිසති යනු සමථය අධික කොට දක්වයි යනුයි. විදර්ශනාව එසේ නොවේ යන අදහසයි. හුදු සමථයෙන් සත්‍යාවබෝධය නොලැබේ. සමථ විපස්සනං යනු මධුර බව සහිත සමථ විදර්ශනා දෙකයි. විපස්සනං යනුවෙන් අධික වූ විදර්ශනාව දක්වයි. යම්හෙයකින් මෙහි තික්ඛින්‍ද්‍රිය ආදීහු ද උග්ඝටිතඤ්ඤු ආදීහු ද වෙත් ද එහෙයින් තික්ඛින්‍ද්‍රියස්ස නිස්සරණං දෙසෙති යනාදිය කියන ලදී. එහි අධිපඤ්ඤාසික්ඛාය යනු අධිප්‍රඥා ශික්‍ෂාවයි.

යං එත්‍ථ ඤාණන‍්ති එත්‍ථ ඉන්‍ද්‍රියානං මුදුමජ‍්ඣාධිමත‍්තතාය යං ඤාණං, ඉදං වුච‍්චති පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තවෙමත‍්තතාඤාණන‍්ති සම‍්බන්‍ධිතබ‍්බං. තස‍්ස ඤාණස‍්ස පවත‍්තනාකාරං දස‍්සෙතුං “අයං ඉමං භූමි”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ අයං ඉමං භූමිං භාවනඤ‍්ච ගතොති අයං පුග‍්ගලො එවමිමං සංකිලෙසවාසනං වොදානං භවඞ‍්ගඤ‍්ච ගතො ගච‍්ඡති ගමිස‍්සති ච, කාලවචනිච‍්ඡාය අභාවතො, යථා දුද‍්ධන‍්ති. ඉමාය වෙලාය ඉමස‍්මිං සමයෙ ඉමාය මුදුමජ‍්ඣතික‍්ඛභෙදාය අනුසාසනියා. එවංධාතුකොති හීනාදිවසෙන එවංඅජ‍්ඣාසයො එවංඅධිමුත‍්තිකො. අයඤ‍්චස‍්ස ආසයොති ඉමස‍්ස පුග‍්ගලස‍්ස අයං සස‍්සතුච‍්ඡෙදප‍්පකාරො, යථාභූතඤාණානුලොමඛන‍්තිප‍්පකාරො වා ආසයො. ඉදඤ‍්හි චතුබ‍්බිධං ආසයන‍්ති එත්‍ථ සත‍්තා වසන‍්තීති ආසයොති වුච‍්චති. ඉමං පන භගවා සත‍්තානං ආසයං ජානන‍්තො තෙසං දිට‍්ඨිගතානං විපස‍්සනාඤාණකම‍්මස‍්සකතඤ‍්ඤාණානඤ‍්ච අප‍්පවත‍්තික‍්ඛණෙපි ජානාති එව. වුත‍්තම‍්පි චෙතං – “කාමං සෙවන‍්තඤ‍්ඤෙව ජානාති ‘අයං පුග‍්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත‍්තො’ති. කාමං සෙවන‍්තඤ‍්ඤෙව ජානාති ‘අයං පුග‍්ගලො නෙක‍්ඛම‍්මගරුකො නෙක‍්ඛම‍්මාසයො නෙක‍්ඛම‍්මාධිමුත‍්තො’ති. නෙක‍්ඛම‍්මං සෙවන‍්තඤ‍්ඤෙව ජානාති… බ්‍යාපාදං… අබ්‍යාපාදං… ථිනමිද‍්ධං… ආලොකසඤ‍්ඤං සෙවන‍්තඤ‍්ඤෙව ජානාති ‘අයං පුග‍්ගලො ථිනමිද‍්ධගරුකො ථිනමිද‍්ධාසයො ථිනමිද‍්ධාධිමුත‍්තො’”ති (පටි· ම· 1.113).

යං එත්‍ථ ඤාණං යනු, මෙහි ඉන්‍ද්‍රියයන්ගේ මෘදු මධ්‍ය තියුණු බැවින් යම් ඤාණයක් වේ ද එයයි. ඉදං වුච්චති පරසත්තානං පරපුග්ගලානං ඉන්‍ද්‍රිය පරොපරියත්ත වෙමත්තතාඤාණං යන්න සම්බන්ධ කළ යුතුය. ඒ ඥානයේ පැවතුම් විධිය දැක්වීමට අයං ඉමං භූමිං යනාදිය කියන ලදි. එහි අයං ඉමං භූමිං භාවනඤ්ච ගතො යනු මේ පුද්ගලයාට මේ සංකිලෙසවාස වොදාන භවංගයන්ට ගියේය, යයි, යන්නේය යන කාල තීරණයක් නැති හෙයිනි. කිරීමෙනි. ඉමාය වේලාය යනු මේ කාලයේ ය. මේ මෘදු මධ්‍ය තියුණු භේදයෙන් අනුසාසනා කළ යුතුය. එවං ධාතුකො යනු හීන බව ආදී වශයෙන් මෙවන් අදහස් ඇත්තෝය. මෙවන් ප්‍රාර්ථනා ඇත්තේය යනුයි. අයඤ්චස්ස ආසයො යනු මේ පුද්ගලයාට මේ ශාස්වත උච්ඡේද ප්‍රකාරය හෝ යථාභූත ඤාණයට අනුලෝම වන ඉවසීම් ප්‍රකාරය හෝ අභිප්‍රාය වේ යනුයි. මෙය වනාහි චතුර්විධය. සත්ත්වයෝ මෙහි සමීපව සයනය කෙරෙත්. වාසය කරත් යන අර්ථයෙන් ආසය නම් වේ. භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ගේ මේ අභිප්‍රාය දන්නේ විදර්ශනා ඥාන කම්මස්සකතා ඥාන ඇති ඒ දෘෂ්ටි ගතීන් නොපවත්නා විට ද මෙසේ දැනගන්නා සේක. මෙය ද කියන ලදී. කාමය ඇසුරු කරන්නා වූ ම මේ පුද්ගලයා කාමගරුකයෙකි. කාම ආසය (අභිප්‍රාය) ඇත්තෙකි. කාමයන්ගෙන් මිදුණු අයෙකියි දැනගනී. කාමය ඇසුරු කරන්නා වූ ම මේ පුද්ගලයා නෙක්ඛම්මගරුක වෙයි. නෙක්ඛම්ම ආසය ඇත්තෙක් වෙයි. නෙක්ඛම්මයෙන් මිදුනෙක් වෙයි. යැයි දැනගනී. නෙක්ඛම්මය ඇසුරු කරන්නා වූ ම පුද්ගලයාව දැනගනී. ව්‍යාපාදය, අව්‍යාපාදය, ථීනමිද්ධය, ආලෝක සංඥාව ඇසුරු කරන්නා වූම මේ පුද්ගලයා ථීනමිද්ධගරුක වෙයි. ථීනමිද්ධ ආසය ඇත්තෙක් වෙයි. ථීනමිද්ධයෙන් මිදුනෙක් වෙයි යැයි දැනගනී.

