යෙදුමෙන් කියවන්න

මිස‍්සකහාරසම‍්පාතවණ‍්ණනා අට‍්ඨකථා

මිස‍්සකහාරසම‍්පාතවණ‍්ණනා

මිස්සක හාර සමපාත වර්ණනාව

අපි චෙත්‍ථ හාරසම‍්පාතනිද‍්දෙසො ඉමිනාපි නයෙන වෙදිතබ‍්බො –

එසේ වුවත් මෙහිදී හාර සම්පාත නිර්දේශය මේ ක්‍රමයෙන් ද දතයුතුය.

“මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයා; මනසා චෙ පසන‍්නෙන, භාසති වා කරොති වා; තතො නං සුඛමන්‍වෙති, ඡායාව අනපායිනී”ති. (ධ· ප· 2);

මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා, මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා, තතො නං සුඛමන්‍වෙති ඡායාව අනපායිනි – යනුවෙනි.

තත්‍ථ කතමො දෙසනාහාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මාති මනොති ඛන්‍ධවවත්‍ථානෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධං දෙසෙති. ආයතනවවත්‍ථානෙන මනායතනං , ධාතුවවත්‍ථානෙන විඤ‍්ඤාණධාතුං, ඉන්‍ද්‍රියවවත්‍ථානෙන මනින්‍ද්‍රියං. කතමෙ ධම‍්මා පුබ‍්බඞ‍්ගමා? ඡ ධම‍්මා පුබ‍්බඞ‍්ගමා, කුසලානං කුසලමූලානි, අකුසලානං අකුසලමූලානි, සාධිපතිකානං අධිපති, සබ‍්බචිත‍්තුප‍්පාදානං ඉන්‍ද්‍රියානි. අපි ච ඉමස‍්මිං සුත‍්තෙ මනො අධිප‍්පෙතො. යථා බලග‍්ගස‍්ස රාජා පුබ‍්බඞ‍්ගමො, එවමෙවං ධම‍්මානං මනො පුබ‍්බඞ‍්ගමො. තත්‍ථ තිවිධෙන මනො පුබ‍්බඞ‍්ගමො නෙක‍්ඛම‍්මඡන්‍දෙන අබ්‍යාපාදඡන්‍දෙන අවිහිංසාඡන්‍දෙන. තත්‍ථ අලොභස‍්ස නෙක‍්ඛම‍්මඡන්‍දෙන මනොපුබ‍්බඞ‍්ගමං, අදොසස‍්ස අබ්‍යාපාදඡන්‍දෙන මනොපුබ‍්බඞ‍්ගමං, අමොහස‍්ස අවිහිංසාඡන්‍දෙන මනොපුබ‍්බඞ‍්ගමං.

එහි දේශනාහාර සම්පාතය කවරේ ද? මනස පූර්වංගම ධර්මයයි. මනෝ යනුවෙන් (ස්කන්ධ නියම කිරීමේදී) ඛන්‍ධවවත්‍ථානයේ දී විඤ්ඤාණ ස්කන්ධය දේශනා කෙරෙයි. ආයතන වවත්‍ථානයේ දී මනායතනයයි. ධාතු වවත්‍ථානයේදී විඤ්ඤාණ ධාතුවයි. ඉන්‍ද්‍රිය වවත්‍ථානයේ දී මනින්‍ද්‍රියයි. කවර ධර්ම පූර්වංගම වේ ද? ධර්ම හයක් පූර්වංගම වේ. කුසලයන්ගේ කුසල මූල (තුන) හා අකුසලයන්ගේ අකුසල මූලයන් ය. (තුනයි.) ප්‍රධානීන් සහිත වූවන්ට අධිපති වේ. සියලු සිතිවිලිවලට ඉන්‍ද්‍රිය අධිපති වේ. එසේ වුවත් මේ සූත්‍රයේ දී මනස අදහස් කරන ලදී. යම්සේ බලසේනා ගණින තැනට රජතුමා පෙරටු වේ ද එසේම සියලු (චෛතසික) ධර්මවලට මනස ම පෙරටු වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දය, අව්‍යාපාද ඡන්‍දය, අවිහිංසා ඡන්‍දය යන තුන් ක්‍රමයෙන් මනස පූර්වංගම වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දයෙන් අලෝභයට මනස පූර්වංගම වේ. අව්‍යාපාද ඡන්‍දයෙන් අද්වේෂයට මනස පූර්වංගම වේ. අවිහිංසා ඡන්‍දයෙන් අමෝහයට මනස පූර්වංගම වේ.

මනොසෙට‍්ඨාති මනො තෙසං ධම‍්මානං සෙට‍්ඨං විසිට‍්ඨං උත‍්තමං පවරං මූලං පමුඛං පාමොක‍්ඛං, තෙන වුච‍්චති “මනොසෙට‍්ඨා”ති. මනොමයාති මනෙන කතා, මනෙන නිම‍්මිතා, මනෙන නිබ‍්බත‍්තා, මනො තෙසං පච‍්චයො, තෙන වුච‍්චති “මනොමයා”ති. තෙ පන ධම‍්මා ඡන්‍දසමුදානිතා අනාවිලසඞ‍්කප‍්පසමුට‍්ඨානා ඵස‍්සසමොධානා වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. මනසා චෙ පසන‍්නෙනාති යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො. ඉති ඉමිනා පසාදෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො සම‍්පන‍්නො සමන‍්නාගතො, තෙන වුච‍්චති “පසන‍්නෙනා”ති ඉදං මනොකම‍්මං . භාසති වාති වචීකම‍්මං. කරොති වාති කායකම‍්මං. ඉති දසකුසලකම‍්මපථා දස‍්සිතා.

මනොසෙට්ඨා යනු ඒ ධර්මයන් අතුරෙන් මනස ශ්‍රේෂ්ඨය. විශිෂ්ටය. උතුම්ය. ප්‍රවරය මූලයයි. ප්‍රමුඛයායි. වඩාත් ප්‍රමුඛයායි. එහෙයින් මනො සෙට්ඨො යයි කියනු ලැබේ. මනොමයා යනු මනසින් කරන ලද මනසින් නිමවන ලද මනසින් නිපන් බැවින් මනස් ඒවායේ හේතුව වේ. එහෙයින් මනෝමයා යි කියනු ලැබේ. ඒ ධර්මයෝ නම් ඡන්‍දයෙන් හටගත් නොකැළඹුණු සංකල්පවලින් ඇතිවූ ස්පර්ශ එකතුවෙන් යුත් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය යන මේවාය. මනසා චෙ පසන්නෙන යනු යම් ශ්‍රද්ධාවක් සද්දහන, ඔකප්පන, අභිප්‍රසාද යන මේ ප්‍රසාදයෙන් යුක්ත වූයේ මනාව යුක්ත වූයේ, ඊට එළඹියේ, මනාව එළඹියේ, එයින් යුක්ත වූයේ, සමන්නාගත වූයේ වෙයි ද එහෙයින් පසන්නෙන යැයි කියනු ලැබේ. එය මනෝ කර්මයයි. භාසති යනු වචීකර්මයයි. කරොති වා යනු කාය කර්මයයි. මෙසේ දස කුසල කර්මපථය දක්වන ලදී.

තතොති දසවිධස‍්ස කුසලකම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා. නන‍්ති යො සො කතපුඤ‍්ඤො කතකුසලො කතභීරුත‍්තාණො, තං පුග‍්ගලං. සුඛන‍්ති දුවිධං සුඛං කායිකං චෙතසිකඤ‍්ච. අන්‍වෙතීති අනුගච‍්ඡති.

තතො යනු දශවිධ කුසල කර්ම කළ බැවිනි. රැස්කළ බැවිනි. නං යනු කරන ලද පින් ඇති කරන ලද කුසල් ඇති බියෙන් එතෙර වූ යම් ඒ පුද්ගලයෙක් වේ ද ඒ පුද්ගලයා ය. සුඛං යනු කායික, චෛතසික යන සැප දෙකයි. අන්‍වෙති යනු අනුව යයි යනුයි.

ඉධස‍්සු පුරිසො අප‍්පහීනානුසයො සංයොජනියෙසු ධම‍්මෙසු අස‍්සාදං අනුපස‍්සති, සො සංයොජනියෙසු ධම‍්මෙසු අස‍්සාදං අනුපස‍්සන‍්තො යථාදිට‍්ඨං යථාසුතං සම‍්පත‍්තිභවං පත්‍ථෙති. ඉච‍්චස‍්ස අවිජ‍්ජා ච භවතණ‍්හා ච අනුබද‍්ධා හොන‍්ති, සො යථාදිට‍්ඨං යථාසුතං සම‍්පත‍්තිභවං පත්‍ථෙන‍්තො පසාදනීයවත්‍ථුස‍්මිං චිත‍්තං පසාදෙති සද‍්දහති ඔකප‍්පෙති. සො පසන‍්නචිත‍්තො තිවිධං පුඤ‍්ඤකිරියවත්‍ථුං අනුතිට‍්ඨති දානමයං සීලමයං භාවනාමයං කායෙන වාචාය මනසා. සො තස‍්ස විපාකං පච‍්චනුභොති දිට‍්ඨෙව ධම‍්මෙ උපපජ‍්ජෙ වා අපරාපරෙ වා පරියායෙ. ඉති ඛො පනස‍්ස අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා සුඛවෙදනීයො ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනාති එවං සන‍්තං තං සුඛමන්‍වෙති. තස‍්සෙවං වෙදනාය අපරාපරං පරිවත‍්තමානාය උප‍්පජ‍්ජති තණ‍්හා. තණ‍්හාපච‍්චයා උපාදානං…පෙ… සමුදයො හොතීති.

මේ ලෝකයේ ප්‍රහීණ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලයි. හෙතෙම සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලමින් දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරයි. මෙසේ ඔහුගේ අවිද්‍යාව ද භව තණ්හාව ද එකට බැඳී තිබේ. හෙතෙම දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරනුයේ පැහැදිය යුතු වස්තුවෙහි සිත පහදවයි. අදහයි. විශ්වාස කරයි. ප්‍රසන්න සිත් ඇති හෙතෙම කයින් වචනයෙන් මනසින් දානමය ශීලමය භාවනාමය ත්‍රිවිධ පුණ්‍ය වස්තුව අනුව සිටියි. හෙතෙම එහි විපාකය මෙලොවදී හෝ දෙවන භවයේදී හෝ ඉන් අන්‍ය වූ භවයක දී හෝ විඳියි. මෙසේ ඔහුට අවිද්‍යා හේතුවෙන් සංස්කාර වේ. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප වේ. නාමරූප හේතුවෙන් සළායතන වේ. සළායතන හේතුවෙන් සැපවේදනා ස්පර්ශය වේ. ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ. මෙසේ ඇත්තා වූ ඒ සැපය අනුව යයි. මෙසේ අන්‍ය අන්‍ය බවකට පෙරලෙන වේදනාව නිසා ඔහුට තණ්හාව ඇති වේ. තණ්හා හේතුවෙන් උපාදානය වේ. -පෙ- හටගැනීම වෙයි.

