යෙදුමෙන් කියවන්න

යුත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

යුත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා

යුත්ති හාර සමපාත වර්ණනාව

එවං නානානයෙහි විචයහාරසම‍්පාතං විත්‍ථාරෙත්‍වා ඉදානි යුත‍්තිහාරසම‍්පාතාදීනි දස‍්සෙතුං “තත්‍ථ කතමො යුත‍්තිහාරසම‍්පාතො”තිආදි ආරද‍්ධං. තත්‍ථ “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්සා”ති ගාථාය පදත්‍ථො විත්‍ථාරිතොයෙව. රක‍්ඛිතචිත‍්තස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරො භවිස‍්සතීති යුජ‍්ජතීති මනච‍්ඡට‍්ඨානි ද‍්වාරානි සතිකවාටෙන පිදහිත්‍වා විහරන‍්තස‍්ස කාමවිතක‍්කාදීනං මිච‍්ඡාසඞ‍්කප‍්පානං අවසරො එව නත්‍ථීති නෙක‍්ඛම‍්මවිතක‍්කාදිකො සම‍්මාසඞ‍්කප‍්පො එව තස‍්ස ගොචරො පවත‍්තිට‍්ඨානං භවිස‍්සතීති අයමත්‍ථො යුජ‍්ජති. යුත‍්තියා ඝටෙති සංසන්‍දති සමෙතීති අත්‍ථො. සම‍්මාසඞ‍්කප‍්පගොචරො සම‍්මාදිට‍්ඨි භවිස‍්සතීති වුත‍්තනයෙන සම‍්මාසඞ‍්කප‍්පගොචරො පුග‍්ගලො අවිපරීතමෙව විතක‍්කතො සම‍්මාදිට‍්ඨි භවිස‍්සති. සම‍්මාදිට‍්ඨිසඞ‍්ඛාතං විපස‍්සනාඤාණං පුරක‍්ඛත්‍වා විහරන‍්තො මග‍්ගඤාණෙන පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයං අසම‍්මොහතො පටිවිජ‍්ඣිස‍්සති. තථා පටිවිජ‍්ඣන‍්තො ච දුක‍්ඛසභාවත‍්තා දුග‍්ගතිසඞ‍්ඛාතා සබ‍්බා භවගතියො ජහිස‍්සති, තතො එව සබ‍්බං විනිපාතභයං සංසාරභයඤ‍්ච සමතික‍්කමිස‍්සතීති සබ‍්බොපි චායමත්‍ථො යුත‍්තො එවාති.

මෙසේ නොයෙක් නොයෙක් ක්‍රමවලින් විචය හාර සම්පාතය විස්තර කොට දැන් යුක්තිහාර සම්පාතාදිය දක්වන්නට තත්‍ථ කතමො යුත්තිහාර සම්පාතො යනාදිය ආරම්භ කරන ලදි. එහි තස්මා රක්ඛිත චිත්තස්ස යන ගාථාවේ පදාර්ථය විස්තර කරන ලද්දේ ම ය. රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගොචරො භවිස්සතීති යුජ්ජති යනු මනස සවැනි කොට ඇති දොරටු සිහිය නමැති ජනේලය වසා වාසය කරන්නාට කාමවිතර්ක ආදී මිථ්‍යා සංකල්පයන්ගෙන් අවකාශයක් නැත්තේය. නෙක්ඛම්ම විතර්කාදී සම්මා සංකප්පයම එහි අරමුණ පවතින ස්ථානය වන්නේය යන මේ අර්ථය සුදුසු වේ. යුක්තිය සමග ගැයෙි. සැසඳෙයි. සමවෙයි යන අර්ථයයි. සම්මා සංකප්ප ගොචරො සම්මා දිට්ඨි භවිස්සති යනු කියන ලද ක්‍රමය අනුව සම්මා සංකප්පයට ගෝචර වූ පුද්ගලයා නොවෙනස්ව විතර්ක කරන හෙයින් සම්මා දිට්ඨි ඇත්තේ වෙයි. සම්මා දිට්ඨි සංඛ්‍යාත විදර්ශනා ඥානය පෙරටුකොට වාසය කරන්නා මාර්ග ඥානයෙන් පංචස්කන්ධයේ හටගැනීම හා විනාශවීම නොමුළාව අවබෝධ කරන්නේය. එසේ අවබෝධ කරන්නා දුක් ස්වභාව ඇති බැවින් සියලු භව ගතීන් දුරු කරන්නේය. එයින්ම සියලු නිරය භයද සසර භය ද ඉවත්ව යන්නේය යන මේ සියලු අර්ථය සුදුසු ම ය.