අයං අනුසයොති අයං ඉමස‍්ස පුග‍්ගලස‍්ස කාමරාගාදිකො අප‍්පහීනොයෙව අනුසයිතකිලෙසො. අප‍්පහීනොයෙව හි ථාමගතො කිලෙසො අනුසයො. පරසත‍්තානන‍්ති පධානසත‍්තානං. පරපුග‍්ගලානන‍්ති තතො පරෙසං සත‍්තානං, හීනසත‍්තානන‍්ති අත්‍ථො. එකත්‍ථමෙව වා එතං පදද‍්වයං වෙනෙය්‍යවසෙන ද‍්විධා වුත‍්තං. ඉන්‍ද්‍රියපරොපරියත‍්තවෙමත‍්තතාඤාණන‍්ති පරභාවො ච අපරභාවො ච පරොපරියත‍්තං අ-කාරස‍්ස ඔකාරං කත්‍වා, තස‍්ස වෙමත‍්තතා පරොපරියත‍්තවෙමත‍්තතා. සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං පරොපරියත‍්තවෙමත‍්තතාය ඤාණං ඉන්‍ද්‍රියපරොපරියත‍්තවෙමත‍්තතාඤාණන‍්ති පදවිභාගො වෙදිතබ‍්බො.

අයං අනුසයො යනු මේ පුද්ගලයාගේ මේ කාමරාගාදිය ප්‍රහීණ නොවූයේ ම අනුව සයනය කළ ක්ලේශය ප්‍රහීණ නොවූයේ ම ය. ස්ථාවර වූ ක්ලේශය අනුසයයි. පරසත්තානං යනු ප්‍රධාන සත්ත්වයන්ගේ ය. පරපුග්ගලානං යනු එයින් අන්‍ය සත්ත්වයන් වූ හීන සත්ත්වයන්ගේ යන අර්ථයයි. එකම අර්ථ ඇති මේ පද දෙක හික්මවිය යුතු පුද්ගලයන්ගේ වශයෙන් දෙපරිදිව කියන ලදී. ඉන්‍ද්‍රියපරො පරියත්ත වෙමත්තතා ඤාණං යන තැන පරභාවය ද අපරභාවය ද පරොපරියත්ත නමි. ආකාරයට ඔකාරයක් කිරීමෙන් පසුවයි. එහි වෙනස් බව පරොපරියත්ත වේමත්තතාවයි. සද්ධා ආදී ඉන්‍ද්‍රියයන්ගේ පරොපරියත්ත වේමත්තතාවෙන් වූ ඤාණය ඉන්‍ද්‍රිය පරොපරියත්ත වේමත්තතා ඤාණය වේයයි පද විභාගය දතයුතුය.

තත්‍ථ යන‍්ති යං අනෙකවිහිතස‍්ස පුබ‍්බෙනිවාසස‍්ස අනුස‍්සරණවසෙන භගවතො ඤාණං, ඉදං අට‍්ඨමං තථාගතබලන‍්ති සම‍්බන්‍ධො. අනෙකවිහිතන‍්ති අනෙකවිධං, අනෙකෙහි වා පකාරෙහි පවත‍්තිතං. පුබ‍්බෙනිවාසන‍්ති අනුස‍්සරිතුං ඉච‍්ඡිතං අත‍්තනො පරෙසඤ‍්ච සමනන‍්තරාතීතං භවං ආදිං කත්‍වා තත්‍ථ තත්‍ථ නිවුත්‍ථසන‍්තානං. අනුස‍්සරතීති “එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො”ති එවං ජාතිපටිපාටියා අනුගන‍්ත්‍වා සරති, අනුදෙව වා සරති, චිත‍්තෙ අභිනින‍්නාමිතමත‍්තෙ එව සරතීති අත්‍ථො. භගවතො හි පරිකම‍්මකිච‍්චං නත්‍ථි, ආවජ‍්ජනමත‍්තෙනෙව සරති. සෙය්‍යථිදන‍්ති ආරද‍්ධප‍්පකාරනිදස‍්සනත්‍ථෙ නිපාතො. එකම‍්පි ජාතින‍්ති එකම‍්පි පටිසන්‍ධිමූලං චුතිපරියොසානං එකභවපරියාපන‍්නං ඛන්‍ධසන‍්තානං. එස නයො ද‍්වෙපි ජාතියොතිආදීසුපි.

එහි යං යනු නන්වැදෑරුම් වූ පුර්වේනිවාස සිහිකිරීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේට යම් ඥානයක් ලැබේ ද එයයි. එහි අටවැනි තථාගත බලය වේ යන සම්බන්ධය වෙයි. අනෙකවිහිතං යනු නන්වැදෑරුම් යනුයි. නැතහොත් නොයෙක් ප්‍රකාරයන්ගෙන් පැවති යනුයි. පුබ්බෙනිවාසං යනු සිහි කරන්නට කැමති වූ තමාගේ ද අනුන්ගේ ද පසුගිය අතීත භවය ආදිකොට ඒ ඒ තැන වාසය කරන ලද පරපුරයි. අනුස්සරති යනු එක් උපතක්, උපත් දෙකක් ආදී වශයෙන් ජාති පිළිවෙලින් අනුව ගොස් සිහිකරයි. එකවිට හෝ සිහිකරයි. සිත (අරමුණට) නැමූ කල්හිම සිහිකෙරෙයි යන අර්ථයයි. භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිකර්ම ක්‍රියාවක් නැත. ආවර්ජන මාත්‍රයෙන් ම සිහිකෙරෙයි. සෙය්‍යථීදං යනු ආරද්ධ, ප්‍රකාර, දර්ශන අර්ථයෙහි නිපාතයකි. එකම්පි ජාතිං යනු එක් ප්‍රතිසන්‍ධි මූලයක් ඇති චුති කෙළවර ඇති එක් භවයකට අයත් ස්කන්ධ පරම්පරාවයි. ද්වෙපි ජාතියො යනාදියේ ද මේ ක්‍රමයයි.