තත්‍ථ යං මනො, යෙ ච මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, යඤ‍්ච සුඛං, ඉමෙ වුච‍්චන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා, තෙ දුක‍්ඛසච‍්චං. තෙසං පුරිමකාරණභූතා අවිජ‍්ජා භවතණ‍්හා ච සමුදයසච‍්චං. තෙසං පරිඤ‍්ඤාය පහානාය භගවා ධම‍්මං දෙසෙති, දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤාය සමුදයස‍්ස පහානාය. යෙන පරිජානාති, යෙන පජහති, අයං මග‍්ගො. යත්‍ථ ච මග‍්ගො පවත‍්තති, අයං නිරොධො. ඉමානි චත‍්තාරි සච‍්චානි එවං ආයතනධාතුඉන්‍ද්‍රියමුඛෙනාපි නිද‍්ධාරෙතබ‍්බානි. තත්‍ථ සමුදයෙන අස‍්සාදො, දුක‍්ඛෙන ආදීනවො, මග‍්ගනිරොධෙහි නිස‍්සරණං, සුඛස‍්ස අන්‍වයො ඵලං, මනසා පසන‍්නෙන කායවචීසමීහා උපායො, මනොපුබ‍්බඞ‍්ගමත‍්තා ධම‍්මානං අත‍්තනො සුඛකාමෙන පසන‍්නෙන මනසා වචීකම‍්මං කායකම‍්මඤ‍්ච පවත‍්තෙතබ‍්බන‍්ති අයං භගවතො ආණත‍්ති. අයං දෙසනාහාරසම‍්පාතො.

එහි යමක් මනස වේ ද යමක් මනෝපූර්වංගම වේ ද යමක් සුඛ වේ ද ඒවා පංචස්කන්ධය යැයි කියනු ලැබේ. දුක්ඛ සත්‍යය ඒවාට පළමු හේතුව විය. අවිද්‍යාව හා භව තණ්හාව සමුදය සත්‍යයයි. ඒවා අවබෝධ කරනු පිණිස, ප්‍රහාණය කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරති. දුක අවබෝධ කරනු පිණිසය. දුක හටගැනීමේ හේතුව (=සමුදය) ප්‍රහාණය කරනු පිණිසය, දුක හටගැනීමේ හේතුව (=සමුදය) ප්‍රහාණය කරනු පිණිසය. යමක් කරණ කොටගෙන වෙසෙසින් දැනගනී ද යමක් කරණ කොටගෙන ඉවත් කෙරේද මේ මාර්ගයයි. යම්තැනක මාර්ගය පවතී ද ඒ නිරෝධයයි. මේ සතර සත්‍යය මෙසේ ආයතන ධාතු, ඉන්‍ද්‍රිය දොරටුවලින් ද වෙන්කළ යුතුය. එහි සමුදය සත්‍යයෙන් ආශ්වාදයයි. දුක්ඛ සත්‍යයෙන් ආදීනවයයි. මාර්ග නිරෝධ සත්‍යවලින් නිස්සරණයයි. සැපයේ අනුපිළිවෙල ඵලයයි. ප්‍රසන්න මනසින් වන කායික වාචසික උත්සාහය උපායයි. මනස පෙරටුකොට ඇති බැවින් තමාට සැප කැමති ප්‍රසන්න වූ සිතින් චෙතෙසික ධර්ම පිළිබඳ වචී කර්මය ද කාය කර්මය ද පැවැත්විය යුතුය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආඥාවයි. මේ දේශනා හාර සම්පාතයයි.

තත්‍ථ කතමො විචයහාරසම‍්පාතො? මනනතො ආරම‍්මණවිජානනතො මනො. මනනලක‍්ඛණෙ සම‍්පයුත‍්තෙසු ආධිපච‍්චකරණතො පුබ‍්බඞ‍්ගමො ඊහාභාවතො නිස‍්සත‍්තනිජ‍්ජීවට‍්ඨෙන ධම‍්මා. ගාමෙසු ගාමණි විය පධානට‍්ඨෙන මනො සෙට‍්ඨො එතෙසන‍්ති මනොසෙට‍්ඨා. සහජාතාදිපච‍්චයභූතෙන මනසා නිබ‍්බත‍්තාති මනොමයා. අකාලුස‍්සියතො, ආරම‍්මණස‍්ස ඔකප‍්පනතො ච පසන‍්නෙන වචීවිඤ‍්ඤත‍්තිවිප‍්ඵාරතො තථා සාදියනතො ච භාසති. චොපනකායවිප‍්ඵාරතො තථා සාදියනතො ච කරොති. තථා පසුතත‍්තා අනඤ‍්ඤත‍්තා ච “තතො”ති වුත‍්තං. සුඛනතො සාතභාවතො ඉට‍්ඨභාවතො ච “සුඛ”න‍්ති වුත‍්තං. කතූපචිතත‍්තා අවිපක‍්කවිපාකත‍්තා ච “අන්‍වෙතී”ති වුත‍්තං. කාරණායත‍්තවුත‍්තිතො අසඞ‍්කන‍්තිතො ච “ඡායාව අනපායිනී”ති වුත‍්තං. අයං අනුපදවිචයතො විචයහාරසම‍්පාතො.

එහි විචය හාර සම්පාතය කවරේ ද? සිතන හෙයින් අරමුණ දැනගන්නා හෙයින් මන නම් වේ. මනන ලක්‍ෂණයෙහි යෙදුණු දේ කෙරෙහි ආධිපත්‍යය ඇති කරන බැවින් පූර්වංගම නම් වේ. උත්සාහයක් නොමැති හෙයින් ආත්මයක් නැති ජීවයක් නැති අර්ථයෙන් ධම්ම නම් වේ. ගම්වල ප්‍රධානියා ගාමණී මෙන් ප්‍රධාන අර්ථයෙන් මේවා අකුනේ මනස ශ්‍රේෂ්ඨ වේ යන අර්ථයෙන් මනොසෙට්ඨ නම් වේ. සහජාත ආදී ප්‍රත්‍යයක් වූ මනසින් නිපන්නේනුයි මනොමය නම් වේ. කිලිටි නැති බැවින් ද අරමුණ විශ්වාස කරන බැවින් ද ප්‍රසන්න වූ (බැවින් පසන්නෙන නම් වේ.) වාග් විඥප්තිය පැතිරෙන බැවින් ද එසේම (එය) භාරගන්නා බැවින් ද භාසති නම් වේ. සෙලවෙන කාය විඥප්තිය පැතිරෙන බැවින් ද එසේම (එය) භාරගන්නා බැවින් ද කරොති නම් වේ. එසේ යෙදුණ බැවින් ද නොවෙනස් බැවින් ද තතො යයි කියන ලදී. සුව බැවින් ද සැප බැවින් ද ඉටු බැවින් ද සුඛ යැයි කියන ලදී. රැස්කරන ලද බැවින් ද නොපැසුණු විපාක ඇති බැවින් ද අන්‍වෙති යයි කියන ලදි. කාරණයට අයත් පැවතුම් ඇති බැවින් ද හැර නොයන බැවින් ද ඡායාව අනපායිනී යි කියන ලදි. මේ පදයක් පාසා පිරික්සීම් වශයෙන් වූ විචය හාර සම්පාතයයි.

තත්‍ථ කතමො යුත‍්තිහාරසම‍්පාතො? මනස‍්ස ධම‍්මානං ආධිපච‍්චයොගතො පුබ‍්බඞ‍්ගමතා යුජ‍්ජති. තතො එව තෙසං මනස‍්ස අනුවත‍්තනතො ධම‍්මානං මනොසෙට‍්ඨතා යුජ‍්ජති. සහජාතාදිපච‍්චයවසෙන මනසා නිබ‍්බත‍්තත‍්තා ධම‍්මානං මනොමයතා යුජ‍්ජති. මනසා පසන‍්නෙන සමුට‍්ඨානානං කායවචීකම‍්මානං කුසලභාවො යුජ‍්ජති. යෙන කුසලකම‍්මං උපචිතං, තං ඡායා විය සුඛං අන්‍වෙතීති යුජ‍්ජති. අයං යුත‍්තිහාරසම‍්පාතො.

එහි යුක්ති හාර සම්පාතය කවරේ ද? චෛතසික ධර්මයන්ගේ ආධිපත්‍ය යෝගයෙන් මනසේ පෙරටු බව යෙදෙයි. එහෙයින් ම ඒ ධර්මයන් මනසට අනුව පවත්නා හෙයින් මනෝ ශ්‍රේෂ්ඨත්වය යෙදෙයි. සහජාත ආදී ප්‍රත්‍ය ලෙසින් මනසින් උපන් බැවින් ධර්මයන්ගේ මනෝමයත්වය යෙදෙයි. ප්‍රසන්න මනසින් හටගත් කායවාක් කර්මයන්ගේ කුශලභාවය යෙදෙයි. යමකින් කුසල කර්මය රැස් කරන ලද ද එය සෙවණැල්ල මෙන් සැපය අනුව යේ යැයි යෙදෙයි. මේ යුක්තිහාර සම්පාතයයි.

තත්‍ථ කතමො පදට‍්ඨානො හාරසම‍්පාතො? මනො මනොපවිචාරානං පදට‍්ඨානං. මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා සබ‍්බස‍්ස කුසලපක‍්ඛස‍්ස පදට‍්ඨානං. “භාසතී”ති සම‍්මාවාචා, “කරොතී”ති සම‍්මාකම‍්මන‍්තො, තෙ සම‍්මාආජීවස‍්ස පදට‍්ඨානං. සම‍්මාආජීවො සම‍්මාවායාමස‍්ස පදට‍්ඨානං. සම‍්මාවායාමො සම‍්මාසතියා පදට‍්ඨානං. සම‍්මාසති සම‍්මාසමාධිස‍්ස පදට‍්ඨානං. “මනසා පසන‍්නෙනා”ති එත්‍ථ පසාදො සද‍්ධින්‍ද්‍රියං, තං සීලස‍්ස පදට‍්ඨානං. සීලං සමාධිස‍්ස පදට‍්ඨානං. සමාධි පඤ‍්ඤායාති යාව විමුත‍්තිඤාණදස‍්සනා යොජෙතබ‍්බං. අයං පදට‍්ඨානහාරසම‍්පාතො.

එහි පදට්ඨාන හාර සම්පාතය කවරේ ද? මනස මනෝපවිචාරයන් ආසන්න කාරණයයි. මනස පෙරටුකොට ඇති ධර්ම සියලු කුසල පක්‍ෂයට ආසන්න කාරණ වෙයි. භාසති යනු සම්මා වාචාවයි. කරොති යනු සම්මා කම්මන්තයයි. ඒවා සම්මා ආජීවයේ ආසන්න කාරණයයි. සම්මා ආජීවය සම්මා වායාමයේ ආසන්න කාරණයයි. සම්මා වායාමය සම්මා සතියේ ආසන්න කාරණයයි. සම්මා සතිය සම්මා සමාධියේ ආසන්න කාරණයයි. මනසා පසන්නෙන යන මෙහි ප්‍රසාද යනු සද්ධා ඉන්‍ද්‍රියයි. එය සීලයේ ආසන්න කාරණයයි. සීලය සමාධියේ ආසන්න කාරණයයි. සමාධිය ප්‍රඥාවේ ආසන්න කාරණය වේයයි විමුක්ති ඥාන දර්ශනය දක්වා යෙදිය යුතුය. මෙය පදට්ඨානහාර සම්පාතයයි.

තත්‍ථ කතමො ලක‍්ඛණො හාරසම‍්පාතො? “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති මනොපුබ‍්බඞ‍්ගමතාවචනෙන ධම‍්මානං ඡන්‍දපුබ‍්බඞ‍්ගමතාපි වීරියපුබ‍්බඞ‍්ගමතාපි වීමංසාපුබ‍්බඞ‍්ගමතාපි වුත‍්තා හොති ආධිපතෙය්‍යලක‍්ඛණෙන ඡන්‍දාදීනං මනසා එකලක‍්ඛණත‍්තා. තථා නෙසං සද‍්ධාදිපුබ‍්බඞ‍්ගමතාපි වුත‍්තා හොති ඉන්‍ද්‍රියලක‍්ඛණෙන සද‍්ධාදීනං මනසා එකලක‍්ඛණත‍්තා. “මනසා චෙ පසන‍්නෙනා”ති යථා මනස‍්ස පසාදසමන‍්නාගමො තංසමුට‍්ඨානානං කායවචීකම‍්මානං අනවජ‍්ජභාවලක‍්ඛණං. එවං චිත‍්තස‍්ස සතිආදිසමන‍්නාගමොපි නෙසං අනවජ‍්ජභාවලක‍්ඛණං යොනිසොමනසිකාරසමුට‍්ඨානභාවෙන එකලක‍්ඛණත‍්තා. “සුඛමන්‍වෙතී”ති සුඛානුගමනවචනෙන සුඛස‍්ස පච‍්චයභූතානං මනාපියරූපාදීනං අනුගමො වුත‍්තො හොති තෙසම‍්පි කම‍්මපච‍්චයතාය එකලක‍්ඛණත‍්තාති. අයං ලක‍්ඛණහාරසම‍්පාතො.