යුත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පදට‍්ඨානහාරසම‍්පාතවණ‍්ණනා

පදට්ඨාන හාර සමපාත වර්ණනාව

සකසම‍්පත‍්තියා විය සුසංවිහිතසඞ‍්කප‍්පො භවති. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා සුචරිතපාරිපූරියා ආසන‍්නකාරණන‍්ති ආහ – “රක‍්ඛිතචිත‍්තස‍්සාති තිණ‍්ණං සුචරිතානං පදට‍්ඨාන”න‍්ති. තස‍්සත්‍ථො – “රක‍්ඛිතචිත‍්තස‍්සා”ති ඉදං තිණ‍්ණං සුචරිතානං පදට‍්ඨානවචනන‍්ති. නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදිබහුලස‍්ස කාමච‍්ඡන්‍දාදිනීවරණප‍්පහානං සුකරන‍්ති නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදයො සමථස‍්ස ආසන‍්නකාරණන‍්ති ආහ – “සම‍්මාසඞ‍්කප‍්පගොචරොති සමථස‍්ස පදට‍්ඨාන”න‍්ති. කම‍්මස‍්සකතාසම‍්මාදිට‍්ඨියං සප‍්පච‍්චයනාමරූපදස‍්සනසම‍්මාදිට‍්ඨියඤ‍්ච ඨිතො අත‍්තාධීනං සංසාරදුක‍්ඛං පස‍්සන‍්තො තදතික‍්කමනුපායං විපස‍්සනං ආරභතීති සම‍්මාදිට‍්ඨිවිපස‍්සනාය විසෙසකාරණන‍්ති ආහ – “සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරොති විපස‍්සනාය පදට‍්ඨාන”න‍්ති. උදයබ‍්බයදස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තො සම‍්මත‍්තනියාමං ඔක‍්කමතීති තං පඨමමග‍්ගාධිගමස‍්ස කාරණන‍්ති ආහ – “ඤත්‍වාන උදයබ‍්බයන‍්ති දස‍්සනභූමියා පදට‍්ඨාන”න‍්ති. ආලොකසඤ‍්ඤාමනසිකාරාදීහි ථිනමිද‍්ධස‍්ස අභිභවනං වීරියස‍්ස ආසන‍්නකාරණන‍්ති ආහ – “ථිනමිද‍්ධාභිභූ භික‍්ඛූති වීරියස‍්ස පදට‍්ඨාන”න‍්ති. යදිපි අරියමග‍්ගක‍්ඛණෙ පහානභාවනා සමානකාලා එකාභිසමයස‍්ස ඉච‍්ඡිතත‍්තා, තථාපි පහාතබ‍්බස‍්ස පහානාභාවෙ භාවනාපාරිපූරී නත්‍ථීති පහානනිමිත‍්තා විය කත්‍වා භාවනා වුත‍්තා “සබ‍්බා දුග‍්ගතියො ජහෙති භාවනාය පදට‍්ඨාන”න‍්ති. අථ වා “සබ‍්බා දුග‍්ගතියො ජහෙ”ති ඉදං භගවතො වචනං යොගීනං උස‍්සාහජනනත්‍ථං ආනිසංසකිත‍්තනං හොතීති භාවනාය විසෙසකාරණන‍්ති වුත‍්තං “සබ‍්බා…පෙ… පදට‍්ඨාන”න‍්ති.