අනෙකෙපි සංවට‍්ටකප‍්පෙතිආදීසු පන පරිහායමානො කප‍්පො සංවට‍්ටකප‍්පො, වඩ‍්ඪමානො විවට‍්ටකප‍්පොති වෙදිතබ‍්බො. තත්‍ථ සංවට‍්ටෙන සංවට‍්ටට‍්ඨායී ගහිතො තංමූලත‍්තා, විවට‍්ටෙන ච විවට‍්ටට‍්ඨායී. එවඤ‍්හි සති යානි “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, කප‍්පස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යානි. කතමානි චත‍්තාරි? සංවට‍්ටො සංවට‍්ටට‍්ඨායී විවට‍්ටො විවට‍්ටට‍්ඨායී”ති (අ· නි· 4.156) වුත‍්තානි , තානි සබ‍්බානි පරිග‍්ගහිතානි හොන‍්ති. අමුත්‍රාසින‍්තිආදි සරණාකාරදස‍්සනං. තත්‍ථ අමුත්‍රාසින‍්ති අමුම‍්හි සංවට‍්ටකප‍්පෙ, අමුම‍්හි භවෙ වා යොනියං වා ගතියං වා විඤ‍්ඤාණට‍්ඨිතියං වා සත‍්තාවාසෙ වා සත‍්තනිකායෙ වා. එවංනාමොති තිස‍්සො වා ඵුස‍්සො වා. එවංගොත‍්තොති භග‍්ගවො වා ගොතමො වා. එවංවණ‍්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත‍්තඵලභොජනො වා. එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදීති අනෙකප‍්පකාරෙන කායිකචෙතසිකානං සාමිසනිරාමිසප‍්පභෙදානං වා සුඛදුක‍්ඛානං පටිසංවෙදී. එවමායුපරියන‍්තොති එවං වස‍්සසතපරමායුපරියන‍්තො වා චතුරාසීතිකප‍්පසහස‍්සපරමායුපරියන‍්තො වා. සො තතො චුතො අමුත්‍ර උදපාදින‍්ති සො තතො භවතො, සත‍්තනිකායතො වා චුතො පුන අමුකස‍්මිං නාම සත‍්තනිකායෙ උදපාදිං. අථ වා තත්‍රාපි භවෙ වා සත‍්තනිකායෙ වා අහොසිං. එවංනාමොතිආදි වුත‍්තත්‍ථමෙව.

අනෙකෙපි සංවට්ට කප්පෙ යනාදියෙහි පිරිහෙන කල්පය සංවට්ට කප්ප නම් වේ. වැඩෙන කල්පය විවට්ට කල්පය නම් වේ යැයි දතයුතුය. එහි වැසීම මුල්කොට ඇති බැවින් සංවට්ටඨායී වේ. වැඩීම මුල්කොට ඇති බැවින් විවට්ටඨායී නම් වෙයි ගන්නා ලදී, මෙසේ ඇතිකල්හි ‘මහණෙනි, කල්පයක අසංඛ්‍ය වූ දේ සතරකි. කවර සතරක් ද? සංවට්ට සංවට්ටඨායී විවට්ට විවට්ටඨායී’ යනුවෙන් යමක් කියන ලද ද ඒ සියල්ල ගන්නා ලද්දේ වෙයි. අමුත්‍රාසිං යනාදිය සැරිසරන ආකාරය දැක්වීමකි. එහි අමුත්‍රාසිං යනු අසවල් සංවට්ට කල්පයෙහි අසවල් භවයෙහි හෝ යෝනියෙහි හෝ ගතියෙහි හෝ විඤ්ඤාණ පැවැත්මෙහි හෝ සත්ත්ව වාසයෙහි හෝ සත්ත්ව කොටසෙහි හෝ ය. එවං නාමො යනු තිස්ස කියා හෝ ඵුස්ස කියා හෝ ය. එවං ගොත්තො යනු භග්ගව හෝ ගෝතම යන ගෝත්‍රයයි. එවං වණ්ණො යනු සුදුපැහැ හෝ රන්වන් පැහැ හෝ ය. එවමාහාරො යනු හැල්, මස්, බත් ආහාරය හෝ පවත්තඵල භෝජනය හෝ ය. එවං සුඛදුක්ඛ පටිසංවෙදී යනු අනේකප්‍රකාර වූ කායික-චෛතසික හෝ සාමිස-නිරාමිස ප්‍රභේද ඇති සුවදුක් විඳින යනුයි. එවමායුපරියන්නො යනු මෙසේ සියයක් වසක් පරමායුෂ කෙළවරකොට ඇති හෝ අසූහාර දහස් වසක් පරමායුෂ කෙළවර කොට ඇති හෝ යනුයි. සො තතො චුතො අමුත්‍ර උදපාදිං යනු හෙතෙම ඒ භවයෙන් හෝ සත්ත්ව කොට්ඨාසයෙන් හෝ චුත වූයේ නැවත අසවල් සත්ත්ව කොට්ඨාසයෙහි උපන්නේ යනුයි. එසේ නැතහොත් ඒ භවයෙහි හෝ සත්ත්ව කොට්ඨාසයෙහි හෝ නැවත වීමි. එවං නාමො යනාදිය කියන ලද අර්ථ ඇත්තේ ම ය.

දිබ‍්බෙනාතිආදීසු දිබ‍්බසදිසත‍්තා දිබ‍්බං. දෙවතානඤ‍්හි සුචරිතකම‍්මනිබ‍්බත‍්තම‍්පි පිත‍්තසෙම‍්හරුහිරාදීහි අපලිබුද‍්ධං උපක‍්කිලෙසවිමුත‍්තත‍්තා දූරෙපි ආරම‍්මණග‍්ගහණසමත්‍ථං දිබ‍්බං පසාදචක‍්ඛු හොති. ඉදම‍්පි වීරියභාවනාබලනිබ‍්බත‍්තං ඤාණචක‍්ඛු තාදිසමෙවාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බං, දිබ‍්බවිහාරවසෙන වා පටිලද‍්ධත‍්තා, අත‍්තනා ච දිබ‍්බවිහාරසන‍්නිස‍්සිතත‍්තාපි දිබ‍්බං, ආලොකපරිග‍්ගහෙන මහාජුතිකත‍්තාපි දිබ‍්බං, තිරොකුට‍්ටාදිගතරූපදස‍්සනෙන මහාගතිකත‍්තාපි දිබ‍්බං. තං සබ‍්බං සද‍්දසත්‍ථානුසාරෙන වෙදිතබ‍්බං. දස‍්සනට‍්ඨෙන චක‍්ඛු. චක‍්ඛුකිච‍්චකරණෙන චක‍්ඛුමිවාතිපි චක‍්ඛු. චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුත‍්තා විසුද‍්ධං. යො හි චුතිමත‍්තමෙව පස‍්සති, න උපපාතං, සො උච‍්ඡෙදදිට‍්ඨිං ගණ‍්හාති. යො උපපාතමත‍්තමෙව පස‍්සති න චුතිං, සො නවසත‍්තපාතුභාවදිට‍්ඨිං ගණ‍්හාති. යො පන තදුභයං පස‍්සති, සො යස‍්මා දුවිධම‍්පි තං දිට‍්ඨිගතං අතිවත‍්තති. තස‍්මාස‍්ස තං දස‍්සනං දිට‍්ඨිවිසුද‍්ධිහෙතු හොති. තදුභයඤ‍්ච භගවා පස‍්සති. තෙන වුත‍්තං – “චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුත‍්තා විසුද‍්ධ”න‍්ති.