එහි ලක්‍ෂණ හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා ධම්මා යන මනස පෙරටුකොට ඇති බව යන ප්‍රකාශයෙන් ධර්මයන්ගේ ඡන්‍දය පෙරටුකොට ඇති බව ද වීර්යය පෙරටුකොට ඇති බව ද වීමංසාව පෙරටු කොට ඇති බව ද කියන ලද්දේ වෙයි. අධිපති ලක්‍ෂණයෙන් ඡන්‍ද ආදියේ ද මනසේ ද සමාන ලක්‍ෂණ ඇති බැවිනි. එසේම ඒවායේ ශ්‍රද්ධා පූර්වංගමත්වය ද කියන ලද්දේ වෙයි. ඉන්‍ද්‍රිය ලක්‍ෂණයෙන් ශ්‍රද්ධා ආදියේ ද මනසේ ද සමාන ලක්‍ෂණ ඇති බැවිනි. මනසා චෙ පසන්නෙන යනු යම්සේ මනසේ ප්‍රසාද සහිත බවක් වේද කාය වාක් කර්මයන්ගෙන් හටගත් ඒ අනවද්‍යභාව ලක්‍ෂණය යම්සේද එසේ සිතේ සති ආදියෙන් යුක්ත බව ද ඒවායේ අනවද්‍ය ලක්‍ෂණය ද වේ. යෝනිසො මනසිකාරයෙන් හටගත් බැවින් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. සුඛමන්‍වෙති යනු සැපය අනුව යයි යන ප්‍රකාශනයෙන් සුඛයට හේතු වූ මනාප වූ රූපාදියේ අනුව යෑම කියන ලද්දේ වෙයි. කර්ම ප්‍රත්‍ය බැවින් ඒවායේ ද සමාන ලක්‍ෂණ ඇති බැවිනි. මේ ලක්‍ෂණහාර සම්පාතයයි.

තත්‍ථ කතමො චතුබ්‍යූහො හාරසම‍්පාතො? “මනොපුබ‍්බඞ‍්ගමා”තිආදීසු “මනො”තිආදීනං පදානං නිබ‍්බචනං නිරුත‍්තං, තං පදත්‍ථනිද‍්දෙසවසෙන වෙදිතබ‍්බං. පදත්‍ථො ච වුත‍්තනයෙන සුවිඤ‍්ඤෙය්‍යොව. යෙ සුඛෙන අත්‍ථිකා, තෙහි පසන‍්නෙන මනසා කායවචීමනොකම‍්මානි පවත‍්තෙතබ‍්බානීති අයමෙත්‍ථ භගවතො අධිප‍්පායො. පුඤ‍්ඤකිරියාය අඤ‍්ඤෙසම‍්පි පුබ‍්බඞ‍්ගමා හුත්‍වා තත්‍ථ තෙසං සම‍්මා උපනෙතාරො ඉමිස‍්සා දෙසනාය නිදානං. “ඡද‍්වාරාධිපතී රාජා (ධ· ප· අට‍්ඨ· 2.181 එරකපත‍්තනාගරාජවත්‍ථු), චිත‍්තානුපරිවත‍්තිනො ධම‍්මා (ධ· ස· දුකමාතිකා 62; 1205-1206), චිත‍්තස‍්ස එකධම‍්මස‍්ස, සබ‍්බෙව වසමන්‍වගූ”ති (සං· නි· 1.62) එවමාදිසමානයනෙන ඉමිස‍්සා දෙසනාය සංසන්‍දනා දෙසනානුසන්‍ධි. පදානුසන්‍ධියො පන සුවිඤ‍්ඤෙය්‍යාවාති. අයං චතුබ්‍යූහො හාරසම‍්පාතො.

එහි චතුබ්‍යූහ හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා යනාදියෙහි මනො යනාදී පදයන්ගේ නිර්වචනය නිරුක්තියයි. එය පදාර්ථ දැක්වීම් වශයෙන් දතයුතුය. පදාර්ථය ද කියන ලද ක්‍රමයෙන් මනාව දතහැකිය. යමෙක් සැපයෙන් වැඩ කැමැත්තාහු ද ඔවුන් විසින් ප්‍රසන්න වූ සිතින කාය වාක් මනෝ කර්මයන් පැවැත්විය යුතුය යනු මෙය මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි. පුණ්‍ය ක්‍රියා කරණ කොටගෙන අනෙක් ඒවාත් පෙරටු වී ඇත. එහිදී ඒ දේශනාවේ නිදානය මනාව දක්වන්නෝ ‘සදොරට අධිපති රජුය. ධර්මයෝ සිතට අනුව පෙරළෙන්නෝ ය. ඒකධර්මය වූ සිතෙහි වසඟයට සියල්ලේ පැමිණියහ. ‘මේ ආදිය දැක්වීමෙන් මේ දේශනාවේ සැසඳීම දේශනානුසන්‍ධියයි. පදානුසන්‍ධිය මනාව දතහැකිය. මේ චතබ්‍යූහ හාර සම්පාතයයි.

තත්‍ථ කතමො ආවට‍්ටො හාරසම‍්පාතො? “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති තත්‍ථ යානි තීණි කුසලමූලානි, තානි අට‍්ඨන‍්නං සම‍්මත‍්තානං හෙතු. යෙ සම‍්මත‍්තා, අයං අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. යං මනොසහජනාමරූපං, ඉදං දුක‍්ඛං. අසමුච‍්ඡින‍්නා පුරිමනිප‍්ඵන‍්නා අවිජ‍්ජා භවතණ‍්හා, අයං සමුදයො. යත්‍ථ තෙසං පහානං, අයං නිරොධොති ඉමානි චත‍්තාරි සච‍්චානි. අයං ආවට‍්ටො හාරසම‍්පාතො.

එහි ආවට්ටහාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංමා ධම්මා යන එහි යම් ත්‍රිවිධ කුසල මූලයක් වේ ද ඒවා අෂ්ටවිධ සම්මතයන්ගේ හේතුවයි. යමක් සම්මත කරන ලද ද ඒ අෂ්ටාංගික මාර්ගයයි. මනස හා හටගත් යම් නාමරූපයක් වේ ද එය දුක්ඛ සත්‍යයයි. නොසිඳින ලද පළමුව නිපන් අවිද්‍යා භව තණ්හාවක් වේද එය නිරෝධයයි. මෙසේ මේ සතර සත්‍යය වේ. මේ ආවට්ට හාර සම්පාතයයි.

තත්‍ථ කතමො විභත‍්තිහාරසම‍්පාතො? “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනසා චෙ පසන‍්නෙන, තතො නං සුඛමන්‍වෙතී”ති නයිදං යථාරුතවසෙන ගහෙතබ‍්බං. යො හි සමණො වා බ්‍රාහ‍්මණො වා පාණාතිපාතිම‍්හි මිච‍්ඡාදිට‍්ඨිකෙ මිච‍්ඡාපටිපන‍්නෙ සකං චිත‍්තං පසාදෙති, පසන‍්නෙන ච චිත‍්තෙන අභූතගුණාභිත්‍ථවනවසෙන භාසති වා නිපච‍්චකාරං වාස‍්ස යං කරොති, න තතො නං සුඛමන්‍වෙති. දුක‍්ඛමෙව පන තං තතො චක‍්කංව වහතො පදමන්‍වෙති. ඉති හි ඉදං විභජ‍්ජබ්‍යාකරණීයං. යං මනසා චෙ පසන‍්නෙන භාසති වා කරොති වා, තඤ‍්චෙ වචීකම‍්මං කායකම‍්මඤ‍්ච සුඛවෙදනීයන‍්ති. තං කිස‍්ස හෙතු? සම‍්මත‍්තගතෙහි සුඛවෙදනීයං මිච‍්ඡාගතෙහි දුක‍්ඛවෙදනීයන‍්ති. කථං පනායං පසාදො දට‍්ඨබ‍්බො? නායං පසාදො, පසාදපතිරූපකො පන මිච‍්ඡාධිමොක‍්ඛොති වදාමි. අයං විභත‍්තිහාරසම‍්පාතො.

එහි විභත්ති හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා ධම්මා මනසා චෙ පසන්නෙන තතො නං සුඛමන්‍වෙති යන මෙයි ප්‍රකාශ කළ පරිදිම නොගත යුතුය. යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සතුන් මරණ, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යා කටයුතුවලට පිළිපන් පුද්ගලයෙකු කෙරෙහි ස්වකීය සිත පහදවා ද ප්‍රසන්න වූ සිතින් ද නොමැති ගුණයන් දැක්වීම් වශයෙන් කියන්නේ හෝ ඔහුට නිහතමානී භාවය දක්වයි ද එයින් ඔහු සැප අනුව නොයයි. එයින් ඔහු බර උසුලන ගොනාගේ පිය අනුව යන රිය සක මෙන් දුක අනුව යයි. මෙසේ මෙය විභජ්ජ ව්‍යාකරණීය වේ. ඉදින් ප්‍රසන්න වූ මනසින් යමක් කියයි ද නැතහොත් කරයි ද එය මේ සුඛවේදනීය වූ වාක් කර්මය හා කාය කර්මයයි. ඊට හේතු කවරේ ද? සම්මත බවට ගියවුන් විසින් සුවසේ විඳිය යුතුය. මිථ්‍යා ස්වරූපයට පත්වූවන් විසින් දුකසේ විඳිය යුතුය. මේ ප්‍රසාදය කෙසේ දතයුතු ද? මෙය ප්‍රසාදයක් නොවේ. ප්‍රසාද ස්වරූපී මිථ්‍යා විමෝක්‍ෂය යැයි කියමි. මේ විභක්තිහාර සම්පාතයයි.

තත්‍ථ කතමො පරිවත‍්තනො හාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමාතිආදි. යං මනසා පදුට‍්ඨෙන භාසති වා කරොති වා දුක‍්ඛස‍්සානුගාමී. ඉදඤ‍්හි සුත‍්තං එතස‍්ස උජුපටිපක‍්ඛො. අයං පරිවත‍්තනො හාරසම‍්පාතො.

එහි පරිවත්ත හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා යනු ආරම්භයයි. දූෂිත වූ සිතින් යමක් කියයි නම් හෝ කරයි නම් හෝ එය දුකට අනුව යන්නේය. මේ සූත්‍රය වනාහි ඊට සෘජුව ප්‍රතිපක්‍ෂ වෙයි. මේ පරිවත්ත හාර සම්පාතයයි.