ස්වකීය සම්පත්තිය පිළිබඳව මෙන් මනාව යොදවන ලද සංකල්පය ඉන්‍ද්‍රියයන් කෙරෙහි රක්නා ලද දොරටු ඇති බැවින් සුචරිත සපිරීම පිණිස ආසන්න හේතුව වේ යයි සලකා රක්ඛිතචිත්තස්සාති තිණ්ණං සුචරිතානං පදට්ඨානං යි කියන ලදී. එහි අර්ථය මෙයයි. රක්ඛිත චිත්තස්ස යන මෙය ත්‍රිවිධ සුචරිතවලට ආසන්න පදයකි යනුයි. නෙක්ඛම්ම සංකප්ප ආදිය බහුලව ඇති පුද්ගලයාට කාමච්ඡන්‍ද ආදී නීවරණ ප්‍රහාණය කිරීම පහසුයැයි නෙක්ඛම්ම සංකප්ප ආදිය සමථයේ ආසන්න හේතුයැයි සලකා සම්මා සංකප්ප ගොචරොති සමථස්ස පදට්ඨානං යි කියන ලදී. කම්මස්සකතා සම්මා දිට්ඨියේ ද ප්‍රත්‍ය සහිත නාමරූපයන් දක්වාලන සම්මා දිට්ඨියේ ද සිටියේ ආත්ම ආදීන්ගේ සසර දුක දකිමින් එය ඉක්මවීමට උපාය වූ විදර්ශනාව අරඹන්නේය යන අර්ථයෙන් සම්මා දිට්ඨිය විදර්ශනාව පිණිස විශේෂ කාරණයකැයි සලකා සම්මා දිට්ඨි පුරෙක්ඛාරොති විපස්සනාය පදට්ඨානං යි කියන ලදී. ඇතිවීම - නැතිවීම දැකීම වර්ධනය කරන්නා මත් වූ ස්වභාවය පහ කෙරේ. එය පළමු මාර්ගය අවබෝධ කරනු පිණිස හේතුවේ යැයි සලකා ඤත්‍වාන උදයබ්බයන්ති දස්සනභූමියා පදට්ඨානං යි කියන ලදී. ආලෝක සංඥාව මෙනෙහි කිරීම් ආදියෙන් ථීනමිද්ධයේ මැඩලීම වීර්යයේ ආසන්න කාරණය යැයි සලකා ථීනමිද්ධාභිභූ භික්ඛති විරියස්ස පදට්ඨාන යි කියන ලදී. ඉදින් ආර්ය මාර්ගය අවබෝධවන මොහොතෙහි පහාණ භාවනාව එකම අවබෝධය කැමතිවන ලද බැවින් සමාන වේ ද එසේ වුවත් ප්‍රහාණය කළයුතු දෙයෙහි ප්‍රහාණයක් නොමැති හෙයින් භාවනා සපිරීමක් නැතැයි ප්‍රහාණ නිමිත්ත බඳු කොට සබ්බා දුග්ගතියො ජහෙති භාවනාය පදට්ඨානං යි කියන ලදි. එසේ නැතහොත් සියලු දුගතීන් අත්හරියි යන භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය යෝගීන්ගේ උත්සාහ ජනනය පිණිස ආනිසංස ප්‍රකාශ කිරීමක් වේ. භාවනාවේ විශේෂ කරුණකැයි සලකා සබ්බා -පෙ- පදට්ඨානං යි කියන ලදි.

පදට‍්ඨානහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

ලක‍්ඛණහාරසම‍්පාතවණ‍්ණනා

ලක්ඛණ හාර සමපාත වර්ණනාව

ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා සතිසංවරො, සතිබලෙන ච නෙක‍්ඛම‍්මවිතක‍්කාදිබහුලො හොතීති වුත‍්තං – “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරොති ඉදං සතින්‍ද්‍රිය”න‍්ති. තස‍්සත්‍ථො – “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරො”ති එත්‍ථ රක‍්ඛිතචිත‍්තතාය ච සම‍්මාසඞ‍්කප‍්පගොචරතා කාරණූපචාරෙන ඉදං සතින්‍ද්‍රියං, ගහිතානි භවන‍්ති පඤ‍්චින්‍ද්‍රියානි ඉන්‍ද්‍රියලක‍්ඛණෙන විමුත‍්තිපරිපාචනභාවෙන වා එකලක‍්ඛණත‍්තාති අධිප‍්පායො. ගහිතො භවතීති එත්‍ථ මග‍්ගලක‍්ඛණෙන ගහණං සුවිඤ‍්ඤෙය්‍යන‍්ති තං ඨපෙත්‍වා කාරණතො ගහණං දස‍්සෙතුං “සම‍්මාදිට‍්ඨිතො හි සම‍්මාසඞ‍්කප‍්පො පභවතී”තිආදි වුත‍්තං. තතො එව ගහිතො භවති අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති වත්‍වා විමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනානිපි වුත‍්තානි.

ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, සති සංවරය, සති බලය, නෙක්ඛම්ම විතර්ක බහුලකොට ඇත යන අර්ථයෙන් තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති ඉදං සතින්‍ද්‍රියං යි කියන ලදි. එහි අර්ථය මෙසේය. එහෙයින් රක්නා ලද සිත් ඇත්තාට සම්මා සංකප්පය ගෝචර වේ යන මෙහි රක්නා ලද සිත් ඇති බවට ද සම්මා සංකප්පයේ ගෝචරත්වයට ද හේතුවන හෙයින් මෙය සතින්‍ද්‍රිය වේ. පංච ඉන්‍ද්‍රියයෙන් ගන්නා ලද්දාහු වෙත්. ඉන්‍ද්‍රිය ලක්‍ෂණයෙන් හෝ විමුක්තිය මුහුකුරා යැවීම් ස්වභාවයෙන් හෝ එක සමාන ලක්‍ෂණ ඇති බැවින් යන අදහසයි. ගහිතො භවති යන මෙහි මාර්ග ලක්‍ෂණයෙන් ගැනීම ඉතා පහසු යැයි සලකා එය හැරදමා කරුණු වශයෙන් ගැනීම දක්වන්න සම්මා දිට්ඨිතො හි සම්මා සංකප්පො පභවති යනාදිය කියන ලදි. එහෙයින්ම ගහිතො භවති අරියො අට්ඨංගිකො මග්ගො යි කියා විමුක්තිය, විමුක්තිඥාන දර්ශනය ආදිය ද කියන ලදී.