දිබ්බෙන යනාදියෙහි දෙවියන් හා සමාන සත්ත්වයෝ දිබ්බ නම් වේ. දෙවියන්ට වනාහි යහපත් කර්මවලින් නිපන් පිත් සෙම් රුධිර ආදියෙන් නොකිලිටි වූ උපක්ලේශවලින් මිදුණු බැවින් දුර වූ අරමුණු ගැනීමට සමත් වූ දිව්‍යමය ප්‍රසාදචක්‍ෂුව ඇත්තේ වෙයි. මෙය ද වීර්ය භාවනා බලයෙන් නිපන් නැණස හා සමය. දිව්‍යත්වය හා සමාන බැවින් දිබ්බ නම් වේ. දිව්‍යවිහාර වශයෙන් ලබන ලද බැවින් තමා විසින් ද දිව්‍ය විහාරය ඇසුරු කරන ලද බැවින් ද දිබ්බ නම් වේ. ආලෝකය ගැනීමෙන් මහා බැබළීමක් ඇති බැවින් ද දිබ්බ නම් වේ. තිරෝකුඩ්ඩ ආදී ගතීන් දැක්වීමෙන් මහත් ගති ඇති බැවින් දිබ්බ නම් වේ. ඒ සියල්ල ශබ්දාර්ථ අනුසාරයෙන් දතයුතුය. දැකීම් අර්ථයෙන් චක්ඛු නම් වේ. චක්‍ෂු කෘත්‍යය කිරීමෙන් චක්‍ෂුව මෙන් වේනුයි චක්ඛු නම් වේ. චුතූපපාත ඥාන දර්ශනයෙන් දෘෂ්ටිය පිරිසිදුවන බැවින් (පිරිසිදු වූ) විසුද්ධ නම් වේ. යමෙක් චුති මාත්‍රය ම දකී ද පුනරුත්පත්තිය නොදකී ද හෙතෙම උච්ඡේද දෘෂ්ටිය ගනියි. යමෙක් පුනරුත්පත්ති මාත්‍රය ම දකී ද චුතිය නො දකී ද හෙතෙම නව සත්ත්වයෙකුගේ පහළවීම පිළිබඳ දෘෂ්ටිය ගනියි. යමෙක් වනාහි ඒ දෙක ම දකී ද හෙතෙම යම්හෙයකින් ඒ දෘෂ්ටිගති දෙකම ඉක්මවා ද එහෙයින් ඔහුගේ ඒ දර්ශනය දිට්ඨි විසුද්ධියට හේතුවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙක ම දක්නා සේක. එහෙයින් චුතූපපාත ඥාන දර්ශනයෙන් දිට්ඨි විසුද්ධියට හේතුවන බැවින් විසුද්ධ වූ යැයි කියන ලදි.

එකාදසඋපක‍්කිලෙසවිරහතො වා විසුද‍්ධං. යථාහ –

ඒකාදශ උපක්ලේශයෙන් තොරවූයේ හෝ විසුද්ධ නමි. මෙසේ කියන ලදි –

“සො ඛො අහං අනුරුද‍්ධා ‘විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසො’ති ඉති විදිත්‍වා විචිකිච‍්ඡං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහිං. ‘අමනසිකාරො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො… ථිනමිද‍්ධං… ඡම‍්භිතත‍්තං… උප‍්පිලං… දුට‍්ඨුල‍්ලං… අච‍්චාරද‍්ධවීරියං… අතිලීනවීරියං… අභිජප‍්පා… නානත‍්තසඤ‍්ඤා… අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං චිත‍්තස‍්ස උපක‍්කිලෙසො’ති ඉති විදිත්‍වා අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහි”න‍්ති (ම· නි· 3.242) එවමාදි.

‘අනුරුද්ධය, ඒ මම විචිකිච්ඡාව සිත්හි උපක්ලේශයකැයි දැන සිත්හි උපක්ලේශයක් වූ විචිකිච්ඡාව අත් හළෙමි. අමනසිකාරය සිත්හි උපක්ලේශයකැයි දැන - ථීනමිද්ධය - තැතිගැන්ම - අධික ප්‍රීතිය, නොමනා වචනය, දැඩි උත්සාහය, සැඟවුණු උත්සාහය, ඉල්ලීම, නානා ආකාර සංඥාව, අධික පසුතැවීම් ස්වභාවය සිත්හි උපක්ලේශයකැයි දැන අධික පසුතැවීම් ස්වභාවය වූ චිත්තෝප ක්ලේශය අත්හළෙමි’ යන මේ ආදියයි.

තදෙවං එකාදසඋපක‍්කිලෙසවිරහතො වා විසුද‍්ධං. මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා රූපදස‍්සනෙන අතික‍්කන‍්තමානුසකං, මංසචක‍්ඛුං අතික‍්කන‍්තත‍්තා වා අතික‍්කන‍්තමානුසකං. තෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන.

මෙසේ එකොළොස් උපක්ලේශයෙන් තොර වූ හෙයින් හෝ විසුද්ධ නම් වේ. මිනිස් සීමාව ඉක්මවා රූප දක්නා හෙයින් අතික්කන්ත මානුසක නම් වේ. මසැස ඉක්මවූ බැවින් හෝ අතික්කන්ත මානුසක නම් වේ. එහෙයින් මිනිස් බව ඉක්ම වූ පිරිසිදු වූ දිව්‍යමය ඇසින් (යයි කියන ලදී.)