තත්‍ථ කතමො වෙවචනො හාරසම‍්පාතො? “මනොපුබ‍්බඞ‍්ගමා”ති මනො චිත‍්තං මනායතනං මනින්‍ද්‍රියං මනොවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණධාතූති පරියායවචනං. පුබ‍්බඞ‍්ගමා පුරෙචාරිනො පුරෙගාමිනොති පරියායවචනං. ධම‍්මා අත‍්තා සභාවාති පරියායවචනං. සෙට‍්ඨං පධානං පවරන‍්ති පරියායවචනං. මනොමයා මනොනිබ‍්බත‍්තා මනොසම‍්භූතාති පරියායවචනං. පසන‍්නෙන සද‍්දහන‍්තෙන ඔකප‍්පෙන‍්තෙනාති පරියායවචනං. සුඛං සාතං වෙදයිතන‍්ති පරියායවචනං. අන්‍වෙති අනුගච‍්ඡති අනුබන්‍ධතීති පරියායවචනං. අයං වෙවචනො හාරසම‍්පාතො.

එහි වේවචන හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා යන්නට මනෝ, චිත්ත, මනායතන, මනින්‍ද්‍රිය, මනො විඤ්ඤාණ, මනො විඤ්ඤාණ ධාතු යනු පර්යාය වචනයන් ය. පුබ්බංගමා යන්නට පුරෙචාරි, පුරෙගාමි යනු පර්යාය වචනයන් ය. ධම්මා අත්තා සභාවා යනු ද පර්යාය වචනයන් ය. සෙට්ඨං, පධානං, පවරං යනු පර්යාය වචනයන් ය. මනෝමය, මනෝ නිබ්බත්තං, මනෝ සම්භූත යනු පර්යාය වචනයන් ය. පසන්නෙන සද්දහන්තන ඔකප්පෙන්තෙන යනු පර්යාය වචනයන් ය. සුඛ, සාත, වෙදයිත යනු පර්යාය වචනයන් ය. අන්වෙති, අනුගච්ඡති, අනුබන්‍ධති යනු පර්යාය වචනයන් ය. මේ වේවචන හාර සම්පාතයයි.

තත්‍ථ කතමො පඤ‍්ඤත‍්තිහාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමාති අයං මනසො කිච‍්චපඤ‍්ඤත‍්ති. ධම‍්මාති සභාවපඤ‍්ඤත‍්ති, කුසලකම‍්මපථපඤ‍්ඤත‍්ති. මනොසෙට‍්ඨාති පධානපඤ‍්ඤත‍්ති. මනොමයාති සහජාතපඤ‍්ඤත‍්ති. පසන‍්නෙනාති සද‍්ධින්‍ද්‍රියෙන සමන‍්නාගතපඤ‍්ඤත‍්ති, අස‍්සද‍්ධියස‍්ස පටික‍්ඛෙපපඤ‍්ඤත‍්ති. භාසති වා කරොති වාති සම‍්මාවාචාසම‍්මාකම‍්මන‍්තානං නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති. තතො නං සුඛමන්‍වෙතීති කම‍්මස‍්ස ඵලානුබන්‍ධපඤ‍්ඤත‍්ති, කම‍්මස‍්ස අවිනාසපඤ‍්ඤත‍්තීති. අයං පඤ‍්ඤත‍්තිහාරසම‍්පාතො.

එහි පඤ්ඤත්ති හාර සම්පාතය කවරේ ද? මනො පුබ්බංගමා යන මෙය මනසේ කෘත්‍යය පැනවීමයි. ධම්මා යනු ස්වභාව ප්‍රඥප්තියයි. කුසල කර්ම පථ ප්‍රඥප්තියයි. මනොසෙට්ඨා යනු ප්‍රධාන ප්‍රඥප්තියයි. මනෝමයා යනු සහජාත ප්‍රඥප්තියයි. පසන්නෙන යනු සද්ධා ඉන්‍ද්‍රියෙන් යුක්ත ප්‍රඥප්තියයි. ශ්‍රද්ධා නැත්තාට ප්‍රතික්‍ෂේප ප්‍රඥප්තියයි. භාසති වා කරොති වා යනු සම්මා වාචා, සම්මා කම්මන්ත යනාදියේ නික්‍ෂේප ප්‍රඥප්තියයි. තතො නං සුඛ මන්වෙති යනු කර්මයේ ඵලය හා බැඳුණු ප්‍රඥප්තියයි. කර්මයේ අවිනාස ප්‍රඥප්තියයි. මේ ප්‍රඥප්ති හාර සම්පාතයයි.

තත්‍ථ කතමො ඔතරණො හාරසම‍්පාතො? මනොති විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ධම‍්මාති වෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධා. භාසති වා කරොති වාති කායවචීවිඤ‍්ඤත‍්තියො. තාසං නිස‍්සයා චත‍්තාරො මහාභූතාති රූපක‍්ඛන්‍ධොති අයං ඛන්‍ධෙහි ඔතරණො. මනොති අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණන‍්ති මනොග‍්ගහණෙන අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා ගහිතාති. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං…පෙ… සමුදයො හොතීති අයං පටිච‍්චසමුප‍්පාදෙන ඔතරණොති. අයං ඔතරණො හාරසම‍්පාතො.

එහි ඔතරණ හාර සම්පාතය කවරේ ද? මනෝ යනු විඥාන ස්කන්ධයයි. ධම්මා යනු වේදනා සංඥා සංස්කාර ස්කන්ධයන් ය. භාසති වා කරොති වා යනු කාය වාක් විඥප්තීන් ය. ඒවා ඇසුරින් සතර මහාභූත වේ. රූපස්කන්ධය වේ. මේ ස්කන්ධයන්හි බැසගැන්මයි. මනෝ යනු අභිසංඛාර විඤ්ඤාණයයි. මනෝ යන ගැනීමෙන් අවිද්‍යා හේතුවෙන් වන සංස්කාර ගන්නා ලදි. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වේ. -පෙ- හටගැනීම වෙයි යන මෙය පටිච්ච සමුප්පාදයෙන් බැසගැනීමයි. මේ ඔතරණ හාර සම්පාතයයි.

තත්‍ථ කතමො සොධනො හාරසම‍්පාතො? මනොති ආරම‍්භො නෙව පදසුද‍්ධි, න ආරම‍්භසුද‍්ධි. මනොපුබ‍්බඞ‍්ගමාති පදසුද‍්ධි, න ආරම‍්භසුද‍්ධි. තථා ධම‍්මාති යාව සුඛන‍්ති පදසුද‍්ධි, න ආරම‍්භසුද‍්ධි. සුඛමන්‍වෙතීති පන පදසුද‍්ධි චෙව ආරම‍්භසුද‍්ධි චාති. අයං සොධනො හාරසම‍්පාතො.

එහි සොධන හාර සම්පාතය කවරේ ද? මනෝ යනු ආරම්භයයි. පද සුද්ධිය නොවේ. ආරම්භ සුද්ධිය ද නොවේ. මනෝ පුබ්බංගමා යනු පද සුද්ධියයි. ආරම්භ සුද්ධිය නොවේ. එසේම ධම්මා සිට සුඛං තෙක් පද සුද්ධියයි. ආරම්භ සුද්ධිය නොවේ. සුඛමන්වෙති යන්න වනාහි පද සුද්ධිය සේම ආරම්භ සුද්ධිය ද වේ. මේ සොධන හාර සම්පාතයයි.

තත්‍ථ කතමො අධිට‍්ඨානො හාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා, මනොසෙට‍්ඨා මනොමයාති එකත‍්තතා. මනසා චෙ පසන‍්නෙනාති වෙමත‍්තතා, තථා මනසා චෙ පසන‍්නෙනාති එකත‍්තතා. භාසති වා කරොති වාති වෙමත‍්තතා, තථා මනසා චෙ පසන‍්නෙනාති එකත‍්තතා. සො පසාදො දුවිධො අජ‍්ඣත‍්තඤ‍්ච බ්‍යාපාදවික‍්ඛම‍්භනතො, බහිද‍්ධා ච ඔකප‍්පනතො. තථා සම‍්පත‍්තිභවහෙතුභූතොපි වඩ‍්ඪිහෙතුභූතොවාති අයං වෙමත‍්තතා. තයිදං සුත‍්තං ද‍්වීහි ආකාරෙහි අධිට‍්ඨාතබ‍්බං හෙතුනා ච යො පසන‍්නමානසො, විපාකෙන ච යො සුඛවෙදනීයොති. අයං අධිට‍්ඨානො හාරසම‍්පාතො.

එහි අධිට්ඨාන හාර සම්පාතය කවරේ ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා යනු ඒකත්වයයි. මනසා චෙ පසන්නෙන යනු විවිධත්වයයි. එසේම මනසා චෙ පසන්නෙන යනු ඒකත්වයයි. භාසති වා කරොති වා යනු විවිධත්වයයි. එසේම මනසා චෙ පසන්නෙන යනු ඒකත්වයයි. ඒ ප්‍රසාදය දෙවැදෑරුම් ය. ආධ්‍යාත්මික ව්‍යාපාදය දුරු කිරීමෙන් ද බාහිර දෙය විශ්වාස කිරීමෙන් ද වශයෙනි. එසේම සම්පත්ති භාවයට හේතු වූ ද වැඩීමට හේතු වූ ද ප්‍රසාදය වශයෙනි. මේ විවිධත්වයයි. ඒ මේ සූත්‍රය ආකාර දෙකකින් අධිෂ්ඨාන කළ යුතුය. යමෙක් ප්‍රසන්න මනසින් යුතු වේද ඒ හේතුවෙන් යමක් සුඛ වේදනීය වේ ද ඒ විපාකයෙන් ද යනුවෙනි. මේ අධිට්ඨාන හාර සම්පාතයයි.

තත්‍ථ කතමො පරික‍්ඛාරො හාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමාති එත්‍ථ මනොති කුසලවිඤ‍්ඤාණං. තස‍්ස ච ඤාණසම‍්පයුත‍්තස‍්ස අලොභො අදොසො අමොහොති තයො සම‍්පයුත‍්තා හෙතූ, ඤාණවිප‍්පයුත‍්තස‍්ස අලොභො අදොසොති ද‍්වෙ සම‍්පයුත‍්තා හෙතූ. සබ‍්බෙසං අවිසෙසෙන යොනිසොමනසිකාරො හෙතු, චත‍්තාරි සම‍්පත‍්තිචක‍්කානි පච‍්චයො. තථා සද‍්ධම‍්මස‍්සවනං, තස‍්ස ච දානාදිවසෙන පවත‍්තමානස‍්ස දෙය්‍යධම‍්මාදයො පච‍්චයො. ධම‍්මාති චෙත්‍ථ වෙදනාදීනං ඉට‍්ඨාරම‍්මණාදයො. තථා තයො විඤ‍්ඤාණස‍්ස, වෙදනාදයො පසාදස‍්ස, සද‍්ධෙය්‍යවත්‍ථුකුසලාභිසඞ‍්ඛාරො විපාකසුඛස‍්ස පච‍්චයොති. අයං පරික‍්ඛාරො හාරසම‍්පාතො.

එහි පරික්ඛාර හාර සම්පාතය කවරේ ද? මනෝ පුබ්බංගමා යන මෙහි මනෝ යනු කුසල විඥානයයි. ඤාණයෙන් යුක්ත වූ ඊට අලෝභ, අදෝස, අමෝහ යන තුන සම්ප්‍රයුක්ත හේතු වෙයි. ඤාණයෙන් තොර වූ දෙයට අලෝභ අදෝස යන දෙක සම්ප්‍රයුක්ත හේතුවයි. සියල්ලට අවිශේෂයෙන් යොනිසො මනසිකාරය හේතුවෙයි. සතර සම්පත්ති චක්‍රයන් ප්‍රත්‍ය වෙයි. සදහම් ඇසීම ද එසේය. දානාදී වශයෙන් පවත්නා දෙය්‍ය ධර්ම ආදිය ඊට හේතුවෙයි. මෙහි ධම්මා යනු වේදනා ආදියේ ඉටු අරමුණු ආදියයි. එසේම ත්‍රිවිධ වේදනාදිය ප්‍රසාද විඥානයේ සද්ධෙය්‍ය වස්තුවයි. කුසල අභිසංස්කාර විපාක සැපයේ හේතුවයි. මේ පරික්ඛාර හාර සම්පාතයයි.