ලක‍්ඛණහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුබ්‍යූහහාරසම‍්පාතවණ‍්ණනා

චතුබ්‍යූහ හාර සමපාත වර්ණනාව

රක‍්ඛීයතීති රක‍්ඛිතං. ඉදං පදවසෙන නිබ‍්බචනං. යස‍්මා පන අත්‍ථවසෙන නිබ‍්බචනෙ වුත‍්තෙ පදවසෙන නිබ‍්බචනං වුත‍්තමෙව හොති, තස‍්මා “රක‍්ඛිතං පරිපාලීයතීති එසා නිරුත‍්තී”ති වුත‍්තං. තත්‍ථ ඉති-සද‍්දො ආද්‍යත්‍ථො, පකාරෙ වා. තෙන එවමාදිකා එවංපකාරා වා එසා නිරුත‍්තීති වුත‍්තං හොති. තස‍්මා චින‍්තෙතීති චිත‍්තං. අත‍්තනො සන‍්තානං චිනොතීති චිත‍්තං, පච‍්චයෙහි චිතන‍්ති චිත‍්තං, චිත‍්තවිචිත‍්තට‍්ඨෙන චිත‍්තං, චිත‍්තකරණට‍්ඨෙන චිත‍්තං. සම‍්මා සඞ‍්කප‍්පෙතීති සම‍්මාසඞ‍්කප‍්පොතිආදිනා නිරුත‍්ති වෙදිතබ‍්බා.

රකිනු ලැබේනුයි රක්ඛිතං නම් වේ. එය පද වශයෙන් වූ නිර්වචනයකි. යම්හෙයකින් අර්ථ වශයෙන් කී කල්හි පද වශයෙන් ද නිර්වචනය කියන ලද්දේ ම වෙයි ද එහෙයින් රක්ඛිතං පරිපාලියතීති එසා නිරුත්තී යි කියන ලදී. එහි ඉති ශබ්දය ආදී අර්ථයේ ය. ප්‍රකාරාර්ථයෙහි හෝ වේ. එයින් මේ නිරුක්තිය මෙබඳුය. මෙබඳු ආකාර ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. එහෙයින් සිතානුයි චිත්ත නම් වේ. චිත්‍රවිචිත්‍ර අර්ථයෙන් චිත්ත නම් වේ. විසිතුරු කිරීම් අර්ථයෙන් චිත්ත නම් වේ. මනාව කල්පනා කෙරේ යන අර්ථයෙන් සම්මා සංකප්ප නම් වේ. ආදියෙන් නිරුක්තිය දතයුතුය.

අයං එත්‍ථ භගවතො අධිප‍්පායොති “රක‍්ඛිතචිත‍්තො අස‍්සා”තිආදිනා ඉන්‍ද්‍රියසංවරාදයො දුග‍්ගතිපහානඤ‍්ච වදතො භගවතො එත්‍ථ ගාථායං අධිප‍්පායො. කොකාලිකො හීතිආදි නිදානනිද‍්දෙසො. තත්‍ථ හි-සද‍්දො කාරණෙ. ඉදං වුත‍්තං හොති – යස‍්මා කොකාලිකො (සං· නි· 1.181; අ· නි· 10.89; සු· නි· කොකාලිකසුත‍්ත) අරක‍්ඛිතචිත‍්තතාය අග‍්ගසාවකෙසු චිත‍්තං පදොසෙත්‍වා පදුමනිරයං උපපන‍්නො, තස‍්මා දුග‍්ගතියො ජහිතුකාමො රක‍්ඛිතචිත‍්තො අස‍්සාති භගවා සතිආරක‍්ඛෙන චෙතසා සමන‍්නාගතො සබ‍්බා දුග‍්ගතියො ජහතීති අත්‍ථො. සුත‍්තම‍්හි වුත‍්තං “සතියා චිත‍්තං රක‍්ඛිතබ‍්බ”න‍්ති දෙසනානුසන්‍ධිදස‍්සනං.