සත‍්තෙ පස‍්සතීති මනුස‍්සො මනුස‍්සං මංසචක‍්ඛුනා විය සත‍්තෙ පස‍්සති ඔලොකෙති. චවමානෙ උපපජ‍්ජමානෙති එත්‍ථ චුතික‍්ඛණෙ උපපත‍්තික‍්ඛණෙ වා දිබ‍්බචක‍්ඛුනාපි දට‍්ඨුං න සක‍්කා. යෙ පන ආසන‍්නචුතිකා ඉදානි චවිස‍්සන‍්ති, යෙ ච ගහිතපටිසන්‍ධිකා සම‍්පති නිබ‍්බත‍්තා, තෙ “චවමානා උපපජ‍්ජමානා”ති අධිප‍්පෙතා. තෙ එවරූපෙ චවමානෙ උපපජ‍්ජමානෙ. හීනෙති මොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා හීනජාතිකුලභොගාදිවසෙන හීළිතෙ පරිභූතෙ. පණීතෙති අමොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා තබ‍්බිපරීතෙ. සුවණ‍්ණෙති අදොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා ඉට‍්ඨකන‍්තමනාපවණ‍්ණයුත‍්තෙ. දුබ‍්බණ‍්ණෙති දොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා අනිට‍්ඨාකන‍්තාමනාපවණ‍්ණයුත‍්තෙ අභිරූපෙ විරූපෙ වාති අත්‍ථො. සුගතෙති සුගතිගතෙ, අලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා අඩ‍්ඪෙ මහද‍්ධනෙ. දුග‍්ගතෙති දුග‍්ගතිගතෙ, ලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා දලිද‍්දෙ අප‍්පන‍්නපානභොජනෙ. යථාකම‍්මූපගෙති යං යං කම‍්මං උපචිතං, තෙන තෙන උපගතෙ. තත්‍ථ පුරිමෙහි “චවමානෙ”තිආදීහි දිබ‍්බචක‍්ඛුකිච‍්චං වුත‍්තං. ඉමිනා පන පදෙන යථාකම‍්මූපගඤාණකිච‍්චං. යථාකම‍්මූපගඤාණඅනාගතංසඤාණානි ච දිබ‍්බචක‍්ඛුපාදකානෙව දිබ‍්බචක‍්ඛුනා සහෙව ඉජ‍්ඣන‍්ති.

සත්තෙ පස්සති යනු මිනිසෙක් මසැසින් මිනිසකු දකින්නා සේ සත්ත්වයන් දකියි. බලයි යනුයි. චවමානෙ උප්පජ්ජමානෙ යනු මෙහි චුති ක්‍ෂණයෙහි හෝ උත්පත්ති ක්‍ෂණයෙහි හෝ දිවැසින් ද දක්නට නොහැකිය. චුතවීමට ආසන්න වූ යමෙක් දැන් චුතවෙත් ද ගන්නා ලද ප්‍රතිසන්‍ධි ඇති යමෙක් දැන් උපන්නාහු ද චුතවන උපදින ඔවුහු යන්න අදහස් කරන ලදී. මෙලෙස චුතවන උපදින ඔවුහුය. හීනෙ යනු මෝහය කාන්දුවන ස්වභාවයෙන් යුත් බැවින් හෝ හීන ජාතික කුලය, භෝගය ආදී වශයෙන් හෝ පිළිකුල් කළ, නින්දා කරන ලද යනුයි. පණීතෙ යනු ප්‍රඥාව වැගිරෙන ස්වභාවයෙන් යුත් බැවින් ඊට විරුද්ධ වූ යනුයි. සුවණ්ණෙ යනු අද්වේශය වැගිරෙන ස්වභාවයෙන් යුත් බැවින් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්ණයෙන් යුක්ත යනුයි. දුබ්බණ්ණො යනු ද්වේෂය වැගිරෙන ස්වභාවයෙන් යුත් බැවින් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අවර්ණයෙන් යුක්ත යනුයි. මනා රූ ඇති හා විරූපී පුද්ගලයන් යන අර්ථයයි. සුගතෙ යනු සුගතියට ගියා වූ සත්ත්වයන් ය. අලෝභ විපාකයෙන් යුත් බැවින් ආඪ්‍ය වූ මහත් ධන ඇති සත්ත්වයන් ය. දුග්ගතෙ යනු දුගතියට ගියා වූ සත්ත්වයන් ය. ලෝභ විපාකයෙන් යුත් බැවින් දිළිඳු වූ අල්ප වූ ආහාරපාන භෝජන ඇති සත්ත්වයන්ය. යථා කම්මූපගෙ යනු යම් යම් කර්මයක් රැස්කරන ලද ද ඒ ඒ කර්මයෙන් යුක්ත වූ සත්ත්වයන් ය. එහිදී පළමුව කී චවමානෙ යනාදියෙන් දිබ්බචක්ඛුවේ කටයුතු කියන ලදි. මේ පදයෙන් වනාහි යථාකම්මූපග ඥානයේ කටයුතු කියන ලදි. යථා කම්මූපග ඥානය හා අනාගතංස ඥානය දිවැස පාදක කොට පවතී. දිවැස සමගම සමෘද්ධ වෙත් යනුයි.

කායදුච‍්චරිතෙනාතිආදීසු දුට‍්ඨු චරිතං, දුට‍්ඨං වා චරිතං කිලෙසපූතිකත‍්තා දුච‍්චරිතං. කායෙන දුච‍්චරිතං, කායතො වා පවත‍්තං දුච‍්චරිතං කායදුච‍්චරිතං. එවං වචීමනොදුච‍්චරිතානිපි දට‍්ඨබ‍්බානි. සමන‍්නාගතාති සමඞ‍්ගීභූතා. අරියානං උපවාදකාති බුද‍්ධාදීනං අරියානං, අන‍්තමසො ගිහිසොතාපන‍්නානම‍්පි අන‍්තිමවත්‍ථුනා වා ගුණපරිධංසනෙන වා උපවාදකා අක‍්කොසකා ගරහකා. මිච‍්ඡාදිට‍්ඨිකාති විපරීතදස‍්සනා. මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානාති මිච‍්ඡාදිට‍්ඨිහෙතුභූතසමාදින‍්නනානාවිධකම‍්මා. යෙ ච මිච‍්ඡාදිට‍්ඨිමූලකෙසු කායකම‍්මාදීසු අඤ‍්ඤෙපි සමාදපෙන‍්ති. තත්‍ථ වචීමනොදුච‍්චරිතග‍්ගහණෙන අරියූපවාදමිච‍්ඡාදිට‍්ඨීසු ගහිතාසුපි තෙසං පුන වචනං මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං. මහාසාවජ‍්ජො හි අරියූපවාදො ආනන‍්තරියසදිසො. යථාහ –