තත්‍ථ කතමො සමාරොපනො හාරසම‍්පාතො? මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මාති මනොති පුඤ‍්ඤචිත‍්තං, තං තිවිධං – දානමයං, සීලමයං, භාවනාමයන‍්ති. තත්‍ථ දානමයස‍්ස අලොභො පදට‍්ඨානං, සීලමයස‍්ස අදොසො පදට‍්ඨානං, භාවනාමයස‍්ස අමොහො පදට‍්ඨානං. සබ‍්බෙසං අභිප‍්පසාදො පදට‍්ඨානං, “සද‍්ධාජාතො උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො පයිරුපාසතී”ති (ම· නි· 2.183) සුත‍්තං විත්‍ථාරෙතබ‍්බං. කුසලචිත‍්තං සුඛස‍්ස ඉට‍්ඨවිපාකස‍්ස පදට‍්ඨානං. යොනිසොමනසිකාරො කුසලචිත‍්තස‍්ස පදට‍්ඨානං. යොනිසො හි මනසි කරොන‍්තො කුසලචිත‍්තං අධිට‍්ඨාති කුසලචිත‍්තං භාවෙති, සො අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති, උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං…පෙ… පදහති. තස‍්සෙවං චතූසු සම‍්මප‍්පධානෙසු භාවියමානෙසු චත‍්තාරො සතිපට‍්ඨානා යාව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතීති අයං භාවනාය සමාරොපනා. සති ච භාවනාය පහානඤ‍්ච සිද‍්ධමෙවාති. අයං සමාරොපනො හාරසම‍්පාතො.

එහි සමාරෝපන හාර සම්පාතය කවරේ ද? මනෝ පුබ්බංගමා ධම්මා යන තැන මනෝ යනු පුණ්‍ය චිත්තයයි. එය දානමය, සීලමය, භාවනාමය යනුවෙන් ත්‍රිවිධය. එහි දානමය පින් සිතට අලෝභය ආසන්න කාරණ වෙයි. සීලමය පින් සිතට අදෝසය ආසන්න කාරණ වෙයි. භාවනාමය පින් සිතට අමෝහය ආසන්න කාරණ වෙයි. සියල්ලට අභිප්‍රසාදය ආසන්න කාරණ වෙයි. ‘ශ්‍රද්ධාව ඇති වූයේ එළඹෙයි. එළඹෙමින් ඇසුරු කරයි’ යන සූත්‍රය විස්තර කළ යුතුය. කුසල සිත සුඛ සහගත ඉෂ්ට විපාකයේ ආසන්න කාරණයයි. යෝනිසො මනසිකාරය කුසල සිතේ ආසන්න කාරණයයි. නුවණින් සිහි කරනුයේ කුසල් සිත අධිෂ්ඨාන කරයි. කුසල් සිත වඩයි. හෙතෙම නූපන් පාපී අකුසල දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. උපන් කුසල් දහම් -පෙ- උත්සාහ කරයි. මෙසේ සතර සම්‍යක් ප්‍රධන් වඩන කල්හි ඔහුගේ සතර සතිපට්ඨාන පටන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා වැඩීමට පිරිපුන් බවට පත්වේ යන මෙය භාවනාව නැංවීමයි. සතියද ප්‍රහාණය ද භාවනාවෙන් සිද්ධ වේ ම ය. මේ සමාරෝපන හාර සම්පාතයයි.

තථා –

එසේම –

“දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති, සංයමතො වෙරං න චීයති; කුසලො ච ජහාති පාපකං, රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති. (දී· නි· 2.197; උදා· 75; පෙටකො· 16);

දදතො පුඤ්ඤං පවඩ්ඪති - සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං - රාග දොස මොහක්ඛයා සනිබ්බුතො, (යන්නෙන් ද හාර සම්පාත නිර්දේශය දතයුතුය.)

තත්‍ථ දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. සංයමතො වෙරං න චීයතීති සීලමයං පුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. කුසලො ච ජහාති පාපකන‍්ති ලොභස‍්ස ච දොසස‍්ස ච මොහස‍්ස ච පහානමාහ. තෙන භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අනුපාදාපරිනිබ‍්බානමාහ.

එහි දදතො පුඤ්ඤං පවඩ්ඪති යනුවෙන් දානමය පුණ්‍යක්‍රියා වස්තුව කියන ලදී. සංයමතො වෙරං නං වීයති යනුවෙන් සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව කියන ලදී. කුසලො ච ජහාති පාපකං යනු ලෝභයේ ද ද්වේෂයේ ද මෝහයේ ද ප්‍රහාණය කියන ලදී. එයින් භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව ප්‍රකාශ කරන ලදී. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යනුවෙන් අනුපාදාපරිනිර්වාණය ප්‍රකාශ කරන ලදී.

දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති අලොභො කුසලමූලං. සංයමතො වෙරං න චීයතීති අදොසො කුසලමූලං. කුසලො ච ජහාති පාපකන‍්ති අමොහො කුසලමූලං. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති තෙසං නිස‍්සරණං වුත‍්තං.

දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු අලෝභ කුසල මූලයයි. සංයමතො වෙරං න චීයති යනු අදෝස කුසල මූලයයි. කුසලෝ ච ජහාති පාපකං යනු අමෝහ කුසල මූලයයි. රාග දෝස මෝහක්ඛයා ස නිබ්බුතො යනුවෙන් ඒවායේ නිස්සරණය කියන ලදී.

දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති සීලක‍්ඛන්‍ධස‍්ස පදට‍්ඨානං. සංයමතො වෙරං න චීයතීති සමාධික‍්ඛන්‍ධස‍්ස පදට‍්ඨානං. කුසලො ච ජහාති පාපකන‍්ති පඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස විමුත‍්තික‍්ඛන්‍ධස‍්ස පදට‍්ඨානං. දානෙන ඔළාරිකානං කිලෙසානං පහානං, සීලෙන මජ‍්ඣිමානං, පඤ‍්ඤාය සුඛුමානං. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති කතාවීභූමිං දස‍්සෙති.

දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු සීල ස්කන්ධයේ ආසන්න කාරණයයි. සංයමතො වෙරං න චීයති යනු සමාධි ස්කන්ධයේ ආසන්න කාරණයයි. කුසලො ච ජහාති පාපකං යනු ප්‍රඥා ස්කන්ධයේ ද විමුක්ති ස්කන්ධයේ ද ආසන්න කාරණයයි. දානයෙන් ඕලාරික කෙලෙස්වල ප්‍රහාණය ද සීලයෙන් මධ්‍යම කෙලෙස්වල ප්‍රහාණය ද ප්‍රඥාවෙන් සියුම් කෙලෙස්වල ප්‍රහාණය ද (දක්වයි) රාගදෝස මොහක්ඛයා සනිබ්බුතො යනුවෙන් කර නිමවූ භූමිය දක්වාලයි.

දදතො පුඤ‍්ඤං…පෙ… ජහාති පාපකන‍්ති සෙක‍්ඛභූමි දස‍්සිතා. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අග‍්ගඵලං වුත‍්තං.

දදතො පුඤ්ඤං පවඩ්ඪති -පෙ- ජහාති පාපකං යි සේඛභූමිය දක්වන ලදී. රාගදෝස මෝහක්ඛයා සනිබ්බුතොයි අග්‍රඵලය කියන ලදී,

තථා දදතො පුඤ‍්ඤං…පෙ… න චීයතීති ලොකියකුසලමූලං වුත‍්තං. කුසලො ච ජහාති පාපකන‍්ති ලොකුත‍්තරකුසලමූලං වුත‍්තං. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති ලොකුත‍්තරස‍්ස කුසලමූලස‍්ස ඵලං වුත‍්තං.

එසේම දදතො පුඤ්ඤං -පෙ- වෙරං න චීයති යනුවෙන් ලෞකික කුසල මූලය ප්‍රකාශ කරන ලදී. කුසලො ච ජහාති පාපකං යනුවෙන් ලෝකෝත්තර කුසල මූලය කියන ලදී. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යනුවෙන් ලෝකෝත්තර කුසල මූලයේ ඵලය ප්‍රකාශ කරන ලදී.

දදතො…පෙ… න චීයතීති පුථුජ‍්ජනභූමි දස‍්සිතා. කුසලො ච ජහාති පාපකන‍්ති සෙක‍්ඛභූමි දස‍්සිතා. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අසෙක‍්ඛභූමි දස‍්සිතා.

දදතො පුඤ්ඤං -පෙ- වෙරං න චීයති යි පෘථග්ජන භූමිය දක්වන ලදී. කුසලො ච ජහාති පාපකං යි සේඛ භූමිය දක්වයි. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යි අසේඛ භූමිය දක්වන ලදී.

දදතො …පෙ… න චීයතීති සග‍්ගගාමිනී පටිපදා වුත‍්තා. කුසලො ච ජහාති පාපකන‍්ති සෙක‍්ඛවිමුත‍්ති. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අසෙක‍්ඛවිමුත‍්ති වුත‍්තා.

දදතො -පෙ- න චීයති යි ස්වර්ගගාමී ප්‍රතිපදාව කියන ලදී. කුසලො ච ජහාති පාපකං යි සේඛ විමුක්තිය (කියන ලදී) රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යි අසේඛ විමුක්තිය කියන ලදී.

දදතො…පෙ… න චීයතීති දානකථං සීලකථං සග‍්ගකථං ලොකියානං ධම‍්මානං දෙසනමාහ. කුසලො ච ජහාති පාපකන‍්ති ලොකෙ ආදීනවානුපස‍්සනාය සද‍්ධිං සාමුක‍්කංසිකං ධම‍්මදෙසනමාහ. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති තස‍්සා දෙසනාය ඵලමාහ.

දදතො -පෙ- වෙරං න චීයති යි දානකථාව සීල කථාව ස්වර්ග කථාව හා ලෞකික ධර්මයන්ගේ දේශනාව කියන ලදී. කුසලො ච ජහාති පාපකං යනුවෙන් ලෝකයේ ආදීනව දැක්ම සමග සාමුක්කංසික ධර්ම දේශනාව දක්වන ලදී. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යි ඒ දේශනාවේ ඵලය දක්වන ලදී.

දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති ධම‍්මදානං ආමිසදානඤ‍්ච වදති. සංයමතො වෙරං න චීයතීති පාණාතිපාතා වෙරමණියා සත‍්තානං අභයදානං වදති. එවං සබ‍්බානිපි සික‍්ඛාපදානි විත්‍ථාරෙතබ‍්බානි. තෙන ච සීලසංයමෙන සීලෙ පතිට‍්ඨිතො චිත‍්තං සංයමෙති, තස‍්ස සමථො පාරිපූරිං ගච‍්ඡති. එවං සො සමථෙ ඨිතො විපස‍්සනාකොසල‍්ලයොගතො කුසලො ච ජහාති පාපකං රාගං ජහාති, දොසං ජහාති, මොහං ජහාති, අරියමග‍්ගෙන සබ‍්බෙපි පාපකෙ අකුසලෙ ධම‍්මෙ ජහාති. එවං පටිපන‍්නො ච රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති රාගාදීනං පරික‍්ඛයා ද‍්වෙපි විමුත‍්තියො අධිගච‍්ඡතීති අයං සුත‍්තනිද‍්දෙසො.