අයං එත්‍ථ භගවතො අධිප්පායො යනු රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යනාදියෙන් ඉන්‍ද්‍රිය සංවරාදිය ද දුර්ගත ප්‍රහාණය ද ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථාවේ අදහස වේ යනුයි. කොකාලිකො හි යනාදිය නිදානය දැක්වීමයි. එහි හි ශබ්දය හේතු අර්ථයේ ය. යම්හෙයකින් කෝකාලිකයා නොරක්නා ලද සිත් ඇති බැවින් අගසව්වන් කෙරෙහි සිත දූෂණය කොටගෙන පදුම නිරයෙහි උපන්නේ ද එහෙයින් දුගතීන් හරිනු කැමති පුද්ගලයා රක්නා ලද සිත් ඇත්තෙක් වන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ද සිහියෙන් ආරක්ෂා වූ සිතින් යුක්ත වූයේ සියලු දුගති දුරු කෙරේ යන අර්ථයයි. සුත්තම්හි වුත්තං සතියා චිත්තං රක්ඛිතබ්බං යනු දේශනා අනුසන්‍ධි (ගැළපීම) දැක්වීමයි.

චතුබ්‍යූහහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

ආවට‍්ටහාරසම‍්පාතවණ‍්ණනා

ආවට්ට හාර සමපාත වර්ණනාව

නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පබහුලො කසිණවසෙන මෙත‍්තාදිවසෙන වා ලද‍්ධාය චිත‍්තෙකග‍්ගතාසඞ‍්ඛාතාය චිත‍්තමඤ‍්ජූසාය චිත‍්තං ඨපෙත්‍වා සමාධිංයෙව වා යථාලද‍්ධං සංකිලෙසතො රක‍්ඛිතචිත‍්තො නාම හොතීති වුත‍්තං – “තස‍්මා රක‍්ඛිතචිත‍්තස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරොති අයං සමථො”ති. පඤ‍්ඤාපධානා විපස‍්සනාති ආහ – “සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරොති අයං විපස‍්සනා”ති. අරියමග‍්ගෙන දුක‍්ඛසච‍්චෙ පරිඤ‍්ඤාතෙ උදයබ‍්බයදස‍්සනං මත්‍ථකප‍්පත‍්තං නාම හොතීති වුත‍්තං – “ඤත්‍වාන උදයබ‍්බයන‍්ති දුක‍්ඛපරිඤ‍්ඤා”ති. “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්ම”න‍්ති හි මග‍්ගඤාණස‍්ස පවත‍්තිදස‍්සනාති. ඉමානි චත‍්තාරි සච‍්චානීති චතුසච‍්චධම‍්මවසෙන ආවට‍්ටනං නිට‍්ඨපෙති. තත්‍ථ පුරිමෙන සච‍්චද‍්වයට‍්ඨපනෙන විසභාගධම‍්මවසෙන, පච‍්ඡිමෙන සභාගධම‍්මවසෙන ආවට‍්ටනන‍්ති දට‍්ඨබ‍්බං.

නෙක්ඛම්ම සංකල්ප බහුල පුද්ගලයා කසිණ වශයෙන් හෝ මෛත්‍රී ආදී වශයෙන් හෝ ලබන ලද චිත්ත ඒකාග්‍රතා සංඛ්‍යාත වූ සිත් නමැති මංජුසාවෙහි සිත තබා සමාධිය ම හෝ ලබන ලද පරිදි සංකිලේස වශයෙන් රක්නා ලද සිත් ඇත්තේ වනැයි තස්මා රක්ඛිතචිත්තස්ස සම්මා සංකප්ප ගොචරොති අයං සමථො යි කියන ලදී. විදර්ශනාව ප්‍රඥා ප්‍රධාන වේ යන්න සම්මාදිට්ඨි පුරෙක්ඛාරොති අයං විපස්සනා යනුවෙන් කියන ලදී. ආර්ය මාර්ගයෙන් දුක්ඛ සත්‍යය අවබෝධ කළ කල්හි උදයව්‍යය දර්ශනය මස්තකප්‍රාප්ත වේ යන්න ඤත්‍වාන උදයබ්බයන්ති දුක්ඛපරිඤ්ඤා යි කියන ලදී. හටගත් ස්වභාව ඇති යම්කිසිවක් වේ ද ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යනු මාර්ග ඥානයේ පැවැත්ම දැක්වීමකි. ඉමානි චත්තාරි සච්චානි යනු චතුසත්‍ය ධර්ම වශයෙන් ආවර්තනය වීම නිමවයි යනුයි. එහිදී පළමු සත්‍ය දෙක තැබීමෙන් විෂභාග ධර්ම වශයෙන් ද අවසන් දෙකින් සභාග වශයෙන් ද ආවර්තනය දතයුතුය.