කාය දුච්චරිතෙන යනාදියෙහි නොමනා චරිතය හෝ දුෂ්ට වූ චරිතය කෙලෙස්වලින් නරක් කරන ලද බැවින් දුච්චරිත නම් වේ. කය කරණකොටගෙන නොමනා ලෙස හැසිරීම හෝ කය කෙරෙන් පැවති නොමනා හැසිරීම කාය දුශ්චරිතයයි. වාග් මනෝ දුශ්චරිතයන් ද මෙසේ දතයුතුය. සමන්නාගතා යනු යුක්ත වූ යනුයි. අරියානං උපවාදතා යනු බුද්ධාදී ආර්යයන්ට ද යටත් පිරිසෙයින් ගිහි සෝවාන් පුද්ගලයන්ට ද අන්තිම වස්තුවෙන් හෝ ගුණ විනාශයෙන් හෝ දොස් කියන්නෝ ය. අපහාස කරන්නෝය. ගර්හා කරන්නෝ ය. මිච්ඡාදිට්ඨිකා යනු විපරීත වූ දර්ශන ඇත්තෝය. මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා යනු යමෙක් මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් ගන්නා ලද විවිධ වූ කටයුතු ඇත්තෝ ය. එහි වාග්-මනෝ දුශ්චරිත ග්‍රහණයෙන් ආර්යයන් දොස්කීම ආදී මිථ්‍යාදෘෂ්ටි ගත් කල්හි ඒවා නැවත කීම මහාසාවද්‍ය භාවය දැක්වීම පිණිස ය. මහා සාවද්‍ය වූ ආර්ය උපවාදය ආනන්තර්ය පාප කර්මය හා සමාන ය. මෙසේ කියන ලදී –

“සෙය්‍යථාපි, සාරිපුත‍්ත, භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවංසම‍්පදමිදං, සාරිපුත‍්ත, වදාමි තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ”ති (ම· නි· 1.149).

‘ශාරිපුත්‍රය, සීල සම්පන්න වූ සමාධි සම්පන්න වූ භික්‍ෂුව යම්සේ මේ ආත්මයේදී ම රහත්බවට පැමිණේ ද ශාරිපුත්‍රය, මේ කාරණය ද මෙසේයයි කියමි. ඒ කීම නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙනහැර සිටුවූවකු මෙන් නිරයේ උපදනේ වෙයි’ යනුවෙනි.

මිච‍්ඡාදිට‍්ඨිතො ච මහාසාවජ‍්ජතරං නාම අඤ‍්ඤං නත්‍ථි. යථාහ –

මිථ්‍යා දෘෂ්ටියට වඩා මහාසාවද්‍ය වූ අන්‍ය වූ පාපයක් නැත. (එය) මෙසේ කියන ලදි –

“නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි එවං මහාසාවජ‍්ජතරං, යථයිදං, භික‍්ඛවෙ, මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිපරමානි, භික‍්ඛවෙ, වජ‍්ජානී”ති (අ· නි· 1.310).

‘මහණෙනි, මම මෙසේ මහාසාවද්‍යතර වූ අනෙක් එකදු ධර්මයකුදු නොදකිමි. මහණෙනි, එනම් මිථ්‍යා දෘෂ්ටියයි. මහණෙනි, වැරදි මිථ්‍යා දෘෂ්ටිය පරම කොට පවතී යනුවෙනි.

කායස‍්ස භෙදාති උපාදින‍්නක‍්ඛන්‍ධපරිච‍්චාගා. පරං මරණාති තදනන‍්තරං අභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධග‍්ගහණෙ. අථ වා කායස‍්ස භෙදාති ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදා. පරං මරණාති චුතිතො උද‍්ධං. අපායන‍්තිආදි සබ‍්බං නිරයවෙවචනං. නිරයො හි සග‍්ගමොක‍්ඛහෙතුභූතා පුඤ‍්ඤසම‍්මතා අයා අපෙතත‍්තා, සුඛානං වා ආයස‍්ස අභාවා අපායො. දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති දුග‍්ගති, දොසබහුලතාය වා දුට‍්ඨෙන කම‍්මුනා නිබ‍්බත‍්තා ගති දුග‍්ගති. විවසා නිපතන‍්ති තත්‍ථ දුක‍්කටකාරිනොති විනිපාතො. නත්‍ථි එත්‍ථ අස‍්සාදසඤ‍්ඤිතො අයොති නිරයො.

කායස්ස භෙදා යනු උපාදාන කළ ස්කන්ධයන් අත්හැරීමෙනි. පරං මරණා යනු ඉන් අනතුරුව පහළ වූ ස්කන්ධ අල්ලා ගැනීමෙහි ය. එසේ නැතහොත් කායස්ස භෙදා යනු ජීවිතින්‍ද්‍රියයෙහි සිඳීමෙනි. පරම්මරණා යනු චුතියෙන් මතු ය. අපායං යනාදි සියල්ල නිරය පර්යාය වචනයන් ය. නිරය වනාහි ස්වර්ගමෝක්‍ෂ දෙකට හේතු වූ පුණ්‍ය සම්මත වූ වර්ධනයෙන් පහවූ බැවින් ද සුඛ සංඛ්‍යාත ආදායම නැති බැවින් ද අපාය නම් වේ. දුක්ඛ ගතියට පිළිසරණ වූයේ දුගතියයි. නැතහොත් දෝෂ බහුල බැවින් දුෂ්ට වූ ක්‍රියාවෙන් උපන් ගතිය දුග්ගති නමි. නපුරු දේ කළහු එහි ඉබේ වැටෙත් නුයි විනිපාත නම් වේ. මෙහි ආශ්වාද හැඟීම් ඇත්තාගේ වර්ධනයක් නැත්තේ නුයි නිරය නම් වේ.

අථ වා අපායග‍්ගහණෙන තිරච‍්ඡානයොනිං දීපෙති, තිරච‍්ඡානයොනි හි අපායො, සුගතිතො අපෙතත‍්තා. න දුග‍්ගති, මහෙසක‍්ඛානං නාගරාජාදීනං සම‍්භවතො. දුග‍්ගතිග‍්ගහණෙන පෙත‍්තිවිසයං දීපෙති, සො හි අපායො චෙව දුග‍්ගති ච සුගතිතො අපෙතත‍්තා, දුක‍්ඛස‍්ස ච ගතිභූතත‍්තා. න තු විනිපාතො අසුරසදිසං අවිනිපතිතත‍්තා. පෙතමහිද‍්ධිකානඤ‍්හි විමානානිපි නිබ‍්බත‍්තන‍්ති. විනිපාතග‍්ගහණෙන අසුරකායං දීපෙති, සො හි යථාවුත‍්තෙනත්‍ථෙන අපායො චෙව දුග‍්ගති ච සුඛසමුස‍්සයෙහි විනිපාතත‍්තා විනිපාතොති වුච‍්චති. නිරයග‍්ගහණෙන අවීචිආදිඅනෙකප‍්පකාරං නිරයමෙව දීපෙති. උපපන‍්නාති උපගතා, තත්‍ථ අභිනිබ‍්බත‍්තාති අධිප‍්පායො. වුත‍්තවිපරියායෙන සුක‍්කපක‍්ඛො වෙදිතබ‍්බො.