දදතො පුඤ්ඤං පවඩ්ඪති යනුවෙන් ධර්ම දානය ද ආමිෂ දානයද ප්‍රකාශ වෙයි. සංයමතො වෙරං න චීයති යනුවෙන් ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් සත්ත්වයන්ගේ අභයදානය කියවේ. මෙසේ සියලුම ශික්‍ෂාපද විස්තර කළ යුතුය. ඒ සීල සංයමයෙන් සීලයෙහි පිහිටියේ සිත සංවර කරයි. ඔහුගේ සමථය පරිපූර්ණත්වය යෙයි. මෙසේ හෙතෙම සමථයෙහි සිටියේ විදර්ශනා දක්‍ෂතාවෙන් දක්‍ෂයා ද අත්හරියි. පාපී රාගය අත්හරියි. ද්වේෂය අත්හරියි. මෝහය අත්හරියි. ආර්ය මාර්ගයෙන් සියලුම පාපී අකුසල ධර්මයන් අත්හරියි. මෙසේ පිළිපන්නා ද රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතොයි රාගදීන්ගේ ක්‍ෂයවීමෙන් විමුක්ති දෙකම ලබයි. මේ සූත්‍ර නිර්දේශයයි.

තත්‍ථ කතමො දෙසනාහාරසම‍්පාතො? ඉමස‍්මිං සුත‍්තෙ කිං දෙසිතං? ද‍්වෙ සුගතියො දෙවා ච මනුස‍්සා ච, දිබ‍්බා ච පඤ‍්ච කාමගුණා, මානුසකා ච පඤ‍්ච කාමගුණා, දිබ‍්බා ච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, මානුසකා ච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඉදං වුච‍්චති දුක‍්ඛං අරියසච‍්චං. තස‍්ස කාරණභාවෙන පුරිමපුරිමනිප‍්ඵන‍්නා තණ‍්හා සමුදයො අරියසච‍්චං. තයිදං වුච‍්චති අස‍්සාදො ච ආදීනවො ච. සබ‍්බස‍්ස පුරිමෙහි ද‍්වීහි පදෙහි නිද‍්දෙසො “දදතො…පෙ… න චීයතී”ති. කුසලො ච ජහාති පාපකන‍්ති මග‍්ගො වුත‍්තො. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති ද‍්වෙ නිබ‍්බානධාතුයො සඋපාදිසෙසා ච අනුපාදිසෙසා ච. ඉදං නිස‍්සරණං. ඵලාදීනි පන යථාරහං වෙදිතබ‍්බානීති. අයං දෙසනාහාරසම‍්පාතො.

එහි දේශනා හාර සම්පාතය කවරේ ද? මේ සූත්‍රයෙහි කුමක් දේශනා කරන ලද ද? දෙව් මිනිස් සුගති දෙක, දිව්‍යමය පංචකාම ගුණ, මානුෂික පංචකාම ගුණ දිව්‍යමය පංච උපාදානස්කන්ධ, මානුෂික පංච උපාදානස්කන්ධ යන ආදියයි. මෙය දුක්ඛ ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ. ඊට හේතු ලෙසින් පළමුව පළමුව උපන් තණ්හාව සමුදය ආර්ය සත්‍යයයි. එය ආශ්වාදය හා ආදීනවය යැයි කියනු ලැබේ. දදතො -පෙ- වෙරං න චීයති යන පළමු පද දෙකින් සියල්ලෙහි නිර්දේශය දැක්විණ. කුසලො ච ජහාති පාපකං යි මාර්ගය කියන ලදී. රාග දෝස මොහක්ඛයා ස නිබ්බුතො යනු සඋපාදිසෙස හා අනුපාදිසෙස යන නිර්වාණ ධාතු දෙකයි. එය නිස්සරණයයි. ඵල ආදිය සුදුසු පරිදි දතයුතුය. මේ දේශනාහාර සම්පාතයයි.

විචයොති “දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති ඉමිනා පඨමෙන පදෙන තිවිධම‍්පි දානමයං සීලමයං භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු වුත‍්තං. දසවිධස‍්සපි දෙය්‍යධම‍්මස‍්ස පරිච‍්චාගො වුත‍්තො. තථා ඡබ‍්බිධස‍්සපි රූපාදිආරම‍්මණස‍්ස. “සංයමතො වෙරං න චීයතී”ති දුතියෙන පදෙන අවෙරා අසපත‍්තා අබ්‍යාපාදා ච පටිපදා වුත‍්තා. “කුසලො ච ජහාති පාපක”න‍්ති තතියෙන පදෙන ඤාණුප‍්පාදො අඤ‍්ඤාණනිරොධො සබ‍්බොපි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සබ‍්බෙපි බොධිපක‍්ඛියා ධම‍්මා වුත‍්තා . “රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො”ති රාගක‍්ඛයෙන රාගවිරාගා චෙතොවිමුත‍්ති, මොහක‍්ඛයෙන අවිජ‍්ජාවිරාගා පඤ‍්ඤාවිමුත‍්ති වුත‍්තාති. අයං විචයො හාරසම‍්පාතො.

විචය හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යන මේ පළමු පදයෙන් දානමය සීලමය භාවනාමය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කියන ලදි. දසවිධ වූ දෙය්‍ය ධර්මයේ පරිත්‍යාගය කියන ලදී. ෂඩ්විධ වූ රූප ආදී අරමුණු ද එසේය. සංයමතො වෙරං න චීයති යන දෙවැනි පදයෙන් අවෛරී වූ අවිරුද්ධ වූ අව්‍යාපාද වූ ප්‍රතිපදාව කියන ලදී. කුසලො ච ජහාති පාපකං යන තෙවැනි පදයෙන් ඤාණය පහළවීම ද අඤ්ඤාණය නිරුද්ධවීම ද සියලු ආර්ය අෂ්ටාංගික මාර්ගය ද සියලු බෝධිපාක්‍ෂික ධර්මද කියන ලදී. රාග දෝස මෝහක්ඛයා ස නිබ්බුතො යනුවෙන් රාගය ක්‍ෂය වීමෙන් රාග විරාගය වූ චේතෝ විමුක්තිය ද මෝහය ක්‍ෂය වීමෙන් අවිද්‍යා විරාගය වූ පඤ්ඤා විමුක්තිය ද කියන ලදී. මේ විචය හාර සම්පාතයයි.

යුත‍්තීති දානෙ ඨිතො උභයං පරිපූරෙති මච‍්ඡරියප‍්පහානඤ‍්ච පුඤ‍්ඤාභිසන්‍දඤ‍්චාති අත්‍ථෙසා යුත‍්ති. සීලසංයමෙ ඨිතො උභයං පරිපූරෙති උපචාරසමාධිං අප‍්පනාසමාධිඤ‍්චාති අත්‍ථෙසා යුත‍්ති. පාපකෙ ධම‍්මෙ පජහන‍්තො දුක‍්ඛං පරිජානාති, නිරොධං සච‍්ඡිකරොති, මග‍්ගං භාවෙතීති අත්‍ථෙසා යුත‍්ති. රාගදොසමොහෙසු සබ‍්බසො පරික‍්ඛීණෙසු අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායතීති අත්‍ථෙසා යුත‍්තීති. අයං යුත‍්තිහාරසම‍්පාතො.

යුත්තිහාර සම්පාතය කවරේ ද? දීමෙහි යෙදුණහු මසුරු බව නැති කිරීමත් කුසල විපාකය ගලා ඒමත් පූරණය කෙරෙයි යන මේ යුක්තියක් ඇත. සීල සංයමයෙහි යෙදුණහු උපචාර සමාධියත් අර්පණා සමාධියත් පූරණය කෙරෙයි යන මේ යුක්තියක් ඇත. පාප ධර්මයන් දුරු කරන්නා දුක දැනගනියි. නිරෝධය සාක්‍ෂාත් කෙරෙයි. මාර්ගය වඩයි යන මේ යුක්තියක් ඇත. රාග දෝස මෝහයන් සර්වප්‍රකාරයෙන් ක්‍ෂය වූ කල්හි අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙයි යන මේ යුක්තියක් ඇත. මේ යුක්තිහාර සම්පාතයයි.

පදට‍්ඨානන‍්ති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති චාගාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. සංයමතො වෙරං න චීයතීති සච‍්චාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. කුසලො ච ජහාති පාපකන‍්ති පඤ‍්ඤාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානං. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති උපසමාධිට‍්ඨානස‍්ස පදට‍්ඨානන‍්ති. අයං පදට‍්ඨානො හාරසම‍්පාතො.

පදට්ඨාන හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු චාග අධිට්ඨානයේ ආසන්න කාරණයයි. සංයමතො වෙරං න චීයති යනු සත්‍ය අධිෂ්ඨානයේ ආසන්න කාරණයයි. කුසලො ච ජහාති පාපකං යනු ප්‍රඥා අධිෂ්ඨානයේ ආසන්න කාරණයයි. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යනු උපසම අධිෂ්ඨානයේ ආසන්න කාරණයයි. මේ පදට්ඨාන හාර සම්පාතයයි.

ලක‍්ඛණොති “දදතො”ති එතෙන පෙය්‍යවජ‍්ජං අත්‍ථචරියං සමානත‍්තතා ච දස‍්සිතාති වෙදිතබ‍්බා සඞ‍්ගහවත්‍ථුභාවෙන එකලක‍්ඛණත‍්තා. “සංයමතො”ති එතෙන ඛන‍්තිමෙත‍්තාඅවිහිංසාඅනුද‍්දයාදයො දස‍්සිතාති වෙදිතබ‍්බා වෙරානුප‍්පාදනලක‍්ඛණෙන එකලක‍්ඛණත‍්තා. “වෙරං න චීයතී”ති එතෙන හිරීඔත‍්තප‍්පඅප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාදයො දස‍්සිතා වෙරාවඩ‍්ඪනෙන එකලක‍්ඛණත‍්තා. තථා අහිරීකානොත‍්තප‍්පාදයො අචෙතබ‍්බභාවෙන එකලක‍්ඛණත‍්තා. “කුසලො”ති එතෙන කොසල‍්ලදීපනෙන සම‍්මාසඞ‍්කප‍්පාදයො දස‍්සිතා මග‍්ගඞ‍්ගාදිභාවෙන එකලක‍්ඛණත‍්තා. “ජහාති පාපක”න‍්ති එතෙන පරිඤ‍්ඤාභිසමයාදයොපි දස‍්සිතා අභිසමයලක‍්ඛණෙන එකලක‍්ඛණත‍්තා. “රාගදොසමොහක‍්ඛයා”ති එතෙන අවසිට‍්ඨකිලෙසාදීනම‍්පි ඛයා දස‍්සිතා ඛෙපෙතබ‍්බභාවෙන එකලක‍්ඛණත‍්තාති අයං ලක‍්ඛණො.

ලක්ඛණහාර සම්පාතය කවරේ ද? දදතො යන මෙයින් ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව දක්වන ලදී යැයි දතයුතුය. සංග්‍රහ වස්තු ලෙසින් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. සංයමතො යන මෙයින් ඉවසීම, මෛත්‍රිය, අවිහිංසාව, කරුණාව ආදිය දක්වන ලදැයි දතයුතුය. වෛරය නූපදවීම් ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. වෙරං න චීයති යන මෙයින් හිරි ඔතප්, අල්පේච්ඡත්වය සතුට ආදිය දක්වන ලදී. වෛරය නොවැඩෙන හෙයින් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. අහිරික අනොත්තප්ප ආදිය ද එසේය. නොසිතිය යුතු බැවින් සමාන ලක්‍ෂණ ඇති හෙයිනි. කුසලො යන මේ කුශලතාව දැක්වීමෙන් සම්මා සංකප්ප ආදිය දක්වන ලදි. මාර්ග අංග ආදී ලෙසින් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. ජහාති පාපකං යන මෙයින් පරිඤ්ඤා අභිසමය ආදිය ද දක්වන ලදි. දැනගැනීම් ලක්‍ෂණයෙන් සමාන බැවිනි. රාග දෝස මෝහක්ඛයා යන මෙයින් ඉතිරි කෙලෙස් ආදියේ ද ක්‍ෂයවීම් දක්වන ලදි. ඉවත් කළ යුතු බැවින් සමාන ලක්‍ෂණ ඇති හෙයිනි. මේ ලක්‍ෂණහාර සම්පාතයයි.