ආවට‍්ටහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

විභත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා

විභත්ති හාර සමපාත වර්ණනාව

කුසලපක‍්ඛො කුසලපක‍්ඛෙන නිද‍්දිසිතබ‍්බොති රක‍්ඛිතචිත‍්තස‍්සාති සතිසංවරො, සො ඡබ‍්බිධො ද‍්වාරවසෙන චක‍්ඛුද‍්වාරසංවරො යාව මනොද‍්වාරසංවරොති. සම‍්මාසඞ‍්කප‍්පො තිවිධො – නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො, අබ්‍යාපාදසඞ‍්කප‍්පො, අවිහිංසාසඞ‍්කප‍්පොති. සම‍්මාදිට‍්ඨි අට‍්ඨවිධා දුක‍්ඛෙ ඤාණං…පෙ… ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු ඤාණන‍්ති. උදයබ‍්බයඤාණං පඤ‍්ඤාසවිධං අවිජ‍්ජාසමුදයා රූපසමුදයො…පෙ… විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. ථිනමිද‍්ධාභිභවනං චතුබ‍්බිධං චතුමග‍්ගවසෙන. තත්‍ථ සතිසංවරො ලොකියලොකුත‍්තරවසෙන දුවිධො. තෙසු ලොකියො කාමාවචරොව, ලොකුත‍්තරො දස‍්සනභාවනාභෙදතො දුවිධො. එකමෙකො චෙත්‍ථ චතුසතිපට‍්ඨානභෙදතො චතුබ‍්බිධො. එස නයො සම‍්මාසඞ‍්කප‍්පාදීසුපි.

කුසල පක්‍ෂය කුසල පක්‍ෂය සමග දැක්විය යුතුය. රක්නා ලද සිත් ඇත්තහුට යනු සති සංවරයයි. එය ද්වාර වශයෙන් ෂඩ්විධය. චක්‍ෂු ද්වාරයේ පටන් මනෝද්වාරය දක්වා ය. නෙක්ඛම්ම සංකප්පය අව්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය යැයි සම්මා සංකප්පය ත්‍රිවිධ ය. දුක්ඛෙ ඤාණය -පෙ- ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු ඤාණය යනුවෙන් සම්මා දිට්ඨිය අටවැදෑරුම් ය. උදය - ව්‍යය ඥානය පණස් වැදෑරුම් ය. අවිද්‍යාව හටගැනීමෙන් රූප සමුදය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණය දකින්නා වූ විඤ්ඤාණ ස්කන්ධයේ වැයවීම දකී (වශයෙනි) සතර මාර්ගවලට අනුව ථීනමිද්ධයෙන් මැඩීම චතුර්විධ ය. එහි සති සංවරය ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. ඒවා අතුරෙන් ලෞකික සති සංවරය කාමාවචරය ම ය. ලෝකෝත්තරය දර්ශන භාවනා භේදයෙන් දෙවැදෑරුම් ය. එකක් වූ මෙය සතර සතිපට්ඨාන භේදයෙන් සිව්වැදෑරුම් ය. සම්මා සංකප්ප ආදියේදී ද මේ ක්‍රමයමැයි.

අයං පන විසෙසො – සම‍්මාසඞ‍්කප‍්පො පඨමජ‍්ඣානවසෙන රූපාවචරොතිපි නීහරිතබ‍්බො. පදට‍්ඨානවිභාගො පදට‍්ඨානහාරසම‍්පාතෙ වුත‍්තනයෙන වත‍්තබ‍්බො . අකුසලපක‍්ඛෙ අසංවරො චක‍්ඛුඅසංවරො…පෙ… කායඅසංවරො, චොපනකායඅසංවරො, වාචාඅසංවරො, මනොඅසංවරොති අට‍්ඨවිධො. මිච‍්ඡාසඞ‍්කප‍්පො කාමවිතක‍්කාදිවසෙන තිවිධො. අඤ‍්ඤාණං “දුක‍්ඛෙ අඤ‍්ඤාණ”න‍්තිආදිනා අට‍්ඨවිධා විභත‍්තං. සම‍්මාදිට‍්ඨිපටිපක‍්ඛතො මිච‍්ඡාදිට‍්ඨි ද‍්වාසට‍්ඨිවිධෙන වෙදිතබ‍්බා. ථිනමිද‍්ධං උප‍්පත‍්තිභූමිතො පඤ‍්චවිධන‍්ති එවං අකුසලපක‍්ඛෙ විභත‍්ති වෙදිතබ‍්බා.