එසේ නැතහොත් අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය ප්‍රකාශ කෙරෙයි. තිරිසන් යෝනි සංඛ්‍යාත අපාය සුගතියෙන් වෙන් වූ බැවින් දුගතියක් නොවේ. මහේශාක්‍ය නාගරාජාදීන් උපදනා බැවිනි. දුගතියේ ම දුගති ද වේ. සුගතියෙන් පහවූ බැවින් දුකෙහි ස්වභාවය වූ බැවිනි. විනිපාතය අසුරයන් හා සමාන වූවක් නොවේ. නොවැටෙන ස්වභාව ඇති බැවිනි. මහා ආනුභාව ඇති ප්‍රේතයන්ගේ විමාන ද පහළ වේ. විනිපාත ග්‍රහණයෙන් අසුර කාය ප්‍රකාශ කෙරේ. එය ද කියන ලද අර්ථයෙන් අපාය ද දුග්ගති ද වේ. සුඛ රාශියෙන් වැටෙන ස්වභාව ඇති බැවින් විනිපාත යැයි කියනු ලැබේ. නිරය ග්‍රහණයෙන් අවීචි ආදී අනේක ප්‍රකාර නිරයම ප්‍රකාශ කෙරේ. උපපන්නා යනු පැමිණි යනුයි. එහි පහළ වූ යන අදහසයි. කියන ලද වෙනස්කමින් ශුක්ලපක්‍ෂය පිළිබඳව දතයුතුය.

අයං පන විසෙසො – එත්‍ථ සුගතිග‍්ගහණෙන මනුස‍්සගතිම‍්පි සඞ‍්ගණ‍්හාති. සග‍්ගග‍්ගහණෙන දෙවගතිං එව. තත්‍ථ සුන්‍දරා ගතීති සුගති. රූපාදීහි විසයෙහි සුට‍්ඨු අග‍්ගොති සග‍්ගො. සො සබ‍්බොපි ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති අයං වචනත්‍ථො. අමුකාය කප‍්පකොටියං උපචිතං තෙනායං එතරහි, අනාගතෙ වා සග‍්ගූපගො අපායූපගො චාති අට‍්ඨමනවමබලඤාණකිච‍්චං එකජ‍්ඣං කත්‍වා දස‍්සිතං. තථා කප‍්පසතසහස‍්සෙවාතිආදීසුපි. තෙනෙවාහ – “ඉමානි භගවතො ද‍්වෙ ඤාණානී”ති.

මෙය වනාහි විශේෂත්වයයි. මෙහි සුගති ග්‍රහණයෙන් මනුෂ්‍ය ස්වභාවය ද ගණන් ගනු ලැබේ. ස්වර්ග ග්‍රහණයෙන් දිව්‍ය ස්වභාවය ගණන් ගැනේ. එහි සුන්දර වූ ස්වභාවයක් ඇත්තේ සුගති යයි. රූපාදි විෂයයන් කරණ කොටගෙන මනා වූ අගක් ඇත්තේය යන අර්ථයෙන් සග්ග නම් වේ. ඒ සියල්ල ද කැඩීම් බිඳීම් අර්ථයෙන් ලෝක නම් වේ යන මෙය වචනාර්ථයයි. අසවල් කල්ප කෙළවරදී රැස්කරන ලදී. අමුකාය කප්පකොටියං උපචිතං එහෙයින් මොහු දැන් හෝ අනාගතයේ හෝ ස්වර්ගයට යයි. අපායට යයි යනුවෙන් අටවැනි නවවැනි බලඥාන කෘත්‍යය එකක් කොට දක්වන ලදී. කප්පසත සහස්සෙ වා යනාදියෙහි ද එසේමය. එහෙයින්ම ඉමානි භගවතො ද්වෙ ඤාණානි යි කියන ලදී.

නිහතො මාරො බොධිමූලෙති නිහතො සමුච‍්ඡින‍්නො කිලෙසමාරො බොධිරුක‍්ඛමූලෙ. ඉදං භගවතො දසමං බලන‍්ති ඉදං කිලෙසමාරස‍්ස හනනං සමුච‍්ඡින්‍දනං භගවතො දසමං බලං. තෙනෙවාහ – “සබ‍්බාසවපරික‍්ඛයං ඤාණ”න‍්ති. යස‍්මා පන යදා අරහත‍්තමග‍්ගෙන සවාසනා සබ‍්බෙ ආසවා ඛෙපිතා, තදා භගවතා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අධිගතං නාම, තස‍්මා “යං සබ‍්බඤ‍්ඤුතා පත‍්තා”තිආදි වුත‍්තං.

නිහතො මාරො බොධිමූලෙ යනු බෝරුක මුලදී ක්ලේශමාරයා නසන ලදී. මුලින් සිඳින ලදී යනුයි. ඉදං භගවතො දසමං බලං යනු මේ ක්ලේශ මාරයාගේ නැසීම මුලින්ම සිඳ දැමීම භාග්‍යවතුන් වහන්සේගේ දසවැනි බලය වේ යනුයි. එහෙයින් ම සබ්බාසව පරික්ඛය ඤාණං යි කියන ලදී. යම්හෙයකින් වනාහි යම්දිනෙක අර්හත් මාර්ගයෙන් වාසනා සහිත සියලු කෙලෙස් ක්‍ෂය කරන ලද ද එදින භාග්‍යවතුන් වහන්සේ විසින් සර්වඥතා ඥානය අවබෝධ කරන ලද්දේ වේ ද හෙයින් යං සබ්බඤ්ඤුතා පත්තා යනාදිය කියන ලදී.