චතුබ්‍යූහොති දදතොති ගාථායං භගවතො කො අධිප‍්පායො? යෙ මහාභොගතං පත්‍ථයිස‍්සන‍්ති, තෙ දානං දස‍්සන‍්ති දාලිද‍්දියප‍්පහානාය. යෙ අවෙරතං ඉච‍්ඡන‍්ති, තෙ පඤ‍්ච වෙරානි පජහිස‍්සන‍්ති. යෙ කුසලධම‍්මෙහි ඡන්‍දකාමා, තෙ අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සන‍්ති. යෙ නිබ‍්බායිතුකාමා, තෙ රාගදොසමොහං පජහිස‍්සන‍්තීති අයමෙත්‍ථ භගවතො අධිප‍්පායො. එවං නිබ‍්බචනනිදානසන්‍ධයො වත‍්තබ‍්බාති. අයං චතුබ්‍යූහො.

චතුබහූහ හාර සම්පාතය කවරේ ද? දදතො යන ගාථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරේ ද? යමෙක් මහා භෝගත්වය ප්‍රාර්ථනා කෙරෙත් ද ඔවුහු දිළිඳු බව නැති කරනු පිණිස දන් දෙති. යමෙක් අවෛරීත්වය කැමති වෙත් ද ඔවුහු පංච වෛරයන් දුරුකරත්. යමෙක් කුසල ධර්මයන් කැමැත්තාහු ද ඔවුහු අෂ්ටාංගික මාර්ගය වඩත්. යමෙක් නිවෙනු කැමැත්තාහු ද ඔවුහු රාග ද්වේෂ මෝහ දුරුකෙරෙත් යන මෙය මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි. මෙසේ නිර්වචන, නිදාන ගැලපීම් කිවයුතුය. මේ චතුබ්‍යූහ හාර සම්පාතයයි.

ආවට‍්ටොති යඤ‍්ච අදදතො මච‍්ඡරියං, යඤ‍්ච අසංයමතො වෙරං, යඤ‍්ච අකුසලස‍්ස පාපස‍්ස අප‍්පහානං, අයං පටිපක‍්ඛනිද‍්දෙසෙන සමුදයො. තස‍්ස අලොභෙන ච අදොසෙන ච අමොහෙන ච දානාදීහි පහානං, ඉමානි තීණි කුසලමූලානි. තෙසං පච‍්චයො අට‍්ඨ සම‍්මත‍්තානි, අයං මග‍්ගො. යො රාගදොසමොහානං ඛයො, අයං නිරොධොති. අයං ආවට‍්ටො.

ආවට්ට හාර සම්පාතය කවරේ ද? නොදීමෙන් යම් මසුරු බවක් වේ ද අසංයමයෙන් යම් වෛරයක් වේ ද, අකුසලයේ පාපයේ යම් දුරු නොකිරීමක් වේ ද එය ප්‍රතිපක්‍ෂ දේ දැක්වීමෙන් සමුදය සත්‍ය වේ. අලෝභයෙන් ද අදෝසයෙන් ද අමෝහයෙන් ද දානාදියෙන් ද එහි ප්‍රහාණය වේ. මේ ත්‍රිවිධ කුසල මූලයන්ය. ඒවායේ හේතුව අෂ්ටවිධ වූ මේ මාර්ගයයි. රාගදෝස මෝහයන්ගේ යම් ක්‍ෂයවීමක් වේ ද එය නිරෝධයයි. මේ ආවට්ට හාර සම්පාතයයි.

විභත‍්තීති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති එකංසෙන යො භයහෙතු දෙති, රාගහෙතු දෙති, ආමිසකිඤ‍්චික‍්ඛහෙතු දෙති, න තස‍්ස පුඤ‍්ඤං වඩ‍්ඪති. යඤ‍්ච දණ‍්ඩදානං සත්‍ථදානං පරවිහෙඨනත්‍ථං අපුඤ‍්ඤං අස‍්ස පවඩ‍්ඪති. යං පන කුසලෙන චිත‍්තෙන අනුකම‍්පන‍්තො වා අපචායමානො වා අන‍්නං දෙති, පානං වත්‍ථං යානං මාලාගන්‍ධවිලෙපනං සෙය්‍යාවසථං පදීපෙය්‍යං දෙති, සබ‍්බසත‍්තානං වා අභයදානං දෙති, මෙත‍්තචිත‍්තො හිතජ‍්ඣාසයො නිස‍්සරණසඤ‍්ඤී ධම‍්මං දෙසෙති. සංයමතො වෙරං න චීයතීති එකංසෙන අභයූපරතස‍්ස චීයති, කිංකාරණං? යං අසමත්‍ථො, භයූපරතො දිට‍්ඨධම‍්මිකස‍්ස භායති “මා මං රාජානො ගහෙත්‍වා හත්‍ථං වා ඡින්‍දෙය්‍යුං…පෙ… ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙය්‍යු”න‍්ති, තෙන සංයමෙන අවෙරං චීයති. යො පන එවං සමානො වෙරං න චීයති. යො පන එවං සමාදියති, පාණාතිපාතස‍්ස පාපකො විපාකො දිට‍්ඨෙ චෙව ධම‍්මෙ අභිසම‍්පරායෙ ච, එවං සබ‍්බස‍්ස අකුසලස‍්ස, සො තතො ආරමති, ඉමිනා සංයමෙන වෙරං න චීයති. සංයමො නාම සීලං. තං චතුබ‍්බිධං චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික‍්කමො සීලන‍්ති. කුසලො ච ජහාති පාපකන‍්ති පාපපහායකා සත‍්තත‍්තිංස බොධිපක‍්ඛියා ධම‍්මා වත‍්තබ‍්බාති. අයං විභත‍්ති.

විභත්ති හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු එක් අතකින් යමෙක් භය හේතුවෙන් දෙයි. රාග හේතුවෙන් දෙයි. කිසියම් ආමිෂ හේතුවකින් දෙයි. ඔහුගේ පින නොවැඩෙයි. අනුන් පෙළනු පිණිස යම් දඬු දීමක් අවි දීමක් වේ ද ඔහුගේ පව වැඩෙයි. යමෙක් කුසල් සිතින් අනුකම්පා කරමින් හෝ පුදමින් හෝ ආහාර දෙයි ද පාන වස්තු යාන මල්ගඳ විලවුන් යහන් ආවාද පහන් දෙයි ද නැතහොත් සියලු සතුන්ට අභය දානය දෙයි ද මෙත් සිත් ඇත්තේ හිතවත් අදහස් ඇත්තේ නිස්සරණ සංඥාවෙන් දහම් දෙසයි. සංයමතො වෙරං න චීයති යනු එක් අතකින් අභයෙහි ඇලුණහු විසින් රැස් කෙරෙයි. කුමන කරුණක් ද? යමක් අසමර්ථ ද එයයි. බියෙහි ඇලුණහු මෙලොවට බිය වේ. රජවරු මා අල්ලාගෙන අත් නොසිඳීවා -පෙ- ජීවත්වන්නහු හුලෙහි නො හිඳුවාවායි ඒ සංයමයෙන් අවෛරය රැස් කෙරෙයි. යමෙක් මෙසේ වූයේ වෛරය රැස් නොකෙරේ ද යමෙක් වනාහි මෙසේ සමාදන් වෙයි. ප්‍රාණඝාතයේ පාපී විපාකය මෙලොව ද පරලොව ද වේ. එසේම සියලු අකුසල්වල ද වේ යනුවෙනි. හෙතෙම එයින් සතුටු වේ. මේ සංයමයෙන් වෛරය රැස් නොකරයි. සංයමය නම් සීලයයි. එය චතුර්විධය. චේතනා සීලය, චේතසික සීලය, සංවර සීලය, අවිතික්කම සීලය යනුවෙනි. කුසලො ච ජහාති පාපකං යනුවෙන් පාපයන් දුරුකරන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කිවයුතුය. මේ විභක්ති හාර සම්පාතයයි.

පරිවත‍්තනොති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති, අදදතොපි පුඤ‍්ඤං පවඩ‍්ඪති, න දානමයිකං. සංයමතො වෙරං න චීයති අසංයමතොපි වෙරං න චීයති, යං දානෙන පටිසඞ‍්ඛානබලෙන භාවනාබලෙන. කුසලො ච ජහාති පාපකං, අකුසලො පන න ජහාති. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතො, තෙසං අපරික‍්ඛයා නත්‍ථි නිබ‍්බුතීති. අයං පරිවත‍්තනො.

පරිවත්තන හාරසම්පාතය කවරේ ද? දෙන්නහුගේ පින වැඩෙයි. නොදෙන්නහුගේ ද පින වැඩෙයි. දානයමය වූ පින නොවේ. සංවර වූවහුගේ වෛරය රැස් නොවේ. අසංවර වූවහුගේ ද වෛරය රැස් නොවේ. දානයෙන්, ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන්, භාවනා බලයෙන් කුසලය ද අත්හරියි. පාපී වූ අකුසලය අත් නොහරියි. රාග දෝස මෝහ ක්‍ෂය වීමෙන් හෙතෙම නිවුනේ වෙයි. ඒවායේ ක්‍ෂය නොවීමෙන් නිවීමක් නැත යනුයි. මේ පරිවත්තන හාර සම්පාතයයි.

වෙවචනොති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪති. පරිච‍්චාගතො කුසලං උපචීයති. අනුමොදතොපි පුඤ‍්ඤං පවඩ‍්ඪති චිත‍්තප‍්පසාදතොපි වෙය්‍යාවච‍්චකිරියායපි. සංයමතොති සීලසංවරතො සොරච‍්චතො. වෙරං න චීයතීති පාපං න වඩ‍්ඪති, අකුසලං න වඩ‍්ඪති. කුසලොති පණ‍්ඩිතො නිපුණො මෙධාවී පරික‍්ඛකො. ජහාතීති සමුච‍්ඡින්‍දති සමුග‍්ඝාටෙති. අයං වෙවචනො.

වේවචන හාර සම්පාතය කවරේ ද? දීමෙන් පින වැඩේ. පරිත්‍යාගයෙන් කුසල් රැස් කෙරෙයි. අනුමෝදන් වීමෙන් ද පින වැඩේ. චිත්ත ප්‍රසාදයෙන් ද වතාවත් කිරීමෙන් ද පින වැඩේ. සංයමතො යනු සීල සංවරයෙනි. පිරිසිදු බැවිනි. වෙරං න චීයති යනු පාපය නොවැඩේ. අකුසලය නොවැඩේ යනුයි. කුසලො යනු පණ්ඩිත, නිපුණ, නුවණැති, පරීක්‍ෂාකාරී පුද්ගලයාය. ජහාති යනු මුලින් සිඳ දමයි. සහමුලින් උදුරයි යනුයි. මේ වේවචන හාර සම්පාතයි.