මෙය වනාහි විශේෂයයි. සම්මා සංකප්පය ප්‍රථමධ්‍යාන වශයෙන් රූපාවචර වේ යයි බැහැර කළ යුතුය. පදට්ඨාන විභාගය පදට්ඨාන හාර සම්පාතයෙහි කියන ලද ක්‍රමයෙන් කිය යුතුය. අකුසල පක්‍ෂයෙහි අසංවරය චක්ඛු අසංවරය -පෙ- කාය අසංවරය, වාචා අසංවරය, මනෝ අසංවරය කියාද අටවැදෑරුම් ය. මිථ්‍යා සංකල්පය කාමවිතර්කාදී වශයෙන් ත්‍රිවිධය. අඥානත්වය දුක පිළිබඳ අඥානත්වය ආදී ලෙසින් අෂ්ටවිධව බෙදන ලදී. සම්‍යක් දෘෂ්ටි පක්‍ෂයෙන් මිථ්‍යාදෘෂ්ටිය සැට දෙවැදෑරුම්ව දතයුතුය. උත්පත්ති භූමි ලෙසින් ථීනමිද්ධය පස්වැදෑරුම් ය. මෙසේ අකුසල පක්‍ෂයෙහි බෙදීම දතයුතුය.

විභත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පරිවත‍්තනහාරසම‍්පාතවණ‍්ණනා

පරිවත්තන හාර සමපාත වර්ණනාව

පරිවත‍්තනහාරෙ ආවට‍්ටහාරෙ වුත‍්තනයෙන සමථවිපස‍්සනානිද‍්ධාරණං අකත්‍වා “සමථවිපස‍්සනාය භාවිතායා”ති ආහ. ලොකියා චෙත්‍ථ සමථවිපස‍්සනා දට‍්ඨබ‍්බා. පටිපක‍්ඛෙනාති “අරක‍්ඛිතෙන චිත‍්තෙනා”ති ගාථාය පටිපක‍්ඛෙනාති අධිප‍්පායො. අථ වා විභත‍්තිහාරෙ නිද‍්දිට‍්ඨස‍්ස අකුසලපක‍්ඛස‍්ස පටිපක‍්ඛෙනාති අත්‍ථො.

පරිවර්තන හාරයෙහි, ආවර්තන හාරයෙහි කියන ලද ක්‍රමයෙන් සමථ විදර්ශනා දෙක වෙන් නොකොට සමථ විපස්සනාය භාවිතාය යි කියන ලදී. මෙහිදී සමථ විදර්ශනා දෙක ලෞකික යි දතයුතුය. පටිපක්ඛෙන යනු අරක්ඛිතෙන චිත්තෙන යන ගාථාව ප්‍රතිපක්‍ෂ වූ යන අදහසයි. එසේ නැතහොත් විභක්ති හාරයෙහි දක්වන ලද අකුසල පක්‍ෂයට ප්‍රතිපක්‍ෂ වූ යන අර්ථයයි.

පරිවත‍්තනහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

වෙවචනහාරසම‍්පාතවණ‍්ණනා

වෙවචන හාර සමපාත වර්ණනාව

“මානසං හදයං පණ‍්ඩරං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො මනොවිඤ‍්ඤාණධාතූ”ති (ධ· ස· 6) ච චිත‍්තස‍්ස වෙවචනං. “තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා බ්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා”ති ච සම‍්මාසඞ‍්කප‍්පස‍්ස. “පඤ‍්ඤා පජානනා විචයො පවිචයො”තිආදිනා (ධ· ස· 16) සම‍්මාදිට‍්ඨියා. “ථිනං ථියනා ථියිතත‍්තං චිත‍්තස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔනාහො පරිනාහො අන‍්තොසඞ‍්කොචො”ති ථිනස‍්ස. “අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා කායාලසියං සුප්‍යං සුප්‍යනා සුපිතත‍්ත”න‍්ති (ධ· ස· 1163) මිද‍්ධස‍්ස. “භික‍්ඛකො භික‍්ඛූ”තිආදිනා (පාරා· 45) භික‍්ඛුපදස‍්ස. “දුග‍්ගති අපායො විනිපාතො වට‍්ටදුක‍්ඛං සංසාරො”තිආදිනා දුග‍්ගතියා වෙවචනං වෙදිතබ‍්බං.

මානස, හදය, පණ්ඩර, විඤ්ඤාණ, විඤ්ඤාණස්කන්‍ධ, මනෝ විඤ්ඤාණ ධාතු යනු සිතට පර්යාය වචනයන්ය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පනා, බ්‍යප්පනා, චේතසො අභිනිරොපනා යනු සම්මා සංකප්පයට පර්යාය වචනයන් ය. පඤ්ඤා පජානන විචය පවිචය යනාදිය සම්මා දිට්ඨියට පර්යාය වචනයන් ය. ථීන, ථීයන, ථීයිකත්ත, චිත්ත අකල්ලතා, අකම්මඤ්ඤතා, ඔනාහ පරිනාහ අන්තොසංකොච යනු ථීනයට පර්යාය වචනයන් ය. අකල්ලතා, අකම්මඤ්ඤතා, කායාලසිය, සුප්ප, සුප්පනා, සුපිත යනු මිද්ධයට පර්යාය වචනයන් ය. භික්ඛකො, භික්ඛු යනාදිය භික්ඛු යන පදයට පර්යාය වදන් ය. දුග්ගති, අපාය, විනිපාත, වට්ටදුක්ඛ, සංසාර යනාදිය දුගතියට පර්යාය වදන් යැයි දතයුතුය.

වෙවචනහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ‍්ඤත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා

පඤ්ඤත්ති හාර සමපාත වර්ණනාව

අධිට‍්ඨහිත්‍වා රක‍්ඛන‍්තියා සතියා රක‍්ඛියමානං චිත‍්තං තස‍්සා අධිට‍්ඨානං විය හොතීති කත්‍වා වුත‍්තං – “රක‍්ඛිතචිත‍්තස‍්සාති පදට‍්ඨානපඤ‍්ඤත‍්ති සතියා”ති. සෙසං ඉමස‍්මිං පඤ‍්ඤත‍්තිහාරසම‍්පාතෙ ඉතො පරෙසු ඔතරණසොධනහාරසම‍්පාතෙසුපි අපුබ‍්බං නත්‍ථි. හෙට‍්ඨා වුත‍්තනයමෙව.

රකිනු ලබන සිහියෙන් අධිෂ්ඨානය කොට රකිනු ලබන සිත ඊට අධිෂ්ඨානයක් මෙන් වේයැයි සලකා රක්ඛිතචිත්තස්සාති පදට්ඨාන පඤ්ඤත්ති සතියා යි කියන ලදී. සෙස්ස මේ පඤ්ඤත්ති හාර සම්පාතයේ දී ඉන් මත්තෙහි ඔතරණ, සොධන හාර සම්පාතයන්හි දී ද නොවූ විරූ නොවේ. යට කියන ලද ක්‍රමය ම වේ.

පඤ‍්ඤත‍්තිහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

අධිට‍්ඨානහාරසම‍්පාතවණ‍්ණනා

අධිට්ඨාන හාර සමපාත වර්ණනාව

අධිට‍්ඨානහාරසම‍්පාතෙ සම‍්මාදිට‍්ඨි නාම යං දුක‍්ඛෙ ඤාණන‍්තිආදිනා චතුසච‍්චහෙතුහෙතුසමුප‍්පන‍්නපච‍්චයපච‍්චයුප‍්පන‍්නසඞ‍්ඛාතස‍්ස විසයස‍්ස වසෙන වෙමත‍්තතං දස‍්සෙත්‍වා පුන යං තත්‍ථ තත්‍ථ යථාභූතං ඤාණදස‍්සනන‍්ති පාළිපාළිඅත්‍ථානං අවසිට‍්ඨවිසයවසෙනෙව වෙමත‍්තතං දීපෙති. තත්‍ථ යං සච‍්චාගමනන‍්ති යං සච‍්චතො අවිපරීතතො විසයස‍්ස ආගමනං, අධිගමොති අත්‍ථො. “යං පච‍්චාගමන”න‍්තිපි පාඨො, තස‍්ස යං පටිපාටිවිසයස‍්ස ආගමනං, තංතංවිසයාධිගමොති අත්‍ථො. සෙසමෙත්‍ථ පරික‍්ඛාරසමාරොපනහාරසම‍්පාතෙසු යං වත‍්තබ‍්බං, තං පුබ‍්බෙ වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

අධිට්ඨාන හාර සම්පාතයේ දී සම්මා දිට්ඨි නාම යං දුක්ඛෙ ඤාණං යනාදියෙන් චතුසත්‍ය හේතුව, හේතු සමුත්පන්න, ප්‍රත්‍ය, ප්‍රත්‍යුත්පන්න සංඛ්‍යාත විෂය වශයෙන් වෙනස දක්වා නැවත යං තත්‍ථ තත්‍ථ යථාභූතං ඤාණ දස්සනං යනුවෙන් පාලියේ ද පාලි අර්ථයන්ගේ ද ඉතිරි විෂය වශයෙන් ම වෙනස් බව දක්වයි. එහි යං සච්චාගමනං යනු සත්‍යයෙන් වෙනස් නොවූ යම් විෂයාගමනයක් වේ ද එයයි. අවබෝධය යන අර්ථයයි. යං පච්චාගමනං යනුවෙන් ද පාඨයක් වේ. ඒ විෂයයේ පිළිවෙලින් යම් ආගමනයක් වේ ද එයයි. ඒ ඒ විෂයාධිගමය යන අර්ථයයි. මෙහිදී පරික්ඛාර, සමාරොපන හාර සම්පාතයන්හිදී ඉතිරි වූ යමක් කිවයුතු ද එය පෙර කියන ලද බැවින් ප්‍රකට ම ය.

අධිට‍්ඨානහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.