අයං තාවෙත්‍ථ ආචරියානං සමානත්‍ථකථා. පරවාදී පනාහ – “දසබලඤාණං නාම පාටිඑක‍්කං නත්‍ථි, යස‍්මා ‘සබ‍්බඤ‍්ඤුතා පත‍්තා විදිතා සබ‍්බධම‍්මා’ති වුත‍්තං, තස‍්මා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්සෙවායං පභෙදො”ති, තං න තථා දට‍්ඨබ‍්බං. අඤ‍්ඤමෙව හි දසබලඤාණං, අඤ‍්ඤං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං. දසබලඤාණඤ‍්හි සකසකකිච‍්චමෙව ජානාති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං තම‍්පි තතො අවසෙසම‍්පි ජානාති. දසබලඤාණෙසු හි පඨමං කාරණාකාරණමෙව ජානාති. දුතියං කම‍්මපරිච‍්ඡෙදමෙව, තතියං ධාතුනානත‍්තකාරණමෙව, චතුත්‍ථං අජ‍්ඣාසයාධිමුත‍්තිමෙව, පඤ‍්චමං කම‍්මවිපාකන‍්තරමෙව, ඡට‍්ඨං ඣානාදීහි සද‍්ධිං තෙසං සංකිලෙසාදිමෙව, සත‍්තමං ඉන්‍ද්‍රියානං තික‍්ඛමුදුභාවමෙව, අට‍්ඨමං පුබ‍්බෙනිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තතිමෙව, නවමං සත‍්තානං චුතූපපාතමෙව, දසමං සච‍්චපරිච‍්ඡෙදමෙව. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන එතෙහි ජානිතබ‍්බඤ‍්ච තතො උත‍්තරිඤ‍්ච පජානාති. එතෙසං පන කිච‍්චං සබ‍්බං න කරොති. තඤ‍්හි ඣානං හුත්‍වා අප‍්පෙතුං න සක‍්කොති, ඉද‍්ධි හුත්‍වා විකුබ‍්බිතුං න සක‍්කොති, මග‍්ගො හුත්‍වා කිලෙසෙ ඛෙපෙතුං න සක‍්කොති.

මෙය වනාහි මේ පිළිබඳ ආචාර්යවරුන්ගේ සමානාර්ථ කථාවයි. පරවාදියා මෙසේ කියන ලදී. හුදකලා වූ දසබල ඤාණයක් නම් නැත. යම්හෙයකින් සබ්බඤ්ඤුතා පත්තා විදිතා සබ්බධම්මා යි කියන ලදද එහෙයින් මෙය සර්වඥතා ඥානයේම ප්‍රභේදයකි. එය එසේ නොදත යුතුයි. දසබල ඥානය අනෙකක් ම ය. සර්වඥතා ඥානය අනෙකකි. දසබල ඥානය ස්වකීය ස්වකීය කටයුතු ම දනියි. සර්වඥතා ඥානය එයද එයින් අවශේෂ වූ දෙයද දනියි. දසබල ඥානයන්ගෙන් පළමුවැන්න කාරණ අකාරණයන් ම දනියි. දෙවැන්න කර්මය පිරිසිඳ දැනීම ම (දැනගනී) තෙවැන්න ධාතු නානත්ව හේතුව ම (දැනගනී) සිව්වැන්න අජ්ඣාසය අධිමුත්තිය ම (දැනගනී) පස්වැන්න කර්ම විපාක වෙනස ම (දැනගනී) සවැන්න ධ්‍යානාදිය සමග ඒවායේ කෙලෙසීම ම (දැනගනී) සත්වැන්න ඉන්‍ද්‍රියයන්ගේ තියුණු හා මෘදු භාවය ම (දැනගනී) නවවැන්න චුතූපපාත ඥානයම (දැනගනී) දසවැන්න සත්‍ය පිරිසිඳ දැනීම ම (දැනගනී) සර්වඥතා ඥානය වනාහි මේවායින් දතයුතු දේ ද එයින් එහා දේ ද දැනගනියි. මේවායේ කෘත්‍යය සියල්ල සිදු නොකරයි. එය වනාහි ධ්‍යානය බවට පත්ව සමවදින්නට නොහැකි වෙයි. සෘද්ධිය බවට පත්ව සෘද්ධි දක්වන්න නොහැකි වෙයි. මාර්ගය බවට පත්ව සෘද්ධි දක්වන්නට නොහැකි වෙයි. මාර්ගය බවට පත්ව කෙලෙස් ක්‍ෂය කරන්නට නොහැකි වෙයි.

අපිච පරවාදී එවං පුච‍්ඡිතබ‍්බො “දසබලඤාණං නාමෙතං සවිතක‍්කසවිචාරං අවිතක‍්කවිචාරමත‍්තං අවිතක‍්කඅවිචාරං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකියං ලොකුත‍්තර”න‍්ති. ජානන‍්තො “පටිපාටියා සත‍්ත සවිතක‍්කසවිචාරානී”ති වක‍්ඛති, තතො පරානි ද‍්වෙ අවිතක‍්කඅවිචාරානීති, ආසවක‍්ඛයඤාණං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරන‍්ති. තථා පටිපාටියා සත‍්ත කාමාවචරානි, තතො ද‍්වෙ රූපාවචරානි, අවසානෙ එකං ලොකුත‍්තරන‍්ති වක‍්ඛති. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන සවිතක‍්කසවිචාරමෙව කාමාවචරමෙව ලොකියමෙවාති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං.

එසේ වුවත් පරවාදියා මෙසේ විචාළ යුතුය. මේ දසබල ඥානය නම් විතර්ක විචාර සහිත වූවක් ද? අවිතර්ක විචාර මාත්‍රයක් ද? අවිතර්ක අවිචාරය ද? කාමාවචරයක් ද? රූපාවචරයක් ද? අරූපාවචරයක් ද? ලෞකික ද? ලෝකෝත්තර ද? මෙසේ දන්නේ පිළිවෙලින් සප්තවිධ සවිතර්ක සවිචාර ආදිය කියා ද එයින් අන්‍ය වූ දෙවැදෑරුම් අවිතර්ක අවිචාර ආදිය කියා ද කියනු ලැබේ. ආසවක්ඛය ඥානය සවිතර්ක සවිචාර වන්නේය. අවිතර්ක විචාර මාත්‍රයක් වන්නේය. අවිතර්ක අවිචාර වන්නේය. එසේම පිළිවෙලින් සප්තවිධ කාමාවචරයන් ද ඉන්පසු රූපවචර සිත් දෙක ද කෙළවර එක් ලෝකෝත්තර සිතක් යැයි කියනු ලැබේ. සබ්බඤ්ඤුත ඥානය වනාහි සවිතර්ක සවිචාර ම ය. කාමාවචර ම ය. ලෞකික ම ය යැයි මෙහිදී නිෂ්ඨාවට යා යුතුය.

විචයහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

විචයභාර සම්පාත වර්ණනාව නිමි.