පඤ‍්ඤත‍්තීති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති ලොභස‍්ස පටිනිස‍්සග‍්ගපඤ‍්ඤත‍්ති, අලොභස‍්ස නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති. සංයමතො වෙරං න චීයතීති දොසස‍්ස වික‍්ඛම‍්භනපඤ‍්ඤත‍්ති, අදොසස‍්ස නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති. කුසලො ච ජහාති පාපකන‍්ති මොහස‍්ස සමුග‍්ඝාතපඤ‍්ඤත‍්ති, අමොහස‍්ස භාවනාපඤ‍්ඤත‍්ති. රාගදොසමොහස‍්ස පහානපඤ‍්ඤත‍්ති, අලොභාදොසාමොහස‍්ස භාවනාපඤ‍්ඤත‍්ති. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති කිලෙසානං පටිප‍්පස‍්සද‍්ධිපඤ‍්ඤත‍්ති, නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියපඤ‍්ඤත‍්තීති. අයං පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු ලෝභය (දුරුකිරීමේ) පිළිබඳ පටිනිස්සග්ග ප්‍රඥප්තියයි. අලෝභය පිළිබඳ නික්‍ෂේප ප්‍රඥප්තියයි. සංයමතො වෙරං නං චීයති යනු ද්වේෂය පිළිබඳ විෂ්කම්භන ප්‍රඥප්තියයි. අද්වේෂය පිළිබඳ නික්‍ෂේප ප්‍රඥප්තියයි. කුසලො න ච ජහාති පාපකං යනු මෝහය පිළිබඳ සමුග්ඝාත ප්‍රඥප්තියයි. අමෝහය පිළිබඳ භාවනා ප්‍රඥප්තියයි. රාග දෝස මෝහයේ ප්‍රහාණ ප්‍රඥප්තියයි. අලෝභ අදෝස අමෝහයේ භාවනා ප්‍රඥප්තියයි. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යනු කෙලෙස්වල පටිපස්සද්ධි ප්‍රඥප්තියයි. නිර්වාණයේ සච්ඡිකිරිය ප්‍රඥප්තියයි. මේ ප්‍රඥප්ති හාර සම්පාතයයි.

ඔතරණොති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති දානං නාම සද‍්ධාදීහි ඉන්‍ද්‍රියෙහි හොතීති අයං ඉන්‍ද්‍රියෙහි ඔතරණො. සංයමතො වෙරං න චීයතීති සංයමො නාම සීලක‍්ඛන්‍ධොති අයං ඛන්‍ධෙහි ඔතරණො. කුසලො ච ජහාති පාපකන‍්ති පාපප‍්පහානං නාම තීහි විමොක‍්ඛෙහි හොති. තෙසං උපායභූතානි තීණි විමොක‍්ඛමුඛානීති අයං විමොක‍්ඛමුඛෙහි ඔතරණො. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති විමුත‍්තික‍්ඛන්‍ධො. සො ච ධම‍්මධාතු ධම‍්මායතනඤ‍්චාති අයං ධාතූහි ච ආයතනෙහි ච ඔතරණොති. අයං ඔතරණො.

ඔතරණ හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යන්නෙහි දානය නම් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් වේ යයි මෙය ඉන්‍ද්‍රියයන්ගෙන් වූ බැසගැන්මයි. සංයමතො වෙරං න චීයති යන්නෙහි සංයමය නම් සීලස්කන්ධයයි. මේ ස්කන්ධයන්ගෙන් වූ ඕතරණයයි. කුසලො ච ජහාති පාපකං යන්නෙහි පාප ප්‍රහාණය නම් ත්‍රිවිධ විමෝක්‍ෂයන්ගෙන් වේ. ඒවායේ උපාය වූ ත්‍රිවිධ විමෝක්‍ෂ මුඛ ද වේ. මේ විමෝක්‍ෂ මුඛයන්ගෙන් වූ ඔතරණයයි. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යනු විමුක්ති ස්කන්ධයයි. එය ද ධම්මධාතුව හා ධම්මායතනය වේ. මේ ධාතුවලින් ද ආයතනවලින් ද වූ ඕතරණයයි. මේ ඕතරණ හාර සම්පාතයයි.

සොධනොති දදතොතිආදිකා පදසුද‍්ධි, නො ආරම‍්භසුද‍්ධි. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අයං පදසුද‍්ධි ච ආරම‍්භසුද‍්ධි චාති. අයං සොධනො.

සොධන හාර සම්පාතය කවරේ ද? දදතො යන ආදිය පද සුද්ධියයි. ආරම්භ සුද්ධිය නොවේ. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යන මෙය පද සුද්ධිය ද ආරම්භ සුද්ධිය ද වේ. මේ සොධන හාර සම්පාතයයි.

අධිට‍්ඨානොති දදතොති අයං එකත‍්තතා, චාගො පරිච‍්චාගො ධම‍්මදානං ආමිසදානං අභයදානං, අට‍්ඨ දානානි විත්‍ථාරෙතබ‍්බානි. අයං වෙමත‍්තතා. සංයමොති අයං එකත‍්තතා. පාතිමොක‍්ඛසංවරො සතිසංවරොති අයං වෙමත‍්තතා. කුසලො ච ජහාති පාපකන‍්ති අයං එකත‍්තතා. සක‍්කායදිට‍්ඨිං පජහති විචිකිච‍්ඡං පජහතීතිආදිකා අයං වෙමත‍්තතා. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති අයං එකත‍්තතා. සඋපාදිසෙසා නිබ‍්බානධාතු අනුපාදිසෙසා නිබ‍්බානධාතූති අයං වෙමත‍්තතාති. අයං අධිට‍්ඨානො.

අධිට්ඨානහාර සම්පාතය කවරේ ද? දදතො යන මෙය එකක් බැවින් චාගය, පරිත්‍යාගය, ධර්මදානය, ආමිෂ දානය, අභය දානය යන දාන අට විස්තර කළ යුතුය. මේ වෙනසයි. සංයමො යන මෙය ඒකත්වයයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරය සති සංවරය යන මෙය වෙනසයි. කුසලො ච ජහාති පාපකං යන මෙය ඒකත්වයයි. සක්කාය දිට්ඨිය අත්හරියි. විචිකිච්ඡාව අත්හරියි යනාදී මෙය විවිධත්වයයි. රාග දෝස මෝහක්ඛයා සනිබ්බුතො යන මෙය ඒකත්වයයි. සඋපාදිසෙස නිර්වාණ ධාතුව අනුපාදිසේස නිර්වාණ ධාතුව යන මෙය විවිධත්වයයි. මේ අධිෂ්ඨාන හාර සම්පාතයයි.

පරික‍්ඛාරොති දානස‍්ස පාමොජ‍්ජං පච‍්චයො. අලොභො හෙතු, සංයමස‍්ස හිරොත‍්තප‍්පාදයො පච‍්චයො. යොනිසොමනසිකාරො අදොසො ච හෙතු, පාපප‍්පහානස‍්ස සමාධි යථාභූතඤාණදස‍්සනඤ‍්ච පච‍්චයො. තිස‍්සො අනුපස‍්සනා හෙතු, නිබ‍්බුතියා මග‍්ගසම‍්මාදිට‍්ඨි හෙතු, සම‍්මාසඞ‍්කප‍්පාදයො පච‍්චයොති. අයං පරික‍්ඛාරො.

පරික්ඛාර හාර සම්පාතය කවරේ ද? දානයට ප්‍රමුදිත බව ප්‍රත්‍ය වේ. අලෝභ හේතුවයි. සංයමයට හිරිඔතප් ආදිය ප්‍රත්‍ය වේ. යෝනිසෝ මනසිකාරය හා අද්වේෂය හේතුවේ. පාප ප්‍රහාණයට සමාධිය ද යථාභූත ඤාණ දර්ශනය ද ප්‍රත්‍ය වේ. ත්‍රිවිධ අනුපස්සනාවන් හේතුව වේ. නිවනට මාර්ග සම්‍යග් දෘෂ්ටි දෙක හේතුවේ. සම්මා සංකප්ප ආදිය ප්‍රත්‍ය වේ. මේ පරික්ඛාර හාර සම්පාතයයි.

සමාරොපනො හාරසම‍්පාතොති දදතො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු, තං සීලස‍්ස පදට‍්ඨානං. සංයමතො වෙරං න චීයතීති සීලමයං පුඤ‍්ඤකිරියවත්‍ථු, තං සමාධිස‍්ස පදට‍්ඨානං. සීලෙන හි ඣානෙනපි රාගාදිකිලෙසා න චීයන‍්ති. යෙපිස‍්ස තප‍්පච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, තෙපිස‍්ස න හොන‍්ති. කුසලො ච ජහාති පාපකන‍්ති පහානපරිඤ‍්ඤා, තං භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු. රාගදොසමොහක‍්ඛයා ස නිබ‍්බුතොති රාගස‍්සපි ඛයා දොසස‍්සපි ඛයා මොහස‍්සපි ඛයා. තත්‍ථ රාගොති යො රාගො සාරාගො චෙතසො සාරජ‍්ජනා ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. දොසොති යො දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං බ්‍යාපාදො චෙතසො බ්‍යාපජ‍්ජනා දොසො අකුසලමූලං. මොහොති යං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අසම‍්බොධො අප‍්පටිවෙධො දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො අකුසලමූලං. ඉති ඉමෙසං රාගාදීනං ඛයො නිරොධො පටිනිස‍්සග‍්ගො නිබ‍්බුති නිබ‍්බායනා පරිනිබ‍්බානං සඋපාදිසෙසා නිබ‍්බානධාතු අනුපාදිසෙසා නිබ‍්බානධාතූති. අයං සමාරොපනො හාරසම‍්පාතො.

සමාරෝපන හාර සම්පාතය කවරේ ද? දදතො පුඤ්ඤං පවඩ්ඪති යනු දානමය පුණ්‍ය ක්‍රියාවයි. එය සීලයේ ආසන්න කාරණයයි. සංයමතො වෙරං න චීයති යනු සීලමය පින් කිරිය වතයි. එය සමාධියේ ආසන්න කාරණයයි. සීලයෙන් ද ධ්‍යානයෙන් ද රාගාදි කෙලෙස් දුරු නොවේ. ඒ හේතු කරගෙන යම් ආශ්‍රව, පීඩාකාරී දැවීම් ඇතිවේ ද ඒවා ද ඔහුට නොවේ. කුසලො ච ජහාති පාපකං යනු ප්‍රහාණාවබෝධයයි. එය භාවනාමය පින් කිරියවතයි. රාග දෝස මෝහක්ඛයා ස නිබ්බුතො යනු රාගයේ ක්‍ෂයවීමෙන් ද ද්වේෂයේ ක්‍ෂයවීමෙන් ද මෝහයේ ක්‍ෂයවීමෙන් ද යනුයි. එහි රාගය යනු යම් රාගයක්, සරාගයක්, සිතින් ඇලීමක්, ලෝභයක්, ලෝභී බවක්, අභිධ්‍යාවක්, ලෝභයක්, අකුසල මූලයක් වේ නම් එයයි. දොසො යනු යම් ද්වේෂයක්, දුස්සනයක්, දූෂිත බවක්, ව්‍යාපාදයක්, සිතින් නැසීමක්, දෝසයක්, අකුසල මූලයක් වේ නම් එයයි. මෝහෝ යනු යම් අඥානයක්, නොදැන්මක්, අනවබෝධයක්, අසම්බෝධයක්, අප්‍රතිවේධයක්, මෝඩකමක්, බාල බවක්, නොදැන්මක් අකුසල මූලය වූ මෝහයක් වේ ද එයයි. මෙසේ මේ රාගාදීන්ගේ ක්‍ෂයවීම, නිරෝධය, ඉවත්වීම, නිවීම, නිවී යෑම, පරිනිර්වාණය, සඋපාදිසේස නිර්වාණ ධාතුව, අනුපාදිසේස නිර්වාණ ධාතුව යන මේවායේ ය. මේ සමාරෝපන හාර සම්පාතයයි.

මිස‍්සකහාරසම‍්පාතවණ‍්ණනා නිට‍්ඨිතා.

හාර සම්පාත වාර වර්ණනාව නිමි.